Friday, June 30, 2017

සම්පත් බැංකුව වෙත කනගාටුවෙන් ලියමි

සම්පත් බැංකුව වෙත කනගාටුවෙන් ලියමි . 



අද මම කොටුව ලෝක වෙළද මධස්ථානයේ සම්පත් බැංකුවට ගියේ මුදල් තැම්පත් කර පොතද update කරගැනීමේ අරමුණින් ය.

මට ඉදිරියේ පෝලිමේ හතර දෙනෙකු හෝ පස් දෙනෙකු සිටින්නට ඇත . මම පෝලිමේ සිටින අතරතුර ආරක්ෂක නිලධාරියා මගේ කාරුණිකව විමසුවේ "සර් මැෂින් එකෙන් දන්න පුළුවන් "යනුවෙනි .මැෂින් එකෙන් සල්ලි දන්න පුළුවන් බව මම ද දන්නනමුත් පොත update කරගත හැකි බවක් මම නොදන්නා බැවින් මම ඔහුගෙන් විමසුවේ "පොතත් update කරගන්න පුලුවන්ද ? යනුවෙනි.

 ඔහු කියා සිටියේ පොත update කරගන්න අර අතනට යන්නේ කියා කළමනාකරු ඉදිරිපස වූ මේසය පෙන්විය.

ආරක්ෂක නිලධාරියාද මා සමගම මුදල් තැම්පත් කරන යන්ත්‍රය වෙත ගොස් එය පෙන්විය . ඉන් පසුව ලැබුණු රිසිට් පතද අතැතිව නැවතත් අර කියූ තැන වෙත ගියේ පොත update කරගන්න අරමුණිනි .

පසෙකින් මහා ගෝරානාඩුවකි . ඒ ප්‍රින්ටරයට වැරදි කොළ දමා ඇති බැව් කියා කළමනාකාරිනිය බැංකුව දෙවනත් වන්නට කෙරු බෙරිහන්දිමයි . පාරිභෝගිකයන් මුනට මුණ බලාගත් අතර මම බිම බලා ගතෙමි .

පොත update කරගන්න ගිය මේසයයේ කටයුතු කර නිලධාරිනිය මා වෙතින් නික්මගියේ නිවැරදි කොළ දැමීමටය .එය අවසන් වූ පසු තවත් පරිබෝගිකයකුගේ කටයුත්තක් දුරකතනයෙන් සිදු කර මගේ පොත update කර දුන්නේ "මහ වදයක්" යන හැගීමෙන් මට වටහුන්නේ මාගේ මිනිසුන් සමග ගනුදෙනු කර අත්දැකීමෙනි .

 සියලු දේ කර බැංකුවෙන් පිටට යද්දී මා බැලුවේ අර පෝලිමේ හිටි හතර පස් දෙනා තවමත් ඉන්නවද කියාය . ඒ කවුරුත් පෙන්න නැත, වෙනම පිරිසක් පොලිමේය .

මගේ නැති වූ කාලය ගැන මට දැනුනේ අපරාධයක් ලෙසය . සම්පත් බැංකුව කෙරෙහි ඇත්තේ මහත් කලකිරීමකි . වසර 10 පමණ පැරණි ගිණුම වසා දම්මන්නට මගේ හිත මගෙන් විමසුවේ මටත් නොදැනුමය .

Thursday, June 29, 2017

දෙවිවරුන්ට ආරාධනා කරන්න මන්තර කියන්න ඕනේ නෑ !

දෙවිවරුන්ට ආරාධනා කරන්න මන්තර කියන්න ඕනේ නෑ ! 





මුලින්ම කියන්න ඕනේ දෙවිවරු කියන්නේ අපේ සේවකයෝ නෙවෙයි . අපිට ඕන වෙලාවට මතක් වෙන්නයි ඕන්නැති වෙලාවකට පැත්තකට දාල තියන්නයි කියන මානසිකත්වය කාටහරි තියනවනම් දෙවියෝ ගැන හිතන්නවත් එපා . දෙවිවරු ඉන්නේ අපිට ඉහල තල(එකියන්නේ ඉහල මාන වල) වල .  දෙවි වරුන්ට පුළුවන් මාන (dimension "a measurable extent of a particular kind, such as length, breadth, depth, or height"). හරහා ගමන් කරන්න. ඇතැම් බලවත් දෙවිවරුන්ට අනාගතය තුල සරිසරන්නටත් හැකියාව තියෙනවා .

මම මේ කියන්න යන්නේ ඔබ කියන , ඔබ තේරුමවත් හරිහැටි දන්නේ නැති , හරියට වචන ගලප ගන්නවත් බැරි මන්තරයක් මත පදනම් වෙලා දෙවියන්ගෙන් පිහිට ඉල්ලන එක ගැන .

කිසිම දෙවි කෙනෙක් මන්තර වලට අවධානය යොමු කරන්නේ නෑ . ඇතැම් විට ඔබ කරන දේ පිලිබදව ඔවුන්ට කලකිරීමක් ඇති වෙන්න පුළුවන් . ගොඩක් දෙවිවරු අපි වගේම සතුටින් ඉන්න කැමති .අනිත් අයගේ ප්‍රශ්න පටලවාගෙන ජිවත් වෙන්න කැමති නැහැ.ඔබට හිතෙන්න පුළුවන් එහෙනම් ප්‍රශ්න කියන්නේ කාටද කියල . ප්‍රශ්න විසදගන්න ශක්තියක් හැම මිනිසෙකුටම උප්පතියෙන්ම හම්බවෙලා තියන මහා බලයක් . ඇතැම් අවස්තා වල දෙවිවරු මිනිස්සුන්ගේන් උදව් ලබා ගත්ත කියල ඔබ දන්නවා ඇති නේ . එකට හේතුව තමයි මම කිව්ව මේ බලය අපි තුල ගැබ් වෙලා තියෙන .

ඔබට පුළුවන් දෙවියන්ට පවා ඔබ අත්‍යවශ්‍ය අයෙකු වෙන්න . කරන්න තියෙන්නේ එක දෙයයි . ඔබ කරන්න ඕනේ ඒ අය කැමති දේවල් . පිටින් අරගන්න රුපියල් 200 පලතුරු වට්ටියක් පුජ කරලා ලක්ෂෙක දේවල් ඉල්ලන එපා . අපිට වඩා හොදට දෙවිවරු ගණන් තුලා දන්නවා කියල මතක තියාගන්න ඕනේ. 

හැම දෙවි කෙනෙක්ම කැමති බෝධිපුජ පවත්වනවාට (බෝධිපුජාවක් කරන්න ඔයා බුධාගමේම වෙන්න ඕනේ නෑ) අනික පන්සල වෙනත් ආගම් වල අයට තහනම් තැනක් නෙවි කියල ඔබ හොදාකාරවම දන්නවනේ . බෝධිපුජාව ඉවර උනාම . මෙහෙම කියන්න "මේ බෝධියට අධිගෘහිකව වැඩවාසය කරන සියලු දේවතාවුන්ට සහ විසේශේයෙන් ................. (ඔබ පිහිට ඉල්ලන දේවතාවගේ නම කියල) මේ පින් අනුමෝදන් වේවා . දිව්‍ය ආත්මයේ යෙහෙන් කල් ගතකිරීමටත් ,  දිව්‍ය ආත්මය වාසනාවෙන් වාසනාවට පත් කරගැනීමටත් අවසානයේ පතන බෝධියකින් නිවන් සම්පත් ලබාගැනීමටත් මේ පිංකම හේතු වසනා වේවා . මා විසින් මේ දක්වා එක් රැස් කරගත් සියලු පිං සියලු දෙවිදෙවතාවන්ට අනුමෝදන් වේවා" !  මේ විදියට පින් දෙන්න . දෙවි වරු ගොඩක් කැමති මේ ක්‍රමයට .

හැම වෙලාවකම පිනක් කරාම මම අර කිව්වා විදියට පින් දෙන්න .

ඔයා පින් පොතක් ලියනවනම් එක බෝධි පුජාව කරද්දී ගෙනියන්න. දේවාලයකට උනත් ගෙනියන්න . දෙවි වරු කැමති හැම වෙලාවේම පින් කරන පිරිස් වලට .

දෙවි වරු කැමති නෑ අදෝනා වලට . දුකෙන් ඉන්නවාට . ඔයා දෙයක් ඉල්ලන්න ඉස්සර හිත සතුටෙන් තියාගෙන'ඉල්ලන්න .

දෙවියන්ගේ ගුණ ගැන හිතන්න පුලුවන්නම් ගොඩක් හොදයි . ඇතැම් දේවාල වලදී ඔබගේ ගතට සිතට දැනෙන සැහැල්ලුව මෙනෙහි කරන්න .

දෙවිවරු කැමති ඔයා දෙමාපියන්ට, ගුරුවරුන්න්ට , ආගමික ශාතෘ වරුන්නට ආදරය කරන සලකන චරිතයක් නම් .

හොර , බොරු, වංචා නැති පහන් සිතක් තියන අයට දෙවි වරු කැමති .

භාවනා , යෝග කරන අයටත් දෙවි වරුන් ගොඩක් ප්‍රියයි .

පරිසරයට ආදරය කරන හැමවෙලාවෙම මෙත් සිත් පතුරවන අයෙක්නම් ඔබ ඒ අය ඔබට ආදරය කරවී .

ඉතින් මේ දේවල් ඔබට ඔබගේ ජිවිතයට එකතු කරගන්නපුලුවන්නම් දෙවිවරුන්ට ආරාධනා කරන්න මන්තර කියන්න ඕනේ නෑ !  දෙවිවරු ඔබව මතක් කරමින් මන්තර කියාවී . ඔබේ ගුණ ගයවී . අවසානයේ ඔබ ඔබගේ ජිවිතයේ සාර්ථකත්වය උපරිමයටම පැමිණේවි .

Monday, June 26, 2017

දෙවියන්ගෙන් ඉල්ලන්නේ නැතුව පිහිට ලබාගන්න හැටි ඔබ දන්නවද ?



දෙවියන්ගෙන් ඉල්ලන්නේ නැතුව පිහිට ලබාගන්න හැටි ඔබ දන්නවද ? 






අත්දැකීමෙන් මේ දෙය කරන්නේ කොහොමද කියල අද මම www.magelokaya01.blogspot.com හරහා කියල දෙන්නයි යන්නේ . 

අපි මිනිස්සු විදියට කැමති කාගෙන් හරි ඕනෑම දෙයක් ඉල්ලනේ නැතුව ලබා ගන්න . එකට තමයි  මේ දවස් 365  ම මැරිගෙන් වැඩ කරන්නේ. හැම වෙලාවේම ඉල්ලා සිටිනවාට කවුරුත් කැමති නෑ නේ . දෙවිවරු පවා කැමති නැහැ . 

දෙවිවරු කැමති ඒගොල්ලන්ගේ ගුණ මිනිස්සු ගාවත් තියෙනවාට . ඒගොල්ලෝ මිනිස්සුන්ට සම්භාන්ධ වෙන්න තියෙන එකම මාර්ගය මිනිස්සුන් ගාව දෙවියන්ගේ ගුණ තියෙන එක . 

ඉවසීමයි, නිහතමානීකම තමයි ඒ බලවන්ත ගුණ දෙක . ඔබත් සතියක් අඩුම තරමේ මේ ගුණ ප්‍රගුණ කරගෙන බලන්නකෝ . ඔබටම දැනේවි ලොකු වෙනසක් .

දෙවිවරු ගොඩක් කැමති තුන් සුත්‍රය අහන්න . ඔයාට පුළුවන් නම් මේ දේ ප්‍රගුණ කරන්න දෙවියන්ගෙන් ඉල්ලන්නේ නැතුව පිහිට ලබාගන්න පුළුවන් නියතවම . 

අපි අසත්පුරුෂයන් වෙලා සත්පුරුෂ දෙව්රජවරුන්ගෙන් පිහිට ඉල්ලන එක විහිළුවක් නේද ?  

Thursday, June 22, 2017

දෙවිවරුන්ගේ පිහිට අවධානය අනුකම්පාව සහ ආශීර්වාදය ලබන්නේ කොහොමද ?

දෙවිවරුන්ගේ පිහිට අවධානය අනුකම්පාව සහ ආශීර්වාදය ලබන්නේ කොහොමද ? 



අද මම මේ කතා කරන්න හදන මාතෘකාව සමහර විට ඔබේ ජිවිතයේ වෙනසක් ඇති කරන්නටත් පුළුවන් . ගොඩ දෙනෙක් මගෙන් අහපු මේ දෙයට පිළිතුරක් මම අද www.magelokaya01.blogspot.com හරහා කියල දෙන්න තීරණය කරා . 

මුලින්ම බලමු ඇයි අපිට දෙවි වරුන්ගේ පිහිට අවශ්‍ය වෙන්නේ කියල . සෑම මිනිසේක්ටම තවකෙකුගේ උදව් ඕන වෙනවා . අපි සමහර වෙලාවට අපිට වඩා ඉහලින් ඉන්න අයගෙන් උදව් ලබා ගන්නවා . ඒවගේ තමයි දෙවි වරුන්ගේ උදව් අපිට ඕනේ වෙන්නේ . සෑම මිනිසෙක් දෙසම දෙවි වරුන්ගේ බැල්ම තියෙනවා. එත් මිනිසුන්ගේ නරක , පහත් වැඩ නිසා දෙවි වරු කලකිරීමට  පත් වෙලා ඉන්නේ . ඉතින් මිනිසුන්ගෙන් දෙවිවරු ඈත් වෙනවා. මිනිස්සු හිතන්නේ දෙවිවරුන්ගේ පිහිටක් නෑ කියල .එත් ඇත්ත එක නෙවෙයි . අපි උනත් අපිට බනින සැර දාන අයට කැමති නෑ නේ . අන්න ඒ වගේ තමයි දෙවිවරු පවා.දෙවිවරු කියන්නෙත් අපිට වඩා ඉහල තල වල  වෙසෙන කොට්ටාශයක් . 

හරි දැන් අපි කාරණාවට එමු . මුලින්ම කරන්න ඕනේ ඔයාට දෙවිවරුන්ගේ පිහිට අවධානය අනුකම්පාව සහ ආශීර්වාදය ලබා ගන්න ඕනේ නම් ඔයාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේට පින් දෙන එක . ඉෂ්ට දේවතාවුන් වහන්සේ තමයි ඔයාගේ හැම දේකදිම ඔයාට උදව් කරන්න ඉන්නේ . උදාහරණයක් විදියට ඔයා හිතන්න ඔයා ආරක්ෂකයන් පිරිවරා ගෙන ඉන්න ප්‍රභූ වරයෙක් කියල. ඔයාගේ ආරක්ෂකයන් දුර්වල ශක්තිමත් නැතිනම් ඔයාට කරදර වෙනවනේ . ඉතින් එහෙම නොවෙන්න ඔයා ඒ අයව  පෝෂණය කරලා , සතුටු කරනවනේ . අන්න ඒ වගේ තමයි ඉෂ්ට දේවතාවුන් වහන්සේත් . දෙවි වරුන්ට පින් කරන්න පුළුවන් අවස්ථා ගොඩක් අඩුයි . ඒ නිසා දෙවි වරු මිනිසුන්ගේ පින් බලාපොරොතු වෙනවා . තමන්ගේ ඉෂ්ට දේවතාව ශක්තිමත් නම් ඉහල තල වල දෙවි වරුන්ට පණිවිඩ සන්නිවේදනය කරවන්න පහසුයි . හැම දෙවි කෙනෙක්ටම ඉන්නවා පරිවාර දේව මණ්ඩලයක් මේ දේව මණ්ඩලයට පුළුවන් අපි පිහිට ඉල්ලන දෙවියන් හට පණිවිඩය ගෙනියන්න . ඉතින් අර මම කිව්වා පරිවාර දෙවිවරුන්ට පණිවිඩ ගෙනියන්න පුළුවන් අපේ ඉෂ්ට දේවතාවුන්ට පමණයි . අනන්ත වූ විශ්වයටම දසදහසක් සක්වලටම ප්‍රධාන දෙවි වරුන් එක්කෙනයි ඉන්නේ . උදහරණයක් විදියට ගණදෙවියන් කියල එක දෙවි කෙනයි ඉන්නේ . ලක්ෂ්මි දෙවියන් කියල එක දෙවිකෙනයි ඉන්නේ . ඉතින් ඒ දෙවිකෙනා කොතරම් කාර්ය බහුල වෙනවා ඇතිද . මිනිස්සු අද ඉල්ලන දේ ඒ අයට හෙට ඕන නැති වෙන්න පුළුවන්. එක නිසා  දෙයක් ඉල්ලන ඉස්සර හොදට හිතන්න ඕනේ . දෙවියන්ට පින් අනුමෝදන් කරලා ඊට පස්සේ තමයි ඉල්ලන ඕනේ . එහෙම නැතුව , මට අරක දෙන්න , මේක දෙන්න කිව්වට කිසි දෙයක් ලැබෙන්නේ නෑ . 

හැම දෙවි කෙනෙක්ම කැමති ගණදෙවියන්ට වදිනවට . "ප්‍රතමන්ච" යනුවෙනේ හදුන්වන්නේ එක නිසා . ප්‍රථමයෙන් වැඩිය යුතු දේවියා කියන එක . හැම දෙවි කෙනෙක්ම ගනදෙවියන්ගේ වැඩ පිළිවෙලට කැමති . ඉතින් අපි වෙනත් දෙවි කෙනෙක්ට වන්දනා කරද්දී කරන්න යද්දී මුලින්ම ගනදෙවියන්ට වන්දනා කරලා පින් අනුමෝදන් කරන්න . ලැබෙන පිහිට වැඩි . ඊශ්වර දෙවියන්ට අපි වන්දනා කරද්දී දෙවියෝ කියනවා මුලින්ම ගණදෙවියන්ට වැදලා එන්න කියල . එකනේ හැම දේවාලයකම ගණදෙවියන්ට වෙනම කුටියක් වෙන්කරලා තියෙන්නේ . ඕනෑම පුජා වට්ටියක තියන පොල් ගෙඩිය අයිති වෙන්නේ ගණදෙවියන්ට . ඉතින් අපිටත් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ලබා ගන්න මුලින්ම ඉටු දෙවියන් හට පින් අනුමෝදන් කරලා මුලින්ම ගණදෙවියන්ට පින් අනුමෝදන් කරන්න . ඊට පස්සේ ඔබ පිහිට ඉල්ලන දෙවියන්නට ඔබ ඕනෑකම කියන්න දෙවියන්ගේ පිහිට ඔබට අකාන්තයෙන්ම ලැබෙනවා . 

Wednesday, June 21, 2017

හිතට කතා කරපු සින්දුවක ගැබුර විනිවිද දැකීම

හිතට කතා කරපු සින්දුවක ගැබුර විනිවිද දැකීම 

පළමු දිගහැරුම




සේනක බටගොඩ මහත්තයාගේ මේ සින්දුව මගේ හිතට කතා කරපු තවත් එක් ලස්සන පද වැලක් සහිත ගීතයක් . ඉතින් මට හිතුන මේ සින්දුවේ ඇතුලතට කිදා බැහැල පොඩ්ඩක් විපරමක් කරන්න . 



නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති
සිතිවිලි සයුරටාත් වැඩි මිස අඩුත් නැති
අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ 
අෑතට පාවි පාවි ගිය හැටිමතකයි...

නින්ද නොයෙන රාත්‍රියේ එන සිතුවිලි කන්දරාව මහමුහුදට වඩා වැඩි මිස අඩු නම් නැහැ . එත් අවසානයේ ඒ හැමදෙයක්ම බොදවූ මීදුමක් මෙන් ඇතට පාවෙලා ගිය හැටි මට මතක් වෙනවා . 

ජිවිතයේ මේ විදියට 
ප්‍රාර්ථනා පුරවාගෙන
කාලය තුල දිව යනවා
කල කී දේවල් පමණක්
පසු පස වාගෙ දැනෙනවා
සෙවනැල්ලාක් වගේ....

ඉතින් ජිවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය ගෙවන අපිට අපි කරපු කියපු දේවල් සෙවනැල්ලක් වගේ පසු පසින් එනවා වගේ දැනෙනවා . 

විටකදි නොසිතුදේ විටකදි ලඟා වෙති
එලෙසම සමහරක් දේවල් ඈත් වෙති 
අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ 
අෑතට පාවි පාවි ගිය හැටිමතකයි...

අපේ මේ ජිවිතයේ අපි හිතපු නැති දේවල් අපිට හම්බවෙනවා ඒවගේම සමහරක් දේවල් අපෙන් ඈත් වෙලා යනවා . අන්තිමට ඒ හැම දෙයක්ම බොදවූ මීදුමක් වගේ ඈතට පාවෙලා ගිය විදිය මට මතකයි. 

ජිවිතයේ මේ විදියට 
ප්‍රාර්ථනා පුරවාගෙන
කාලය තුල දිව යනවා
කල කී දේවල් පමණක්
පසු පස වාගෙ දැනෙනවා
සෙවනැල්ලාක් වගේ....!!

ඉතින් ජිවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය ගෙවන අපිට අපි කරපු කියපු දේවල් සෙවනැල්ලක් වගේ පසු පසින් එනවා වගේ දැනෙනවා . 

මගේ ආදරණිය දුම්රිය මතකයන්




මම ඉපදිච්ච දවස්වල ඉදන් යන්ත්‍රයක කියල මුලින්ම මට මතක හඩ කෝච්චියේ සද්දේ . මම ඒ සද්දෙට පොඩිකාලේ ඉදන් ගොඩක් ආස කරේ ඇයි කියල කියල නම් මට තම තේරෙන්නේ නෑ . අපේ අම්මගේ ගම හික්කඩුව වවුලගොඩ . මම ඉපදුනාට පස්සේ මාස ගානක් හිටියේ එහෙ . ඊට පස්සේ අපි පිළියන්දල ගෙදර ආවට පස්සේ හැම මාසෙකම වාගේ හික්කඩුවේ අච්චියමලගේ ගෙදර යනවා.

ඉතිං අපි කෝච්චියට නගින්න එන්නේ මොරටුවට . උදේ හැමදාම වගේ යන්නේ 7:23 (වගේ මතක) ට මාතර යන කෝච්චියේ . සෙනසුරාදා දවසට කවදාවත්ම අපිට ඉදගන නම් ලැබෙන්නේ නෑ . අනික අපි යන්නෙත් 3 වන පන්තියේ ටිකට් අරගෙන .

මට මතකයි කෝච්චිය එන්න ඉස්සර වෙලා ශබ්ද විකාශන යන්ත්‍රයෙන් දැනුම් දුන්නම (පළමු වේදිකාවට දැන් පැමිණි සීග්‍රගාමී දුම්රිය තව ස්වල්ප වෙලාවකින් ගාල්ල සහ මාතර බලා පිටත්වේ . දුම්රිය නවත්වන්නේ පානදුර, දකුණු කළුතර , අලුත්ගම , බෙන්තොට , අම්බලන්ගොඩ , හික්කඩුව , ගාල්ල , තල්පේ ,අහංගම ,වැලිගම ,කබුරුගමුව සහ මාතර . තුන්වන පන්තියේ ප්‍රවේශපත් ලබාගත් මගීන් දෙවන පන්තියේ මැදිරි තුල ගමන්කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් මගින් එසේ කිරිමෙන් වැලකි සිටින්න ........ )

තාත්තා බැංකුවේ ඉදන් ඉන්න මාව වඩා ගන්නවා . අම්මා බැග් එක අතට ගන්නවා .

කෝච්චිය වේදිකාවට එද්දී මුලින්නම පෙන්න engine එක දිහා බලාගෙන ඉන්න මම ගොඩක් අස කරා . ඒ ගහම්බිරත්වය , අබිමානි ගමන, එන්ජිමේ හඩ , නලා හඩ එදා ඉදන් මම ආස කරපු දෙයක් .

ඉතිං වේදිකාවට ඇවිත් කෝච්චිය නවත්වපුගමන්ම තාත්ත බලන්නේ මේක 3 වෙනී පන්තියේ පෙට්ටියක් ද කියල . ඉතින් ඇවිදින්න පුළුවන් කලේ තාත්ත මාව බිමින් තියනවා . ගොඩක් වෙලාවට මම සීට් දෙක මද කවුළුව ගාවට ( මුහුද පැත්තේ ) යනවා . අසාවෙන් ජනේලෙන් දෙපැත්තම බලනවා . කෝච්චිය වංගුවක් ගද්දි එන්ජිම දිහා බලන්න මම කොච්චර ආස කරා ද?

ඉතින් ගොඩක් වෙලාවට කළුතර පහුවෙද්දී සිටි එකක් හම්බවෙනවා . කොහොමරි හික්කඩුවෙන් බැසට පස්සේ ටිකට් පස්සේ අපි යන්න ඉස්සර ටිකට් එකතු කරන නිලධාරියාට ටිකට් ටික දෙනවා . ඉස්සර හික්කඩුවට තිබුනේ පලවෙනි වේදිකාව විතරයි . හැබැයි මට මතක විදියට පාරවල් තුනක් තිබ්බා . තුන්වෙනි පාර තිබුනේ පෝර ගබඩාවට යන්න. ගොඩක් වෙලාවට කුඩා ප්‍රමාණයේ බඩු පෙට්ටියක් හෝ දෙකක් නවත්වලමයි තිබුනනේ පොර ගබඩාව ගාව. යකඩ දොබකරයකුත් තිබුන ගබඩා බුමියේම . ඉස්සර හික්කඩුවට තිබ්බ සංචාරකයන් වෙනුවෙන් වෙනම දුම්රිය පොලක්. හැබැයි එක ගොඩක් පොඩි තැනක් . තිබුනේ හරියටම හික්කඩුව කුමාර විදුහල ගාව ප්‍රධාන සිග්නල් කනුව ආසන්නයේ . පස්සේ කලෙක එක අභාවයට ගිහින් වහල දැම්ම . අද වෙද්දී තුබුණු තැනක් වත් පෙන්න නෑ මම හිතන්නේ .

කෝච්චියේ අන්තිම පෙට්ටියත් ගියාට පස්සේ අපි වේදිකාවෙන් බැහැල පයින් යනවා බස් නවත්වන හරියට . ගොඩක් වෙලාවට අපිව එක්කගෙන යන්න ගාමිණී මාම එනවා එයාගේ ලාන්සර් බොක්ස් රතුපාට කාර් එක අරගෙන. නැත්තම් අපි කරේ රේල් පාර අයින දිගේ යන එක තමයි .

දවසක් මට මතකයි රුහුණ අරන් අපු M4 engine එක පෙරලෙන්න කියල රේල්පාර අයිනේ හිටපු මට වැඩ ටිකක් වැඩිමල් කොල්ලෝ 3 දෙනෙක් ගල් කැට තිබ්බ . මම එදා අපේ පොඩි පුචිඅම්මත් එක්ක ටවුමට අවා එයාගේ අතේ එලිල . හික්කඩුව දුම්රිය පොළ පහුවෙලා තියනවා පොඩි ඇල පාරක් . කෝච්චිය මේක උඩින් තමයි ගාල්ලට යන්නේ . රුහුණ ඇවිත් (හරියට හවස 6 ට එනවා) හික්කඩුවේ නවතුව විතරයි අරුන් පිලි දෙක උඩම ගල් තිබ්බ . මම පුංචිට කිව්වා අපි ඒවා අයින්කරමුද කියල , පුංචි හිනා උන විතරයි මට මතක . කෝච්චිය ඉස්සරහා තියන නිසා අපි පාලමෙන් එහපත්තට යන්නේ නැතුව හිටිය . ඔන්න කෝච්චිය ආව . M4 engine එක පවනට බදු වේගයෙන් අපි ඉස්සරහින් ගියා . අර ගල් කුඩුවෙලා තියනවා මම දැක්ක වැලි වගේ . මට ඇහුන අර කොල්ලෝ දෙන්නගෙන් ,ලොකු එකා  කියනවා "ඊලග පාර ලොකුගල් තියමු කියල" උන් දිහා  දැක්කම මට බයයි මොනවත් කියන්න . මම ඉතින් හික්කඩුව ගේට්ටුව ගාව හිටපු දුබුරු ඇදුමක් ඇදගත්ත මහත්යට කිව්වා "මාමේ අර අතන ඉන්න කොල්ලෝ 3 දෙනා  කොච්චිපාරේ ගල් තිබ්බ එක පෙරලෙන්න කියල " එයත්‍  ඉස්සෙල්ල අපේ පුංචි අම්ම වගේ හිනා එයත් උනා . පස්සේ මට තේරුම් ගිය එන්ජිමේ බරට ගල් කුඩුවෙනවා මිසක් කෝච්චිය පෙරලෙන්නේ නෑ කියල

ඉස්සර ගොඩක් කොච්චි ඉහල පහල ගියේ නෑ . මිනිස්සු පුරුදු වෙලා හිටිය කෝච්චියේ නම කියල කතාකරන්න , හරියට මේ වගේ , " ආ ඔන්න රුහුණ ආව , දැන් තමයි සමුද්රේ අවේ , වවුනියා එක අද පරක්කුයි වගේ , මේල් එක දැන් ආව " . ඔය විදියට

මට මතක ඇති හැම දවසකම වගේ (පොඩි කාලේ) කොච්චි එන්ජිමට තිබුනේ ඇම්4 එකක් . පොඩිම කලේ මට කල්පනා උනේ හැම එන්ජිමක්ම මේ වගේ වෙන්න ඇති කියල . රුවන්වැලි , ඉසුරුමුණි , කැළණි, වගේ සුරතල් නාමයන් මේ එන්ජින්වල තියනවා මම දැක්කා . ඉස්සර කෝච්චියෙන් බැස්ස ගමන්ම මොරටුවෙන් තාත්තා මාව වඩා ගෙන එන්ජිම ගාවට එක්කගෙන යනවා .ඒ මගේ දෑඩි බල කිරීම නිසා . කොච්චර ආස උනත් එන්ජිම ගාවට යද්දී මට අමුතු බයකුත් ඇති වෙනවා . මම තාත්තාට ඒක පෙන්වන්නේ නෑ , මොකද එතකොට ඊලග පාර එක්ක යන්නේ නැති වෙයි කියල . වේදිකාවෙන් පිටවෙද්දී M4 ගේ නලා හඩ තාමත් මට මතක් වෙනවා . ඒ මීට අවුරුදු 30 කට වගේ ඉස්සර M4 ගේ හැම සද්දයක්ම අදත් ඒ වගේමයි .

මම තාත්තාගෙන් අහනවා පොඩි කලේ ඇයි එන්ජිම හෝදන්නේ නැත්තේ කියල . තාත්තා කියනවා මේවා ගොඩක් ඈත ඉදන් එන්නේ . මාතර ගියාම තමයි හෝදන්නේ කියල . මම ඒ කතාව ඉතින් පිලිගන්නවා .

මගේ මතකයන් , අනුරාධපුරේට කෝච්චියේ ගියපු හැටි , බදුල්ලට ගියපු හැටි , නුවර ගියපු හැටි සහ ඒ ආදරණිය මතකයන් මගේ ජීවිතේම කවදාවත්ම අමතක වෙලා නම් යන එකක් නෑ . කෝච්චියට මගේ ආදරේ ඒ තරම් . අදටත් කොච්චි එන්ජිමක් කිව්වම මට මතක් වෙන්නේ class M4 . මට ලෝකේ තියන ලස්සනම කොච්චි එන්ජිම class M4 . ඉතින් ආදරණිය class M4 ඕයා හැමදාම අපි වෙනුවෙන් ඉන්න !

දළදා මාලිගාවේ වැඩවසම් ක්‍රමය කුල ක්‍රමය සහ උපසම්පධාව

දළදා මාලිගාවේ වැඩවසම් ක්‍රමය කුල ක්‍රමය සහ උපසම්පධාව පිළිබද විවරණය 





දළදා මාලිගාවේ වැඩවසම් ක්‍රමය දැන් කොහොමත් ක්‍රියාත්මක වෙන්නේ නෑ . මාලිගාවට අයිති සත්කාර කුල වල ඕනෑම අයෙක්ට ඕනෑම වෙලාවක සත්කාරිත්වයේ ඉවත් වෙන්න පුළුවන් . නීතියෙන් හෝ වෙනයම් කිසිම දේකින් මේකට භාදාවක් නෑ .

ඒ වගේම තමයි මාලිගාවට අයිති ඉඩම් වල ගොවිතැන් කිරීමත් . අද වෙද්දී මාලිගාවේ බොහොමයක් ඉඩම් මිනිසුන් අත්පත් කරගෙන තියනවා . රජුගේ ගම්වරය පසු කාලීනව බල රහිත උනා . ඇත්තටම මාලිගාවේ ඉඩම් මාතලේ පවා අදටත් තියනවා . "මාලිගාවේ කොටහ" (කියල ජන විවහාරයේ) අදටත් ගොවි බිම් වල ජිවත් වන මිනිස්සු මාලිගාවට දෙනව. ඒක නීතියක් නෙවයි මිනිසු සලකන්නේ යුතුකමක් විදියට . භක්තියෙන් කරන පින්කමක් විදියට .

Q - මොනව කලත් තාම කාන්තාවකට කිට්ටු වෙන්නවත් දෙන්නෙ නැ නේද?

A - ඔන්න ඕක තමයි මටත් තියන වේදනාවට කාරනාව . හැබැයි මට හිතෙනවා ඉස්සරහට මේක වෙනස් වෙයි කියල . උදාහරණයක් එක්ක කියනවනම් නුවර සම්ප්‍රදායක් තියනවා අලුත ඉපදුන දරුවා මාලිගාවට පූජා කරන්න (එහම නැතිනම් වන්දවන්න) ඉස්සර ගැහැණු දරුවෝ කරඩුව ලගට ගත්තේ නැ. අද වෙද්දී එක වෙනස් වෙලා . ගිය අවුරුද්දේ මම මගේ පුංචි දුව මාලිගාවට පුජ කරා.දළදා කරඩුව ගාවම පොඩි ළමයි පස් දෙන ගානෙ පැදුරක් එල්ල එතන තියන්න පුළුවන් දැන් .

Q - තවම සියම් නිකායේ පැවිදි කරනකොට කුලය බලන එක තියෙනව නේද ? 

A - මාත් අහල තියනවා එක . ලංකාවේ උපසම්පධාව නැති වෙච්චි වෙලේ සරණංකර හාමුදුරුවෝ සියමෙන් තමයි උපසම්පදාව ගෙනාවේ . ඉතින් හාමුදුරුවොත් පැවිදි උනාට පෘතක්ජනයි නේ . ඒ කලේ විදියට හිතන්න ඇති උඩ කුලවල අය මහන කරගත්තනම් හරි කියල . ඉතින් මේක මේ විදියට සමාජ ගත වෙන්න ඇති . 

Q - ඇයි ඔයාලා පැවිදි කරනකොට බලන කුලෙ ගැන කතා කරන්නෙ? කතෝලික ආගමෙ ගන්නෙත් හොදට පවුල් විස්තර් බලලා තමයි.

A - මිනිස්සු එක්තරා විදියකට කොටුවෙලා ඉන්නේ එක තමයි ආසන්නම හේතුව මට පෙන විදියට . We are all just prisoners here, of our own device.

මිනිසුන් දෙවියන්ට කරන වන්දනාව බුදු රජාණන් වහන්සේ බුද්ධ වචනයෙන් පහදා දුන්නේ මෙහෙමයි !

මිනිසුන් දෙවියන්ට කරන වන්දනාව බුදු රජාණන් වහන්සේ බුද්ධ වචනයෙන් පහදා දුන්නේ මෙහෙමයි ! 






"පුන ච පරං මහානාම කුලපුත්තෝ උට්ඨාන විරියාධිගතෙහි භොගෙහි මහාබලපරිචතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ෙධිහි යාවතා බලිපටිග්ගාහිකා දෙවතා සක්කරොත් ගරු කරොති මානෙති පූජෙති තමෙනං බලිපටිග්ගාහිතා දෙවතා සක්කතා ගරු කතා මානිතා පූජිතා කල්‍යාණෙන මනසා අනුකම්පන්ති චිරං ජීව දීඝ මායුං දෙවතානුකම්පතස්ස මහානාම කුලපුතත්තස්ස වුද්ධි යෙව පාටිකංඛා නො පරිහානි”

මහානාමය, තුලපුත‍්‍ර තෙමේ දෑතේ විර්යයෙන් දහඩිය වගුරුවා මහන්සියෙන් සපයා ගත් වස්තුවෙන් පූජා පිළිගන්නා දේවතාවන්ට සත්කාර කෙරේද, ගරු කෙරේද, සිතින් ආදරය කෙරේද, පූජා කෙරේද, එසේ පූජා සත්කාර කරන ලද්දා වූ ගරු කරන ලද්දා වූ එ් දේවතාවෝ එ් කුලපුත‍්‍රයා හට යහපත් සිතින් චිර කාලයක් ජීවත් වේවා යි අනුකම්පා කරන්නා හ. මහානාමය, දේවතානුකම්පාව ලබන්නා වූ කුලපුත‍්‍රයා හට දියුණුවක්ම වන්නේය. පිරිහීමක් නොවන්නේය” යි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය.

වාර්ගික අර්බුධය දෙස නව මානයකින් බැලීම.

වාර්ගික අර්බුධය දෙස නව මානයකින් බැලීම.   



ලංකාවේ තියෙන්නේ ජාති , ආගම් වාදී ප්‍රශ්නයක් නෙවෙයි ! මිනිසුන්ට ජිවත් වෙන්නේ අමාරු "අසරණකමේ" ප්‍රශ්නයක් මට හිතෙන විදියට . 

ඉතින් මේ අපේ මිනිසුන්ගේ අසරණකම දේශපාලකයා විසින් ජාති , ආගම් වාදී ප්‍රශ්න කියන තීන්ත වලින් පිරියම් කරලා තියනවා . 

උන් දන්න්නව මේක බලයේ ඉන්න තියන පහසුම මග කියන එක . අපේ උන්ට තේරෙන්නේ නෑ අපි අපිවම රවට්ටගත්ත කියන එක .




සංහිදියාව

සංහිදියාව




සංහිදියා (Compatibility) බලෙන් , නීති වලින් , එක රැයෙන් , දවසෙන් ඇතිකරන්න පුළුවන් දෙයක් නෙවෙයි . ඒක මිනිස්සුන්ගේ ඇතුළතින්ම එන්න ඕනේ . සමාජ ක්‍රමය වෙනස් නොකර ඔය කියන සංහිදියාව ගැන කතා කරන එක මටනම් පැටලවිලි සහිතයි .

සංහිදියාව ගැන කතා කරන මග තොටේ මිනිස්සු හම්බවෙන්නේ නැති දේශපාලකයා හිතන් ඉන්නේ ,හැම ආගමකම මිනිස්සු අනිත් ආගමේ මිනිසුත් එක්ක කතා නොකර ,ගනුදෙනු නොකර ඉන්නවා කියල .

රටේ මිනිසුන්ට සංහිදියාව ඇතිකරන්න ඉස්සර ඔය දේශපාලකයෝ හැමෝම දේශපාලනික සංහිදියා (political Compatibility) ඇතිකරගත්තනම් හරිනේ . මිනිස්සු ඉල්ලනේ ඔන්න ඕකයි .

ආටියා ගේ රෝයෙල් ඉන්ස්ටිටුටියේ ගමන , වැල්ලවත්තේ බීච් එකේ බෝතල් පාර්ටි , ගෝල්ෆේස් එකේ හැට් කලෙක්ෂන් සමගින් රෝස්මින්ඩ් ප්ලේස් වල කෙල්ලගේ ගෙදර රැයක් .

මේක ආටියා ඕලෙවල් ලියල ඒ දවස් වල ගෙදර ඉන්න සන්ධියේ උන ෆන් අංශයට බර විස්තරයක් . ඔන්න අද කාලේ වගේ නෙවෙයි ඉස්සර කාලේ සාමාන්‍ය පෙළ ලියල අහව...