Monday, January 22, 2018

අළුත් බෝතල් වල පරණ වයින් බීම.



ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක කන්න ක්‍රමයට මේ රට පාලනය කරයි.

එකෙක් මහ කන්නය වගා කලහොත් , අනිකා කෙසේ හෝ දගලන්නේ යල කන්නය ගොඩ දා ගැනීමටය.

ඇතැම් විට කන්න කිහිපයක් එක දිගටම ගොඩ දා ගැනීමද , අපේ ප්‍රධාන පක්ෂ දෙක පුරුද්දට ගෙන තිබේ.

එහෙත් අවසානයේ ජනතාවට උරුම වන්නේ , අළුත් බෝතල් වල පරණ වයින් බීමටය.

කුමන පක්ෂය කුමන අවස්ථාවේ බලයට පැමිනියද , ක්‍රියාත්මක වන්නේ ධනවාදී ගෝචර එකම ආර්ථික ප්‍රතිපත්තියකි.

ජේ ආර් ජයවර්ධනගේ සිට ප්‍රේමදාස , චන්ද්‍රිකා , රනිල් , මහින්ද සහ මෛත්‍රී රනිල් සුසංයෝගය දක්වාම අපේ රටේ ආර්ථික ක්‍රමය වෙනස් වූයේ නැත.

පොඩි එකා ගොඩයන ලොකු ඒකාගේ ගොඩ අඩුවෙන , ක්‍රමයක් කවදාවත් එන පාටක් නැත.

පොඩි එකා හැමදාම එකම තැන , ටික ටික එහාට මෙහාට වී සිත සනසා ගනී.

එසේනම් ලංකාවේ වෙනස් අර්ථ ක්‍රමයක් සදහා විකල්පය කුමක්ද ?

1994 මැතිවරණයේ සිට ලංකාවේ තුන්වන බලවේගය ලෙස පෙරට එන්නේ ජනතා විමුක්ති පෙරමුණයි.

විවිද හැලහැප්පීම් වලට ලක්වූ ජවිපෙ ,ඉකුත් වසර කිහිපය තුල අභ්‍යන්තර දේශපාලන හැසිරීම පිළිබද සලකා බැලීමේදී , ඒත් වැඩි වෙනසක් ඇතැයි බලාපොරොත්තු විය නොහැක.

නන්දන ගුණතිලකගෙන් ආරම්භ වූ සෝද පාළුව , විමල් වීරවංශ සුනාමික් කල අතර , අවසානයේ පක්ෂ නායකයා පවා මිය යන විට සිටියේ වෙනත් පක්ෂයකය.

ධනවාදී පාලකයින්ගේ කොප් කමිටුවල පුටු රත් කරමින්, උපදේශක කාරක සභා වලට වී ධනවාදී පාලකයින්ට ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිවැරදි කර ගැනීම සදහා ප්‍රබල සාක්ෂියක් වී ජවිපෙ යන්නේ කොතනටදැයි සැබවින්ම ප්‍රශ්නාර්ථයකි.

අද ජනතාවට වෙන අසාධාරණයක් පිළීබද මාධ්‍ය ප්‍රශ්න කල විට රජය පවසන්නේ,

"අප විනිවිද භාවයෙන් යුක්තයි, ජවිපෙ කෝප් කමිටුවෙත් ඉන්නව , උපදේශක කාරක සභාවෙත් ඉන්නව , ඔවුනද මේක අනුමත කලා" යනුවෙනි.

ධනවාදී පාලකයා ඉතා පහසුවෙන් වම ගොඩදාගෙන තිබේ.



එදා විජේවීරලා සහ ලක්ෂ ගානක් තරුණයෝ දැගලුවේ මේ ටික කර ගන්නටදැයි ඇත්තටම ගැටළුවකි.

තුන්වන බලවේගයක් ලෙස ජවිපෙ කාර්යභාරය මෙපමනද ?

කෝප් කමිටු, උපදේශක කාරක සභා, උද්ඝෝෂණ, පෝස්ටර් සහ මාධ්‍ය හමු වලට අමතරව වෙනත් දෙයක් කිරීම මගහැරී තිබෙනවා නොවේද?

සැබෑ වම කොතනද ?

ජවිපෙ ට එය මගහැරී ඇත.



පවතින ධනවාදී පාලකයින් පලවා හැරීමට නම්, මේ ටික පමනක් ප්‍රමානවත්ද ?

එසේනම් ධනවාදය පලවා හැර , සැබෑ වමක් වෙත රට තල්ලු කිරීමට මීට වඩා යමක් කල යුතුව ඇත.

එසේ නොමැතිනම් තුන්වන බලවේගයක් ලෙස ජවිපෙන් ජනතාවට ඇතිවන සෙතක් නැත.

ජවිපෙ පවතින්නේ මෙලෙස නම් අප විකල්ප බලවේගයක් වෙත යොමු විය යුතු සුදුසුම කාලය මෙය නොවේද?

                                                             -අපි වෙනස්-

*** ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගත් අතර එහි අයිතිය මුල් හිමිකරුවන් සතුය . 

20 comments:

  1. සැබෑ වම?

    මට නම් හිතෙන්නේ ජේවීපී එකේ ඉන්න 'හොඳ මිනිස්සු' ටිකත් අනිත් පක්ෂවල ඉන්න ප්‍රගතිශීලි සෙට් එකත් එකතුවෙලා මේ මහා පක්ෂ දෙකෙන් එහෙක බලය අල්ලලා රටේ පාලනය ගන්න උත්සහයක් ගත්තනම් හොඳයි කියල..(2005 දී යම් තරමකට උනා වගේ) රට හදන්න නම් මිනිස්සු හදන්න ඕනි.. මිනිස්සු හදන්න නම් රට හදන්න ඕනි.. :)

    ReplyDelete
    Replies
    1. සැබෑ වම?මම දන්නා තරමින් "සැබෑ වම" ලංකාවේ නැහැ .

      2005 යම් තරමකට උණා වගේ ඉස්සරහට යන්න තිබ්බා . ඒත් උනේ එක නෙවෙයි . එන්න එන්නම බහින කලාව පේන්න තිබ්බේ .

      ඔව් කල්‍යාණ මිත්‍ර. ඔබ කියූ විදියට , "රට හදන්න නම් මිනිස්සු හදන්න ඕනි.. මිනිස්සු හදන්න නම් රට හදන්න ඕනි." මේක තමයි වෙන්න ඕනේ . මිනිස්සුන්ගේ ආකල්ප දියුණු නොකර සංවර්ධනය ගැන කතා කරන එක අපරාධයක් .

      Delete
  2. හලෝ කලන. හැලපෙගෙ සයිට් එකෙං දැකල ආවෙ.

    මාත් කාලයක් ජවිපෙ උන්න. අන්තිමේ තේරුනා ඒ අයත් වමට සිග්නල් දාල දකුණෙ යන වාහන පස්සෙ යන්නෙ කියල. පස්සෙ මං හිතාගත්ත ඇත්තටම දකුණට යන අය එක්ක යන්න.

    ReplyDelete
    Replies
    1. තුති වේවා ඩ්‍රැකී මේ පැත්තට ආවට . කොමෙන්ටුවට

      "ඒ අයත් වමට සිග්නල් දාල දකුණෙ යන වාහන පස්සෙ යන්නෙ"

      ඇත්තටම ජවිපෙ ට වෙලා තියෙන්නේ ඕක තමයි .

      Delete
  3. yako JVP nisa tamai ada me thtwenhari rat thiyenne

    ReplyDelete
    Replies
    1. ජවිපෙ නිසා තමයි කිව්වේ , අද ජවිපෙ ද එදා ජවිපෙ ද ?

      Delete
  4. සැබෑ වම තිබ්බේ හැට ගණන් වලය...ඒ වම වලට ගෙනිච්චේ විජේවීර මිස අනෙකෙක් නෙවේය ..වාමාංශික ව්‍යාපාරය තුල එදා සිට අද දක්වා නොවිකිණුනු එකම චරිතය වික්‍රමබාහු පමණක්මය.
    Neo liberal ඉකොනොමියකින් හැර මෙරට ගොඩ ගත නොහැකි බැව් මගේ පුද්ගලික මතයය.

    ReplyDelete
    Replies
    1. ඔව් කොච්චි , ඔයා මේ සංවාදය නියම තැනට ගෙනාව .

      ඇත්තටම neoliberalism ලංකාවට ආදේශ කරන්න පුළුවන් නම් රට දියුණු කරන්න ගොඩක් පහසු වෙයි .

      විශේෂයෙන් නිදහසේ වෙලඳපොලේ ක්රියාකාරිත්වය කෙරෙහි රජයේ මැදිහත්වීම් සීමා කිරීම මගින් පෞද්ගලික අංශයට එහි නිදහසේ උපරිම බලය හිමි වෙනවා.

      ඒත් ,

      (රජයේ, දේශපාලනය සහ රාජ්ය තාන්ත්රිකත්වය) නිදහස් වෙළඳාම, පුද්ගලීකරනය, ව්යාපාර සදහා අවම රජයේ මැදිහත්වීම, සමාජ සේවා සඳහා පොදු වියදම් අඩු කිරීම, නවීන දේශපාලන ආර්ථික ආර්ථික න්යායක් උනත් ඒක ලංකාවට ඇප්ලයි කරන්න ගිහිං බලය නැති වෙයි කියල බලයට කෑදර දේශපාලකයෝ අනිවාර්යයෙන් ම හිතනවා.

      වෘත්තීය සමිති හා බදු මත මෙන් සාම්ප්රදායික රාජ්ය ප්රතිපත්ති වෙනස් කරන ලිබරල්වාදය මධ්යස්ථ ආකාරයක් කියන්න පුළුවන් .(විසිවන සියවසේ පැවති තත්වයන් තුල සාම්ප්රදායික ලිබරල්වාදය වෙනස් කරන ව්යාපාරයකි).

      ලෝකයේ 1960 ගනන්වල ආරම්භ වූ දේශපාලන දිශාවනතිය ආර්ථික වර්ධනය මත අවධාරණය කරමින් ලිබරල් දේශපාලන දර්ශනය මනාව සංසන්දනය කරොත් අපේ රටේ දියුණුවට ගොඩක් දේ ඈ දාගන්න පුළුවන් කියල මම පුද්ගලිකව හිතන දෙයක් .

      මම ප්රතිසංස්කරණය මගින් සමාජ ප්රගතිය අනුමත කරන අතර විප්ලවය වෙනුවට මිස නීති වෙනස් කිරීමෙන් දේශපාලන දිශානතිය වෙනස් කරන්න පුළුවන් කියන මතයේ අදටත් ඉන්නේ .

      ***

      හැබැයි එදා 1977 ආචාර්ය වික්‍රමබාහුට තිබ්බ නව සමසමාජ වාදී කියල අලුත් පක්ෂයක් නොහදා පක්ෂය තුල ඉදන් වැඩ කරන්න .

      Delete
    2. Neoliberalism රට ඇතුලේ implement කරන්න උත්සාහ කරපු එකම ආණ්ඩුව 2001-2004.. ඒක fail උනා. දැන් රනිලුත් බයයි එතෙන්ට ගෙඩි පිටින් යන්න.ඒ නිසාම අවුරුදු 11 විපක්ෂයේ ඉන්න උනු නිසා.
      අපි ආයෙත් යන්නේ පස්සට..ජාතිකවාදය එක්ක මික්ස් වෙච්ච ආටෝප සමාජවාදය තියෙන කල් ලංකාව අඩියක් වත් ඉස්සරහට යන්නෙ නැහැ. මහින්ද හදපු නායක ප්‍රතිරූපය ඒ තරම් ප්‍රබලයි.. බලය තියා ගන්න නම් කොයි තරම් ගොන් කම් කරන්න ඕනද කියලා මේ ආණ්ඩුවට ඉගැන්නුවෙ මහින්ද..මුන් මහින්දට වඩා ටිකක් අඩුවෙන් ඒ ගොන් කම් එහෙම්ම කරනවා

      Delete
    3. මුන්ට මහින්ද වෙන්නත් බැහැ ... ඊට වෙනස් වෙන්නත් බයයි.

      Delete
    4. ඔව් . ඒ විදියටම ගොන්කම් තවම කරනවා . ඉස්සරහට හොදයි කියන්න පුළුවන් දෙයක් ඉතිරි වෙන එකක් නෑ .
      මහින්ද ට ඕනෑ උනේ කොයි විදියෙන් හරි බලය තියා ගන්න . ඒක ම තමයි මිනිස්සුන්ට වැරදුන තැනත් .

      Delete
  5. ඔව් . ඒ විදියටම ගොන්කම් තවම කරනවා . ඉස්සරහට හොදයි කියන්න පුළුවන් දෙයක් ඉතිරි වෙන එකක් නෑ .
    මහින්ද ට ඕනෑ උනේ කොයි විදියෙන් හරි බලය තියා ගන්න . ඒක ම තමයි මිනිස්සුන්ට වැරදුන තැනත් .

    ReplyDelete
  6. ඇත්ත ඒත් මට හිතෙන්නෙ පවතින ක්‍රමේ තුල එකම විකල්පය ජ.වි.පෙ කියලා....

    ReplyDelete
    Replies
    1. වම අසමත් වීම ප්‍රශ්නයේම කොටසක් රස්තා මල්ලී . :( :(

      Delete
    2. ජවිපෙ පූර්ණ සමාජවාදය කියන එකෙන් අපගමනය උනොත් හොඳයි

      Delete
    3. මේ ආණ්ඩුව කියන්නේම රාජ්‍යය හැකි තරම් දිය කරන බවත් වෙලදපොළ හැකිතරම් ශක්තිමත් කරන බවත් ය. සුභසාධන ආර්ථිකය හා සහනාධාර මත ගෙඩ නැගී ඇති සෙසු ක්ෂේත‍්‍ර අහෝසි කරන බවත්ය. දැනටමත් පොහොර සහනාධාරය වැනි දේවල් වලට කප්පාදු කර අවසන් කර ඇත්තේ මේ නිසාය. මේ ආර්ථික ප‍්‍රතිපත්තිය තනිකරම එල්ලකර තිබෙන්නේ සුභසාධන ආර්ථිකය නිමා කරමින් වෙළදපොල මගින් හසුරුවන ආර්ථිකයක් බවට රට පත් කිරීමය. රාජ්‍යය හැකිලවීමේ හා වෙළදපොලට සියල්ල යට කිරීමේ එජාපයේ මේ දේශපාලනය මාක්ස් කියු ආකාරයේ රාජ්‍යය දියකර හැරීමක් . මේ ‘කොළපාට වමෙන්’ ඇසෙන දිනය වැඩි ඈතක නොවන බව මගේ හැගීමය .

      Delete
  7. "දේශපාලනේ"ඈක්කා.......

    ReplyDelete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...