ආටියා මේ ලියන්නේ අදින් වසර ගණනකට පෙර එනම් ආටියා උසස් පෙළ අහවර කර පළමු සතියේ හෝ දෙවන සතියේ සිදුවූ සිදුවීමක් නැවත මතක් වූ නිසා ය . උසස් පෙළ අවසන් වූ පසුවම මවගේ උපදෙස් මත අටියා ට අකැමැත්තෙන් උවද කොලබ බ්‍රිස්ටිෂ් කවුන්සිල් හි සම්භන්ද වන්නේ IELTS සදහා ය .
ඔය අතර දහම්පාසලේ මගේ ම පන්තියේ ඉගෙනගත් රශ්මි ද ලියාපදිංචි වන පලමු දින අහම්බෙන් වගේ මුණගැසුණි .
ඇය පුදුමයෙන් වගේ මගේ දෙස බලා විමසා සිටියේ
" කලණ ඔයත් IELTS වලටද ? " ,
මම ද පැනපු ගමන් වගේ
" ඔව් , දන්නේ නැද්ද අම්මා කියවනවානේ , එක නිසා ඔන්න ඔහේ ආව "
" ඔයා ආපු එක හොදයි අනේ ... මම දන්න කවුරුවත් නෑ මෙතන , ඉතින් ඔයා කවද ද දාගත්තේ ? "
"මම බදාදා දාගත්තා"
"අහ් ! එහෙමද , ඉන්න මමත් එහෙනම් දවස වෙනස් කරගන්නම් ඔයාගේ දවසටම "
මම ද " හා " කියා , ඇයගේ අදහසට සහය පල කලෙමි .
පසුව රශ්මි සමග ආටියා පළමු සති කිහිපයේ , බ්‍රිස්ටිෂ් කවුන්සිලයට ගිය අතර , අය එනතුරු මම හෝ මම එනතුරු ඇය හෝ පිළියන්දලට වී බලා සිටිය බව තවමත් මතකය .
රශ්මි යනු පවුලේ එකම දරුවා වූ අතර ය කොලබ සිරිමාවෝ බාලිකාවේ ඉගෙනුම ලැබූවාය . එකල interact club හි ක්‍රියාකාරී සාමාජිකයකු වූ මම ඇගේ පාසලට interact club හි උත්සව කියිපයක් සදහා එහි ගියා මතකය . එදා මෙන් අදත් ඇය එක වගේ ලස්සණය . හරිම හොද ය . ඔය හැමදේටම වඩා කෙලින් කතාකරන චරිතයක් වීම නිසා ආටියා රශ්මි ට කැමති ය . එය කොහෙත් ම ආදරයක් බවට පෙරලුනේ නම් නැත . සමහර විට ඒ හැගීම ඇයත් මමත් පසෙක තැබුවා විය යුතු ය .
පන්තිය අවසන් වී අප දෙදෙනා ඇතැම් දින වල කොහේ හෝ ඇවිදින්නට ගියෙමු . දවසක් ඇය කෝච්චියේ ගියේ නැති බව කියූ නිසා බම්බලපිටියේ සිට කොටුවට කෝච්චියේ එක්කං ගියෙමි . දුම්රියේ දොරේ හේතු වී අයිනට වී ගිය මම අසලින් මට හේතු වී බයෙන් වගේ මුහුද දෙස බැලු අයුරු අදටත් මතකය . මුහුදු හුළගට ඇගේ දිග කොණ්ඩයෙන් ආටියා ගේ මුහුණ වැසී ගිය අයුරු අමුතුම හැගීමකි . එය පට්ට ය . තවත් දවසක් අපි රහීමාවෙන් බිරියානි කෑවෙමු .
ඔය අතර දවසක් ඇය විසින් යෝජනා කරන්නේ 50 First Dates චිත්‍රපටිය බලන්නට යමුද කියා ය .එය සැවෝයි සිනමා හලට පැමිණි බව ඇගේ මිතුරියක විසින් ඇයට පවසා ඇති බව ඇය පැවසුවා ය . පසුව පන්තිය කට් කර උදැසන දර්ශනය සදහා අපි දෙදෙනා සැවෝයි සිනමා හල ඉදිරිපිට පෝලිම ඉස්සරහට වී සිටියෙමු . ඔය අතර කොහේදෝ දීපන්කරයක සිට මගේ පියානෝ ගේ රාජකාරි ඩබල් කැබ් රථය අප ඉදිරිපිට නවතිනවා ය . චිත්‍රපට ජවනිකාවක් මෙන් එයින් බසින පියා දෙස මම බැලුවේ ඉතාමත් බයන්කාරවය . ඒපසුව සිදුවනේ දේ ආටියා දන්නා නිසා ය .
තාත්තා මා ලගට විත් , මගේ දෙසත් , රශ්මි දෙසත් හොදින් බලා මගෙන් විමසුවේ ,
"බ්‍රිස්ටිෂ් කවුන්සිල්එක දැන් තියෙනේ මෙතනද "
"නෑ ......... තාත්තේ ..මේ ... මේ .... "
කියනවත් සමග , වේගවත් කම්මුල් පාරවල් දෙකක් ලැබුනේ හිතන්නවත් බැරි විදියට ය . ඔය හැමදෙට ම වඩා ගුටි කෑම පට්ට නොන්ඩි ය . වටේ මිනිස්සු කට අරගෙන බලන් ඉන්නවා ය . රශ්මි මගේ අතින් එල්ලී අඩනවා ය .... කියන්නට වචන නැති ය ... මට පට්ට අවුල් ය ...
"දුව නගින්න වාහනේ ට" ..... තාත්තා කරුණාවන්තව කියන්නේ රශ්මිට ය .
"උබත් නැගපන් .... මෙතන මම බෙල්ල මිරිකන්න ඉස්සර" කියා කොලරයෙන් අල්ලා පිටිපස්ස දොර ඇර වාහනය ඇතුලට තල්ලු කරේ අපරාධකාරයකු පොලිසියට ඇදන් යන විදියට ය .
ඔය අතර සිදුවිම බලාගෙන සිටි පොලිස් නිලධාරියෙක් වාහනයේ රාජ්‍ය ලාංජනය දැක රජයේ වහනයක් නිසා තාත්තා ලගට විත් ,
"මහත්තයා දුවගේ පස්සෙන් මූ ඇවිල්ලද , දුවට කරදර කරලද ? " එසේ ඇසුවේ ය .
"නෑ , මේ මගේ පුතා " පොලිස් කාරයා හොල්මන් විය .
ඔය තාත්තා ගේ හැටිය . පසුව රශ්මි කියන්නේ "මට යන්න බෑ . මම බස් එකේ එන්නම් " කියා ය .රශ්මි නැවත දොර ඇර කැබ් රථයෙන් බහින වා ය . මමද දොර ඇරගෙන බැස්ස අතර , " මගෙන් මැරුම් නොකා නැගපිය ........ " යැයි ගුගුලේ ය . මිනිසුන් වටවී බලනවා ය . ගාලු පාරේ එක තීරුවක් සම්පුර්ණයෙන් බ්ලොක් ය . තාත්තා නනිවම ගේම ඉල්ලනවා ය . බලන් ඉන්න උන් අතල් ගන්නවා ය . බස් වල විදුරු වලින් බෙල්ල දමා හැමෝම කට ඇරැගෙන බලනවා ය .
"ඇයි ... උබ කියන්නේ උබලා දෙන්න එක්ක මෙතන ෆිල්ම් බලන්න කියලද " නගපිය වාහනේ ට ...... අද මම උබට ...... කියා නැවත වරක් මගේ ටීෂට් එකෙන් ඇද පසු පස කොටසට මාව තල්ලු කරා ය . විසි වී ගොස් මගේ ඔලුව දකුණු ඇත පැත්තේ දොරේ වැදුනි . රශ්මි එළියේ ය . .... තාත්තා වහනය පණ ගන්වා ඉදිරියට ඇදුනේ ය .... රශ්මි හඩමින් වහනය දෙස බලා ඉන්නවා පිටුපස වීදුරුවෙන් කළු දුම් අතරින් මට පෙනුනි .
සති දෙකකට පසුව නැවත මම බ්‍රිස්ටිෂ් කවුන්සිල් ගිය අතර ඇය , මාත් සමග තරහ වෙලා ය . මම කීපවරක් තකරන්නට උත්සහ කරද ඇය වචනයක් වත් කතාකරේ නැත . ඇයගේ යාළුවෙකු මාර්ගයෙන් කතාකරන්නට හැදුවද ඇය කතාකරන්නට අකමැති බව රශ්මි ගේ යාළුවා මට පැවසුවාය . ආටියා ට පට්ට දුක ය . කරන්නටද දෙයක් නැති ය .
පසුව අටීයා ලංකාවෙන් යන්නට පෙර ඇය මුණගැසීමට උත්සහ කරද ඇය මා මගහැරීයා ය . ෆේස්බුක් හරහා ඇය දුටු මම මිතුරු අයදුමක් කර සිටියෙමි . ඇය එය පිළිගත් අතර දැන් ඇය නිරුපණ ආයතනයක හිමිකාරියකි . ලංකාවේ හැමෝම දන්නා අයෙකි .ඔය හැමදේටම වඩා ඇයගේ රුප ස්වභාවය පොඩ්ඩක් වත් වෙනස් වෙලා නැති ය .
කාලය ඔහේ ගෙවීගෙන යද්දී නැවත ආටියා ලංකාවට පැමිණෙනවා ය . අවුරුදු ගණනකින් පසුව මේ ලගදී දවසක ඇය මට පන්සලේ පින්කමේ දී මුණගැහෙනවා ය. ඉස්සර දහම්පාසලේ පරණ යාලුවෝ සෙට් එක ම සමග ඇය මා දෙස බලන් සිටිනවා ය . ලංකාවේ සිටිනවා නම් ඉරිදා මල් පුජාව අටියා මිස්කරන්නේ ම නැතිය .ඒ පින් මිස්වෙන නිසා නොව පරණ දහම්පාසලේ යාලුවෝ මුණගැහෙන්නට ය . මේ පාර යද්දී ඉස්සර ඉදන් ම දහම්පාසලේ යාලුවේක් වන සචියා ඔච්චම වගේ මගේ දිහා සහ වාහනය දිහා බලා පැවසුවේ " උබට අපිව අමතකද දැන් " කියා ය .... ඒ සමගම දහම්පාසලේ සෙට් එකේ එතනම හිටපු රශ්මි ගේ යාලුවෙක් මගෙන් කවට කමින් වගේ බලා ඇසුවේ ...... " අපෝ දැන් හරි ගනං " කියා ය .... ඔය වචන දෙක ම අටියා ගේ හිත තදින් රිද්දුවේය .
බෙවිස් මනතුන්ගයන්ගේ "කඩපිලේ" ගීතයේ කොටසක් මට මතක් උනේ ඔය වචන දෙක සමගය .
කඩපිලේ දාම් පෙත ඔච්චමට බලනවා ....
අපිව අමතකද දැන් අහනවා ..... //
දෙවට දිග මල් පොකුරු කවටකම් කරනවා ....
අපෝ දැන් හරි ගනං කියනවා ... //
මගේ හැටි දන්නේ මම පමණක් වන අතර අනිත් ය හදපු ගණන් වලට ආටියා ට කරන්නට දෙයක් නැතිය .
පිංකම අවසන් වී රශ්මි දෙසට ලංකර ආටියා ඇසුවේ " තවම තරහද ? " කියා ය .... " හ්ම්ම්" ... යැයි සිනා සෙමින් පැවසු ඇය දෙස බලා මම ඇසුවේ "ඇයි ඒ"
නැවත වරක් ඇය කීවේ "එදා ඔයාට තිබුනේ කොහොමරි බහින්න නේ ..... " කියා ය ...
ආටියා ගේ ආගිය කථා බාගෙට බාගයක් ම හෙන අවුල් ඒවා ය .මෙව්වා කියවන ඔහේ ලා මොනවත් හිතන්නට එපා ය .
//"එදා ඔයාට තිබුනේ කොහොමරි බහින්න නේ ..... " wooow.. such a twist.. :)
ReplyDeleteතාත්තා ගේ හැසිරීම ගැලපෙන්නේ නෑ කියල හිතෙන්නේ මට විතරද? කාලේ වෙනසද මංදා අපි තාත්තලා නම් හිතන්නේ සෑහෙන්න වෙනස් විදියකට..
තුති වේවා කල්‍යාණ මිත්‍ර !
Deleteරශ්මී පව් ය .. එව්වා එහෙම ය .
තාත්තා ගේ හැසිරීම ප්‍රසිද්ධ ස්ථානයකට කොහෙත් ම ගැලපෙන්නේ නැති බව ආටියාටත් වැටහෙනවා ය . ඒ තාත්තා ගේ හැටිය . අනික ඔය දවස් වල ආටියා ගේ පෙර වැරදි ෆයිල් වල පිරිලා ය . ඒය ද හේතුවක් වන්නට ඇතිය . අපි අපේ පොඩි උන් හදන විදිය සහ තාත්තලා අපිව හදපු විදිය අතර වෙනසක් ඇත්තේ ය.
කෙටියෙන් කියනවා නම් තාත්තා ප්‍රශ්න විසදන විදිය මහා භයන්කරය . වෙලාවකට එපා වෙනවා ය .
මගේ පියානෝ කියන්නේ "විනය නැති තැන පැවැත්මක් නැත " කියා ය .
උඹලා මහා වාසනාවන්තයින්ය මන්ද තොපි මගේ දරුවන් නොවීම ගැන!
ReplyDeleteසමා වෙන්න ඕනෑ දහ දොලොස් වතාවක් කතාකරපු කැත විදියට!
අපේ එවුනුත් ප්‍රසිද්දියේ මගෙන් සුපිරියට කා ඇත!
මතක් කර බලන්න අපිට වැඩියෙම්ම මතක අපට මොනවිදියට සැලකූ ගුරුවරුන්දැයි කියා? ගහපු එවුන්ම නොවේ ද?
ලඟදිම අපේ ලොකු එකා ගැන මා ලියන්නට පටන් ගන්නෙමි!
ඒක හැබෑ ව . කාපු ගුටි තාම මතකය .
Deleteතුති වේවා , මේ පැත්තට ආවට .
අපෝ අපි මොනවත් හිතන් නෑ බන්.......උබේ හෙන ගනන් නේ..
ReplyDeleteමගේ ගනං නෙවෙයි බන් ,. බෝතල් ගෙනාපු නැති අඩුව පිරිමහගත්ත විදිය තමයි .
Deleteමරු. අර රශ්මි ප්‍රසිද්ධ කෙනෙක් නම් නම කිව්වට ප්‍රශ්ණයක් නහැනෙ. lol
ReplyDeleteහෙ හේ හේ . ඒක තමයි .
Deleteඑයා දැන් දැන්න කෙනෙක් උනා ට මේ සිධිය දන්නේ නෑ නේ ගොඩක් දෙනා . lol
:D
අමිමෝ තාත්තාට අහු වෙන්න මම නමි පිටි බෝතලයවත් අල්ලන්නැ හොරාට...එකට කියලා දෙන්නත් එක්කම එකට වැඩෙි දෙයි...
ReplyDeleteඒ උනාට කොහම හරි බහින්න තිබුණේ...කලා...වැඩෙි..කලා...
,,හේ හේ හේ ඒක තමයි තරිදු මල්ලි
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅම්මෝ මට මේක නිකන් ෆිල්ම් එකක් වගේ මැවි මැවි පෙනුනා...මම හිතුවේ මගේ තාත්තා විතරයි හිට්ලර් පාලනය ගෙන ගියේ කියල.ඔයාගෙ තාත්තා එක්ක බලනකොට එයා එහෙම නෑ.හැබැයි ඉතින් ඒ කාලේ තාත්තා කරපුවා ඒ වයසෙදී මට දරාගන්න පුලුවන් උනෙත් නෑ.ඉස්කෝලෙ ඇරන්කොට හැමදාම ගේට්ටුව ගාව මුරට හිටියා. සමහර දවසට හොරෙන් ඇවිල්ලා බලන් ඉන්නවා පාරේ යන්නේ කොහොමද කරන්නේ මොනවද එහෙම.මම ඒ කාලේ මාර හොදයි ඉතින් තාත්තගෙ හැටි දන්න නිසාම.ඒත් ඉතින් ඔය කොලු ගැටව් එහෙම පස්සෙන් එනවා විහිලු කරනවා එහෙමනෙ. එහෙම දවසට ඉතින් ඉවරයි. ගෙදර ගිය ගමන් පුටුවක වාඩි කරලා ඒ කවුද... ඇයි ඌ පස්සෙන් ආවේ... මීට කලින් කතා කරලා තියෙනවද...අම්මෝ ජීවිතේට දැකලා නැති අයගේ උප්පැන්න මගෙන් අහනවා.එයාගෙන් ජීවිතේටම මම ගුටි කාලා තියෙන්නෙ එකම එක දවසයි ඒ දෙන එක දුන්නා අදටත් ඇස් වලට කඳුළු උනනන සයිස් එකට.එතකොට මට අවුරුදු දොලහයි අක්කට දාහතයි අක්කට එයාගේ බෝයියා දීපු ලියුමක් අහුවෙලා තාත්තා ඒක අරන් කෙලින්ම ඉස්කෝලෙ මැඩම්ට ගෙනත් දීලා.මැඩම් මාව ගෙනල්ලා තමා ප්‍රශ්න කලේ.අක්කට බෝයි කෙනෙක් ඉන්නවද... එයා කොහෙද... ඔයා එයාව දන්නවද අරවා මේවා.අනේ මමසේරටම බබා වගේ දන්නෙ නෑ කිව්වා.පස්සෙ බලනකොට අර ලියුමේ ජාතකේම තියෙනවා. ඔයාගෙ නංගිව ආදරෙන් මතක් කරන්න.එයා ඉල්ලපු නවල්ස් මම ගෙනත් දෙන්නම්.... අරවා මේවා... එදා තාත්තා ගෙදර ගිහින් දුන්න කම්බුල් පාර අදත් දුම් විසිවෙනවා.
Deleteඅපේ තාත්තාත් හිට්ලර් පාලනය තමයි ගෙනිච්චේ ඒ කාලේ . මගේ පෙර වැරදි ෆයිල් වල පිරිලා නිසා ඒ කාලේ එයා බය වෙන්න ඇති ලොකු ප්‍රශ්නයක් ඇතිකරගනී කියල .
Deleteහේ හේ හේ ,.... මදැයි අක්කගේ චපොටර් වෙන්න ගිහින් කරගත්ත වින්නැහිය .
තාත්තලා ගණු දරුවන් ට ගොඩක් ආදරෙයි නේ .ඉතින් ආදරේ වැඩි කමට දුන්න පාර වේගේ වැඩි වෙන්න ඇති .
වැඩේ කියන්නේ කොල්ලෙක් වෙලත් ඒ කාලේ මාව මරන් කන්න හදපු එකනේ . .....
තාත්තා පාරෙදීම සබ්බුව දුන්න එකනං අනේ මංදා. හොඳටම සැර වැඩියි.
ReplyDeleteඔව් හැලපේ අය්යේ ...
Deleteඔන්න ඔහොමයි අපේ තාත්තා නඩු විසදුවේ මම පොඩි එකා සන්ධියේ ..
මම නං නගින් නැ වාහේට
ReplyDeleteඑක තමයි විදානේ අය්යේ ...
Deleteඇහැට පෙනුනදේ නිසා හැසිරුනු විදිය නම් හරිනෑ.ගෑණු ළමයෙක් අර විදියට දාලාගිය එකනම් හරිම වැරදියි. ඇති ඔයින් ගියා.
ReplyDeleteඅනිත් එක ඔය විදියට තැන නොතැන නොබලා ගහලා බැණලා ප්‍රශ්න විසදීම හැමකෙනාටම හරියන්නෙ නෑ.
තැන්ක්ස් මචං මේ පැත්තට ආවට .
Deleteතාත්තලා ප්‍රශ්න විසදන විදිය තමයි ඔය . හේ හේ හේ
ටිකක් දරුණු වැඩියි වගේ නේද
ReplyDeleteඔව් අය්යේ ... හොදටම ....
Delete:( :(
meeka athal
ReplyDeleteමම කාපු එකද ? හේ හේ හේ
Delete