දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,
අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන්න . දානය ඉවර වෙලා පසු දා මටත් මස්සිනාටත් කරන්න දෙයක් නැති නිසා හිතුවේ බලකඩුව ඇල්ල හරියේ ඈත පේන කන්දමුදුනේ තියන ගස හොයාගෙන යන්නටය .
ඒ නමින් පන්සලාතැන්න මාඋස්සාව පාරිසරික ආරක්ෂක ප්‍රදේශයයි .
විජය පුවත් පත පළකර වැඩසටහනක් . මෙය නැරබීමෙන් ඔබට පන්සලාතැන්න ගැන හොද අවබෝධයක් ලබා ගන්න පුළුවන්
අතිශය සංවේදී පරිසර පද්ධතියක් වන පන්සලාතැන්න තවමත් සංචාරකයන් අතර අප්‍රකට වීම එක අතකින් වාසනාවක් . අප රටට ආවේනික සත්ව සහ ශාක ප්‍රජාවකින් සමන්විත මෙම ප්‍රදේශයේ සංචාරය කිරීම ලැබීම එක අතකට වාසනාවක් .
මේ ගමන අපි ගියේ පයින් ආවේත් පයින් . මුළු ගමනම කිලෝ මීටර 11 පමණ'වෙනවා . බලකඩුව පාලම පහුවෙලා ටික දුරක් එද්දී හම්බෙන දේදුනු පාලම උඩින් තමයි කෙටිම මග කියලා හාමිනේ ගේ අම්මා කිව්ව නිසා අපි මුලින්ම දේදුනු පාලම හොයාගෙන නුවර පාර දිගේ ඉහලට ඇවිදගෙන ගියා .පස්සේ අපිට දේදුනු පාලම හමුඋනා.
මේ තියෙන්නේ දේදුණු පාලම .
පාලමෙන් එතර උන අපිට ඊලගට හමු වෙන්නේ වතුකම්කරුවන් වෙසෙන ලැයිම් කාමර සමුහයක් නියමිත පාරක් පෙනෙන්නට නොතිබූන අපි මෙතනදී ටිකක් අමාරුවේ වැටුනා .
මුලින්ම හම්බවුන පිරිම් කෙනා කිව්වේ ආමි කෑම්ප් එකක් තියෙන නිසා යන්න දෙන්නේ නෑ කියලා . අපි හිතුවා අවසර අරගෙන හරි යන්න ඕනේ කියලා .
පසුව හම්බ උන කාන්තාවක් අපිට යන්න පාර පෙනුවා .......
ඒ කුඩා අඩි පාරක් .
ඒ අඩි පාර දිගේ කෙටි දුරක් ඇවිදගෙන යද්දී අපිට හම්බුනා ජීප් රථ ගමන් කරන අබලන් පාරක් .
අපි සෙමෙන් ඒ පාර දිගේ ඉහලට යන්නට උනා . අපට දැනුනා අපි කන්දකට අවතීරණවුණ විත්තිය . මහන්සියක් නෑ අවට පරිසරය දැක්කාම . අපේ වාසනාවට එදා මාතලේට ආවේනික සුපුරුදු වැස්ස නැති දවසක් . අහස නිල්ම නිල් පාටයි . වලාකුළු පවානැති තරම් .
කුඩා දියපාරක් ලග ගිමන්නිව්වා .
මද දුරක් ආගිය කථා කියමින් ගිය අපිට ලයිමේ දෙමල මනුස්සයා කිව්ව ආමි කෑම්ප් එක හම්බුනා . ඒ අටවන ගජබා රෙජිමේන්තුව .
හමුදාව අපෙන් විමසුවා බොහෝ දේ . අපි අපේ අනන්‍යතාවය සහ ගමනේ අරමුණ පැහැදිලි කරලා දුන්නාට පස්සේ ඔවුන් යන්න දුන්නා . හැබැයි කාරනා දෙකක් (02) හිතේ තියාගන්න කිව්වා . ඒ ගමනේ අවසානයේ හම්බවෙන වැවේ නාන්න එපා සහ වැවට ඉහලින් තියන කන්දේ මුදුනේ තියන බෝගස ලගට යන්න එපා කියන එක.
මේ ගමනේදී අනතුරක් උනොත් ඔබව ගලවාගන්නට පිරිස් පැමිණෙන විට ඔබට වියහැකි නරකම දේ වෙන්න පුළුවන් සමහර වෙලාවට .
පසුව අපි හමුදාවට ස්තුතී කර ගමන ඉදිරියට යන්න පටන්ගත්තා . මෙන්න මෙතනින් දකුණට තිබෙන කුඩා පාරේ අප යායුතුව තිබෙනවා .
මෙතැන ඉදන් ගමණ අතිශය වෙහෙස කරයි. අපි පැය ගානක් ගිමන් හරිමින් ඉදිරියට ඇදුනා . සමහර තැනිතලාමතින් අපි ඉක්මනින් ගමන්කරා . මොකද මාතලේ කාලගුණය වෙනස් වෙන්න වැඩි වෙලාවක් නොයන නිසා.
ඈතින්ම පෙනෙන්නේ නකල්ස් කදු පන්තිය
පන්සලාතැන්න කදු මුදුණ පසෙකින්
කදු මුදුන සහ පරිසරය දැක්කාම අපි හිතාගත්තා කොච්චර මහන්සි උනත් කන්දේ මුදුනටම නගිනවා කියලා
තෙප්පුකුලම වැව් බැම්ම ඈතින්
අවසානයේ අපි ගමනේ පළමු අදියර නිමකරා . ඒ වැව් බැම්ම අසලට පැමිණීමෙන් . හමුදාව කියූ පලවෙනි කාරනාව ඇත්ත බව අපිට පෙනුනා . ඒ මේ දැන්වීමෙන් .
හරියට සිත්තරෙක් ගේ සිතුවමක්වගේ .... කියන්න වචන නෑ ඒතරම් ලස්සනයි .
වැව් බැම්ම අසල ටිකක් විවේක ගෙන අපි ගමනේ දෙවන අදියර ආරම්භ කරා
පහලින් පෙනෙන්නේ අපි මදවේලාවක් ගිමන් හල වැව
කන්ද තරමක් දුර නගින්න පටන්ගත්තාම තේරුනා සීග්‍ර බවුමක් සහිත අඩිපාරක් හෝ නැති ගමනක් කෙසේ ගොස් අවසන් කරන්නද කියා.එහෙත් කදු මුදුනේ තිබෙන බෝගස ඉලක්ක කරගෙන අපි ගමන්කරන්නට උනා .
හමන සුළග අපිව ගහගෙන යන්නට තරම් බලවත් උනා . ජිවිතේ මම දුටු උසම මානා පැදුරු සහ ප්‍රචන්ඩකාරීම සුළග මම අත්වින්දේ මෙහිදී . මාන පැදුරු මගේ උසටත් වඩා තිබුනා සමහර තැන්වල . ඒ අඩි 6 ට වඩා ඉහලින් . එක පාර හමන සුළගේ වේගයට මානාපැදුරු මුහුදේ රළ ගෙඩි ඉහල නැංවෙනවා සේ පෙනෙන්නට තිබුනා . ඒ අත්දැකීම වචනයෙන් විස්තර කරන්නට අපහසු අත්දැකීමක් . ඇත්තටම අපට දැනුන ඒ හැගීම ගමන මදකට නතර කරන්නට තරම් බලවත් උනා . ඒත් අපි කෙසේ හෝ කන්දමුදුනේ බෝගස ලගට යනවාමයි කියලා හිතාගත්තා .
අපි දෙදෙනාගේ අත් කකුල් මානා කොලයේ දාරයට කැපී ලේ ගලන්නට උනා . වේදනාව පසෙකලා අපි ගමන යන්නට පටන්ගතේ කෙසේ හෝ අවසානයට යනවා කියා හිතා ගෙනම ය .
පැය දෙකක පමණ ගමනකින් පසු අපි කදු මුදුනට ලං වෙන බව අපිට තේරුනා .
කන්ද කොතරම් උසද කියා කන්දේ හෙවනැල්ලේන් ඔබට වැටහේවි . ඈතින් කළුවට පෙනෙන්නේ හුන්නස්ගිරිය කදු පන්තිය
අවසානයේ අපි කදු මුදුන වෙත ආවා . ඒ මුහුදු මට්ටමෙන් අඩි 2297 උසක.
ආටියා
ඔන්න අන්තිමට අපි පන්සලාතැන්න කදු මුදුනේ බෝගස ලගටම ආවා . ඒ බෝ ගස අසලදී දැනුන හැගීම වචනයෙන් කියන්න බැරිතරම පහන් සිතුවිල්ලක් .
ඔන්න එහෙනං ආටියාගේ තවත් සංචාරයක් මේ විදියට ඉවර වෙනවා. මේ සටහන කියෙව්ව ඔයගොල්ලෝ හැමදෙනාටම බොහොම ස්තුතී.
තවත් සංචරක සටහනකින් නැවත හමුවන තුරු ඔබට සුභ දවසක්!
ඔබ සියලු දෙනා හට මේ කෙටි පණිවිඩය මේ සමගම දන්වනු කැමැත්තමි.
පන්සලාතැන්න මාඋස්සාව පාරිසරික ආරක්ෂක ප්‍රදේශය හා අවට පරිසරය තවමත් නොකිලිටි පරිසරයක් වශයෙන් තිබෙනා බැවින් එය මතුපරපුරටත් ඉතිරි කරදීම ඔබගේ යුතුකක් නොව අනිවාර්ය වගකීමකි. ඔබ එය ඉටුකර යුතු ය. විශේෂයෙන් පොලිතින් ප්ලාස්ටික් වැනි දේ නැවත ඔබගේ ගමන් මල්ලේ ම දමා ඒමට ඔබ කාරුණික වියයුතු ය.
* ආටියාගේ සංචාරේ
කාලේකට පස්සේ ආටියාට බ්ලොග් එක මතක්වෙලා. කොරෝනා හින්දා ගෙදරයි ඔෆිස් එකයි අකර ගමනාගමනේ විතරයිනේ. මෙහෙම එකක්වත් බලලා දැනට සැනසෙනවා ඉතිං.
ReplyDeleteබොහොම ස්තුතී අසංග අයියේ.... මේ පැත්තට ගොඩඋනාට .
Deleteකොරෝනා ඉවර උනාම මාතලේ පැත්තේ පොඩි රවුමක් ගහන්නකෝ .
මිස්ටර් ආටි, වැදගත් දෙයක් කියන්න තියනවා.
ReplyDeleteමිස්ටර් කුලසේන ආටිගල දන්නව ඇතිනෙ. එතුමා ෆේස් බුක් එකේ තම ඉතිහාසය, අත්දැකීම් ආදිය වටිනා ෆෝටෝ එක්කම පලකරනවා. ඔහුට මං හිතන්නෙ දැන් අවු 90ක් විතර වයස ඇති. පුදුම මතකයක්, රෙකෝර්ඩ්ස්, පින්තූර හා අත්දැකීම් තොගයක් තියෙන්නෙ. මං කිව්වා පොතක් ලියන්න කියල, ඒක ගැන ඒතරම් උනන්දුවක් නෑවගෙ. අපරාදෙ ඒවා අහක ගියොත්. මිස්ටර් ආටිට පුලුවන් වෙයි කරන්න. මං පුලුවන් ඕනෙ උදව්වක් කරන්නම්.
I sent u my tel no on messenger.
මම ඇහුවා අය්යේ ... කුලසේන සීයා ලියන්න කැමති නෑ වගේ ...
Deleteවෙන කෙනෙක් හරහා ලියවගන්නත් කැමති නෑ .
වයසයි නේ දැන් .
හරි අපරාදයක්. ඒ කාලෙ ගැන ඒවගේ අත්දැකීම් ඒවගේ මතකයක් එක්ක තියන ඒ වයසෙ කවුරුවත් දැන් නෑ. ඒ මදිවට ෆෝටෝස් ගොඩකුත් තියනවා.
Deleteඔව් අය්යේ ..කවදාහරි කුලසේන සීයා එක්ක ඒ හැමදෙයක්ම නැතිවෙලා යාවී .
Deleteසුපිරි! ඇති යාන්තම් අපිව මතක් වෙලා!
ReplyDeleteඅනේ සමාවෙන්න තට්ට මහත්තයා ....
Deleteඅමතක උනේ නෑ ....... වැඩ වගයක් නිසා පොඩ්ඩක් බ්ලොග් පැත්තට එන්න බැරි උනා .
බොහොම ස්තුතී අයියේ ...... වචනෙත් ඇති .
"සුපිරි! " කියපු වචනේ ම බ්ලොග් 1000 ලියන්න එනජී එකක් ආවා .
අම්මෝ ඒ පින්තූර වල ලස්සන.ඒ උනාට කතාවනම් ඔහේ ගසල බසල දාලා ලියල.චාරිකා සටහන් මීට වඩා හිත ඇදී යනවිදියට ලියන්නකෝ අප්පා...
ReplyDeleteමෙහෙමවත් ලියන එවුංට ඔහොම කථා කරණ්න එපා නගා!
Deleteඑහෙම බෑනේ අයියෝ දනෙන දේ කියන්ට ඕනේ...එතකොට නේ මෙහෙමවත් ලිය එවුං තව හොදට ලියන්නෙ 🤪
Deleteසොඳුරු සඳවතී-
Deleteබොහොම ස්තුතී පින්තුර වර්නනා කරාට .
අම්මෝ .... දැන් එහෙම ලියන්නේ නෑ ...... ඇත්ත අත්දැකීමුත් සුරංගනා කථා වෙනවනේ කියවන්නන්ට .
ලස්සන තැනක්. මාතලේ පැත්ත කොහොමත් ලස්සනයි. අර වැවේ නාන්න එපා හෙම කියපු කතාවේ තේරුම මොකක්ද?
ReplyDeleteඔව් අජිත් මහත්තයා .. මාතලේ කොහෙත් ලස්සණයි . මෙතන ප්‍රසිද්ධ නෑ ... ඒක නිසා තමයි ලිව්වේ .
Deleteවැවේ නාන්න එපා ලොකු කටු පැදුරු තියනවාලු ඒවගේම ගැබුරු අගාධ තියනවා කිව්වා හමුදාවේ අය .
ලොකු සර්. වැඩේ මරු ඈ. මේ ලොක්ඩවුන් කාලෙ මෙහෙම එකක් දැක්කත් සනීපයි.
ReplyDeleteහැට්ටර් මේම කියනවට අමනාප වෙන්ඩ එපා සර්. පොටෝ ටික ටිකාක් විතර enhance කරලා දැම්මොත් එළ කිරි.
ලයිට්රූම්, පොටෝෂොප්, ප්‍රොෆෙෂනල් ඉමේජ් එඩිටිං වලට දැන්ම වියදම් කරන්ඩ එපා. බලන්ඩ GIMP වගේ එකක්. ඔය පින්තුරවල බ්‍රයිට්නස්, කොන්ට්‍රාස්ට් පොඩ්ඩක් එහා මෙහා කරල විතරක් (ඕනෙනං ෂැඩෝ, හයිලයිට් පොඩ්ඩක් ඇජස් කරලා හිටං)හොඳට පණ පිහිටුවල දෙන්ඩ ඇහැක්.
මම කාලයක් රස්සාවට ඔය වැඩ කරලා තියෙනවා commercial printing අංශෙ. ට්‍රයි එකක් දීල බලන්ඩ.
ජයවේවා!
Myself Hattor
හැට්ටර් මලයා , බොහොම ස්තුතී වෙන්ට ඕනේ .....(මොකට අමනාප වෙන්නද කොච්චරවටිනවාද මේ දේ ... ) මෙහෙම දෙයක් කිව්වාට ... හිටින්නකෝ GIMP ට්‍රයි කරන්න මමත් .
Deleteජය වේවා මලයා :D
මාරයි. ලස්සන පින්තූර ටිකක්.
ReplyDeleteඅපිට කොහෙද ඉතිං ඔහොම ගමං යන්න චෑන්ස් එකක් මේව බලල රස විඳිනව ඇරෙන්න.
බෝ ගහ ගාවට යන්න එපා කිවුවෙ අකුණු අනතුරු ඇතිවෙන්න පුලුවන් නිසා වෙන්න ඇති.
Deleteබොහොම ස්තුතී ප්‍රසන්න අයියේ .....
යමු දවසක ..... මෙතනට යන්න අමුතුවෙන් අවසර ගන්න ඕනේ නෑ . හමුදාව නිකන් විස්තර අහන්නේ මම හිතන්නේ . කවුරුවත් මේ පැත්තට යන්නේ නෑ . අඩුම තරමේ ගමේ මිනිස්සුත් වැඩිහරියක් ගිහිල්ලා නෑ . ඇහුවොත් ඇත්තම් දන්නේ නෑ කියල තමයි කියන්නේ .
ඔව්... අයියා කිව්වා වගේ අකුණු අනතුරු සහ හුලං වල බලපෑම තමයි හේතුව . හුලං නිසා සමබරතාවය බිදවැටෙන්න පුළුවන් එහෙම උනොත් අඩි ගානක් බිමට රෝල් වෙනවා ආයේ දෙකක් නෑ . මේ ගහ තියෙන්නේ කන්දේ හරිම මුදුණ තියන තැන . කන්දේ මුදුනේ පිහිටීම හැරියට පිහියක දාරයක් වගේ . දෙපැත්තටම තියෙන්නේ පහල නොපෙනෙන තරමේ ප්‍රපාතයක් . මේ දේ ඔතනට යනකම් අපිට තේරුනේ නැ . සමහර විට හමුදාව ඔය තැනට ගිහින් තියනවා වෙන්න පුළුවන් .
ලස්සන ලියැවිල්ලක් වගේම ලස්සන පින්තුර එකතුවක්
ReplyDeleteබොහොම ස්තුතී නිලක්ෂි ඔබට . ගොඩකාලෙකින් නේද මේ පැත්තේ .
Deleteඒ පින්තූර! ඒවා ඒ තරම් ලස්සන නම් හබැහින් කොයිතරම් ලස්සන ඇත්ද.. තව ඔය පේන අවුව හුළඟ අතරේ.. | ගතින් බැරිනම් හිතෙන් යමු 😄 |
ReplyDeleteඅම්මෝ.... තිලිණි... ඔයා කොච්චර කාලෙකින්ද මේ පැත්තට ආවේ . මම හිතුවේ ආයේ එන එකක් නෑ කියලා මේ පැත්තට. ඉස්සර මේකේ යාවජීව සාමාජිකයෙක් නේ ඔයා .
Deleteහබැහින් කියන්න බැරි තරම් ලස්සනයි . ඔයාට නම් වැඩියේ දුර නෑ නේද ? මොකටද හිතෙන යන්නේ ...උකුවෙලින් කලල්පිටියට කිලෝ මීටර දෙකයි නේ .... කලල්පිටියට ගිහිල්ලා බලකඩුව පාලම හරියට ගියාම ඔය කන්දේ මම දාපු ඔය පින්තුරය තියන කන්ද මුදුනේ ගහ පේනවා . දවසක යාලුවෝ එක්කම යමු .
අපේ වාසනාවට එදා අව්ව තිබ්බ . සීතල නම් ඉස්සර විදියමයි කොච්චර අව්ව තිබ්බත් . හුලග නම් කියන්න බැරිතරම් ප්‍රචණ්ඩයි . මුහුද මද කුනාටුවකට අහුවුනා වගේ .
ජූනි ජූලි අගෝස්තු මාසවල මධ්‍යම කඳුකරයට නිරිත දිග මෝසම බලපානව. ඒකයි ඔය තරම් තද සුළඟ.
ReplyDeleteබයි ද වේ,
අලුතින් මොනවත් ලියමු!
ඩ්‍රැකී ඔයාත් ගොඩකාලෙකින් මේ පැත්තට ආවේ නේද . බොහොම ස්තුතී ආවාට .
Deleteඔව් හරියටම හරි ....මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා නිරිත දිග මෝසම. ඉහල කදුබෑවුම් වල ගමන්කිරීම අනතුරු සහිතයි මේ කාලයේ . සුළග සහ වැස්ස ප්‍රචණ්ඩයි . අකුණු පවා වරුසාව නැති විටත් තියෙනවා . අහස අදුරු වීමම ගමණට බයක් එක් කරනවා කදු මුදුන් වලදී . මාතලේට ඉතින් හැමදාම වැස්සනේ . වාසනාවට එදා වැස්සේ නෑ .
තද හුලග හමද්දී අපි මානා පැදුරු අතර බිම වාඩිඋනා . කදු මුදුන් වල තද හුලග දහමද්දී එකම විසදුම එච්චරයි .
.....
අනිවා අයෙත් ලියන්නම් .
ජය වේවා .
අඩෙි...මෙන්න ලියලා...නිතරම කස්ටිය දැන් ලියන්නේත් නැති නිසා අපිත් මෙිවයේ එන්න කමිමැලි වෙලාද මන්ද ? මෙි මගුල ඉවර උන දවසක යනවා අපිත් ගිහින් ගහනවා අඩියක්...රෙද්ද...
ReplyDeleteආටියා ඇතුලු ලියන බලන සැමට දිඝායු..
මම බැලුවා තරිදු මල්ලි නැත්තේ ඇයි කියල . අනිවා මල්ලි ... පුළුවන් තරම් ඇවිදිමු .
Deleteකියවන තරිදු මල්ලි ඇතුළු හැමෝටම දිඝායු වේවා!
සුභ ගමන් අදරණිය ආටියා.........
ReplyDeleteඋඹ ලියපුවා තාම අපි කියවනවා. ලස්සන මිනිස්සු ඉක්මණට දිව්‍යලෝකේ යනවා.
ReplyDelete