Friday, April 27, 2018

කලකට පෙර ජාතික පුවත්පතකට ලියූ එහෙත් හේතුවක් මත පළනොවූ ලිපියක්.


අපි ගමන් ගත් රථය මාතලේ නගරයට එනකොට හවස එකටකට විතර ඇති. රත්තොට නගරයෙන් දුම්බර කදුු වැටියේ නකල්ස් හරහා මහියංගනයට යන්නේ හුග කාලෙකින්.

රත්තොට තරමක් ජනාකීර්ණ නගරයක් වුවත් එතිනින් එහාටනම් ඇත්තේ නිස්කලංක පරිසරයක්. රථය තරමක් අපහසුවෙන් කන්ද නගින්න පටන් ගත්තා.

"අවවාදයයි. මෙහි දිය නෑම භයානකයි."  ඒ අපි කි.මී. හතරක් විතර එනකොට අපිට හමුවන ඹබරකිරි ඇල්ල.’
 නකල්ස් පරිසර කලාපයේ තියන සුන්දර ඒ වගේම දිගු නියගයකින්වත් නොසිදෙන දිය ඇල්ලක්. අපි ඹබරකිරි ඇල්ල බලන්න වාහනේ පාර අයිනේ නතර කර මීටර දෙසීයක් ක් විතර ඇතුලට ගියා. ඒ වෙනකොට වැස්ස ලැබුනු බැවින් වතුර ටිකක් වැඩියි. දිය ඇල්ල හරියට සුදු සාරියකින් හැඩවුනු මණමාලියක් වගෙයි. වැඩිය උස නැතිවුනත් මේ මණමාලි සුදු පාටින් මීටර් තුන හතරක් පමණ උස සිට කඩා හැලෙනවා. කඩා හැලෙන තැන දෑස් පිනවන චමත්කාරයක්. වතුර ටික නිල් මැණික් කැටයක් වගේ. අපි වතුර ටිකක් අරගෙන මූණට දමා ගත්තා. එතෙක් වේලා දැණුනු විඩාව කොහෙන් ගැයාදැයි දන්නෑ.

නාමුද..? ඒ මගේ යෝජනාවක්. ඒ වචනය ඇසුනු ගම් වැසියෙක් මහත්තයෝ ප‍්‍රවේසමෙන්. ඔතන බිලි ගන්නවා. මේ මිනිසුසු බිලි ගන්නවා කියලා කියන්නේ මහා අත්භූත බලයක් මෙයට ඇතැයි සිතා. ඇත්තටම ඔවු සොබාදහම ගැන අංශු මාත‍්‍රයක්වත් හිතන්නැති උන්ට සොබා දහම නිසි පාඩම් කියලා දෙනවා. මට මතකයි මගේ මිත‍්‍රයෙක් දවසක් කිව්වා.

ඔතන මැරිලා තියන ඔක්කොම මේ අහලපහල අය නෙමේ. පිටින් ආපු අය. ඒ අයගෙනුත් වැඩි හරියක් පොඞ්ඩක් මත්වෙලා. මේ නාන වලේ හැඩගැස්ම දන්නැති අය ඇත්ත. මේ දිය ඇල්ලෙන් වැටෙන වතුර ක‍්‍රම දෙකකට පහලට යනවා. එකක් තමයි සොබාවික විදහට මතු පිටින් ජලය ගලා ගෙන යෑම. අනිත් එක තමයි. මේ තියන ගල යටින් උමගකින් ජලය ගලා යෑම. මේ බවක් සහ මේ කිසිවක් ගැන දන්නේ නැති අයට මේ දේ සිද්ධ වෙනවා.

මම වට පිට බලපුවාම අපෙත් එකක ආපු සනි නැත්තම් තාත්තගේ ඩ්‍රයිවර් මහත්තයා නෑ. "මම මෙහේ…"

ඔහු මේ ඇල්ලට උඩින් තියන එලෙන පාලම උඩ. ඒකත් මේ දිය ඇල්ලට අපූරු චමත්කාරයක් එක්කරනවා. දිය ඇල්ලෙන් වැටෙන වතුර පාරේ සද්දෙත් එක්ක එලෙන පාලමට ගියපුවාම මතක් වෙන්නේ පේරාදෙණියේ මහවැලි ගග හරහා ඉදි කර ඇති එල්ලෙන පාලම උඩ පෙම්වතියන්ගේ සතුටු සිනාව.

අපි නැවත ගමන ආරම්භ කරා. අර බලන්න කූඹුරු යායේ ලස්සන. ඇත්තටම ඔවු. කොළම කොළපාටට හෙල්මලූ ක‍්‍රමයට වගා කරපු ගොයමක්, පාරෙන් දකුනු පැත්තේ බෑවුමේ.

අපි දැන් නකල්ස් රක්ෂිතයට කිට්ටු වෙමිනුයි ඉන්නේ.

ඒ සනීගේ කටහඩ. මේ නකල්ස්වලට පිවිසෙනකොට ලංකාවේ කිසිම තැනක එකට නොදැනෙන, නොදකින් පරිසර ලක්ෂණ දක්නට ලැබෙනවා. ඒ තමයි ලංකාවේ දේශගුණික ලක්ෂණ සියල්ලම පාහේ මෙයට පිවිසෙනකොට දැනේනට වීම.

මැදවත්ත වතු යායේ තේ වතු ටික සාරවත්. ඒත් ඒ මහා තේ වතු තුල හිරවී සිටින මිනිස්සුන්ගේ ජීවිත කෙතරම් අදුරුද. ජීවිතේ ගැටගහගන්න මුලූ දවසම වත්තට කඹුරනවා. ඒත් ඒ දම්ළ මිනිසුන්ට නිසිපරිදි වැසිකිලි පහසුකම්වත් නෑ. නමුත් ඒ මිනිසුන්ගේ දහදියෙන් උපයන මුදලින් සුරසැප විදින මිනිසුන් කොපමණද? ඒ උපයන විදේශ විනිමයෙන් ඇමතියෝ සැප ගන්න ගෙන්වන වාහන වල වටිනාකම අදහගන්න්නත් බෑ.ඔවුන්ගේ දහදියෙන් උපයාගන, ඔවුන්ම බදු වලින් මිරිකා නොමරා මරා දමන රටක් මේක.

"මොනවා කරන්නද මහත්තයෝ, සොච්චමක් අරගෙන දවසක් තියා වේලක්වත් ජීවත් වෙන්න බෑ. අපේ කරුමේ. කාට කියන්නද."  මැදවත්ත වතු යායේදී හමුවූ දමිළ වතු කම්කරුවෙක් අප සමග වේදනාවෙන් පැවසීය. මට මතක් උනේ මයිකල් ජැක්සන්ගේ ගීතයක්…. ඔබට පෙනෙනවාද මිනිසුන් මැරෙන තරම්, බියෙන් ගැහෙන තරම්, ඇයි බැරි දෛවයට ඉඩක් නැති සුන්දර ලෝකයක් තනන්න ඔබත් මාත් වෙනුවෙන්.

ගිනි කූරක් ගැහැවුවොත් මුලූ පාලතම ගිනි ගන්නවා. ඒ පයිනස් කැලෑව පෙන්වමින් තාත්තා පැවසීය. ඇත්ත දකුණු අත පැත්තේ තේ. වම් අත පැත්තේ පයිනස් වගාව. පයිනස් වගා ඇතුලේ යටි වගාවක් ඇත්තේම නෑ. විශාල ගනකමකින් යුතු නොදිරපු පයිනස් කොල තට්ටුවක්.

හිතට ලොකු කේන්තියක් ආවා. සෝදාපාලූව වලක්වන්න කියලා අපේ රටට හිතකර නෙවෙන විදේශීය ගස් කොලන් වනවාගවේ නාමයෙන් හිටවලා. දැන් එක පැත්තක පයිනස් යායවල්. මේවා කවුරු හදුන්වා දුන්නත් මෙක පරිසරහිතවාදී වැඩක් නම් නෙමේ. ස්වාභාවික ලෝකයේ සතා සිව්පාවා සහ ගහකොල අතරේ තිබෙන අපූරු බැදීම විතරක් නෙමේ අපේ භූමියටත් ස්වාභාවික ජල උල්පත්වලටත් මෙවායෙන් කරලා තියෙන්නේ අතිමහත් විනාශයක්. ඒත් තාමත් පරක්කු නෑ කියලා මට හිතුනේ තේ වතුටික සහ පයිනස් වතු මැදින් භයානක වංගු ටික අරගෙන ඉවරවෙලා රක්ෂිතයට ඇතුල් වෙනකොටම හමුවෙන ඉතාමත් සුනදර කුඩා දිය ඇල්ලේ වතුර තියනවා දැක්කහම. එතන ඉදලා වටපිට බලපුවාම මාතලේ කදු වලල්ලත් ඒ අතර විල්ෂියා කන්දත් ඉතා මනහර ලෙස ගාම්භීරව අප දෙස බල ඉන්නවා.

ඉර අහංකාර ලෙස බැස යමින් තිබුනේ සීතල මිහිදුම් කදු පහත් කරමින්. දැන් අපි රිවස්ටන් කදු මුදනට ඉතාමත් කිට්ටුයි. ටිකක් බහිමුද. මම යෝජනා කලා. රථයෙන් බැස ගත් අපි ටිකක් පාරේ එහොට මෙහාට ගියා. හැමදාමත් වගේ නකල්ස් එනකොට අපිව සිප ගන්න කට්ටියක් බලා ඉන්නවා. අදත් කලින්ම ඔවුන් ආදරයෙන් පිළිගෙන මගේ දෙකකුල් සිප ගත්තා. ඒක කොච්චරද කිව්වොත් ඒ කූඩැල්ලන්ට බයේ අපේ රියදුරු මත්තයා සෙරෙප්පු දෙකත් බිම දාලා රථයට නැගලත් ඉවරයි. තාම අපි මේ වගේ පරිසරයක මේ විදිහට සොබාදහම විදින්න, ඒ පරිසරය තාම තියනවා කියලා කියන්න එක් සාධකයක් තමා මේ කූඩැල්ලෝ.

අපි පැයකහමාරක විතර ගමනකින් රිවස්ටන් කදු මුදුනට ආවා. මීදුම නිසා මුලූ පලාතම ලස්සනයි. සීතලයි. ඈත බලපුවාහාම නකල්ස් කදු වළල්ලත්. ඇලහැර, පොලොන්නරුව ප‍්‍රදේශයත් මනහරව දිස්වෙනව. කන්දෙ අනිත් දිසාවේ තියන ටෙලිකොම් කුලූන මිදුම හංගාගෙන වගේ. ඒ තරමටම කුලූනේ භාගයක් පෙන්නෙ නෑ. ඒ මිදුම් සීතලත් එක්ක අපි එතන සිට බෑවුම බැස්සා. වම් අත පැත්තෙන් පිටවල පතනත් මනහර බෑවුම් බිමත් සමග කුඩා කදු ගැටත්, ලකේ ගල පැත්තෙ එක් කොටසකුත් මවන්නේ අපුරු දසුනක්. මේ වගේ පරිසරයකට ඇතුල් වෙන හැම අවස්ථාවකදීම මට මතක් වෙන්නේ සෝවියට් රුසින් සාහිත්‍යය, ඉංදියානු වංග සාහිත්‍යය. පරිසරය ජීවමාන කිරීමට ඔවුන් තරම් දක්ෂයින් ලොව කිසිම තැනක නෑ කියලා මට හිතෙනවා. ඒ කෘති කියවනකොට ලැබෙන වින්දනය මේ වගේ පරිසරයක් තුලදී ජීවමාන වෙනවා. ස්ටෙප් තණ බිම්, පොප්ලර් ගස්, බයිකල් විල, සෝවියට් රුසියන් මුලූ පරිසරයම ඒ කෘති වලින් අපට විදින්න සලස්වනවා. වැඩිය නෙමේ. ගුරු ගීතයේ මුලූ පරිසරයම ජීවමාන කරන හැටි. වංග ලේඛක වංගෝත්පා්‍යගේ අරණකට පෙම්බැදි’ කෘතියේ මහ වනය අපදෑස් ඉදිරයේ මවන හැටි කෙතරම් අපූරුද.

දැන් අපි සිටන්නේ ඊට නොදෙවනි පරිසරයක. මගේ වම් අත පැත්තෙන් පිටවල පතන. වැහි පොදක් මේ දවස්වල යන නිසා හොදට නිල්ල ගහලා. පතන මැදින් සිහින් දොල පාරක් පෙම්වතෙක් පෙම්වතියකට රහසක් කියන්නාක් මෙන් හෙමිහිට ගලා බහිනවා.

අන්න ඈත ලස්සක කුඹුරු යායක්. අත දිගු කරමින් සනී කියයි.

ඒ ඇටන්වල පැත්තෙ කුඹුරු. ඒවා තාමත් සරු සාර ගම්.

අපි හිටවුපු ගල් කනු තාම තියනවා නේද සනි. තාත්තා අතීතය මතක් කරයි. ඒ මීට අවුරුදු දෙකකට විතර පෙර පිටවල පතන මුදුනටම වාහන ගමන් කරා. වාහනවල ටයර් වලට පාෂාණය මතු පිට තියන තණකොල සේරම මැරෙන්න පටන් ගත්තා. මේ වගේ රත්තරං පරිසරයක තියෙන වටිනාකම දන්න අපිට නිකං ඉන්න බැරි වුනා. අපි කට්ටිය එකතු වෙලා රජයේ සීමාවේ කඩන් වැටුන කණු වෙනුවට අලුත් කණු  වාහන දාන් බැරි වෙන්න පරණ තිබුනු කනු ටික වෙනුවට අලුත් කණු නියමලෙස සකස් කරා. ඒවා තාමත් තියනවා. අපේ මිනිසුන්ට මේවායේ වටිනාකම තේරෙන්න තව බොහෝ කල් යයි. එතකං ඔවුන් මෙතෙන්න ඇවිල්ලා ගෙනාපු සේරම මෙහ දාලා පොලිතින්වලින් පුරවලා ආපහු යයි.

ගොඩාක් මිනිසුන් මේවා ගැන දන්නෑ කියලා මට හිතෙන්නෙ. හැබැයි මේ සොබාදහම ගොඩාක් දේ අපට කියා දෙනවා. අපිට අලූත් ගමනක් යන්න. මේ පරිසරයේ තියන සුන්දරත්වය, සමතුලිත බව, එය ආරක්ෂා කිරීමට අපේ මුතුන් මිත්තන් භාවිතාකල ක‍්‍රම පිලිබදව විචරාත්මකව හිතලා බලලා කරන පරිසර විද්‍යාවේ නව සොයා ගැනීම් ඉතාමත් වටිනවා. ඒකට ලංකාවේ තිබෙන හොදම විද්‍යාගාරය නකල්ස් කියලයි මට හිතෙන්නෙ. මේ ඒ තරමටම සුන්දරකිමින්, දැණුම්න් මෙ බිම පොහොසත්. ඒක නිසා තමයි මේවාට ආදරය කරන අලූත් මිනිස්සු අපට අද ඕන. මේ සිතුවිලිවලින් මා අවදි උනේ වාහනයක් ආපු සද්දෙට. දැන්නම් වටින් ගොඩින් අදුර ගලා ගෙන එනවා. කදු පංතියේ බොහෝ ඉර එළිය හංගාගෙන. මිදුම වඩාගෙන වගේ. අපිටත් දැන් ගොඩක් සීතලයි. කුඩා වැහි පොදක් වැටෙන්න ගත්තා. ආපහු කකුලෙ කූඩැල්ලෙක් එල්ලිලා. ඒ තමා උගෙ ජීවිතේ.

උඹ ඌ හිටපු තැන ආක‍්‍රමණය කරන්න ඇති. තාත්තා කිව්වෙ හරියට මම විශාල වැරද්දක් කරා වගේ. ඇත්ත. මේ උංගෙ පරිසරය. ඌට හුරුපුරුදු පරිසරය. මේ පරිසරය අයිති උන්ට. මේ සොබාදහම කියා දෙන දේ තේරුම් ගත්තොත් සොබාදම් විපත් කියන්නේ මොනවාද කියා මනාවට තේරුම් යාවි.

හෙටිටිපොලින් උණුසුම් වෙන්න මොනවා හරි බොමු. මම යෝජනා කරමින්, අපි පතනට සමු දී මහියංගනය බලා පිටත් උනේ ආයෙත් නකල්ස් පෙම්වතිය හදවතින් තුරුලූ කර ගැනීමේ ආදරණීය හැගීමෙන්.



*කලකට පෙර ජාතික පුවත්පතකට ලියූ එහෙත් හේතුවක් මත පළනොවූ ලිපියක් . 

28 comments:

  1. වැඩක් නැහැ ඕවා නම්... පරිසරය ආරක්ෂා කරන්න කිසිවෙකුට උවමනා නැහැ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ,,, ඒක නම් ඇත්ත මල්ලී :(

      Delete
  2. අපූරු වැදගත් සටහනක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති මේ දිරිමත් කිරීමට දුමී .

      ඔබටත් ජය වේවා ! <3

      Delete
  3. අපි පරිසරය ආක්‍රමණය කරනව මිසක් පරිසරය කවදාවත් අපිව ආක්‍රමණය කරන්නෙ නෑ. අගනා සටහනක්.
    ගොඩක් පැතිවල දැන් ෆයිනස් ගස් නං ගලෝනව.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතී මේ දිරිමත් කිරීමට ප්‍රසන්න අය්යේ .

      "අපි පරිසරය ආක්‍රමණය කරනව මිසක් පරිසරය කවදාවත් අපිව ආක්‍රමණය කරන්නෙ නෑ." ඔව් මේ කථාවට මමත් සම්පුර්ණයෙන් එකගයි . අපි මේ ගෙවන්නේ මහා කාලකන්ණි යුගයක් .

      ගොඩක් පැතිවල දැන් ෆයිනස් ගස් ගලවන්නේ වාසියට මිසක් පරිසරය ගැන හිතලා නෙවෙයි නේද ? :)

      Delete
  4. I just checked some of your ealier posts. You are a member of the Atigala clan? Related to Mr. Norman Atigala ( Norman is a kind of pet name I think. Father of Anura, Deepal and Damayanthi, brother of Dharmasena? )
    Sorry, I'm using the mobile. No Sinhala font.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති ඔබතුමාට අදහස් දැක්වීමට . ඔව් මමත් මඩපාත ආටිගල පවුලේ කෙනෙක් . ඔබ ඇතැම් විට නොදන්නවා වන්නටද පුළුවන් " නොර්මන් සීයා මීට ටික කලකට පෙර නැති උනා . දීපාල් අංකල් , අනුර අංකල් තවම ඉන්නේ මඩපාත . දමයන්ති ආන්ටි දැන් ඉන්නේ බොරලැස්ගමුව කිට්ටුව . දීපාල් අංකල් ලේක්හවුසියෙන් පැන්ෂන් ගිහින් දැන් නිදහසේ ගෙදර ඉන්නවා . දීපාල් අංකල්අ පේ අම්මලා එක්ක චන්දන ජයරත්න මහත්තයා ගේ භාවනා වැඩසටහනකට ගියා ටිකකලකට පෙර . ඔබත් රාජකීය / තර්ස්ටන් හි ආදී සිසුවෙක් ද?

      ධර්මසේන සීයාගේ පුතා ලාල් මාමා සහ ලක්ෂ්මි නැන්දා(රාජකීයේ නියෝජ්‍ය විදුහල්පති) ද ඔබතුමන් දන්නවා ඇති කියා හිතෙනවා මට .

      Delete
    2. නෝර්මන් ආටිගල මහතා මගේ පියාගේ මිත්‍රයෙක්. දෙන්නම ජීවතුන් අතර නෑ දැන්. ඔව් මම මලගෙදර ගියා. තාත්ත නම් අනිත් අය දැන ගෙන හිටියා. මං දන්නෙ නෝමන් පවුලේ කීපදෙනා තමයි. ඊට අමතරව පණ්ඩුල ආටිගල (SLN - RDML) පාසලේ සමකාලීනයෙක්.(he is known in the Navy not as Pandula but by another, first or middle, name, right?) තව ආටිගල කෙනෙක් හිටියා අපිට ඉහල පන්තිවල මට නම මතක නෑ

      Delete
    3. ඔබ කියන්නේ Niraja අංකල් ගැන විය යුතුය

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. අතිශයින් සිත්ගත් ලිපියක්! නැවතත් කියවන්න ඕනෑ!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති මේ දිරිමත් කිරීමට තට්ට මහත්තයා ඔබට.

      Delete
  7. නකල්ස් කියන්නේ රිවස්ටන් කියන්නේ මමත් මේ වෙනකොට ගිහින් තියෙන තැන් වලින් ආසම ආස කරන තැනක්...ඒ පරිසරයට ගියාම දැනෙනේ හැගෙන හැඟීම් විස්තර කරන්නත් අමාරුයි.ඒක විස්තර කරනන් නෙවෙයි විඳින්නම ඕන දෙයක්. කවදාවත් හෙලවෙන පාලමකින් එතෙර නොවෙන මම ඹබරකිරි ඇල්ලෙ හෙලවෙන පාලමෙන් කෝම හරි එගොඩ උනා ඒ වගේ මරණ බය දැනෙන තැනකින් එගොඩ උනෙත් ඒ පරිසරයට තියන ආදරේ විඳින්න ඕන නිසාමයි.හුදු විනෝදය තකා පමණක්ම මේ තැන් වලට යන අය නිසා ඒ පරිසරය විනාස වීමනම් හරිම කණගාටුදායකයි.

    ReplyDelete
    Replies
    1. වැඩක් නැ අයියේ අපේ හැත්ත(හැමොම නොවෙයි) යන තැනක් ඉවරයි.අපේ ගෙවල් පැත්තේ තියනවා වතුර ටිකක් කලා පාඩුවෙි ඉන්න පුලුවන් තැනක් විනාසයි දැන් කාලකන්නි ඇවිත්.බොතල්,ටින්,කැම කොල වගේ හැම ඡරාව ම එතන.අපි එක පාරක් සමිපුර්නයෙන්ම සුද්ද කරලා දැන්විමකුත් දැමිමා.මුන්ට සිංහල තේරැමි ගන්නත් බැ අයියේ..ගියතැන විනාස කරනවට වඩා හොදයි ගෙදර හිටපියවි...

      Delete
    2. @සොඳුරු සඳවතී.. ඔව්, සදවතියේ , පරිසර විනාශය හරිම කණගාටුදායකයි . කියන්න වචන නෑ . අපිට තියෙන්නේත් ඔච්චරයි . එක රැකගන්නවත් කාටවත් උවමනාවක් නෑ වගේ...
      ඹබරකිරි ඇල්ලෙ හෙලවෙන පාලමෙන් යන එක නම් පට්ට අත්දැකීමක් තමයි . හේ හේ
      හේ .
      කොහොමද සෙම්බුවත්ත ගමන ?

      Delete
    3. @tharindu madusanka . ඔව් තරිදු මල්ලි අපි අපි ගැනම දුක් වෙන්න ඕනේ . වෙන රටවලට මෙච්චර වටිනා පරිසරපද්ධතියක් තියා අබ මල් රේණුවක් වත් නැතුව උන් කොහොමට පරිසරය සුරකිනවද .
      මල්ලිලා ගේ ගමේ වෙච්චි දේ තමයි අද රටේ හැමතැනම වෙලා තියෙන්නේ .

      යනතැන වනසන
      සතුන් ඇත
      මහා රිය පදවන
      ඒ තුල යනෙන .

      Delete
    4. ඒකත් බොහොම සුන්දර ගමන..... වෙලාවක ලියන්නම්කෝ...

      Delete
    5. ඔයා ලියන සංචාරක සටහන ලස්සන එකක් වේවි . ඒකනිසා ලියන්නකෝ .

      Delete
  8. Replies
    1. ඇති යන්තම් අයෙත් පෙන්න පටන්ගත්තා . මොකද උණේ පහුගිය මාස තුනේ දී ?
      ඔව් ,,,, මමත්

      Delete
    2. ඔව් මට හිතුනා . ඔබතුමා කාර්යබහුල වෙන්නට ඇති කියා . පුළුවන් නම් "කොච්චි මිරිස්" ආයේ ඉස්සර වගේ යාවත්කාලීන කරන්නකෝ ? ඔයාගේ ෆැන්ස් ල ගැන හිතලවත්

      Delete

හොරෙන් දැමූ පාටිය ඩිෂාන් සහ ඔහුගේ බිරිද ගේ හදිසි ලංකා ආගමනය සමගින් තවම මතක හන්තාන

පහුගිය දොහක සති අන්තයේදී ඩිෂාන් සහ ඔහුගේ බිරිද හදිසියේ ලංකාවට පැමිණෙන බවත් දවස් විසිඑකක් ලංකාවේ රැදී සිටින බවත් කෝල් කර දැනුම් දී සිටිය...