Monday, January 29, 2018

පටිසෝතගාමීයා


මගේ ලෝකයේ පටිසෝතගාමීව දස වසක් යනුවෙන් මෙසේ බ්ලොග් ලියන්නටත් බොහෝ කාලයකට පෙර "මගේ ලෝකයේ පටිසෝතගාමීව දස වසක්" යනුවෙන් වසර තුනහමාරක් අසන්න වශයෙන් හතරකදී පොතක් ලියා තැබුවේ නිවැරදි දිනය එළබෙන මොහොතේ ස්වයං චරිතාප්‍රදානයක් ලෙස එලියට දැමීමේ අරමුණින් ය .මෙයින් තවත් කාලයකට පසු මම නැවත තවත් පොතක් ලියන්නට සුදානම් වන්නේය . එය පොත වනාහි "Way of Stranger" ය . මෙයද තවමත් ලියා ඉවර කර නැති අතර මෙම පොත වනාහි ග්‍රමී වුඩ් ගේ "The Way of the Strangers: Encounters with the Islamic State" පොතේ හරයට කිසිදු ගැලපීමක් නොවන බව කව යුතු මය .

ඔය අතර මම නිවාඩුව වෙනුවෙන් ලංකාවට පැමිනෙනේ අතර ගුවන් යානයේ දී හදුනා ගත් අපේ රටේ සුවිශේෂී චරිතයක්(නම සදහන් කීරීමට මම අකමැති) මගේ ආරාධනයෙන් අපේ නිවසේ රාත්‍රී භෝජනය ට පැමිණෙනවා ය . ඔහු සමග බොහෝ වේලාවක් කතා කරමින් සිටි මා හට අප දෙදෙනාගේ අදහස් එකිනෙකට නොගැලපෙන බව වැටහී ගියේ ය . කොහොමත් අදහස් නොගැලපෙන කෙනෙක් සමග අල්ලාප සල්ලාපයේ හෝ අදහස් හුවමාරුවේ යෙදෙමින් මම ගන්නා ආතල් එක " ඒක වෙනම ආතල් එකක් " යන කුලකයට දැමිය හැකිය .

අප දෙදෙනාගේ බොහෝ අදහස් හුවමාරුවකින් පසුව උක්ත මාතෘකාව වූ "පටිසෝතගාමී" යන වචනය කරලියට එනවා ය .

මගේ ලෝකයේ හැටියට ,
පටිසෝතගාමී යනු බෞද්ධ සාහිත්‍යයෙහි එන වචනයකි. ඉන් අදහස් කෙරෙන්නේ ප්‍රවාහය ගලන අතට එරෙහිව ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කිරීමයි. වඩා සරලව උදාහරණයකින් කියන්නේ නම් ‘උඩු ගං බලා පිහිනීම’යි. බෞද්ධාගම ලාංකේය දේශපාලනයේදී පට්ටා ගැසුණු තරමට ම පටිසෝතගාමී යන වචනයද පට්ටා ගැසෙනු පසුගිය යුගයේ අපට දැකගත හැකිවිය.

එහෙත් තමුන් පටිසෝතගාමීන් ලෙස තමුන් විසින් ම හඳුන්වාගත් බොහොමයක් පට්ටමපල් අනුසෝතගාමීන් හෙවත් ප්‍රවාහය ගලන අතට ම ඔහේ ගසාගෙන ගිය උන්දැලා බවද ඒ සමඟම දැකිය හැකිවිය. වචන හරඹයේදී බරපතළ වචනයක් යොදාගෙන අනෙකාට ‘ලොකු කමක්’ පෙන්නීම සඳහා මිස ඔවුන්ගේ පටිසෝතගාමයට නම් වෙනත් තේරුමක් දිය නොහැකිය. ඔවුන් පටිසෝතගාමිණීලා වශයෙන් හැඳින්වීම වඩා ගැලපේයැයි සිතමි. ඒ, පටියක් බැඳගෙන රීදී තිරයේදී හතර අතට සතුරන්ට පහර දී පරදවන ගාමිණී ෆොන්සේකා ආවේශ වූවන් මෙන් ඔවුන් හැසිරෙන නිසාවෙනි. සිනමාවේදී පහර දෙන්නේ ඇත්තට ම නොවෙන බවත් චිත්‍රපටිය හමාර වූ පසු නරඹන්නා පුරුදු පරිදි ගෙදර යන බවත් අද හිතහොඳ නළුවා හෙට දුෂ්ටයා වන බවත් මේ පටිසෝතගාමිණීලාට අදාල වන්නේ ම නැත.

පටිසෝතගාමිණීලා ගැන උදාහරණ දෙකක් ගනිමු. එකක් නම් පාඨලී චම්පික රණවක ය. පාඨලී චම්පික රණවක සිය ස්වයං චරිතාපදානය එළි දැක්වූයේ ‘පටිසෝතගාමීව තිස් වසක්’ නමිනි. ශිෂ්‍ය ව්‍යාපාරය හරහා දේශපාලනයට අත්පොත් තැබූ චම්පික ජනතා මිතුරෝ, රටවැසි පෙරමුණ වැනි අම්බලන් මැදින් පරිසර දේශපාලනය ද හරහා පැමිණ අවසන නැවතුණේ සිංහල බෞද්ධයාට ආතල් දෙන ජාතිවාදී ප්‍රවාහයේය. මෙය බලය උදෙසා බණ්ඩාරනායකලා අනුගමනය කළ ව්‍යාපාරයේම දිගුවක් වන අතර, බලු පොරයකට ද වැටුණේ ජාතිවාදී ප්‍රවාහයේ යසට ගසාගෙන යමින් රටට කොකා පෙන්නූ චම්පික මය. ජාතිවාදයට අනුසෝතගාමී වී අපට පටිසෝතගාමී පටිය පෙන්නමින් චම්පික පටිසෝතගාමිණී කෙනෙක් වුණේ එසේය.

අනෙක් උදාහරණය රාවය පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන් ය. ඔහු රාවය පුවත්පතේ 25 වන සංවත්සරය සැමරුවේ ’25 වසරක පටිසෝතගාමී අභිචාරිකාව’ මැයෙනි. 1971 ජවිපෙ කැරැල්ලෙන් ඇරඹි ඔහුගේ දේශපාලනය 1994 වන තෙක්ම අත්හැර දමා කෙටි උදාහරණ දෙකක් පමණක් ගනිමු. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග බලයට පැමිණෙන මොහොත වන විට එවකට තිබුණු රැල්ල අනුව අයිවන්ට ද ඇය විහාරමහා දේවිය ම විය. එහෙත් චන්ද්‍රිකා පාලන සමය අවසන් වන යුගය වන විට එවකට රටේ තිබූ චන්ද්‍රිකා විරෝධය මත රුවල් ඔරු පදිමින් ඔහු චන්ද්‍රිකාව නම් කළේ චෞර රැජින ලෙසිනි. ඊළඟට පැමිණීයේ මහින්ද රාජපක්ෂ යුගයයි. දහස් ගණන් ජනතාව වැලිගම්පිටි යවමින් භීෂණයක් දූෂණයක් රජ කරවූ රාජපක්ෂ සමයේ වික්ටර් අයිවන් සිටියේ තම රාවය පුවත්පතේ මැද පිටු දෙකක් පුරා හෑලි ලියමින් රාජපක්ෂලාට පවන් සලමිනි. වෙනෙකක් තබා තම 25 වසරක පටිසෝතගාමී අභිචාරිකාව සමරන්නට ද ඔහු ආරාධනා කර වඩම්මවා ගත්තේ මාධ්‍ය මර්ධනය සම්බන්ධයෙන් ලොව පුරා කුප්‍රකට වූ ඒ මහින්ද රාජපක්ෂමය. පටිසෝතගාමී සළුව රෝල් කර කොට්ටය යට තබා වික්ටර් තම හෙළුව පෙන්නමින් පටිසෝතගාමිණී කෙනෙක් වුණේ එහෙමය.

මෙවන් වූ පටිසෝතගාමිණීලා අතරම කොතෙක් බාධක දුෂ්කරතා මැදින් වුව උඩුගං බලා පිහිනීමේ සිය වෑයම අත් නොහළ දේශපාලකයකුද දැක්විය හැක. ඔහු,අපේ කොච්චියා එදා ටක්කෙටම කොමෙන්ටුවක් හරහා කියූ පරිදි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නය. පසුගිය 40 වසරක් පුරාවට ඔහු වෙනස් වී නොමැත. දරුණු මර්ධනකාරී යුද්ධයකදී රටේ අති බහුතරයක් යුධවාදීන් වෙද්දී බාහු දෙමළ ජනතාවගේ අරගලය පිළිබඳව සිය ස්ථාවරය දශමයකින් හෝ ආපස්සට ගත්තේ නැත. දෙමළ ජනතාවට ස්වයං නීර්ණ අයිතිය හිමි විය යුතු බවට වන ඔහුගේ දේශපාලන දැක්ම කිසිවෙකුට වෙනස් කිරීමට හැකිවූයේ ද නැත. මියගිය LTTE සටන්කාමීන් සැමරීම සඳහා සහභාගී වී ආපසු ලංකාවට පැමිණෙද්දී ගුවන්තොටුපළේ දී ම ජාතිවාදී ඇම්බැට්ටයින්ගේ පහර දීමට ලක්වුවද ඔහු සැළුණේ නැත. රැකියාව අහිමි කරණු ලදුව තිස්වසක් ඉක්ම ගියද ඔහු ඒගැන විස්සෝප වූයේ නැත. පිනට ගත් පිනාචාර්ය පට්ටමක් නොව සැබෑ ආචාර්ය උපාධියක් හිමි, එංගලන්තයේ කේම්බ්‍රිජ් සරවියේ වුව රැකියාවට යා හැකිව තිබුණු උගතෙක් වුව ද ඔහු ලංකාවේ දේශපාලනය හැර දමා එසේ යන්නට සිතුවේ නැත. හම ගිය රතු කමිසයත් ගෙවුණු රබර් පෙරෙප්පු දෙකත් හැඳ පැළඳගෙන තමන් අනුදත් දේශපාලන මතවාදය වෙනුවෙන් ඔහු දිගින් දිගට ම පෙනී සිටියේය. කලක් ඔහුගේ සටන් සගයා වූ වාසුදේව නානායක්කාර හතිවැටී හොට බිම ඇණී රාජපක්ෂට තුරුළට වැටුණද ආචාර්ය වික්‍රමබාහු එවන් දේශපාලනික සියදිවි නසාගැනීමක් ගැන සිතුවේවත් නැත. ‘ත්‍රීවීල් පක්ෂයක්’ යැයි ඔලොක්කු දැමුවද ඔහු එරෙහි විය යුතු දෙයට එරෙහි වන්නට බිය වූයේ නැත. සෙනඟ සොයා ගලන අතට ගලා යාම වෙනුවට ඔහු තනිවම හෝ උඩුගං බලා පිහිනීම ප්‍රගුණ කළේය, සැබැවින් ම පටිසෝතගාමියකු වූයේය.

පටිසෝතගාමයේ පටි බැඳගෙන ඇට්ටි හැළෙන කතා වලින් ලොරි ටෝක් වපුරන, පටි වන වනා හරඹ පෙන්නන පටිසෝතගාමිණී අයියලාට අන්තිමේ වෙන්නේ පටිරෝල් කරගන්නටය. එහෙත් සැබෑ පටිසෝතගාමීන්ට, අනුන් තමන් ගැන සිතන, විවේචනය කරන, තරමින් වැඩක් නැති අතර ඔවුන් උත්සාහ ගන්නේ කෙසේ හෝ ප්‍රවාහයට එරෙහිව ගමන් කරන්නටය.

Thursday, January 25, 2018

දුක සහ වම



අපිට නිදහස ලැබෙන්නටත් පෙර සිට ම ‘වම’ මේ කියන දුක වෙනුවෙන් පෙනී සිටිනවා. දුක් විඳින මිනිසා සහ සැප විඳින මිනිසා යනුවෙන් වර්ගිකරණයකුත් වම යෝජනා කරනවා. එතනදි වම පෙනි සිටින්නේ ඔවුන් විසින් ම ‘සැප විඳින්නා’ යනුවෙන් හඳුන්වන මිනිස් කොට්ඨාසය වෙනුවෙන් නෙවෙයි. ‘දුක් විඳිනවා’ යනුවෙන් රාමු ගතකළ මිනිස් කොට්ඨාසය වෙනුවෙන් පමණයි. එතනදි මගේ යෝජනාව වෙන්නෙ ආගම ‘දුක’ නමැති පදනමේ ම පවතින අතර ‘වම’ පවතින්නෙත් ඒ පදනමේ ම යි යන්නයි. ඒක තවත් පැහැදිලි කරනවා නම් ‘වම’ කියන්නෙත් එක්තරා ආකාරයක ආගමක්. මොකද බෞද්ධාගමේ යෝජනා කරනවා මරණයෙන් පස්සෙ නිර්වාණය. කතෝලික ආගමේ කියනවා මරණයෙන් පස්සෙ ස්වර්ගය. වම යෝජනා කරනවා විප්ලවයෙන් පස්සෙ දුක නැතිවෙන බව. ආගමයි වමයි දෙකම පවතින්නේ දුක ම දේශනා කරමින්. මගේ අදහස වසර 2600කට ඉස්සර සිද්ධාර්ථ ගෞතමගෙ දේශනාවලට හෝ වසර සිය ගණනකට පෙර හදුන්වා දීපු මාක්ස්වාදයටවත් වර්තමාන මානවයා තේරුම් ගන්න බැහැ. මේ නිසා ම ලංකාවේ: කවි, කෙටිකතා, නවකතා, චිත්රතපට සහ නාට්ය. යනාදි සියල්ල ම බිහිවුණේ මේ ‘දුක’ ආශ්වාදය කිරීමෙන්. ඒක මම නම් කරන්නෙ ‘රතු සෞන්දර්ය’ යනුවෙන්. තවත් පැහැදිලි කරනවා නම් ‘බුද්ධාගම’ ඇතුළෙ පවතින්නේ ‘කහ සෞන්දර්ය’ ය. කතෝලිකයන්ගේ ‘සුදු කළු සෞන්දර්’ ය. හින්දුන්ගේ ‘දුඹුරු සෞන්දර්’ ය. වාමාංශිකයන්ගේ ‘රතු සෞන්දර්ය’ ය.

ඇත්තට ම මේ සත්මහල් ප්රාහසාදවල වෙසෙන මිනිස්සුන්ට ‘දුක’ යනුවෙන් දෙයක් නැද්ද? ඒ අයට ප්‍රේමය නැද්ද? හැඟීම් නැද්ද? ඒ මිනිස්සු ළඟත් මනුස්සකම් නැද්ද? මගේ අදහස නම් ඒ අය ගාව පවතිනවා ‘ආචාරශිලි මනුස්සකමක්.’ ඔවුන් ළඟ Ethics තියෙනවා. ඔවුන් කුණු බැහැර කරන්නෙ පිළිවෙළට, හොටු හූරන්නෙ පිළිවෙළට, වැසිකිළි යන්නෙ පිළිවෙළකට. ඒ අය සිරිපාදෙ නොයනවග ඇත්ත වෙන්න පුළුවන්. ගියොත් එතන කුණු නොදා එන බව විශ්වාසයි. ඔවුන් සංස්කෘතිකාංගයක් විදියට දළදා පෙරහැර බලන්න යනවා. හැබැයි රටකජු පොතු පාර පුරා හලන්නෙ නැහැ. ‘මනුස්ස’ යන වචනයට අනුව මේ අය ළඟ ‘සංස්කෘතික මනුස්සකමක්’ පවතිනවා. මේ කාරණය ලංකාවේ සාහිත්‍යය තුළ සාකච්ඡා කළේ නැහැ වගේ ම සාකච්ඡා කරන්නෙ නැහැ. මම මෙතෙක් කියවපු සාහිත්‍ය ඇතුළෙ එහෙම දෙයක් දැකල හෝ කියවලා නැහැ. මම එතනදි මේ වගේ ප්‍රශ්නයක් අහනවා. දැන් මේ වම සහ සියලු ම ආගම් පෙනී සිටින්නෙ දුක නැතිකිරීම වෙනුවෙන්නෙ. හොඳයි ඇමරිකන්කාරයට දුක නැද්ද? ඇයි මේ වාමාංශිකයො වගේම සියලුම ආගම් ඒ අයගෙ දුක වෙනුවෙන් පෙනී නොසිටින්නේ? ඇයි ඇමරිකන්කාරයගෙ හෝ එංගලන්තකාරයගෙ දුක දුක නෙවෙයි ද? ඒ නිසා කොළඹ දෙස පරිධියෙන් පිට මිනිස්සු බලන විදිය සහ කොළඹ පරිධිය ඇතුළත ඉන්න මිනිස්සු කියන්නෙ පැහැදිලිව ම දෙවර්ගයක්. ඒ නිසා මම මේ කොළඹ මිනිස්සු ‘ගිනි හිස් මිනිස්සු’ යනුවෙන් හඳුන්වනවා.


කොළඹ වෙසෙන සමහර කොට්ඨාස තවමත් විමුක්තිය හොයනවා. මේ මිනිස්සුන්ගෙ හිසේ ගිනි ගුළියක් තියෙනවා. ඒ ගිනි ගුළිය කොයි මොහොතක එලියට ඇවිල්ල එළියේ පත්තු වේවිද දන්නෙ නැහැ. පුස්තකාලවලට යනවා, සම්මන්ත්‍රණවලට යනවා, පොත් කියවනවා, ඒ සියල්ල කරමින් විමුක්තිය හොයනවා. හොයල හොයල අර හීනෙ දිහා බලාගෙන මැරිල යනවා.

මට නම් කොළඹ කියන්නෙ රට්ටු නොරටුන්ගේ ලිසිං බිම්කඩක්. සමහර අය මේක ‘මාතෘ භූමිය’ යනුවෙන් හඳුන්වනවා; භූමි පුත්‍ර උරුමක්කාරයෝ විදියට හැසිරෙනවා. මම අර කලින් සඳහන් කළ ඔළුවෙ ගිනි සහිත භූමි පුත්‍ර උරුමක්කාරයෝ සියලු දෙනා ම අනවශ්‍ය එඩිතරකම් සහිතයි. මේ අය මේ අනවශ්යව එඩිතරකම්වලින් මැරෙන්න අවස්ථාවක් හොයනවා; විරයො වෙන්න අවස්ථාවක් හොයනවා. එහෙම මැරෙන්න කලින් කවි ලියල තිබුණා නම් ඔහු හෝ ඇය ‘විප්ලවිය කවියෙක්’ හෝ ‘විප්ලවීය කිවිඳියක්’ විදියට ‍බෞතිස්ම කරනවා. පාලකයාට තමන්ගේ බලය තව තවත් තර කරගන්න උදව් කරන්නේ මෙන්න මේ පිරිස.



***ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගත් අතර එහි අයිතිය මුල් හිමිකරුවන් සතුය . 

Monday, January 22, 2018

අළුත් බෝතල් වල පරණ වයින් බීම.



ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක කන්න ක්‍රමයට මේ රට පාලනය කරයි.

එකෙක් මහ කන්නය වගා කලහොත් , අනිකා කෙසේ හෝ දගලන්නේ යල කන්නය ගොඩ දා ගැනීමටය.

ඇතැම් විට කන්න කිහිපයක් එක දිගටම ගොඩ දා ගැනීමද , අපේ ප්‍රධාන පක්ෂ දෙක පුරුද්දට ගෙන තිබේ.

එහෙත් අවසානයේ ජනතාවට උරුම වන්නේ , අළුත් බෝතල් වල පරණ වයින් බීමටය.

කුමන පක්ෂය කුමන අවස්ථාවේ බලයට පැමිනියද , ක්‍රියාත්මක වන්නේ ධනවාදී ගෝචර එකම ආර්ථික ප්‍රතිපත්තියකි.

ජේ ආර් ජයවර්ධනගේ සිට ප්‍රේමදාස , චන්ද්‍රිකා , රනිල් , මහින්ද සහ මෛත්‍රී රනිල් සුසංයෝගය දක්වාම අපේ රටේ ආර්ථික ක්‍රමය වෙනස් වූයේ නැත.

පොඩි එකා ගොඩයන ලොකු ඒකාගේ ගොඩ අඩුවෙන , ක්‍රමයක් කවදාවත් එන පාටක් නැත.

පොඩි එකා හැමදාම එකම තැන , ටික ටික එහාට මෙහාට වී සිත සනසා ගනී.

එසේනම් ලංකාවේ වෙනස් අර්ථ ක්‍රමයක් සදහා විකල්පය කුමක්ද ?

1994 මැතිවරණයේ සිට ලංකාවේ තුන්වන බලවේගය ලෙස පෙරට එන්නේ ජනතා විමුක්ති පෙරමුණයි.

විවිද හැලහැප්පීම් වලට ලක්වූ ජවිපෙ ,ඉකුත් වසර කිහිපය තුල අභ්‍යන්තර දේශපාලන හැසිරීම පිළිබද සලකා බැලීමේදී , ඒත් වැඩි වෙනසක් ඇතැයි බලාපොරොත්තු විය නොහැක.

නන්දන ගුණතිලකගෙන් ආරම්භ වූ සෝද පාළුව , විමල් වීරවංශ සුනාමික් කල අතර , අවසානයේ පක්ෂ නායකයා පවා මිය යන විට සිටියේ වෙනත් පක්ෂයකය.

ධනවාදී පාලකයින්ගේ කොප් කමිටුවල පුටු රත් කරමින්, උපදේශක කාරක සභා වලට වී ධනවාදී පාලකයින්ට ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිවැරදි කර ගැනීම සදහා ප්‍රබල සාක්ෂියක් වී ජවිපෙ යන්නේ කොතනටදැයි සැබවින්ම ප්‍රශ්නාර්ථයකි.

අද ජනතාවට වෙන අසාධාරණයක් පිළීබද මාධ්‍ය ප්‍රශ්න කල විට රජය පවසන්නේ,

"අප විනිවිද භාවයෙන් යුක්තයි, ජවිපෙ කෝප් කමිටුවෙත් ඉන්නව , උපදේශක කාරක සභාවෙත් ඉන්නව , ඔවුනද මේක අනුමත කලා" යනුවෙනි.

ධනවාදී පාලකයා ඉතා පහසුවෙන් වම ගොඩදාගෙන තිබේ.



එදා විජේවීරලා සහ ලක්ෂ ගානක් තරුණයෝ දැගලුවේ මේ ටික කර ගන්නටදැයි ඇත්තටම ගැටළුවකි.

තුන්වන බලවේගයක් ලෙස ජවිපෙ කාර්යභාරය මෙපමනද ?

කෝප් කමිටු, උපදේශක කාරක සභා, උද්ඝෝෂණ, පෝස්ටර් සහ මාධ්‍ය හමු වලට අමතරව වෙනත් දෙයක් කිරීම මගහැරී තිබෙනවා නොවේද?

සැබෑ වම කොතනද ?

ජවිපෙ ට එය මගහැරී ඇත.



පවතින ධනවාදී පාලකයින් පලවා හැරීමට නම්, මේ ටික පමනක් ප්‍රමානවත්ද ?

එසේනම් ධනවාදය පලවා හැර , සැබෑ වමක් වෙත රට තල්ලු කිරීමට මීට වඩා යමක් කල යුතුව ඇත.

එසේ නොමැතිනම් තුන්වන බලවේගයක් ලෙස ජවිපෙන් ජනතාවට ඇතිවන සෙතක් නැත.

ජවිපෙ පවතින්නේ මෙලෙස නම් අප විකල්ප බලවේගයක් වෙත යොමු විය යුතු සුදුසුම කාලය මෙය නොවේද?

                                                             -අපි වෙනස්-

*** ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගත් අතර එහි අයිතිය මුල් හිමිකරුවන් සතුය . 

Wednesday, January 17, 2018

දොස්තරලගේ දොස්තර , දොස්තරලා ගැන දොස්තර කෙනෙක් නොවන්නෙක් ට කියූ දේ .



පුතා හවස මුකුත් දාගත්ත වැඩක් තියෙනවද ?

නෑ තාත්තේ . ඇයි ?

මට දැන් ටිකකට ඉස්සර කෝල් එකක් ආව අපේ මහාචාර්යතුමාට අසනීප වෙලා කෝට්ටේ ගෙදර ඉන්නේ කියල . යමුද බලල එන්න .

හරි , යමු තාත්තේ.

මේ මිට වසර කිහිපයකට පෙර මගේ පියා සහ මම අතර වූ කතාවක කොටසක් ය . ඉහත මගේ පියා විසින් "අපේ මහාචාර්යතුමා" යනුවෙන් ඇමතුවේ ශ්‍රිලංකාවේ සම්මානනීය වෛද්‍ය මහාචාර්ය කලෝ ෆොන්සේකා මහතා ට ය .

මගේ පියා ගේ දිර්ගකාලින හිතවතෙකු වූ එතුමා කෙරෙහි මගේ පියා දැක්වූයේ ඉමහත් භක්තියක් ය . එය ඔහු මහාචාර්යතුමා සමග කරන කථා වලදී මට සැමවිටම වගේ පෙනුන දෙයකි .

මගේ පියාට පොරොන්දු වූ පරිදි ඔහු සමග මහාචාර්යතුමා වෙසෙන කෝට්ටේ නිවසට ගිය අප , මහාචාර්යතුමා සිටින ඇද වෙත ගියෙමු .

මගේ පිය හොදින් හදුනා ගත් මහාචාර්යතුමා,

 "ආ ...... ආටිගල එහෙනම් අවා මාව බලන්න නේද ? " කියා ඇසුවේය .

"ඔව් මහාචාර්යතුමා අසනීප විත්තිය දවල් තමයි දැනගත්තේ" මගේ පියා පැවසිය .

පසුව මා දෙස බලා ,

"මේ ... ඉලන්දාරියා කවදද ලන්ඩන් වලින් ආවේ , ඇයි ? සුද්දෝ දිරවන්නේ නෑ නේද ? සිනා සෙමින් ඇසුවේය .

පසුව මම ,

"නෑ සර් .....  මට මාසයක් නිවාඩු හම්බුනා , එකයි ආවේ "

ඔය අතර තාත්තා ඇසුවේ ,

" මහාචාර්යතුමාට කොහොමද දැන් ?"

මහාචාර්යතුමා සිනා සෙමින් ,

" මම වල පයයි ගොඩ පයයි තියාගෙන නේ මේ ඉන්නේ , මට කියල ලොකු අමාරුවක් නෑ , වෙනිවැල් ගැට කොත්තමල්ලි බීවම  හරියයි "

ඔය අතර මහාචාර්යතුමා ගේ බිරිද පර්ලි මහත්මිය අප අසලට ඇවිත් මගේ පියාට මෙසේ කීවා ය .

"කොච්චර කිව්වද මිස්ට ආටිගල , අහන්නේ නෑ නේ "

ඔය අතර දෙදෙනාගේම කතාබහ අරම්හවුයේ මහාචාර්යතුමාගේ අසනීපය ගැන විමසුමෙන් වූ අතර දැන් එය දේශපාලනික මාතෘකා කරා ගොස් ඇතිබව මට වැටහී ගියේ මොහොතකින් ය .

මේ අතර මම හඩ අවදිකරමින් විමසුවේ ,

"සර් .....මොකද හිතන්නේ doctor's strike ගැන "

එතුමා , හැගීම් බරව ... මෙසේ පැවසී ය .

" පුතේ ........  දැකීමටත් , ඇසීමටත් , සිදුවීම මහා අභාග්‍යක් . ලොකුම සල්ලිකාරයාත් , අන්ත අසරණ දිළින්දා ත් , අසනීප උනාම අන්ත අසරණ වෙනවා . ඔය දෙදෙනාගේම අරමුණ ඉක්මනට සනීප වෙන එකනේ .... සල්ලිකාරයා A/C කාමරක සුවපහසු සයනයක ඉන්න පුළුවන් , දිළින්දා රජයේ රෝහලක නොයෙකුත් දුර්ගන්ධ ආශ්වාස කරමින් සයනයක , නැත්තම් බංකුවක එහෙමත් නැත්තම් පැදුරක් දාගෙන බිම සිටියත් , ඔය දෙකොට්ටාෂයේම ජිවිත තියෙන්නේ දොස්තරලගේ අතේ . සල්ලිකාරයාට ඕනෑම ගානක් ගෙවල දොස්තර කෙනෙක් ගෙන්නගන්න පුළුවන් , එත් , දිළින්දා ට එහෙම කරන්න බෑ . health ministry rules and regulation වලට අනුව වාට්ටුවේ වෛද්‍යවරයා ගන්න තීරණයට යටත් වෙන්න ඕනේ . ඔය දෙකොට්ටාෂයේම බිරින්දෑ වරු , දරුවෝ බාර හාර වෙමින් දෙවියන්ට කන්නලව් කරන්නේ තමන්ගේ ආදරණිය යා ඉක්මනිනි සනිපකරගෙන ගෙදර ගේන්න ගන්න ය . 

ඉතින් දහසකුත් ගිණි උසුලමින් ඒ අය සිටින විට වෛද්‍යවරු රෝගීන් ඇපයට තබාගෙන වර්ජනය කිරීම තමන් අදහන මොන ධර්මයටද එකග ....... ? වැඩවර්ජන අකුරට වැඩ මොනවා කරත් පුද්ගලික රෝහලේ තමන් භාරගත් රෝගියාට ප්‍රතිකාර නොකර සිටිනවා ද ? වෛද්‍යවරු න් ට ප්‍රශ්න තිබෙනවා නම් මාසෙකට රුපියල් විසිපන්දහසක් ගන්න රජයේ හා පුද්ගලික අංශයේ සේවකයෙක් ට කොච්චරනම් ප්‍රශ්න තියෙනවද ..... ? 

තම තමන් අදහන ධර්මයේ නාමයෙන් වෛද්‍යවරු රෝගීන් දෙස සානුකම්පිතව බැලිය යුතුයි ." 


Monday, January 15, 2018

මම උගත් හෝ......... ඔවුන් උගත් පාඩම් !



මේ ලගදී දවසක මාතලේ සිට කුරුණෑගල හරහා පිළියන්දලට යන අතරමග රිදීගම හරියේදී පාර මැදට පැන මගේ රථය නවත්වා ගත් රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් එක් නිලධාරියෙකු මගේ පැත්තට පැමිණ එබිකම් කර ,

රථවාහන පොලිස් නිලධාරී - මහත්තයා කරුණා කරල වහනයෙනේ බහින්න ලයිසන් ඉන්ෂුරන්ස් එක්ක.

මම - මෙන්න ඔබතුමා ඉල්ලුව ඔක්කොම . කියා මම ඒ ඉල්ලුව සියල්ලක් ගෙනහැර පාවෙමි .

රථවාහන පොලිස් නිලධාරී - හොදයි මහත්තයා . ඔබතුමා වැරද්දක් කරා ඔබතුමා ඒක දන්නවද ?

මම - මම දැන ගෙන වැරදි කරන කෙනෙක් නෙවෙයි . මම දන්නේ නෑ මම වැරද්දක් කරපු බව . හැබැයි මම වැරද්දක් කරලා තියෙනවනම් ඔබතුමා දෙන දඩුවමක් භාරගන්න මම දෙපාරක් හිතන්නේ නෑ . සිනහමුසු මුහුණින් මම පැවසුවෙමි .

රථවාහන පොලිස් නිලධාරී - හරි මහත්තයා , මහත්තයා යන්න . හැබැයි මට එක ප්‍රශ්නයක් අහන්න පුලුවන්ද ?

මම - ඔව් , ඕනැම දෙයක් .

රථවාහන පොලිස් නිලධාරී - ඇයි මහත්තයා අපි අත් දැම්ම තැනම නැවැත්තුවේ . අනිත් එක මේවගේ වාහන වල යන මහත්තුරු වගේ ලොකු කථා නොකිය හිටියේ . මගේ මාමා අර ඇමති , මම අර නිලධාරියා , මම අතන සභාපති , ඔයවගේ කථා .

මම - මට කරන්න කියන්න පෙන්නන්න ලොකු කම් නෑ . මම සාමාන්‍ය මනුස්සයෙක් .

රථවාහන පොලිස් නිලධාරී - සාමාන්‍ය මනුස්සයෙක් ට මේවගේ වාහන නෑ නේ මහත්තයා . (සිනහා)

මම - ඒ කියන්නේ රාළහාමි මේවා පදින ඔක්කොම වගේ අසාමාන්‍ය ය ද ? (සිනහා)

රථවාහන පොලිස් නිලධාරී - සමාවෙන්න මහත්තයා , ඔබතුමාගේ වේලාව නාස්ති කරා නම් . මේ වාහන වල යන ගොඩක් ය හොද මිනිස්සු නෙවෙයි . මොකක් හරිම කොස්සක් තියෙනවා . එකයි .....  ඔබතුමාගෙන් මාත් දෙයක් ඉගෙන ගත්තා .

මම - මේ වාහනේ අරගෙන මාස 8 යි . අද තමයි මුලින් ම පොලිසියෙන් නැවැත්තුවේ .

රථවාහන පොලිස් නිලධාරී - හොදයි මහත්තයා යන්න .

මම - බොහොම ස්තුති !

මෙය මෙසේ ලියන්නේ පොලිස් නිලධාරීන් සතුව පවතින මානසික මට්ටම් ගැන ඔබට සිතන්නට යමක් එකතු කරන්නට ය . ශ්‍රිලන්කිකයන් වශයෙන් අපි සැවොම නුතනයේ යම් යම් මට්ටම් , තල වල සිටින වහලුන් යැයි කිවොත් පහල කොමෙන්ටු තීරයේ ඔබ සැවොම මා පතුරු ගැසීමට පුළුවන් බව මම හොදාකාරවම දනිමි . එහෙත් මම මෙය ලිවිය යුතු මය .

අවසන් කරන්නට මත්තෙන් රබුක්කන මහනුවර දුම්රිය මාර්ගය තැනූ ප්‍රධාන එන්ජිනේරු තැන තම නිල ලොග් පොතේ සටහන් කර සටහනක් මෙසේ ගෙන හැර පාමි.


"මම මගේ මව්බිම ඇතුළු රටවල් 5 ක වසර 46 පුරා දුම්රිය මාර්ග ආරම්හ කිරීමට දායක වූ වෙක් මී . මුල්වරට දුම්රියක් දැක එය පන්සයකටවත් මායිම් නොකර මිනිසුන් මම දුටුවේ සිලෝන් වලදී පමණි . තම කුබුර උඩින් යන අභිමානයෙන් යන දුම්රියක් දෙසවත් හැරී හැරී නොබලා තම වැඩය කරන මිනිසුන් මම දුටුවේ සිලෝන් වලදී පමණි. " .

Thursday, January 11, 2018

මම රැවටුනා



මට කෙලවෙලා ගියේ
විශ්වාස කරපු නිසා
මිනිස්සු

උබ තේරුම් ගනිං
මේක
කෙළවෙන්න කලින් උබට

හැමෝම උන් තනියම
ආතල් පස්සේ
යද්දී

අපි ගියේ
හැමෝ එක්කම මිසක්
තනියම නෙවේ

කෙළවෙන බව
දැන දැනත්
උදව් කලේ

හිතන්න එපා
උබ
මම රැවටුනා කියල

දන්නවා මචං හැරෙද්දී කවුරුහරි
ඕන උනේ නෑ
අනින්න උබේ පපුවට

කමක් නෑ මේ උබේ හැටි
දන්නවා මචං හොදට
කෙලවෙන්නේ නෑ ආයේ

උබල ගියේ සල්ලි පස්සේ
එකතු කලේ සල්ලි
අපි හිටියේ මිනිස්සු එක්ක

අපිට ඉන්නවා බං මිනිස්සු
දැනගෙන හිටපං මේක
මමත් දැනගෙන ගොඩක් කල්

උබ රැගුවට බිහිශනේ
පිරිලා උබේ හිතේ
රැගුවට නෑ උන් අත්පුඩි ගහන්න වටේ

තොපි වගේ
රැවටිලි කාර හැත්ත
පිරිලා වටේ

අපිනම් දන්නවා මොස්තරේ
අදවත් ඉගෙන ගනින් සාත්තරේ
කොහොමද මිනිසුන්ට කරන්නේ ආආආආදරේ

හොරෙන් දැමූ පාටිය ඩිෂාන් සහ ඔහුගේ බිරිද ගේ හදිසි ලංකා ආගමනය සමගින් තවම මතක හන්තාන

පහුගිය දොහක සති අන්තයේදී ඩිෂාන් සහ ඔහුගේ බිරිද හදිසියේ ලංකාවට පැමිණෙන බවත් දවස් විසිඑකක් ලංකාවේ රැදී සිටින බවත් කෝල් කර දැනුම් දී සිටිය...