Monday, May 28, 2018

ශිශිරය බොහෝ කුරිරුය



ලිලැක් මල් මිය යන 
ශිශිරය බොහෝ කුරිරුය 
සීතල හදැති 
ගැහැණියක කිසිවක් අයැදී 
නොපැහැදිළි හඩින් 
පාළු වීදී කෙළවරක 
නාදුනන මුහුණු සිටි 
නගරයද කුරිරු වී ඇත 
ශිශිරය මෙන්ම 
මුදු හැගුම් උපදින්නට 
ඉඩ නොදෙමින් 

Friday, May 18, 2018

දේශයේ වීරෝධාර රණවිරුවන්ට අපි සදා ණය ගැති වෙමු !




වර්තමානයේ අපි බුක්තිවිදින මේ නිදහස වෙනුවෙන් එදා දේශයේ වීරෝධාර රණවිරුවන් 28,589 තම ජීවිතය මව්බිම වෙනුවෙන් පූජාකරා . තවත් විශාල වීරෝධාර රණවිරුවන් සමූහයක් සදාකාලික ආභාදිත තත්වයට පත්විය  . 

ඔබ හා මම එදා ඒ ගතකරේ ඇමරිකාව වරක් ලෝකයේ දරුණුම ත්‍රස්‌තවාදී සංවිධාණය (සැප්තැම්බර් එකොළහ ප්‍රහාරයට පෙර) වශයෙන් ප්‍රකාශයට පත්කර ත්‍රස්තවාදී සංවිධානයට එරෙහිව සටන ජයගත් සමයක ය . 

තවද ලෝකයේ පළමු වතාවට ත්‍රස්‌තවාදීසංවිධානයකට එරෙහි සටනක් මුළුමනින් ම ජය ගත්තේ දේශයේ වීරෝධාර රණවිරුවන්ය . 

ලෝකයේ විශාලතම ප්‍රාණඇපකරුවන් පිරිසක් මුදාගත් මානුශීය මෙහෙයුම සිදු කරේ ද වීරෝධාර රණවිරුවන්ය . 

විශේෂයෙන් උතුරේ සහ නැගෙනහිර බහුතර ද්‍රවිඩ මුස්ලිම් ප්‍රජාවට නිදහසේ ජිවත් වීමේ අයිතිය මෙන්ම දකුණේ බෝම්බ බිය දුරු කර නිදහස් වට පිටාවක් රට තුල නිර්මාණය කිරීමේ අයිතිය තහවුරු කරදුන් ඒ අපගේ දේශයේ වීරෝධාර රණවිරුවන් ට සහ විදෙස් රාජ්‍ය බලවේග වලට නොනැමුණු අභිත දේශපාලණ නායකත්වයට අපි සදා ණය ගති වෙමු ! 

Wednesday, May 16, 2018

ඔබ ඔහු හා







මා හඬනා කඳුළු ගලා 
සැදුනු කඳුළු සාගරේ
ඔබ ඔහු හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි


Wednesday, May 9, 2018

අද මම ඔබට ඇරියුම් කරන්නේ මේ ගැනත් මොහොතක් සිතන්න යි.


අතොරක් නැතිව අසන්නට දකින්නට ලැබෙන වචන කිහිපයක අර්ථය නිවැරදි ව වටහා නො ගැනීම නරක ප‍්‍රතිඵල උදා කරයි. සන්නිවේදනයේ දී ඇති වන දෝෂයකට වඩා, සැබවින් ම උනන්දුව හීන වීම හෝ නො සලකා හැරීම මත හෝ යම් වදනක් වැරදියට වටහා ගැනීම හා භාවිත කිරීම ව්‍යසනකාරී ය. සමාජයක් එ් තැනට යොමු වීම වැළැක්වීම උදෙසා කටයුතු කිරීම, භාෂා උගතුන්ගේ වගකීම විය යුතු ය. එක් අතකින් එය සමාජ විද්‍යාත්මක පැති කඩක නිර්මිතයකි. මේ පිළිබඳ ව උගතුන් කොතෙකුත් අප අවට වෙසෙයි. මේ සම්බන්ධව පමණක් නොව විවිධ විෂයය ක්ෂේත‍්‍ර සඳහා ද උගතූන් බිහි කිරීම සඳහා විවිධ ආයතනික ව්‍යුහයන් ද කි‍්‍රයාත්මක ය.

විශේෂයෙන් අපගේ විශ්ව විද්‍යාල පද්ධතිය තූළින් සිදුවන්නේ ද එය යි. පාසල් අධ්‍යාපනයට යොමු වන අය අතරින් සියයට දෙකක් එ ලෙස උගතූන් ලෙස අභිෂේක ගැන්වීම උදෙසා ධනය මෙන්ම සම්පත් විශාල ප‍්‍රමාණයක් වැය කරනු ලබයි. ඉතිරි සියයට අනූ අට සේම සමස්ත රටේම අනාගතය සැළසුම් කරනු ලබන්නේ මේ සියයට දෙක විසිනැයි ඉන් අදහස් කළ හැක.

එහෙත් බොහෝ විට දැක ගත හැක්කේ රටත්-ජනතාවත් වෙනුවෙන් තීන්දු ගන්නෝ එම සියයට දෙක ලෙස හඳුනා ගත් හෝ ඊට ඇතූළත් වුවන් හෝ නො වන බව ය. එසේ වුවන් ගන්නා ලද තීරණ වලින් රටට ජනතාවට යහපතක් සැලසී නො මැති බව, රට මුහුණපාන ඛේදවාචකයන් වෙතින් පිළබිඹු වෙයි.

උගතූන් තම කාර්යය බුද්ධිමත් ව ඉටු නො කිරීම නිසා වෙන් මේ ව්‍යසන තත්ත්වය උදා වී තිඛේ. උගතුන් රට වෙනුුවෙන් කරන සේවය නිසි ලෙස ඉටු නො කිරීම නම් බුද්ධිමත් ව කටයුතූ නො කිරීම ය. එසේ නම් රටක් මෙහෙය විය යුත්තේ උගතූන් නොව බුද්ධිමතූන් ය. ඡන්ද දායකයා හා පුරවැසියා යනු දෙදෙනෙක් ලෙස පෙර ලිපියක පැහැදිලි කර ගත් පරිදි මේ අනුව උගතා හා බුද්ධිමතා යනු දෙදෙනෙක් බව ද වටහා ගැනීමට සිදුවෙයි. පෙර සඳහන් කළ පරිදි යමෙකූට යම් විෂයය පථයක් පිළිබඳ අධ්‍යයනයකින් අනතූරුව ඒ පිළිබඳ උගතෙක් විය හැකි ය. එය ද අනලස් ව, නො මඳ ව ලබා ගත් තැනැත්තේ ප‍්‍රාමාණික උගතෙක් ලෙස හැඳින්විය හැකි ය. මේ ප‍්‍රාමාණික උගතා පෙනී සිටිය යුත්තේ-කැප විය යුත්තේ නූපන් පරපුරක ද සඵලාර්ථයන් උදෙසා ය.

නමුත් එ වැන්නෝ අද විරල ය. බහුලව දැක ගත හැක්කේ බලයෙන් හා ධනයෙන් ආඨ්‍යවූවන්ට කේවට්ටයන් බඳු උපදේශකයන් වන උගතුන් ය. පිළිගත් අධ්‍යාපනික ආයතනයකින් සහතික ලබා ඇති නිසාවෙන් ඇතැම්හු ඔවුන්ට උගතුන් යැයි වහරති. ඡුන්ද දායකයන්ගෙන් කොල්ල කා ගත් මනාපයෙන් හෝ ව්‍යවස්ථාවෙන් ලැබී ඇති වරප‍්‍රසාදයකින් හෝ අත්තනෝමතික ලෙස හෝ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන්නට පින පාදා ගත් ( එය පින ද පව ද?  මැති ඇමැතින්ගේ භාරයේ යටහත් පහත් ව වැටුප් ලබන උගතුන් සමූහයක් අපට දැක ගත හැකි ය. මේ ආකාරයෙන් බොහොමයක් උගතුන්ට ගෙවන වැටුප පවා අපරාධයක් වන අවස්ථා ඇත. එ බැවින් තම උගත්කම හා පළපුරුද්ද ඵලදායි ලෙස රටට ආයෝජනය කරමින් රටේත් ජනතාවගේත් උන්නතිය සඳහා පින් බර කාර්යයක නියැළෙන්නා ඉඳුරාම බුද්ධිමතෙකි. එ සේ නොවන උගතුන් කමකට නැත.

තව ද දේශපාලන අධිකාරියට යටත්ව සේවය කරමින් තමා උගත්යැයි ප‍්‍රකට කරමින් අදායම් උපයන්නා සහ ඡන්ද දායකයා අතර ද එ තරම් වෙනසක් නැත. වෙනසකට ඇත්තේ අධ්‍යාපන සහතික මත යමි ඡන්ද දායකයෙක් විඳින සමාජ තත්ත්වයත්, උගතායැයි හඳුන්වන්නාට හිමි සමාජ තත්ත්වයත් අතර වෙනස පමණකි.

කරුණු මෙසේ හෙයින් උගතා සහ බුද්ධිමතා යනු දෙදෙනෙකි. ඇතැම් විට කිසිදු තක්සලාවකින් සහතික නො ලද්දේ වුව ද ජීවන-සමාජ තක්සලාවෙන් ලද දැනුම හා පළපුරුද්ද ප‍්‍රගුණ කිරීම හෙවත් සතතාභ්‍යාසයෙන් යුතු ව බුද්ධිමත් ව කටයුතු කරන්නෝ ද සිටිති. ඔවුහු ඇගයීමට නිර්නායක නො මැති වුව ද පොදු ජනතාවගේ හදවත් තුළ යුග යුග ගණන් ඔවුහු ජීවත් වෙති. වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද, දෙවි දේවතාවුන් වැනි මිනිසුන් වැන්නෝ ඔවුහු ය.

මොවුන් ද හඳුනා ගැනීම යහපත් අනාගතයක් පතන්නවුන්ගේ වගකීමක් වන්නේ ය. අද මම ඔබට ඇරියුම් කරන්නේ මේ ගැනත් මොහොතක් සිතන්න යි. දාර්ශනිකයින්, භාෂා විද්‍යාඥයින්, න්‍යායාචාර්යවරුන්, දරන මත සමග ගැඹුරින් පැහැදිළි කර ගත යුතු කරුණකි මෙය. මේ එ් සඳහා වන සරළ-සුමට පිවිසුමක් පමණි.

‘‘අපි කුඩා සොරුන් එල්ලුම් ගසට යවා වැදගත් සොරුන් රජයේ තනතුරුවලට පත් කර ගන්නෙමු.’’
- ඒසොප්

හොරෙන් දැමූ පාටිය ඩිෂාන් සහ ඔහුගේ බිරිද ගේ හදිසි ලංකා ආගමනය සමගින් තවම මතක හන්තාන

පහුගිය දොහක සති අන්තයේදී ඩිෂාන් සහ ඔහුගේ බිරිද හදිසියේ ලංකාවට පැමිණෙන බවත් දවස් විසිඑකක් ලංකාවේ රැදී සිටින බවත් කෝල් කර දැනුම් දී සිටිය...