Tuesday, December 11, 2018

නිමක් නොවූ සංචාරය 01 .




ඔන්න ආටියා "අනුරාධපුරේ ස්වේච්ඡ සේවය" ඉවර වෙලා ගෙදර ඇවිල්ලා දවසක්වත් නිවීසැනසිල්ලේ නිදාගන්න ලැබුනේ නෑ කියමුකෝ . මිත්‍රසමාගම ට දැනගන්න ලැබිලා ආටියා ගෙදර ඇවිල්ලා කියල . මිත්‍රසමාගම කියන්නේ ඉතින් ඕලෙවල් පන්තියේ ඉදලා උසස් පෙළ , විශ්ව විද්‍යාල සහ රැකියා කරන උදවිය හවස ක්‍රිකට් ගහන්න සෙට් එකට . කොහොම කොහොමාරි ආටියා ගේ පියානන් උදේ වැඩට යන නිසා උන් කිසි අවුලක් නැතුව ගෙදරටම එනවා "යමං ක්‍රිකට් ගහන්න " කියල කියන්න . නිදාගෙන හිටියොත් කාමරේටම පැනලා ඇදගෙන යන්න තරම් උන් හරිම ප්‍රචන්ඩයි.  හරි දැන් වටේ යන්නේ නැතුව කතාව පටන්ගමුකෝ .

එදා ආටියා පිට්ටනියට ඇදගෙන යද්දී , මුන් එකෙක්වත් සෙල්ලම් කරන්නේ නැතුව හෙන සාකච්චාවක් . මම එතනට ආවාම මමත් නිතැතින්ම කථාවට ඈදුණා. කථාව සංචාරයේ යන්න . එහෙමත් නැතිනම් ට්‍රිප් එකක් යන්න . මම ආපු නිසා මටත් වඩාවැඩිමල් රස්සාවක් කරන ලොකු අය පවා කියන්න ගත්තේ "ආටිගල මල්ලි උබම මේකත් ලෑස්ති කරපංකෝ බං"  ලෙස ය . මේ මහ දවල් ඔලුවට පාත් වෙච්චි හෙන ගෙඩිය මොකක්ද කියල ආටියාට තේරුම් යන්න ටික වෙලාවක් ගියා කියමුකෝ . කොහොම කොහොමාරි ඉන්න උන්ගෙන් හැමෝම වගේ යන්න ලෑස්තී . පංති යන උන් , කැම්පස් යන උන් සහ රස්සාකරන උන්  ඒවායෙන් නිවාඩු දාන්නත් සූදානම් කියහන්කෝ.  ඔක්කොම විසිපහක් විතර . සමහර උන් උන්ගේ බොක්කේ ෆිට් උන්ටත් කථාකරලා . ගමේ නේ ..... කොල්ලෝ නේ ... බෑ කියන්නත් බෑ නේ . කවුරු එන්න ඇහුවත් අපි කියන්නේ හා කියල . මේ සෙට් එකේ හිටපු ලොකුම එකා තමයි අපි පොඩි කාලේ ඉතාලි ගිය ජයන්ත අය්යා.  නිවාඩුවට ලංකාවට ආවාම පොර මාසයක් දෙකක් ඉන්නවාමයි . විසි ගානක් ඉන්න නිසා යන්නේ මොකේද කියන එක තමයි ලොකුම අවුල . මේ ගමනට හරියන්නේ බස් එකක් තමයි ඉතින් . බස් එකක් කිව්වාම හැමෝටම ඉතින් මතක් වෙන්නේ අපේ ගුණසිරි මාම . හැමෝම වගේ ආදරේ ට කියන්නේ ගුණේ මාම කියල . එක පාරක් වෙසක් බලන්න කොලබ වටේ ගුණේ මාම ගේ පරණ තනිදොර ලේලන්ඩ් එකේ ගිහිල්ලා කරපු දහදුරා වැඩ නිසා ගුණේ මාම කිව්වේ "මගේ ජිවිතේ තියනකම් තොපි වගේ වසවර්තියෝ රැලක් එක්ක නම් කොහෙවත් යන්නේ නෑ..." කියල. හැබැයි එහෙම කියල ඊලග දවසේ උදේ හම්බුනාම කිසිම දෙයක් මතක නැති ගානට කාතාකරන ගුණේ මාම හිතේ කහටක් නැති කෙනෙක් කියල කට පුරා කියන්න පුළුවන් .

ජයන්ත අය්යා ගත්කටටම කිව්වේ ඔය ගමන් වියදම් ඔක්කොම මං ගානේ . හැබැයි කොහේ හරි දුරක යමල්ලා. ගුණේ මාමගේ බස් එක තියෙනවා නම් නියමයි . ආටිගල මල්ලි උබ තමයි ගුණේ මාමට කතා කරන්න හරියනම කෙනා . වරෙන් මාත් එක්ක යන්න . ජයන්ත අය්යා රතු පාට ගෝල්ඩ් බැජ් CD125 එකට නැගුනේ මටත් කතාකරමින් ය .

අපි යද්දී ගුණේ මාම බස් එක හෝදමින් හිටියේ .

" ආ.... කොහොමද පුතා , ...... ආහ් ජයන්ත මල්ලි මේ පාර වැඩි දවසක් ඉන්නවා වගේ "
"මේ මුන්ව කොහේ හරි එක්කන් යන්න කියල මට කනක් ඇහිලා ඉන්න නෑ මාමේ" ජයන්ත අය්යා ගත් කටටම කියපි .

මම - "අපි ආවේ ගුණේ මාමට බස් එක අරන් එන්න පුළුවන් ද කියල බලන්න"
ගුණේ මාම - කවදද දවස පුතේ ?
මම - ලබන සෙනසුරාදා
ගුණේ මාම -   කොහේද යන්නේ
ජයන්ත අය්යා - කතරගම පැත්තට වගේ මාමේ
ගුණේ මාම - හරි , හැබැයි වෙසක් බලන්න ගියා වගේ නම් බැහැ රජෝ හරිද ?
මම - හරි මාමේ .

කොහොම හරි කියපු විදියට පාන්දර වෙද්දී කට්ටිය සීතලේ පිට්ටනිය ගාවට එනවා එකා දෙන්න . බස් එක එද්දී තුනහමාර විතර වෙන්න ඇති . අපේ ගමනාන්තය කතරගම . යන්නේ රත්නපුර . පැල්ල්මඩුල්ල , උඩවලව වනඋද්‍යාණය දාරේ දිගේ කතරගමට. පරණ බස් එක ගුණේ මාම පරිස්සමට ඒවගේම වේගයෙන් පදිනවා .මම ඇහුවා ගුණේ මාමේ , මෙහෙම යන්න මාමා ට හොද අත්දැකීමක් ඇති නේද කියල (කථාවට අල්ලගන්නත් එක්ක) ,මෙහෙම හිටියට පුතේ මම මහනුවර මහියන්ගනය පාරේ ලංගම දුවපු කෙනෙක් . හොදට යකඩ එක්ක මට්ටුවෙලා තියෙන්නේ . අනික පුතේ මේ බස් එක මම ගැන දන්නවා , මම බස් එක ගැන දන්නවා ... ඉතින් බය වෙන්න කාරී නෑනේ ... නේද ?

උදේ හය විතර වෙද්දී රත්නපුරේ ට ආපු අපිට බෙකරියකින් බාපු ගමන් මාලු පාන් සිනිසම්බල් පාන් ගන්න ලැබුනා . ගුනේ මාමා තේ එකක් එහෙම බීලා කරලා බස් එකට නැග්ගේ මහා උජාරුවෙන් වගේ . නිදාගෙන හිටපු උන් , හමොම වගේ දැන් නැගිටලා . කෑම කිව්වාම ඉතින් කොහෙද වෙන දෙයක් . නිමක් නොවන සංගීතය එක්ක බස් එක දැන් එක පිම්මේ පැල්ල්මඩුල්ල පහුකරගෙන ඉදිරියට යනවා . ජයන්ත අයියා ඉස්සරහා හරස් සීට් එක වෙන්කරගෙන වගේ . පාරේ කෙල්ලෙක් ට යන්න බෑ මුන් කෑගහනවා , ඒ විතරක් නෙවේයි වීදුරු වලින් ඔලුව එලියට දාගෙන බස් එකේ බදට ගහ ගහ තමයි යන්නේ . මේක දකින මිනිස්සු මේ වෙන ලෝකෙකින් ආපු කට්ටියක් දිහා බලනවා වගේ අපි දිහා බලනවා. මුන් එකෙක් ගේ වත් ලජ්ජාවක් ගෑවීලාවත් නෑ . ඔන්න ඕකයි ඇත්තම තත්වේ .

කියන්න කණගාටුයි පිංවතුනී , මුන් කතරගමට එන්න ඉස්සර පළමු බෝතලය කඩා ගත්තා කියහන්කෝ . දැන් මොන වන්දනා ද? කොහොම කොහොමාරි තුනහමාර විතර වෙද්දී කතරගමට ආපු අපිට ඉන්න කියල තැනක් හොයා ගන්න මහන්සිවෙන්න උනේ නැහැ . ගංගාරාමයේ විශ්‍රාම ශාලාවේ නැවතුනු අපි හවස මැණික් ගගට ගිහින් හොද පදමට නාගත්තා . අපි නාන හරියේ කවුරුවත් නාන්නේ නැති නිසා උපරිමේ සතුට විදිමින් නාන්න ගත්ත අපි , ගොඩට එද්දී තමයි දැක්කේ "කිබුලන්ගෙන් ප්‍රවේසම් වෙන්න" බෝඩ් එක .
නාගෙන කාරියේ හැමෝම , කිරිවෙහෙර වැදලා , කතරගම දෙවාලයටත් වැදලා රෑ කෑම හොයන්නත් එක්ක නගරයේ ඇවිදින්න උණා පාන් සහ පරිප්පු රැ කෑමට වේලපහින් ගත්ත අපි බස් එකට ගිහිල්ලා හීනියට බොන්න පටන්ගත්තා . ජයන්ත අය්යා බොන්න දෙන්නේ සීමාසහිතව . මොකද ඉන්නේ පූජානගරයක නිසා . ගුණේ මාමාගේ රස කථා එක්ක හොර බෝතල් පාටිය මද්යමරාත්‍රිය දක්වා ගියා . මහා රෑ ගුණේ මාමා ගෙන් ජයන්ත අයියා අහන්නේ නුවරඑළියේ යන්න ඕනේ කියල . කියන්න සතුටුයි මේ වෙලාවේ ගුණේ මාම නුවර එලි නෙවේයි  , අගහරුට හරි යන්න සූදානම් . "යමු..... ජයේ ... යමු .... හරි ... උබට දැන් ද යන්න ඕනේ ..... මේ ගුනේ එළවලා නැත්තේ කොච්චි , ප්ලේන්උයි , නැවුයි විතරයි හරිද .. මේවා මට මහා වැඩ නෙවෙයි බොල .. ගුනේ මාම ගේ සිනාසාගරයේ  අපි විසි පස් දෙනාම බල්ටිගගහා නෑවේ , හෙට නුවර එළියේ යන සතුටත් එක්කමයි . 

නිමක් නොවූ සංචාරය 02 කොටසින් නැවත හමුවෙමු ! 

Tuesday, December 4, 2018

Andrea



ඔයා ඇයි මෙච්චර ඉක්මනට යන්නේ ? Andrea ඇසුවේ තරමක් කේන්තියෙන් වගේ ය .

තව සතියක් තියෙනවනේ ... මම පෙරලා කීවෙමි .

මට හැමදෙයක් ම එපා වෙලා තියෙන්නේ .

හිතුනොත් මම කොහේ හරි යනවා . කවුරුවත් මාව තේරුම් ගන්නේ නෑ නේ . යැයි කියමින් Andrea නැවත හඩන්නට විය .

මම යනවා , මට පරක්කු වෙනවා . Andrea තම ජංගම දුරකථනය සහ හෑන්ඩ් බෑගය අතින් ගෙන මේසයෙන් නැගිට්ටේ මම දෙස බලාපොපොරෝත්තු කඩවූ මුහුණකින් බැලීමෙන් අනතුරු ව ය .

ඉන්න මම ඩ්‍රොප් කරන්නම් .

නො නීඩ් මෙන් .....

That's Not Nice ...Andrea . මම කීවෙමි

හා හා හා is it ?

මම යනවා කියා පාමංකඩ ගන්ධාර හි බැරිස්ටාවෙන් පිටව ගියේ මට මහත් වේදනාවක් එක් කරමින් ය .

එදා Romance Valley හි සිදු වූ දෙය අනවශ්‍ය දෙයක් බව මාහට වැටහී ගියේ හරියටම දැන් ය . දැන් කරන්නට දෙයක් නැත . Andrea ගේ අපේක්ෂා භංගත්වයට මුලික හේතුව මම ද ? මම වී නම් මගේ හර්දශාක්ශීය මට නිර්දය ලෙස පහර දෙනු ඇත.
තව දුරටත් මෙතන සිටීමෙන් පලක් නොවන නිසා මම වාහනය දෙසට පිය මැන්නෙමි .

වේදනා , දුක් , අතහැරයාම් වල දුක මම හොදින් හදුනන බැවින් තවකෙනෙකුට එසේ නොවෙන අයුරින් ජීවත් වන්නට සිටි මට දැන් මේ කුමක් සිදුවීද ?
අරමුණක් නැති මමත් මගේ රථයත් මැරෙන් ඩ්‍රයිව් එක දිගේ ඔහේ ගමන් කරයි . බම්බලපිටිය හරියේ දී මනස නවතින්නට දැනුම් දුන් බැවින් නවතින්නට තීරණය කලෙමි . බැස යන හිරු මඩලේ වේදනාත්මක කිරණ කදම්බ මගේ ආද්යාත්මය හරහා හරියටම විනිවිද යන්නට විය . පාලුවට ගිය රේල් පාර දෙස බලා සිටි මම රේල් පාරට අඩියක් තබන්නට විය . මොහොතකින් තවත් පියවර කිහිපයක් මග ඉදිරියට ගිය මාඉදිරියෙන් දුම්රියක් පැමිණෙන බව මට දැනුම් දුන්නේ රියදුරාගේ නොනවත්වා ගසන නලා හඩ ය . මම මොහතකින් මාර්ගයෙන් ඉවත් වන්නට සැරසෙන ක්ෂනයෙහි ම දුම්රිය මාඉදිරියෙන් පවනක් මෙන් පියබායන්නට විය . මම හිතුවේ මම දුම්රියට හසු වුනා කියාය . නැත මම තවමත් ජීවත් වනවාය . මම අනාගතය වෙනුවෙන් ජීවත් විය යුතුය. මට තරගයෙන් දිනන්නට උවමනාවක් නැත . එහෙත් මම තරගය අවසන් කර යුතුය . හිත පුරා නැගී විකාර රුප මැදින් මම පයින් රේල් පාර අයින දිගේ ඉදිරියට යන්නට වීමි .

දුරකථනය නාද වූන නිසා මම රේල් පාර දෙසින් මුහුද දෙසට පිය නැග අසල ගල් තලාවක් මත හිදගතිමි .

ඇමතුම මගේ මිතුරා එහමත් නැත්තම් Andrea ගේ ස්වාමිපුරුෂයා ගෙන්ය .

මචෝ , what happened ?

වයි why she crying......... ?

මම මගේ මිතුරාට සියල්ලක් ම පැහැදිලි කර දුනෙමි .

ඔහු විමසුවේ පුළුවන් නම් එහි ගොස් ඇය අස්වසනු හැකිදැයි කියා ය .

ඔහුගේ වචනයට මට පැත්තක තබන්නට නොහැකී වූයෙන් නැවතත් මගේ රථය වෙත ගිය මම හැව්ලොක් සිටි එකට යන්නට පිටත් වීමි .

රිය පදවන අතර මගේ යටිහිත සහ උඩු හිත කරණ සංවාදයකට මම අවධානය යොමු කලෙමි . අවසානයේ මම හැව්ලොක් සිටි එකට පැමිණ ඇය වෙත යද්දී ඇය හොදටම මත් වී සිටියාය .


ඇය වේගයෙන් පැමිණ මා බදාගනිමින් හයියෙන් හඩන්නට විය . ඇයව අස්වස්සන්නට උත්සාහා කර වාර තුනේදීම ඇය මට තර්ජනය කරමින් පැවසුවේ ඇයට හඩන්නට උවමණා වග ය . මම කිසිත් නොකීවෙමි . ඇය එක් පැත්තකින් නිවැරදි විය යුතුය . අනෙත් හැම පැත්තකින් ම මම වැරදි කරුවාද විය යුතු ය . එහෙත් මට දැන් කරන්නට දෙයක් නැත ඇය මට වචනයක්වත්කතාකරන්නට  අවස්ථාවක් නොම දෙයි. පැය දෙකක් පමණ යනතුරු ම සෝෆාවේ සිටි ඇයට නින්ද යන්නට විය . සුළු වෙලාවකින් ඇය ගැබුරු නින්දකට වැටුනාය . පසුව මම සෙමෙන් ඇය ඔසවාගොසින් ඇය කාමරයේ ඇදේ තැබුවාය . පසුව ටික වෙලාවක් ඇය ගේ හිස අතගා මම කාමරයෙන් පිටව අසල තිබු සදලුතලය වෙත පියමන්නෙමි . කොලබ නිරුවත් අහස කල්පනා සාගරයේ ගමන් කරන රුවල් නවකට සුළග නමැති සිතුවිලි පෝෂණය කරන්නක් විය .

වෙලාව මධ්‍යම රැය පසු වී පැයක් පමණ වීය. Andrea තවමත් සුව නින්දක ය . ඇය මෙසේ හෝ සිටින එක මට සැනසීමකි .මගේ නින්ද මා අසලක වත් නොතිබූ බැවින් ආලින්දයේ සෝෆාවෙන් නැගිට  මම කෝපි කෝප්පයක් සාදාගනිමින් සිටින විට ඇය නැගිට මා අසලට පැමිණියාය .

you need one ? මම විමසුවෙමි

Yeah , ඉෆ් යූ කැන් ? ඇය පිළිවදන් දුන්නාය .

කෝපි කෝප්පය අතැතිව මම ඇගෙන් නික්මී සදලුතලය වෙත ගමන් කරෙමි . ඇය ද මොහොතකින් මා අසලට පැමිණ මගේ උරහිසට ඇයගේ හිස තියා අහස දෙස බලමින් පැහැදිලි නැති ගීතයක් සියුම් හඩින් මුමුනන්නට විය . පසුව ඇය අයගේ කෝපි කෝප්පය බිම තියා මගේ දකුණු අතේ උඩ බාහුව ඇයගේ අත් දෙකෙන් සෙමෙන් මිරික්කන්නට විය . ඒ උණුසුම සොයන්නට බව මට වැටහී ගියේ ය .
පසුව Andrea මා සිප ගන්නට සැරසුනත් මම එයට අනුබල නොදුන්නෙමි . මට තවදුරටත් ආත්ම වංචාවේ නිරත වන්නට බැරිය. මම සමුගත යුතුය . නැවත නොයෙන්නට ම සමුගත යුතුය . ඇය කොතරම් සුන්දර උවත් මේ මොහොතේ ඇය කෙරෙහි කිසිම සිතුවිල්ලක් මා සිතේ නොඋපදී . ඒ එසේ වන්නේ ඇය වෙනුවෙන් ය . මා , මාගැන සිතුවානම් මෙතන සිදුවන්නේ වෙනම දෙයක්ය . ඒ දේ නැවත ඇය සමග නොවිය යුත්තක් ම ය. මම ආත්ම දමනය සුළුවෙන් හෝ පුහුණු විය යුතු ය . ඒ ඇය වෙනුවෙන් ය . ඇය තවදුරටත් මාහට තුරුළු වෙයි . එහෙත් මම , ඇය වෙනුවෙන් නැගීසිටිය යුතුය . එය ඇයට මේ මොහොතේ නොවැටහෙන්නේ ඇය ආදරයෙන් මත්ව ඇති බැවින් ය . මම ඇය ගේ සිත සැනසිය යුතු ය .ඒ ඇය සමග නිදි වැද නොවේ .

ඒ ............ ඇයගෙන් වෙන්ව ගොසිනි . 

ජනපති ප්‍රේමදාස සමගින් ආයෙමත් තාත්තා.

මේකථාව වරෙක මම තට්ටයාගේ කොලම ලියන තට්ට මහතයාට පහුගිය අගෝස්තුවේ පැවසුවක් වන අතර නැවත මෙය ලියන්නට මතක් වූයේ වර්තමාන ශ්‍රීලංකාවේ එක්තරා ඉහ...