අදින් අවුරුදු ගණනකට එහෙමත් නැත්තම් වැඩි දුර ඉගෙනගන්න රැජිනගේ රටට ගිය මුල් අවුරුද්දේ සීතල දෙසැම්බරය ආයෙත් මේ ලගදී ආටියා ට මතක් වුනේ හිටි හැටියේම ලැබූනු එක්තරා දුරකථන ඇමතුමක් නිසා ය .
ඒ දෙසැම්බරයේ නිවාඩුව ඇත්තටම ආටියා ට කම්මේලි මෙන්ම වේදනා ගෙනදෙන්නක් වුයේ මිත්‍ර සමාගමය පවත්වන්නට කියා කවුරුන් හෝ මා සමග නොමැති වීම ය . හැමෝම වගේ නත්තලට ලෑස්ති වෙනකොට මම ලන්ඩනයටවී ඔහේ සිටියෙමි . විදී පුරා රස්තියාදු ගැසුවෙමි .නාට්‍ය බැලීමට ගියෙමි . ශේක්ෂ්පියර් ගේ ලිවීමි ගැන හොයන්නට පටන්ගත්තෙමි. සමහර දිනවල නොගිය පැති වලට E (පහල පන්තිය - ලංකාවේදී නම් 3වන පංතිය) පංතියේ ටිකට් රැගෙන් දුම්රියෙන් ගමන් කලෙමි .ඒ ඒ නගර ගම් වල අත්දැකීම් තනිව වින්දෙමි . මිල අඩු ආහාර ඇති බාල අවන්හල් සොයා ගියෙමි. දුම්රියෙන් යද්දී , කවුළුවෙන් ඈත බලා ගෙන කල්පනා කරද්දී මොකක්දෝ ලොකු හිස් කමක් ජිවිතයේ ඇති බව එදා මට වැටහී ගියේය .
නිවාඩුවට ලංකාවට යන්නට මුදල් ඉල්ලන ගෙදරට කරදර කරන්නට අකමැති වූ ආටියා , ගෙදරට කීවේ ඉගෙනීම පාඩු වන නිසා එන්නට බැරිය කියා ය . එහෙත් ඒ දෙසැම්බරයේ ආටියා කර ඉගෙනීමක් නම් නැතුවා මය . කරේ නිදහසේ තනිව රස්තියාදුවේ යා ම ය . ඔය කියූ සීතල දෙසැම්බරය ආතල් පහට තනිව ගෙවා දැමූ ආටියා ට හදිසියේ ම කථා කරන්නේ රෝසි අක්කා ය . රෝසි අක්කා කවුද කියා දැනටමත් ඔහෙලා මේ පොස්ට් දෙකෙන් ම දැනගත් නිසා ආයේ ලියා මේ බ්ලොගය පල්හෑල්ලක් කරගන්න ආටියා අකමැති ය . ඉතිං දුරකතනයෙන් ඇමතු ඇය කියන්නේ තනිව ඉන්න කම්මැලි කියා ය .
" අනේ ,,, මල්ලී ඔයා එන්නකෝ මෙහෙ " යන ආ දී වශයෙනි . අවසානයේ මම එහි ගියේ දවසක් හෝ දෙකක් ඉන්නට රෙදි කඩමලු තුනහතරක් සහිත බෑගයක් සමගින් ය . මා නැවතී සිටි තැන සිට පැය හතරහමාරක දුම්රිය ගමනකින් පසු ඇය සිටි තැනට එන්නට පුළුවන් විය . රෝසි අක්කා මා පිළිගැනීමට දුම්රිය පොලට පැමිණීම මට එදා මහත් අස්වැසිල්ලක් විය . ඒ මක් නිසාද යත් එදා මම එරට ගැන දුර්වල අවබෝධයකින් පසු වූ බැවින් ය . අක්කා විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිටි නිසා ඇය වෙනම කුඩා කාමරයක් කුලියට ගෙන විශ්වවිද්‍යාලය අසලම නවාතැන් ගෙන සිටියා ය . එදා ලංකාවෙන් ගියාට පසු ඇය පළමු වර දුටුවේ එදා ය .
ඇය සමග මා ආගිය විස්තර කථාකරමින් නොදනීම ඇයසිටින තැනට ආවෙමු . බැලු බැල්මටම එය දෙදෙනෙකුට ප්‍රමානවත් නොවන බව මට වැටහීගිය අතර මම ඒ බවක් ඇයට නොපෙන්නුවෙමි . සැනසීමකට ඇත්තේ එම කුඩා ඉඩේ වූ පිළිවෙල ය .
ආටියා එදත් අදත් පිළිවෙලට කැමති අතර එහි ඉන්නට හිතදුන්නේ ඒ පිළිවෙල නිසා ය. අක්කා සාදා දුන් කොපි කෝප්පය පානය කර මට ,
" වොෂ් ඒකක් දාගෙන රිලක්ස් වෙන්න මල්ලි " ..... " ලංකාවේ වගේ ප්‍රයිවසි ඉශු එකක් මෙහෙ නෑ ... නේ . , අපිට කැමති විදියට ඉන්න පුළුවන් .. හොයන්න කවුරුවත් නෑ , කාටවත් අපි ගැන වැඩකුත් නෑ " යනුවෙන් කිවාය . මම ද සිනා සී හිස සලා ඇයගේ කතාවට එකග වීමි . ඇග සෝදා ගැනීමට නානකමරයට වැදී මට සිතුනේ අක්කා යමක් නොකියා කියූ බවය . කෙසේ වෙතත් එදා මෙවන් හැගීමක් මගේ සිතට ආවේ එදා මගේ මනසේ කැරකෙමින් තිබුන පාළුව තනිකම නිසා වන්නට ඇත. පසුව ඇය විසින්සුදානම් කර තිබු සුළු දවල් කැමත් රැගෙන ටික වෙලාවකට පසු අපි දෙදෙනා එළියේ ඇවිදින්නට ගියෙමු .
අපි දෙන්නා අරමුණක් නැතිව සීතලේ ඇවිද ගෙන ගියෙමු . ඇය ගේ නොනවත්වා කරන කථා ගමනට ඉනිමගක් විය .
"දැන්වත් කියන්න .... ඔයා ට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා නේද" කියා ඇය විමසුවේ පොල්ලෙන් ගහන්නට වාගේ ය .
"නෑ අක්කි . තවම නෑ.."
"ආර් යූ සීරියස් ? "
" යේස් ටුබී හොනෙස්ට්"
" වාව් ... කාන්ට්බිලීව්"
"වයි? වාව් " මම පෙරලා අසීමි .
ඇය ලජ්ජාවෙන් මිරිකී ගිය අතර මුහුණ රතු විය .
" නෝ මෙන් ,,, ජස්ට් " කියා උත්තරය මග හැරියා ය .
ඔයා ට අක්කි ?
" ඉන්නවා "
"කොහොමද එයා ? "
" He's Such a Nice Man, But He's so. Boring "
" ලංකාවේ කෙනෙක් ද ? "
" නෑ , ෆ්රාන්ස් වල "
" කෝ එයා දැන් ? "
" හොලිඩේ ගිහිල්ලා "
" ඔයා ගියේ නැත්තේ ඇයි "
" ඉන්වයිට් නොකර යන්න බෑ නේ"
" හ්ම්ම් "
ඔය ටිකෙන් ම අක්කා දැන් ඉන්න තත්වය තේරුම් ගැනීමට මට පුළුවන් විය . මේ මුසල සීත දෙසැම්බරයේ අක්කා සහ මම සෙව්වේ එක දෙයක් බව මට වැටහෙන්නට වැඩි වෙලාවක් නොගියේ ය . එහෙත් මා විදින්නට ප්‍රිය කරන දෙය ඇය සමග විදෙන්නට මම ආසා නොකලෙමි .ඕනෑම පිරිමියෙක් දෙපාරක් බලනා ආකාරයේ අතිශය රූමත් වූ ඇය කෙරෙහි මාගේ තිබුනේ අක්කා යන හැගීමක් පමණක් මය . එහෙත් ඇය මා කෙරෙහි කොහොම ගණන් හදා ගෙන ඉන්නවාද කියා මම දන්නේ නැති ය .
එදා ග්‍රේට් වෙස්ටන් වලදී මෙන්ම ඇය කිසිදු චකිතයකින් තොරව මගේ උරහිසේ ඇගේ හිස තියා මට තුරුලුවී පාරේ ගමන් කලේ අපි පෙම්වතුන් විලසින්ය . මමද ඇයගේ හැගීම් වලට ගරු කරමින් ඇයත් සමග ඔහේ ඇවිද ගෙන ගියෙමි . විටෙක මුහුණට වැටෙන කුඩා හිම කැට මුහුණ කිස්කන්නට තරම් සීතලය . ඔය අතර මට හිතුනේ මේ දෙසැම්බරය දෙකෙන් එකක් අප අතර සිදු කිරිම සදහා උදාවුවක් බව ය .
රාත්‍රී අදුරත් සමග නිවසට පැමිණි අප දෙදෙනා එකතු වී රෑ කෑම හදන්නට පටන් ගත්තෙමු . පසුව ඇයත් සමගම රාත්‍රී ආහාරය ලබා ගෙන අප දෙදෙනා ටික වෙලාවක් ආගිය විස්තර කතා කරමින් සිටියෙමු . ඔය අතර අක්කා ගේ ප්‍රංශ පෙම්වතා ගැන විස්තර ද මම විමසුවෙමි . අක්කා ඔවුන් දෙදෙනා ට අදාල පුද්ගලික දේ පවා මා සමග කියූ අතර ඔවුන් දෙදෙනා ගේ ප්‍රේමය බොහොම දුරක් ගොස් ඇති එකක් බව මට වැටහී ගියේ ය .
කොහොමින් කොහොමින් හරි අක්කා ගේ සහ මගේ ආගිය කථා සාගරයේ එහා ඉමට පැමිණෙන්නට අපට වරම් දුන්නේ මට දරාගන්නට තරම් නොහැකි වූ නිදි මතය .
“I’m gonna sleep අක්කි" . මම කොට්ටයත් බ්ලැන්කට් එකත් රැගෙන අසල තිබුන සෝෆාව වෙත යද්දී .....
"පිස්සු හැදී ගෙන එනවද ? එනවා මාත් එක්ක නිදාගන්න "
"මම ඔයා ව කන්නේ නෑ නේ"
"Okay then"
"You so bad මල්ලී"
කෑගහන්න එපා . දැන් ආවනේ.
මම පසෙකින් නිදාගැනීමට පැමිණි අතර බලාපොරොත්තු රහිත මොහොතේ ඇය මගේ වම් අතින් ඇද ඇය වෙත මා ඈදාගත්තා ය .
ඇයට අවැසි ඕනෑම දෙයක් කරන්නට දී මම ඇයට මුල්තැන දුනෙමි .ඇයට ද ඇයට ඇවැසි දේ ඉතා රෝමාන්තික අයුරෙන් සිදු කර අතර මම සිටින්නේ මොන ලෝකයේද කියා මට ම අමතක විය . අවසානයේ දී ඒ ශීතල රාත්‍රියේ දී ඇය මගේම විය.
'Oh God, Wow' thank you so much මල්ලි.