Friday, October 26, 2018

අනුරාධපුරේ ස්වේච්ඡ සේවය , පුරාවිද්‍යා මහත්තයා , අභයගිරිපුරාවිද්‍යා කැණීම්, බසවක්කුලම වැව අසල ඉංග්‍රීසි පන්ති සමග ආයෙමත් තාත්තා



ටික කාලයක් නොලියා සිට නැවත ලියන්නට යාම මහත් අපහසු කර්ර්යයකි . ඒ කොහොම වෙතත් ලියන්නට කියා කිහිපවරක් පණිවුඩ එවූ සොඳුරු සඳවතීට වුනු පොරොන්දුව නිසා පොස්ටුව මෙතනින් පටන්ගන්නට ආටියා සූදානම් වෙනවා ය . මේ කථාව කාලයක් තිස්සේ ලියන්නට හිතන් හිටි ඒත් ලියන්නට නොහැකිවුනු තාත්තා ත් මගේත් රසකතා වලින් තවත් එකක් ය . ඔහේලාට තාත්තා ගැන මෙතන අමුතුවෙන් විස්තර කරන්නට දෙයක් නැති බව මෙහි එන යන කොමෙන්ට් කරන අය දෙස බලද්දී කියන්නට පුළුවන් ය. ඔය අතර මෙහි අලුතෙන් පැමිණි අයෙක් මේ යකා කියන්නේ මොන දෙමළයක් ද කියා නොදන්නා නිසා පරණ තාත්තා පොස්ට් ටිකක් මෙතන සටහන් කරනවා ය .

මගේ තාත්තා සහ රැකියාව
බාස්කට් බෝල්,පොලිස් හෙල්ප් සහ තාත්තා
රශ්මි සමග ආටියා ගේ බ්‍රිස්ටිෂ් කවුන්සිල ගමන සහ තාත්තා ගේ හැබෑ චිත්‍රපටි ජවනිකා.

තාත්තා උසස් පෙළ ඉවර උනදවසේ හවස විස්තර කතා කරමින් සිටි මොහොතේ මගෙන් විමසුවේ ,  මොනවා කරන්නත් ට්‍රිප් යන්නත් කලින් පුතා සමාජ සේවා කටයුතු වලට මම සහභාගී විය යුතු බවය .මගෙන්  විමසුවේ කරන්නට කැමති මොනවද කියා ය . මම ගත් කටටම කීවේ එහෙම කරන්නට මට බෑ කියා ය .

ඒ දෙබස මෙසේ ය ,

තාත්තා :- පුතා මිනිස්සුන් ට උදව් කරන්න ඕනේ . ඒක අනිවාර්යයයි !

මම :- මම මොනවා කරන්නද තාත්තා

තාත්තා :- ඔයා කැමති මොනවගේ දෙයක් කරන්නද ?

මම :- මොකක් හරි ස්වේච්ඡ සේවයක් , රතුකුරුසේ වගේ ? නැත්තම් පුරාවිද්‍යා වැඩ වලටත් මම ආසයි .

තාත්තා :- මම දන්නා පුරාවිද්‍යා මහත්තයෙක් ඉන්නවා අනුරාධපුරේ , මම අහල බලන්නම් .

පසු දවසේ උදේ තාත්තා මට පැවසුවේ අනුරාධපුරේ යන්න සූදානම් වෙන්න කියා ය .

මම :- මොකක්ද කරන්න තියෙන්නේ ගිහිල්ලා තාත්තා ?

තාත්තා :- ජේතවනාරාමයේ , අභයගිරියේ වැඩ වලට මිනිස්සු නැහැල්ලූ , ඔයා ගිහිල්ලා උදව් වෙන්න . මම වියදමට සල්ලි ටිකක් දෙන්නම් . එහෙ ගිහිල්ලත් මෙහෙ වගේ නටන්නේ නැතුව කරන දේ  කරන්න . තේරුනාද ?

කොහොම කොහොමාරි ආටියා අනුරාධපුරේ යන්න කොටුවට එනවා . යන්නේ කෝච්චියේ . යන්න එන්න කියල තිබ්බේ තාත්තා දුන්න රුපියල්දෙදාහ විතරයි . ඒ මදිවට මගින් මගටම කිව්වා ස්වේච්ඡ සේවකයන්නට දෙන දීමනාව ගන්න එපා කියල . කෝච්චියේ ඉදගන්න හම්බුන නිසා කරදරයක් නැතුව අනුරාධපුරේට එන්න ලැබුනා . ඔය අතර මම ඉදගත්ත තුන්වෙනි පන්තියේ ආසනයේ (මුහුණට මුහුණ තිබෙන) ඉදිරිපස මැදිවියේ යුවලක් සහ මගේ වයසට සමාන ගැහැණුළමයෙක් ද හිටියා . ඒ තාත්තා සහ අම්මා ඒගොල්ලන්ට කන්න ගෙනාපු සීනිසම්බල් පාන් මටත් කන්න කියා දුන්නා . ඔය අතර ඒ තාත්තා විමසුවේ,  පුතා මේ කොහෙද යන්නේ කියා. මම සම්පුර්ණ විස්තරය කියූ විට ඔවුන් තිදෙනා ම පුදුමයෙන් පුදුමයට පත් වූනෝය . "මෙහෙම තත්තාලා තවමත් ඉන්නවා නේද එහෙනම් , හාමිනේ? " ඔහුට කියවිණි .

පුතා මමත් අනුරාධපුරේ . අපිත් ගුරුවරු . මම ප්‍රින්සිපල් කෙනෙක් . අපේ දුව මේ . එයා මේ අවුරුද්දේ උසස් පෙළ ලිව්වේ . ඔය ආදී වශයෙන් විස්තර කියන්නට විය .

පුතා කොහෙද නවතින්නේ ? තවම තැනක් නෑ සර් . පුරාවිද්‍යා මහත්තයා ගෙන් අහන්න ඕනේ .

තැනක් නැත්තම් අපේ ගෙදර උනත් නවතින්න පුළුවන් . ඉන්න මම ඇඩ්රස් එක ලියලදෙන්නම් .

ඔවුන් සියලු දෙනා මට ඉතා හිතවත් උනේ මටවත් හිතන්න බැරි විදියට ය . ඔවුන් වචනයේ පරිසමාර්ත අර්ථයෙන් ම අව්යාජ මිනිසුන් වූ හ.

දුම්රිය අනුරාධපුරේ ට ලගා වන විටම යකඩ කටින් මෙලෙස දැනුම් දුනි .

"මෙම දුම්රියෙන් පැමිණි මගීන් වෙත කෙරෙන දැනුම් දීමයි . කලන ආටිගල යන අය කරුණාකර දුම්රිය ස්ථානාධිපති මෙහෙයුම් කාර්යාලයට පැමින්නෙන්න "

ඉපදිච්ච දවසේ ඉදං කෝචි වල ගිහිල්ලා තියෙන මට මෙහෙම නිවේදනයක් ඇහුනේ පළවෙනි වතාවට . අනික කියන්නේ මගේ නම .  ඒ දවස් වල යුද්දේ තිබ්බ නිසා හමුදාව පොලීසිය දුම්රිය ස්ථානය පුරා ඉන්නවා . හැමෝගෙම බෑග් චක් කරනව . කෝච්චිය අනුරාධපුරේ නවත්වලා වව්නියා යන්න පෙට්ටි තුනක්ද කොහෙද කෝච්චියක් තියෙනවා . හැමෝම ඒකට මාරුවෙන්න ඕනේ . දුම්රිය ස්ථානය හරිම කාර්ය බහුලයි . ඔය අතරම මම ම්රිය ස්ථානාධිපති මෙහෙයුම් සොයාගෙන යද්දී , අර ගුරු දෙපොළ මගේන් විමසුවේ , පුතා මොකක් හරි ප්‍රශ්නයක් ද ? ඉන්න මමත් එන්නම් .

අපි දුම්රිය ස්ථානාධිපති මෙහෙයුම් මුණගැහෙද්දී , ආ ... මේ ආටිගල මහත්තයා ගේ පුතා වෙන්න ඕනේ ?

මම :- ඔව්  මම තමයි .
දුම්රිය ස්ථානාධිපති:- තාත්තා මට විස්තරේ කිව්වා . පුරාවිද්‍යා මහත්තයා හදිස්සි වැඩ වගයක කිව්වා . එකයි එන්න බැරි උනේ . පුතා දැන් කෙලින්ම යන්න අභයගිරියට . ඒ මහත්තයා එතන ඉන්නවා .මොනවා හරි උදව්ව්වක් ඕනේ නම් මට කියන්න හරි ද . ආ යන්න විදියක් , ඔහොම ඉන්නකෝ කියා රාජකාරි මාරුවන පොලිස් රථයට විස්තරය කියා මට එයට ගොඩ වෙන්න ට කියා දැනුම් දුන්නා ය . එතුමා ට ස්තුතී කර මම දුම්රියේ දී මුණගැසුන මගේ හිතවත් ගුරු දෙපොලටත් සමු දුන්නේ නැවත ඔවුන් හම්බවෙන්නට එනවා කියා පොරොන්දු වූ පසුව ය .

මම අභයගිරියට ගිය පසුව පුරාවිද්‍යා මහත්තයා හොයා ගන්නට පොලිස් නිලදාරීන් දේපොළ මට උදව් කළෝය. අවසානයේ ඔවුන්ට ද ස්තුති කොට සමු දුන් මට ඔවුන් කීවේ මොනවහරි දෙයක් වෙන්න ඕනේ නම් කියන්න කියා ය . පසුව පැමිණි  පුරාවිද්‍යා මහත්තයා  මා පිළිගත් අතර ඔහු නැවතී සිටින බසවක්කුලම වැව අසල ඇති පන්සලේ මටද නවතින්නට පුළුවන් කියා පැවසුවේ ය . ඒ අනුව ඔහුගේ රැලේ බයිසිකලයෙන් අප දෙදෙනා ම නවාතැනට යන්නට පිටත් විය . ප්‍රමානයෙන් කුඩා සිරුරක් ඇති පුරාවිද්‍යා මහත්තයා ට බයිසිකල් පොල්ලේ ඉදගන්න කියා මම පාගන්නට පටන්ගතිමි .  පසුව පන්සලට පැමිණිමා නායක හාමුදුරුවන් ට හදුන්වා දෙන්නටද  පුරාවිද්‍යා මහත්තයා අමතක කරේ නැත .

නායක හාමුදුරුවන් :- මේ පුංචි මහත්තයා ඇවිල්ලා තියෙන්නේ ලොකු පිංකමකට නේද . එහෙනම් නාකියා ගෙන එහෙම එන්නකෝ පිරිත් නුලක් බදින්න .
මම :- හොදමයි අපේ හාමුදුරුවනේ .

පසුව අසල තියෙන වැවට ගොස් හොද හැටි නාගත් මමත් පුරාවිද්‍යා මහත්තයත් රෑ ට කන්නට පාන් ද අරගෙන පන්සලට ගියේමු .  පසුව මම නායක හාමුදුරුවන් හමුවී  පිරිත් නුලක් බැදගෙන නැවත පන්සලේ නැවතී සිටින කුටියට ගියේමි . ඒ යද්දී පුරාවිද්‍යා මහත්තයා කන්නට කියා පුංචි බුමිතෙල් ලිපේ පරිප්පුවක් උයනවාය . මම ද පොල් ගා දී උදව් කර අතර පසුව රෑ කෑම ගනිමින් හෙට දිනයේ වැඩ පිළිවෙල ගැන මට කරුනු පැහැදීලි කර දුනි . වැඩපිළිවෙලේ මට කරන්නට තිබුනේ වෙහෙරේ සංවර්ධනයට ගෙනා ගඩොල් අදින එකය . තවද වෙහෙරේ වැවී ඇති ගස් කපන්නට මෙන් ම , පුරාවිද්‍යා කැණීම් කරන තැන් වල ඉවත ලන පස් කූඩ වලින් ගෙන ඉවත් කිරීමත් ය .

පසුදා උදේ පුරාවිද්‍යා මහත්තයත් සමග අභයගිරියට යද්දී හැමෝම වගේ පාන්දරින් වැඩ පටන් ගෙන ය . පුරාවිද්‍යා මහත්තයා නිලධාරීන්ගේ සිට සුළු සේවකයන් ට ද මා හදුන්වා දුන් අතර හැමෝගෙම මුහුණේ තිබුනේ විශ්මයකි . කොහොම කොහොමාරි පළමු සතියේ අවසන් වෙද්දී අත පය වේදනා මෙන්ම අතේ වූ තුවාලද රැසකාටද ආටියාට මුහුණ දෙන්නට සිදු විය . සෙනසුරාද , ඉරිදා වැඩ නොමැති වීම මට මහත් අස්වැසිල්ලක් විය . පන්සලේ නායක හාමුදුරුවන් මට යෝජනා කරේ , ඔය පුංචි මහත්තයාට පුළුවන් නම් මේ ඉන්න පොඩි කොල්ලෝ කෙල්ලන් ට ඉන්ගිරිසි පොඩ්ඩක් කියල දෙන්න කියා ය . තවද ඉරිදා දහම් පාසලේ උගන්නන්නටද එන්න කීවෝය.  එදා සෙනසුරාද පන්සලේ දී මට හදිස්සියේ ම දුම්රියේ දී මුණගැසුන මගේ හිතවත් විදුහල්පති තුමා නැවත මුන ගැසුනේ ය . මම පන්සලේ නැවතී සිටිනවා කියද්දී ඔහු සතුටු විය . පසුව රෑ කෑමට මටත් පුරාවිද්‍යා මහත්තයාටත් එහි එන්නට ආරාධනා කලේ ය.   ඒ රාත්‍රි කෑම වේල අදටත් මතකය . විශේෂයෙන්ම ඒ රස . ඔය අතර විදුහල්පති තුමාගේ දියණිය සමග කථා කරන්නටද අවස්ථාවක් ආටියා පාදා ගන්නවාය . ඇය විශ්වවිද්‍යාලයට යාමට සූදානමින් සිටින බව ඇය ගේ කථා වෙන් මට වැටහී ගියේ ය . පසුව ඇය මට මහත් කුළුපග විය . ඇය ට මම කීවේ පොඩි අයට ඉංග්‍රීසි උගන්නවන්නට තීරණය කර බවත් , ඉරිදාට දහම් පාසලේ උගන්නන්නටද තීරණය කර බවත් ය. ඇය ද දැන් වසරක වෙලේ සිට දහම් පාසලේ උගන්නන බව පැවසුවා ය .

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේ ය .  අභයගිරියට මෙන්ම බසවක්කුලම වැව අසල ඇති පන්සලටද මම නැතුවම බැරි චරිතයක් විය . රුක්ෂිකා (විදුහල්පති තුමාගේ දියණිය) ටද එසේම විය . එහෙත් කොලබ කෙල්ලන් මෙන් නොව යම් තරමක් දුරින් සිට ආස්රය කරන්නට ඇය හැමවිටම කල්පනාකාරී විය . සමහර දවස් වලට හවස අපි කිහිප දෙනෙක් බසවක්කුලම වැව තාවුල්ලේ සිට එක එක දේවල් කතා කළෙමු . ඔය අතර ඉතිහාසය ,සාහිත්‍ය සහ කලා වට මුල්තැනක් දුනෙමු . ඔය හැම කතාවකම කථානායිකාව වූ යේ ඇය ය . දැන් සම වයසේ යහළු යෙහෙලියන් රැසක් මට සිටි අතර ඔවුන් සියල්ලෝම වචනයේ පරිසමාර්ත අර්ථයෙන් ම අව්යාජ අය විය.  කුඩා දරුවනට ද මම නැතුවම බැරි විය. ඔවුන් ඉංග්‍රීසි ඉගෙන ගත්තේ මහත් ඔනෑකමකින් ය.තවද ඔවුන් දිනෙන් දින ඉංග්‍රීසි දැනුමෙන් පරිපුර්ණ විය .දිනක් අභයගිරිය නැරබීමට පැමිනි ස්වීඩන් ජාතික සංචාරක කන්ඩායමක් අප කරන වැඩ දෙස බොහොම උනන්දුවෙන් බලා සිටි අතර මම ඔවුනට අපේ වැඩපිළිවෙල සහ මෙහි ඉතිහාසය වටිනාකම් පහදා දුනෙමි . මහත් සේ සතුටට පත් ඔවුන් පසු දින තම කන්ඩායමේ 48 දෙනා සමගම උදව් කරන්නට පැමිණියේ පූරාවිද්‍යා මහත්තයාත් ,  නිලධාරීන්ගේ සිට සුළු සේවකයන් දක්‌වා වූ සියලු දෙනා පුදුම කරවමිනි. ඒ හැමෝම සිතුවේ මෙය මහා ලොකු දෙයක් කියා ය . එහෙත් මට ඒ සදහා වැය වූයේ අවංක සිනාවකුත් තවත් වචන කීපයක් පමණක් ම ය.


දිනක් රුක්ෂිකා සවසක වැව තාවුල්ලේ කථාකරමින්  සිටි අතර හදිස්සෙයේ ම මගෙන් විමසුවේ
"අය්යාට කොළබ අමතක කරන්න බැරි කෙනෙක් ඉන්නවා ද " ?
මම ගත් කටටම කිව්වේ " ඔව් නංගි අම්ම තාත්තා" ..........
"නෑ අය්යා , අය්යාට කරනේ වැටහුනේ ණෑ නේ
" මම ඇහැව්වේ අය්යා යාලු වෙලා ද ඉන්නේ  ගැණු ළමයෙක් එක්ක "
" තවම නෑ නංගි " ,
"ඔයා ට" ?
"අම්මෝ ...මම බයයි අය්යා ඕවට"
"අප්පච්චි මාව පන්නයි ඔව්ව කරන්න ගියොත්"
එදා ඇය යමක් කියන්නට සැරසුණු බව මට වැටහී ගියත් මම ඇය ඒ සදහා අනුබල නොදුන්නෙමි . රුක්ෂිකා මගේ සම වයසේ සුන්දර යුවතියක් විය .
එදායින් පසුව නැවතත් කිසිම් දිනෙක අප ඔය ගැන කතා කරන්නට නොගියෙමු .

මාස කිහිපයක් ගෙවුණු තැන මට අනුරාධපුරේන් පිටත්ව යන්නට සිදු විය . මම පිටත් වන්නට පෙරදා පූරාවිද්‍යා මහත්තයාත් ,  නිලධාරීන්ගේ සිට සුළු සේවකයන් දක්‌වා වූ සියලු දෙනා මහත් සේ දුක් විය . මම තේ වෙලාවේ සමුගන්නට පෙර ඔවුන් ට කතා කර විට ගැහැණු පිරිමි සියල්ලෝම හඩා වැලපෙන්නට විය . පන්සලේ ද එදා හවසම මගේ ඉංග්‍රීසි පන්තියේ කුඩා දරුවන් ද දහම්පාසලේ දරුවන් ද ඒ අයගේ දෙමාපියන් ද මගේ සම වයසේ මිතුරු කැල මෙන්ම මගේ හිතවත් ගුරු දේපොළ ද මහත් සංවේගයට පත්විය . හැමගේම නෙත් කදුලෙන් තෙත් විය . එය මටද දරාගැනීමට තරම් අපහසු වේදනාසහගත සමුගැනීමක් විය . රුක්ෂිකා සුදු කොළයක ලස්සන කුරුළු ජෝඩුවක් සහිත තම අතින් ඇදී සිතුවමක් මට තෑගී කරාය . "අය්යාට ජය ශ්‍රීමා බෝ හාමුදුරුවන්ගේ පිහිටයි" කියා මට සුභ පැතුවා ය . 


Monday, September 10, 2018

හොරෙන් දැමූ පාටිය ඩිෂාන් සහ ඔහුගේ බිරිද ගේ හදිසි ලංකා ආගමනය සමගින් තවම මතක හන්තාන


පහුගිය දොහක සති අන්තයේදී ඩිෂාන් සහ ඔහුගේ බිරිද හදිසියේ ලංකාවට පැමිණෙන බවත් දවස් විසිඑකක් ලංකාවේ රැදී සිටින බවත් කෝල් කර දැනුම් දී සිටියේ ය. ඩිෂාන් සහ ඔහුගේ බිරීද මා එකල මා රැජිනගේ රටේ රස්තියාදු ගසමින් සිටින විට මගේ දුක සැප සොයා බැලුවේ සහෝදරයකුගෙන් නැති අඩුපාඩුව මට නොදැනෙන්නට ය. ඒදවස් වල කරපු සමහර උදව් පුළුවන් කමකට කර එව්වා නොවන්නට ඇති බව ආටියා ට වටහුනේ ගොඩක් කල් ගිය පසුව ය. එබැවින් මමත් බිරිදත් ඔවුන් ගේ ලංකා ආගමනය වෙනුවෙන් කටයුතු සූදානම් කරන්නට විය.  එකල දෙයක් වැටහෙන්නට කියා කියලා දුන්නේ රෝසි අක්කාත් එකල ඩිෂාන්ගේ පෙම්වතිය (වත්මන් ඔහුගේ බිරිද) ය. ඇය ඉගෙනීම වෙනුවෙන්ම කාලය කැපකර සිටි තැනතියක් වූ අතර බැජ් ටොප් ද විය .  මට වඩා වසර දෙකකින් වැඩිමහල් වූ ඔවුන් දෙදෙනාම වචනයේ පරිසමාර්ත අරුතින් ම බොක්කේ ෆිට් එකක් වූවෝ ය.

ඩිෂාන් සහ ඔහුගේ බිරිද ලංකාවට අවසන් වරට පැමිණෙන්නේ බොහෝ කාලයකට පසුවය . අවසන් වරට පමින්නේදී මම කසාද බැදලාවත් , බදින්න කියා කෙනෙක් හෝ අඩුම තරමේ පෙම්වතියක් වත් නොසිටි, ලෝකයෙන් හිතාමතා වහං වී කදු මුදුනක සිටි කාලයේ  බව මතකය මට මතක් කරදුන්නේ ෂණයකින්ය . අද මට බැදලා දරුවෙක් ද සිටින අතර කාලය වේගයෙන් ගමන් කරන බව මට වැටහී ගියේය . මේ ලියන්නට යන්නේ ඔවුන් ගේ ලංකා ආගමනය ගැන නොවන අතර ගිය සතියේ සිකුරාදා ඔවුන් දැමු මොලේ කොලොප්පන් වන වර්ගයේ පාටිය පිළිබදවද නොවේය.ඒ පාටිය ගැන ආටියා නොලියන්නේමය.එය රෝයල් පාක් තට්ටු නිවාස සංකීරණයේ කුලියට ගත් කාමර තුනකින් සමන්විත නිවසක දැමූ තිහට වැඩි අය විසින් දැමු පාටියක් ය .මෙය අපොස සාපෙළ ඉවර වී තාත්තා අම්මා නැති දවසක හොරට නිවසේ දැමු පාටියක් ගැන ය.අතීතමතක ලිහමින් ඒ සමගම ලියමින් යන මේ බ්ලොග් පඩංගුව තුල මේ වටිනා මතකය ඔහෙලාට කියන්නට තල්ලුවක් දුන්නේ මේ ඩිෂාන් සහ ඔහුගේ බිරිදගේ රෝයල් පාක් පාටිය ය .

නාඩියාගේ යාලුවෝ සෙට් එකේ කෙල්ලෙක් වූ පියුමි ගේ උපන්දින සාදයකට එකල රෝයෙල් ඉන්ස්ටිටුටියේ ගිය නසරානීන් වන අප සැමටද ආරාධානා කරනවා ය. කට්ටිය එදා දත මැදගෙන ගියේ මෙයද  එදා නාඩියාගේ ගේ ගෙදර පැවැත්වූ සාදය මෙන් ම වේ යැයි සිතා ය . අහෝ දුකකි තිතකි . එය සාම්ප්‍රදායික උපන්දින සාදයක් විය . ඇයගේ උපන්දිනය ගැන වැඩිමනක් කියන්නට නැත . එහෙත් එදා ආ අපේ ඉන්ස්ටිටුටියේ ගිය නසරානීන් සහ නාඩියාගේ යාලුවෝ සෙට් එකට අපේ නිවසට එන්න යැයි මම ආරාධනා කරන්නේ හරියටම තාත්තා අම්මා නැති දවසක් පාටිය සදහා යොදාගෙන ය.  සියල්ලන් ම එක පයින් කැමති වූ අතර කෙල්ලන්ට කොල්ලන් සිටිනවා නම් උන්ටද කොල්ලන්ට කෙල්ලන් සිටිනවානම් උන්වද (තාවකාලික හෝ) අරන් ආ හැකි බව දන්වා සිටියේ වැඩිමනක් ම  වැඩි වූ විට එකෙකුගේ ආරක්ශාවට තවෙකුසිටින නිසාය.

කොහොම කොහොමාරි හවස හය හත වෙද්දී එකා දෙන්නා පැමිණි අතර පාටිය පටන්ගද්දී රෑ නවය වගේ වෙලාය . ඒ වෙද්දී පැමිණි ගණන තිහකට හතළිහකට ආසන්න ය . ඔය අතර වාහන පාරදෙපැත්තේ නැවත් වීම නිසා වෙන්නට ගිය ලොකු බාල්දියක් පෙරලෙන්නට පෙර අනුනවයෙන් බේරාගත්තේ වාහන ටික අසල පාලු වත්තකට ගාල්කරන්නට හැකි වූ නිසාය . කොහොමත් වට පිට උන්ට ගෙවල් වල ගේට්ටු අවහිර වන විදියට වාහන නැවත්වීම මලපැනීමට තුඩු දෙන කාරනාවක් ය . කොහොම කොහොමාරි පාටිය දැන් නැගලා යනවා ය . එක එක බෝතල කඩෙන සැනින් අහවර වෙනවාය . දුම් වලාවන් නිවස පුරාය . හැමෝටම පට්ට වැඩිය . ආටියා ටද එමමය එසේමය . කොච්චර කුඩු වුවත් මීටරේ සුපිරියට ආටියාගේ වැඩ ය. නාඩියා ද බොහෝ විට මා අසලට වී සිටින අතර කටයුත් අඩුපාඩු හොයලා බලන්නේ ගෙදර කෙනෙක් වගේ ය.  සමහර කුඩේ කුඩු වූ පෙම්වතුන් වත්තම් කරගෙන නිවසේ කාමර වලට ගෙනියන පෙම්වතියන් ඇදවල් මත විට ඔවුන්ගේ ලෝක වල පාවෙනවා ය . සමහර උන් කාමර වල බාත් රුම් වල කබරයා දමනවා ය .  අප හිත මිතුරු DJ කරන ශාම් ට හෙන සැලකිලි ය . එක එක එකා ෂොට් එකක් අරගෙන් ඌ ගාව ය . මේ සක්වලින් ඕනේ නම් එහා සක්වලට යන්නට තරමේ රොකට් පාටිය පුරා ය. සමහර උන් පුටු උඩය , සෝෆා වල හතරගාතේ දාලාය . සමහර උන් බිම ය . වැඩි උන විට කෙල්ලන් කොල්ලන්ට එහාටය . මෙව්වා කියවන බ්ලොග් වාසී කෙල්ලන් ආටියා ගෙන් ගේම ඉල්ලන්ට එපා ය  . මෙව්වා සිරා සිද්දී ය . ඔය අතර හොදටම වැඩි වූ කෙල්ලෙක් කියන්නේ ඒකිට තමන්ගේ කොල්ල එපා කියා ය . එකී අසන්නේ Atty will you marry me? .... ඔන්න ඔය වගේ ය . වෙලාව පාන්දර  දෙකට වගේ ය . පාටිය මගේ පාලනයේන් ගිලිහී ගොඩක් වෙලා ය . දැන් පාටිය යන්නේ පාටියට ඕනෑ ලෙස ය . මගේ ඔලුව පලේන්නට තරම් රිදිල්ල ආවේ ඔය අතර ය . ඒ බව වටහාගත් නාඩියා මාව සහ තවත් එකියක් මාව වත්තම් කරගෙන ගොස් ඇදට දැමුවා වාගේ ලාවට මතක ය . ඔය අතර නාඩියා අයිස්‌ ක්‍රීම් කොහෙන්ද හොයා ගෙන මට කවන්නට විය . දැන් මුළු පාටියේ ම පොඩ්ඩක් හරි සිහිය ඇති උන් ඔක්කොම වගේ කාමරයේ ය . එකෙන් කියන්නේ වලියක් නිසා මෙහෙම වෙලා වග ය . එක එක උන් එක එක දේවල් කියද්දී නාඩියා ගේ අයිස්‌ ක්‍රීම් වලට පිංසිද්ධ වෙන්න ආටියා ගේ ඔලුව රිදිල්ල අඩුවෙනවා ය . මුන් සේරම අදවටේ ඉද්දී බැරිම තැන නාඩියා යටිගිරියෙන් කෑගසාහැමෝම පන්නා දමා දොරත් ලෝක් කරනවා ය .


නාඩියා සහ මම උදේ හතර වගේ වෙද්දී කාමරයෙන් එලියට එන විට පාටිය සොහොනක් වගේ වෙලා ය. සංස්කුතීන් සදාචර මෙතනට අදාල ම නැත . මේ පාටියේ හැටි ඔහොම ය . බාගෙට දොරවල් වහපු කාමර තුල මෙන් ම මහාසාලය මැද ද එක එක උන් සහ දෙන්නා තුන්දෙනා එකම ලොක්කයක තනිවන්නට ඇති බව මුන් සිටින විදියෙන් වැටහෙනවාය . කොහොම හරි උදේ හත වගේ වෙද්දී ගොඩ දෙනෙක් යන්නට සුදානම් වූ අතර නාඩියා සහ අයගේ මිතුරියන් ගේ රාජකාරිය වූයේ ඔවුන් ව පාරේ බැහැලා යන්නට හැකි අයුරින් සුදානම් කිරීම ය . අවසානයේ අපි කිහිප දෙනා නිවස මනුස්ස වාසස්තානයකට සුදුසු පරිදි සකසන්නට හෙන ගේමක් දෙනවා ය .


Thursday, August 30, 2018

Love , සෙක්ස් , නෑයන් ගේ සැකය , සිංහල අච්චාරු සමගින් බ්ලොග් කරුවෝ



ලියන්නට බොහෝ දේ තිබුනද කාලය හරස් වී තිබුන නිසා මේ අගෝස්තුවටම ලිව්වේ එක වරක් පමණි . දේශපාලනය ගැන ද යම් තරමකට හෝ ලියන්නට උවමනා කරන නමුත් උක්ත දේශපාලනයද දැන් මඩගොහොරුවක් වී හමාරය . මේ ලියන්නේ ද මධ්‍යම රාත්‍රිය පසු වී පැය දෙකක් ගිය තැන ය .එහෙත් ආරම්භයක් ගැන නොදැන පටන්ගත් මෙය අච්චාරුවක් වෙයි දෝ කියාත් සමහර විට ආටියාට හිතෙනවාය . ආටියා කොහොමත් අච්චාරු වලට කැමති ය . ඒවායිනුත් ගමේ අච්චිඅම්මාගේ සිංහල අච්චාරුවට වැඩිපුරම මනාපය . අච්චාරු බත් වලට බෙදාගත්තද වැඩිපුරම ආටියා තෝරන්නේ එහි ඇති පදම් වූ ලූණුය. එව්වා දිව්‍ය ලෝක සැප ගෙනදෙන්නේමය . මේක කියවන ඔහෙලා ට හිතෙන්නේ අච්චාරු ගැන ලියන ලියමනක් කියා වන්නට පුළුවන් ය. ඇත්තටම එසේ නොවන හෙයින් මෙය මෙතකින් අවසන් කරනවාය .


මේ අතර ලංකාවේ තවදුරටත් වෙසෙන්නේ මන්ද කියා අසන අය දිනෙන් දින වැඩිවෙන බව තාත්තා මේ ලගදී කිවේය .ඇත්තේන් ම අදට සති විසිහතරකි .  හාමිනේ නම් හැම වෙලේ ම කියන්නේ අද යමු හෙට යමු කියා ය. ඇය ජීවිතය ගැන බැරෑරුම් ව සිතන්නියක් නොවන බැවින් මගේ යෑම ප්‍රමාදවීම තුල කුමක් හෝ බරපතල දෙයක් පවතින බව වරෙක ඈ සෘජුවම මට පැවසුවාය .එහෙත් පහුගිය කාලය පුරා මගේ හිත තිබුනේ තාත්තා අම්මා ලග ය . ඒ දෙදෙනාම උපන් රට දමා යන්නට අකමැති ය. ඒ අය අද ඉන්නා තත්වය එක්ක පවුලේ එකම ළමයා වශයෙන් ඔවුන් ගෙන් මිදී හිටපු රටට ගොස් නිදහසේ හුස්ම ගැනීමට ආටියා ට බැරිය . ඒ ආටියා ගේ හැටිය . ඔවුන් දෙදෙනා මේ බව දන්නේ නැතිය . දන්නේ වී නම් මා හා හාමිනේ නැවතත් හිටපු රටට පිටත් කර හරින්නට ඔවුන් කටයුතු කරනවාය . ලංකාවට වෙලා සිටීම නෑයන්ට හෙන ප්‍රස්නයක් ය . ඒ අය කියන කතා වලට හිනායනවාය . නෑයන් අතර තියෙන්නේ එක්කෙනෙක් ට වඩා එක්කෙනෙක් උඩින් සිටින්නට දරන තරගයක් ම ය . මෙව්වා ගැන මෙතන ලියන්නට නොයන්නේ වැඩක් ඇති දෙයක් නොවන නිසාය .



ලංකාවේ සිටීමේ වාසි අවාසි ගැන හිතන්නට හොද නැති බව ආටියා නිතර හිතනවා ය . මේ අතර හෙළ බ්ලොග් ලෝකයේ සොඳුරු සඳවතී ගේ සහ දුමී  ගේ කවි කියවන්නට ආටියා බොහෝ මනාපය .ඒවාගේ ම කොච්චියා නොලියන එක ගැනත් ආටියාට පට්ට දුක ය. ගොඩයාද දැන් ලියන්නේ නැතිය . කොච්චියා මෙන් ම ගොඩයාද ලියන කතා හැම එකකටම වගේ ආටියා ප්‍රිය කරනවාය . මෙකී බ්ලොග් කරුවන්ගෙන් සොඳුරු සඳවතී ආදරය සොයා දීර්ඝ පර්යේක්ෂණයක් කරන බව ඈ ලියන දෙයින් ආටියාට වැටහෙන්නේය . මේ ලගදී  ඇය ගේ"ආදරේ හරි සරළයි හිටං "වෙනුවෙන් මම ලියපු පිළිතුර ඇයගේ බ්ලොග් ඉතිහාසයේ දිගම කමෙන්ටුව වීම ගැන මම ද හිතෙන්සතුටු වුනේමි . ආදරය අර්ථදැක්වීමට තරම් අපහසු සංකීරණ ක්‍රියාවලියක් නිසා ඒ පිලිබදව මෙතන ලියන්නට නොයන්නේය . සොඳුරු සඳවතීගේ බ්ලොගය පුරා ඇය කියන්නට වෙර දරාතිබෙන්නේ ද මේ දෙයමය .


තනිකම , රාගය , බලය  , මුදල්  සහ උවමණාව මත ආදරයට වෙස්ගන්නට පුළුවන් බව ආටියා හොදින් වටහාගෙන ඇත්තේය . ආදරය පුද්ගලානුබද්ධ සාධකයකට වඩා කාරණාරූපී විචල්ල්‍ය සාධකයක් බව කියන්නට උවමනාය . මේ කියූ කරුණු පහ ගැන හරියට වටහාගත්තොත් මම කියන්නට උත්සාහා කරන්නේ මොකක්ද කියා ඔහේලාට වැටහෙනවා ඇතිය . අද කවුරුන්වත් sacrifices කරන්නට කැමති අය නොවේ . sacrifices කිරෙමකින් තොරව හරි ආදරය හොයන්නට යාම මෝඩකමකට එහාගිය දෙයක් යැයිද වෙලාවකට හිතෙනවාය . හැමෝම ආදරයේදී හොයන්නේ වාසි ය . හිතවත් කම් මිතුදම් ද friends with benefits ය  . ලෝකය වේගයෙන් අවරට ගමන් කරන බව වෙලාවකට ආටියා ට හිතෙනවාය . ඇත්තටම ආටියාට දැන් හරි මහන්සිය . මේ බ්ලොග් ලිවීම ඉදිරියටත් කරනවා ද නැද්ද යන්න මේ වන විටත් මගේ යටිහිත මගෙන් විමසනවාය .


අද වනවිට ආදරය සහ සේක්ස් ගොඩක් දෙනා පටලවාගෙන ය . වැඩි දෙනෙක් ට සේක්ස් ලබෙනවානම්  ආදරය වැඩක් නැති ය . සමහරු ආදරය කරන්නට මනාප නමුත් සෙක්ස් කරන්නට බය ය . තවත් සමහරු පර්තිපත්තිගරුක ආදරවන්තියින් වුවද ප්‍රතිපතියක්වශයෙන් සෙක්ස් නොකරන්නේ ය . ඔය අතර අල්පමාත්‍රික කොට්ටාශයක් ආදරය සහ සෙක්ස් පටලවා නොගෙන කරන්නෝය . උක්ත පිරිසට ආටියා බෙහෙවින් රේස්පෙක්ට් කරන්නේ ය . ලංකාවේ සංස්කෘතියතුල වූ උප සංස්කෘති විසින් මිනිසුන් ව තදින් ගැටගසා ඇත්තේ ය . බොරු ආදරය ගැන ගැහැණු පිරිමි අද ලොකුවට කියවන්නේ ද ඔය නිසාමය . ආදරය මෙන්ම සෙක්ස් වලටත් මෙය පොදුය . මෙහේ ගොඩ දෙනෙක් හිතන්නේ සෙක්ස් යනු ක්‍රීඩාවක් බවය . එහෙත් ඇත්ත වශයෙන් මේ සෙක්ස් යනු කලාවකි . අපට වැරදුනේ ඔතන ය .අද බොහෝ දෙනෙක් ලිංගික එක්වීමකදී පට්ට selfish ය . රෝමාන්තික ආරම්හයකට ප්‍රිය නොකරන්නෝ ය . ඇතැම් අය ඒ කුමක් ද කියාවත් නොහදුන්නනෝ ය . ගැහැණු පිරිමි වේවා ගොඩක්දෙනාට ඕනේ තමන් සතුටු වන්නට ය.ඉතිං මෙව්වා නිසා ආදරය සහ සේක්ස් අපේ උන් අවුල් කරගෙන ය .


දැන් මේ බ්ලොග් සටහන මෙතනින් නවතත්වන්නට වෙලාව හරිය . ආටියා මේ දවස් වල බ්ලොග් ලෝකයේ සැරිසරද්දී පහුගිය දොහේ කියවන්නට අතපසු වූ කණ්ඩාගේ කොලමේ  ලිපි කියවමින් සිටින්නේ ය .  කණ්ඩාගේ ලිවීමට ආටියා මනාප ය . උගේ ලිවීම අව්‍යාජය . අව්‍යාජ මිනිසුන්ට ආටියා හැම විට ගරු කරන්නේ ම ය . ඉහත ලියු සියලුම දේවල් ආටියා ට  බොක්කෙන්ම ආ අදහස් මෙන්ම වටහාගත් දේවල් වන අතර ඇතැම් විට එව්වා ඔහේලාට නොගලපෙන්නට ද පුළුවන් ය . ආටියා සියල්ල ගලපන්නට නොයන්නෙක් ය.  කාලයක් සියල්ල ගලපන්නට ගෝස් හොදට ඇනගෙන තිබෙන නිසා ගලපන්නට යාමේ ආතල් එක ආටියා හොදින් දන්නේ ය .

‘‘එක්කෝ කියැවීමට තරම් වටිනා යමක් ලියන්න නැතිනම් ලිවීමට තරම් වටිනා යමක් කරන්න.’’ 
                                             බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් (1706 - 1790)

*රුප අන්තර්ජාලයෙන් උපුටාගත් අතර අයිතිය මුල් හිමිකරුවන් සතුය . 

Wednesday, August 22, 2018

රෙජිස්ට්‍රේශන් ට්‍රාන්ස්පොර්ට් සහ තවත් හුටපට



ලියන්නට යන්නේ මීට ටික කලකට පෙර සිදුවූ රසවත් සිදුවීමක් ය. මාතෘකාව දුටු පමණින් ඔහෙලා හිතන්නට ඇත්තේ ආටියා විසින් ගැසූ වෙඩින් හයර් එකක් ගැන කථාවක් කියා ය . කථාවේකථා නායකයින් රැසක් ඇති බැවින් එකෙකුට නායකකම දීම අනිකුත් අයට කරන අසාධාරණයක් බැවින් එසේ නොකරම සිටිනවා ය . මෙව්වා කියවන ඔහෙලා එව්වා ගණන් හදා ගත්තොත් හොදයිකියා කියන්නේ හද පිරි මෙව්වා එකෙන්මය .

ඉතිං මා මිත්‍ර බ්ලොග් වැසියනි , මේ  විවාහය වෙන කවරෙකුගේවත් නොව මගේ හාමිනේ ගේ අක්කා ගේ ය. ඇය බදින්නට මාස කිහිපයකට පෙර රෙජිස්ට්‍රේශන් එක තිබුනේ හාමිනේ ගේ මාතලේ මහගෙදර ය . මාතලේ මහගෙදර ගැන මෙහිදී අමුතුවෙන් කියන්නට නොයන්නේ "මාතලේ බලකඩුව දියඇල්ල සොයා" පොස්ටුව හරහා රුප , සිතියම් සහිතවම දක්වා තිබීම නිසා ය.

රෙජිස්ට්‍රේශන් එක ගැන මුලින් ලියන්නට සිතුනේ රෙජිස්ට්‍රේශන් එක ඇතුලේ ද මිහිරි රස කථා ගොන්නක් තිබෙන බැවින් ය . ඉතින් මා මිත්‍රවරුනි කොහොම කොහොමාරි අපි රෙජිස්ට්‍රේශන් එක ට පෙර දින පාන්දර තුනට විතර පිලියන්න්දලින් මාතලේ බලා පිටත්ව යන්නේ අපේ මාස ගණනක් වයසැති දුවණියද මහා පාන්දරම සුදානම් කරගෙන ය . නිදිමත තිබුනත් එය පැත්තක තියා ගමන පිට වූයේ කටයුතු වලට උදව් කිරීම යුතුකමකටත් වඩා වගකීමක් වන නිසාය . මග තොටේ කරදරයකින් තොරව උදේ හයට විතර මාතලේ ට පැමිණි අප වටා තිබුණු බිම්කළුවර තවමත් පහව ගොස් නැත . ඝන මීදුම් තට්ටුවක් නිසා අවට නොපෙනෙන තරම් ය . නිවාස පාර අසලම වූ නිසා රථය අරගෙන හාමිනේ ගේ පොඩි නැන්දාගේ ගෙදර නැවැත්වීමටගත් තීරණය රථයේ සරීර සවුක්යට හොද බව වැටහුණු අතර පැමිණ වාහනයෙන් ම නැවත ගම රට යායුතු බව නැවත වරක් පසක් වූ නිසා ය .

රෙජිස්ට්‍රේශන් එකක් යනුද එක්තරා ආකාරයකින් මගුල් කෑමක් වන අතර මේ රෙජිස්ට්‍රේශන් එක පවත්වන්නට සූදානම් කර තිබුනේ නිවසේ මය . නිවසේ ගන්නා මගුල් පට්ට ය . ඒවා සතුටු සාගරයන් මය . කුඩා කල බාප්පලා , පුන්චිලා , මාමලා ගේ මගුල් වලින් පසු ගෙදරක තිබෙන මෙවන් උත්සවයකට සහබාගී වන්නේ හෙන කාලයකට පසුවය . එයිනුත් වැඩේ කියන්නේ මෙහි මනමාලිය ගේ පාර්ෂවයෙන් විවාහයේ සාක්කියට අත්සන් කරන ඒ කරණය මාමණ්ඩිය විසින් පවරා තිබුනේ මට ය .

උදේ ආහාරයෙන් පසු අපි නිවසේ පැවැත්වෙන විවාහා ගිවිසගනීමේ උළෙලේ අවශ්‍ය බඩු බාහිරාදිය ගෙන එන්නට මෙන් ම රෙජිස්ටාර් නෝනා ට නැවත මතක් කිරීම ද කරන්නට තුබූ අතර අක්කා අන්දවන්නට සුදානම් වූ සැලූනයට යන්නේ නැවත මතක් කිරීමක් කරන්නට ය . ගමනට මාමණ්ඩිය නැන්දම්මා සහභාගී වූ අතර බිරිද ද සහභාගී උනේ අපේ කුඩා දුවනියත් සමග ය . මුලින් ම යා යුතුව තිබුනේ රෙජිස්ටාර් නෝනා ට නැවත මතක් කිරීමකරන්නට ය . ඒ කටයුත්තට පිටත්ව ගියේ මාමණ්ඩිය වන අතර පැයක් හමාරක් යනතුරු ම නොපැනි සැකය කරන කොට ගෙන නැන්දම්මාද වාහනයෙන් බැස යනවා ය.  පසුව යක්ෂාවේශයෙන් පැමිණි මාමණ්ඩිය නැන්දම්මා කියන්නේ රෙජිස්ටාර් නෝනා ට නිවසට එන්නට බෑ කියනවා කියා ය . පසුව මාමණ්ඩිය රෙජිස්ටාර් නෝනා ට ලුණු ඇබුල් සහිතව ඇමතුනිසා පසුව ඇය එන්නට කැමති කරවාගෙන ඇත . මෙව්වා මොනවාද කියා ආටියා ට නොතේරෙන අතර තේරුම් ගන්නට ද මහන්සි වන්නට ද ආටියා ආසානැත . ඒ මලෙන් හොට්වූ  මාමණ්ඩිය නැන්දම්මා පසුව උකුවෙලට ගෙන ගොස් අවශ්‍ය බඩු බාහිරාදිය ද රැගෙන නැවත මාතලේ ට ගියේ ඉතිරි බඩු ගන්නට ය . මාතලේ ට්‍රැෆික් එක හරියට කොලබ වගේ ය . ඒ මදිවට වාහනය නවත්වන්නට ද තැනක් නැති ය . කෙසේ වෙතත් මිෂන් ඉන් පොසිබල් එකකින් පසුව වාහනය නවත්වා බඩුත් රැගෙන අක්කා අන්දවන්නට සුදානම් වූ සැලූනයට ගියේ එහි කටයුතු ද විමසන්නට ය . සියල්ල සාර්ථකව අවසන් වූ පසු නැවත නිස්වසට පැමිණ නිවාස සූදානම් කරන්නට අපි කටයුතු කලේමු . පසුව සෙටිබැක් මල් සූදානම් කරන්නට සලුනයේ අය පැමිණි අතර ලස්සන කිරීම් කටයුතු එතනින් අවසන් විය . පසුව කුස්සියේ කටයුතු නැන්දම්මාගේ මූලිකත්වය යටතේ සිදු වූ අතර වැඩ අවසන් වෙද්දී පාන්දර දෙකට පමණ ඇත .

වැඩ සටහන් පෙළ ගැස්මේ රෙජිස්ට්‍රේශන් එකදින මුලින් ම කරන්නට තිබ්බේ මනමාලිය අන්දවන්නට පාන්දර තුනට මාතලේ ට ගෙන යාම ය . ඒ කටයුත්ත මට පැවරී තිබු අතර හරියටම වෙලාවට වැඩේ අකුරටම මම සිද්ධ කලෙමි . අකුරට වැඩේකරත් පාන්දර තුනට ඉවසන්න බැරි සීත‍ලේ කට්ටකරුවලේ වාහණය නවතා තිබෙන හාමිනේ ගේ පොඩි නැන්දාගේ ගෙදර ට පයින් යෑම ගැන වැඩියෙන් මුකුත් මෙතන කියන්නට යන්නේ නැති ය . සීතලේන්වූ අරියාදුවට අමතරව මහපට ඇගිල්ල ක් තරම් මහත කූඩල්ලේක් දකුණු කකුලේ එල්ලිලා කියා මම දැනගත්තේ මගදුරක් රථය පදවාගෙන යද්දී කකුල හිටි හැටියේ සීතල වූ නිසා ය .කකුල බැලින්නම් කාපට් එක පුරා ලේ ය .ඒ කෙසේ වෙතත්  ලේ අසුභ ලකුණක් බැවින් මම කිසිවක් අක්කාට නොකියා නොපෙන්වා සිටියේ මේ  මොහොතේ ඇය ගේ පහන් වූ මනසට අබමල් රේණුවක තරම්වත් භාධාවක් නොකර සිටිය යුතු යැයි තරයේ මම සිතාසිටි නිසාය .  තවද ඇය සහ මම පමණක් රථයේ සිටි නිසාත් ය .ඇයට සුභ පතා සැලුන් එකට ඇරලු මම වාහනය පාරේ ඇති ලයිට් කණුවක් අසල ට  ගෙනගොස් කකුල සහ කාපාට් එක සෝදා ගනිමින් සිටි අතර නගරයේ රාජකාරි අවසන් වී පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මට කිට්ටු වී "මහත්තයා මොකද මේ ලේ ... මොකක් වත් කරදරයක් වත් ද ? යමු අපි ඉස්පිරිතාලයට .... ආදී වශයෙන් කරුණාවෙන් කියන්නට විය " මම ද පෙරලා සිනා සෙමින් ඔවුනට කීවේ "
මෙන්න මෙයා ගෙන් තමයි කරදරය උනේ" කියමින් මගේ පයට පෑගුණ කූඩල්ලා පෙන්වීය . " ආ .... ඒක මිසක් ..... අපි  බැලුවා මේ වෙන මොකක් හරි කියල ද කියල , ඉතින් ඔය වතුර ඩින්ගෙන් හෝදගන්න බෑ නේ ... යමු පොලිසිය මේ ලග තියෙන්නේ"  කියා ආරාධනා කල අතර මම එය කාරුණිකව ප්‍රතික්ෂේප කලෙමි .

පසුව නිවසට ගිය මම ගෙදර සූදානම සොයාබලා නැවත සුදානම් වී මනමාලිය නිවසට කැන්දාගෙන එන්නට පිටත් උනේ උදේ හතට විතරය . උදේ වෙද්දී ඊයේ පේන්නවත් නොහිටි නෑයෝ හැත්තෑබුරුත්තම රොක් වෙලා ය . ත්‍රීවීල් එකක් තියෙන එක නෑයෙක් අහන්නේ මම ගිහින් අරං එන්නද ? ඇයි යන්න තවම පරක්කු ආ දී වශයෙන්ය . ඔව්වාට උත්තර දී හිතවත් කම් පැළදු කරගන්නේ නැතුව වචනයකින් දෙකකින් පිළිතුරු දී එතනින් පිටව මාතලේට ගියෙමි . පසුව ඇයත් කැටුව පැමිණෙන්නට හදද්දී ෆොටෝ ගන්නා කෙනා ද ලොකු පැදුරක් තරම් පසුතලයක් (backdrop) සහිතව වාහනයට ගොඩ වී ඇසුවේ මේකත් දමාගත්තාට කමක් නැතිද කියා ය ? මේ වෙලේ මගුලට අවශ්‍යනම් පාරේ තිබෙන තඩි ගල් ගෙඩියක් උවත් දමා ගන්නට අවසර දෙන මානසික මට්ටමේ මම සිටියෙමි . පසුව වෙලාවට නිවසට පැමින එහි කටයුතු ද සොයා ඉටුකර දුනෙමි .

වෙලාව ආසන්න වෙද්දී මනමාල පාර්ශවය ද නිවසට සේන්දු වූ අතර කෑ ම මේසයේ ලුණුමිරිස නැති බව පෙනෙන්නට විය . නැන්දම්මා එය සුදානම් කරන්නට යද්දී මම කීවේ " අම්මා ගිහින් එන අය පිළිගන්න ඉස්සරහට යන්න . ලුණුමිරිස වෙලාවට මෙසේ උඩ තියෙයි " කියා ය . කියූ අයුරින් එය සුදානම් කර මා වෙලාවටම එය එතනට යැවී මී . සංග්‍රහයෙන් පසුව මට පැවරී තිබු ඊලග රාජකාරිය වුයේ පෙර දා මාමන්ඩිය විසින් ගේම ඉල්ලු රෙජිස්ටාර් නෝනා නිවසට ගෙන ඒම ය.  වාහන තිබුණු කිසිම නෑයෙක් මේ කටයුත්තවත් බාර ගෙන නොතිබුන අතර මම ම ඒ සදහා ගියෙමි.යද්දී සුදානම් වී නොතිබ්බ ඇයව   නැකතට කලින් ආසනය මත හිදුවන්නට ආටියා ට මෙසේ පුළුවන් වෙනවාය . එයට යමෙක් ඉස්තුති කරනවා නම් කලයුත්තේ වාහනය ටමය . හැසාඩ් වී අයිපී  ලයිට් දමා ගෙන පරිවාර රථ නැතුව මගුලකට රෙජිස්ටාර්කෙනෙක් ගෙන ආවේ ලෝකයේ පළමු වතාවට ද නම් කියා ආටියා දන්නේ නැති ය . එදා මට හිතුනේ පෙර දා මාමන්ඩිය විසින් ගේම ඉල්ලු නිසා රෙජිස්ටාර් නෝනා හිතා මතා පරක්කු කරන්නට හැදුවා ද කියා ය . කෙසේ නමුත් වැඩේ වෙලාවට කරන්නට හැකි වීම ගැන ආටියාට ඇත්තේ පට්ට සතුටක් ය .

පසුව ඇපයට අත්සන් තැබූ මම ඔවුන් දෙපලට මගේ හර්දයාන්ගම සුභ පැතුම් ඒක් කලේමි . කටයුතු අවසන් වූ පසුව රෙජිස්ටාර් නෝනා යන්නට අවශ්‍ය යැයි කියද්දී ඇයව නවත උකුවෙලට ගෙන හැරලන්නට මම ම පිටත් විය . ඇයව බස්සන්නටවත් වාහන තිබුන එකම නෑයකුගේ වත් වාහන වල ටයර් කැරකුණේ නම් නැති බව කියන්නට උවමනාය . ඒ ඒ අයගේ හැටි ය . එව්වා කමක් නැති ය . දුකට කරුණ නම් මම පුළුවන් තරම් හය්යෙන් ගිහින් ඇයව බස්සවා නැවත  විනාඩි දහයෙන් එද්දි අලුත බැදපු මනමාල යුවල මුදු මාරු කර කේක් කපා කවා ඇති බව ය . ඔය අතර මගේ බිලිදු දුව තවමත් ඇයගේ සුපුරුදු නින්දේ ය. ඔව්වා ගැන වැඩිය හිතන්නට නරක බව ආටියා ගේ යටි හිත කිවේ මිනිස්සුන්ගේ හැටි දැනගතඑක වටිනවා නේ කියා ය .

කථාව අවසන් කරන්නට මොහොතකට පෙර කුස්සියෙන් තවත් ආතල් එකක් වාර්ථා කර අතර , ටයි කෝට් ගලවා කොට කලිසම සහ ස්කිනිය ට බැසගත් ආටියා නැවත ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්නට වුයේ , කෝකියා ගේ අම්ම මුත්තා මතක් කිරීමෙන් අනතුරුව ය . පසුව නිවසේ ධාතු ඇතයි කියූ මාමාන්ඩිය දැනුවත් ව ඉස්සරහ බෝතල් පාටිය  පටන් ගෙන ය . එය ධර්ම රාජ්ජයක් උදෙසා යන බව ලොකු කථා කියූ මාමණ්ඩියට දයිවයේ සරදමක් ද කියා ආටිය ගේ යටි හිත විමසන්නට විය . සාදය අවසන් වූ පසු සියල්ල සුද කර මමත් හාමිනේත් දරුවාත් එදා ම රැ හතට පමණ මාතලෙන් කොලබ එන්නට වුයේය. දවසම නිදාගෙන නොසිටි මට මාවනෑල්ලේ සිට නිදිමත නැතිකර එන්නට උදව් උන මහනුවර බසයත් මහියංගනය බසයත් මතක් කරන්නටම ඔනෑය .

Tuesday, July 31, 2018

රැජිනගේ රටේ මුසල දෙසැම්බරය , තනියෙන් ගැසූ රස්තියාදූ සමගින් ආයෙමත් රෝසී අක්කා


අදින් අවුරුදු ගණනකට එහෙමත් නැත්තම් වැඩි දුර ඉගෙනගන්න රැජිනගේ රටට ගිය මුල් අවුරුද්දේ සීතල දෙසැම්බරය ආයෙත් මේ ලගදී ආටියා ට මතක් වුනේ හිටි හැටියේම ලැබූනු  එක්තරා දුරකථන ඇමතුමක් නිසා ය .

ඒ දෙසැම්බරයේ නිවාඩුව ඇත්තටම ආටියා ට කම්මේලි මෙන්ම වේදනා ගෙනදෙන්නක් වුයේ මිත්‍ර සමාගමය පවත්වන්නට කියා කවුරුන් හෝ මා සමග නොමැති වීම ය . හැමෝම වගේ නත්තලට ලෑස්ති වෙනකොට මම ලන්ඩනයටවී ඔහේ සිටියෙමි . විදී පුරා රස්තියාදු ගැසුවෙමි .නාට්‍ය බැලීමට ගියෙමි . ශේක්ෂ්පියර් ගේ ලිවීමි ගැන හොයන්නට පටන්ගත්තෙමි.  සමහර දිනවල නොගිය පැති වලට E (පහල පන්තිය - ලංකාවේදී නම් 3වන පංතිය) පංතියේ ටිකට් රැගෙන් දුම්රියෙන් ගමන් කලෙමි .ඒ ඒ නගර ගම් වල අත්දැකීම් තනිව වින්දෙමි . මිල අඩු ආහාර ඇති බාල අවන්හල් සොයා ගියෙමි. දුම්රියෙන් යද්දී , කවුළුවෙන් ඈත බලා ගෙන කල්පනා කරද්දී මොකක්දෝ ලොකු හිස් කමක් ජිවිතයේ ඇති බව එදා මට වැටහී ගියේය .

නිවාඩුවට ලංකාවට යන්නට මුදල් ඉල්ලන ගෙදරට කරදර කරන්නට අකමැති වූ ආටියා , ගෙදරට කීවේ ඉගෙනීම පාඩු වන නිසා එන්නට බැරිය කියා ය . එහෙත් ඒ දෙසැම්බරයේ ආටියා කර ඉගෙනීමක් නම් නැතුවා මය . කරේ නිදහසේ තනිව රස්තියාදුවේ යා ම ය . ඔය කියූ සීතල දෙසැම්බරය  ආතල් පහට තනිව ගෙවා දැමූ ආටියා ට හදිසියේ ම කථා කරන්නේ රෝසි අක්කා ය . රෝසි අක්කා කවුද කියා දැනටමත් ඔහෙලා මේ පොස්ට් දෙකෙන් ම දැනගත් නිසා ආයේ ලියා මේ බ්ලොගය පල්හෑල්ලක් කරගන්න ආටියා අකමැති ය . ඉතිං දුරකතනයෙන් ඇමතු ඇය කියන්නේ තනිව ඉන්න කම්මැලි කියා ය .

" අනේ ,,, මල්ලී ඔයා එන්නකෝ මෙහෙ "  යන ආ දී වශයෙනි . අවසානයේ මම එහි ගියේ දවසක් හෝ දෙකක් ඉන්නට රෙදි කඩමලු තුනහතරක් සහිත බෑගයක් සමගින් ය . මා නැවතී සිටි තැන සිට පැය හතරහමාරක දුම්රිය ගමනකින් පසු ඇය සිටි තැනට එන්නට පුළුවන් විය . රෝසි අක්කා මා පිළිගැනීමට දුම්රිය පොලට පැමිණීම මට එදා මහත් අස්වැසිල්ලක් විය . ඒ මක් නිසාද යත් එදා මම එරට ගැන දුර්වල අවබෝධයකින් පසු වූ බැවින් ය .  අක්කා විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිටි නිසා ඇය වෙනම කුඩා කාමරයක් කුලියට ගෙන විශ්වවිද්‍යාලය අසලම නවාතැන් ගෙන සිටියා ය . එදා ලංකාවෙන් ගියාට පසු ඇය පළමු වර දුටුවේ එදා ය .

ඇය සමග මා ආගිය විස්තර කථාකරමින් නොදනීම ඇයසිටින තැනට ආවෙමු . බැලු බැල්මටම එය දෙදෙනෙකුට ප්‍රමානවත් නොවන බව මට වැටහීගිය අතර මම ඒ බවක් ඇයට නොපෙන්නුවෙමි . සැනසීමකට ඇත්තේ එම කුඩා ඉඩේ වූ පිළිවෙල ය .
ආටියා එදත් අදත් පිළිවෙලට කැමති අතර එහි ඉන්නට හිතදුන්නේ ඒ පිළිවෙල නිසා ය. අක්කා සාදා දුන් කොපි කෝප්පය පානය කර මට ,

 " වොෂ් ඒකක් දාගෙන රිලක්ස් වෙන්න මල්ලි " ..... " ලංකාවේ වගේ ප්‍රයිවසි ඉශු එකක් මෙහෙ නෑ ... නේ . , අපිට කැමති විදියට ඉන්න පුළුවන් .. හොයන්න කවුරුවත් නෑ , කාටවත් අපි ගැන වැඩකුත් නෑ " යනුවෙන් කිවාය . මම ද සිනා සී හිස සලා ඇයගේ කතාවට එකග වීමි . ඇග සෝදා ගැනීමට නානකමරයට වැදී මට සිතුනේ අක්කා යමක් නොකියා කියූ බවය . කෙසේ වෙතත් එදා මෙවන් හැගීමක් මගේ සිතට ආවේ එදා  මගේ මනසේ කැරකෙමින් තිබුන පාළුව තනිකම නිසා වන්නට ඇත. පසුව ඇය විසින්සුදානම් කර තිබු සුළු දවල් කැමත් රැගෙන ටික වෙලාවකට පසු අපි දෙදෙනා එළියේ ඇවිදින්නට ගියෙමු .

අපි දෙන්නා අරමුණක් නැතිව සීතලේ ඇවිද ගෙන ගියෙමු . ඇය ගේ නොනවත්වා කරන කථා ගමනට ඉනිමගක් විය .

"දැන්වත් කියන්න .... ඔයා ට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා නේද" කියා ඇය විමසුවේ පොල්ලෙන් ගහන්නට වාගේ ය .

"නෑ අක්කි . තවම නෑ.."

"ආර් යූ සීරියස් ? "

" යේස් ටුබී හොනෙස්ට්"

" වාව් ... කාන්ට්බිලීව්"

"වයි?  වාව් " මම පෙරලා අසීමි .

ඇය ලජ්ජාවෙන් මිරිකී ගිය අතර මුහුණ රතු විය .

" නෝ මෙන් ,,, ජස්ට්‍ "  කියා උත්තරය මග හැරියා ය .

ඔයා ට අක්කි ?

" ඉන්නවා "

"කොහොමද එයා ? "

" He's Such a Nice Man, But He's so. Boring "

" ලංකාවේ කෙනෙක් ද ? "

" නෑ , ෆ්රාන්ස් වල "

" කෝ එයා දැන් ? "

" හොලිඩේ ගිහිල්ලා "

" ඔයා ගියේ නැත්තේ ඇයි "

" ඉන්වයිට් නොකර යන්න බෑ නේ"

" හ්ම්ම් "

ඔය ටිකෙන් ම අක්කා දැන් ඉන්න තත්වය තේරුම් ගැනීමට මට පුළුවන් විය . මේ මුසල සීත දෙසැම්බරයේ අක්කා සහ මම සෙව්වේ එක දෙයක් බව මට වැටහෙන්නට වැඩි වෙලාවක් නොගියේ ය . එහෙත් මා විදින්නට ප්‍රිය කරන දෙය ඇය සමග විදෙන්නට මම ආසා නොකලෙමි .ඕනෑම පිරිමියෙක් දෙපාරක් බලනා ආකාරයේ අතිශය රූමත් වූ ඇය කෙරෙහි මාගේ තිබුනේ අක්කා යන හැගීමක් පමණක් මය . එහෙත් ඇය මා කෙරෙහි කොහොම ගණන් හදා ගෙන ඉන්නවාද කියා මම දන්නේ නැති ය .

එදා ග්‍රේට් වෙස්ටන් වලදී මෙන්ම ඇය කිසිදු චකිතයකින් තොරව මගේ උරහිසේ ඇගේ හිස තියා මට තුරුලුවී පාරේ ගමන් කලේ අපි පෙම්වතුන් විලසින්ය . මමද ඇයගේ හැගීම් වලට ගරු කරමින් ඇයත් සමග ඔහේ ඇවිද ගෙන ගියෙමි . විටෙක මුහුණට වැටෙන කුඩා හිම කැට මුහුණ කිස්කන්නට තරම් සීතලය . ඔය අතර මට හිතුනේ මේ දෙසැම්බරය දෙකෙන් එකක් අප අතර සිදු කිරිම සදහා උදාවුවක් බව ය .



රාත්‍රී අදුරත් සමග නිවසට පැමිණි අප දෙදෙනා එකතු වී රෑ කෑම හදන්නට පටන් ගත්තෙමු . පසුව ඇයත් සමගම රාත්‍රී ආහාරය ලබා ගෙන අප දෙදෙනා ටික  වෙලාවක් ආගිය විස්තර කතා කරමින් සිටියෙමු . ඔය අතර අක්කා ගේ ප්‍රංශ පෙම්වතා ගැන විස්තර ද මම විමසුවෙමි . අක්කා ඔවුන් දෙදෙනා ට අදාල පුද්ගලික දේ පවා මා සමග කියූ අතර ඔවුන් දෙදෙනා ගේ ප්‍රේමය බොහොම දුරක් ගොස් ඇති එකක් බව මට වැටහී ගියේ ය .

කොහොමින් කොහොමින් හරි අක්කා ගේ සහ මගේ ආගිය කථා සාගරයේ එහා ඉමට පැමිණෙන්නට අපට වරම් දුන්නේ මට දරාගන්නට තරම් නොහැකි වූ නිදි මතය . 
“I’m gonna sleep අක්කි" .  මම කොට්ටයත් බ්ලැන්කට් එකත් රැගෙන අසල තිබුන සෝෆාව වෙත යද්දී  .....

"පිස්සු හැදී ගෙන එනවද  ? එනවා මාත් එක්ක නිදාගන්න "

"මම  ඔයා ව කන්නේ නෑ නේ" 

"Okay then"

"You so bad මල්ලී"

කෑගහන්න එපා . දැන් ආවනේ.

මම පසෙකින් නිදාගැනීමට පැමිණි අතර බලාපොරොත්තු රහිත මොහොතේ ඇය මගේ වම් අතින් ඇද ඇය වෙත මා ඈදාගත්තා ය .
ඇයට අවැසි ඕනෑම දෙයක් කරන්නට දී මම ඇයට මුල්තැන දුනෙමි .ඇයට ද ඇයට ඇවැසි දේ ඉතා රෝමාන්තික අයුරෙන් සිදු කර අතර මම සිටින්නේ මොන ලෝකයේද කියා මට ම අමතක විය . අවසානයේ දී ඒ ශීතල රාත්‍රියේ දී ඇය මගේම විය.



'Oh God, Wow' thank you so much  මල්ලි.


Wednesday, July 18, 2018

කලබල වෙලා.. පුංචි දේටත්





තක අතරින් පෙනෙනවා........
ඔබ ගියපු දුර දමා..

එවිට කඳුලක් වැටුනෙ දෙනෙතින්

ඉන්න බැරි තැන ඉවසා..

කලබල වෙලා..
පුංචි දේටත්...

රන්ඩු සරුවල්...

නොකර පෙරදා...
අපි හිටියනම්...
තේරුම් අරං...
අදටත් මගේ...
ව්තරයි ඔයා...!

Tuesday, July 10, 2018

මතක අතර රැදි හැඟුම් පද සොයා කෙරෙන මතක ආවර්ජනය.





ගිමන් හරින දියඹ දිගේ.



ගිමන් හරින දියඹ දිගේ 
සුසුම් හෙලන වෙරළ ඉමේ 
බැස යන හිරු අඩෑසි සඳට රහස් කියනවා 
සද ආදරයෙන් අහස පුරා රටා මවනවා

හිත් දැහැනේ වෙලී තිබුණු 
නෙත් දැහැනේ ගලා හැලුණු 
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ 
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ

නිල් කටරොළු නිල නැහැවුණු 
මල් බර මුදු සුව රැඳවුණු 
තොල්පෙති මල් ඵලදාලන ආදරයද මේ 
නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ

ගිමන් හරින දියඹ දිගේ 
සුසුම් හෙලන වෙරළ ඉමේ 
බැස යන හිරු අඩෑසි සඳට රහස් කියනවා 
සද ආදරයෙන් අහස පුරා රටා මවනවා

ගායනය - පණ්‌ඩිත් අමරදේව පද රචනය - ජානක සිරිවර්ධන සංගීතය - අරුණ ගුණවර්ධන


හන්තාන සිහිනේ.


බලා වැළපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ.... දරා නෙත් අග දොවා සිත් මල් ගොතනු මැන ළඳුනේ.... සංසාර සිහිනේ... වැහි පබළු යට රඟමඬල මැද ඔබේ දෑතේ තුරුලු වන්නට බිසෝ හැර ගිය ළසෝ රඟහල අමාවක අඳුරේ..... නොයනු මැන ළඳුනේ... වඩින තුරු සඳ දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම් සොඳුරු ඒ සද දියේ එන්නම් ඉඳිනු මැන සොඳුරේ හන්තාන අරණේ...

ගායනය - පණ්‌ඩිත් අමරදේව සහ උමාරියා පද රචනය - ජානක සිරිවර්ධන සංගීතය - අරුණ ගුණවර්ධන


ඇය යන්න ගියා මැකිලා.



ඇය යන්න ගියා මැකිලා වන සිරසක තුරු සෙවණැලි අතරේ ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා පිනි කඳුළක් මල් පෙති අග තවරා මිහිදුම් සළුවෙන් මුහුණ වසා... නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ සඳ එළියේ මං පෙත පාදා රහසක් සඟවා ගොළු වූ හදකින් යන්න ගියා මැකිලා... යළි කවදාවත් හමු නොවනා බව මඳ පවනක් හිස අතගා කීවද අදහා ගන්නට නොහැකිය කිසි දින ඇය යළි නො එතැයි ගිම්හානෙට පෙර යන්න ගියා මැකිලා ගායනය - විශාරද අමරසිරි පීරිස්
පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - එච්.එම්. ජයවර්ධන



මේ ප්‍රථම වසන්තයයි.

මේ ප්‍රථම වසන්තයයි දිවි අරණේ මධු මල් පිපෙනා බිඟු රැව් නැගෙනා මේ ප්‍රථම වසන්තයයි...... තරු නැගෙන තුරා නිදිබර අඹරේ සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ ඔබ සුපුන් සඳක් සේ පායා පහන් රැයක් වී ආවේ...... සිත පවස දරා මිරිඟුව අතරේ දිය පහස පතා සිටියදි කතරේ ඔබ සිහිල් දොලක් සේ පාවී වසන්තයක් වී ආවේ

ගායනය - සනත් නන්දසිරි
පදරචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - රෝහණ වීරසිංහ


අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්.



අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳ පානේ... මඳ අඳුරේ...
අත් පටලා යමු ආයේ...

ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පානේ මඳ අඳුරේ...
අත් පටලා යමු ආයේ...

හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ...

හඳ පානේ... මඳ අඳුරේ...

අත් පටලා යමු ආයේ...


ගායනය - වික්ටර් රත්නායක
පදරචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - වික්ටර් රත්නායක


අන්දර යායේ වැව්තාවුල්ලේ. 



අන්දර යායේ වැව්තාවුල්ලේ 
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි 
ගහ වැලේ මලයි මට අප්පච්චී...//

වළාකුලේ දා බිදු තවරා 
මහපොළවට මහ වැසි ගෙනෙනා...//
දිවි ගමනේ ඉම කදුමුදුනේ හිද 
පිතු සෙනෙහේ කඳුලැලි සලනා..

අන්දර යායේ...

තුරු හිස මුදුනේ මල් ඵලදා
කැකුළු මුවට ඵල වැල නෙලුවා...//
ඒ දඬු මං බැද සත්කුළු පව් බිද
සිදාදියට යන මං තැනුවා...

අන්දර යායේ...

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : කුමාර ලියනගේ 
සංගීතය : රෝහණ ධර්මකීර්ති



වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්.



වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක් දෙවොලක් වගේ දුක් ඇහු කෙනෙක් කුඹුරක් වගේ බත් දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මේ... සයුරක් වගේ කිරි දුන් කෙනෙක් වෙරළක් වගේ පණ දුන් කෙනෙක් ඔරුවක් වගේ අත දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මේ... කඳුළක් වෙලා දුක් වූ කෙනෙක් පියුමක් වෙලා තුටු වූ කෙනෙක් ගඟුලක් වෙලා පැන් දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මේ... ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය - ගුණදාස කපුගේ

අනුරාධපුරේ ස්වේච්ඡ සේවය , පුරාවිද්‍යා මහත්තයා , අභයගිරිපුරාවිද්‍යා කැණීම්, බසවක්කුලම වැව අසල ඉංග්‍රීසි පන්ති සමග ආයෙමත් තාත්තා

ටික කාලයක් නොලියා සිට නැවත ලියන්නට යාම මහත් අපහසු කර්ර්යයකි . ඒ කොහොම වෙතත් ලියන්නට කියා කිහිපවරක් පණිවුඩ එවූ සොඳුරු සඳවතී ට වුනු පොරොන...