සංකල්පික ලෝකයක් .
කාලය වනාහි සංකල්පයකි .
සංකල්පික ලෝකයේ බුද්ධියට ගෝචර යමක් ඇද්ද එය තම බුද්ධියට සාපේක්ෂ වන්නකි . උදාහරණයක් වශයෙන් දිනකට පැය 24 ලෙස අප සලකමු . මදකට සිතන්න මුළු ලෝකයේ සියලුම පුද්ගලයන් දිනකට පැය 48 (දිනකට රාත්‍රී 2 ) ලෙස ඇත ය , යන්නට කැමති වී එය එසේ වෙනස් කරගත්තනම් ?
කාලය ඒකාන්තයෙන්ම මායාවකි. හුදු සංකල්පයකි .
පරීක්ශන නිරීක්ශන හා නිගමන යන තුන්විද උච්ච සාධකය පවා සංකල්පයකි . උදහරණයක් ලෙස ඔබම කල්පනා කර බලන්න පසුගිය සියවසේ විද්‍යාත්මක සංකල්ප බොහොමයක් මේ සියවසේදී විද්‍යාව විසින් ම බැහැර කොට ඉවත්කර ඇති අවස්ථා . මෙයට හොදම උදාහරණය ඔබටත් මටත් වැදගත් වන "පරමාණුව" යන සංකල්පය ය . මෙය ට පසුගිය සියවස් තුලදී කොතරම අර්ථ කතන , නිර්වචන පැවතියේද ?
විද්‍යාවේදී අලුත් යමක් සොයා ගත සැනින් එයට අදාල පැරණි සංකල්පය ඉතා පහත් ලෙස බිද හෙලනු ලැබයි . විද්‍යාවේ ඇතැම් සංකල්ප රුසියානු ගැති , ඇමරිකානු ගැති , ස්වරුපයක් පෙන්නුම් කිරීම තවත් පැතිකඩකි .
අන්වීක්ෂය සොයාගැනීමට මත්තෙන් ක්ෂුද්‍රජීවින් මේ ලොවේ සිටින්නට ඇත . එහෙත් අන්වීක්ෂය සොයාගත් පසු ක්ෂුද්‍රජීවින් කරලියට පැමිනේ . තවද පිරිසිදු ජලය අවර්නය යන්න පවා පැහැදිලි ලෙසම විද්‍යාවේදී කියාති මොහොතක තවත් අවස්ථාවක ලෝකධතුවේ සියලු දෘශ්‍ය සාධක වලටම නියමිත වර්ණයක් ඇතිබව ප්‍රකාශ කරයි . විද්‍යාව කිසිදින අවසන් නොවේ . අවසන් නොවීමට හේතුව විද්‍යාව යනු සංකල්පයක් වන නිසාය . සංකල්ප මොහොතින් මොහොත වෙනස් වේ .
මොහොතකට සිතන්න , අතීතයේ සිටි නිර්මාණ කරුවකු ගල් කුළුණක් නිමවා එයට නිමවූ දිනය වෙලාව සටහන් කර ඇතයි කියා . වර්තමානයේ පුරාවිද්‍යා ගවේශකයා එම ගල්කුලුනට වයස ගණනය කර ලොවට පෙන්වීම කල හැකිය. පුරාවිද්‍යා බොහෝ සාධක නියතයන් ලෙස සලකියහැක්කේ එබැවිනි .
විද්‍යාවට අදාල කාබන් 14 වයස්නිර්ණයට අනුව අතීතයේ රචනා කරන ලද පුස්කොළ පොතක වයස් නිර්ණය කර හැකිය . අතීතයේ සිටි මානවයාගේ වයස් නිර්ණය කර හැකිය .
මම කිසිම සාධකයක් සාධාරණය කිරීමට නොයමි . මක්නිසාද යත් බුද්ධිය පුද්ගලාණුබද්ධ වන නිසා ය.
මේ සුළු කරුණු දැක්වීම අවසන් කිරීමට පෙර ඔබට සිතන්නට යමක් කියමි . එනම් : -
අප මහා බුදුරජාණන්වහන්සේ නිවන් මග පහදා දී බොහෝ පිරිසක් ඒ මග වෙත යොමුකර එමගින් සසර දුකින් මිදීමට මග පහදා දුන් සේක .
එබැවින් ,
මොහොතක් සිතන්න A සහ B ලෙස සමාන බුද්ධිප්‍රභාවයක් ඇති නියත සමාන , සමව ක්‍රියාත්මක වන ශරීර අංග ඇති දෙදනකු සිටිත් කියා ,
නියත මොහොතක A හට නිවන කරා යාමට මග යොමු කරන අතර B හට විද්‍යාවේ පරතර වෙත යාමට මගට යොමු කරයි .
යම් කාල ධතුවකදී නිවන කර ගමන් ගත A හට නිවන අවබෝධ වන අතර B හට විද්‍යාවේ පරතර වෙත යාමට නොහැකි වේ . ඒ මක්නිසාද යත් විද්‍යාව තුල නව සොයාගැනීම් බිහිවන්නට බිහිවන්නට තවත් විද්‍යාවේ පරතර (අවසානය) තමාට නොදනුමත්වම දිග්ගැස්සේ .එය පෘතග්ජන පුද්ගලයාගේ සසර මෙන් වේ.
බුදුරජුන් දෙසු දහම , උන් වහන්සේ පෙන්වූ නිවන් මග ඔබ ඉතිහාස කතාවක ලෙස සලකනවද ?
අවසානයක් නොමැති පරීක්ශන නිරීක්ශන හා නිගමන මත පදනම් වෙලා සසර ගමන තවත් දික්කරගන්නවද ?
තීරණ ඔබ සතුයි !
ඔන්න උබේ ඔක්කොම කියොල ඉවර කරා... මචන් පෝස්ට් එකේ ටයිටල් එකත් දාපන්....
ReplyDeleteතැන්ක්යු වේවා , ඔක්කොම පොස්ට් බැලුවට සහ අලුත් දෙයක් කියල දුන්නට මචෝ !
Deleteකියෙව්වා... ඒත් අනේ මන්දා ආයෙ කියවන්න ඕනෙ හිමිහිට
ReplyDeleteහේ හේ හේ .
Deleteමොකද අනේ ඒ .....
සඳවතීගේ ප්‍රතිචාර වටිනවා නේ.... එකයි .
අනිවාර්යයෙන්ම... විද්‍යාව යනු හුදු සංකල්පයක්. තිරශ්චීන විද්‍යා ද ලුහුබැඳ යන අපි කවදාක නිරපේක්ෂත්වය දකී ද..
ReplyDeleteවිද්‍යාවේ සියලුම දේවල් සංකල්ප තමයි එරන්දි අක්කේ. මේ අපේ ජීවිතවල බැදීම් බොහොමයකටම මුලත් අපි විසින් ම මවා ගත් හෝ අපි ව බලෙන් තල්ලු කරපු ලෝකයේ ම සංකල්ප නේද අක්කේ .
Delete