පහුගිය දෙසම්බරේ ආටියාගේ සංචාර මතකයන් අතර අමතකම නොවන මතකයක් එක් කර අපුරු මාසයක් උනා . ඇත්තටම මේ සංචාරය තරමක් දුරට අහම්බයක් කිවොත් නිවැරදී . මාතලේ යන හැම වෙලාවකදීම වගේ ආටියාට හිතට ආපු සිතුවිල්ලක් තමයි අර අලුවිහාරය පන්සලත් එක්කම මීදුමෙන් වටවුණු වලාකුළු වලටත් වඩා උඩින් විරාජමානව වැඩසිටිනා රන් පිළිම වහන්සේ වන්දනා කරන්නට යන්න ඇත්නම් කියන සිතුවිල්ල .
දිනය:- පහුගිය (2019) දෙසම්බරේ 29 වන දින
කොහොම කොහොමාරි ආටියා ආටියා පහුගිය දෙසම්බරේ මාතලේට ආවේ Wiltshire හයික් එකට යන්න කියලා හිතාගෙන . මාතලේ දී Wiltshire සහ රන් බුදුපිළිමය ගැන විමසද්දී හැමදෙනා වගේ ම කිව්වේ ඉරපායන්න කලින් යන්න සහ වැස්ස දවසක නම් ඔය තැන් දෙකට යන්න තියා හිතන්නවත් එපා කියලා . Wiltshire හයික් එකට අඩි පාරක් තිබ්බට ලිස්සනවා, ඒ වගේමයි රන් බුදුපිළිමයට යන කැලය මැදින් තිබෙන අඩි පාර වහින දවස් වලට හරියට අවාරේ සිරිපා කරුණා කරනවා වගේ කියල .
ඔන්න ආටියා මාතලෙන් පිට උනා උදෙන්ම . ආටියාගේ වාසනාවටද කොහෙද එදා මාතලේට වැසි රහිත මීදුම අඩු දිනයක් උනා .
හිරු උදාව තුරු වැල් අතරින් අමුතුම ලස්සනක් ගෙනාවා . ඒ වගේම කුරුල්ලන්ගේ කිචිබිචිය ආටියාගේ ගමනට පාළු මැකුවා .

ඔය කදු මුදුනේ ඈතින් පේන ෆයිනස් යාය Wiltshire
අංශක 180 ක කෝණයෙන් . පිය මැන්න මග ..... ඈතින් පෙනෙන්නේ නකල්ස් කදු පන්තිය .
යායුතු මග .... නැවුම් හිරු කිරණින් ආලෝකමත් කරමින්
ආටියා අතරමග . :)
සිසිල දෙන දියකඩිත්තක් ලග පොඩ්ඩක් නතරවෙලා ගිමන් හැරියා
පහලින් පෙනෙන මාතලේ නගරයත් නගරය වටා ඇති නකල්ස් කදු පන්තිය දෙසත් හෙළ මුදුනේ සිට බලමින්
අපේ රට කොච්චර ලස්සනද ... පහලින් අලුවිහාරය පන්සල සහ මාතලේ නගරය
එකම මං සලකුණ . මෙතන සිට ආනත තලයක් දිගේ යන්න තියෙන්නේ . වැස්සට හෝදගෙන ගියපු ගල් සහ මතු උන මුල් වලට අඩිය තියලා පරිස්සමෙන් යන්න ඕනේ . වැහිදවස් වලට කොහොම වතුර පාරක් එන්න ඇත්ද කියල හිතෙනවා පොලව හෑරිච්ච විදිය දකිද්දී .
ආටියා මගක්දුරට ආවා .

දැන් නම් රන් පිළිම වහන්සේ ලගටම ආවා . අයෙමත් අවට පරිසරය පැහැදිලි උනා . මගේ වෙලාවට ද කොහෙද . රිවස්ටන් අත ලග වගේ . කදු මුදුනක ඉදං තවත් කදු මුදුනක් දකිද්දී දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ .
උපරිම සූම්කරාම අලුවිහාරය පන්සල මෙහෙම පේනවානම් හිතාගන්නකෝ කොච්චර ඉහලින්ද මේ රන් පිළිම වහන්සේ පිහිටලා තියෙන්නේ කියල.
ඈතින් පේන හන්තාන කදු පන්තිය
ඔන්න දැන් සේරුගලට ආවා . යකඩ අත් වාරු තිබෙන නිසා තරමක් පහසුයි .
සේරුගල රන් පිළිම වහන්සේ අසළ . ඇතුල්වීම .
අභය මුද්‍රාවෙන් වැඩසිටින සේරුගල රන් පිළිම වහන්සේ
මේක තමයි මේ සංචාරයේ වැදගත්ම පින්තූරය . අංශක 180 ක කෝණයෙන් . ඔබේ වම් අත පැත්තෙන් පෙනෙන්නේ කුරුනෑගල , දබුල්ල ශේෂ කදු වල සිට හන්තාන කදු පන්තිය දක්වා සියළු කදූ

පියා සහ පුතා තමයි නිර්මානකරුවන් . වසර දෙකකින් වගේ වැඩ අවසන් කරලා තියෙනවා . කොච්චරනම් දුකක් විදින්න ඇතිද හැමෝම . හැබැයි කොච්චර පිනක් ද මෙහෙම දෙයක් කරන්නට හිතෙන එකම සහ ඒ සදහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම ම .
මේ සංචාරයේ තිබුන විශේෂත්වය තමයි සංචරාය අතර තුර තවත් සංචාරකයන් මුණනොගැසීම . ඒ වගේම ගුගල් මැප් එකත් මග දුරකින් ඉවර වෙනවා . පාර අහන්නත් කවුරුවත් නෑ . ඒවගේ ම මාතලේටම ආවේනික ක්ෂණික කාලගුණ වෙනස්වී මෙහෙදීත් අත්දකින්න පුළුවන්. අනික ඔබට අනතුරක් නොවෙන්න ඔබම වගබලාගන්න ඕනේ තනියම යනවානම් . මොකද සමහර තැන්වල ලිස්සනවා ,ඒ වගේම හෙළදාරය ප්රපාතයක් වෙන තැන් බොහොමයක් තිබෙනවා . වතුර බෝතලයක් අරගෙන යන්න . උඩ වතුර නැහැ . බබර වද බොහොමයක් තිබෙන නිසා කට පරිස්සම් කරගෙන්නත් අමතක කරන්න එපා .
ඔන්න එහෙනං ආටියාගේ තවත් සංචාරයක් මේ විදියට ඉවර වෙනවා. මේ සටහන කියෙව්ව ඔයගොල්ලෝ හැමදෙනාටම බොහොම ස්තුතී.
තවත් සංචරක සටහනකින් නැවත හමුවන තුරු ඔබට සුභ දවසක්!
ඔබ සියලු දෙනා හට මේ කෙටි පණිවිඩය මේ සමගම දන්වනු කැමැත්තමි.
සේරුගල මුදුන හා අවට පරිසරය තවමත් නොකිලිටි පරිසරයක් වශයෙන් තිබෙනා බැවින් එය මතුපරපුරටත් ඉතිරි කරදීම ඔබගේ යුතුකක් නොව අනිවාර්ය වගකීමකි. ඔබ එය ඉටුකර යුතු ය. විශේෂයෙන් පොලිතින් ප්ලාස්ටික් වැනි දේ නැවත ඔබගේ ගමන් මල්ලේ ම දමා ඒමට ඔබ කාරුණික වියයුතු ය.
* ආටියාගේ සංචාරේ
ආදරණීය ධනූ , සුදු ඇදගෙන කළු ඇවිදින් හී පුදුම ගං කාරයෝ හොයා ගෙන බකමුණ සහ ඇළහැරටත් නාඋල මාතලේ හරහා නුවරටත් , කිසිදා නොදුටු තනුර මල්ලී සොයා දිගන , හුන්නස්ගිරිය , හසලක හරහා මහියංගනයට පැමිණ එතනින් ගිරාදුරුකෝට්ටේ , දෙහිඅත්තකන්ඩිය, අරලගංවිලෙන් මාදුරු ඔය රක්ෂිතයට මැදින් මහඔයටත් එතනින් පදියතලාවටත් මහියංගනය හරහා නුවර ගිය පිස්සු ගමණ
කලකට පෙර ජාතික පුවත්පතකට ලියූ එහෙත් හේතුවක් මත පළනොවූ ලිපියක් නකල්ස් .
බුකියේ කවි පිළිතුර රකුසාගේ පඩිපෙළ දිගේ කොටගල සිට රෝසැල්ලට
කලකට පෙර ජාතික පුවත්පතකට ලියූ එහෙත් හේතුවක් මත පළනොවූ ලිපියක් නකල්ස් .
බුකියේ කවි පිළිතුර රකුසාගේ පඩිපෙළ දිගේ කොටගල සිට රෝසැල්ලට
මෙන්න මෙයා නම් නැගලා...මටත් අලු විහාරෙට ගියපු දෙපාරම ඔතනට යන්න පුදුම කඩි කුලප්පුවක් තිබුනා.වැඩේ කියන්නෙ මට තියෙන ඒ කුලප්පුව වෙන එකෙකුටවත් නෑ ඉතින් ඒ නිසාම තාම යන්න බැරි උනා.ඒත් දවසක මමත් යනවාමයි ඔතන්ට.
ReplyDeleteහේ හේ හේ . ඒකනේ ... අලුවිහාරයේ ගල උඩ තියන වෙහෙර ලගදී එතනට එන හැමෝම වගේ කියන්නේ අර බුදු පිළිමේ ලගට යන්න තියෙනවානම් කියල . ඒත් ඉතින් ඇත්තටම කීයේන් කීදෙනාද යන්නේ . ගොඩක් දවසට කවුරුවත්ම යන්නේත් නෑ . පිළිමේ ගාව තියෙන විහාර ගේ කවුරුවත්ම නෑ . හොදටම පාලුයි. අනික යනවානම් වරුවක්වත් තියාගෙන යන්න ඕනේ . අපේ ගොඩක් අය සංචාරය කියලා කරන්නේ තැන් වල නමට හරියක් දාදගන්න කියලා තැන් ලකුණු කරන එකනේ .
Deleteඔව් ... දවසක සත්තලන් එක්ක යන්න , නිවාඩු පාඩුවේ නිදහසේ යන්න . බලන්න හිතට කොච්චර නිදහසක් ද දැනෙන්නේ කියලා . හරියට භාවනාවක් වගේ .
බොහොම ස්තුතී සොඳුරු සඳවතී, හැමදාම වගේ අදහසක් ලියලා යනවාට !
කඳුවැටිවලට කැමතිනම් ගල්කිරියාගම ගිහින් තියනවද?
ReplyDeleteඔව් Pra Jay මහත්මා . කාලෙකට උඩදී ගියා ගලකිරියාගම ශ්‍රි වනසිංහ රජමහා විහාරය බලන්න . මහනුවර යුගයේ චිත්‍ර සහ පිළිම හරිම අගේට බලාගන්න පුළුවන් තැනක් , ඒ වගේම හරිම ලස්සන පලාතක් .
Deleteබොහොම ස්තුතී ඔබතුමන් ට මේ පැත්තට පැමිණ අදහසක් ඉදිරිපත් කර එකට .
මම විහාරයට යන පාර පහු කරන් ගිහින් තියනවා. විහාරයට ගිහින් නෑ
Deleteවිහාරයේ සිතුවම් ඕනෑම දවසක දවල් වරුවේ බලන්න පුලුවන්ද?
ඔබතුමන් මේ තැන ගැන දැනැගෙන හිටියද ?
Deleteඅපරාදේ එහෙනම් , පන්සලට ගොඩවෙලා ම යන්න තිබුනානේ .
ඔව් , එහෙම භාදාවක් නැහැ ඕනෑම වෙලාවක බලන්න පුළුවන් . මම ගියේ උදේ වරුවක .
මහව ඉඳන් මඩගල්ල හරහා ඒ පාරෙ ගියා. විහාරය ගැන කලින් දැනගෙන හිටියෙ නෑ. පහුවෙනකොට දැක්කා. යන්න ප්ලෑන් කරන් ඉන්නෙ. බොහොම ස්තුතියි.
DeleteBtw, මං දේසපාලකයෙක් නෙමෙයි, එනිසා "තුමෙක්" නෙමෙයි :-DDD
බොහොම ස්තුතියි!
Deleteහැකි නම් උදේ වරුවකම යන්න උත්සාහා කරන්න .
---
එසේ මම ඇමතුවේ ඔබ මට වඩා වයසින් වැඩිමහළු අයෙක් නිසා ය . :D
අයියෝ ගණන් ගන්න එපා. වයසට යාම දක්ෂකමක් නෙමෙයි. දැන් බලන්න, කලන ඒ විහාරෙට ගිහින් තියනවා. මං ගිහින් නෑ.
Deleteමට වඩා වයස, නෑ නොවෙන, නම දන්නා, අයට මං නම් කතාකරන්නේ නමින් හෝ මිස්ටර්/මිස්/මිසිස් වාසගමින්, නැත්නම් මචං !
හේ හේ හේ .
Deleteඔබ හරි . වැඩේ කියන්නේ ගොඩ දෙනෙක් ඔය ටික තේරුම් ගන්නේ නෑ නේ .
කොහොම නමුත් නැවත වරක් ස්තුතී .
මමත් ආස කරන පරිසර පද්දතියක් තමයි මාතලේ අවට තියෙන්නෙ. වැස්ස දවසක කන්දේ ටිකක් දුර තියෙන විහාරයට ගිහිල්ල තියෙනවා.විශාල ගල් එහෙම පහලට පෙරලිලා තවත් ගල් වල හිර වෙලා නැවැතිලා තිබුන. හරිම පාලු ගතියක් තමයි තිබුනේ. කවුරුවත් වැඩ්ය ඒ පැත්තට යන්නෙ නැහැ.
ReplyDeleteපින්තූරටික දැක්කම යන්න ආස හිතුන. වෙලාවක ට්‍රයි කරන්න ඕන.
ඔබ තුමන් හරියටම හරි . ලංකාවේදී විදින්න තියෙන ලස්සණ පරිසර පද්ධතියක් මාතලේ තියෙන්නේ. මම හිතන්නේ ඒ නකල්ස් නිසාවෙන්න ඕනේ . ඒවගේම මාතලේ වටා තියෙන අනෙකුත් කදු නිසා වෙන්න ඕනේ .
Deleteමේ කියන විදියට ඔබ ගිහින් පිළිමයේ වැඩ පටන්ගන්න කලින් වෙන්න ඕනේ .
ඔව් අදටත් කොච්චර වටිනා නිර්මානායක් වෙචචී රන් බුදු පිළිමේ තිබ්බත් ඒ හරියේ තියෙන්නේ පුදුම පාලූ ගතියක් . ගමේ මිනිස්සුවත් යන්නේ නෑ .පිළිමේ ලග විහාර ගේ පවා කවුරුත් නැහැ . හරිම පුදුමයි.
වරුවක් වෙන්කරගෙන උදේ ම ගියානම් නිදහසේ පරිසරය විදගන්න පුළුවන් .
බොහොම ස්තුතී මේ පැත්තට ඇවිල්ලා අදහස් ප්‍රකාෂ කරපු එකට .
ඔව් කළන නකල්ස් කියන්නෙ පුදුම ලස්සනක් තියෙන පරිසර පද්දතියක්. මාස දෙකකට විතර කලින් මම මොරගහකන්ද සහ කලූ ගග ජලාශ දෙකත් බලලා නකල්ස් ඇවිල්ලා රත්තොට හරහා හරහා ආවා. නකල්ස් හරියේ පාර පළල් කරන්න දෙපැත්තෙ ගස් සහ කන්ඩි කපලා සෑහෙන නවීකරණය වෙමින් තිබුනා. මට බය ඔය දැන් තියෙන ගතිය නැති වෙලා විනාශයක් වෙයිද කියල.
Deleteඑහෙම උනොත් නම් හරිම අපරාධයක්.
අවන්කවම ... පරිසරයට ආදරය කරන අය ගොඩක් දුක් වෙන දෙයක් නකල්වලට වෙලා තියෙන්නේ .
Deleteවෙලාවක් තිබ්බොත් මේකත් කියවන්න .
https://magelokaya01.blogspot.com/2018/04/blog-post_27.html
හොද ගමනක්...අපේ රටෙි තව බලන්න කොයි තරමි දේ ඇති ද ?
ReplyDeleteසත්තකින්ම තරිදු මල්ලී .
Deleteඅපි අපේ රටේ තව කොච්චර නම් තැන් බලලා නැතුව ඇතිද .
සමහර වෙලාවට අවුරුද්දකට පාරක් ලංකාවට කොහොමාරි එන සංචාරකයෝ ලංකාවේ තැන් අපිට වඩා බලලා විදලා තියෙනවා .
මට හිතෙන්නේ මොනවා උනත් ඉස්සර වන්දනාවේ ගිය මානසිකත්වය අදටත් අපේ ඔලු වල තියෙන්නේ . දවසින් උපරිම තැන් ගන්නනක් කවර කරන මානසිකත්වය සහ යන්න ලේසි තැන් වලට විතරක් යන මානසිකත්වය . ඉස්සරනම් කමක් නෑ කියමුකෝ , වන්දනාගමන් වල තියන මිහිරිය හරි තියනවානේ . අද තමන්ගේ වාහනයකින් උනත් අපේ ගොඩක් අය ගමන් යන්නේ නම් ලකුණු කරගන්න වගේ .
ඉතිං , මල්ලී ....
ඔයාට කොහොමද ? මම හිතන්නේ දැන් බිසී වගේ . ඉස්සර නම් මේවගේ පොස්ට් එකක් දැම්ම ගමන් මල්ලී එනවානේ .
එහෙම තමයි කාලය අපි ඉස්සරහා හැමදේම වෙනස් කරනවා .
කොහොම නමුත් ගොඩක් ස්තුතී හැමදාමත් වගේ මෙහෙට එනවාට .
ජය වේවා !
ආටිය ......
සිරා අයියේ පිට රට එවුන් අපිට වඩා අපේ රටෙි ඇවිදලා තියනවා...
Deleteඅපි හොදින් අයියේ.අයියත් හොදින්නේ ?..මෙි දවස් වල නම් අපි අලි සමග සෙල්ලමි.වැඩියත්ම blog බලන වැඩෙි අතපහු වුනේ අපේ ලියන කටිටිය ලියන්න ටිකක් කමිමැලි වෙලා නේ එකයි...
සතුටුයි මල්ලි !
Deleteඔව් ඔව් , මමත් හොදින් :D
අයියෝ ... එහෙමද ... ආ මේ උන් කොටහ ගෙනියන්න එන කාලේ නේ .... වතුර ප්‍රශ්නේත් තියනවලු නේද මල්ලි . කොහොම නමුත් පරිස්සමෙන් !
අම්මපා තරිදු මල්ලි . වෙනදා පොස්ට් වැටෙන තරම් දැන් වැටෙන්නේ නෑ තමයි .අපේ ලියන්නන් හොදටම කම්මැලි වෙලාදකොහෙද .
ඒ අස්සේ අපේ Praසන්ன සබාපති තුමාත් පෙන්න නෑ නේ ....