Monday, March 23, 2020

#අපිටපුළුවන්


කියන්නට ලියන්නට කොතෙක් දේ තිබුනත් එව්වා ලියන්නට කාලය මෙය නොවන බව කාටත් වැටහෙනවා ය . ඒ අපි හැමෝම ලෝකයේ කොහේ හිටියත් අද ඉන්නේ රෝ බියෙන් ය . මිනිසුන් වනාහි ජීවිතයට මහත් සේ ආදරය කරන්නෝ වෙති . ඒසාම ඔවුන් තුල ආත්මාර්තකාමීත්වය බොහෝ සේ ය. අපි හැම මේ මොහොතේ බොහෝ විට අත්විදිමින් සිටින්නේ එ ආත්මාර්තකාමීත්වයේ ප්‍රතිපලය .

කවුරු කෙසේ කීවත් අද සියලු දෙනාම එකාවගේ ප්‍රරිස්සම් විය යුතු බව තරයේ අවබෝධ කරගෙන කාලය ගත කර යුතුය . ලෝකයේ සෑම රටකම වාගේ සෞඛ්‍ය අංශ මේ වන විටත් සීරුවෙන් තබන්නට එම රට වල ස්වකීය පරිපාලණය කටයුතු කර ඇත. ඒ අතර තවත් රටවල් රැසක සෞඛ්‍ය අංශ ස්වකීය දායකත්වය තම රට වෙනුවෙන් කැපකර සිටී .

බොහොමයක් දියුණු යෑයි සම්මත රටවල්  හඩා වැටෙද්දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ තම සම්පත් වලින් කරනාවූ මෙහෙය අති  මහත්ය.  එව්වා මතන ලියන්නට ඉඩ මදි ය . බොහෝමයක් රටවල් ගන්නට බිය අභියෝග ලංකාව ගත්තා පමණක් නොව ඒවා ජය ද ගත්තේය . අප විසින් මේ ගතකරන කාලය ඇතැම් විට ගෙවීමට අපහසු කාලයක් විය හැකිය. එහෙත් මේ අතිශය තීරණාත්මක සමයේ ඔබ පෙරට වඩා අවබෝධයෙන් සහ අවධානයෙන් සිටිය යුතුය .

හැම දෙනාම පරිස්සම් වෙන්න. ඒ වගේ ලංකාවේ මෙන්ම ලෝකයේ ම හැමෝම නීරෝගීමත් වේවා . ලොව පුරා රෝහල් වල සිටින සියලුදෙනා ම සුව වේවා . ජීවිත අවදානම රැගෙන කටයුතු කරන සෞඛ්‍ය අංශ , සහ ආරක්ෂක අංශ ආරක්ෂා වේවා කියලා ආටියා හදවතින්ම ප්‍රාර්ථානා කරනවා .

#TogetherWeCan  #අපිටපුළුවන්

-ආටියා-

8 comments:

  1. මේ රෝගයෙන් බේරීමට ඇති එකම ඔසුව "විනය" නම් වේ! (තමා තුල මෙන්ම මුළු මහත් සමාජය තුලම මෙම විනය පවතිය යුතු බව මගේ හැඟීමයි.)

    ReplyDelete
    Replies
    1. හරියටම හරි මහත්මයා , විනය තමයි ප්‍රධානම සාධකය . කොහොමත් කියමනක් තියෙනවා නේ "විණය නැති තැන පැවැත්මක් නැත " කියලා .

      Delete
  2. මේ රෝගය පාලනය කිරීමට නම් වහාම;
    පලාත් සභා වලට පොලිස් බලතල දීමත්,
    විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමත්,
    ජාතික ගීය දෙමළ බසින් ගැයීමත්,
    උතුරු නැගෙනහිර ප්‍රදේශවල පන්සල් කේතුකාගාර බවට පත්කිරීමත් කල යුතුය.


    ReplyDelete
    Replies
    1. ඒ විදියට කලා ම හරියයි ද ? ඒ ඇති ද ? මදිනමි කියහන්කෝ කරලා දෙන්න...

      Delete
    2. anthoniyo bahijata :- ඔය එකක්වත් ඕනේ නෑ ....... ගෙදරට වෙලා හොදට නිදා ගන්න .

      Delete
  3. කියන දේ ඇහුවොත් ලබන අවුරුද්දේවත් අවුරැදු කන්න පුලුවන් වෙි⁣වි..නැත්තන්...........?

    කවුරැත් ම දැනුවත් වෙමු...පරිස්සමි වෙමු..

    ReplyDelete
    Replies
    1. ඔව් ... තරිදු මල්ලී ... ඔයා හරි . මේ අවුරුද්ද නම් කන්න වෙන්නේ නෑ .... හැබැයි ඉස්සරහට අවුරුදු කන්න නම් කියන දේ අහලා ගෙදරට වෙලා ඉන්න ම ඕනේ .

      Delete
  4. ඔව් හැමෝම පරිස්සමෙන් ඉන්න

    ReplyDelete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...