Thursday, June 17, 2021

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින , 

අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන්න .  දානය ඉවර වෙලා පසු දා මටත් මස්සිනාටත් කරන්න දෙයක් නැති නිසා හිතුවේ බලකඩුව ඇල්ල හරියේ ඈත පේන කන්දමුදුනේ තියන ගස හොයාගෙන යන්නටය .

ඒ නමින් පන්සලාතැන්න මාඋස්සාව පාරිසරික ආරක්ෂක ප්‍රදේශයයි . 

විජය පුවත් පත පළකර වැඩසටහනක් . මෙය නැරබීමෙන් ඔබට පන්සලාතැන්න ගැන හොද අවබෝධයක් ලබා ගන්න පුළුවන් 

අතිශය සංවේදී පරිසර පද්ධතියක් වන පන්සලාතැන්න තවමත් සංචාරකයන් අතර අප්‍රකට වීම එක අතකින් වාසනාවක් .  අප රටට ආවේනික සත්ව සහ ශාක ප්‍රජාවකින් සමන්විත මෙම ප්‍රදේශයේ සංචාරය කිරීම ලැබීම එක අතකට වාසනාවක් . 

මේ ගමන අපි ගියේ පයින් ආවේත් පයින් . මුළු ගමනම කිලෝ මීටර 11 පමණ'වෙනවා . බලකඩුව පාලම පහුවෙලා ටික දුරක් එද්දී හම්බෙන දේදුනු පාලම උඩින් තමයි කෙටිම මග කියලා හාමිනේ ගේ අම්මා කිව්ව නිසා අපි මුලින්ම දේදුනු පාලම හොයාගෙන නුවර පාර දිගේ ඉහලට ඇවිදගෙන ගියා .පස්සේ අපිට දේදුනු පාලම හමුඋනා. 


මේ තියෙන්නේ දේදුණු පාලම .


පාලමෙන් එතර උන අපිට ඊලගට හමු වෙන්නේ වතුකම්කරුවන් වෙසෙන ලැයිම් කාමර සමුහයක් නියමිත පාරක් පෙනෙන්නට නොතිබූන අපි මෙතනදී ටිකක් අමාරුවේ වැටුනා . 

මුලින්ම හම්බවුන පිරිම් කෙනා කිව්වේ ආමි කෑම්ප් එකක් තියෙන නිසා යන්න දෙන්නේ නෑ කියලා . අපි හිතුවා අවසර අරගෙන හරි යන්න ඕනේ කියලා . 
පසුව හම්බ උන කාන්තාවක් අපිට යන්න පාර පෙනුවා ....... 

ඒ කුඩා අඩි පාරක් . 


ඒ අඩි පාර දිගේ කෙටි දුරක් ඇවිදගෙන යද්දී අපිට හම්බුනා ජීප් රථ ගමන් කරන අබලන් පාරක් . 


අපි සෙමෙන් ඒ පාර දිගේ ඉහලට යන්නට උනා . අපට දැනුනා අපි කන්දකට අවතීරණවුණ විත්තිය . මහන්සියක් නෑ අවට පරිසරය දැක්කාම . අපේ වාසනාවට එදා මාතලේට ආවේනික සුපුරුදු වැස්ස නැති දවසක් . අහස නිල්ම නිල් පාටයි . වලාකුළු පවානැති තරම් . 





කුඩා දියපාරක් ලග ගිමන්නිව්වා . 



මද දුරක් ආගිය කථා කියමින් ගිය අපිට ලයිමේ දෙමල මනුස්සයා කිව්ව ආමි කෑම්ප් එක හම්බුනා . ඒ අටවන ගජබා රෙජිමේන්තුව . 



හමුදාව අපෙන් විමසුවා බොහෝ දේ . අපි අපේ අනන්‍යතාවය සහ ගමනේ අරමුණ පැහැදිලි කරලා දුන්නාට පස්සේ ඔවුන් යන්න දුන්නා . හැබැයි කාරනා දෙකක් (02) හිතේ තියාගන්න කිව්වා  . ඒ  ගමනේ අවසානයේ හම්බවෙන වැවේ නාන්න එපා සහ වැවට ඉහලින් තියන කන්දේ මුදුනේ තියන බෝගස ලගට යන්න එපා කියන එක. 
මේ ගමනේදී අනතුරක් උනොත් ඔබව ගලවාගන්නට පිරිස් පැමිණෙන විට ඔබට වියහැකි නරකම දේ වෙන්න පුළුවන් සමහර වෙලාවට . 

පසුව අපි හමුදාවට ස්තුතී කර ගමන ඉදිරියට යන්න පටන්ගත්තා . මෙන්න මෙතනින් දකුණට තිබෙන කුඩා පාරේ අප යායුතුව තිබෙනවා . 



මෙතැන ඉදන් ගමණ අතිශය වෙහෙස කරයි. අපි පැය ගානක් ගිමන් හරිමින් ඉදිරියට ඇදුනා . සමහර තැනිතලාමතින් අපි ඉක්මනින් ගමන්කරා  . මොකද මාතලේ කාලගුණය වෙනස් වෙන්න වැඩි වෙලාවක් නොයන නිසා.

ඈතින්ම පෙනෙන්නේ නකල්ස් කදු පන්තිය 



පන්සලාතැන්න කදු මුදුණ පසෙකින් 
කදු මුදුන සහ පරිසරය දැක්කාම අපි හිතාගත්තා කොච්චර මහන්සි උනත් කන්දේ මුදුනටම නගිනවා කියලා 

තෙප්පුකුලම වැව් බැම්ම ඈතින් 



අවසානයේ අපි ගමනේ පළමු අදියර නිමකරා . ඒ වැව් බැම්ම අසලට පැමිණීමෙන් . හමුදාව කියූ පලවෙනි කාරනාව ඇත්ත බව අපිට පෙනුනා . ඒ මේ දැන්වීමෙන් . 



හරියට සිත්තරෙක් ගේ සිතුවමක්වගේ .... කියන්න වචන නෑ ඒතරම් ලස්සනයි .



වැව් බැම්ම අසල ටිකක් විවේක ගෙන අපි ගමනේ දෙවන අදියර ආරම්භ කරා 







පහලින් පෙනෙන්නේ අපි මදවේලාවක් ගිමන් හල වැව 


කන්ද තරමක් දුර නගින්න පටන්ගත්තාම තේරුනා සීග්‍ර බවුමක් සහිත අඩිපාරක් හෝ නැති ගමනක් කෙසේ ගොස් අවසන් කරන්නද කියා.එහෙත් කදු මුදුනේ තිබෙන බෝගස ඉලක්ක කරගෙන අපි ගමන්කරන්නට උනා . 

හමන සුළග අපිව ගහගෙන යන්නට තරම් බලවත් උනා . ජිවිතේ මම දුටු උසම මානා පැදුරු සහ ප්‍රචන්ඩකාරීම සුළග මම අත්වින්දේ මෙහිදී . මාන පැදුරු මගේ උසටත් වඩා තිබුනා සමහර තැන්වල . ඒ අඩි 6 ට වඩා ඉහලින් . එක පාර හමන සුළගේ වේගයට මානාපැදුරු මුහුදේ රළ ගෙඩි ඉහල නැංවෙනවා සේ පෙනෙන්නට තිබුනා . ඒ අත්දැකීම වචනයෙන් විස්තර කරන්නට අපහසු අත්දැකීමක් . ඇත්තටම අපට දැනුන ඒ හැගීම ගමන මදකට නතර කරන්නට තරම් බලවත් උනා . ඒත් අපි කෙසේ හෝ කන්දමුදුනේ බෝගස ලගට යනවාමයි කියලා හිතාගත්තා . 

අපි දෙදෙනාගේ අත් කකුල් මානා කොලයේ දාරයට කැපී ලේ ගලන්නට උනා . වේදනාව පසෙකලා අපි ගමන යන්නට පටන්ගතේ කෙසේ හෝ අවසානයට යනවා කියා හිතා ගෙනම ය . 

පැය දෙකක පමණ ගමනකින් පසු අපි කදු මුදුනට ලං වෙන බව අපිට තේරුනා . 
කන්ද කොතරම් උසද කියා කන්දේ හෙවනැල්ලේන් ඔබට වැටහේවි . ඈතින් කළුවට පෙනෙන්නේ හුන්නස්ගිරිය කදු පන්තිය 





අවසානයේ අපි කදු මුදුන වෙත ආවා . ඒ මුහුදු මට්ටමෙන් අඩි 2297 උසක.



ආටියා



ඔන්න අන්තිමට අපි පන්සලාතැන්න කදු මුදුනේ බෝගස ලගටම ආවා . ඒ බෝ ගස අසලදී දැනුන හැගීම වචනයෙන් කියන්න බැරිතරම පහන් සිතුවිල්ලක් .



ඔන්න එහෙනං ආටියාගේ තවත් සංචාරයක් මේ විදියට ඉවර වෙනවා. මේ සටහන කියෙව්ව ඔයගොල්ලෝ හැමදෙනාටම බොහොම ස්තුතී.
තවත් සංචරක සටහනකින් නැවත හමුවන තුරු ඔබට සුභ දවසක්! 




ඔබ සියලු දෙනා හට මේ කෙටි පණිවිඩය මේ සමගම දන්වනු කැමැත්තමි. 

පන්සලාතැන්න මාඋස්සාව පාරිසරික ආරක්ෂක ප්‍රදේශය හා අවට පරිසරය තවමත් නොකිලිටි පරිසරයක් වශයෙන් තිබෙනා බැවින් එය මතුපරපුරටත් ඉතිරි කරදීම ඔබගේ යුතුකක් නොව අනිවාර්ය වගකීමකි. ඔබ එය ඉටුකර යුතු ය. විශේෂයෙන් පොලිතින් ප්ලාස්ටික් වැනි දේ නැවත ඔබගේ ගමන් මල්ලේ ම දමා ඒමට ඔබ කාරුණික වියයුතු ය.



* ආටියාගේ සංචාරේ 






ආදරණීය ධනූ , සුදු ඇදගෙන කළු ඇවිදින් හී පුදුම ගං කාරයෝ හොයා ගෙන බකමුණ සහ ඇළහැරටත් නාඋල මාතලේ හරහා නුවරටත් , කිසිදා නොදුටු තනුර මල්ලී සොයා දිගන , හුන්නස්ගිරිය , හසලක හරහා මහියංගනයට පැමිණ එතනින් ගිරාදුරුකෝට්ටේ , දෙහිඅත්තකන්ඩිය, අරලගංවිලෙන් මාදුරු ඔය රක්ෂිතයට මැදින් මහඔයටත් එතනින් පදියතලාවටත් මහියංගනය හරහා නුවර ගිය පිස්සු ගමණ

කලකට පෙර ජාතික පුවත්පතකට ලියූ එහෙත් හේතුවක් මත පළනොවූ ලිපියක් 
නකල්ස් .

බුකියේ කවි පිළිතුර රකුසාගේ පඩිපෙළ දිගේ කොටගල සිට රෝසැල්ලට

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...