පහුගිය (2017) දෙසම්බරේ ආටියා හාමිනේ සහ දරුවා සමග මාතලේ යන්නේ හාමිනේ ගේ අම්මා ගේ මහගෙදර වූ කලල්පිටියේ නිවස වෙත ය .
1919 දී ඉදිකරන ලද මෙම නිවසේ ඇතුලත මෙන්ම පිටත පෙනුමට ඇන්ටික් දේවල් වලට කවදත් ප්‍රිය කරන ආටියා බොහොම කැමති ය . එකම කොස්සකට තිබෙන්නේ නිවසේ මිදුල යාපනය මහනුවර A9 මාර්ගය පළල් කිරීමේ වැඩපිළිවෙල යටතේ රජය විසින් අත්පත් කරගැනීම ය . මෙහි පැමිණි විට ආටියා පණ ගැහෙමින් ඉන්නේ නිවාස අසල නවතා තිබෙන මගේ වාහනය කොයි වෙලාවේ තවත් වහනයක් හප්පයි ද කියා ය. ඒ නිසා , ඔය නිවසට පැමිණි වහාම හාමිනේ සහ දරුවා නිවසට ඇරලවා මා කරන්නේ නිවාස ඉදිරිපිට උකුවෙල පාරේ ඇති හාමිනේගේ පොඩි නැන්දාගේ නිවසේ වාහනය නැවත්වන එකය .
බලකඩුවේ සිට මාතලේ දෙසට වන්නට ඇත්තේ සීග්‍ර පල්ලම් මාර්ගයක් නිසා වාහන එන්නේ රොකට් වගේ ය. ඒ අතර හාමිනේ ගේ අම්මා ගේ මහගෙදර වූ කලල්පිටියේ නිවස ආරම්භ වන්නේ අලුත් වංගුවත් සමග ය . මේ රුපය දෙස බලන ඔහෙලට අටියා කියන කරණය තේරෙනවා ඇති ය .
"බලකඩුව දියඇල්ල සොයා" ශීර්ෂය යටතේ විස්තරය කියවන්න මෙහි පැමිණෙන ඔහෙලා වටේ ගෙන යන්න ආටියා උත්සහ නොකර බව කියන්නට උවමනා ය. ඒ මක් නිසාද යත් බලකඩුව දියඇල්ල සදහා වූ අප්‍රකට මග වැටී ඇත්තේ හාමිනේ ගේ අම්මා ගේ මහගෙදර වූ කලල්පිටියේ නිවස අසලින් ය . ඔය ගූගල් ට පිං සිද්ධ වවන්නට සොයාගත් රුපයේ තියෙන ධර්මපාල මාවත දිගේ කුබුරු යාය අසල පළමු ඇළ බෝක්කුව අසල වූ වූ අඩි පාරේ විනාඩි 40 ගමනකින් පමණ පසු කැලය මැද ය .
දිනය :- පහුගිය (2017) දෙසම්බරේ තුන් වන දින
කණ්ඩායම :- ආටියා , හාමිනේ , හාමිනේගේ අක්කා සහ ඇය ගේ ස්වාමිපුරුෂයා
දෙවෙනිදා ඇල්කඩුව වැවිලි සමාගමේ වතු වල ඇවිද්ද අපි එදාම Hunas Falls සහ සෙම්බුවත්ත ද නරබා පසු දින බලකඩුව දියඇල්ල බලන්නට යන්නට කතිකා කරගතිමු .
ඒ අනුව ගූගල් කියනා අන්දමට විනාඩි ගමනක් නිසා උදේ ට කා ගමන යන්නට පිටවුනෙමු . සිතියමේ තිබෙනා අන්දමට යාපනය මහනුවර A9 මාර්ගය අසලින් අඩි පාරක් දිය ඇල්ල දෙසට තිබිය යුතු ය . එහෙත් එහි ගිය අපට එවැන්නක් සොයාගැනීමට බැරිවිය.සත්‍ය වශයෙන්ම එවැන්නක් නැත .
දිය ඇල්ලේ ඝෝෂාව පමණක් හඩ වැකුණ අපි අපේක්ෂබන්ගත්වයෙන් නැවත නිවාස දෙසට එන්නට හැරුනෙමු .ඔය අතර ගැමියෙක් ගෙන් මේ පිළිබද විමසුවිට ඔහු කීවේ දිය ඇල්ල මෙතනින් බලන්නට කොහොමත් ම විදියක් නැති බවය . යන්නට උවමණා නම් ධර්මපාල මාවත දිගේ ගොස් කලල්පිටිය පුරාන පන්සල අසලින් අඩිපාරක් තිබෙන බව පැවසීය.
"ඔය මහත්වරු යන්නේ පරිස්සමෙන් .... ගමේ උදවිය වත් වැඩියේ යන්නේ නෑ ඔය පැත්තේ . මහා කැලේ මැදින් හෙළ දාරේ දිගේ යන්න ඕනේ . පල්ලෙහා අඩි ගානක හෙළ . යන්නේ පරිස්සමෙන් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි "
අවුරුදු හැට ඉක්මවූ ඒ ගමේ වැඩිහිටියා ගේ කතාව අපේ ගමන පසුපසට අදින සුළු විය . හාමිනේ මෙන්ම හාමිනේගේ අක්කා ද කියන්නේ ගෙදර යමු කියා ය . ආටියා සහ හාමිනේගේ අක්කා ගේ ස්වාමිපුරුෂයා කියන්නේ යමු කියා ය. අවසානයේ කොහොමහරි පිරිමි පාර්ශවය ජය ගන්නවා ය .
ධර්මපාල මාවත දිගේ කලල්පිටිය පුරාන පන්සල හරියට යන්නට වගේ අර කියූ කුබුරු යාය අසල පළමු ඇළ බෝක්කුව අසල වූ වූ අඩි පාර හම්බවෙනවා ය . වැඩි හොදට කියා අසල වූ ගැමියෙක් ගෙන් පාර විමසා සිටියෙමු .
අප දෙස විමතියෙන් බැලූ ඔහු,
"මේ මොට්ට ඇල දිගේ අඩි පාර තමයි මහත්තයා එකම පාර. පරිස්සමනේ යන්න මහා කැලේ .... හෙල දිගේ කොටහේ හොදටම පරිස්සමෙන් නෝනලා කියා ඔහු කිවේ හාමිනේ මෙන්ම හාමිනේගේ අක්කා ද දෙස බලා ය"
කට්ටියම තැති ගත් මනසින් යුතුව බලකඩුව දියඇල්ල සොයා මොට්ට ඇල දිගේ අඩිපාරේ ඉදිරියට යන්නට විය .විනාඩි දහයක් පමණ යද්දී දුබුරු පාට තඩි නයෙක් ඇල දිගේ අඩිපාරේ අව්ව තපිනවා ය . මගේ කෑ ගැසීම එදා නැත්තම් හාමිනේ ට නයා අනිවා දෂ්ට කරනවා ය. නයා දුටු හාමිනේ ගේ මරලතොනියට නයා බය වී කලේ කඩාගෙන ගියේ අපිට තවත් බිය පමණක් ම ඉතිරි කරමින් ය . තවත් කැලය මැදට වන්නට යද්දී කාල වර්ණ පනුමති ගැමියෙක් කිතුල් රා මැදගෙන හට්ටියත් අතැතිව අප ඉදිරියට මුණගැහෙන අතර ඔහු විමසා සිටිනේ
"මහත්තයා ලා බෑරක් ද ? "
"අපි බලකඩු ඇල්ල බලන්න යනවා"
" ආ පරිස්සමෙන් යන්න එහෙනම් , ඉස්සරහ මහා හෙළ , දිය ඇල්ල ලගට යන්න එපා ගල් ආදා වගේ ලිස්සනවා"
උපදෙස් ද සමග අපි විනාඩි තිහක් පමණ වන්නට වගේ වෙද්දී අර මහා හෙළ ලගට පැමිනෙන වා ය .
මේ තියෙන්නේ දෙය ඇල්ලපහල ගලා යන වතුර හෙළ මුදුනට (4X Zoom කිරීමෙන් අනතුරුව ) පෙනෙන විදිය ය .
හැමෝම කියන්නේ මෙතනින් නවතිමු කියාය . අවසානයේ මගේ පෙරැත්ත නිසා හමොමෝම දියඇල්ල අසලට යනවා ය . පරිසරය පට්ට ලස්සන ය . කැමරා වට සුන්දරත්වය ගන්නට බැරි තරම් ය . මහාකැලය මැද බලකඩුව දියඇල්ල අබිමානයෙන් සිටිනවා වැනි දර්ශනයක් පෙනේනේය . සුන්දර බලකඩු දිය කොමලිය මහාහඩ නංවමින් පහලට ගලා බසින්නේ අදියර 4 කට ය .
(අදියර 1)
(අදියර 2)
(අදියර 3)
(අදියර 4)
2017 පෙබරවාරි 27 සවස තුන පසු වී විනාඩි හතලිස් එකට සිදුකර මෙම පොස්ටුවේ විශේෂ යාවත්කාලීන කිරීම .
බලකඩුව දියඇල්ල පිලිබදව උනන්දුවක් දැක් වූ සියලු බ්ලොග් වාසීන් , කණ්ඩායම් වෙත යන විදිය පැහැදීලි කර දුනෙමි .
ඔබ සියලු දෙනා හට මේ කෙටි පණිවිඩය මේ සමගම දන්වනු කැමැත්තමි .
බලකඩුව දිය ඇල්ල හා අවට පරිසරය තවමත් නොකිලිටි පරිසරයක් වශයෙන් තිබෙනා බැවින් එය මතුපරපුරටත් ඉතිරි කරදීම ඔබගේ යුතුකක් නොව අනිවාර්ය වගකීමකි . ඔබ එය ඉටුකර යුතු ය . විශේෂයෙන් පොලිතින් ප්ලාස්ටික් වැනි දේ නැවත ඔබගේ ගමන් මල්ලේ ම දමා ඒමට ඔබ කාරුණික වියයුතු ය .
මෙහි යායුත්තේ ඉතා ප්‍රවේසමෙන් ය . බී ගෙන හෝ එහි ගොස් බී ගෙන නැවත පැමිණීම පට්ට අවදානම් ය . හෙළ දාරයේ අඩි පාර සමහර තැන් වල අඩි 2/3 පමණ වේ . වරුසාව ඇති දිනක ගමන ප්‍රවේශමෙන් කල යුතු ය .ඒ ලිස්සන සුළුබැවින් ය ,
දිය අල්ලේ නෑම ඇතිශය ප්‍රවේශමෙන් කල යුතු ය . ඒ මක් නිසා ද යත් දිය පහර උඩ සිට නොහිතු මොහොතක වැඩි විය හැකි බැවින් ය .
දිය ඇල්ලේ තිබෙන පුස් වැල් වල එල්ලී විනෝද වීම අවදානම් ය . ඔබට අනතුරක් සිදු වුවහොත් උදව්වට මහා කැලය මද කවුරුන් හෝ නැත . අසල ගම ට යන අඩි පාර හැර වෙනත් මගක් නැත . (ගැමියන් ගේ පරතිචාර තද කළු අකුරෙන් ඉහතින් දක්වා ඇත.)
මේ කරුණු ඔබ හට ආදරයෙන් මතක් කිරීමට ආටියා කැමති ය . නැත්තම් එය පශ්චාත්තාපයට ලක්වන ගණයේ දරුණු අඩු පාඩුවක් වනු නො අනුමානය .