Tuesday, October 31, 2017

Romance Valley

Romance Valley




"මේ ඔයා කීයටද එන්නේ මාව ගන්න"

"මම තාම ඔෆිස් එකේ , ගෙදර ගිහිං wash එකක් ගෙන එන්නම් "

" අනේ ,.... ඔයා තාම ඔෆිස් ද අනේ ... "

"හරි හරි මම ඉක්මනට එන්නම් කෝ "

කොහොමාරි මම හැව්ලොක් සිටි එකට ගිහිං Andrea ට එන්න පහලට කියද්දී වෙලාව හවස තුනට විතර ඇති .


"ඔයා හරි නරකයි ... බලන්න මම කොච්චර වෙලාවක් බලන් හිටියද කියල"

 " I'm sorry for the delay "

" හ්ම්ම්ම්  It's Okay."

"මෙච්චර ඇදුම් මොකද්ද , පදිංචි වෙන්න වගේ "

" ඇයි , කැමති නැද්ද ? " සිනහවක් සහිතව කෙලිලොල් තරහවක් බොරුවට මෙන් පෙන්නා Andrea කීවාය .

"ඔයා හරි නරකයි , හැමදාම ඔහොමම තමයි "

" හරි හරි ... දැන් මම සොරි කිව්වනේ ....... "

මගේ ජීප් රිය තරමක වේගයෙන් හයිලෙවල් පාරේ ඉදිරියට යයි.

කොට කලිසමකින් සහ ස්කිනි එකකින් සැරසී පැමිණි ඇගේ කකුල් දෙක වාහනයේ ඩෑෂ් බෝඩ් එක උඩට වෙන්නට තබාගෙන දුරකතනයෙන් මොනවදෝ ටයිප් කරයි.

" හස්බන්ඩ් අහනවා ඔයා අවද කියල "

"මම කිව්වා ආව කියල "

"ඇයි කිව්වේ නැද්ද මම පරක්කු උනා කියල " මම පෙරලා ඇසුවෙමි .

" මම කියන්න ඉස්සර එයා ම ඇහුව , දන්නවනේ යාළුවගේ හැටි "  කියා සරදම් සිනාවක් පැ ඇය "දැන් අපි මේ කොහෙද යන්නේ ? "

" ගිහාම බලන්නකෝ "

දෙදෙනාම නිහඩ වූ අතර මම රථය පදවන්නට වීමි . ඇය ඇගේ ජංගම දුරකතනයෙන් මොනවදෝ කරන අතර ඇතැම් විට තනිවම සිනා සෙයි .

මොහොතකින් ඇය මා දෙස බලා "ඇයි ඔයා මැරී කරන්නේ නැත්තේ " ඇගේ සුපුරුදු ප්‍රශ්නය නැවත ඇසුවා ය ,

"ඔයාට මම කිව්වනේ මම කවදාවත් මැරී කරන්නේ නෑ කියල "

 "crazy"  කියා ඇය නිහඩ වී මොහොතකින් නැවත ඇසුවේ , " හැමදාම ඔහොම ඉන්නද හිතන්නේ " යනුවෙනි .

" හ්ම් , dnt  know " ලෙස කියා නිහඩ වුනෙමි .

******************************************************************************

රෑ අදුරත් සමග බෙරගල ට ලගා වන විට රාත්‍රී 7 ට පමණ ඇත . "වාවූ ලස්සනයි නේද" කියා ඇ ඇසුවේ මගේ ඇස් දෙස බලමිනි . "ඔව් , මේ පැත්ත ලස්සනයි"
ඔය අතර මගේ suv රථය මහා මාර්ගයෙන් අතුරු මාර්ගයකට හරවද්දී , එහි වූ පුවරුවක වුයේ "Romance Valley" ලෙස ය .

" oh , God ........ Romance Valley ?  අපි මෙහෙටද යන්නේ ,.

"Yes " සිනා සී පිළිතුරු දුනෙමි .

" I know you really well " ඇය කියද්දී මම

" is it " කියා ඇසුවෙමි .

" Yeahhh  " බර කර කියූ ඇය මග දෙපස නරබමින් සිටි බවක් මට වැටහී ගියේ ය .

"This could be Heaven or this could be Hell"  ලෙස ඇය සුප්‍රසිද්ධ හොටෙල් කැලිෆෝනියා ගීතයේ පද වැලක් මිමිනූවා ය .

අප දෙදෙනාම වහනයෙන් බැස අදාල විලා එකට ගියේ , ඉක්මනින් විවේක ගැනීමට ය .
රථය පැදවූ මට නැති මහන්සියක් ඇයට පෙන්නේනට තිබුන බැවින්  " relax " කියා කීවෙමි .

ඇය පිටව ගියේ ඉක්මනින් wash එකක් දාගෙන එන්නම් ය කියා ය .  මොහොතකින් පැමිණ ඇය අපගේ විලාවටම ඈදා තනා ඇති ස්විමින් පූල් එකට යායුතු බව පවසා පැමිණි අතර මටද ආරාධනා නොකර විධාන කරන්නාක් මෙන් එන්න එන්න යැයි කීවාය . මමද කෙටි වෂ් එකක් ඇතුලත් වූ නාන කාමරයෙන් දමා ස්විමින් පූල් එක අසලට යන විටත් ඇය පිහින පිහිනා සිටියා ය .
කොහොමත් ඇය නිවසේ උවද පැයක් දෙකක් ස්විමින් පූල් එකේ සිටින බව මම දනිමි .   ස්විමින් පූල් එකේ ටිකක් වෙලා පිහිනු මට පිටුපසින් එකවරම පැමිණි Andrea මගේ උරහිසේ එල්ලුනේ මට හිතන්නටවත් මොහොතක් නොදෙමිනි . පසුව ඇය මොහොතින් මගේ උරහිසේ ඇගේ හිස තියා ..... " තැන්ක් යු " කියා මුමුණනවා ය .

ඒ මොහොත අමුතුම හැගීමක් මා සිත ජනිත කරන්නට සමත් වූ අතර මම ඒ වගක් ඇයට නොපෙන්නුවා ය .  මිදුම අප වටා සිනිදු සේලයක් මෙන් දැවටී ගිය අතර ඇය තවතවත් මට තුරුළු විය .  ඇයට කිසිත් ගාණක් නැති සෙයකි . එක අතකින් ඇය විවාහක ය , අනෙක් අතට මගේ හොදම මිතුරා ගේ බිරිද ය . මගේ ද හොදම මිතුරියකි .

******************************************************************************

ඇයගේ තේරීම පරිදි රෑ කෑම ගත් අප උණුසුම් පානයකට මුල්තැනක් දුන්නේ පරිසරයේ වෙනස්වීමත් සමග විය යුතු ය . සවීස් රෙඩ් වයින් වලින් ආරම්හ කර ඈ අවසානය මාගේ Chivas Regal බෝතලයෙන් කෙලවර කරා ය . එහෙත් ඇයට වැඩි පාටක් පෙනෙන්නට නැති අතර ඇය හොද සිහියෙන් සිටියාය .

රාත්‍රී 11 පමණ වන තුරු නොයෙක් දේ කතා කර අප නිදා ගැනීමට යද්දී ඇය කුමක්දෝ දෙනෙතින් කියන වග මට වැටහිණි . අවසානයේ අප නින්දට බට අතර දුහුල් ඇදුමකින් සැරසුණු ඈ මගේ නිරුවත් ලය මත ඇගේ හිස තබා සෙමින් මුමුන්නනට වුයේ " love this sound " ලෙස ය . ඒ මගේ පපුව ගැස්සෙන රිද්මයට ඇය අසා කරා ය යන වග ය . නින්දේ දී ඇ මට තව තවත් තුරුළු වූ අතර සෙමින් මගේ දෙතොල් සිප ගන්නට විය .

ඈත අහසේ තරු එකිනෙක පරයමින් දැල්වෙන්නට වූ අතර මිදුම ඇතැම් විට තරු වසා ගන්නට තරම් ඝන විය.

"give me one chance ප්ලීස් ".   ඇය , එසේ කියන්නට යද්දී  අර කියූ තරු නැවත දිලි දිලෙන්නට විය .


                                                                         ....




Monday, October 30, 2017

රැඩිකල්

"රැඩිකල්"





කොහොමත් කාලයත් එක්ක සමාජ ක්‍රමයේ , චින්තනයේ වෙනස්කම් ඇති වෙනවා . සමහර වෙනස්කම් "රැඩිකල්" කියන කුලකයට දාන්නත් බෑ .

"රැඩිකල් චින්තනයක් " සමහර වෙලාවට පෙරදිග මාණයකින් බැලුවොත් එක "පටිසෝතගාමී චින්තනයක්" වෙනවා . ඕක සංකීරණව හිතන්න , හිතලා වැඩක් වෙයිද කියන්න අමාරුයි . මොකද ඉස්සර ඉදන් අද වෙනකොට සමාජ ක්‍රමය වෙනස පෙන්න තියෙනවනේ .  සතුටයි සල්ලී ගලපගන්න උත්සහ කරන්න මේ කාලේ නිවහල් වූ සිතුවිල්ලකට ඉඩක් කොහෙත්ම නෑ . උපකුලක සංස්කෘතියෙන් එහා මානයක කටයුතු කරන්න පුලුවන්නම් එක තමයි මේ යුගයේ කරන්න පුළුවන් ලොකුම හපන්කම .

එක වෙලාවකට ඒක "පටිසෝතගාමී චින්තනයක්" වෙන්නත් පුළුවන් .

Friday, October 27, 2017

බාස්කට් බෝල්,පොලිස් හෙල්ප් සහ තාත්තා

බාස්කට් බෝල් , පොලිස් හෙල්ප් සහ තාත්තා  . 


ඒ කාලය හරියටම මා සා.පෙළ අවසන් ව ප්‍රතිපල එනතෙක් විනෝදමත් ව ගතකල කාලයයි . ඒ වන විටත්  පාසල් බාස්කට් බෝල් කණ්ඩායමේ ක්‍රීඩා කර අතර ජාතික මට්ටමේ තරග රැසකටද සහභාගී වී සිටියෙමි . මගේ උස අඩි 6 අගල් 3 වූ බැවින්ද , තරග තුල උපක්‍රමිකව කටයුතු කිරීම(ක්‍රීඩා විලාශය) හේතුවෙන් ද , ක්‍රීඩාවේ විණය ගැන අවධානයෙන් සිටි නිසාද කණ්ඩායමේ , ගුරුවරුන්ගේ මෙන්ම විශේෂයෙන් ශ්‍රීලංකා පොලිස් බාස්කට් බෝල් කණ්ඩායමේ ද යම් තාක් දුරට ඉහල පිළිගැනීමක් තිබුණ බව කියන්නට උවමනා ය .

ඉස්කෝලේ සා.පෙළ කරපු කොල්ලෙක්ට කොයින්ද පොලිස් බාස්කට් බෝල් කණ්ඩායමේ පිළිගැනීමක් , මුගේ බයිලා ද කොහෙද , සේ මගේ හිතවත් බ්ලොග් වාසීන්ට හිතෙන්නට පුළුවන් ය . එහෙත් මෙව්වා ඇත්තම ඇත්ත කතා ය . මැරෙන්නට පෙර ලියන්නේ කොයි මොහොතේ වැලිගම්පිටි යයී දැයි කියා ෂුවර් නැති නිසාම ය .

වසර කිහිපයක සිට නොකඩවා කොළබ පොලිස් පාර්ක් බාස්කට් බෝල් කොර්ට් එකේ තිබෙන තරග පාසැල් තරග වලට මෙන්ම පුහුණු සැසි වලට ගිය මා සහ අපේ කණ්ඩායම ගැන එකල පොලිසියේ බාස්කට් බෝල් කණ්ඩායම හොදින් දැන සිටියේ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණ රැසක් නිසා ය .පුහුණු සැසි වලදී අපට පුහුණු වීම් සිදු කරේ පොලිසියේ බාස්කට් බෝල් කණ්ඩායමෙ ම පුහුණු කරු ය . එකල ඔවුන් මා ඇමතුවේ P.W.C ආටිගල කියා මිසක් කලන කියා නම් නොවේ .P.W.C යනු  Prince of wales college හි කෙටි නම වන අතර ආටිගල යනු මගේ පෙළපත් නාමය ය .

එ කල පොලිසිය ජාත්‍යන්තර තරගාවලියකට පිටව යාමට මාසයකට පමණ පෙර පුහුණු සැසියකට මම එහි ගොස් සිටි විට පොලිසියේ බාස්කට් බෝල් කණ්ඩායමෙ පුහුණු කරු මා ගෙන් විමසුවේ "අපේ (පොලිසියේ)  practice session හැම සතියකම බදාදා සහ සිකුරාදා තියෙනවා , උබ හොද strategic player කෙනෙක් නිසා අපේ උන්ට උදව්වට එන්න පුලුවන්ද" "තව ඉස්කෝල කීපයක කීපදෙනෙක් එනවා" කියා ය . ඒ කාලය මා සා.පෙළ අවසන් ව ප්‍රතිපල එනතෙක් විනෝදමත් ව ගතකල කාලය වූ නිසා ද , එකපයින් මා "හොදයි සර් මම එන්නම් " යැයි කීවෙමි . පුහුණුව හවස 3 ට ආරම්හ වී රෑ 9 පමණ වනතෙක් පවතී අතර මුළු කාලයම ආතල් පහට ගෙවී ගියා . එකල මට පොලිසියේ බාස්කට් බෝල් කණ්ඩායමේ නායකයා ඔහුගේ අතිරේක play out time (තරග අවසානයේ අදින) අත් දිග ජර්සියක් තෑගි කිරීම අමතක නොවන්නක් වූ අතර ඔහු කියා සිටියේ "උබ හැම මගුලටම මේක අදින්න එපා" කියා ය . ඔහුගේ වචනයට ගරුකර මා (පොලිසියේ)  practice session වලට පැමිණීමේ දී සහ හවස යද්දී පමණක් මෙය ඇන්ද අතර වෙනත් කිසිම අවස්ථාවක නොඅදිමට වගබලා ගත්තේමි . බොහෝ අවස්ථා වල රෑ 9 ට යාමේදී ප්‍රවාහන පසහුකම් ගැටළුවක් වූ අතර අද මෙන් බස් කුරුල්ලන් මෙන් එකල නොතිබිණි . රෑ 9 බොහෝ වෙලාවට එලියට එන මට 9:30 ට පමණ එන හොරණ Ctb බසය එන තෙක් කට ඇර බලා සිටින්නට වුයේ හදිසියේ වත් එය අත්‍හැරුනොත් නැවත බසයක් තිබෙන්නේ 10:15 ට පමණ නීසා ය . 10:15 බසයේ ගියොත් පිළියන්දලින් අදින අන්තිම කහපොල බසය වන 10:25 අනිවා මිස් වෙන්නේ ය .

මේ පුහුණු කටයුතු හොදින් කෙරී ගිය අතර අවසාන දිනයේ කුඩා සාදයක් පැවැත්වූ අතර ඒ සදහා අපටද ආරාධනා කිරීමට ඔවුන් කාරුණික විය . සාදය අවසානය ඔවුන්ට තරගාවලියට සහ සංචාරය සුබපැතූ මා පාරට ගියේ ගෙදර යන්නට බසයක් අල්ලා ගැනීමට ය . 10:15 බසය මේ වනවිට පිළියන්දලත් පසුකර ඇති බව මට වැටහුනේ වෙලාව 11:20 කියා දැක්ක බැවින් ය . අවසනයයේ 11:40 ට පමණ අන්තිම හොරණ බසයට ගොඩවූ මා පිළියන්දලින් බහිදී මධ්‍යම රෑ 12:20 ට පමණ වෙන්නට ඇත . පිළියන්දලින් බැස්ස මට අවට පාලුවට ගිය බස් නැවතුමත් අතේ සල්ලි ඇති අය නැග යන ත්‍ර්විල් ද දැකගන්නට පුළුවන් විය . මේ වන වනවිට  පිළියන්දලින් අදින අන්තිම කහපොල බසය වන 10:25 ඩිපෝ වට ගොස් රියදුරු කොන්දොස්තර නින්දේ හීන බලනවා ඇත. දැන් පාරේ වහනයක් වත් නැත . පට්ට පාලුය . මා අතේ ත්‍ර්විල් එකක යන්නට මුදල් නැති නිසා නිවසට යන කිලෝමීටර 6 පයින් තරණය කිරීමට තීරණය කරෙ එකල ක්‍රීඩාවෙන් දහිරියත් පුහුණුවීම් වලින් ඇති ශක්තියත් නිසා ය . මේ අයුරින් මහපාරේ තනියම කළුවරේ යන මට වල් බල්ලන්ගේ පිළිගැනීම සහ ඇතැම් විට ගේම ඉල්ලගෙන පැමිණෙන බලු රංචුවක ලොකු සීන් බැලීමට ද සිදු විය . හිටපුගමන් පාරේ ගිය හැම වහනයක් වාගේ මම සිටින හරියෙන් වේගය තවත් වැඩිකර ගියේ විදුලියක් වාගේ ය .

ඔය අතර සුපුරුදු පරිදි කිලෝමීටර 3 පමණ යද්දී තවත් වහනයක් පැමිණි අතර වාහනය මා අසලට පැමිණ බ්රේක් ගහනවා ය .හැරී බැලින්නම් පොල් අකුරෙන් "පොලිස්" කියා ගසා තිබෙන පිළියන්දල පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ යන පොලිස් ජීප් එක ය . මට දෙලොව රත් විය . ඇද සිටින්නේ ඔවුන්ගේ නිල ජර්සියක් ය .   ඉස්සරහ සීට් එකේ නිලධාරියා මා දෙස බැලූ මොහොතේ ම මා ද ඔහු දෙස බැලුවෙමි . එවිට එකවරම ඔහු කිවේ "නැගපන් නැගපන්"  යන විධානය ය . රෑ කෑම පොලිසියෙන් ලැබෙන බවක් මට වැටහි ගිය අතර වචනයකුත් නොකියා ජීප් රථයට නැග්ගෙමි . දැන් ජීප් රථය යනවා ය ඉස්සරහ සිටි නිලධාරියා අහන්නේ "මල්ලි අද ප්‍රැක්ටිස් ද" කියා ය . මම "ඔව්" කීවෙමි . "උබ කොහෙද ඉන්නේ " ඇසුවේ අර කියූ නිලධාරියා වන අතර මම කිව්වේ "මඩපාත" කියා ය . "මොකද පරක්කු උනේ , පයින් එන්නේ නැතුව එහෙට ආවානම් මොකක් හරි සෙට් කරනවා නේ උබට යන්න " තවදුරටත් ඔහු කිවේය . මම සිනා සුනා පමණි . "ඉන්න අපි ගෙදරටම දැන්නම්" " කොයි පාරේ ද ඉන්නේ " මේ වචන මට අමා දහර වැනි විය . පපුව නැවත ක්‍රියාත්මක වන බව මට වැටහී ගියේ ඉන් අනතුරුව ය . ඉතිං ,   මම පාර කියූ පසු ජීප් රියනිවසටම පැමිණ ගේට්ටුව ඉදිරිපස නැවතී අතර එයින් බට මා ඉස්සරහ සීට් එකේ නිලධාරියා ට ස්තුති කර නිවාස අසලින් හරවා යන ඔවුන්ට අත වනා නිවසට එන්නට හැරුණි . අම්මා සහ තාත්තා කට ඇරගෙන බලා සිටිනවා ය ." තාත්තා අසන්නේ හෙට කීයටද පොලිසියට එන්න කිවේ " , "උන්ට අමු කැවිලද අල්ලාගත උන් ගෙදරට බස්සල යන්න" වැනි වූ වචන මෙන්ම අම්මා හඩමින් අසන්නේ "පුතේ මොකක්ද මේ කරගතේ " කියා ය " "පොලිස් පොතේ නම ලියවූනෝත් ඉතින් ඉස්කෝලේ කාලෙම වැඩක් නෑ " එසේ කියන්නේ ආදරණිය එහෙත් එවිට යක්ශාවේසයෙන් සිටි පියා ය .

ගත් කටටම මම කිව්වේ "මේ පොලිස් ටීම් එකේ ජර්සිය නිසා උන් හිතන්න ඇති මම පොලිසියේ කියල . උදව්වට ගේ ගාවටම ගෙනත් බැස්සුවේ" කියා ය . ඔය වචන සමග තාත්තා කියන්නේ "ඇත්ත කියපන් උබ පොලිසියත් රවට්ටුව නේද" කියාය . ඔහු එදා එසේ කියන්නට ඇත්තේ මගේ පෙර වැරදි ෆයිල් පිරිලා නිසා වෙන්නට ඇතිය . කෙසේ හෝ තෑග්ගට ලැබුණු පොලිස් ටීම් එකේ ජර්සිය ට පින් සිද්ධ වෙන්න කිලෝමීටර 6 ක ගමනෙන්  කිලෝමීටර 3 පමණක් පයින් එන්නට මට සිදු විය . ඔවුන්ගේ මුළු දෙබස් ඒ ආකාරයෙන් කීවද අම්මා සහ තාත්තා පිළිගන්නා බවක් නැතිය . දෙමාපියන් සිතන්නේ මම පොලිස් ඇසට වැලි ගසා රවටා ඔවුන්ගේම වහනයෙන් ගෙදර පැමිණි රටේ අන්ඩයෙක් කියා ය . රවුම් ගෙරවුම් මැද පොලිස් ටීම් එකේ ජර්සිය ට පින් සිදු වන්නට නා නිදාගන්නට මට හැකි විය .

එකල තාත්තා නීති ගරුක රාජ්‍ය සේවකයෙකු ලෙස සහ අපරාධ පරීක්ෂක නිලධාරියෙක් ලෙස සමුපකාර තොග වෙළද සංස්ථාවේ වැඩ කර අතර ඔහුගේ බලවත් අණ පරිදි ඔහුත් සමගම ගොස් පොලිස් ටීම් එකේ ජර්සිය නැවත පොලිසියේ බාස්කට් බෝල් කණ්ඩායමේ නායකයාට ම ගෙනත් භාර දෙන විට ඔහු කියා සිටියේ "මට මේක ආයේ එපා" කියා ය . එහෙත් තාත්තා ගේ බලවත් ඉලීම පරිදි ඔහු එය බාරගනිදී කිව්වේ මල්ලි ඒලෙවල් හොදට කරලා කැම්පස් ගිහින් පොලිසියේ ලොකු රෑන්ක් එකකටම එන්න , අනික ඔයාට උස සහ ඇගත් තියනවා නේ . ස්පොරෝර්ට් කරන එකත් ලොකු වාසියක් නේ . මට 100% විශ්වාසයි ඔයා ඒ දේ කරයි කියල " කියාය . ඇතැම් විට ඔහු තේරුම් ගන්නට ඇති මගේ හිතේ තිබුන වේදනාව මම පොලිස් ටීම් එකේ ජර්සිය බාර දෙන විට .

නැවත කිසිදිනක මා කොළබ පොලිස් පාර්ක් බාස්කට් බෝල් කොර්ට් එකට නොගිය අතර ඒලෙවල් අරම්බයත් සමග බාස්කට් බෝල් ක්‍රීඩාවට සදහටම සමු දුන්නේ දෙමාපිය අණ පරිදි ය . එදා මට උදාන වාක්‍ය කි පොලිසියේ බාස්කට් බෝල් කණ්ඩායමේ නායකයා පසු කලෙක වන්නි මානුෂිය මෙහෙයුමේදී ජීවිතය පුජා කරබව මට අසන්නට ලැබුනේ මම ඉන් බොහෝ කලකට පසු කොලබ හෝටලයක විවාහ උත්සව අවස්ථාවකදී පොලිසියේ ඉහල නිලධාරියෙකුගෙනි .

Thursday, October 26, 2017

පුංචි කාලේ රස කථා

පුංචි කාලේ රස කථා....



මගේ කුඩා අවධිය ගෙවී ගියේ කරපු තරමක් කරපු නොහොබිනා ක්‍රියා වලින් ය . එකල දෙමාපියන් රැකියාවට ගිය බැවින්ද පාසැල නිම වී නැවතුනේ අපේ නිවසට අල්ලපු නිවාස වන මගේ පියාගේ මහගෙදර ය . එහි වුයේ අච්චි අම්මා , චුටි බාප්පා සහ වැඩට සිටියා වූ සෝමා සහ මට වඩා අවුරුදු කිහිපයක් වැඩිමල් වූ ඇගේ එකම පුතු වූ අසංක ත් ය .

මොන්ටිසොරි (අංක 01) කියා මා දැමු තැන නිවසේ හවස daycare එකේ සිටි මම හවස් වී ගෙදර ආවේ වැඩ ඇරී එන අම්ම හෝ තාත්තා සමගය . මේ කාලයේ දිනක් මම පිළියන්දල නගරයේ තිබෙන මොන්ටිසොරියෙන් පැන ගෙදර එන තෙක් ම දිනපතා නොකඩවා ගියේ මෙතැනට ය . එකල daycare එකේ සිටියේ මමත් තව එක ගැහැණු ළමයෙකුත් පමණි . මට අද පවා මතක ඇගේ නම පූර්ණී ය . මම කිව්වේ පූණී කියාය . එකල මට සිටි එකම යහළුවා ඇය වූ අතර හවස් වනතුරු කාලය ගතකලේ ඇය සමගය . නිවසේ හවස daycare එක මතක් වන විට අද පවා මොකක්දෝ අමුතු බියක්  වෙන්නේ එහි වූ අම්මා සහ දරුවන්ගේ නිමක් නැති වළි නිසා ය . ඇතැම් දින වල වළි උපරිමයට යද්දී අපි දෙදෙනා තදින් කන් වසා ඇස් පියසිටි අතර තවත් දිනවල නිදාගෙන සිටින අතර අම්මා සහ දූ වරුන්ගේ වලි ආරම්හ වූ හොත් අපි බියෙන් එකිනෙකා බදා ගෙන සිටියෙමු . හවස් වරුවේ මම සහ පූණී ඔන්චිලි පැදීම කරන අතර සවස උදාවීම යනු හිතට මහත් නිදහස ගෙනදෙන්නක් විය . උදේ , දවල් වරුවලට බිය වූ අප සවසට ආදරය කරෙ මේ සිරමැදුරෙන් අප ගෙනයන්නට මා පියන් පැමිනෙන බැවිනි . මම එකල සිට කොච්චි පිස්සෙක් වූ අතර දිනක් පූණී ගේ මව කෝච්චියක් යන පින්තුරයක් සහිත පොස්ට් කාඩ් එකක් ගෙනත් දුන්නා අද වගේ මතකය . පූණීගේ මව සහ මගේ මව ආයතනවල එකට වැඩ කර මිතුරියන් වූ අතර අපේ මිතුදමත් එදා මම මොන්ටිසොරියෙන් පැන ගෙදර එන තෙක් උපරිමව තිබුණි .


බ්ලොග් වාසී ඔබ සැම මොන්ටිසෝරි පළමු වසරේ ළමයෙක් මොන්ටිසොරියෙන් පැන ගෙදර ආ මේ කථාව පිලි නොගන්නා බව මට ශුවර් ය ; . එහෙත් මේ පළමු වික්‍රමය කියවූ පසු ඔබට මම කියන්නේ පට්ටපල් කේප්පයක් නම් නොවන බව විශ්වාසය . කතාව මෙසේ ය . එකල මගේ පියාගේ ලොකු අය්ය එනම් මගේ ලොකු මහප්පා ගේ පුතා වන සදරාජිත අය්ය ඇතුලත් කර තිබිනේ පිළියන්දල අංක 01 කනිෂ්ට විද්‍යාලයටය . සැම දිනකම මගේ මොන්ටිසොරියේ දිවා විවේකය වන වෙලාවට මහප්පා ඒ අසලින් යනේ මහප්පා ගේ පුතා වන සදරාජිත අය්ය පාසලෙන් රැගෙන ඒ මට ය . බොහෝ දිනවලදී මම මහප්පා ට "මහප්පේ " කියා කෑ ගසන අතර මහප්පා ද තාප්පයක් නොගැසූ කම්බි වටෙන් "පුතේ" කියා අමතා පිටව යයි . සිරමැදුරෙ කොටු වී සිටි මට දන්නා හදුනන අයෙක් හෝ නෑයෙක් දැකීම යනු කාන්තාරයට වැස්ස වැනිය . බොහෝ කාලයක් මේ සිරමැදුරෙන් පැන යන්නේ කොහොමද කල්පනා කරත් අදහසක් නම් අවේ නැතිය . එහෙත් දිනක් සුපුරුදු පරිදි මහප්පා දකින මට ගණ දෙවි නුවණ පහල වූවේ ය .සුපුරුදු පරිදි  "මහප්පේ " කියා මා කෑ ගසන අතර මහප්පා ද තාප්පයක් නොගැසූ කම්බිවට ලගට පැමිණෙත් ම මම කියන්නේ "මහප්පේ තාත්තා කිව්වා මහප්පට මා ව අරගෙන මහප්පලගේ ගෙදර යන්න කියල "
මහප්පා කියන්නේ " ආ පුතේ එහෙනම් යමු කියා ය" පොත් බැගය සහ වතුර බෝතලය සමගින් පෙර පාසැලෙන් පිටව යන්නේ මගේ එකම මිතුරා වන පූණී ට පවා නොකියා ය . එසේ හොරෙන් පැමිණි මා දවල් කාලයේ මගේ ලොකු මහප්පා ගේ නිවසේ ගත කර පසුව මගේ පියාගේ මහගෙදර ට පැමිණෙන්නේ මහප්පා සමගය . ඊට ටික වෙලාවකට පසු අම්ම පැමිණෙන්නේ විලාප තියාගෙන වන අතර මම දුටු විට විලාපය නතර වුවේ මට විලාප තියා හඩන්නට තරම් ප්‍රමාණයේ පහරක් අම්මගේන් කෑ පසුවය .


ඉන් පසු කිසිදිනෙක ඒ පිස්සු මොන්ටිසොරිය ට නොගිය අතර පසුව ජයග්‍රාහී මොන්ටිසොරි (අංක 02) ලෙස ගමන අරබන්නේ පිළියන්දල පන්සලේ තිබුන රාහුල මොන්ටිසොරිය ය . එහි daycare එකක් නොතිබුණ අතර අද කලයේ මෙන් school service van තිබුනේ ද නැත . දෙමාපියන් වැඩට ගිය බැවින් මා ගෙනයන රාජකාරිය භාරදුන්නේ "නන්දා" නම් වූ එදා වේල සරිකරගන්නට උත්සහ කර කන් ඇසීම දුර්වල වූ ශ්‍රවන ආධාර පැළද සිටි මැදි වියේ කරුණාවන්ත කාන්තාවකට ය . කිසිත් අවුලක් නොකර ඉතා සතුටින් මොන්ටිසෝරි ගමන පටන් ගත් මට අදටත් මගේ යහළුවෙක් වන සචියා නොහොත් සචිත් හමුවීමද විශේෂත්වයකි . පූණී හා සම්භන්දය එදා අවසන් වූ නිසා දෙවෙනි යහළුවා වශයෙන් මට හමුවූ සචියා අදටත් මගේ අතිජාත මිතුරෙකි .

ඔය අයුරින් කාලය ගත කරන මට හවස් වරුවේ සිටින්නට වූ යේ මගේ පියාගේ මහගෙදර ය අච්චි අම්ම සමගය . සවස නිදා ගැනීම අනිවාර්යය කාරණාවක් වූ අතර හවස අවදි වී අසංක සමගින් සෙල්ලමට බොහෝ විට මගේ පියාගේ සහෝදරවරුන්ගේ දරුවන්ගේ පැමිණීමත් සිදු වේ . ලක්ෂිත අය්යා , පොඩි අය්යා , සදරාජිත අය්ය සමග මම සහ අසංක එකතු වී කුමන හෝ ක්‍රීඩාවක කරයි . පාසැල් යාම ආරම්හ කර මට 1 වසරේ සිට 4 වසර දක්වා යන්නට සිදු වුයේ පිළියන්දල අංක 01 කනිෂ්ට විද්‍යාලයටය . ඉන්පසු උසස් පෙළ දක්වා මොරටුව වේල්ස් කුමාර විදුහලට යාමට මට සිදු විය . මොන්ටිසොරි (අංක 02)  සිට 4 වසර දක්වා මා ස්වකීය දරුවෙකු සේ බලාගත් නන්දා ට සමුදීමට වුයේ මොරටුව වේල්ස් කුමාර විදුහලට යාමට school service van රථයක පිහිට පැතීමට දෙමාපියන් පෙලබුණු නිසා ය .

එකල ක්‍රිකට් ක්‍රීඩාවේඋපරිමයට පත්ව සිටි අපට ගමේ ඉතිරි කොල්ලන්ට අභියෝග කිරීම කජු කනවා වැන්නක් විය . බොහෝ විට සවස ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුනු අප සමහර දිනවල රොබින් හුඩ් ,ටාසන් වැනි කිලිපොලා යන  ක්‍රීඩාවලද නිරත වූයෙමු . වත්ත පහලින් ගලා ගිය කුඩා ඇල මැදින් කොටයක් දැමු අප ලීයකින් කඩු සටන්කරගත් අතර පැරදුනු එක ඇලට වැටී මඩ නා ගෙන එන්නේ අනිත් උන්ගේ සමච්චල් සිනා මදය . තවත් දිනවල ආච්චි අම්මා සහ වැඩට සිටියා වූ සෝමා ට හොරෙන් අප යන්නේ පහල අතහැර දාපු කුබුරේ වෙල් මාලු ඇල්ලීමට ය . පපුව වනතෙක් මඩට බැස වෙල් මාලු ඇල්ලීම කරන අප දිනක් විෂ සහිත හුන්ගේක් පවා ඇල්ලුවා මතකය . අල්ලන මාලු පරිස්සමෙන් ජෑම් බෝතල් වල අසුරන අප නිවසට ගෙනයන්නේ පරිස්සමෙනි . බත් ඇට වලින් පාන් කැබලි වලින් සංග්‍රහ කරන අප උදේ බලද්දී ගොඩක් මලු බෝතල් වලින් බිමට පැන වතුර නැතුව මැරිලා ය . ඔය අයුරින් ආරම්භ වන සුරතල් මසුන් ඇතිකිරීම කෙලවර වන්නේ පියාගේ පොකට්ටුවෙන් සල්ලි හොරකම් කර මලු මිලට ගැනීම වැනිපහත් වැඩ වලිනි . තවත් දින වල අසල පිහිටි කැලයට පනින අප බට කපා කටු කොටු සොයා බට තුවක්කු සාදන්නේ තවෙකුට හමේ පලු එන ගානට බට තුවක්කුවෙන් වෙඩි තියා ගැනීමේ අරමුනින් ය .


ලක්ෂිත අය්යා අපේ වනචාරී කොලු රැලේ නායකයා වූ අතර බොහෝ අපරාධ සංවිධානය කරේ මා විසින් වීම හේතුකොටගෙන එකල මට "පොට්ටුඅම්ම" යන කොටි නායකයාගේ නම පට බැද තිබුණි . මේ නම පට බැද තබන්නට ආසන්නතම හේතුව වුයේ පහවසරේ දී මම සත්‍ය මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු ලවා විනාසයක් කරන්නට වූ යෙන් ය . මේ මරාගෙන මැරෙන බෝම්බ කරු මිනිසෙකු නොව මහගෙදර සිටි සුරතල් බළල් තඩියා ය.මේ සිදු කර අපරාධය මතක් වෙද්දී අදටද දුකය . ඒ දිනය හරියටම සිංහල අවුරුද දා ය . සිංහල අවුරුද්ද යනු කොලු රැල ට ඉතා කාර්ය බහුල සමයකි . ඒ හැමෝටම දෙමාපියන්ගෙන් ලැබෙන අසීමිත් නිදහස සහ අපේ අනෙකුත් නැන්දලගේ සහ මහප්පලගේ ළමයි පවා පැමිණෙන නිසා ය . අවුරුද්ද දවස සහ වාරිශිකව මහගෙදර පවත්වන දානය ටද පවුලේ හැමෝම වගේ එකතු වන දින දෙක ය . අවුරුද්ද දවසේ හැමෝම පළමුව කරන්නේ මහගෙදර පැමිණීම ය . අවුරුදු දා බත සකසන්නට පිරිමි මෙන්ම ගැහැණු උදවිය ද එකාවනුව සම්බහන්ධ වීම සම්ප්‍රදායිකව අපේ පවුල් වල පවත එන්නක් ය . එදා කට්ටියම කුස්සියේ ගජ රාමෙට වැඩ කරන අතර මම අපේ වනචාරී කොලු රැලේන් අතුරුදහන් වුයේ අරකියු මරාගෙන මැරෙන බෝම්බය ඇටවීමට ය . කාමරයේ ඇද යට මගේ රතිඤ්ඤා ගබඩාවට පිවිසුන මා රතිඤ්ඤා වල නුලේ වූ වෙඩි බෙහෙත් ඉවත් කර තැබුවේ රතිඤ්ඤා වල දැල්වීමේ වේගය බාල කරන්නට ය .ඒ අයුරින් රතිඤ්ඤා වලිනි වළල්ලක් සැකසු මා එය වෙඩි බෙහෙත් ගැලවූ ඉතා සුළුවෙන් ගැලවූ  ප්‍රධාන නුලකට සවි කලේ එක ගිනිකුරෙන් වලල්ලම පිපිරී යන ආකාරයට ය . ඊට දින දෙකකට පමණ පෙර වූ පුහුණුවේන් අනතුරුව සුළු වැරද්දක හෝ නොකර රතිඤ්ඤා වලිනි වළල්ල සකසන්නට මට විනාඩි 10 පමණ යන්නට ඇත . ඔය අතර අපේ නිවසේ ටැප් වෙන්න නිදා ගෙන මහගෙදර සුරතල් බළල් තඩියා ගේ බඩ වටා මගේ රතිඤ්ඤා වළල්ල බැන්දේ පගාව වශයෙන් කිරි පොඩ්ඩක් දීමෙන් අනතුරු වය . පසුව කටත් නොපෙනෙන්න මහගෙදර වත්තේ ඇතට ගෙනත් අතහැර සුරතල් බළල් තඩියා ගේ ඇගේ වූ රතිඤ්ඤා ටයිම් බෝම්බය ගිනිකුරක් ආධාරයේන් සුසර කොට පවනට බදු වේගයෙන් අපේ ගෙදර වහලට නැග්ගේ සජීවී දර්ශනය දැකබලා ගැනීමට ය . ඔය අතර අපේ වනචාරී කොලු රැල මා සොයන අතර අම්මලා තාත්තලා එක්ව අච්චි අම්මා ගේ ප්‍රධානත්වයෙන් අවුරුදු දා බත සකසයි . මේ අතර සිදුවන්නට යන්නේ හිනේකෙන් වත් නොවූ දෙයකි . එනම් මගේ මරාගෙන මැරෙන බෝම්බකරු දැල්වෙන නුලද සමගින් මහගෙදර කුස්සියට රිංගන්නේ එහි වූ මස් මාළු සුවදට ය. මට දෙලොව අමතක විය . ඉහින් කනින් දා දිය පිරි අලුත් ඇදුම් තෙත් වන්නට ද විය .

දඩෝම් , ඩෝම් &%^$%@#@%!@%!@%****** @$#%$^$%& ඒ හඩ රතිඤ්ඤා 20 එකට පිපිරෙන හඩ ය .

බුදු අමෝ! අය්යෝ ! අම්මෝ ! අය්යෝ ! අය්යෝ ! අය්යෝ !  යන වදන් වලින් මුව පුරවා ගෙන රෙදි උස්සගෙන අවුරුදු දා බත සකසන කණ්ඩායම එලියට පැනල ය . කුස්සියේ තවමත් දුම් ය . අපේ වනචාරී කොලුරැල තක්බීර් වෙලා ය . හැමෝම  මහගෙදර  කුස්සියේ  එළියේ සිට මරාගෙන මැරෙන බෝම්බයෙන් ගැලවූනු අයුරු සිහිකරමින් බලාගෙන සිටි . හම රහිතව මහගෙදර සුරතල් බළල් තඩියා අපහසුවෙන් වගේ ලේ පෙරා ගෙන එලියට ඇවිද පැමිණෙයි .


ඔය අතර අච්චි අම්මා කෑගසමින් අසන්නේ "කෝ පොඩි එකා"  "කෝ පොඩි එකා"   කියා ය . හැමෝම වගේ මම විසින් මේ අපරාධය කරන්නට ඇතැයි පූර්ව නිගමනයකට පැමිණිලා ය . මගේ තාත්තා මා සොයාගෙන එන්නේ උපක්‍රමිකව මා අලවා ගන්නට කියා මගේ ගුණ වයමිනි . ඔහු කියන්නේ "මොනා උනත් නියම වැඩේ " කියාය . එලක මම හිතුවේ මගේ ගුණ වයනවා කියා ය . මම වීරයෙක් මෙන් නිවසේ වහලෙන් බැස ගත් අතර හැමෝම ඉදිරියේ තාත්තා මා පිළිගත්තේ වරෙන් පහරක් ගසා ය . "උබට මම අද............... "  කියා ඊලග පහර ගසන්නට හදනවා සමගම මම නැවත වේගෙන් දිව්වේ හැංගෙන්න කියා තැනක් හොයා ගන්නට ය .


ඔය සිදුවීමෙන් සිදු වීමෙන් පසු මම අපේ වනචාරී කොලු රැලේ  ඉහල  තැනකට පත් වෙනවා ය . සියලු අපරාධ සංවිධානය කරමින් වැජබෙන මම
" පන්සලේ මහා ගල් වලට බැසීම " , "පෝය දවසේ සිල් අරගෙන පන්සල් වත්ත තුල කොලු නඩය සමග රස්තියාදුවේ යාම"  , "වත්ත පහල ළිදක් කැපීම"  , " හොරෙන් ලෙමන් කැඩීම " , "පත්තර කාරයගේ පුෂ් සයිකලේ ටයර් බැදීම" , "එහා වත්ත  කරන්නා ගේ කඩුව සොරා ගැනීම" , "මහගෙදර වත්තේ ගම්බිරිස් කොල්ලන් ලවා අච්චි අම්මා  කඩවන විට මගේ කොටහ යටට වැලි දමා උඩින් ගම්බිරිස් පොඩ්ඩක් කඩා මාරු වීම  , " බාප්පාගේ කඩේන් පරණ කාසි හොරකමේ යාම " , "චුටි බාප්පාගේ විවාහය දවසේ මුළු මගුල් ගෙදරම බැලුම් බෝල එකම මොහොතක පිපිරවීම සහ ලස්සනට තිබුණු පළතුරැ අතුරු දන් කරවීම " ඇතුළු තවත් නොකී අපරාධ රැසක මහා මොලකරු උනෙමි .

ඔය විස්තරද පසුවට ඉඩ ලැබෙන පරිදි බ්ලොග් වාසී ඔබ සැම හමුවේ ගෙන හැර දැක්වීමට කල්පනා කරමි . මෙව්වා කියන්නේ කියන්නට තරම් සුන්දර ළමා කාලයක් අපට තිබු නිසා ය . අද කොම්පුටර් බබා ලට නම් මේ වා හිතන්නටවත් බැරි කතා ය . ඔවුනට අනුව මෙව්වා ප්‍රභන්ද වන අතර 70, 80 කාලයේ හෝ ඊට පෙර  ඉපදුන අයට නම් ඇත්ත කතා ය .

පුංචි කාලේ රස කථා 2 කොටස මෙතනින් 


Tuesday, October 24, 2017

හිතට බරක් නැති වහල් නොවූ සිතුවිල්ල.

හිතට බරක් නැති වහල් නොවූ සිතුවිල්ල. 




සිහින මවන්නැති අහස උසට තනියම
ලංවෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කොතරම් තිබුනද
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර

සෑම දේම නිමවිය හැක නිමේෂයක 
එහෙම උනෝතින් මොනවා හිතන්නද
සිහින විමන් වල කවුලු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම

සිරවෙලා නැවතිලා නැති නම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක.........

Monday, October 23, 2017

රෑ කෑම සොයා කිලෝමීටර 160

රෑ කෑම සොයා කිලෝමීටර 160


මේ ලියන්නේ විකාර කතාවක් බැවින් , මුලින් නොකියවා ගියාට කමක් නැත . කොටින්ම මේ බ්ලොගය් ඇති බාගෙට බාගයක් ම වැඩකට නැති ඒවාය ය . කෙසේ වෙතත් මෙව්වා ලියනේ තුන් ලෝකයේ මේ මෙවන් වූ වස්සෙක් නැති නිසා ය . එකල කරපු දේ අද මතක් කරන විටත් හිනාව නවත්වා ගන්නටනම් බොහෝ උත්සහ ගත යුතු ය . කියවන ඔබ සිතන්නේ මේ සෝමාලියාවේ කතාවක් කියා වන්නට පුළුවන් බැවින් මුලින්ම කියන්නට ඕනේ මේ සුන්දර හෙළ දිවයිනේ අදින් වසර ගණනකට පෙර වූ අවාසනාවට ඇත්ත කතාවක් කියා ය .

මෙයද එවන් පිස්සුම පිස්සු කතාවකි . අවසානය තෙක් ඔබලාට කියවන්නට හැකියාවක් ලදොත් එය සැබෑවක් බව වැටහෙනු ඇත .

එංගලන්තයේ වුර්ථිමය පිළිගැනීමෙන් පසු පළමුව මම සොයන්නේ සන්නිවේදන හෝ ඒ අංශයේ රැකියාවකට යාමට ය . ඉස්සර අද උන් මෙන් කැම්පස් අවුට් උ ගමන් එන ජොබ් එකට ලක්ෂයක් දෙකක් ඉල්ලනේ නැතිය . එදා අවිවාහක  හැමෝටම වගේ උවමණා කරේ අතිදකිම් ලැබෙන හොද තැනක රැකියාවක් .
ඉතිං ඔය අතර මගේ පලවෙනි ඉන්ටෙරවීව් එකම මම සමත් වී රැකියාවට යන්නේ එකල ලංකාවේ අංක එකේ ජංගම දුරකථන සහ සේවා සපයන සමාගම් සමුහයක(group of companies) සහකාර කළමණාකරු තනතුර සදහා ය . අධක්ෂකවරු husband and wife ය . මම එකල එම  group of companies වල වයස අඩුම කළමණාකරු බැවින් හැමෝම වගේ මට කැමති ය . අධක්ෂකවරු සමග ලගින් කටුතු කරන්නට ලැබීම පළමු රැකියවෙදීම මට ලැබීම භාග්‍යක් මෙන්ම ඇතැම් විට ටින්ටස් ඇනයක් නොව පරාල ඇනයක් බවද කිව යුතු මය.

බොහෝ දින වල රෑ 8 ට වැඩ අහවර වූ වා ම රාත්‍රී කෑම ගැනීමට එන්න යැයි අධක්ෂකවරු මට ආරාධනා ද කරනවා ය . ඔවුන් සතුව පවතී ලොකු සීන් නැති බවට මම එකල බොහෝ සේ ආශා කලේ මය .


දිනක් රෑ 9 පමණ වන තෙක් වැඩ කර යන්නට සැරසෙද්දී husband and wife ගේ කතාවක් මට ඇහෙන්නට වන්නේය .

ඔහු අහන්නේ කන්නේ කොහෙන්ද කියා ය , ඇය කියන්නේ "හල්දුමුල්ලේ බත් කඩේ" කෑම කන්න අසයි කියා ය .

හල්දුමුල්ල මොන දීපන්කරේ තියෙන තැනක් දැයි මම එකල දන නොසිටි අතර පූර්ව නිගමනයකට ආවේ කොහේ හෝ අහල පහලක කියා ය . දැන් අධක්ෂකතුමා මගෙන් අසන්නේ "කලන හල්දුමුල්ලේ බත් කඩේන් කන්න යමුද කියා ය" මම " හා " කිව්වේ ඊට පෙර මම පූර්ව නිගමනයකට පිවිස සිටි බැවිනි .  අධක්ෂකවරුට තනියම කා පුරුද්දක් නැති ය . ඔවුන් අසන්නේ ලොක්කෝ සෙට් එක ඉන්නවද කියා ය . මේ වන විටත් අලෙවි , මූල්ය , තාක්ශන , කළමණාකරුවන් සහ අලෙවි විධයකත්  , ගිණුම් අංශයේ ඉහල නිලධාරියෙකුත් පිටව යන්නට මත්තෙන් මම නවතා ගත්තේ ඔවුනට පණිවිඩය කිමට ය .

දැන් රියදුරු සමග ගමනට 9 දෙනෙකි  . යන්නේ එකල සිරිලකට අලුත් වූ Lexus RX400 වර්ගයේ ජීප් රියකිනි .

මෙහි 9 යන්නේ කොහොමද යැයි නිෂ්පාදක සමගම දන්නේ නැතිය . ඔවුන් මේ බව දැනගත්තේ වී නම් අධක්ෂකතුමා නොමිලේ සස්පෙන්ෂන් පධතියකුත් අපහට විදේශ සංචාරයකුත් ලබා දෙනු ඇත . විදේශ සංචාරය අප 9 දෙනාට Lexus RX400 වර්ගයේ ජීප්රිය තුල ට ගොඩ වී පෙන්න්වනට කියා ය . අද උන්දැ ලා SUV වතුරට දාන්නට , බර පටවන්නට බය කලේ Lexus RX400 වර්ගයේ ජීප් රියක් 9 සමග යන්නේ හල්දුමුල්ලේ ය . දැන් රථය රත්නපුර , පැල්මඩුල්ල , බලන්ගොඩ පසු කරමින් බෙලිහුල් ඔයට ලගා වෙයි .

අධක්ෂකතුමා දැන් කියන්නේ ඔහුගේ විශ්ව විද්‍යාලය නැරබිය යුතු ය කියා ය . විශ්ව විද්‍යාලය ඉදිරිපස ගේට්ටුවට පැමිණි අපි එතනම යූ හැඩයේ ටර්න්එකක් ගහන්නේ ලොක්කගේ හිත සැනසුන බැවින් ය . දැන් එලවන්නේ ලොක්කා වන අතර බිරිද ඉදිරිපස අසුනේ ය .
අනිත් 7 දෙනාම පිටුපස වන අතර එකවරම වහනය නවතන්නේ පාර අයිනේ වතුර පිහිල්ලක් අසල ය . ඔහු දැන් කියන්නේ ඉස්සර කැම්පස් ඉද්දි මේ පිහිල්ලෙන් තමයි නැවේ කියා ය . ඔහුට දැන් නාන්නට උවමනා ය . මගෙන් ද අසන්නේ නමු ද කියා ය . රැ 1 ට පමණ බෙලිහුල් ඔය පිහිල්ලකින් නාන්ට මට අමාරුවක් නැතිය . අධක්ෂකතුමාත් අලෙවි කළමණාකරුත් පමණක් දිය කෙලිමට යන්නේ අලෙවි කළමණාකරු එකල ඔවුන් කියන ඕන දෙයකට හා කියන පොරක් නිසා ය . නකියාගෙන  ගොඩ ආ ඔවුන් සමග නැවත ගමන යන්නට පිට වෙනවා ය .

අධක්ෂකතුමා වාහනයේ විදුරු සියල්ලක් ම අරින්නේ මිහිරි වාතය විද ගන්නට කියාය .දැන් මම කියන්නේ "සන්රූෆ්" ඕපන් කරන්නට කියා ය . මහපාර පට්ට පාලුය . අදම තරමේ එළවලු ලොරියක් වත් නැත . මම සහ අලෙවි කළමණාකරු සන්රූෆ් space එකෙන් හිටගතිමු . මම ඇද සිටියේ කලුපාට ටී ෂර්ට් එකක් සහ ඩෙනිමක් ය . මගේ උස අඩි 6 " අගල් 3 නිසා සුදු පාට ජීප් එකෙන් ඇතට පෙනෙන්නේ කලුපාට රිටක් සහ තව පොඩි රිටක් පමණක් වන්නට ඇති ය . ටික දුරක් යදීඋන දෙයට අදටත් හිනාව නවත්වා ගන්නටනම් බොහෝ උත්සහ ගත යුතු ය . එක වරම වංගුව තුලින් ඉදිරියට මතු වූ කැන්ටර් වර්ගයේ එළවලු පටවාගත් ලොරිය එකවරම හිරිහැටියේ ස්වකීය තිරිංග තදකරේ එහි රියදුරා උපන්තේක මෙවැන්නක් දැක නැති නිසා වන්නට ඇත . එක්කෝ මහසෝනා දුටුවා කියා බය උනා ද කියන්නට දන්නේ තිස්තුන්කොටියක් උඩ සිටින දෙවි වරු පමණි .

කෙමෙන් කෙමෙන් මැඩම් ගේ සිත් ගත් ටිපර් කන්ටේනර් නවත්වන "හල්දුමුල්ලේ බත් කඩේ"  කිට්ටුවට පැමිණි බව අධක්ෂකතුමා කියන්නේ කඩේ ලිය්ට් එකක් වත් නෑ නේ කියා ය .  අප ඉදිරිය පාරේ 4 දෙනෙක් පැමිණෙනවා ය . වහනය නතර කොට විස්තරය කී විට ඒ කඩේ මුදලාලි බිරිද සහ දරු දෙදෙනා ය . ඔවුන් කියන්නේ "අනේ මහත්තයා කඩේ වහලා ලිපත් නිවල ඉවරයි නේ " කියා ය . බොසා කියන්නේ මදැයි රුපියල් 120 බත් එක කන්න කිලෝමීටර 160 විතර ආවා කියාය . රුපියල් 8000 ක පමණ පෙට්‍රල් ද ගස්සනට ඇතිය . බංකුවක් මත සිට අහස්සේ තරු බලමින් සීතලේ , කට්ට කරවල හීන් කොච්චි සමග පොල් සම්බලක් සහ කිරි පරිප්පු හොද්දක් මිරිස් මෝරු මිරිස් කරලක් සමග පපඩමක් හපමින් රතු හාලේ බතක් කන්නට සිටි සිහින බොද වී ගියේ අපටත් නොකියා ය .
හැමෝම පට්ට අවුල් ය . කඩයක් මානයකවත් නොතිබූ බැවින් එන්නට හැරුනේ කණගාටුවෙනි . කොලබ සිට මෙතරම් දුරක් ගෙවා ඔවුන්ගේ බත් කන්නම කියා අප පැමිණි බව ඔවුන් දන්නේ නම් ලිප පතුකර අපට උයා දෙනවා ය , ඔවුන් හිතන්නට ඇත්තේ අප කොහේ හෝ යන අතර මෙතනට ආව කියා වෙන්නට ඇතිය .  අනෙක මෙවන් වූ මොලේ අමාරු කාරයින් ලංකාවේ සිටිය නොහැකි බව ඔවුන් විශ්වාස කරනවා වන්නට පුළුවන .

කට්ටියම දැන් බඩගින්නේ ඊටත් වඩා සීතලේ ඒ හැමදේටම වඩා නිදිමතේ කොලබ එන්නට පිටවුයේ පාන්දර 2 ට පමණ ය . කේසේ වෙතත් අද උදේ 8 වෙද්දී නැවත සේවයට වාර්ථා කළයුතුව පවතියේ ඒ සිංහල අවුරුදු සමය බැවිනි . බලන්ගොඩින් මෙතෙක් කෑ පජාතම කොත්තු කෑ අප මොකක් කරන්නද කියා එන්නේ කොලබ යාමට ය . උදේ  6 විතර වෙද්දී ගෙදරට පැමිණි මම 6:45 ට නා කියා ගෙන වැඩට යන්නට පිටත් වූ යේ 8 වෙද්දී වැඩට යායුතු බැවිනි.

මේ කතාව,
 කාට හෝ කිවොතින් එය බොරුවක් හෝ මොලේ අමාරුවක් ඇති අයෙක් බව තීරණය කරන නිසා මේ බව වැඩියේ කියවන්නට නොගියෙමි . අම්මා අදටත් මෙය පිළිනොගන්නා අතර ඇය සිතා සිටින්නේ මිතුරෙකුගේ නිවසේ රැය පහන් කර ගෙදර පැමිණ තව බොරුත් කියනවා කියා ය .

උදේ ම වෙලාවට වැඩට ගිය මට අධක්ෂකතුමා මුණගැසුනේ අහම්බෙන් වගේ හරියටම 8 ට ය . ඔහු අහන්නේ කොහොමද ගමන කියාය . මම කියන්නේ කියල වැඩක් නෑ කියාය . අවසානයේ ඔහු කියන්නේ අපි ලබන සෙනසුරාදා අයෙත් යමු කියා ය . මට කටඋත්තර නැති විය . කටේ කෙල සිදී ගියේ මටත් හොරා ය . ප්ලැන් නොකර යන ට්‍රිප් පට්ට කිව්වට වැරදුනාම හොදි ඕනේ නැතිය . මේ එවැන්නකට කදිම උදාහරණයකි .

Friday, October 20, 2017

වෙසක් දින උදේ කටු සහ හවස දන්සලෙන් පසු මහ රෑ තරු පහේ සාදය .

වෙසක් දින උදේ කටු සහ හවස දන්සලෙන් පසු මහ රෑ තරු පහේ සාදය . 





කාලෙකට ඉස්සෙල්ලා වෙසක් දවසක රසවත් මතකයක් ලියල තියන්න හිතුනේ මෙව්වා නොලිව්වොත් අමතක වෙන නිසා නම් නොවේ . හර්ඩ් එක ෆොර්මැට් කරත් මෙව්වා නම් මැකී නොයන්නේය .

කතාව මෙසේය ,
සාමාන්‍යයෙන් වෙසක් දවසේ උදෙන් ම මම චන්න මලිලාගේ ගරාජයට යන්නේ අපේ සියල්ලන්ම එකතු වෙන මුලස්ථානය එතන බැවින් ය. වෙන අවුරුදුවල මෙන්ම මේ අවුරුදේ ද සැමගේ ම කල්පනාව හිස හැරුණු අතේ වෙසක් බැලීමට යාමට ය . හැබැයි මෙවර යන්නේ රෝද හතරේ එකකින් නොව රෝද දෙකේ කිහිපයකිනි . එනම් මෝටර් බයිසිකල් වල ය . හැමෝම කියන්නේ කළුවර වැටුනාම යමු කියා ය . දැන් ගමනට දහයක් විතර සෙට් වෙලා ය .

ඔය අතරේ මගේ පුංචි සන්ධියේ සිට මිතුරා වන මහේෂ් ට දුරකථන ඇමතුමක් ලැබෙනවා ය . ලැබෙන්නේ ඔහුගේ මහප්පාගේ දූ නිශා අක්කගෙනි .
(නිශා අක්ක යනු අප හැම සමගද හිතවත් අක්කා කෙනෙකි . කෝටිපති වියාපාරිකයෙක් සමග විවාහ වූ ඇය දැන් ඉන්නේ බත්තරමුල්ල පැත්තේය .ලංකාවේ ප්‍රමුකතම අයතනකක (ඕස්ට්‍රේලියාවට වූර්තිකයන් යවන) හිමිකරුවෙක් ය . කොච්චර මිල මුදල් තිබුනත් ඔවුන් අව්ව්යාජය . හිත හොද අය ය .)
ඇය දැන් අහන්නේ සෙට් එක අරගෙන ඒ ගොල්ලන් දෙන දන්සලට එන්න පුලුවන්ද කියා ය . මහේෂ් මේ බව අපේ කට්ටියගෙන් විමසු විට කට්ටියම හා කියන්නේය .

දැන් වෙසක් බැලීම සිදු වන්නේ වෙනස් විදියකටය . එනම් හවස පහට පමණ කොල්ලුපිටියේ උගස් හා ආයෝජන බැංකුව ඉදිරිපිට පාරේ පිහිටි ඔවුන්ගේ ආයතනයට ගොස් දන්සලේ කටයුතු සුදානම් කර දන්සැල දී අවසන් කර වෙසක් බලා ගෙනම ගෙදර යාමටය .

ඔය අතරේ සුපර් ජී ඇල්  රථයකින් පැමිනෙනේ අප කාගේත් හිතවතා නුවා හෙවත් නුවන් ය. එන්නේ කලබලෙන් වගේ ය . හොයන එන්නේ උදව්ව්වකි . නුවාගේ මාමා යනු ලංකාවේ මෝටර් රථ ධාවන ශුරයෙක් වන පසිදු පිරිස් ගේ පියා ය .
චන්න මල්ලිට කියන්නේ
"චන්න අපේ මාමලගේ ජෙට්ස්කී එක ස්ටාර්ට් වෙන්නේ නෑ පොඩ්ඩක් යමුද බලන්න"
කොහෙද තියෙන්නේ දන්නේ නැතිය . චන්න මල්ලි හා කියන්නේ ය
"කලන අය්යේ යමුද ? "
 මමත් " හා " කියන්නේ ය . කොටින්ම චන්න මල්ලි මොකක් ඇහුවත් හා කියන පුරුද්දක් මට ඇත . ඔහුද එසේ ම ය . යන්නේ නුවා ගේ වැන් එකෙන් ය . කොහෙද ඉන්නේ කියූ විට ඔහු කියන්නේ ගගේන් එගොඩ කියා ය .  ගගේන් එගොඩ යනු පානදුරේ ය . දැන් තොටුපොළට ඇවිත් නුවා කෝල් එකක් දෙන්නේ මාමා ට ය . ටික වෙලාවකින් එගොඩින් පෙන්නේනේ සුනාමි රළක් මෙන් එකක් මේ පැත්තට එන ආකාරය ය . හැබැයි රලත් සමග මෝටරයක හඩ යන්තමින් ඇසෙන්නේ ය . දැන් අර කියූ රල වේගයෙන් අපේ හරියට එනවා ය . එන්නේ අධිබලති මිණි යෝට් වර්ගයේ බෝට්ටුවකි . ඒ අප රැගෙන එගොඩ යාමට ය . පදවන්නේ පසිදු පිරිස් ගේ පියා ය . චන්න මල්ලි නුවාට නොඇහෙන්න මට කියන්නේ " යකෝ මේක තියෙදී මොකටද ජෙට්ස්කීය හදන්නේ කියා ය" අධිබලති මිණි යෝට් එකට නැග්ග අපි පිළිගන්නේ නුවගේ ආදරණිය මාමා ය . ඔහු ද වියාපරිකයෙකි . චන්න මල්ලිගේ තාත්තා ගේ කුඩා කල සිට මිතුරෙක් ය . කාලයක් චන්න මල්ලිගේ ගෙවල් පැත්තේ අවේ නැති නිසා චන්න මල්ලි ව පටලවාගෙන වගේ ය . ඔහු අහන්නේ "මේ අර එයාර් ෆෝර්ස් එකේ වැඩ කරන පුතා " කියා ය . චන්න මල්ලි කියන්නේ ඒ කාංචන මගේ පොඩි අය්යා " කියා ය  . දැන් ඔහු බොටුවේ පුරසාරම දෙඩීමට පටන් ගනී . ඔහු පුරසාරම් දෙඩීමට සාධාරණය . මොකද මේ එතරම් සුපිරි ගණයේ බෝට්ටුවකි . කියන්නේ "මේක ලංකාවට ගෙනේදී defence ministry එකේ අවසරේ ගත්තේ අමාරුවෙන් කියා ය . ඔය අතර බෝට්ටුව පැයට කිලෝ මීටර 100 ට වැඩි වේගයෙන් ගමන් කරයි . මාම කොල්ල වගේ ස්කිනි එකක් ගහගෙන බෝට්ටුව පදිනවා ය . දැන් කියන්නේ "මේක පහුගිය අප්‍රේල් වල නුවර එළියේ ග්‍රේගරි වැවේ දී කන්ට්‍රෝල් නැතුව ගිහින් හැප්පුන නේ කියා ය . මගේ පපුව දැන් වේගයෙන් ගැහෙයි . මොනවයින් මොනවා වෙයි ද කියා දන්නේ උඩ ඉන්න දෙවියන් පමණි . මම තවත් තදින් බෝට්ටුව අල්ලගතිමි .



හින් ජෙට්ස්කී එක ගෙනත් තියෙන්නේ අවුරුද 10 ක විතර තඩි පොඩි කොල්ලෙක් වන පසිදු පිරිස් ගේ මල්ලිට පැදීමට ය .  ඔහු කියන්නේ ජෙට්ස්කී එක අතගාමින්  "අනේ ඔයා ස්ටාට් වෙන්නකෝ " කියා ය . දැක්කම ශෝක ජනකය . දෙයියන්පල්ල දුක හිතෙන්නේය . දැන් ඕනේ කොහොමරි මේක ඉවර කර නැවතත් එගොඩ යාමට ය . චන්න මල්ලි බැලින්නම් ප්ලග් එක පිචිල වගේ ය . දැන් චන්න මල්ලි නුවා සමගින් මාමගේ සිංගල් කැබ් එකේ යන්නේ ප්ලග් හොයන්නට ය . මෝටර් ප්ලග් තියා බිතියේ ගහන ප්ලග් එකක් වත් මේ සුන්දර වෙසගේ හොයාගන්නට නැති බව නම් පට්ට ෂුවර් ය . පැයකට පමණ පසු නැවත ඔවුන් එන්නේ අලුත් ප්ලග් එකක් ද සහිතව ය . නුවා කඩයක් කඩා හරි ඕනදේ ගන්නා පොරක් ය . ප්ලග් එක හයි කරද ජෙට්ස්කී ය හරියට වැඩ නැතිය . දැන් හබල් ඔරුවකට වඩා පොඩ්ඩක් විතර වේගයෙන් යනවා ය .  මේක ගගේ පද්දොත් බලන් ඉන්න උන් ට නොමිලේ විහිලු සපයදීමක් වැනිය . වැඩේ හරියන්නේ නෑ කියූ චන්න මල්ලි දැන් කියන්නේ එන්ජිම බැලියයුතු බවත් ඒ සදහා ගරාජයට ගෙන යායුතු බවත් ය . පොඩි එකාගේ හීන බොද වී ගියේ අපේ ඇස අග ය . අපි එන්නට හැරුනේ මාමා දුන් noodles සංග්‍රහයද බුක්ති විදීමෙන් අනතුරු ව ය . අධිබලති මිණි යෝට් එකෙන් ම මෙගොඩ ආ අපි නවතා තිබු නුවාගේ සුපර් ජී ඇල්  රථයෙන් නික්ම ගියේ චන්න මල්ලිගේ ගෙදරට ය .

මේ වන විටත් කට්ටිය දන්සලට අපවත් දමා ගොස් ඇත . ලොක්කගේ බයිසිකලයේ මම සහ චන්න මල්ලි දැන් පිටවෙන්නේ කොල්ලුපිටියේ දන්සලට යාමට ය . අප එහෙ යද්දී කට්ටිය ගජරාමෙට වැඩ ය . ආයතනය ඇතුල හරියට බේකරියක් වගේ ය . උණු උණු එහෙන් සිනිසම්බල් බනිස් වල සුවද ය . තව පැත්තකින් බටර් කේක් කපනවා ය . කට්ටිය තැන් තැන් වල වැඩ ය . විකාර කියවන්නේ ද නැතිය . අයතනයේ වැඩ කරන පොෂ් කෙල්ලන් දෙදෙනෙක් ද අපේ වැඩට උදව්වට පැමිණීම මේ වෙනසට හේතුවයි . අපේ උන් ස්ටේටර්ස් තියාගන්නට ට්‍රය් කරනවාය . ඔය අතර මහේෂ් කියන්නේ මේ ඔක්කොමනම් මෙතන බෙදල ඉවර කරන්නට බැරිය කියා ය . ඉතුරු උනොත් ගෝල්ෆේස් ගිහින් බෙදමු කියන්නේය . ඇත්තටම හිතාගන්න බැරිතරම් කෑම මලු ගොඩ ගැසිලා ය . වතුර බෝතල් ද දෙනවා කියා දැනගත්තේ පස්සේ ය .

අවසානයේ දන්සල පටන් ගත්තේ නිශා අක්කලාගේ ආයතනයේ පිරිස සහ අක්කා ගේ ස්වාමිපුරුෂයා ගේ මිතුරන් ද සමග ය . දැන් බෙදන්න කට්ටිය ඕන තරම් ය . අපේ උන්ට ඕනෑ කේසේ හෝ බෙදා අවසන් කර මෙතනින් නික්මීමට ය . ඔය අතර අපිට සිදු වුයේ සුපිරි ගණයේ පරිප්පු නැවක් බෑමට ය . එනම් වතුර කෙස් ටික ආයතනයේ සිට ගාලු පාරට උස්සා ගෙන එමටය . ඔය අතර මගේ මොලයට අවේ සුපිරි අදහසකි . එනම් අක්කලාගේ කාර් එකේ ඩිකියේ පටවා ගෙන උඩට ගෙනිහින් දමා නැවත රිවර්ස් කිරීමට ය . පදවන්නේ චන්න මල්ලි ය . අක්කා ද වැඩේට සපෝර්ට් ය . අන්තිම ට්‍රිප් එක උඩට යන්නට පටවද්දී අක්කා ගේ ස්වාමිපුරුෂයා මෙය දුටුවේ ය . ඔහුගේ ඇස් උඩ ගියේය . නොම්බර තහඩු පවා පැමිණ නැති ටොයෝට කැම්රී රථයෙනි කොල්ලෝ වතුර අදින්නේ ය යන වග දැක ය .
අවසානයේ රැ 9 පමණ වන විට යන්තම් දන්සැල ඉවර කරගත්තේ අපේ උන් ගාලු පාරේ යන සියලුම වාහන බලහත්කාරයෙන් නවතා බලෙන් කෑම සහ වතුර බෝතල් බෙදු නිසා ය . පොලිස් රථවාහන අංශයේ වහනයක් පවා පැමිණියේ විපරම් කිරීමට ය . පොලිස් කාර් එකටද නවතා බෙදන්නට තරම් අපේ 10 දෙනා වැඩකරුවන් ය . ඔය අතර කතරගම කොලබ බස් එකක් ද මහපාරේ නවත්වා කට්ටිය බෙදන්නේ ය .

දන්සල ඉවර වූ බැවින් අපි යන්නට සුදානම් අතර අක්කා ගේ ස්වාමිපුරුෂයා කොහේ යන්නද "කාල බීලා යමු " කියන්නේ ය . අපි ආයතනයේ back door ඔපෙන් aria එකට ගිය පසු දැක්කේ අමුතුම ලෝකයකි . ඒ අය්යාගේ සෙට් එකේ හැමෝම වගේ එතනය . අපට එතන ගැලපෙන්නේ නැති බව දැනුණු හෙයින් මාරු වෙන්නට හැදුවද යන්නට අවසරයක් නැතිය . ලෝකයේ තිබෙන සියලුම සුපිරි මත්පැන් වෙසක් දින මේසය මත ය . සමහර ඒවා දැක්කේ එදාය . අපේ ලැජ්ජාව වටහාගත් හැමෝම වගේ අපිට ආරාධනා කරන්නේ මල්ලි ලා එන්න කියා ය . අපේ සෙට් එකේ මම හැර සියලු දෙන පානය කරන්නෝ වෙති . මමද කොකා කෝලා ෂොට් එකක ගානට දමාගෙන අපේ අය අතර වාඩි වුනෙමි . ඔය අතර අය්යාගේ සෙට් එක් අයෙක් කියන්නේ "මල්ලිලා බිව්වට කමක් නෑ , උබල යද්දී ගල්කිස්ස පැත්තෙන් පලයල්ලලා කටුබැද්දට දාල , මොකද හදිසියෙවත් උබල පොලිසියට අහු උනොත් පස්සේ දවසේ ගේන්නේ මම ගවටනේ   " කියාය . මම මහේෂ් ගෙන් මොකද බන් ඒ කතාව කියලා , ඔහු කිව්වේ "මචන් ඔය තමයි ගල්කිස්ස උසාවියේ ජජා "දැන් මේවා ලියන්නේ ඔහු රට හැර දා ගොස් බොහෝ කලක් නිසා ය . අපි මේ බොන්නේ ලොකු පොරවල් ඒකකය . තව කවුරු මෙතන ඉන්නවද කියා නම දන්නේ නැතිය .



දැන් අය්යා කියන්නේ කට්ටියට බිරියනි ගෙන්න කියා ය . අපේ උන් වැඩ අල්ලගෙන ය . බෝතල් හිස් වෙන වේගයට තවත් අලුත් ඒවා කරලියට වැඩමවෙයි . අය්යාගේ සෙට්එක දැන් කාල බිල යන්නට ගොසින් ය . අක්කා සහ අය්යා සිටින්නේ දැන් ඉවර වෙයි දැන් ඉවර වෙයි  කියා ය .ඉවර වෙන පාටක් නැති අතරේ ඔවුන් යන්නට යන්නේ අය්යාගේ නෑදෑ වෙන අපේ වයසේ කොල්ලෙක්ට සහ ඔවුන්ගේ රියැදුර වන තවත් තරුණ පහේ පොරකට අපි ගියාම වහගෙන එන්න කියා ය . උන් දෙදෙනා ද දැන් පට්ට ෆිට් ය . කොහොමත් මහේෂ් ගේ යාළුවන් ය . අවසානයේ කට්ටිය කන්නට සුදන්නම් වෙද්දී හරියටම රෑ 11:45 ට බව අදටත් මට මතකය . අපිට ගෙනාපු බිරියනි එකක් 3 දෙනෙක් ට විතර හොදටම ඇති ය . කුකුලගෙන් හරියටම බාගයක් එක බත් එකක ය . අපේ උන් ට වෙරි මරගාතේ කොහෙත්ම කන්නට බැරිය . එහෙත් අවසානයේ හැමෝම වගේ ඉවර වෙනකම් කනවා ය . ඉවර වෙලා ආයතනයේ ශිතකරණය තුලට පිවිසෙන්නේ අයිස්ක්‍රීම් හොයන්නටය . දැන් මේ සුපිරි ඔෆිසිය අපේ භාරේ ය .  අපිට ඕනේ ඕනේ දේවල් කරනවා ය . කේසේ හෝ අයිස්ක්‍රීම් වලට හැමෝගෙම වගේ වෙරි සිදුනේ ය . රෑ 1 ට පමණ අක්කා කතාකර අහන්නේ යන්නේ නැද්ද කියා ය . දැන් කට්ටිය යන්නට සැරසෙනවා ය .

අපේ අය දැන් ඇමති අරක්ශක ඉදිරිපෙළ රථ වලට වඩා වේගයෙන් යන්නේ ගල්කිස්ස උසාවියේ ජජා අපේ පිහිටට සිටින නිසා ය . ඔය අතර චන්න මල්ලි
සහ මම යන බයිසිකලය ඉදිරියෙන් අලුත යාළුවූනු කපල් එකක් යනවා ය . චන්න මල්ලි වේගය වැඩි කරමින් ඉදිරියට යද්දී ඔහු  තියන ගියර් ඔක්කොම මාරු කර යන්නේ තම පෙම්වතියට තිබෙන ආදරය නිසා වන්නට ඇතිය . අපි නිසා ඔවුන්ට පිළියන්දල පහුවෙනකම වෙසක් නැත . පිළියන්දල තොරණත් නැත . මේවා අර වැඩ ය . දැන් තමයි ය වැටහෙන්නේ .  එකල අද මෙන් හොයා බලන්නට කියා කවුරුත් නැති නිසා නිදහසේ පාන්දර 2 ට විතර නිවසට පැමිණ නිදා ගතිමි .

ඔය අතර උදේ 9 ට පමණ නුවා මට කෝල් 10 පමණ අරගෙන ඇති බව මම දැක්කේ දවල් 2 ට පමණ මම ඇහැරුණු පසුවය . ඊයේ දවස හරියට කොටස් සහිත රුප රාමු මෙන් මගේ ඉදිරියේ මැවේ .

මෙවන් සුන්දර මතකයන් කවදාවත් හිතෙන් නොමැකෙන්නේ ය .

Thursday, October 19, 2017

සංකල්පික ලෝකයක්

සංකල්පික ලෝකයක් .


සංකල්පික ලෝකයක් තුල ජිවත් වන ඔබට සහ මට ඒවායෙන් ගැලවීමට කිසිදු මගක් නොමැති බව පළමුව වටහා ගත යුතු ය .

කාලය වනාහි සංකල්පයකි .


සංකල්පික ලෝකයේ බුද්ධියට ගෝචර යමක් ඇද්ද එය තම බුද්ධියට සාපේක්ෂ වන්නකි . උදාහරණයක් වශයෙන් දිනකට පැය 24 ලෙස අප සලකමු . මදකට සිතන්න මුළු ලෝකයේ සියලුම පුද්ගලයන් දිනකට පැය 48 (දිනකට රාත්‍රී 2 ) ලෙස ඇත ය , යන්නට කැමති වී එය එසේ වෙනස් කරගත්තනම් ?

කාලය ඒකාන්තයෙන්ම මායාවකි. හුදු සංකල්පයකි .

පරීක්ශන නිරීක්ශන හා නිගමන යන තුන්විද උච්ච සාධකය පවා සංකල්පයකි . උදහරණයක් ලෙස ඔබම කල්පනා කර බලන්න පසුගිය සියවසේ විද්‍යාත්මක සංකල්ප බොහොමයක් මේ සියවසේදී විද්‍යාව විසින් ම බැහැර කොට ඉවත්කර ඇති අවස්ථා . මෙයට හොදම උදාහරණය ඔබටත් මටත් වැදගත් වන "පරමාණුව" යන සංකල්පය ය . මෙය ට පසුගිය සියවස් තුලදී කොතරම අර්ථ කතන , නිර්වචන පැවතියේද ?



විද්‍යාවේදී අලුත් යමක් සොයා ගත සැනින් එයට අදාල පැරණි සංකල්පය ඉතා පහත් ලෙස බිද හෙලනු ලැබයි . විද්‍යාවේ ඇතැම් සංකල්ප රුසියානු ගැති , ඇමරිකානු ගැති , ස්වරුපයක් පෙන්නුම් කිරීම තවත් පැතිකඩකි .

අන්වීක්ෂය සොයාගැනීමට මත්තෙන් ක්ෂුද්‍රජීවින් මේ ලොවේ සිටින්නට ඇත . එහෙත් අන්වීක්ෂය සොයාගත් පසු ක්ෂුද්‍රජීවින් කරලියට පැමිනේ . තවද පිරිසිදු ජලය අවර්නය යන්න පවා පැහැදිලි ලෙසම විද්‍යාවේදී කියාති මොහොතක තවත් අවස්ථාවක ලෝකධතුවේ සියලු දෘශ්‍ය සාධක වලටම නියමිත වර්ණයක් ඇතිබව ප්‍රකාශ කරයි . විද්‍යාව කිසිදින අවසන් නොවේ . අවසන් නොවීමට හේතුව විද්‍යාව යනු සංකල්පයක් වන නිසාය . සංකල්ප මොහොතින් මොහොත වෙනස් වේ .



මොහොතකට සිතන්න , අතීතයේ සිටි නිර්මාණ කරුවකු ගල් කුළුණක් නිමවා එයට නිමවූ දිනය වෙලාව සටහන් කර ඇතයි කියා . වර්තමානයේ පුරාවිද්‍යා ගවේශකයා එම ගල්කුලුනට වයස ගණනය කර ලොවට පෙන්වීම කල හැකිය. පුරාවිද්‍යා බොහෝ සාධක නියතයන් ලෙස සලකියහැක්කේ එබැවිනි .

විද්‍යාවට අදාල කාබන් 14 වයස්නිර්ණයට අනුව අතීතයේ රචනා කරන ලද පුස්කොළ පොතක වයස් නිර්ණය කර හැකිය . අතීතයේ සිටි මානවයාගේ වයස් නිර්ණය කර හැකිය .



මම කිසිම සාධකයක් සාධාරණය කිරීමට නොයමි . මක්නිසාද යත් බුද්ධිය පුද්ගලාණුබද්ධ වන නිසා ය.


මේ සුළු කරුණු දැක්වීම අවසන් කිරීමට පෙර ඔබට සිතන්නට යමක් කියමි . එනම් : -

අප මහා බුදුරජාණන්වහන්සේ නිවන් මග පහදා දී බොහෝ පිරිසක් ඒ මග වෙත යොමුකර එමගින් සසර දුකින් මිදීමට මග පහදා දුන් සේක .

එබැවින් ,

මොහොතක් සිතන්න A සහ B ලෙස සමාන බුද්ධිප්‍රභාවයක් ඇති නියත සමාන , සමව ක්‍රියාත්මක වන ශරීර අංග ඇති දෙදනකු සිටිත් කියා ,

නියත මොහොතක A හට නිවන කරා යාමට මග යොමු කරන අතර B හට විද්‍යාවේ පරතර වෙත යාමට මගට යොමු කරයි .

යම් කාල ධතුවකදී නිවන කර ගමන් ගත A හට නිවන අවබෝධ වන අතර B හට විද්‍යාවේ පරතර වෙත යාමට නොහැකි වේ . ඒ මක්නිසාද යත් විද්‍යාව තුල නව සොයාගැනීම් බිහිවන්නට බිහිවන්නට තවත් විද්‍යාවේ පරතර (අවසානය) තමාට නොදනුමත්වම දිග්ගැස්සේ .එය පෘතග්ජන පුද්ගලයාගේ සසර මෙන් වේ.

බුදුරජුන් දෙසු දහම , උන් වහන්සේ පෙන්වූ නිවන් මග ඔබ ඉතිහාස කතාවක ලෙස සලකනවද ?

අවසානයක් නොමැති පරීක්ශන නිරීක්ශන හා නිගමන මත පදනම් වෙලා සසර ගමන තවත් දික්කරගන්නවද ?




තීරණ ඔබ සතුයි !

Wednesday, October 18, 2017

දියුණු වෙන්න හදන උන් වෙනුවෙන්

දියුණු වෙන්න හදන උන් වෙනුවෙන් .



අපේම කොල්ලෙක්ට අවන්කවම හිතට ආපු ප්‍රශ්න ටිකකට මගේ පුංචි උපදෙස් ටිකක් . ගොඩ යනවනම් මේ ටිකම ඇති බොලට . 



Q . මචංල සල්ලි හොයන්න පට්ට අමාරුවක් බන් තියෙන්නේ. 

A . සල්ලි හොයන්න අමාරු නෑ මචන් . කරන දේ හරියට කරගන්න බැරි අමාරුව තමයි අපේ අයට තියෙන්නේ . (බොරුව රැවටිල්ලෙන් සල්ලි හොයන්න තමයි අපේ මිනිස්සු ට්‍රය් කරන්නේ) . එකයි සල්ලි කාරයෝ වගේ පෙන උන් එක පාර 0 ට වැටෙන්නේ .

Q . ඒත් පාරට බැස්සම කොච්චර කාර්, suv නම් යනවද සමහර උන්ගේ ලඟ වාහන 4 ක් 5ක් තියෙනව. ඒවගේ මාලිගා වගේ ගෙවල්. 

A . කාර්, suv ගන්න හැමෝම වගේ ලිසින් හරි බෑන්ක් ලෝන් හරි අරන් ගන්නේ . මාලිගා වගේ ගෙවල් උනත් එහෙමයි .සමහරුන්ට වැඩ කරන තැනින් වහනයක් ලැබෙනවා . අපර්ට්මෙන්ට් එකක් හම්බ වෙනවා .එත් උන් කියා කියා යන්නේ නෑ මේක මට OFFICE එකෙන් හම්බ උනේ කියල. උප්පති සල්ලි කාරයොන්ට සහ පටිසෝතගාමී අයට මේක අදාල නෑ .

Q . කොහෙන්ද බන් මුන්ට මෙච්චර සල්ලි 

A. පටිසෝතගාමී මිනිහෙක් වෙන්න ට්‍රය් කරපන් .

Q . අඩෝ මාර හෙම්බත් වීමක් බන්. එක වෙලාවකට ඔක්කොම දමල ගහන්න හිතෙනව බන්. 

A . බලපන් , උබ ගේම ගහන්න ඉස්සර පැරදිලා මචන් . ඔහොම හිතන්න ඒපා . උබට උබව විශ්වාස කරගනින් හැමදේටම ඉස්සර

Q . උබල උබලගේ ලයිෆ් එක ගැන සැටිස්ද මචංලා? කිරියේ ඉන්න කෝටිපතියොන්ගෙන් නම් නෙමේ ඇහුවේ උන්ටනම් ඉතින් මොකද. 

A . අනුන්ට සාපේක්ෂව හිතන්න එපා මචන් . උබ උබම වෙන්න . උබ උබටම තරගයක් වෙන්න . පටිසෝතගාමී මිනිහෙක් වෙන්න ට්‍රය් කරපන්

Q . මට වෙලාවකට ඔක්කොම එනජි නැතිවනව වගේ බන්. 

A . ජිවිතේ හොද නරක කාල එනවා (ලෝකේ හැමෝටම එක පොදු දෙයක් මචන් ) . අපිට අපිවම විශ්වාස නැති උනොත් තමයි "එනජි නැතිවනව වගේ" දැනෙන්නේ .

Q . කොච්චර සල්ලි හෙව්වත් ඒවලින් කරන්න පුලුවන් දේවල් පොඩ්ඩයි එන්න එන්නම වටිනාකම අඩු වෙනව. මට ඉගෙන ගන්න බැරි උන නිසා. මම බැලුවේ ගානක් එෆ්ඩී දාල ඒකේ පොලියන් වත් ජීවිත‍ේ පටන් ගන්න. කුට්ටිය වියදම් කරන්නේ නැතිව. ඒත් ආච්චිට හාල්ගරන්න. එන්න එන්නම ඒකෙත් පොලිය අඩු වෙනව 

A . මචන් සල්ලි බැංකුවේ දැම්මට වැඩක් නෑ . ආයෝජනයක් කරපන් . විකුනන්න බලාගෙන ඉඩමක් ගනින් සල්ලි වලින් . ඉඩම් තමයි අද කලේ ලොකුම ආයෝජනය .

Q . දුප්පත් කොල්ලෙක් අඩුම 28වත් වෙද්දී හොඳට ගෙයක් දොරක් හදාගෙන. හොඳ වාහනයක් දෙකක් අරන් ආතල් එකේ ජීවත් වෙන්න කොච්චර නම් කට්ටක් කන්න ඕනද. 

A . උප්පති සල්ලි කාරයොන්ට හැර මේ මුළු ලෝකෙම මිනිස්සු කට්ට කනවා . උබ ඉන්න තැනට වඩා අඩු තැන්වල මිනිස්සු ඉන්නවා . උබට ඒවා පෙන්නේ නෑ. උපරිමේ දුවපන් . පටන්ගද්දී වේගෙන් දුවන්න් එපා . හෙමින් ස්පීඩ් කරපන් .

Q . ඔය පොඩි ජොබ් කරන උන් ඕව කොහොම කරනවද මන්ද 

A . ජොබ් කරන හුගක් උන් ජොබ් එක විතරක් නෙවි බන් කරන්නේ . අමතර ආයෝජන වලටත් , පොඩියට පාර්ට් ටයිම් වැඩ එහෙම කරනවා .

Q . උබලට හොඳ ගානක් මාසෙට එන ජොබක් තියෙනව නම් මම නම් කියෙන්න‍ේ ඒක දාල බිස්නස් කරන්න එපා. ඒක කරගෙන ඉඳපන්. අපි හිතන සුරන්ගනා ලෝක නෙමේ. පට්ට තරඟයක්, අනාරක්ෂිත කම, ස්ට්‍ර්‍රෙස් , ලයිෆ් එක ගොඩක් අවුල්. අත්දැකීමෙන් කියන්නේ. 

A . ජොබ් එකෙන් ජිවත් වෙචි කලේ නෙවි බන් දැන් . බිස්නස් කරපන් හැබැයි මිනිසුන්ට ගින්දර දෙන්න එපා . උබට බලන් ඉදි දියුණු වෙන්න පුළුවන් . මේ ලෝකේ තරග කාරී . එකේ වෙනසක් නෑ . එන්න එන්න තරගේ වැඩි වෙනවා මිසක් .

Q . පෝසත් වෙලා උපදින උන් නම් පට්ට වාසනාවන්තයි බන්. එක වෙලාවකට පට්ට තරහක් එනක උන් එක්ක. මේ ලෝකේ පට්ට අසාදාරනයි බන්

A . ඔව් . පෝසත් වෙලා උපදින උන් නම් පට්ට වාසනාවන්තයි බන් . අනිත් අයත් එක්ක තරහ ආව කියල උබට ලැබෙන දෙයක් නෑ මචන් . ලෝකේ සාධාරණ ද අසාදාරන ද කියල හොයනවට වඩා උබ උබටම සාධාරණයක් කර ගනින් මචන් .


උබට ජය ! 

අපි සැනසුණා නෙවෙයි වෙන අය සැනසුවා

අපි සැනසුණා නෙවෙයි වෙන අය සැනසුවා . 



මේ කියන්න ගත්තේ අමුතුම කතාවක් කියල ඔයාලට තේරෙයි මේක කියවල ඉවර උනාම . 


උපදේශණය සදහා මාව හමුවෙන්න ආපු විවාහක තරුණ මහත්මයකුගේ අත්දැකීමක් මේ , ඇත්ත නම වෙනුවට අපි කියමු ඒ මාගේ සේවා අපේක්ෂකයාගේ නම අජිත් කියල .

අජිත් වැඩ කරන්නේ විදේශ සමාගමක ලංකාවේ ශාකාවක . ඔහු දැනට විවාහකයි . වයස අවුරුදු 2 ක දරුවෙක් ගේ පියෙක් . බිරිද පුද්ගලික අංශයේ රැකියාවක් කරන අතර ඔවුන් ජිවත් වෙන්නේ අජිත් ගේ දෙමාපියන් සමග . මොකද අජිත් කියන්නේ පවුලේ එකම දරුවා .

ඔවුන් මීට ටික කලකට පෙර විවාහ වෙන්නේ ආදර සම්භන්ධයක ප්‍රතිපලයක් විදියට . ඔහුගේ බිරිද නුවර ප්‍රදේශයේ වන අතර ඔහු කොලබ . බිරිද ගේ පවුලේ දෙමාපියන් රැකියාවක් නොකරන අතර  ඔහුගේ බිරිද සහ වැඩිමහල් සහෝදරිය පමණයි රැකියාවක් කරන්නේ . විවාහයට පෙර ඔවුන් දෙදෙනා තමයි දෙමාපියන් පෝෂණය කරන්නේ . අජිත් ගේ විවාහය සිදුවන විට ඔහුගේ බිරිදගේ වැඩිමහල් සහෝදරිය විවාහ වී සිටියේ නැහැ .
ඔවුන් දුප්පත් පවුලක් . එකල අජිත් ගේ දෙමාපියන් සිතන්නට ඇත්තේ අජිත්ට ගැලපෙන්නේ මැය ය කියා ය . ඉතින් ඔවුන් විවාහයට කැමති උනා.  අජිත් ගේ දෙමාපියන් අජිත්ට ලැබිය යුතු දැවැද්ද පවා ප්‍රතික්ෂේප කරේ හිගන්නාගේන් උණු බත් ඉල්ලීම පහත් දෙයක් සේ සලකන නිසා කිව්වොත් නිවැරදි .

ඉතිං අජිත් සහ ඇය විවාහය සිදු කරගැනීමට ජාතික බැංකුවකින් සහ අජිත් පුද්ගලික බැංකුවකින් ණය ලබා ගන්නේ වෙන වෙනම .අජිත් ලබාගත් මුළු මුදලම ඇයට දෙන්නේ අජිත් ගේ දෙමාපියන්ටත් හොරෙන් . අජිත් ගේ වියදමින් මුදු දෙකම හදන අතර එයද කරන්නේ ඔහුගේ දෙමාපියන්ට හොරෙන් .   එසේ ලබාගත් ණයත් සමග ඔවුන් විවාහය ලස්සනට සිදු කරගන්නවා . ඇගේ පාර්ශවයෙන් නුවර ප්‍රසිද්ධ හෝටලයක සහ අජිත් ගේ පාර්ශවයෙන් ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක. ඇගේ දෙමාපියන්ට වියදම් කරන්නට වත් කමක් නැති නිසා අජිත් නිහඩව ඉන්නවා . විවාහයෙන් පසු ලැබුණු මුදල් තෑගි වලින් රුපියල් හතලිස් දහසකට ආසන්න ඉතා සුළු මුදලක් ඇයගේ දෙමාපියන් අජිත් ගේ බිරියට දෙනවා .ඔවුන් ඒ මුදලින් අලුත් ඇදක් සහ කන්නාඩි මේසයක් මිලදී ගන්නවා . එදා පළමු දවසේ කොච්චර මුදලක් හම්බ උනා ද කියල අදටත් අජිත් දන්නේ නැහැ . ඔහු හොයන්න ගියෙත් නෑ . හැබැයි ඔහුගේ දෙමාපියන්ට මේ වන විටත් හොදින් වැටහී තිබුණා බිරිදගේ දෙමාපියන් කපටි අය බව . විවාහයට පෙර ඔවුන්ගේ වත්තේ කරාබු නැටි වලින් ලද විශාල ලෙන් සතයක් වත් වියදම් නොකර ඒ මුදලම නිවාසයේ අලුත් කොටසක් ඉදිකිරීමට යෙදවූ බව අජිත් ගේ දෙමාපියන් දැනගෙන හිටියා . විවාහයට පෙර අජිත් ටත් වැටහුන දෙයක් තමයි බණ පොත අතේ තියන් හිටියට ඇගේ දෙමාපියන් කපටි සුත්තරකාරයින් බව . අජිත් මේ පිළිබද ඇයට කියන්නට ගියද ඇය ඒ කිසිත් පිළිනොගත්තේ ඇය දෙමාපියන්ට ණය ගැතී බව පවසමිනි . ඉතින් අජිත් ද නිහඩ වෙනවා .

ඉතිං ඔවුන් සතුටෙන් විවාහ දිවිය අරබන අතර අජිත් සතු පරණ කාර් රථය විකුණා අලුත් කාර් රථයක් අජිත් විසින් අත්පිට මුදල් සහ ලිසිං පදනම මත බිරිදගේ නමට මිලදී ගන්නවා .මාසික ලිසිං වාරිකය අජිත් සහ බිරිද හවුලේ ගෙවන්නට තීරණය කරන්නේ ඔවුන් දෙදෙනාම මාසික වැටුප් ලබන රැකියාවක කරමින් සිටින බැවිනි . මේ ලිසිං වාරිකයට අමතරව ඔවුන් වෙන වෙනම විවාහයට ලබාගත් ණය මුදලද නිසි පරිදි ගෙවන අතර අජිතගේ නිවසේ වියදම් ආහාර කටයුතු ද ඔවුන් දරනවා . අජිත් ගේ පියා සහ මව සුළු රැකියාවක් කරන අතර ඔවුන් ද ගෙදර වියදමට දායක වෙනවා . ඔහුගේ බිරිද තම වැටුපෙන් තුනෙන් පංගුවක් සැම මසකම දෙමාපියන්ට යවන්නේ ඔවුන් රැක බලා ගැනීම දරුවෙකුගේ යුතුකමක් වන නිසා ය . 

කාලයක් ගතවෙද්දී අජිත් ගේ පවුලට අලුත් සමාජිකයා පැමිණෙනවා . දරුවා රැක බලා ගැනීමට අවැසි බැවින් ද අජිත්ගේ බිරිය රැකියාව කලයුතු බැවින් ද ඔහුගේ මව රැකියාවෙන් ඉවත් වෙනවා . පසුව අජිත්ගේ බිරිද සේවය කරන ආයතනයෙන් ලැබුන වැටුපට සාපේක්ෂව විශාල වැටුප් වර්ධකයක් සහිතව වැටුප ලැබෙනවා . ඔය අතර අජිත්ගේ වැඩිමහල් සහෝදරිය විවාහයට සුදානම් වෙනවා . අජිත්ගේ බිරිය දෙමාපියන් ට යවන සල්ලි වලට අමතරව සහෝදරිය ගේ විවාහයට මුදල් ද ඉතුරු කරනවා මාසිකව .ඇගේ වැඩිමහල් සහෝදරිය ද රජයේ බැංකුවක් ණයක් ලබා ගෙන විවාහය වෙනුවෙන් කටයුතු ආරම්භ කරනවා .

ඔය අතර අජිත් ගේ බිරිදගේ දෙමව්පියෝ නැවතත් නිවසේ ටයිල් ඇතිරීම සහ තවත් අලුත් වැඩියාසිදු කරනවා . ඔහුගේ බිරිද පවා දැනගෙන හිටියේ නැහැ මේ බව දවසක් හදිසියේ ඔවුන් ගෙදර යනකම් . අජිත් බිරිදගෙන් අහුව්වම කොහෙන්ද සල්ලි කියල බිරිද කිව්වේ අපි දීපු සල්ලි ඉතිරි කරලා කියල .  අන්තිමට අර විවාහය අජිත් ට හිතාගන්නවත් බැරි විදියට නුවර හෝටලයක සිදු වෙනවා . බිරිද නම් කියන්නේ ඔක්කොම කරේ අර ගත්ත බැංකු ලෝන් එකකින් කියා ය .  විවාහයට අජිත් ගේ බිරිදත් උදව්කර කියල අජිත් දන්නවා . අජිත් ට වියදම් කරන්න සල්ලි තිබුනනේ නැති නිසා ඔහු තම මහන්සිය කැප කරා . දෑවැද්ද ට ලක්ෂ ගණනක් වටිනා විශාල ලී බදු සහ තවත් දේ දෙමාපියන් අරගෙන දුන්නා . අජිත් ට හිතාගන්නවත් බෑ . බිරිද කිව්වේ ඒවා අරගත්තේ ගෙවීමේ ක්‍රමයට කියල . එයා යවන සල්ලි මාසිකව දෙනවලු ගත්ත තැනට කිව්වා . ඒගොල්ලන්ට කන්නවත් සල්ලි නෑ කිව්වා . ඔය දේට අජිත් ගේ බිරිද මුලින් ම අකමැති උනත් අන්තිමට ඇයටත් හොරෙන් තමයි කරලා තියෙන්නේ . අජිත් ගේ බිරිද එකට ටික දවසක් තරහෙන් හිටිය . අජිත් මැදිහත් වෙලා තමයි ගැටලුව නිරාකරණය කරේ .ඔය වෙලාවේ බිරිදගේ අම්මට කියවුණා " මම හිතුවේ පුතා තමයි දුවට උගන්නල තියෙන්නේ කියල ". මේ වචනයෙනි අජිත් තවත් කලකිරුණා. අජිත් ගේ විවාහයට ඉස්සර දවසේ  විවාහයේන් ඔහුගේ පවුලේ අය හෝටලයට ඇවිත් ඔවුන්ගේ වියදමින් තමයි හෝටලයේ හිටියේ . එත් මේ විවාහයේ දේ බිරිද ගේ පියා හෝටලයේ කාමර වෙන් කරලා දෙනවා . මේකට අජිත් කියනවා "අපිටනම් මේවගේ කාමර වෙන් කරන්න කවුරුවත් හිටියේ නෑ අපේ සල්ලි වලින් තමයි හිටියේ කියල " මේක ඔය විදියටම අගේ පියා ඇගේ අක්කට කියනවා . අක්‌කා අර රණ්ඩුව වෙලාවේ ඕක අජිත ගේ බිරිදට කියනවා. එත් බිරිද අජිත් වෙනුවෙන් කතා කරේ නෑ . අදටත් ඇය ඔහු වෙනුවෙන් කතා කරන්නේ නෑ. අජිත් මේක අහුව්වම කියන්නේ මට ලොකු ඒ තුන් දෙනා තමයි කියල . දරුවට පාවා වැඩි ආදරයක් දක්ක්වන්නේ නෑ ඇය . අජිත් ගොඩක් කලකිරෙමට පත් වෙලා මේ දේ නිසා     

විවාහයේදී  ලැබුන මුදල් තෑගි ඔක්කොම සහෝදරියට දුන්න කියල ඔහු දන්නවා . අජිත් ලට වගේ ලැබිය යුතු සල්ලි අතුරුදහන් කරේ නෑ .
අජිත් ගේ බිරිද දාල තිබුනේ අක්කගේ චේන් එකක් මෙචර කල් . ඇය එදා එද්දී ඒ චේන් එකත්  අගේ දෙමාපියන්ට දීල තමයි ඇවිල්ල තියෙන්නේ . අම්මගේ රත්තරන් බඩු මොනවත් එයා ට එපා කිව්වලු . දරුවා ඉදුල් කට ගාපු දවසේ ඇගේ දෙමාපියන් තෑගි දීපු පොඩි චෙන් එක තමයි ඇය දන්නේ සමහර වෙලාවට. අජිත් දන්නවා ඇය තියන රුපියල හරි අනිත් අයට දෙන කෙනෙක් කියල අනිත් අයගේ සතුට වෙනුවෙන් . මේ ලගදී දවසක ගෙදර ට අලුත් ජෝඩුව පවුලේ අයත් එක්ක එනවා කිව්වම කෑම බඩු ගෙන්න සල්ලි නැත කිව්වම අජිත් තමයි සල්ලි යවල තියෙන්නේ . අජිත් දැන් ඉන්නේ ලොකු කලකිරීමකින් .මේ ලගදි අලුත් බඩු ගෙදරට අරගෙන තියනවා අජිත් දැක්කා . අජිත් ගේ බිරිදගේ ආච්චි අම්මගේ දානයට මුදල් හොයාගෙන තියෙන්නේ අර බිරිද එදා ගෙදර තියල ආපූ චෙන් එක බැංකුවේ උගස් කරලා කියල අජිත් ට කිව්වේ ඔහුගේ බිරිද මයි .

ඔය කොහොම වෙතත් ඔහු යුතුකම් අකුරටම කරනවා . හිත රිද්දනෙත් නෑ ඔවුන්ගේවත් ඇයගේවත්  .

අජිත් ගේ මේ කතාවේන් ඔය ගොල්ලන්ට ගන්න වටිනා පාඩම් රැසක් තියනවා .







Tuesday, October 17, 2017

බ්රේක් නැතුව ටොයෝට කාරීනා AA60යෙන් ගිය ගම්පොල ගොස් නැවත පිළියන්දල පැමිණීම (යහතින් / නොමැරී )

බ්රේක් නැතුව ටොයෝට කාරීනා AA60යෙන් ගිය ගම්පොල ගොස් නැවත පිළියන්දල පැමිණීම 

(යහතින් / නොමැරී )





මේ කතාව පටං ගන්නේ එකල මගේ වෙන්න බිරිද අද ආදරණිය බිරිදගේ අච්චිඅම්මා මෙලොව හැර දා එලොව ගිය දිනයේ ය .

මේ කතාවටත් ,එදා වගේම අදත් මතුවටත් මගේ බොක්කේ මිතුරෙක් වන චන්න මල්ලි සහ අදත් පසුතැවෙන මගේ පරණ ටොයෝට කාරීනා AA60 රථය සම කතානායක වරු වශයෙන් කටයුතු කරයි .

චන්න මල්ලි සමග මගේ දුරකථන සංවාදය මෙසේය .

දුරකථන සංවාදය මෙසේය .

මම - "චන්න මල්ලි කුෂානිල ගේ අච්චි නැති වෙලා ගම්පොල "

චන්න මල්ලි - "අම්මට සිරි මාර වැඩේ නේ කලන අය්යේ , කවදද වැඩ කරන්නේ "

මම - "හෙට ගන්නවලු"

චන්න මල්ලි - "හරි එහෙනම් අපි හෙට උදේ යමු "

කියපු විදියට අපි උදේ ම පිටත් උණා . යක්කල හරියෙන් උදේට කාල දැන් එක පිම්මේ ගම්පොලටය . ගම්පොල කිව්වට ගම්පොලෙන් දොළොස් බාගේ පාරේ උඩගල්පාය කියන දිහාවට.

එලවන්නේ මම ය .  මගේ පරණ ටොයෝට කාරීනා AA60 රථය පිම්මේ ගම්පොළට ය . චන්න මල්ලි ඉස්සරහ වන අතර අම්මා සහ තාත්තා පිටිප්පසේ සීට් එකේ ය .

සිදු උනේ අමුතුම අමුතු දෙයකි . කවදාවත් නොලබපු අත්දැකීමකි . පිටිපසේ ටයර් එකක් මටත් හොරා එයා තනියම බ්රේක් ගහගන්නවා වගේ හැගීමක් මට දැනුනි .  " මල්ලි මේකේ පිටිපසේ රෝදේ හිර වෙනවා වගේ " චන්න මල්ලි කිව්වේ සද්ද නැතුව යමු කියා ය .

 සද්ද නැතුව යන්න ලැබුනේ කෑගාල්ල ටවුමට පමණි . පිටිපස්සේ වම් ටයරය කැරකීම වර්ජනය කර ඇත . ඒ මදිවට මහා පාරේ සටහනක් ද (ටයර් පාර) තබා ඇත . ඉස්සර කෑගල්ල ටවුම අද වගේ පළල් කර නැත සෙනසුරාදා දවසක් වූ වෙන් ටවුමම පට්ට බිසී ය . මම කෙසේ හෝ අයින් කර නවතුවෙමි . ඇලෝයි වීල් එකට අත දැමු සැනින් අතට දැනුනේ බ්රේක් ඔයිල් වල සුමුදු පහස ය .

ඩිකිය ඇර ජැක් වීල් බ්‍රෂ් අතට ගත් දී දුටු දෙයින් දෙදෙනාවම උඩ ගියෝය . ඒ වහනය අරන් ගිය මගේ මිතුරෙකු දුන් තෑග්ගක් දැක ය . මොනවත් නොවෙයි ගෙනියපු එකා වීල් බර්ෂ් එක පලලා ය .  දැන් මොනවා කරන්නද ?  චන්න මල්ලි කිව්වේ ටවුමේ වහනයකින් ඉල්ල්ගමු කියා ය .අපේ පිහිටට හිටියේ හයිඑස් සෙල් මොඩල් වෑන් එකක අන්කල් කෙනෙක් ය . වෙලාවේ හැටියට එතුමා දෙවියෙක් ය . වාහනයේ ටයර් ගලවා බ්රේක් ලයිනර් සුද්ද කර අපි නැවතත් එන්න පිටත් උනෙමු .

දැන් එලවන්නේ චන්න මල්ලි ය . මම සහයක් ඩනී ය .

අපි මළගෙදරට පැමිණ වහනය පාරේ නවත්වදී එකල මගේ වෙන්න බිරිද පැමිණියේ අප පිලිගනුමට ය . ඇයත් සමග මරණයට ආචාර කොට දවල් කෑමත් මළගෙදරින් ම අරගෙන මරණය උස්සන්න ඔන්න මෙන්න කියා අප සැම පිට උනේ තවදුරටත් කල් මැරීම නුවනට හුරු නොවන නිසා ය . මක් නිසා ද යත් අපිට කිලෝමීටර් 150 කට වඩා වැඩි දුරක් යාමට තිබෙන බැවිනි .

ඇරබුමම කදුලක් වෙලා කියන්නාක් මෙන් වැස්සක් එක්කල කට්ටියම යන්නට සැරසෙන්නේ දැන් . චන්න මල්ලි වචනයක් වත් වැඩියේ කියවන්නේ නැත . වෙනසක් මුනේ පෙන්නේන්නට තිබුනත් ඔහු ඒ බවක් පෙන්නුවේ නැත .

වෙනස පෙනුනේ හරියටම පේරාදෙණිය කැම්පස් එක ලදී ය .ඉදිරියෙන් ගිය ත්‍රිවීලරය කරිනාවේ මහත බෆරයේ වැඩි ගුවනින් ගොස් අප ඉදිරියේ නැවතත් පොලවට සමබරව බිම පතිත වීම දැක ,  අපට සිනහව නවතා ගන්නට බැරි විය .
සිදුව ඇත්තේ අනතුරකි . ත්‍රිවීලරයේ බෆරය තැලී ඇත . රියදුරා අලාභය 2000 ඕන බව කිවේය . මම අලාභය පියවා ගමන සුපුරුදු පරිදි ඇරබුවෙමු .
කඩුගන්නාවේ ගල්බිම්ගෙය ඉස්සරහ කඩෙන් තේ බිව්ව අපි නැවතත් ගමනේ ය.  චන්න මල්ලි කිව්වේ කලන අය්යේ ගන්න පුළුවන්ද කියාය . ඒ හරියටම ගලිගමුවත් පසු කර පසුවය .

පරණ කරීනාව පන ගන්වා ඉදිරියට ගෙන නිකමට මෙන් බ්රේක් පෑගු මට දැනුන දේ කියන්නට ලියන්නට වචනනම් නැත්තේය... දෙයියෝ බුදුන් පල්ලා කාර් රථයේ බ්රේක් නම් කඳුලක්වත් නැත්තේය... බ්රේක් පැඩලය හතර වතාවක් එක වර වේගයෙන් පැගුවොත් ඉදිරිපස බ්රේක් වදින්නේය. එත් යන්තම් ය
.  නවත්වන්න ඕනා තැනට හැතැක්ම බාගයකට වාගේ කලින් බ්රේක් පැඩලය පම්ප් කරන්න පටන් ගත්තාම මට නවත්වන්න ඕනා තැන පසුකර හැතැක්ම කාලක් වාගේ ඉදිරියට ගොස් කාර් රථය නතරවෙනවාය... කාලය , දුර , සහ වේගය යන සාධක තුන මා විසින්ම නිර්මාණය කරගත් සමීකරණයකට ආදේශකොට නියම ස්ථානයේ කාර්රථය නවත්වාගන්නට දැන් දැන් මට හැකි වෙනවාය . මේවා පුරුවේ කරපු පවු ය .අපි දෙදෙනාම සද්ද නැතුව සිටියෙමු . නැත්තම් මගේ ආදරණිය දෙමාපියන්ගේ පපුව බයටම පැලී යනු ඇත .

යක්කලින් හැරවූ මම හංවැල්ලට එද්දී හොදටම රෑවෙලා ය . හංවැල්ල පාලමින් මීපේ ට හරවන පල්ල්ලම වෙද්දී කිසිවෙක බ්රේක් නැත . බ්රේක් වහනය හැර ගොස් ඇත . මැනුවල් නිසා ගියරයට බර දී වේගය පාලනය කරමිනි ගෙදර පැමිණියේ පුරුවේ පෙර පිනකට ය .

චන්න මල්ලි යනු අසන 54 ලේලන්ඩ් එකක් උවද බ්රේක් නැතුව ගෙනෙන්නට පුළුවන් සුපිරිම පොරක් නිසා මට එදා බය දැනුනේ නැත . දැන් ඒවා මතක් වෙද්දීත් බයය .

මේවා ලියා තැබුවේ අමතක වන නිසා ය . මෙවන් කාලයක් අපටත් තිබු නිසා ය .

Monday, October 16, 2017

මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම්!

මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම්!

හිතට කතා කරපු සින්දුවක ගැබුර විනිවිද දැකීම. තෙවන දිගහැරුම .


මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම් නෑ මං දන්නා වෙන කවූරුත් නුඹව තරම් ආදරයෙන් එදා ඉදන්... කදුළක් ලග නැවතුන ඇහිපිය දුරකට යවමින් හුස්මත් මට අමතක කරවන මතකය හොයමින් ආයේ හීනේ මැද්දෙන් ජිවිතේ අලුතෙන් ලියන තරම් වරුවක් ලග මුමුණන ඔය හිත මගේමද හිතමින් තනියක් නැති දවසක් එනකන් තව මග බලමින් ආයේ හීනේ මැද්දෙන් ආදරේ අමුනා තියෙන තරම් මේ හිත තනියෙන්.......

Thursday, October 12, 2017

අපේ හගුරන්කෙත ගමන .

අපේ හගුරන්කෙත ගමන . 

(වාහනයේ ස්පෙයා විල් එක ජැක් එක හා වීල් බ්‍රෂ් එක  නැතුව ටොයෝට කැරීනා AA 60 වර්ගයේ ඩීසල් රථයකින් කිලෝ මීටර පන්සියයක්  )


කතාව පටන්ගන්න්ගේ 2011 දෙසැම්බර් දවසක ආපු කෝල් එකකින් .

 " මචං 27මොකද කරන්නේ " ඒ මගේ කුඩා කල සිට මිතුරා මහේෂ් ගෙන් .

"26 නම් මගුල් ගෙදරක් , 27 වැඩක් නෑ මචෝ " ඒ මගේ පිළිතුරය .

"එහෙනම් 27 ලොක්කලගේ ගෙදර යමුද හගුරන්කෙත ? "

"එල යමු මචං "

"උබේ කාර් එකේ පුළුවන්නේ"

"කිසි අවුලක් නෑ මගේ එකේ යමු "

ගමනේ ආරම්භය සනිටුහන් උනේ මෙහෙමයි .

ලොක්කා යනු ලොකු අය්යා ය . ඒ චන්න මල්ලි ගේ අය්යා වන අතර කලක් යේමනයේ ටොයෝට කොම්පැනියේ සේවය කර මෙරටට පැමිණ තමාගේ කියා වාහන අලුත්වැඩියා කරන තැනක් පවත්වාගෙන යන අපේම අය්යා කෙනෙක් ය . ලොක්කගේ නෝනගේ ගම හගුරන්කෙත වන අතර අපගේ මේ බලාපොරොත්තුව 27 හගුරන්කෙත යාමට ය .

අපේ අවට ගම් තුලානේ ම ලොකුම ගරාජ් එක තියෙන්නේ චන්න මල්ලි ගේ තාත්තා ට ය . චන්න මල්ලි කුඩා කල සිටම මාගේ බොක්කේ මිතුරෙකේ ය . කර පිස්සු වැඩ පස්සේ ලියන්නම් ය . දැන්මේවා බලන හාමිනේ ලා මේවා දැක්කොත් අපට හොද නැතිය .

පෙරේරා මාමා යනු චන්න මල්ලිගේ හා ලොක්කගේ නැන්දගේ එකම දුව (සුමුදු අක්කා) ගේ මාමණ්ඩිය ය . අපේ අය බොහෝ දිනවල බොන්නට සෙට් වෙන්නේ වෙන්නේ පෙරේරා මාමාලගේ ගෙදර ය. බොහෝ දවසට මා ද එහි යන්නේ බිව්වේ නැතත් බයිට් හැපීමේ කැමැත්තත් , බී මදි පාඩුව ගෙන්න බී ගත් නැගේ මිතුරන් යවා උන් අමාරුවේ වැට්ටවීමට මගේ බලවත් අකමැත්ත නිසා ය .

දැන් ගමනට කට්ටිය සෙට් ය . ලොක්කා , පෙරේරා මාමා , චන්න මල්ලි මහේෂ් සහ මම ය . වාහනය මගේ ටොයෝට කැරීනා AA 60 වර්ගයේ ඩීසල් රථයයි . මේ වාහනයේ මොනම රෙපෙයාර් එකක් වත් චන්න මලිලාගේ ගෙදර හැරෙන්නට කර නැත . වහනය පැරණි රථයක් උවද ඔවුන් එය තෝරාගන්නට ඇත්තේ වාහනයේ තත්වය ඔවුන් හොදින් දන්නා නිසා වන්නට ද ඇත . ඊට අමතරව මේ වහනයෙන් චන්න මල්ලි සහ අපේ ගෙදර උදවිය මගේ වෙන්න හාමිනේ ගේ මාතලේ ගෙදර කීප වතාවක් ගිය නිසා ද වන්නට පුළුවන . හැමෝම කියන්නේ "මේක හොද කන්දට තමයි " කියා ය . මේ කියවන ඔබලාට ඉස්සර නුවර පාරේ යද්දී ටොයෝට කැරීනා AA 60 වර්ගයේ කාර් කොච්චරක් නම් හම්බවෙන්න ඇත්දැයි කියා ඔබටම මතක් කරගන්න පුළුවන් ය .

27 වෙනිදා දවල් 12 ට විතර අපි ගමන යන්න පිටත් උනේ චන්න මල්ලිගේ තාත්තා ටත් හොරෙන් වගේ ය . හෝමාගමින් මට මතක විදියට රුපියල් 2400 ඩීසල් ගහගත් අපි මීපේ , හංවැල්ල හරහා යක්කලට පැමිණ එතන සිට නුවර පාරේ හගුරන්කෙත යන්නට ය . වහනය පදවන්නේ මම ය . ලොක්ක ඉස්සරහ සීට් එකේ ය . පෙරේරා මාමා , චන්න මල්ලි මහේෂ්  පිටිපස්සේය .  පවනට බදු වේගයෙන් මගේ පරණ කාරිනාව නුවර පාරේ ඉගිලෙයි .

අබේපුස්ස තානායම හරියෙ දී ලොක්ක කියන්නේ තේ බොමු කියාය . ලොක්ක නුවර යද්දී නවත්වන්නේ සුප්‍රසිද්ධ "පියදාසගේ තල ගුලි" හෝටලයේ බැවින් ඔහු කී තැනට දකුණට මම හැරෙව්වෙමි . කිරි තේ බී , මාළුපාන් කෑ අප ගේ ඊලග නැවතුම නුවර ය .දැන් රථය පදවන්නේ මහේෂ් වන අතර මම පිටුපස ආසනයට මාරු උනෙමි .


කන්දේ මහේෂ්ගේ ගමන ඉක්මන් කිරීමට ආආආ ,.... ආආආ.. ඔය තියෙන්නේ වැනි දිරිගැන්වී ම් ය . මහේෂ්ගේ හැටට හැටේ පාගනවා ය . දැන් ඔහුට ඒ පෑගිල්ලත් මදි ය . දැන් අහන්නේ "ලොක්කෝ මේකේ තෙල් ඇරිමුද තවත්" කියා ය . තෙල් අරිනවා කියන්නේ ඩීසල් පොම්පයට ලැබනෙ තෙල් ප්‍රමාණය වැඩි කිරීමය .



ඔවැනි වූ සිනා සාගරය මැදින් කරිනවා නුවරට ලගා උනේ අප කාටත් නොදනී ම ය . දැන් මම කියන්නේ නුවර ඉස්පිරිතාලේ ගාව ෆුඩ් සිටිය ඉස්සරහ පොඩ්ඩක් නැවත්වමු කියා ය . ඒ මගේ එකල පෙම්වතිය මෙකල ආදරණිය බිරිද දැක ගැනීමට ය. ඇයව මහේෂ් , චන්න මල්ලි හොදින් දන්නා නමුත් ලොක්කා සහ  පෙරේරා මාම දන්නේ නැති බැවින් මම ඇයට ඔවුන් හදුන්වා දුනෙමි . දැන් ඇයවත් දමාගෙනකාරිනාව නැවත නුවර දෙසට ගමන් කරයි . ඊලග නැවතුම නුවර මාකට් එක ය . එතැනදී ලොක්කා ගියේ ගමනට අවශ්‍ය කළමනා ගන්නට ය . එතනින් ඇයට සමු  දුන්නේ ඇයට මාතලේ බසය අල්ලාගතයුතු බැවින් ය .



කෙමෙන් බිම් කළුවර වටේදී හවස 6:30 පමණ වන විට කරිනවා නුවරින් මහියංගනය පාරට හරවන්නේ හගුරන්කෙත බලා යාමට ය . තවමත් රථය එලවන්නේ මහේෂ් ය . ඒ දවස් වල නුවර  මහියංගනය පාර හදා නැත . කළුවරේ ඉදහිට වැලි පිරවූ ටිපර් රථයක් හෙමින් අප ඉදිරියට ඇදෙනවා හමුවෙයි . පාර පට්ට පාලුය . මහේෂ් දැන් අසන්නේ "චන්න ගන්නවද? " කියා ය . එතන සිට දැන් චන්න මල්ලි කරීනාව ගුවන් ගත කරන්නක් මෙන් පදවයි . 185/70 14 කාණ්ඩයට අයත් ඇලෝයි වීල් සහ අලුත්ම ටයර් 4 ඇති නිසා වාහනය ෆුල් කන්ට්‍රෝල් ය . ගමන 100 ද පැනලා ය . කදු අතරින් දැන් අප පිවිසෙන්නේ තියුණු වංගු සහ බැවුම් ඇති හරියට ය . අද වගේ ඉස්සර පාර පළල් කර නැති නිසා හෙන පටු ය .

 එක තැනකදි ලොක්ක කගස්සනේ "චන්න ඔන්න බලාගෙන " කියාය . ලොක්ක කිව්වේ නැත්තම් එදා අපි හැමෝම කනත්තේ දොයිය බබා ය . නොමිලේම අපේ විස්තරය රටේ පුවත් පත් , රේඩියෝ ටීවී වල ය .



හගුරන්කෙත පෙනී පෙනී ලොක්කට දැන් ඕනේ අරක්කු ගැනීමට ය .



අරක්කු පටවාගත් අපි දැන් යන්නේ ලොක්කගේ හාමිනේ ගේ නෑ ගෙදරකට ය. ඒ හගුරන්කෙත ටවුමේ ය . අපේ රැ කෑම එහි ලෑස්ති කරලා ය . රෑ කෑම අරගත් අපි දැන් වහනය හරවනේ ලොක්කගේ හාමිනේ ගේ ගෙවල් පාරට ය . වහනය ටික දුරක් ගොස් අසල නෑ ගෙදරක නැවැත් වූ අපි පයින් ම මහා කළුවරේ ගමනේ ය . සිතල උහුලා ගන්නටත් බැරි තරම් ය . වෙලාව රෑ 10 විතර ඇති  ය .



ලොක්කගේ හාමිනේගේ ගෙදරට පැමිණි අපිට අම්මාගෙන් උණුසුම් පිලි ගැනීමකි . තේ පානය කර අපි දැන් යන්නේ නා ගන්නට ය . නාන්න කිව්වට නාන්න බැරිය . වතුර සෙල්සියස්  අංශක 3 පමණ ඇත මිදෙන තරම් සිතල වතුර ඔලුවට වටේදී ඔලුව හිරිවටිනේ ය . නා ඉවර උවද කොණ්ඩය පිස දැම්මට ඔලුවට දැනුනේ නැතිය .

අන්තීමට බොමු කිව්වට කවුරුවත් බොන්නට නැතිය . ඔක්කොම පස්ස ගහනවා ය . හෙට බොමු එහෙනම් කියූ අපි දැන් යන්නේ නින්දට ය . හෙට උදෙන් ම කටියගේ ප්ලැන වික්ටෝරිය රන්දෙනිගල රන්ටබේ අභයබුමි සීමාවේ ගලා බසින ඔයෙන් නා ගැනීම ය .

උදේ තේ බී ආහාර ය ද ගෙන දැන් නඩයේ බලාපොරොතුව නාන්න යන්නටය . නාන්න කිව්වට වරහන් ඇතුලේ කුඩු වෙන්න බොන්නට ය . ලොක්කගේ හාමිනේ හදා දුන් සාලයෝ බැදුමත් සමග බෝතල් සහ බයිට් සමගින් පැමිණි අපි වහනය පාලම අසල නවතා ඔය පාර දිගේ උඩට යයි . යනවා කිව්වට 2km  විතරම පයින් යන්නට ඇතිය .




සෙට්වෙන්න නාන්න පට්ට පේල්ස් එකක් හමු වූ අප මුලින්ම කරෙ බොන එකය . දැන් මේ ගල්තලාව උද එළිමහන් බාර් එකක් ය . බෝතල් ඉවර වනේ සැනකින් ය . බොනවා සහ නානවා ඇරෙන්නට තවත් දෙයක් නැත . සිහියෙන් සිටියේ මම පමණකි . අනිත් හැමෝටම කුඩු වෙන්න වැදිලා ය . එක පාර වතුරට බැස්ස පෙරේරා මාමා සැඩ පහරකට අඩුවෙනවා මම දුටිමි . ඒ මොහිතින් මම වතුරට පැන පෙරේරා මාමා තදින් අල්ල ගතිමි . චන්න මල්ලි ද ඒ සමගම වතුරට පැන්නේ මගේ උදව්වට ය  . අපි දෙදෙනා පෙරේරා මාමා අල්ලා මහේෂ් සහ ලොක්කා ට උඩට ගන්නට සැලැස්වූ වෙමු . හැමෝම සැනසුම් සුසුම් හල බිම සහ ණෑම එපා උනේ පැය 5 පමණ විනෝද වීමෙන් පසුවය .

දැන් යන්න ඕනේ කට්ටියටම අමුතුම විදියකට ය ,  ඒ ඔය මැදින් ගල් උඩින් පැන පැන ය . 2km ඔය විදියට යන්නේ කොහොමද කියා


දන්නේ උඩ ඉන්න දෙවියන් පමණ ය .ඊටත් වඩා හැමෝම කරටි කැඩෙන්නට බී ගෙනය . අන්තිමට කට්ටියම පාලම ලගට පැමිණි පසු උඩට නගින්නට ඔන්න මෙන්න කියා ලොක්කද ඇද වැටුනේ ය . අවසානයේ කට්ටියම පිට වෙන්නේ නැවත  ලොක්කගේ හාමිනේ ගේ ගෙදර යාමට ය .

යන අතර මග ලොක්කට නැවතත් අරක්කු ගන්නට උවමන වූ හෙයින් අසල රට බීම ඉදිරි පස රථය නවතුවෙමු.රට බිම සහ ගෙදරට අවශ්‍ය කළමනා රැගෙන අපි ලොක්කගේ හාමිනේ ගේ ගෙදරට එද්දී හවස 5 පසු වෙලා ය .



ලොක්කගේ නැන්දම්මා සදා දුන් ලොකු කිරි වීදුරුව ගානේ පානය කර අපි ට ඊට පැයක යන්නට පෙර ආරාධනා කරන්නේ කෑම කන්න කියා ය  . කන්නට කීවට කන්නට බඩේ ඉඩක් නැත . එහෙත් කට්ටියම කන්නට මේසයට රැස් විය . කනවා කියන්නේ කෑමේ සහ බෙදී මේ ඉවරයක් නැත . ආගන්තුක සත්කාරයේ කෙල පැමිණි ලොක්කගේ නැන්දම්මාගේ අඩු පාඩු බෙදීමේ අවසානයක් ද නැත .

කෙසේ උවත් අවසානයේ දිය කෙලිය මහන්සියත් ඉස්ස්මරුත්තව එනතුරු ගත් කැමත් නිසා කට්ටියම නින්දට වටුනොය . දුරින් ඉඩ හිට ඇසෙන වෙඩි හඩ  මොකක්ද කියා ඇසු විට ලොක්කා කිවේ ඒ සතුන් දඩයම් කරන්න හදපු බැදපු තුවක්කු කියාය .

ගමනේ ලස්සනම හරිය දැන් ය . වෙලාව රෑ 11 පමණ වන්නට ඇත . එකපාරම මට වමනය අවේ කාටත් කියා ගන්නටත් පෙර ය . මට වමනේ යනවා දුටු මහේෂ් ටද වමනේ ආවේය . චන්න මල්ලි සැපට නිදි ය . මුළු ගෙදරම අවදි වෙලා එකම කලබගෑනිය කි . වමගේ ගියේ නිදා සිටි කාමරේ නිසා මුලින්ම කරේ වමනේ අස් කිරීමය පසුව ටික වෙලාවකින් තදින් බඩ යන්නට ද පටන් ගත්තේ හිතා ගන්නටවත් බැරි විදියට ය . අලුයම 2 පමන වන තුරු  වමනේ සහ වැසිකිලිය සොයා මීටර 100 දිවීම මට දැන් ඇති වෙලාය . අන්තිමට ලොක්කට චන්න මල්ලිටත් එකම ලෙඩේ සැදුනි . පෙරේරා මාම පමණක් කෙලින් ය . ගෙදර අය හිතන්නට ඇත්තේ බීම වැඩි වී කියා ය .

මේ වමනේ තොවිලයෙන් පසු උදේ ඇහැරුණු මම මගේ වෙන්න බිරිදට කෝල් කර කීවේ අමාරුකම ය . ඇය අම්මට කියා බෙහෙත් හදා ගෙන එන්නම් යෑයි කියා නොවැරදීම ඇගේ ඔෆිසිය ලගට එන්නට කිවාය .ලොක්කගේ නැන්දම්මාට , හාමිනේට සහ ලොක්කට සමු දුන් අපි උදෙන්ම කොලබ එන්නට පිට වුනේ මහත් ලැජ්ජාවක් ද සමගය . ගමෙන් ගිය උන් ලොක්කගේ පටි රෝල් කර ඇත . මේවා දන්නේ අපි පමණය . කරන්නට දෙයක් නැත ගැලවුණු රෙදි වලට අලුතෙන් රෙදි ඇද ගත්තාට වැඩක් නැති ය . සියල්ල සිදුවී හමාරය .

දැන් කට්ටිය නැවත පිම්මේ නුවරටය . එලවන්නේ මහේෂ් ය . ලොක්ක කිව්වේ මහේෂ්ට කදු ටික ඉවර වෙනකම් එල්ලවන්න කියා ය . ඒ කතා දන්නේ පසුවය . දැන් මගේ පරණ කරීනා ව නුවර ලග විය . මගේ ආදරණිය වෙන්න බිරිද ගේ අම්මා දුන් අත් බෙහත් ලබාගෙන  ආදරණිය වෙන්න බිරිදට ද සමු දී නැවත කට්ටිය කොලබ බලා ගමනේ ය . පේරාදෙණිය පහු වී ටික දුරක් යද්දී මහේෂ් ට නවත්ටත් වමනේ සෑදුනි . එබැවින් වහනය නැවතත් මම පැදවීමට ගතිමි . කඩුගන්නාව පොලිසිය පහු වී වංගුව ගනිද්දීමේ චන්න මල්ලි වාහනයේ වීදුරුවෙන් ඔලුව දමා හුරේ ට වමගේ කරන්නේ ය . "කලන අය්යේ හෙමින් යං " කියන්නේ කියාගන්නවත් බැරි විදියට ය . දැන් දිගටම එලවන්නේ මම ය . අත්තනගාල්ල පන්සල ලග තේ බොන්න නැවතුන අපි හංවැල්ල පාරේ නවතුවේ සුමුදු අක්කා ගෙන්න කියූ පාපිසි ගැනීමට ය .

වහනය කොහෙවත් නවත්වන්නේ නැතිය . උපරිමේ පාගා ගෙන මම එනවා ය . කොට්ටාව පෙනෙන මානයේ වුයේ මගේ වාහන එලවීමේ ඉතිහාසයේ කවරදාකවත් නොවූ දෙයකි . මට රථවාහන පොලිසියෙන් අත වැනිමය . සිදු වූ යේ , මගේ ඉදිරියේ ගමන් කල ත්‍රීරෝද රථය එක තැනම යු ටන් එකක් ගැසීමය . මම අනතුර වලක්වා ගන්නට කියා ඩබල් ඉර කපා ගෙන කොට්ටාව දෙසට ඇදෙද්දී පොලිසිය හයිලෙවල් පාර මැදට පැන නැවත් වීමය . ෂුවර් එකට ඒ අය හිතන්න ඇත්තේ කොහේ හෝ රොබරියක් දී යනවා කියා ය . අර පරණ ඇමරිකානු චිත්‍ර පටිවල ද ඇත්තේ මෙවන් හැඩය වාහන වලින් මෙවන් විදියේ ගමන් යන ජවනිකා ය .  මම වහනයෙන් බහින්නත් ඉස්සර අර මැදි වියේ නිලධාරියා පැමිණ ඇසුවේ

"කොහෙද මහත්තය මේ යන්නේ " කියා ය .

අපි නටපු තොවිලය දන්නේ අපි පමණකි . මම වහාම වහනයෙන් බැස පලද සිටි හිස් වැසුම ද ගලවා ඔහු අසලට ගොස් පැවසුවේ

" නෑ මහත්තය මට මේ පොඩි කරදරයක් "

 "මොකක්ද " ඔහු පෙරලා ඇසුවේ ය

" මට පොඩ්ඩක් ටොයිලට් යන්න වගේ " එකයි ,.

ඒ නිලධාරීන් දෙදෙනාගේම ඇස් උඩ ගියේ ය .

 ඔවුන් පෙරලා කිවේ "මානුෂිය හේතු , යන්න යන්න කියා ය "

මම කිව්වේ මේ බෙහෙත් කියා පෙන්නන්නට යද්දී නැවත අර නිලධාරියා කිවේ

 "යන්න මහත්තයා යන්න කියා ය "

මම ඔවුන්ටද ස්තුති කර යන්න පිට වුයේ රටක් රාජ්ජයක් දිනා පමිනේන්නෙකු ලෙසය . ඔය විදියට කියන්න මට කොහෙන් අදහස අවද කියා අදටත් අභිරහසකි .

ගමනේ අවසානයේ තවටිකකින් කුඩුවේ තැපිමට වෙන්නට ගිය දෙයක් 99.9 බේරා ගත්තේ මගේ පුරුවේ පිනකටය . ඒ කොට්ටාවෙන් හරවා පිළියන්දල දෙසට එන්නට පිටත් උනු අප ගමන් කර රථය හරහා මීහරක් පාර මාරු වනවටත් වඩා අන්ත ආකාරයට පාර හරහා පැන්න ගැණු ළමයි දෙදෙනා බේරීමට යාමේදී ය . වහනය නැවතුනේ නීඩ් ෆොර් ස්පීඩ් ගෙම් එකේ වහනයක් නැවතෙන විදියට ටයර් 4 ම දුම් දමා ය . වටේ හිටපු හැමෝම අපි දෙසත් වහනය දෙසත් අර  ගැණු ළමයි දෙදෙනා දෙසත් බැලුවේ චිත්‍රපටියක් රුගත කරනවද කියා ය .

අන්තිමට අපි යන්තමින් සන්තමින් ගෙවල් වලට පැමිණියෝය . හැමෝම ගෙදර බස්සා මම ගෙදර පමිනේදී හවස 4 වෙන්නට ඇත . එදා හෝමාගමින් 2400 ගැසූ තෙල් තවමත් ටැංකිය පතුලේ ඇත . පිස්සුවෙන් වගේ තෙල් කරලා ය . වාහනය නිවසේ නවත්වන්නට යද්දී මා නෙත ගැටුණු දෙයින් මට උන් හිටි තැන් ද අමතක විය . ඒ ගමන යන්නට මත්තෙන් මම වහනය පිහන්න කියා වාහනයේ ස්පෙයා විල් එක ජැක් එක හා වීල් බ්‍රෂ් එක එළියේ තබා  මේ ගමන ගොස් ඇති බවකි . අසන්න වශයෙන් කිලෝමීටර 500 පමණ ගොස් තිබෙන්නේ ඔය විදියටය .

මම මෙව්වා ලිව්වේ මෙවන් කාලයක් අපිට තිබුනා කියා අමතක වන නිසාය. ආයේ එව්වා කරන්නට වෙන්නේ ලබන ආත්මයේ වන්නට පුලුවනිය. මතු ආත්මයක උනත් මිතුරන් ලැබෙනවානම් ලැබිය යුත්තේ උඹලා වැනි බොක්කේ මිතුරන්ය. එත් අර විදියේ කෑමක් කන්නට නම් හතුරෙකුටවත් සිදුවන්නට එපාය.....

ආටියා ගේ රෝයෙල් ඉන්ස්ටිටුටියේ ගමන , වැල්ලවත්තේ බීච් එකේ බෝතල් පාර්ටි , ගෝල්ෆේස් එකේ හැට් කලෙක්ෂන් සමගින් රෝස්මින්ඩ් ප්ලේස් වල කෙල්ලගේ ගෙදර රැයක් .

මේක ආටියා ඕලෙවල් ලියල ඒ දවස් වල ගෙදර ඉන්න සන්ධියේ උන ෆන් අංශයට බර විස්තරයක් . ඔන්න අද කාලේ වගේ නෙවෙයි ඉස්සර කාලේ සාමාන්‍ය පෙළ ලියල අහව...