Friday, March 22, 2019

යක්කු බැදගෙන වැඩ ගැනීම සහ යක්කුන්ට කුක්කු පෙවීම.



ලංකාවේ වැඩිහිටි බාල මහළු තරුණ කාන්තා පිරිමි බහුතරයක් දෙනා වාහන වලට බොහෝ ලැදී කමක් දක්වති. එයිනුත් ප්‍රාඩෝ , මොන්ටෙරෝ , ඩිෆෙන්ඩර් සහ නිසාන් පැටරෝල් වලට හිමි වන්නේ මුල් තැනක් .  ඔබට සුපර් කාර් එකක් තිබුනත් බහුතර මිනිස්සුන් ගේ ඇහැ නිතැතින්ම යොමු වන්නේ ඉහත කී suv වලට ය.

ප්‍රාඩෝ , මොන්ටෙරෝ , නවීන ඩිෆෙන්ඩර් සහ නිසාන් පැටරෝල් රථයක් ඔබ ඔබගේ හැකියාව මත ලංකාවේ දී මිලට ගත හොත් ඉන්තේරුවෙන්ම ඔබ යකෙක්  බැදගත්තා වැනි ය. සිංහල ජන වහරේ දී බැදගත් යකා ඔබට නොකරන උදව්වක් නැති ය. ඕනේ නම් සතියක් වල් කොටන හෙන එක රැයකින් එලිකරන්නට යකාට පුළුවන් ය. වැවක් තනන්නට, ගල් පඩි බදින්නට වැනි එකී මෙකී නොකී වැඩ කරන්නට යකෙන් බැදගතහොත් පුළුවන් ය.  එහෙත් මේ ඉහත කී වාසි වලට අමතරව යකා ශේප් එකේ තියා ගන්නට යකා බැදගෙන සිටින ඔබට බිලි පුජා පවත්වන්නට සිදුවනවාය. සමහර විට යකා මල කරුමයක් වන අවස්ථාද නැතුවාම නොවේ ය.


සමාජයේ බොහෝ දෙනෙක් ප්‍රාඩෝ එකක් තියෙන එකෙක් දිහා බලන්නේ වපර ඇසින් බව මම හොදාකාරවම දනිමි. ඇත්තටම එහි වරදක් නැතුවාම නොවේ.  අපේ රටේ මොකක් හරි දරුණු ගණයේ අපරාධයක කොනක ප්‍රාඩෝ එකක් තිබෙනවාම ය. නැත්තම් ඩිෆෙන්ඩරයක් ය. ඒ ලංකාවේ හැටිය. ඉස්සර ප්‍රාඩෝ නවත්වන්නට පොලිසිය අදිමදි කරද දැන් තත්වය ටිකෙන් ටික වෙනස් ය. පොලිසියද තම හීනමානය මදකට අමතක කර විය යුතුය. එකී පොලිස් නිලදරුවන්ට  ආටියා බෙහෙවින් රෙස්පෙක්ට් ය. මම ද වරක් එවන් වූ අත්දැකීමකට මුහුණ දුන් නිසා මම ඒ බව දන්නවාය. එව්වා මෙතන ලියා මෙය පල්හෑල්ලක් කරන්නට ආටියා නොයන්නේය. නොකියපු අයට කියවන්නට කියා එය මෙතන හයිපලින්ක් කරමි.

ඉතිං මේ බැදගෙන සිටින යකුන් ගෙන් හරියට වැඩක් ගන්නටවත්  සිරිලංකා කාරයා බය ය.  යුරෝපයේ , සහ අරාබියේ නම් එහෙම මල විකාර නැති ය. ඔවුන් යක්කුන් ගෙන් නියමෙට වැඩ ගන්නවාය. අපේ උන් ගංවතුර දවස් වල යක්කු එලියටවත් ගන්නේ නැතිය. අපේ පවුල් වලද එමමය එසේම ය. වරෙක නෑයෙක් ගෙන් අපේ වාහනයත් එයාලාගේ වහනයත් (නිසාන් පටරෝල්) කබිලිතේයමු ද කියා අසුවිට ආටියාගේ නෑයා දුන්නේ පට්ට උත්තරයකි. "කතරගමින් ඩබල් කැබ් එකක්  ගමු" කියාය. ආටියාට පශ්චාත්භායෙනුත් හිනාය. තවත් දවසක ආටියා මොන්ටෙරෝවක් තියෙන නෑයෙක්ගෙන් ඇසුවේ devil's staircase එකේ යමුද කියාය. ඔහුගේ ද පිළිතුර ඉහත එකම ය. මොවුන් සැම යක්කු බැදගෙන වැඩ ගන්නවා වෙනුවට කරන්නේ යක්කුන්ට කුක්කු පෙවීම ය.ආටියාද යකෙක් බැදගෙන මාස දෙකක් යන්නටද මත්තෙන් බිරිද සමග ඇය ගේ කන්කරච්චලය මැද ගිය ගමන තවමත් මතක් වෙද්දී මයිල් කෙලින්වෙනවා ය. එයද මම මේ බ්ලොගයේ ලියා ඇති නිසා නැවත නොලියා හයිපලින්ක් කරමි. පසුව ආටියා පිටකන්ද මුදුන සොයා ගිය ගමනට ද යකා කැදවාගත්තේ වෙලාවට ය.

අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ මේ බැදගත් යක්කු සමග කරන්නට පුළුවන් සියලු දහදුරාවැඩ නොකර නියම මිනිසෙකු සේ සිටිය යුතු ය කියාය. මේ යකුන් ව කරලියේ ඉහලටම ගන්නේ සිරිලංකාවේ බදු ක්‍රමය මිස වෙන මුකුත් නොවේ ය. යක්කුන්ට අමුතු වටිනා කමක් සමාජය විසින් අරන් දුන්නා මිස ලැබිය යුත්තක් ද නොවේ ය.



ස්තූතී ‘නෙළුම් යාය’ සමාජ කතිකාවතට  ❤️


Tuesday, March 12, 2019

ධම්මික පෙරේරා ගේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන්



අද ගොඩක් දෙනෙක් ගේ මාතෘකාව ලෙස ධම්මික පෙරේරා පත්ව සිටී. ඒ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහ ඉදිරි ආර්තික දැක්ම නමැති මාතෘකාව නිසා ය.  ධම්මික පෙරේරා ගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන දශලක්ෂ පනස්පන්දහසක්. මෙවන් වත්කමක් සහිත පුද්ගලයකු යනු එසේ මෙසේ පුද්ගලයකු නොවන බව ඔබ සහ මම තර්කයෙන් තොරව පිළිගත යුතුය. මාකදුරේ මදුෂ් ගේ කුඩු සල්ලි ගැන කථා කරනවාට වඩා ධම්මික පෙරේරා කියන්නට යන්නේ කුමක්ද කියා සිතන්නට පුළුවන් නම් එය වටින්නේ ය. 

අරාබියේ දී නම් ධනකුහෙරයින් සල්ලි වලින් සෙල්ලම් කෙරුවාට ලංකාවේ අංක එකේ ධනවතා වන ධම්මික පෙරේරා තම සල්ලි වලින් කරන සෙල්ලම වන්නේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් ය. ඔහු ඒ සෙල්ලම කරන්නේ data scientist ලා එසේත් නැතිනම් දත්ත විද්යාඥවරු සමග ය. වයස පනස් එකක් වූ ධම්මික පෙරේරා ගේ මතකය විශිශ්ට ය. අපේ වචනයෙන් කියතොත් මීටරයක් ය. එසේ මෙසේ මීටරයක් නොව පට්ට මීටරයක් ය. ඔහුට අනාගතය හොදින් පෙනෙන්නේ ඔහු දත්ත සමග කාලයක් ගත කරන නිසාය. දත්ත සමීකරන නිවැරදිව ගලපන්නට පුළුවන් නම් ඔබ ගැන පවා අනාගත වාක්‍ය කියන්නට පුළුවන් ය. එය අද වන විට ලොව අතිදියුණු රටවල ආර්තිකය, තාක්ෂණය, සහ ඇතැම් පරීක්ෂණ සදහාද පුළුල් ව භාවිතා කරයි.

ඉතිං අපේ මේ කථා නායකයා වූ ධම්මික පෙරේරා සත්‍ය ලෙසම කථා කරන්නේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් ගැනද? මගේ පුද්ගලික මතය නම් ඔහු කථා කරන්නේ  Management Information System (MIS) (කළමනාකරණ තොරතුරු පද්ධති) ගැනය. ඔහුගේ සැම කථාවකම වාගේ කියන ආර්ටිෆිෂල් ඉන්ටලිජන් මට අනුව නම්  MIS නොහොත් Management Information System ය. එහෙත් එතුමාගේ අවසාන ඉලක්කය ආර්ටිෆිෂල් ඉන්ටලිජන් නම් එතුමා වහා තම පාර වෙනස් කර යුතුය.  MIS වල සිට ආර්ටිෆිෂල් ඉන්ටලිජන් වලට යනවා යනු ජපාණයේ බුලට් ට්‍රෙන් එකක් එකවරම ඇමරිකානු අජටාකාෂගාමී රොකට්ටුවක් වීමක් වැනිය යැයි මට හැගේ. එසේ නැතිනම් ධම්මික පෙරේරා වටා සිටින data scientist ලා එසේත් නැතිනම් දත්ත විද්යාඥවරු එතුමාව අන්දනවා විය යුතුය. ඉහත කථාකර දත්ත, සමීකරන වලට නිවැරදිව යොදවා ලැබෙන පිළිතුරු වලින් ඔහු පුදුම කරවා MIS යනු ආර්ටිෆිෂල් ඉන්ටලිජන් කියා පණිවිඩයක් ඔහු ගේ මනසට ඇතුල් කර විය හැකි ද? එහෙත් ධම්මික පෙරේරා යනු ලෙහෙසියෙන් ඇන්දිය හැකි චරිතයක් නොවන බව නම් මට සියයට දහසක් විෂ්වාසය.

එසේ නම් ඔහුට කොතැනක හෝ වැරදී ඇත. ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහිත පරිඝනක පද්ධතියකට තනිව තීරණ ගැනීමට පුළුවන් ය. කළමනාකරණ තොරතුරු පද්ධතියකට (MIS) පුළුවන් වන්නේ තමා රැස්කර ප්‍රතිපල දැනුම් දීමට පමණි. ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහ MIS ගමන් කරන්නේ එකිනෙකට සමාන්තර එහෙත් ලං නොවන මං දෙකක බව දැන් ඔබට වැටහෙනවා විය යුතු ය. තනිව තීරණ ගැනීමේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහිත පරිඝනක පද්ධතියකට තම කටයුතු සම්පූර්නයෙන් භාර දීමට වියාපාරිකයා අදටත් බියක් දක්වන්නේ ය. අද වන විට මිනිසාට ලගා විය නොහැකි තැන් වෙත කටයුතු මෙහෙයවීමට ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහිත පරිඝනක පද්ධතියකට හැකි වී තිබේ. ඇතැම් විට ඔබට නිදිමත දැනුන විට "ටෙස්ලා මට නිදිමතයි" කියූ විට "සර් නිදාගන්න, මම ඔබව ඔබේ නිවසට රැගෙන යන්නම්"  කියා පරිස්සමට වාහනයේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහිත පරිඝනක පද්ධතිය විසින් රියදුරු නොමැතිව ගමනාන්තයට ගෙන ඒම සත්‍ය ලෙසම ආර්ටිෆිෂල් ඉන්ටලිජන් ය. පර්කින් ඇසිස්ටන්,ඖටෝ පර්කින්,driverless ඩ්‍රයිව් ,ඖටෝ බෙර්ක් යනු අද කාලයේ වාහන වල ආර්ටිෆිෂල් ඉන්ටලිජන් ය.

 නුදුරේදී ම ඔබට හදුන්වාදීමට නියමිත් eye ප්රෝග්රමින් atm facility තනිව තීරණ ගැනීමේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහිත පරිඝනක පද්ධති වේ. ඒ වගේ ම ඇපල් දුරකථන වල "සිරී (Siri) " ද එක්තරා ආකාරයකට ආර්ටිෆිෂල් ඉන්ටලිජන් යෙදවෙන අවස්ථාවකි .

ඉතින්, ලංකාව වැනි රටක ධම්මික පෙරේරා ගෙන එන්නට උත්සාහ කරන දේ සත්‍ය ලෙසම අගය කර යුතු ය. අලුත් දෙයක් නොසිතා ඉස්සරහට යන්නට කොහොමත් ම බැරිය. ලංකාවේ අධිකරණ, විශ්වවිද්‍යාල සහ ප්‍රවාහන ක්ශේත්‍ර මේ සදහා කදිම නිදසුන් ය. කැසිනෝකාරයෙක් හෝ මොකෙක් හෝ නැත්තම් පිටසක්වලින් පැමිණ හෝ ලංකාවේ සිස්ටම් එක වෙනස් කර යුතුමය. දෙසියවිසිපහට සහ උන්ගෙන් යැපෙන බහිරවයන් ඉන්නාතාක් එව්වා ලෙහෙසි නැති බව ඔබ අප සැම දන්නා කරුණකි. එහෙව් රටක ධම්මික පෙරේරාලා බිහිවීමත් එක අතකට ධ්‍යිවයේ සරදමක් විය හැකිය.

අද සටහට,
කලණ රජින්ද ආටිගල



       

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...