Wednesday, October 16, 2019

ආදරණීය ධනූ , සුදු ඇදගෙන කළු ඇවිදින් හී පුදුම ගං කාරයෝ හොයා ගෙන බකමුණ සහ ඇළහැරටත් නාඋල මාතලේ හරහා නුවරටත් , කිසිදා නොදුටු තනුර මල්ලී සොයා දිගන , හුන්නස්ගිරිය , හසලක හරහා මහියංගනයට පැමිණ එතනින් ගිරාදුරුකෝට්ටේ , දෙහිඅත්තකන්ඩිය, අරලගංවිලෙන් මාදුරු ඔය රක්ෂිතයට මැදින් මහඔයටත් එතනින් පදියතලාවටත් මහියංගනය හරහා නුවර ගිය පිස්සු ගමණ


ලියන එක නවතාදමා බ්ලොග් එකත් වහන්නට හිතං හිටි ආටියාට එසේ කරන්නට අවසරය නොදුන් මගේලෝකය01 සියලු දෙනාවම මේ මොහොතේ ආදරයෙන් මතක් කරන්නට නෙවෙයි මේ ලියන්නේ. වේදනා කලකිරීම් දහසකුත් හමුවේ පැත්තකට වී සිටි ආටියා වටා මෙච්චර ආදරණීයයන් පිරිසක් ඉන්නවා කියා හරියටම දැනුනේ නොලියා ඉද්දී ය. ආටියාව සම්භන්ද කරගත හැකි හැම මාර්ගයකින් ම ලියන්නේ නැත්තේ ඇයි දැයි විමසූ හැමට ආටියා පිළිතුරු ලිව්වේ ඔවුනට කරණ ගරු කිරීමක් විදියට ය. හෙළ බ්ලොග් ලෝකයේ ලොකු පොරවල් අපේ හිච්චි බ්ලොග් පඩංගුව ඇතුලේ දේවල් කියවනවා කියන්නේත් ඉතිං සතුටක් ම මිස අනෙකක් නොවේය. උන් කියවනවා කියා ආටියා දැනගත්තේ "උබ ඉන්නවද මළා ද" කියා මගෙන්ම විමසූ විට ය. ඉතිං මේ බ්ලොගය ගැන හිතට යම් සිතුවිල්ලක් ආ ඔබගේ සිට විමසු සෑම දෙනාටම මම දහස් වරක් තුතී පුදමි . ඔබෙන් තොර මගේලෝකය01ක් මෙහි නැත්තේම ය .



ඔය විදියට ආටියා පැත්තකට වී සිටින දවස් වල යම් තරමකට හෝ වේදනාව අඩු කරේ විල්සන් මාමා ය .  සුදු ඇදගෙන කළු ඇවිදින් හී විල්සන් මාමා ය . මෙවන් වූ ටෙලියක් හදන්නට නම් ඒසා අගනා පිටපතක් තිබිය යුතුමය. පිටපත සිත්තමක් කර නළු නිලියෝ ද නිර්මාණයට දායකවූ සියලු දෙනාම සැබෑම දක්ෂයෝය.
ආටියා පහුගිය අගෝස්තුවේ කණ්ඩලම ට ගියේ බකමුණේ යන අරමුණෙන් ය . හැබැයි මේ බව ආටියා හාමිණේ ට නොකිව්වේය . කිව්වා නම්  මුලදීම ගමන එපාකරවනවා ෂුවර් ය. කණ්ඩලම හෝටලයෙන් දකුණට හරවා දබුල්ල හරහා කොලබ ආ යුතුව තිබුනත් ආටියා යකා හැරෙව්වේ වමටය . ඒ බකමුණ යාමට ය . එන්න එන්නම යන්නේ වෙන දෙසකට කියා තේරුණ හාමිණේ විමසුවේ අපට පාර වැරදුනා ද කියාය . මම නිහඩ වීමී. හිතාමතා හැරෙව්වා කියා ඇය දන්නේ නැතිය . ආටියාට කියානනට ද ඕනේ නැතිය . කිලෝ මීටර විසි පහක් යන්නට මත්තෙන් බකමුණ නගරයට අපි පැමිණියෙමු . අවට පරිසරය සුවසේ විදිමින් බකමුණට පැමිණෙන්නට අපිට ගතවූයේ පැයකටත් අඩු කාලයකි .

මේ අරමුණක් නැති ගමනේ කෙලවර කොලබ උවත් අපි දැන් වස්ගමුව ජාතික වන උද්යාන සීමාවට පැමිණ ඇත . මේ එන ටිකටත් අලි තුන් හතර දෙනෙක් දැක්ක හාමිනේ කියන්නේ "මේ පාර නම් අලි ගහලා තමයි මැරෙන්නේ" කියා ය . බකමූනට ආ ආටියා ගේ හිත දැන් කියන්නේ ඇලහැරටත් යමු කියාය. බකමුණේන් කිලෝ මීටර දහයක්  ගිය තැන ඇලහැර නගරය හමුවෙයි .කන්නට නවත්වපු හැමතැනකම වාගේ පරිසරයේ සුන්දරත්වය ආහාර වලට වඩා අපේ හිත පිරෙව්වේය. මාතලේ හෝ මහනුවර යන කෙනෙකු ඇලහැර නගරයයෙන් වමට හැරෙව්වොත් ලෝක අමාරුවක වැටෙන්නට සිදුවෙනවාය. ඒ පල්ලේගම , ඉලුක්කුබුර , ලක්ගල , පිටවල පතන , රිවස්ටන් රත්තොට හරහා මාතලේ නගරයට පැමිණිය යුතු බැවින්ය . දළවශයෙන් කිලෝමීටර හැත්තෑපහක අසූවක පරිප්පුවක් ය. මගදී ඔබගේ වාහනය ආපදාවට පත් උනොත් හොදි ඕනේ නැතිය . ඇලහැර නගරයයේ සිට නාඋල ටම ඇත්තේ කිලෝමීටර විසිපහක් පමණය . දැන් ඔබට ආටියා කියන ලෝක අමාරුව මොකක්ද කියා වැටහෙනවා විය යුතු ය.

කොහොම කොහොමාරි මාතලේට පැමිණි අපේ රෝඩ් ට්‍රිප් එක එසේ අවසන් වූයේ කොළබ නොගිහින් ය. ඔය අතර කිසිදා නොදුටු එහෙත් දුරකථන වලින් ඉන්ස්ටචැට් වලින් හැමදාම සුවදුක් විමසන ආටියා ගේ ඉන්ස්ටා මිතුරෙක් වන තනුර මල්ලී කථා කර කිව්වේ

"අයියේ ඔයා කන්ඩලමේ නේද ඉන්නේ ? මේ පාර වත් අපේ ඇහැ ඇවිත් යන්න එන්නකෝ" කියා ය.

මම අපේ රෝඩ් ට්‍රිප් එක ගැන කියූ විට පොරට පුදුම ය.  පසුව කියූ දෙයින් මට බෑ කියන්නටම බැරි විය.

ඒ "ඈ බං අයියේ ..... ඔය නාට්ටියක් නිසා බකමුණේ ඇලහැර යන්න පුළුවන් නම් , අපිව බලන්න මෙහෙ එන්න බැරිකමක් නැහැ නේ? "

හාමිණේට කියූ විට ඇය ගත් කටටම කීවේ මට නම් කොහෙවත් යන්න බැරිය කියාය . ඔයා ඕන ලෝකෙක ගිහිං එන්න කියාය . පසුදිනම ආටියා හාමිණේ සහ දරුවා නුවර මහගෙදරට ඇරලවා දිගන , හුන්නස්ගිරිය , හසලක හරහා මහියංගනයට පැමිණ එතනින් ගිරාදුරුකෝට්ටේ , දෙහිඅත්තකන්ඩියට පැමිණියේය . දෙහිඅත්තකන්ඩිය නගරය හදිසියේ ආටියා ගේ සිත ගත දෙකම නතර කරන්නක් විය . හිත නිවන සමාධි බුදු පිළිමය පෙනනමාණයේ වාහනය නැවතූ ආටියා  දුරකථනය අතට ගත්තේ ධනූ ට ඇමතුමක් ගන්නට ද කියා ය.නාඩියා , රශ්මි , රෝසි අක්කා , Andrea , ඇනා (පසු කලේක ඩිෂාන් ගේ බිරිද)  , ක්‍රිස්ටිනා , මෙලීසා ටත් වඩා දහස් වරක් ඇය ප්‍රායෝගික විය. ධනූ වැනි කෙල්ලෙක් ලබන්න බදින මිනිහා පින් කරන්න ඕනේ ය. මෙවන් වූ කෙල්ලෙක් ලග මම වැනි පව් කාරයෙක් ට ජිවත් වීමට ඉඩ තැබිය නොහැකි බව මගේ දෛවය මට පාඩමක් කියා දුන්නේ කලකට පෙර ය. වරෙක ධනූ මට තෑගි දුන් Eiffel Tower Wind-chime එක තවමත් මගේ නිවසේ කන්තෝරු කාමරයේ සුළගට ලෙලදෙයි.
එහෙත් හිතට ශක්තියක් නැත . ශක්තිය නැති කරේ ධනූ ම ය.  ධනූ යනු වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම නාඩියා මෙන් කොල්ලෙක් වගේ බොක්ක හොද කෙල්ලෙක් ය. වරෙක මම කලකට ඉහත ගල්කිසේ දී හිතේ ඇතිවූ තදබල වේදනාවක් "කළු ලේබලයක්" හරහා යවන්නට ගොස් යන්න එන්න බැරි වූ විට මහ රෑ 10 ට විතර ඇය එන්න හැදුවේ මා ගෙන යන්නට ය.  දවසක් ධනූ හදා ඇයම මට කැවූ කුනිස්සෝ සම්බල , පරිප්පු , බෝංචි මාලුව සමග බත් වල රස අදටත් මතකය . ඒ රස දිව බොජුන් පරාද ය. ඇය තරම් මගේ ජීවිතයේ ප්‍රශ්න වලට ඇහුන්කන් දුන් කෙල්ලෙක් තවත් නැත.
 වරෙක මම මගේ හදිසි අවශ්‍යතාවයකට ටික දිනකට ඇමරිකාවට ගිය විට ඇය වැරදි ලෙස උපකල්පනය කරේ මම ඇයට නොකියා යන්න ගියා කියා ය . පසුව ඇය මට බරපතළ වේදනා ගෙනදෙන චෝදනාවක් සමගින් මගේ ආධ්‍යාත්මයම පාසාරු කරගෙන ගියේ ය.
ඒසමගම සුව වූ මගේ අසනීපය සනීප වෙන්නට කලක් ගතවිය . ඒ හිතට බෙහත් කරන්නට බටහිර වෙදකමට බැරි නිසාය . පසුව ආටියා වේදනාව තුලින් සත්‍යය කුඩාතරමකට හෝ මේ වන විට අවබෝද කරගත්තේ වන්දනීය , අති පූජනීය ගරු කටයුතු අපේ පාතේගම සුමනරතන හාමුදුරුවන් වහන්සේගේ බණ වර සමග ය.
ඉතිං ධනූ මට සමාවෙන්න . දහස් වරක් . සමහර විට ඇය ගැන අනාගතයේ පොතක් ලියවේවි .

පසුව මම රථය වේගයෙන් පැදවුයෙමි . මාර්ගයට නොගැලපෙන වේගයෙනි . අරලගංවිල දී තව මොහොතකින් මගේ ශරීරයේ කොටස් සවලකින් එකතුකරන්නට සිදුවන ගණයේ අනතුරක් වැලක්වූයේ මට නොපෙනෙන කිසියම් බලවේගයක් විසින් බව මට දැනුනේ මම ඊලග මොහොතේ ජීවත් වනවා දැනුනු නිසා ය. අරලගංවිල නගරයෙන් කිසිදා නොදුටු තනුර මල්ලීගේ ගෙදර ගෙනයන්න බඩු බාහිරාදියත් වාහනයට ඩීසල් ගසාගත් මම මාදුරු ඔය රක්ෂිතය කිට්ටුව සිටින තනුර මල්ලී ගේ ගෙදරට පැමිණියේමි . උණුසුම් පිළිගැනීම මැද  නිවසට පැමිණි මට ඔවුන්ගේ ආදරය හොදින් දැණුනී . කුඩා වැවක් අසල තනුර මල්ලී ගේ අලුත් සංචාරක නිවහන ඉතා සිත් ගන්නා නිමවුමක් විය . සිමෙන්ති සුළුවෙන් ලී සහ මැටි පිදුරු වලින් කර ඒ නිමැවුම නොබෝ දිනකින් සංචාරකයන් ට විවුර්ත කරන බව මට පැවසීය . ගමේ රසට කටට රහට වැව් මාලු එක්ක බත් කා හොදහැටි වැවේ නාගත් අපි රාත්‍රිය ගත කරේ තනුර මල්ලී ගේ අලුත් සංචාරක නිවහනේ ඉදිරියේ ගිණි මැලයක් ඉදිරිපිට ය. ගින්නෙන් පුළුස්සාගත් ඉරිගු කරල් , වැව් මාලු , කුකුළු මස් සහ පොල් රොටි අපගේ රාත්‍රී ආහාරය විය . රාත්‍රී 2 පමණ වනතුරු තනුර මල්ලී ගේ යහළුවන් සමග කර සාදය කිසිදා අමතක කරන්නට බැරිය .

පසුදෙන උදේ තනුර මල්ලීටත් පවුලේ සැමටත් ස්තූතී කර මම මාදුරු ඔය රක්ෂිතය මැදින් මහඔයටත් එතනින් පදියතලාවටත් මහියංගනය හරහා නුවර එන්නටත් ය.  තනුර මල්ලී ගත් කටටම කීවේ ,
"පිස්සුද අයියේ පාර දෙපැත්තේම අලි .... මේ ලගදීත් වාහන දෙකකට ගැහුවා...යන්න එපා ඔය පාරේන් ."  " මොනවහරි උනොත් කවුරුවත් නෑ අනික "
ආටියා තනුර මල්ලී කියූ දෙය ඇසුවේ නැති ය . තනුර මල්ලී කියූ පරිදිම කවුරුවත් නැති පාරේ පැයට කිලෝමීටර එකසිය හතලිහක පමණ වේගයෙන් යද්දී වංගුවක් ගන්නවාත් එක්කම මහා සද්ධන්තයන් දෙදෙනෙක් පාර අසල ය . තව එකෙක් පාර මැද ය. ආටියා වාහනය නතර කරේ සෙමින්ය. පැත්තක සිටි අලියා කෙමෙන් වාහනය දෙසට එන්නට විය . ආටියා හිතුවේ අද ඉවරයි කියාය . කෝකටත් කියා ආටියා වහනය ක්‍රියා විරහිත කලේය  . අලියා ඉදිරිපසට වී විනාඩි 40 පමණ සිටියේ එහාට මෙහාට වීය . හදිසියේම හොඩවල ඉහලට ඔසවා වාහනයේ බොනට්ටුව ලගට ලං කරේ ය. මම හිතුවේ ඌ පහර දෙන්නට තැත් කරනවා කියා ය . පසුව ටිකකින් උන් තුන් දෙනාම වනය තුලට සෙමින් ගියේය . ආටියාගේ ඇගට ලේ ඉනුවේ දැන් ය . පසුව රාත්‍රී වන්නට පෙර නුවර පැමිණි ආටියා හාමිනේ ට කතාවම කීවේය. පැය භාගයක් විතර හාමිනේගේ කන් කරච්චලය ආටියාට ගානක් නොගියේ නොගියේ මාදුරු ඔය ගිණි මැලය ඉදිරිපිට පහන් කර රැය මතක් වෙද්දී ය . එය පට්ට ය .

                   

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...