Showing posts with label පර්යේෂණ. Show all posts
Showing posts with label පර්යේෂණ. Show all posts

Thursday, June 17, 2021

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින , 

අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන්න .  දානය ඉවර වෙලා පසු දා මටත් මස්සිනාටත් කරන්න දෙයක් නැති නිසා හිතුවේ බලකඩුව ඇල්ල හරියේ ඈත පේන කන්දමුදුනේ තියන ගස හොයාගෙන යන්නටය .

ඒ නමින් පන්සලාතැන්න මාඋස්සාව පාරිසරික ආරක්ෂක ප්‍රදේශයයි . 

විජය පුවත් පත පළකර වැඩසටහනක් . මෙය නැරබීමෙන් ඔබට පන්සලාතැන්න ගැන හොද අවබෝධයක් ලබා ගන්න පුළුවන් 

අතිශය සංවේදී පරිසර පද්ධතියක් වන පන්සලාතැන්න තවමත් සංචාරකයන් අතර අප්‍රකට වීම එක අතකින් වාසනාවක් .  අප රටට ආවේනික සත්ව සහ ශාක ප්‍රජාවකින් සමන්විත මෙම ප්‍රදේශයේ සංචාරය කිරීම ලැබීම එක අතකට වාසනාවක් . 

මේ ගමන අපි ගියේ පයින් ආවේත් පයින් . මුළු ගමනම කිලෝ මීටර 11 පමණ'වෙනවා . බලකඩුව පාලම පහුවෙලා ටික දුරක් එද්දී හම්බෙන දේදුනු පාලම උඩින් තමයි කෙටිම මග කියලා හාමිනේ ගේ අම්මා කිව්ව නිසා අපි මුලින්ම දේදුනු පාලම හොයාගෙන නුවර පාර දිගේ ඉහලට ඇවිදගෙන ගියා .පස්සේ අපිට දේදුනු පාලම හමුඋනා. 


මේ තියෙන්නේ දේදුණු පාලම .


පාලමෙන් එතර උන අපිට ඊලගට හමු වෙන්නේ වතුකම්කරුවන් වෙසෙන ලැයිම් කාමර සමුහයක් නියමිත පාරක් පෙනෙන්නට නොතිබූන අපි මෙතනදී ටිකක් අමාරුවේ වැටුනා . 

මුලින්ම හම්බවුන පිරිම් කෙනා කිව්වේ ආමි කෑම්ප් එකක් තියෙන නිසා යන්න දෙන්නේ නෑ කියලා . අපි හිතුවා අවසර අරගෙන හරි යන්න ඕනේ කියලා . 
පසුව හම්බ උන කාන්තාවක් අපිට යන්න පාර පෙනුවා ....... 

ඒ කුඩා අඩි පාරක් . 


ඒ අඩි පාර දිගේ කෙටි දුරක් ඇවිදගෙන යද්දී අපිට හම්බුනා ජීප් රථ ගමන් කරන අබලන් පාරක් . 


අපි සෙමෙන් ඒ පාර දිගේ ඉහලට යන්නට උනා . අපට දැනුනා අපි කන්දකට අවතීරණවුණ විත්තිය . මහන්සියක් නෑ අවට පරිසරය දැක්කාම . අපේ වාසනාවට එදා මාතලේට ආවේනික සුපුරුදු වැස්ස නැති දවසක් . අහස නිල්ම නිල් පාටයි . වලාකුළු පවානැති තරම් . 





කුඩා දියපාරක් ලග ගිමන්නිව්වා . 



මද දුරක් ආගිය කථා කියමින් ගිය අපිට ලයිමේ දෙමල මනුස්සයා කිව්ව ආමි කෑම්ප් එක හම්බුනා . ඒ අටවන ගජබා රෙජිමේන්තුව . 



හමුදාව අපෙන් විමසුවා බොහෝ දේ . අපි අපේ අනන්‍යතාවය සහ ගමනේ අරමුණ පැහැදිලි කරලා දුන්නාට පස්සේ ඔවුන් යන්න දුන්නා . හැබැයි කාරනා දෙකක් (02) හිතේ තියාගන්න කිව්වා  . ඒ  ගමනේ අවසානයේ හම්බවෙන වැවේ නාන්න එපා සහ වැවට ඉහලින් තියන කන්දේ මුදුනේ තියන බෝගස ලගට යන්න එපා කියන එක. 
මේ ගමනේදී අනතුරක් උනොත් ඔබව ගලවාගන්නට පිරිස් පැමිණෙන විට ඔබට වියහැකි නරකම දේ වෙන්න පුළුවන් සමහර වෙලාවට . 

පසුව අපි හමුදාවට ස්තුතී කර ගමන ඉදිරියට යන්න පටන්ගත්තා . මෙන්න මෙතනින් දකුණට තිබෙන කුඩා පාරේ අප යායුතුව තිබෙනවා . 



මෙතැන ඉදන් ගමණ අතිශය වෙහෙස කරයි. අපි පැය ගානක් ගිමන් හරිමින් ඉදිරියට ඇදුනා . සමහර තැනිතලාමතින් අපි ඉක්මනින් ගමන්කරා  . මොකද මාතලේ කාලගුණය වෙනස් වෙන්න වැඩි වෙලාවක් නොයන නිසා.

ඈතින්ම පෙනෙන්නේ නකල්ස් කදු පන්තිය 



පන්සලාතැන්න කදු මුදුණ පසෙකින් 
කදු මුදුන සහ පරිසරය දැක්කාම අපි හිතාගත්තා කොච්චර මහන්සි උනත් කන්දේ මුදුනටම නගිනවා කියලා 

තෙප්පුකුලම වැව් බැම්ම ඈතින් 



අවසානයේ අපි ගමනේ පළමු අදියර නිමකරා . ඒ වැව් බැම්ම අසලට පැමිණීමෙන් . හමුදාව කියූ පලවෙනි කාරනාව ඇත්ත බව අපිට පෙනුනා . ඒ මේ දැන්වීමෙන් . 



හරියට සිත්තරෙක් ගේ සිතුවමක්වගේ .... කියන්න වචන නෑ ඒතරම් ලස්සනයි .



වැව් බැම්ම අසල ටිකක් විවේක ගෙන අපි ගමනේ දෙවන අදියර ආරම්භ කරා 







පහලින් පෙනෙන්නේ අපි මදවේලාවක් ගිමන් හල වැව 


කන්ද තරමක් දුර නගින්න පටන්ගත්තාම තේරුනා සීග්‍ර බවුමක් සහිත අඩිපාරක් හෝ නැති ගමනක් කෙසේ ගොස් අවසන් කරන්නද කියා.එහෙත් කදු මුදුනේ තිබෙන බෝගස ඉලක්ක කරගෙන අපි ගමන්කරන්නට උනා . 

හමන සුළග අපිව ගහගෙන යන්නට තරම් බලවත් උනා . ජිවිතේ මම දුටු උසම මානා පැදුරු සහ ප්‍රචන්ඩකාරීම සුළග මම අත්වින්දේ මෙහිදී . මාන පැදුරු මගේ උසටත් වඩා තිබුනා සමහර තැන්වල . ඒ අඩි 6 ට වඩා ඉහලින් . එක පාර හමන සුළගේ වේගයට මානාපැදුරු මුහුදේ රළ ගෙඩි ඉහල නැංවෙනවා සේ පෙනෙන්නට තිබුනා . ඒ අත්දැකීම වචනයෙන් විස්තර කරන්නට අපහසු අත්දැකීමක් . ඇත්තටම අපට දැනුන ඒ හැගීම ගමන මදකට නතර කරන්නට තරම් බලවත් උනා . ඒත් අපි කෙසේ හෝ කන්දමුදුනේ බෝගස ලගට යනවාමයි කියලා හිතාගත්තා . 

අපි දෙදෙනාගේ අත් කකුල් මානා කොලයේ දාරයට කැපී ලේ ගලන්නට උනා . වේදනාව පසෙකලා අපි ගමන යන්නට පටන්ගතේ කෙසේ හෝ අවසානයට යනවා කියා හිතා ගෙනම ය . 

පැය දෙකක පමණ ගමනකින් පසු අපි කදු මුදුනට ලං වෙන බව අපිට තේරුනා . 
කන්ද කොතරම් උසද කියා කන්දේ හෙවනැල්ලේන් ඔබට වැටහේවි . ඈතින් කළුවට පෙනෙන්නේ හුන්නස්ගිරිය කදු පන්තිය 





අවසානයේ අපි කදු මුදුන වෙත ආවා . ඒ මුහුදු මට්ටමෙන් අඩි 2297 උසක.



ආටියා



ඔන්න අන්තිමට අපි පන්සලාතැන්න කදු මුදුනේ බෝගස ලගටම ආවා . ඒ බෝ ගස අසලදී දැනුන හැගීම වචනයෙන් කියන්න බැරිතරම පහන් සිතුවිල්ලක් .



ඔන්න එහෙනං ආටියාගේ තවත් සංචාරයක් මේ විදියට ඉවර වෙනවා. මේ සටහන කියෙව්ව ඔයගොල්ලෝ හැමදෙනාටම බොහොම ස්තුතී.
තවත් සංචරක සටහනකින් නැවත හමුවන තුරු ඔබට සුභ දවසක්! 




ඔබ සියලු දෙනා හට මේ කෙටි පණිවිඩය මේ සමගම දන්වනු කැමැත්තමි. 

පන්සලාතැන්න මාඋස්සාව පාරිසරික ආරක්ෂක ප්‍රදේශය හා අවට පරිසරය තවමත් නොකිලිටි පරිසරයක් වශයෙන් තිබෙනා බැවින් එය මතුපරපුරටත් ඉතිරි කරදීම ඔබගේ යුතුකක් නොව අනිවාර්ය වගකීමකි. ඔබ එය ඉටුකර යුතු ය. විශේෂයෙන් පොලිතින් ප්ලාස්ටික් වැනි දේ නැවත ඔබගේ ගමන් මල්ලේ ම දමා ඒමට ඔබ කාරුණික වියයුතු ය.



* ආටියාගේ සංචාරේ 






ආදරණීය ධනූ , සුදු ඇදගෙන කළු ඇවිදින් හී පුදුම ගං කාරයෝ හොයා ගෙන බකමුණ සහ ඇළහැරටත් නාඋල මාතලේ හරහා නුවරටත් , කිසිදා නොදුටු තනුර මල්ලී සොයා දිගන , හුන්නස්ගිරිය , හසලක හරහා මහියංගනයට පැමිණ එතනින් ගිරාදුරුකෝට්ටේ , දෙහිඅත්තකන්ඩිය, අරලගංවිලෙන් මාදුරු ඔය රක්ෂිතයට මැදින් මහඔයටත් එතනින් පදියතලාවටත් මහියංගනය හරහා නුවර ගිය පිස්සු ගමණ

කලකට පෙර ජාතික පුවත්පතකට ලියූ එහෙත් හේතුවක් මත පළනොවූ ලිපියක් 
නකල්ස් .

බුකියේ කවි පිළිතුර රකුසාගේ පඩිපෙළ දිගේ කොටගල සිට රෝසැල්ලට

Thursday, October 8, 2020

ඉස්සර ධනූ , SEX , ගැහැණු ලොව පිරිමි ලොව , ආටියාව කෙනිත්තු හෙළ බ්ලොග් කරුවා , සමගින් කොරෝනාව ඉදිරියේ අපේ මිනිසුන් .

ආටියා නැවත ලියන්නට එන්නේ මාස හතරකුත් දින දෙකකට පසුව ය . නොලිව්වේ කාර්යබහුලකම නිසාම නොවේ ය . ලෝකයේ හතර කොනේ කරක්ගැසූ ආටියා කොරෝනාවත් සමග ලංකාවේ නැවතුන එක පුරුවේ පිනක් ය . උපන් මවු රට තරම් රටක් මිනිසෙකුට නැත්තේමය . ලංකාව ලෝකයේ එක කියන්නට දහසකුත් හැගීම් හිතට ආවත් එව්වා මෙතන ලියන්නට යන්නේ නැතිය . රැජිනගේ රටත් කොරෝනාවට ඉදිරියේ පදිරි වෙද්දී ලංකාව ගැසූ ගේම පට්ට ය. ලංකාව කියන්නේ පාලකයන් නොවේ ය . ලංකාව කියන්නේ ඉන්නා මිනිස්සු ය. උන් පට්ට ය. කිව්වොත් දෙයක් හරියට උන්ට එව්වා තේරුම් ගන්නට වැඩි වෙලාවක් නොයන්නේය . ලෝකයේ අංක එකේ රටේ ජිවත් වන සම පන්තියේ මිනිසා සහ ලංකාවේ මිනිසා සැසදීමේදී ඒ බව හොදට වැටහෙනවාය . අයෙත් කොරෝනා ඇවිල්ලාය . අපේ උන් නැවතත් පරිස්සමෙන් ඉන්නට හිතාගත යුතුය . එදා පළමු රැල්ලේ දී ගැසූ ගේම ම නැවත අපේ මිනිසුන් ගැසිය යුතුය . අපේ මිනිසුන් පට්ට ක්ලාස් ය . මාස ගනං ඇදිරි නිතිය දමද්දී ඇදිරි නිතියට විරුද්ධව පාරට බැස්සේ නැතිය . එව්වා නියම මිනිසුන්ගේ ලක්ෂණය . ආටියා අපේ මිනිසුන් වෙත හිස නවන්නේ ආඩම්බරයෙන් ය . එකම අවුලකට ඇත්තේ අපේ මිනිසුන්ට හැමදේම ඉක්මනින් අමතකව යන එකය . එව්වා පුරුවේ කරුම ය . අනෙකක් නොවේය . 

ඔය අතර දවසක් හෙළ බ්ලොග් ලෝකයේ ලොකු පොරක් ආටියාට කථාකර විමසුවේ , "දැන් ලියන්නේ නැත්තේ ආණ්ඩුව උබලාගේ හින්දා ද " කියා ය . ආටියාගේ පවුලට දේශපාලනය තිබ්බාට ආටියාට දේශපාලනයක් නැත්තේ ය. තව එව්වා මෙතැන් ලියන්නට හිටියත් ඒව්වා මෙතන ලියන්නේ නැතිය . තිබුන රජයට වඩා මේ රජය හොදයි කියන්නට තවම කල් වැඩිය . සමහර විට මේ යන විදියට මගදී නා ගන්නටද පුළුවන් ය . කොහොමනමුත් ආණ්ඩුවට තුනෙන් දෙක තියෙනවා ය . සමස්ත බලය හරියට පාලනය කරොත් රට හදන්නට පුළුවන්ය . රටක් හදන්නට යකඩ අතක් තිබිය යුතුය කීවේ ලීක් වාන් යූ ය . 

ආටියාට මේ ලගදී ධනූ ව සම්හන්ද කරගන්නට උවමනාවක් ආවේ ඇය ආටියා සමග උරණ වෙන්නට පෙර කරපු ඉල්ලීමක් ඉටු කරන්නට ය. වරෙක ආටියා හදිස්සියේ ම සති දෙකකට ඇමරිකාවට ගිය විට ඇය හිතුවේ ඇයට නොකියා ගියා කියා ය . ඒ සමගම iNSTA පණිවිඩයක ඇය ලියපු දෙයින් ආටියා දරුණු ලෙසම මනසින් වැටුණු බව සහ ඒ විස්තරය මෙතන ලියන්නට නොයන්නේ බ්ලොගය දිග් ගැස්සෙන නිසාය . ඇමතුමක් දෙන්නට ධනුගේ නොම්බරය ආටියාගේ ජංගමේ තිබුනේ නැති නිසා ආටියා ඉන්ස්ටග්‍රෑම් හරහා මිතුරු ඉල්ලීමක් කලේය . එයටද ඇයගෙන් ප්‍රතිචාරයක් නැත්තේය . ඉස්සර ධනූ ට ඉන්ස්ටග්‍රෑම් යනු බඩේ බත් එක වගේ ය . දැන් මොකද කියා ආටියා දන්නේ නැතිය . ඇතැම්විට තවමත් ඇය මා සමග මලෙන් විය යුතුය  . කරන්නට දෙයක් නැති තැන මෙතන ලිව්වේ ඉස්සර ඇය මගේලෝකය01 කියවන්නට පුරුදු වීසිටි බව මට මතක්වූ නිසාය . දවසක් ආටියාට වේදනාව ඉවසන්නට බැරිම තැන යකා සමග ගියේ ජපුර සරසවිය අසල ඇය ගේ නිවාස පැත්තටය .ඒ පාරෙන් එකක් වූ යකා නිසා ආටියාට වැඩිවෙලාවක් එතන නවත්වා ඉන්නට ඉඩ නොලැබුණේ පාරේ තදබදය මා නිසා බැවින් ය . ඉස්සර ධනූ වැඩ අහවරකර ගෙදර එන වෙලාව මතක ඇති නිසා ආටිය පාරට වී හවස හත වෙනතුරු බලං හිටියත් ධනූ ආවේ නැතිය . පසුව සතියකටපසු උදේ ම ආටියා යකා එක්ක ඇයගේ කාර්යාලය ඉදිරිපිටට ගොස් ඇය එනවාද කියා බැලුවද ඇය ආවේ නැති ය . පසුව එදිනම හවසද කාර්යාලය ඉදිරිපිටට වැඩ අහවර වෙන වෙලාවට විපරම් කරත් ඇය ආවේ නැතිය . එක්කෝ ඇය ලංකාවෙන් පිටත් ව ජපානයට යන්නට ඇතිය .නැත්තම් ඉනා තැන සහ කරන රැකියාව වෙනස් කර වන්නටද පුලුවන්ය . ඔය එකක් වත් නොවේ නම් ඇයට ආටියා වැඩක් නැතිය වන්නට පුළුවන් ය . 

ආටියා කොහොමත් ඉන්නේ කිසිම දෙයක් ගැන වැඩියන් නොහිතාය. ලගදී දවසක හාමිණේ ගේ උවමණාවට   R R MK5 එකකට කරගැසූ ආටියා ට ගැනුන්ගේ ආසාවල් ගැන හිතෙනවිටත් පුදුමය . ගැහැනුන් තමන් කොච්චර සිම්පල් ද කියා කියන්නට පට්ට වෙහෙසක් දරන එහෙත් පට්ට complicated කොට්ටාශයක්ය . එක එක මට්ටම් වල සිටිනා ගැහැණු හැම එකෙන්ක්ටම මේ කථාව අදාල ය . ගැහැනියක් හිතන්නේ බොහෝ විට ආදරයක අවසානය ලිංගිකව එකතුවීමක් කියා ය. කොච්චර කොහොම නෑ එහෙම නෙවෙයි කිව්වත් කථාව ඇත්තය . සිග්මන් ෆ්‍රොයිඩ් ගේ පර්යේෂණ ළිපි වලින් ද තහවුරු කරපු මේ කරුණ පිළිගන්නට ගැහැනුන් කැමති නැත්තේය .  "බොහොමයක් ගැහැණු තමන් කැමති පිරිමියා සමග ලිංගිකව එකතුවන්නේ මනෝමයෙන් ය"  ෆ්‍රොයිඩ්  කිව්වේ එසේය. ගැහැනිය පිරිමියාට වඩා හැම අතින්ම ශක්තිමත්ය. මාතෘ මුලික සමාජය පුරුෂ මුලික සමාජයක් වශයෙන් පෙරලීම ඇත්තෙන්ම කේධජනකය. අදටත් සමාජය ගැහැණිය මුල්කරගෙන තිබුනානම් සමාජය මීට වඩා ලස්සන වන්නට තිබුනා කියා ආටියාට හිතනවාය . ඇත්තටම පිරිමි ලෝකය සහ ගැහැණු ලෝකය අතර තිබෙන්නාවූ අසංතුලිත බව නොතිබුනානම් කියා ආටියාට හිතෙනවාය . මෙව්වා ලංකාවට ආසියාවට නොව ලෝකයටම අදාලය. සමාජක්‍රමය තුල ගැහැණිය වැඩිපුර ඕපන් වෙන්නට ගියොත් ඇයට බඩුව යැයි කියන්නට හිතන මිනිසුන් පළමුව වෙනස් වන්නට ඕනේය . පිරිමියාට මෙන් ගැහැණියට නිදහස් ව හිතන්නට අවකාශ සලසාදෙන්නට ඕනේ පුරුෂ මුලික සමාජය විසින්ය . උපරිම නිදහසක් සැමියා විසින් බිරිදට දුන්නත් එය පිළිගන්නට බය එහෙමත් නැතිනම් කැමති නැති ගැහැනුන් ද ලෝකය පුරාම සිටිනවාය .සමහර වෙලාවට ඇය හිතන්නේ එය කරදරයක් විදියට ය. ගැහැණියට සාපේක්ෂව පිරිමියා තවත් ගැහැනුන් වෙත යන්නේ හෝ යන්නට සිතන්නේ තම බිරිදගේ හෝ පෙම්වතිය ගේ හෝ අඩුපාඩුවක්ම නිසා නොවේය .  වරෙක ආටියාගේ අයර්ලන්ත ජාතික මිතුරියක් කීවේ "ගැහැනුන් පලතුරු කන්නට කැමති උනත් පිරිමින් කන්නට කැමති ෆ්රුට් සැලඩ්" කියා ය . මේ කතාවව හරියටම හරි ය . විවිධත්වය පිරිමින්ට වඩා ගැහැණු අගය කලද SEX වලදී ගැහැනුන් පට්ට BACKFORWED ය  . ආටියා හිතන්නේ පිරිමින් වගේම ගැහැනුන්ද ඕපන් වියයුතු ය කියාය . ශක්තිය මනින සාධක අතර ලිංගික ක්‍රියාකාරකම් ද පෙරමුණේ සිටී . ලිංගික ක්‍රියාකාරකම්වලදී පිරිමියාට වඩා ගැහැණිය ශක්තිමත් බව පිරිමි අපි අවිවාදයෙන් යුතුව පිළිගත යුතුය . කොතරම් ශක්තිමත් පිරිමියෙක් උවද අවස්ථා තුනහතරකින් වෙහෙසට පත් වුවත් , ගැහැනියකට ශක්තිමත් පිරිමි කිහිපදෙනක් සමග බොහෝ වෙලාවක් සතුටු වන්නට පුළුවන් ය . එතරම් ශක්තිමත් ගැහැණිය ලිංගිකත්වය යන මාතෘකාවේ දී පට්ට නිශ්ශබ්ද වන්නේ ඇයිද කියා ආටියා දන්නේ නැතිය . 

පිරිමියා සහ ගැහැණිය සමවශයෙන් පුහුණු වියයුත්තක් වන්නේ අතහැරීමය . ඇත්ත වශයෙන්ම අත්හැරීම පට්ට දෙයකි . එය ප්රැක්ටිස් කරන්නේට පුළුවන් නම් ජිවිතයේ ප්රශ්ණ අඩුය . ප්රශ්ණ වලින් බහුතරයක් අපි විසින් ගොඩනගා ගත් එව්වාය . තේරෙන භාෂාවෙන් කියනවා නම් අපි විසින් කැමැත්තෙන් දමා ගත් තොප්පි ය . තොප්පි වැටෙනවා බාල්දි පෙරළෙනවා කියන්නේ අතිශය සාමාන්ය දේවල් කියලා ඔහේ ලා හිතනවා ඇතිය . එහෙත් ප්රශ්ණ වල රස දන්නේ බාල්දි පෙරලිච්ච එකා ය .

අතහැරීම කියද්දී මටනම් මතක්වනේ බුදු රජාණන් වහන්සේ ය . අතහැරීම ගැන හරියටම උගන්වා ඇත්තේ ද උන්වහන්සේ ය . එව්වා අපේ බුධාගම්කාරයෝ දෙන්නේ නැති ය. උන් දන්නේ පුළුවන් තරම් ගොඩ වඩා ගන්නටය . මම දන්නා තරමින් සෑම ආගමකම අතහැරීම ගැන කියා තිබෙනවා ය .මොන හැටි වෙතත් බුද්ධාගමේ මිනිස්සුට වඩා කිතුණුවෝ අතහැරීමට මෙන් ම තියන දේ පුළුවන් තරම් අනිත් අයට දෙන්නට පෙළගැසෙනවා ය . ඒ අය දෙන විදිය, දෙයක් අතහරින විදිය පට්ට ලස්සණ ය . ආටියා උපතින් බුද්ධාගමේ උවද මෙව්වා මෙහෙම ලියන්නට බය නැති ය. 

Tuesday, March 12, 2019

ධම්මික පෙරේරා ගේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන්



අද ගොඩක් දෙනෙක් ගේ මාතෘකාව ලෙස ධම්මික පෙරේරා පත්ව සිටී. ඒ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහ ඉදිරි ආර්තික දැක්ම නමැති මාතෘකාව නිසා ය.  ධම්මික පෙරේරා ගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන දශලක්ෂ පනස්පන්දහසක්. මෙවන් වත්කමක් සහිත පුද්ගලයකු යනු එසේ මෙසේ පුද්ගලයකු නොවන බව ඔබ සහ මම තර්කයෙන් තොරව පිළිගත යුතුය. මාකදුරේ මදුෂ් ගේ කුඩු සල්ලි ගැන කථා කරනවාට වඩා ධම්මික පෙරේරා කියන්නට යන්නේ කුමක්ද කියා සිතන්නට පුළුවන් නම් එය වටින්නේ ය. 

අරාබියේ දී නම් ධනකුහෙරයින් සල්ලි වලින් සෙල්ලම් කෙරුවාට ලංකාවේ අංක එකේ ධනවතා වන ධම්මික පෙරේරා තම සල්ලි වලින් කරන සෙල්ලම වන්නේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් ය. ඔහු ඒ සෙල්ලම කරන්නේ data scientist ලා එසේත් නැතිනම් දත්ත විද්යාඥවරු සමග ය. වයස පනස් එකක් වූ ධම්මික පෙරේරා ගේ මතකය විශිශ්ට ය. අපේ වචනයෙන් කියතොත් මීටරයක් ය. එසේ මෙසේ මීටරයක් නොව පට්ට මීටරයක් ය. ඔහුට අනාගතය හොදින් පෙනෙන්නේ ඔහු දත්ත සමග කාලයක් ගත කරන නිසාය. දත්ත සමීකරන නිවැරදිව ගලපන්නට පුළුවන් නම් ඔබ ගැන පවා අනාගත වාක්‍ය කියන්නට පුළුවන් ය. එය අද වන විට ලොව අතිදියුණු රටවල ආර්තිකය, තාක්ෂණය, සහ ඇතැම් පරීක්ෂණ සදහාද පුළුල් ව භාවිතා කරයි.

ඉතිං අපේ මේ කථා නායකයා වූ ධම්මික පෙරේරා සත්‍ය ලෙසම කථා කරන්නේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් ගැනද? මගේ පුද්ගලික මතය නම් ඔහු කථා කරන්නේ  Management Information System (MIS) (කළමනාකරණ තොරතුරු පද්ධති) ගැනය. ඔහුගේ සැම කථාවකම වාගේ කියන ආර්ටිෆිෂල් ඉන්ටලිජන් මට අනුව නම්  MIS නොහොත් Management Information System ය. එහෙත් එතුමාගේ අවසාන ඉලක්කය ආර්ටිෆිෂල් ඉන්ටලිජන් නම් එතුමා වහා තම පාර වෙනස් කර යුතුය.  MIS වල සිට ආර්ටිෆිෂල් ඉන්ටලිජන් වලට යනවා යනු ජපාණයේ බුලට් ට්‍රෙන් එකක් එකවරම ඇමරිකානු අජටාකාෂගාමී රොකට්ටුවක් වීමක් වැනිය යැයි මට හැගේ. එසේ නැතිනම් ධම්මික පෙරේරා වටා සිටින data scientist ලා එසේත් නැතිනම් දත්ත විද්යාඥවරු එතුමාව අන්දනවා විය යුතුය. ඉහත කථාකර දත්ත, සමීකරන වලට නිවැරදිව යොදවා ලැබෙන පිළිතුරු වලින් ඔහු පුදුම කරවා MIS යනු ආර්ටිෆිෂල් ඉන්ටලිජන් කියා පණිවිඩයක් ඔහු ගේ මනසට ඇතුල් කර විය හැකි ද? එහෙත් ධම්මික පෙරේරා යනු ලෙහෙසියෙන් ඇන්දිය හැකි චරිතයක් නොවන බව නම් මට සියයට දහසක් විෂ්වාසය.

එසේ නම් ඔහුට කොතැනක හෝ වැරදී ඇත. ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහිත පරිඝනක පද්ධතියකට තනිව තීරණ ගැනීමට පුළුවන් ය. කළමනාකරණ තොරතුරු පද්ධතියකට (MIS) පුළුවන් වන්නේ තමා රැස්කර ප්‍රතිපල දැනුම් දීමට පමණි. ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහ MIS ගමන් කරන්නේ එකිනෙකට සමාන්තර එහෙත් ලං නොවන මං දෙකක බව දැන් ඔබට වැටහෙනවා විය යුතු ය. තනිව තීරණ ගැනීමේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහිත පරිඝනක පද්ධතියකට තම කටයුතු සම්පූර්නයෙන් භාර දීමට වියාපාරිකයා අදටත් බියක් දක්වන්නේ ය. අද වන විට මිනිසාට ලගා විය නොහැකි තැන් වෙත කටයුතු මෙහෙයවීමට ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහිත පරිඝනක පද්ධතියකට හැකි වී තිබේ. ඇතැම් විට ඔබට නිදිමත දැනුන විට "ටෙස්ලා මට නිදිමතයි" කියූ විට "සර් නිදාගන්න, මම ඔබව ඔබේ නිවසට රැගෙන යන්නම්"  කියා පරිස්සමට වාහනයේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහිත පරිඝනක පද්ධතිය විසින් රියදුරු නොමැතිව ගමනාන්තයට ගෙන ඒම සත්‍ය ලෙසම ආර්ටිෆිෂල් ඉන්ටලිජන් ය. පර්කින් ඇසිස්ටන්,ඖටෝ පර්කින්,driverless ඩ්‍රයිව් ,ඖටෝ බෙර්ක් යනු අද කාලයේ වාහන වල ආර්ටිෆිෂල් ඉන්ටලිජන් ය.

 නුදුරේදී ම ඔබට හදුන්වාදීමට නියමිත් eye ප්රෝග්රමින් atm facility තනිව තීරණ ගැනීමේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහිත පරිඝනක පද්ධති වේ. ඒ වගේ ම ඇපල් දුරකථන වල "සිරී (Siri) " ද එක්තරා ආකාරයකට ආර්ටිෆිෂල් ඉන්ටලිජන් යෙදවෙන අවස්ථාවකි .

ඉතින්, ලංකාව වැනි රටක ධම්මික පෙරේරා ගෙන එන්නට උත්සාහ කරන දේ සත්‍ය ලෙසම අගය කර යුතු ය. අලුත් දෙයක් නොසිතා ඉස්සරහට යන්නට කොහොමත් ම බැරිය. ලංකාවේ අධිකරණ, විශ්වවිද්‍යාල සහ ප්‍රවාහන ක්ශේත්‍ර මේ සදහා කදිම නිදසුන් ය. කැසිනෝකාරයෙක් හෝ මොකෙක් හෝ නැත්තම් පිටසක්වලින් පැමිණ හෝ ලංකාවේ සිස්ටම් එක වෙනස් කර යුතුමය. දෙසියවිසිපහට සහ උන්ගෙන් යැපෙන බහිරවයන් ඉන්නාතාක් එව්වා ලෙහෙසි නැති බව ඔබ අප සැම දන්නා කරුණකි. එහෙව් රටක ධම්මික පෙරේරාලා බිහිවීමත් එක අතකට ධ්‍යිවයේ සරදමක් විය හැකිය.

අද සටහට,
කලණ රජින්ද ආටිගල



       

Friday, February 22, 2019

පිටකන්ද මුදුණ සොයා කබරගලට




ඔං එහෙනම් ආටියා පහුගිය අවුරුද්දේ බලකඩුව දියඇල්ල සොයා සංචාරක සටහන ලිව්වා වගේ මේ අවුරුද්දෙත් තවත් සංචාරක සටහනක්  ඔයගොල්ලෝ එක්ක බෙදා ගන්නයි කල්පනා කරේ.

දිනය:- පහුගිය (2018) දෙසම්බරේ 22 වන දින

පහුගිය දෙසම්බරේ අපි හාමිනේ ගේ මාතලේ මහා ගෙදර ආවේ රිවස්ටන් යන්න කියල හිතාගෙන. අපි හරියටම ආවේ දෙසැම්බර් විසි එක.  රිවස්ටන් යන්න හිතන් හිටියේ දෙසැම්බර් විසි තුන. ඉතිං දෙසැම්බර් විසි දෙක කරන්න දෙයක් නැති නිසා කට්ටියත් එක්ක කථා උනා කන්දේනුවර පැත්තට යමුද කියල. කන්දේනුවර හරියට නුවර එලිය පැත්ත වගේ කියල හාමිනේ ගේ අම්මා තාත්තා එහෙමත් කිව්වා.  ඉතිං අපි හැමෝම තීරණය කරා දවස ගතකරන්න ඔය පැත්තට යමු කියල.


ගූගල් මැප් එකේ බැලුවාම කන්දේනුවර ට වඩා වැදගත් තැනක් තියනවා කියල පේන්න තිබ්බා. ඒ තමයි "පිටකන්ද මුදුණ(Pitakanda Peak)" ඊට අමතර තවත් වැදගත් පිහිටීමක් මේ හරියේන් ටිකක් ඉස්සරහාට ගියාම තියෙනවා. ඒ තමයි අධි සංවේදී ලෝක උරුම නකල්ස් වන රක්ෂිතය සහ Campbell's Lane වන රක්ෂිතය වෙන් වන සීමාව.
සමහර විට ඔයගොල්ලෝ අහලානැතුව ඇති Campbell's Lane වන රක්ෂිතය ගැන. ඒත් ඔයාලා හැමෝම දන්නා, ගොඩ දෙනෙක් ගිහිල්ලත් තියෙන "සෙම්බුවත්ත", "මඩොල්කැලේ" "කැළෑබොක්ක, හුන්නස්ෆෝල්ස් ඒවගේ ම සුප්‍රසිද්ධ හුන්නස්ගිරිය කන්ද තියෙන්නෙත් Campbell's Lane වන රක්ෂිතයට අයිතිවයි.  මේ ප්‍රදේශයේ සියලුම තේවතු ඇල්කඩුව වැවිලි සමාගමෙන් තමයි පාලනය කරන්නේ. මුහුදු මට්ටමෙන් අඩි දෙදහසකට වඩා උස ප්‍රදේශයක තමයි මේ පිටකන්ද මුදුණ එහෙම නැත්තම් Pitakanda Peak එක පිහිටලා තියෙන්නේ. මම මේ සිතියමේ පෙන්නලා තියෙන විදියට මාතලේ ඉදලා පිටකන්ද මුදුණට කිලෝමීටර විසි පහක් විතර තියෙනවා. ඔය ප්‍රමානය කුඩාඋනත් මාර්ගය නම් අතිශය දුෂ්කර වට වංගු සහිත පටු ලිස්සනසුළු අබලන් මාර්ගයක් කියන්න ඕනේ. ඒවගේම දිනය පුරාවටම තියෙන ඝන මීදුම.



සංචාරකයන් අතර වැඩි ප්‍රසිද්දියක් නැති පිටකන්ද මුදුණට යන්න අපිට පැය කිහිපයක් ගත උනා. ඒ අතරමග පරිසරයේ සුන්දරත්වය විදිමින් මේ ගමන ගිය නිසා.  ඉදහිට අපිට දක්නට ලැබුනේ දළු පටවන් යන ලොරියක් සහ තනිදොර කුඩා බස් රථයක් පමණයි. කොලබ මෙන් නොව අපිට මුණගැහුණු හැමවාහනයක වගේම රියදුරන් ඉතා විනය ගරුක අය උනා.

තනිදොර කුඩා බස් රථය

ඉදහිට අපිට දක්නට ලැබුනේ.....

මේ ගමනේ දී කන්දේනුවර කඩපිල පහුකර පසු අපිට අතරමග කඩයක් පවා සොයාගන්නට අපහසු උනා. ප්‍රදේශයම පාලු සොභාවයක් ඉසිලු අතර අතීතයේ හොදින් කරගෙන ආබව පෙන්නේන්න්ට තිබුන එහේත් අද වන විට අතහැර දමපු තේ කර්මාන්තශාලාවක් ද දක්නට ලැබුණා. 




නකල්ස් වන රක්ෂිතය හරහා 


සාරවත් තේ දල්ලේ නැවුම් බව 

මීදුම මොහොතකට ඉවත් වෙද්දී 

පිටකන්ද මුදුණ




දුර පෙනෙන තනිතලා .....


සැට් ඒක


පිටකන්ද වතුයායට ඔබ සාදරයෙන් පිලිගනිමු 










 සිග්නල් නැති වෙලාවේ පිහිටට හිටියේ මෙයා තමයි


මීදුම් සේලේ මැදින් 






හෙළදාරේ පටු මාවත 




                                                                             ඝන මීදුම

කන්දේනුවර ජනපදය පහලින් 






 කුඩා දිය ඇල්ලක් 

මහා වෘක්ෂයක් 

කැළෑබොක්ක

පිටකන්ද මුදුන හරිම තද සීතලක් තියෙන්නේ. ඒවගේම ගහගෙන යන තරම් සුලගකුත් තියෙනවා. අපි ආපු වෙලාවේ ටිකක් විතර මීදුම අඩු වෙලා තිබ්බේ. හැබැයි පින්න තිබ්බා. 
කොහොමාරි පිටකන්ද මුදුනට සමු දුන්න අපි කබරගල(නගරය) කඩපිලට පැමිණි අපි අසල කඩයකින් තේ බී රසවත් උණු වඩේ කෑවා.  කබරගල තියෙන්නේ කඩ දෙකක්, තැපැල්හලක් සහ කුඩා කෝවිලක් විතරයි. 

අවසානයේ හවස පහට විතර අපි පිටකන්ද මුදුනට සමුදීල නැවත මාතලේ ගියේ හෙට දිනයේ රිවස්ටන් යන්න තිබෙන නිසා. 

ඔන්න එහෙනං ආටියාගේ තවත් සංචාරයක් මේ විදියට ඉවර වෙනවා. මේ සටහන කියෙව්ව ඔයගොල්ලෝ හැමදෙනාටම බොහොම ස්තුතී.
තවත් සංචරක සටහනකින් නැවත හමුවන තුරු ඔබට සුභ දවසක්! 



ඔබ සියලු දෙනා හට මේ කෙටි පණිවිඩය මේ සමගම දන්වනු කැමැත්තමි. 

පිටකන්ද මුදුන හා අවට පරිසරය තවමත් නොකිලිටි පරිසරයක් වශයෙන් තිබෙනා බැවින් එය මතුපරපුරටත් ඉතිරි කරදීම ඔබගේ යුතුකක් නොව අනිවාර්ය වගකීමකි. ඔබ එය ඉටුකර යුතු ය. විශේෂයෙන් පොලිතින් ප්ලාස්ටික් වැනි දේ නැවත ඔබගේ ගමන් මල්ලේ ම දමා ඒමට ඔබ කාරුණික වියයුතු ය.

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...