Friday, April 27, 2018

කලකට පෙර ජාතික පුවත්පතකට ලියූ එහෙත් හේතුවක් මත පළනොවූ ලිපියක්.


අපි ගමන් ගත් රථය මාතලේ නගරයට එනකොට හවස එකටකට විතර ඇති. රත්තොට නගරයෙන් දුම්බර කදුු වැටියේ නකල්ස් හරහා මහියංගනයට යන්නේ හුග කාලෙකින්.

රත්තොට තරමක් ජනාකීර්ණ නගරයක් වුවත් එතිනින් එහාටනම් ඇත්තේ නිස්කලංක පරිසරයක්. රථය තරමක් අපහසුවෙන් කන්ද නගින්න පටන් ගත්තා.

"අවවාදයයි. මෙහි දිය නෑම භයානකයි."  ඒ අපි කි.මී. හතරක් විතර එනකොට අපිට හමුවන ඹබරකිරි ඇල්ල.’
 නකල්ස් පරිසර කලාපයේ තියන සුන්දර ඒ වගේම දිගු නියගයකින්වත් නොසිදෙන දිය ඇල්ලක්. අපි ඹබරකිරි ඇල්ල බලන්න වාහනේ පාර අයිනේ නතර කර මීටර දෙසීයක් ක් විතර ඇතුලට ගියා. ඒ වෙනකොට වැස්ස ලැබුනු බැවින් වතුර ටිකක් වැඩියි. දිය ඇල්ල හරියට සුදු සාරියකින් හැඩවුනු මණමාලියක් වගෙයි. වැඩිය උස නැතිවුනත් මේ මණමාලි සුදු පාටින් මීටර් තුන හතරක් පමණ උස සිට කඩා හැලෙනවා. කඩා හැලෙන තැන දෑස් පිනවන චමත්කාරයක්. වතුර ටික නිල් මැණික් කැටයක් වගේ. අපි වතුර ටිකක් අරගෙන මූණට දමා ගත්තා. එතෙක් වේලා දැණුනු විඩාව කොහෙන් ගැයාදැයි දන්නෑ.

නාමුද..? ඒ මගේ යෝජනාවක්. ඒ වචනය ඇසුනු ගම් වැසියෙක් මහත්තයෝ ප‍්‍රවේසමෙන්. ඔතන බිලි ගන්නවා. මේ මිනිසුසු බිලි ගන්නවා කියලා කියන්නේ මහා අත්භූත බලයක් මෙයට ඇතැයි සිතා. ඇත්තටම ඔවු සොබාදහම ගැන අංශු මාත‍්‍රයක්වත් හිතන්නැති උන්ට සොබා දහම නිසි පාඩම් කියලා දෙනවා. මට මතකයි මගේ මිත‍්‍රයෙක් දවසක් කිව්වා.

ඔතන මැරිලා තියන ඔක්කොම මේ අහලපහල අය නෙමේ. පිටින් ආපු අය. ඒ අයගෙනුත් වැඩි හරියක් පොඞ්ඩක් මත්වෙලා. මේ නාන වලේ හැඩගැස්ම දන්නැති අය ඇත්ත. මේ දිය ඇල්ලෙන් වැටෙන වතුර ක‍්‍රම දෙකකට පහලට යනවා. එකක් තමයි සොබාවික විදහට මතු පිටින් ජලය ගලා ගෙන යෑම. අනිත් එක තමයි. මේ තියන ගල යටින් උමගකින් ජලය ගලා යෑම. මේ බවක් සහ මේ කිසිවක් ගැන දන්නේ නැති අයට මේ දේ සිද්ධ වෙනවා.

මම වට පිට බලපුවාම අපෙත් එකක ආපු සනි නැත්තම් තාත්තගේ ඩ්‍රයිවර් මහත්තයා නෑ. "මම මෙහේ…"

ඔහු මේ ඇල්ලට උඩින් තියන එලෙන පාලම උඩ. ඒකත් මේ දිය ඇල්ලට අපූරු චමත්කාරයක් එක්කරනවා. දිය ඇල්ලෙන් වැටෙන වතුර පාරේ සද්දෙත් එක්ක එලෙන පාලමට ගියපුවාම මතක් වෙන්නේ පේරාදෙණියේ මහවැලි ගග හරහා ඉදි කර ඇති එල්ලෙන පාලම උඩ පෙම්වතියන්ගේ සතුටු සිනාව.

අපි නැවත ගමන ආරම්භ කරා. අර බලන්න කූඹුරු යායේ ලස්සන. ඇත්තටම ඔවු. කොළම කොළපාටට හෙල්මලූ ක‍්‍රමයට වගා කරපු ගොයමක්, පාරෙන් දකුනු පැත්තේ බෑවුමේ.

අපි දැන් නකල්ස් රක්ෂිතයට කිට්ටු වෙමිනුයි ඉන්නේ.

ඒ සනීගේ කටහඩ. මේ නකල්ස්වලට පිවිසෙනකොට ලංකාවේ කිසිම තැනක එකට නොදැනෙන, නොදකින් පරිසර ලක්ෂණ දක්නට ලැබෙනවා. ඒ තමයි ලංකාවේ දේශගුණික ලක්ෂණ සියල්ලම පාහේ මෙයට පිවිසෙනකොට දැනේනට වීම.

මැදවත්ත වතු යායේ තේ වතු ටික සාරවත්. ඒත් ඒ මහා තේ වතු තුල හිරවී සිටින මිනිස්සුන්ගේ ජීවිත කෙතරම් අදුරුද. ජීවිතේ ගැටගහගන්න මුලූ දවසම වත්තට කඹුරනවා. ඒත් ඒ දම්ළ මිනිසුන්ට නිසිපරිදි වැසිකිලි පහසුකම්වත් නෑ. නමුත් ඒ මිනිසුන්ගේ දහදියෙන් උපයන මුදලින් සුරසැප විදින මිනිසුන් කොපමණද? ඒ උපයන විදේශ විනිමයෙන් ඇමතියෝ සැප ගන්න ගෙන්වන වාහන වල වටිනාකම අදහගන්න්නත් බෑ.ඔවුන්ගේ දහදියෙන් උපයාගන, ඔවුන්ම බදු වලින් මිරිකා නොමරා මරා දමන රටක් මේක.

"මොනවා කරන්නද මහත්තයෝ, සොච්චමක් අරගෙන දවසක් තියා වේලක්වත් ජීවත් වෙන්න බෑ. අපේ කරුමේ. කාට කියන්නද."  මැදවත්ත වතු යායේදී හමුවූ දමිළ වතු කම්කරුවෙක් අප සමග වේදනාවෙන් පැවසීය. මට මතක් උනේ මයිකල් ජැක්සන්ගේ ගීතයක්…. ඔබට පෙනෙනවාද මිනිසුන් මැරෙන තරම්, බියෙන් ගැහෙන තරම්, ඇයි බැරි දෛවයට ඉඩක් නැති සුන්දර ලෝකයක් තනන්න ඔබත් මාත් වෙනුවෙන්.

ගිනි කූරක් ගැහැවුවොත් මුලූ පාලතම ගිනි ගන්නවා. ඒ පයිනස් කැලෑව පෙන්වමින් තාත්තා පැවසීය. ඇත්ත දකුණු අත පැත්තේ තේ. වම් අත පැත්තේ පයිනස් වගාව. පයිනස් වගා ඇතුලේ යටි වගාවක් ඇත්තේම නෑ. විශාල ගනකමකින් යුතු නොදිරපු පයිනස් කොල තට්ටුවක්.

හිතට ලොකු කේන්තියක් ආවා. සෝදාපාලූව වලක්වන්න කියලා අපේ රටට හිතකර නෙවෙන විදේශීය ගස් කොලන් වනවාගවේ නාමයෙන් හිටවලා. දැන් එක පැත්තක පයිනස් යායවල්. මේවා කවුරු හදුන්වා දුන්නත් මෙක පරිසරහිතවාදී වැඩක් නම් නෙමේ. ස්වාභාවික ලෝකයේ සතා සිව්පාවා සහ ගහකොල අතරේ තිබෙන අපූරු බැදීම විතරක් නෙමේ අපේ භූමියටත් ස්වාභාවික ජල උල්පත්වලටත් මෙවායෙන් කරලා තියෙන්නේ අතිමහත් විනාශයක්. ඒත් තාමත් පරක්කු නෑ කියලා මට හිතුනේ තේ වතුටික සහ පයිනස් වතු මැදින් භයානක වංගු ටික අරගෙන ඉවරවෙලා රක්ෂිතයට ඇතුල් වෙනකොටම හමුවෙන ඉතාමත් සුනදර කුඩා දිය ඇල්ලේ වතුර තියනවා දැක්කහම. එතන ඉදලා වටපිට බලපුවාම මාතලේ කදු වලල්ලත් ඒ අතර විල්ෂියා කන්දත් ඉතා මනහර ලෙස ගාම්භීරව අප දෙස බල ඉන්නවා.

ඉර අහංකාර ලෙස බැස යමින් තිබුනේ සීතල මිහිදුම් කදු පහත් කරමින්. දැන් අපි රිවස්ටන් කදු මුදනට ඉතාමත් කිට්ටුයි. ටිකක් බහිමුද. මම යෝජනා කලා. රථයෙන් බැස ගත් අපි ටිකක් පාරේ එහොට මෙහාට ගියා. හැමදාමත් වගේ නකල්ස් එනකොට අපිව සිප ගන්න කට්ටියක් බලා ඉන්නවා. අදත් කලින්ම ඔවුන් ආදරයෙන් පිළිගෙන මගේ දෙකකුල් සිප ගත්තා. ඒක කොච්චරද කිව්වොත් ඒ කූඩැල්ලන්ට බයේ අපේ රියදුරු මත්තයා සෙරෙප්පු දෙකත් බිම දාලා රථයට නැගලත් ඉවරයි. තාම අපි මේ වගේ පරිසරයක මේ විදිහට සොබාදහම විදින්න, ඒ පරිසරය තාම තියනවා කියලා කියන්න එක් සාධකයක් තමා මේ කූඩැල්ලෝ.

අපි පැයකහමාරක විතර ගමනකින් රිවස්ටන් කදු මුදුනට ආවා. මීදුම නිසා මුලූ පලාතම ලස්සනයි. සීතලයි. ඈත බලපුවාහාම නකල්ස් කදු වළල්ලත්. ඇලහැර, පොලොන්නරුව ප‍්‍රදේශයත් මනහරව දිස්වෙනව. කන්දෙ අනිත් දිසාවේ තියන ටෙලිකොම් කුලූන මිදුම හංගාගෙන වගේ. ඒ තරමටම කුලූනේ භාගයක් පෙන්නෙ නෑ. ඒ මිදුම් සීතලත් එක්ක අපි එතන සිට බෑවුම බැස්සා. වම් අත පැත්තෙන් පිටවල පතනත් මනහර බෑවුම් බිමත් සමග කුඩා කදු ගැටත්, ලකේ ගල පැත්තෙ එක් කොටසකුත් මවන්නේ අපුරු දසුනක්. මේ වගේ පරිසරයකට ඇතුල් වෙන හැම අවස්ථාවකදීම මට මතක් වෙන්නේ සෝවියට් රුසින් සාහිත්‍යය, ඉංදියානු වංග සාහිත්‍යය. පරිසරය ජීවමාන කිරීමට ඔවුන් තරම් දක්ෂයින් ලොව කිසිම තැනක නෑ කියලා මට හිතෙනවා. ඒ කෘති කියවනකොට ලැබෙන වින්දනය මේ වගේ පරිසරයක් තුලදී ජීවමාන වෙනවා. ස්ටෙප් තණ බිම්, පොප්ලර් ගස්, බයිකල් විල, සෝවියට් රුසියන් මුලූ පරිසරයම ඒ කෘති වලින් අපට විදින්න සලස්වනවා. වැඩිය නෙමේ. ගුරු ගීතයේ මුලූ පරිසරයම ජීවමාන කරන හැටි. වංග ලේඛක වංගෝත්පා්‍යගේ අරණකට පෙම්බැදි’ කෘතියේ මහ වනය අපදෑස් ඉදිරයේ මවන හැටි කෙතරම් අපූරුද.

දැන් අපි සිටන්නේ ඊට නොදෙවනි පරිසරයක. මගේ වම් අත පැත්තෙන් පිටවල පතන. වැහි පොදක් මේ දවස්වල යන නිසා හොදට නිල්ල ගහලා. පතන මැදින් සිහින් දොල පාරක් පෙම්වතෙක් පෙම්වතියකට රහසක් කියන්නාක් මෙන් හෙමිහිට ගලා බහිනවා.

අන්න ඈත ලස්සක කුඹුරු යායක්. අත දිගු කරමින් සනී කියයි.

ඒ ඇටන්වල පැත්තෙ කුඹුරු. ඒවා තාමත් සරු සාර ගම්.

අපි හිටවුපු ගල් කනු තාම තියනවා නේද සනි. තාත්තා අතීතය මතක් කරයි. ඒ මීට අවුරුදු දෙකකට විතර පෙර පිටවල පතන මුදුනටම වාහන ගමන් කරා. වාහනවල ටයර් වලට පාෂාණය මතු පිට තියන තණකොල සේරම මැරෙන්න පටන් ගත්තා. මේ වගේ රත්තරං පරිසරයක තියෙන වටිනාකම දන්න අපිට නිකං ඉන්න බැරි වුනා. අපි කට්ටිය එකතු වෙලා රජයේ සීමාවේ කඩන් වැටුන කණු වෙනුවට අලුත් කණු  වාහන දාන් බැරි වෙන්න පරණ තිබුනු කනු ටික වෙනුවට අලුත් කණු නියමලෙස සකස් කරා. ඒවා තාමත් තියනවා. අපේ මිනිසුන්ට මේවායේ වටිනාකම තේරෙන්න තව බොහෝ කල් යයි. එතකං ඔවුන් මෙතෙන්න ඇවිල්ලා ගෙනාපු සේරම මෙහ දාලා පොලිතින්වලින් පුරවලා ආපහු යයි.

ගොඩාක් මිනිසුන් මේවා ගැන දන්නෑ කියලා මට හිතෙන්නෙ. හැබැයි මේ සොබාදහම ගොඩාක් දේ අපට කියා දෙනවා. අපිට අලූත් ගමනක් යන්න. මේ පරිසරයේ තියන සුන්දරත්වය, සමතුලිත බව, එය ආරක්ෂා කිරීමට අපේ මුතුන් මිත්තන් භාවිතාකල ක‍්‍රම පිලිබදව විචරාත්මකව හිතලා බලලා කරන පරිසර විද්‍යාවේ නව සොයා ගැනීම් ඉතාමත් වටිනවා. ඒකට ලංකාවේ තිබෙන හොදම විද්‍යාගාරය නකල්ස් කියලයි මට හිතෙන්නෙ. මේ ඒ තරමටම සුන්දරකිමින්, දැණුම්න් මෙ බිම පොහොසත්. ඒක නිසා තමයි මේවාට ආදරය කරන අලූත් මිනිස්සු අපට අද ඕන. මේ සිතුවිලිවලින් මා අවදි උනේ වාහනයක් ආපු සද්දෙට. දැන්නම් වටින් ගොඩින් අදුර ගලා ගෙන එනවා. කදු පංතියේ බොහෝ ඉර එළිය හංගාගෙන. මිදුම වඩාගෙන වගේ. අපිටත් දැන් ගොඩක් සීතලයි. කුඩා වැහි පොදක් වැටෙන්න ගත්තා. ආපහු කකුලෙ කූඩැල්ලෙක් එල්ලිලා. ඒ තමා උගෙ ජීවිතේ.

උඹ ඌ හිටපු තැන ආක‍්‍රමණය කරන්න ඇති. තාත්තා කිව්වෙ හරියට මම විශාල වැරද්දක් කරා වගේ. ඇත්ත. මේ උංගෙ පරිසරය. ඌට හුරුපුරුදු පරිසරය. මේ පරිසරය අයිති උන්ට. මේ සොබාදහම කියා දෙන දේ තේරුම් ගත්තොත් සොබාදම් විපත් කියන්නේ මොනවාද කියා මනාවට තේරුම් යාවි.

හෙටිටිපොලින් උණුසුම් වෙන්න මොනවා හරි බොමු. මම යෝජනා කරමින්, අපි පතනට සමු දී මහියංගනය බලා පිටත් උනේ ආයෙත් නකල්ස් පෙම්වතිය හදවතින් තුරුලූ කර ගැනීමේ ආදරණීය හැගීමෙන්.



*කලකට පෙර ජාතික පුවත්පතකට ලියූ එහෙත් හේතුවක් මත පළනොවූ ලිපියක් . 

Thursday, April 5, 2018

පුංචි කාලේ රස කථා 2 , පෝය දවසේ සිල් අරගෙන පන්සලේ මහා ගල් වලට බැසීම සහ පන්සල්වත්ත තුල කොලු නඩය සමග රස්තියාදුවේ යාම .

කළුගල් තලාව මත පිහිටි මහනුවර යුගයට අයිති චිත්‍ර පිළිම සහිත පැරණි පන්සල.

හැම පෝය දවසකටම සිල් ගැනීම දහම්පාසල් යන අපිට එදා අනිවාර්ය කර තිබුන අතර හරියටම සිල් ගන්නේ සිල් දෙන විට පමණය . උදේ හය වෙද්දී පන්සලේ සිල් දෙන අතර එදා අද මෙන් අපි මහාමාර්ගයෙන් පන්සල් නොගියෙමු . නිවාස අසල තිබෙන රබර් වත්ත මැදින් පන්සල වෙත අඩිපාරක් එකල තිබුන බැවින් රබර් වත්ත මැදින් පන්සල් යාම කුඩා අපට මහත් විනෝදයක් ගෙන දෙන්නක් විය .
අච්චි අම්මා සැම පෝයකටම අනිවාර්යයෙන් සිල් ගන්නා අතර ඇගේ නිවසේ වැඩට සිටි මට වඩා අවුරුදු කිහිපයකින් වැඩිමහල් අසංක ද සිල් ගන්නට යන්නෝය . ගෙදර වැඩට හිටියා කීවද අච්චි අම්මා ඌ ට සැලකුවේ තම දරුවෙක් ට මෙන් ය . පාසැල් , දහම් පාසැල් යවා හවස අමතර පංති ද යවන්නට එදා අච්චි අම්මා අමතක නොකලාය . ඊට අමතරව අච්චි අම්මා මැරෙන්නට පෙර අසංකට බොල්ගොඩ නදිය අසබඩ කෝටිගණනක් වටිනා ඉඩමක් ද ලියා දුන්නේ ඒ බව සනාථ කරන්නට මෙන් ය.  තවද අච්චි අම්මා ගේ පැන්සෝන් එකෙන් සැලකිය යුතු මුදලක් උගේ ගිණුමට මාසිකව දම්මන්නට ද ඇය අමතක නොකලා ය. ඒ අච්චි අම්මා නැති කලක අසංකගේ මෑණියන් වූ ගෙදර වැඩ කරපු සෝමා ට යන හොද කලදවසක් තිබිය යුතු යැයි ඇය කල්පනා කරන්නට ඇත. 

අප තිදෙනා අමතර ව ලොකු අය්යා ද මේ සිල් ගැනීමේ ගමනට අප සමග එකතු වන්නේ ය . පන්සලට යනකම් ආච්චි අම්මා සමග යන අප උදේ සිල් දීමෙන් සහ උදේ දානය අහවර වීමෙන් පසුව සුපුරුදු රස්තියාදුවේ යන්නට පටන්ගන්නෝ ය . පන්සල් වත්ත අක්කර ගණනක් විශාල වූ අතර ඒක කෙළවරක් මහා පාතාලයක් වැනි ගල් වලකින් ද තවත් අන්තයක් පන්සලටම අයිති කුබුරු යායකින් ද අනෙක් අන්තය අපි පැමිණෙන පෙර කී රබර් වත්තෙන් මායිම් වී ඇත . එකල පන්සලේ නායක හාමුදුරුවන් වූයේ සල්පිටි කෝරලයේ ප්‍රධාන සඟනායක පුජ්‍ය මාකෙහෙල්වල ධම්මාරාම නායක ස්වාමීන් වහන්සේ ය . නායක හාමුදුරුවන් දක්ෂ වෙදදුරේක් වන අතර "ගුළු" ගහෙ ගෙඩි වලින් සෑදූ වටිනා තෙලක් හැමෝටම නොමිලේ දුන්හ . මමද වරක් අච්ච්අම්මට තෙල් ඕන වී අසංක සමග පන්සල ගියා මතකය . හාමුදුරුවෝ දෙස බලන්නට වත් බය තරමේ මහා තේජාන්විත බවක් උන්නාන්සේ ගේ මුහුණේ සහ පිටකරන වචන වලද තිබුන බව මට මතකය .

"මොකද බොල , උබලා දෙන්න මෙතන හොරගල් අහුලන්නේ"

"මැණිකේ නෝනා තෙල් පොඩ්ඩක් ඉල්ලං එන්න කිව්වා" අසංක බිම බලං කියූ අතර මට වචනයක් කථා කරන්නට තරම් වත් ශක්තියක් නොතිබිණි .

"තොපිට කටක් ඇරලා කියන්න තිබ්බනේ උවමණාව , ඔහොම හිටපන් ..... නන්දාරාම .... නන්දාරාම ....  කෝ මේ නන්දාරාම .... "

"අපේ හාමුදුරුවනේ ? "

"මැණිකේ කොල්ලව එවල තියෙනවා තෙල් ඉල්ලගෙන , ගිහින් දුන්න නම් "

" එහෙමයි , අපේ හාමුදුරුවනේ "

" එහෙනම් පලයල්ලා බෙහෙත් කුටියට "

" හාමුදුරුවන් ට නෝනා මේ හැලප වගයක් දෙන්න කිව්වා " අසංක තම අත වූ හැලප පාර්සලය දෙන්නට විය.

" ආ .... හොදයි . තියපිය ඕක දාන ශාලාවෙන්"
ඔය හාමුදුරුවන්ගේ කතා කරන හැටි ය. ඒ වචන වල ද්වේශය නොතිබුන අතර ඒ උන්නාන්සේ ගේ රටාව විය.

අපේ අච්චි අම්ම පන්සලට යනවා නම් මොනවා හරි හදලා පොඩි හාමුදුරුවරුන් ට දෙන්නට අමතක නොකලා ය. ඒ ඇයගේ හැටි ය .


අද වනවිට නායක හාමුදුරුවන් අපවත් වී අවුරුදු විසි ගණනක් හෝ තිහකට ආසන්න ව ඇත . දැන් පන්සලේ නායක හාමුදුරුවන් වන්නේ රාජකීය පණ්ඩිත අතිපුජ්‍ය මේඩේරිගම නන්දාරාම නායක හාමුදුරුවන් ය . මාකෙහෙල්වල ධම්මාරාම නායක ස්වාමීන් වහන්සේ ගේ ගෝල හාමුදුරුවන් දෙදෙනා වන්නේ අද නායක හාමුදුරුවන් ලෙස කටයුතු කරන නන්දාරාම හාමුදුරුවන් සහ ධම්මාරාම හමුදුරුවන් ය .

දවසක් පන්සලේ සිල් අරගෙන පන්සල් වත්තේ හැඟීමුත්තන් කරමින් සිටි කොල්ලන් රැලට මම අපූරු යෝජනාවක් කරනවා ය . ඒ පන්සලේ ලොකු ගල්වලට බහිමු කියා ය . මහනුවර යුගයට අයිති චිත්‍ර පිළිම සහිත පැරණි පන්සල මේ රුපය දක්වා ඇති අතර පන්සල දකුණු අත පැත්තේ තිබෙන අලුතෙන් තැනූ තාප්පය නොවන්නට ගල් වල භුමිය  අදටත් විවුර්ත පෙදෙසක් වන්නට තිබුණි .
ගල් වලක් කීවට මෙහි අඩියේ කොළ පාටට වතුර තිබේ . වතුරෙන් යට තවත් ගැබුරු බව පෙනෙන්නට තිබේ .
මගේ මේ යෝජනාවට හැමෝම එකග වූ අතර කොල්ලන් දහයක් පහළොවක් විතර ගල්වල දෙසට දැන් යනවා ය. "එහෙනම් බහිමු " කියද්දී මටවඩා අවුරුදු ගණනකින් වැඩිමල් උන් පවා වැඩේ පස්ස ගහන්නේය . අවසාණයේ කවුරුත් එන්නේ නැති තැන මම තනිවම ගල් වලට බහින්නට විය . ගල් දාර වලට සෙමෙන් අඩිය තබමින් ගල්වල මැදට යද්දී නිකං ඔලුව කැරකෙනවා වගේ ය . උඩටත් පහළටත් සමව දුර ඇති තැනක මම මද වේලාවක් ගිමන් හැරී අතර කෙසේ හෝ අබියෝගය ජය ගත යුතු ය යන මානසික මට්ටමේ එදා මම සිටියෙමි . ගල්වල මැද ට වන්නට වූ සුළග මා ගහගෙන යන තරම් විය . මගේ වෙලාවට ගල් දාර හොදින් වෙලී තිබු අතර මහාකළුගල රත් වී තිබීම පාදයට මහත් වේදනා දෙන්නක් විය . ගල්වල යටටම බැස්ස මට උඩින් වූ කොල්ලන් රැල ඉතා කුඩා වට පෙන්නේනට විය . එදා හදට ගිය ඇමරිකානුවන් හදේ පස් සාම්පලයක් රැගෙන පොලවට ආවාක් මෙන් මමද මගේ වීර එහෙත් සුළු අතපසුවීමක් සිදු වුනිනම් නිසැක මරණය ගෙනදෙන්නට තරම් වූ චාරිකා වේ ගමනාන්තය උඩ ඉන්න අයට ඔප්පු කරන්නට පහල ගල් වලේ වතුර දාරයේ වැවී ඇති වල් කංකුන් වැලක් ඇදගෙන බෙල්ල වටා ඔතා ගතිමි .  සිල් ගන්න ඇදපු නැෂනල් එක ගල උඩ තබා සරම යටට ඇදපු කොට කලිසම සහ උඩට ඇදපු බැනියම පිටින් මේ ගමන ගිය නිසා එය මට පසහුවක් විය .


වල්කංකුන් වැලක් ඇදගෙන බෙල්ල වටා ඔතාගත් මම ඉහලට එන්නට ගමන ආරම්බ කලෙමි . උඩට නගින්න පටන් ගත්තා ම තමයි තේරෙන් නේ බහින එකට වඩා නගින එක අපහසු බව . අංශක එකසිය හැටක කොනයකට බෑවුම පිහිටි සමහර තැන්වල මම නැවතී විවේක ගෙන නැවත ගමන ආරම්භ කලේමි . පැයකින් පමණ සෙමින් ගල මුදුනට ඇදෙන්නට මට පුළුවන් වූ අතර මුදුනට පැමිණෙද්දී රටක් රාජ්යක් ජය ගැත්තෙක් මෙන් වැඩිමහල් කොල්ලන් ද මට සලකන්නට විය . වල්කංකුන් වැල උන් ට පෙන්නද්දී උන් ගේ ඇස් උඩගිය අතර මම ගල්වලට නගිද්දී සහ බහිද්දී මුහුණ දුන් අපහසුතා ගැනද පැවසුවෙමි . කෙසේ වෙතත් අවාසනානයේ දී එතන සිටි කවුරුන් හෝ ගල් වලට බහින්නට එඩිතර නොවූ අතර බැස්ස එකම එකා මම විය .

තවත් පෝය දවසක අපි පන්සලේ "ගුළු" නමැති ක්‍රීඩා වේ නිරතවූයෙමු . සමහර විට "ගුළු" නමැති ක්‍රීඩාව ගැන ඔහේලා නොදන්නවා වන්නට ද පුළුවන් ය . කෙටියෙන් මේ ගැන විස්තර කරනවා නම් කුඩා වලක් හාරා ඒ වල හරහා කුඩා තරමක් බර කෝටු කෑල්ලක් තබා වල පිටුපසින් සීරුවෙන් සිටගෙන දිග කොටුවකින් අර කොටු වට ගැසීම ය . බර කෝටු කෑල්ල උඩින් බිමට වැටෙන්නට පෙර වටේ ඉන්න එකෙක් අල්ලා ගත්තොත් අවුට් ය . බිම වැටුනොත් වැටුන තැනට ලකුණු ලැබෙන්නේ වලේ සිට බර කෝටු කෑල්ල වෙත දිග කෝටුවෙන් කොච්චරක් ද යන්නේ ය . කොටුවෙන් එකයි , දෙකයි , තුනයි , ...... දහනවයයි , විස්සයි , විසි එකයි . ඒ පාරට ලකුණු විසි එකයි . මේ විදියට ය . බර කෝටු කෑල්ල උඩින් බිමට වැටෙන්නට පෙර වටේ ඉන්න එකෙක් අල්ලා ගන්නකම් පහර දෙන්නාට ලකුණු එක්රැස්කරගත හැකි ය .

මේ සෙල්ලම් , අල්ලන සෙල්ලම් , සම්බෝල කැඩිම් සියල්ල ම අහවර වන්නේ නන්දාරාම හාමුදුරුවන් වෙවැලත් අරගෙන එන විට ය . කොල්ලන් හාමුදුරුවන් ගෙන් බේරෙන්න හිස ලු ලූ අත දුවන අතර නැවත කොහේදී හරි එක්රැස් වෙනවා ය . උදේ දානය , උදේ ගිලන් පස , දවල් දානය සහ සවස ගිලන් පස ලබා ගැනීම පමණක් එදා සිල් දවසේ කරපු එකම වතාවත් විය .ඊට අමතරව කිරි සුදු ඇදුමෙන් සිල් සමාදන් වූ අප සිල් පවාරණය කරන්නේ උතුරු සළුව අතේ අරගෙන මඩකරියන් මෙන් ය .මේ සෑම දෙයකින් ම අප මහත් වින්දනයක් ලැබූ අතර පන්සලේ කළු ගලින් තනු ස්ථම්බයක එල්ලා ඇති මහා ඝාන්ටාරය අවේලාවේ නාද කරවන්නට තරම් අපි නරක ළමුන් වූයෙමු .


දිනක් හැමදා ම වගේ භාවනා උගන්න්නට පැමිණෙන හාමුදුරුවෝ ළමුන් සියලු දෙනා එලවා දැමුවේ "අලියන් ට ළමයින් ට නලියන්ට ඕනා" කියමින් ය . තවත් දවසක ඒ හාමුරුවන් ම සක්මන් භාවනාව පුරුදු කරවූ අතර එය අපට මහත් විනෝදය ගෙනදෙන්නක් ම විය . බාගෙට ඇස් ඇරගෙන එකේකා ගේ ඇගේ හැපෙමින් වේගයෙන් දුවමින් ඒ භාවනා ක්‍රමය අවුල් කළෙමු .

ඔය අයුරෙන් ආතල් පහට ගෙවී ගිය පෝදා විනෝදය හවස් ජාමයේ කදුලක් වන්නේ අම්මාගේන් නොනවත්වා ඇසෙන ජාතිය ඇමතීම් සමග ය .



පුංචි කාලේ රස කථා 1 කොටස මෙතනින් 

Monday, April 2, 2018

මාව කාපු කූබියෝ.


කාලයකට පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ සුපිරි ගණයේලා සැලකෙන තවත් එක් ටෙලිකථාවක් ලෙස කූබියෝ සැලකිය හැකිය.
ලක්මාල් ධර්මරත්නයන් සියලු ප්‍රධාන , අනු , සුළු චරිත වලට පණපොවන නළු නිළියන්ගෙන් උපරිම ප්‍රයෝජනයක් ගෙන ඇති බව කිවයුතුමය . ලකා යනු කළමණාකරණය හොදින් දන්නා කළමණාකරුවෙකු ලෙස හැදින්වූවද එහි වරදක් නැති බව මගේ වැටහීමයි . විනාඩි බාගයක , විනාඩියක වෙළද දැන්වීම් නිර්මාණය කරන්නන් ස්ථිර වශයෙන් ම කාල සහ චරිත කළමණාකරණයේ දක්ෂයෝ වෙති . මේකතා මාලාවේ කොටස් පනස්ගණනම රසවත් වූයේ එබැවින් යැයි මට හැගේ. 

මීට අමතරව හැමදාම දකින කුකුළාගේ කරමලය මෙන් සතියේ දවස් පහම නොපෙන්වා සතියකට සැරයක් රුපවාහිනී විකාශය කිරීම තුල එය නැරබීමට  ප්‍රේක්ෂකයන්ගේ උනන්දුව වැඩිවන බව අප දන්නා සත්‍යක් ය . එදා දිමුතු මුතු , මඩොල්දූව , ගම්පෙරලිය , ඇල්ලලග වලව්ව , කන්දේ ගෙදර , දඩුබසනාමානය , දූදරුවේ වැනි වූ ටෙලිසිත්තම් ද විකාෂණය කරවුයේ සතියකට වරක් ය .

මේ ටෙලිකථාවේ පුරා දිවෙන කැමරාකරණය ආලෝකකරණය මෙන් ම ශබ්ද පරිපාලනය විශිෂ්ටය . එහෙත් ජෙහාන් ගේ ප්රචසින් ලංකා ඉන්ටනැෂනල් ආයතනයේ තුල දී බැක්රවුන්ඩ් සවුන්ඩ් එකේ දිවෙන දුම්රියේ නලා හඩ කොටස් පනස්ගණනේ ම එක ය .ඒ දෙදහස් දොළහ හෝ ඊට ආසන්න කාලයේ දී ලංකාවට ගෙන්වූ ක්ලාස් ඇම් ටෙන් එන්ජිමේ නලාහඩයි. ප්‍රියන්ත මහාඋල්පතගම ඩිලිවරි ගිය බයිසිකලය , ප්‍රියන්ත මහාඋල්පතගම මන්ත්‍රිතුමා ට පක්ෂයෙන් ලබා දුන් Mitsubishi L200 double cab රථය සහ ජෙහාන් හිරුණිව සප්‍රයිස් කිරීමට යොදා ගත් ලේලන්ඩ් බස් රථය හැරුණු කොට අනෙක් සියලුම වාහන පාහේ මයික්‍රෝ සමාගමෙන් මෙරටට ගෙනුවාහන වේ . ඒ ඔවුනට එදා ප්‍රවාහන පහසුකම් සදහා අනුග්‍රහය දුන්නේ මයික්‍රෝ සමගම නිසා වන්නට ඇත.

ඔස්ටින් අය්යාට බෙහෙත් අරංදෙන්නට යන අතරමග බේස්ලයින් පාරේ දී බැරල් සුනිල් ගේ කණ්ඩායම ඔස්ටින් අය්යා ගේ කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසෙන දර්ශනය චිත්‍රපට දර්ශනයක් මෙන් අංගසම්පුර්ණය . ජෙහාන් , ප්‍රියන්ත යන චරිත වලට පසුව ටිරාන් ගේ චරිතය මා සිත් ගත්තේ එක්තරා ලෙවල් එකක මැරයකුගේ චරිතයක් උපරිමව මේ ටෙලිය තුල ගලා ගිය බැවින් ය . ටිරාන් ඉගෙන ගත්තේ ඉන්ටනැෂනල් ස්කූල් එකක වීමත් ඔහු අදින පළදින විදියෙන් ඒ බව පෙනෙන්නට තිබෙනවාය . ටිරාන් ජෙහාන් වෙනුවෙන් ඉන්න විදිය සහ එයාගේ ලොයල්ටි එක ජෙහාන් වෙනුවෙන් හරි ලස්සනයි . විශේෂයෙන් ජෙහාන් ගුටිකාල ඉස්ප්රිතාලේ ඉන්නකොට , ජෙහාන් හිරුණිව සප්‍රයිස් කරන්න ගිහිං කුරුදුවත්ත පොලිසියේ කූඩුවේ ඉන්නකොට , ජෙහාන් ඈත පිටිසර පලාතක ඉස්කෝලෙක ළමයින්ට උගන්නගෙන ඉන්න කොට ටිරාන් ජෙහාන් වෙනුවෙන් හිටපු විදිය හරියට අපිට පේන්නේ ටිරාන් ජෙහාන් ගේ සහෝදරයෙක් වගේ බදීමකින් හිටියා කියල .

මේ කතාවේ එන දෙබස් වලින් හැම කොටසට වගේ බලන කෙනා ගේ හිත යන්නේ මේ වචන ඇතුලේ තියෙන අව්ව්‍යජත්වයට. බොරු ක්ලාස් එකක් ශෝව්ඔෆ් නැතිව මේ කතාව අවසාණයටම අරං ගිය එක නම් හරිම වටිනවා කියල කියන්න පුළුවන්. විශේෂයෙන් මේ සමාජ ක්‍රමය තුල පටිසෝතගාමීව හිතන පතන අය ජෙහාන්, මල්දෙනිය මහත්තයා  තමන්ගේ ඉලක්ක කරා හැලහැපීම් මැදින් යන විදිය පෙන්නලා දෙන්න පිටපත්රචකයා ස්ථිර වශයෙන් ම පටිසෝතගාමී චින්තනයකින් යුත්තෙක් විය යුතුම ය.බොහෝ විට මේ හඩා අදුරු පතුලේ දුගී දුකෙන් පෙලෙන උන් ගේ හඩ වන්නටද පුළුවන් ය .

අවසාන වශයෙන් කියන්නට තිබෙන්නේ මිනිසුන් බොහෝමයක් වාගේ මස් කන්න ප්‍රිය වුවද දඩයමේ යන්නට බොහෝ මිනිසුන් ප්‍රිය නැත කියාය .

*ජයාරුප උපුටා ගැනීම aresintoart හරහා .

ආටියා ගේ රෝයෙල් ඉන්ස්ටිටුටියේ ගමන , වැල්ලවත්තේ බීච් එකේ බෝතල් පාර්ටි , ගෝල්ෆේස් එකේ හැට් කලෙක්ෂන් සමගින් රෝස්මින්ඩ් ප්ලේස් වල කෙල්ලගේ ගෙදර රැයක් .

මේක ආටියා ඕලෙවල් ලියල ඒ දවස් වල ගෙදර ඉන්න සන්ධියේ උන ෆන් අංශයට බර විස්තරයක් . ඔන්න අද කාලේ වගේ නෙවෙයි ඉස්සර කාලේ සාමාන්‍ය පෙළ ලියල අහව...