Wednesday, December 20, 2017

නකල්ස් කදු අතර පැරණි හුලන්කපොල්ලේ බංගලාව


සර්  , මම මේ කතාකලේ අර හොයන්න කිව්ව විදියේ වත්තක් එක්ක බංගලාවක් තියෙනවා රිවස්ටන් පැත්තට වෙන්න  .

අයිති අය ඉන්නේ කැනඩා වල . සර් කැමති නම් මේ සතියේ දවසක් වෙන්කරන්නම් බලන්න යන්න .

මෙසේ කීවේ මම ගනුදෙනු කරන ඉඩම් තැරව්කාරසමගමේ නියෝජිතයා මට දුරකථන ඇමතුමක් හරහා ය .

හරි එහෙනම් සිකුරාදා අපි වෙනුවෙන් වෙන්කරන්න .

සර් සිකුරාදා කියන්නේ හෙට නේ

ඔව් , අමාරුනම් ඊලග සතියේ යමු .

නෑ මම අදම කියන්නම් . මට විනාඩි 10 දෙන්න .

* පැය හාගයකට පමණ පසු

සර් හෙට පුළුවන් .

හරි එහෙනම් . මට යන විදිය විස්තර එහෙම email එකක් එවන්න .

හරි සර් මම දැන්ම එවන්නම් .

බිරිද සහ මම පාන්දරින් සුදානම් වුයේ නකල්ස් කදු අතර ඇතැයි කියන මේ සුන්දර පැරණි බංගලාව සහ වත්ත බලන්නට යාමට ය .

පාන්දර ම කොලබින් පිටත් උන අප මාතලේ ට ලගා වන විට උදේ 6 ට පමණ වෙන්නට ඇත . බිරිදගේ නිවසක් මහනුවර මාතලේ A9 මාර්ගය අසලම ඇති නිසා අප එහි ටික වෙලාවක් නතර වී යන්නට තීරණය කළෙමු .

ඔය අතර උදේ 7 ට පමණ මම ගනුදෙනු කරන ඉඩම් තැරව්කාරසමගමේ නියෝජිතයා මට දුරකථන ඇමතුමක් හරහා නැවත අමතනවා ය .

සර් කොලබින් පිට උනාද ?

ඔව් මම දැන් ඉන්නේ මාතලේ .

සර් ඔය ඇත්තම ද ?

ඔව් , මොකක්හරි ප්‍රශ්නයක් ද ?

නෑ .... සර් .. මේ මේ .. මම කියන්න ගියේ ...

මොනවද කියන්න

සර් කාර් එකේ නම් ඔය පාරේ යන්න බෑ . පාර හොදටම සවුත්තුයි .තව මුළු දවස පුරා මිදුම තියෙනවා . මොකද කරන්නේ කියල කල්පනා කරේ මම .

ආ . එකට මොකද , අපි අවේ ජීප් එකේ .

සර් අපි කිව්වේ ...

මමයි මගේ වයිෆ් එච්චරයි .

හොදයි සර් එහෙනම් කමක් නෑ .

සර් එහෙට ගිහින් මට කෝල් එකක් දෙන්නකෝ .

හරි .

තැනක්යු සර් .

උදේ කෑමත් සුදානම් කරගෙනම මමත් බිරිදත් නකල්ස් කදු අතර ඇතැයි කියන මේ සුන්දර පැරණි බංගලාව සහ වත්ත බලන්නට පිටත් උනෙමු .

ගමන් මග දැක්වෙන සිතියමේ පරිදි ගමන් කර අප , මිනිස් වාසස්ථාන වලින් එන්න එන්නම ඈත් වන බවක් මට හැගුණි . හිටපුගමන් තේ දළු පටවාගත් ලොරියක් අප ඉදිරියේ මුණගැසුන අතර මිනිසුන් අතරමග අල්ප විය .

මේ අතර පරිසරයේ සුන්දරත්වය අපුර්වව විදිමින් අප සෙමෙන් ඉදිරියට ගමන් කර අතර උදේ 8 පසු  වන විටත් ඇගට දැනුනු සිතල ඉවසා ගැනීමට වෑයම් කල යුතුව තිබුණි .

ටික දුරක් ඉදිරියට යන අපට හමුවුයේ අවුරුදු ගණනකට පෙර අතහැර දැමු තේ වත්තකි . මාර්ගය වැටී තිබුනේ මේ තේ වත්ත හරහා ය . සිතියමේ පරිදි ඉදිරි කිලෝමීටර 2 පසුවන විට පැරණි බංගලාව හමු විය යුතු ය . වැස්සට තාර කුට්ටි පිටින් හොදා ගොස් යට ගල් මතුව තිබෙන , දිය සිරාවක් සහිත සීග්‍ර බවුමක් සහිත මාර්ගයක යන්නා වූ මේ ගමන සුන්දර එහෙත් ත්‍රාසය ගෙනදෙන්නක් විය .

අවට එන්න එන්නම අමුතු මුසල පාලු ස්වාභාවයක් ඉසිලු අතර අප ජීප් රථය භාදා මැදින් ඉදිරියටම යන්නට විය .

"අපි දැන් මේ පැය ගානක් කන්දක් නගිනවා නේද "

බිරිද මෙසේ විමසිය .

"ඔව් දැන් කොච්චර වෙලාවක් නම් අවද "  මම කීමි .

"මේක අරගෙන මාස දෙකක් වත් නෑ , වාහනේ ඉවරයි මේ පාරේ ගිහිල්ල "

දැන් ඇසෙන්නේ බිරිදගේ දෝෂාරෝපණය ය ය .

සත්‍ය වශයෙන් ම ඇය මෙම ජීප් රියට තදින් අසා කර අතර මෙය මිලදී ගැනීම අගේ තීරණයක් විය .

" නෑ , මේවා හදල තියෙන්නේ කොහොමත් ඕනම පීඩනයකට ඔරොතු දෙන්න "

එසේ  කියා මම බිරිදව අස්වැසුවෙමි .

ඇය නිහඩ වූ අතර , බඩගිනි දැනුන බැවින් පාරේ ඉඩ ඇති තැනක් බලා වහනය නතර කලෙමි .

වහනයෙන් බැස උදේට කන්නට ගෙනා පාන් පෙට්ටිය සහ තේ සහිත උණුවතුර බෝතලය එලියට ගත ගත් අප පරිසරයේ සුන්දරත්වය විදිමින් උදේ ආහාරය රස විදිමි වාහනයෙන් එලියට වී රස විදිමින් සිටියෙමු .

ඔය අතර ඉතා ගණ මිදුමකින් අප අවට වැසි ගිය අතර ඈත ෆයිනස් වනය අපට යන්න කියන්නාක් මෙන් කියනු මට දැනුනි . ඇත්තෙන්ම මේ පරිසරය අතිශය ගුප්ත බවක් පෙන්නුම් කර අතර අප එය වැඩිය හිතන්නට නොගියෙමු .



ඉදිරියෙන් අපට පෙන්නේනට වුයේ දර මිටි හිස තබා ගෙන එන වයස 60 ඉක්මවූ පිරිමියෙක් සහ අවුරුදු 10 පමණ වයස පුංචි පුතෙක් ය .
අප අසල ට පැමිණි ඔවුන් වරෙක අප දෙසත් වරෙක වහනය දෙසත් මාරුවෙන් මාරුවට බැලු අතර ,

ඔහු මාගේ ඇස දෙස නොබලා බිම බලාගෙන මෙන් ඇසුවේ

" නෝනා මහත්තයල මේ උඩහ යනවා ද කියා ය "

මම කරුණාවන්ත සිනාවකින් "ඔව්" කියා කීවෙමි .

මගේ අවධානය තිබුනේ තමාට උසුලා ගැන්මට අපහසු දර මිටිය වත්තම් කරගෙන සිටි පුංචි දරුවා දෙස ය . මගේ බිරිදත් එසේ ම විය .

"ලොකු උන්නැහේ එන්න පුතත් එක්ක , පාන් කැල්ලක් කලා යන්න , මේ තේ ත් තියෙනව "  කියා මම ඔහුට ආරාධනා කරේමි .

'අනේ ...... මහත්තයටයි ,නොනටයි කන්න තියෙන දේ අපි කාල හරියනවද " කියා බයාදු ස්වරයෙන් ඔහු ඇසු අතර මම පිළිතුරු දුන්නේ ,

" මෙතන කිප දෙනෙක්ට සැහෙන කෑම තියෙනවා "

අර පුංචි දරුවා ව මගේ බිරිද අතින් අල්ල ගෙන ඔහුට අපගේ පාන් පෙට්ටිය දිගු කලා ය . පාන් පෙත්තක් අතට ගන්නට පෙර මගේ බිරිදගේ ඇස් දෙස බලු කුඩා දරුවා ලජ්ජාවෙන් මෙන් සිනා සි බිම බල ගනිමින් පාන් පෙත්තක් අතට ගත් අතර මම පුංචි දරුවා දේ පියා ට පාන් පෙට්ටිය පැවෙමි .

ඔවුන් කන අතර මම ද බිරිද ද ඔවුන් සමග කෑවේමු . පසුව "තව කන්න කන්න " කියා බිරිද ඔවුන් දෙදෙනා ටම නැවත පාන් පෙට්ටිය පෑවා ය .

මෙවිට අර දරුවා පාන් පෙති දෙකක් අරගෙන තම සාක්කුවට දමාගත් අතර "බිරිද දෙස කුළුපග සිනාවක් සහිතව සුරතල් හඩින් කිවේ "නංගි ටයි අම්මටයි" කියා ය .

මේ අතර මගේ බිරිදගේ ඇස් කදුලින් පිරී ගිය අතර මගේ හිතටත් මහත් වේදනාවක් දෙන්නට විය .බිරිද අර පුංචි පුතාව ආදරයෙන් වැළද ගත් අතර කියා සිටියේ " පුතා ඔක්කොම ගෙනියන්න " කියා ය . පසුව ඇය ජීප් රථය වෙත ගොස් වාහනයේ කුඩා ශීතකරණය විවර කර එහි වූ ඇගේ ප්‍රියෙතම toblerone chocolate බාර් දෙකම ද ,  යන අතරමග කන්නට ගත් පලතුරු ද දරුවට පැවා ය . දරුවා සතුටෙන් ඉපිල ගිය අතර අප දෙදෙනා ඔහු දෙස ආදරයෙන් බලන්නට වීමු .

පසුව අප තේ බොන්නට පෙර අර දරුවට සහ දරුවාගේ පියා ට තේ වත්කර දුන් අතර , අර පුංචි පුතා ගේ ඇහැ තිබුනේ වාහනයේ විවර කර දොර තුලින් පෙනෙන සුක්කානම සහිත රියදුරු අසුන වෙත ය . ඔහු බයෙන් මෙන් ඒ ලගට ගොස් තම කුඩා ඇගිල්ල සෙමෙන් අත ගානවා මම දුටු වෙමි .
මම ඔහුව පුදුම කරවන්නට මෙන් පිටුපසින් ගොසි කුඩා දරුවා උස්ස ගෙන විවර කර ඇති රියදුරු ආසනය වෙත ඔහුව උස්සා ඉන්දවූ වෙමි . හැමෝටම සිනා ගිය අතර මම අනෙක් පසෙන් නැග වහනය පන පනගන්වා තැබුවෙමි . දරුවා ගේ ඇස් සතුටෙන් ඉපිල ගිය අතර අප දෙදෙනා ද සතුටු සිතුනි . අර දරුවාගේ පියා මේ වෙන දෙය දෙස කට අරගෙන බලාගෙන සිටි අතර ඔහු කට හඩ අවදි කර කියා සිටියේ "උබේ ඔය කලිසමේ මඩ මහත්තයා ගේ වාහනේ ගැවෙයි කියා ය"

මම පෙරලා කිවේ  "එකට මොකද ලොකු උන්නැහේ මඩ නම් පිහදලා දන්න පුළුවන් නේ , එත් අපිට පුළුවන් ද මේ පුතාගේ හිතට සතුට ගෙන්න "

අවසානයේ දෙදෙනාම තේ බී  , අපද තේ බී පසුව අර දරුවාගේ පියා මගෙන් විමසන්නේ "අපේ මහත්තයා මේ උදාහ යනවා කිව්වට කිව්වේ නෑ නේ කොහෙද කියල "

"අපි හුලන්කපොල්ලේ බංගලාව වත්ත ගන්න කියල " මම කීවෙමි

අර පුද්ගලයා එකවරම ගල් ගැසී ගිය අතර ගත් කටටම කිවේ , " අනේ මහත්තය , ඕක නම් ගන්න එපා . ඔතනට දේව සාපයක් වැදිලා තියෙන්නේ . මහත්තය නෝනා අපිට කන්න තමන්ගේ පංගුව දීල තව තව දේවලුත් දුන්න . දෙයියෝ පොලවට අව වගේ ළමය වාහනේ තියා ගත්ත . ඉතින් මේ දේ නොකිය බෑ එකයි කිව්වේ . " ඔයඉස්සරහ වංගුව හැරුනම බංගලා වත්ත මහත්තය " වාහනේ ටික දුරයි යන්න තියෙන්නේ"  එසේ කියාගෙන ගිය අතර මම සහ බිරිද මුහුනට මුහුණ බලා ගතිමු .


පසුව ටික දුරක් යන්නට වූ තැන අප අර පාළු බංගලාවට පැමිණි අතර බංගලාව දුටු දෙයින් විශ්මයට පත් විය . "හුලන්කපොල්ලේ බංගලාව " බොහෝ කාලයකට පෙර ගරා වැටී ඇති බව ය . අප දෙදෙනාම එකිනෙකට වචනයක් වත් නොදේඩු අතර අවට අමුතු සීතලක් දැනුනි . අප වටා ගුප්ත බලවේගයක් සිටිනු මට දැනුන අතර වහනය නොපෙනෙන තරමටම අමුතුම ආකාරයේ මිදුම් ගුලියක් වහනය වටා තිබෙනු අප දුටුවෙමු . අප දෙදෙනාම බොහෝ කලබල උන අතර කරකියාගන්නට දෙයක් නැතුව මෙන් වහනය දෙසට දිවගියෙමු . මම වහනය ට මොහොතින් ගොඩවූ අතර බිරිද ද එසේම විය . අර මිදුම තවමත් අප අවට වූ අතර ගස් උගුල්ලන තරමේ හුලගක් අප අවට විය . මම රථය පණගන්වන්නට උත්සහ කර අතර රථය පණ නොගන්විණි .අප තව තවත් බිය විය. ඇත්ත වශයෙන් ම ඒ මරණ බිය වන්නට ද අතැයි මට සිතුනි . විනාඩි 10 පමණ රථය තුල වූ අප වාහනයේන් බිමට බැස අතර බිරිද කිවේ අපි පල්ලෙහට දුවමු කියා ය . අපි දෙදෙනාම පහලට දිව්ව අතර ඉදිරියෙන් සුදු ජාතික ඇදුම ඇදගත් කෙනෙක් යන්තමින් පෙනෙන්නට විය .

ඉදිරියට යද්දී එකවරම අප දෙදෙනා හිටි තැනම නැවතුනේ අප ඉදිරියෙන් සිටියේ මිට සුළු වෙලාවකට පෙර කඩමලු ඇදුමින් සැරසුන වයස 60 ඉක්මවූ පිරිමියා ය . ඔහු සෙමෙන් අප දෙසට පාවෙමින් මෙන් පැමිණි අතර පසෙකින් දරුවා ද විශාල නම නොදත් ගස යට සුදු ඇදුමින් සරසි සිට ගසට මල් පුජාවක් කරන්නට සැරසෙනවා ය . ඔහු මා දෙස සුජුවම බලා අර දරුවා සිටි ගස දෙසට අත දිගු කරා ය . මම සහ බිරිද ඒ දෙසට යද්දී දරුවා අපට මල් පොකුරු දෙකක් දිගු කර අතර එක මල් පොකුරක් ඔහු ගසට පුජා කරන්නට විය . ඒ අනුව අපි ද අපේ මල් පොකුරු මහා රුක්ෂයට පුජාකර අතර පසුව ගස මුල ඇති මල් වගයක් ගෙන දරුවා අපට ඉදිරියෙන් වහනය දෙසට පාවී ගියේ ය . ඒ අනුව මම ද මගේ අත තදින් මිරිකා බිරිදද ඉදිරියටම යන්නට විය . දරුවා අත වූ මල් වහනය ඉදිරිපස බොනට්ටුවට විසි කර අතර පසුව දරුවා නැවත අර ගස දෙසට යන්නට විය . අප ට කටින් වචන පිට උවද හඩ පිට නොවී ය . දරුවා නැවත වේගෙන් වාහනයේ බොනට්ටුව වෙත නැග හුණු වලට සමාන කුඩු වලින් ස්වස්තිකය ලකුණ සහ තවත් තිත් 4 තබන්නට විය . පසුව දරුවා සහ සුදු ඇදගත් පිරිමියා අප අසලින් අතුරුදහන් වූ අතර මම නැවත වහනය පනගන්වන්නට විය .රථය මුර්දු හඩින් පන ගැන්විය .

අප පුළුවන්තරම් ඉක්මනින් නැවත පැමිණි අතර පසුව ආසන්නම ජනාවාසයේ ඇති පුල්ලෙයාර් (ගණ දෙවි) කෝවිල වෙත වහනය නැවත්වූ අතර එහි වූ අය බියපත් වූ අප දෙස කන්නට මෙන් බලන් සිටි අතර කුරුක්කල් තුමා පැමිණ ඇසුවේ ,

"මහත්තයා ලා දෙයියෝ තමයි බේරලා තියෙනවා" 

"බය වෙන්න දෙයක් නෑ පරිස්සමෙන් පල්ලම් බහින්න"  කියා ය .

ඉන් පසුව අපට හමු වූ පන්සල ට නැවතත් වහනය හැරවූ මම වහනයෙන් බහිදී ම වැඩිහිටි හාමුදුරුවන් වහන්සේ නමක් පන්සල් මිදුලේ සිට අප දෙස බලා සිටි අතර , මමත් බිරිදත් ලගට ගොස් හාමුදුරුවන්ට වන්දනා කර න ලදී .

මම , " අපේ හාමුදුරුවනේ ........ මේ අපිට ...... "

කියනවත් එක්කම " මම හැමදෙයක් ම දන්නවා මහත්තය .... වෙච්චි දේ "

"එංගලන්තේ ඉදන් උපන් රටට අවේ මාරයාගේ ඕනකමට මහත්තයෝ ...  මහත්තය විතරක් නෙවෙයි නෝනත් "

හාමුදුරුවෝ කටහද පාදමින් කතාකරන්නට විය .

" මහත්තයා ගේ , නෝනගේ කරුණාව දැකල ඔයගොල්ලෝ ගෙනියන්න ආපු මාරයා අඩාගෙන ගියා "

"මට මේ මුකුත් තේරෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ "

යනකො අවාසගේ පැත්තට . පිරිත් නුල් බැදලා තෙල් ටිකක් ගාන්න .

හාමුදුරුවන්ගේ ආශීර්වාදය සමගින් රාත්‍රී 8 ට පමණ මාතලේ නගරය වෙත පැමිණි අප කෙලින් ම ගියේ බිරිදගේ මාතලේ නිවසට ය . ඒ රාත්‍රියේ එහි ගත කිරීමට වන අතර ක්‍රියා විරහිත වූ දුරකථන නැවත යත්තාතත්වයට පත්ව තිබුනේ අපගේ කිසිදු උපකාරයකින් තොරව ය .

පසුව මම ගනුදෙනු කරන ඉඩම් තැරව්කාරසමගමේ නියෝජිතයාට ඇමතු අතර ආයතනයේ සේවිකාවක් කියා සිටියේ

"සර් ගේ එකවුන්ට් එක හැඩල් කරන ජයසංක මිට දවස් දෙකකට කලින් බයිසිකලේ හැප්පිලා මැරුණා " කියා ය .

මෙය යමෙකු හාස්‍යයෙන් බැහැර කරන ආකාරයේ කතාවක් නිසා පහුගිය කාලය පුරාවටම ලියන්නට නොගියෙමි . එහෙත් මේ සියල්ල මා හා බිරිද පුද්ගලිකව වින්ද අත්දැකීමක් නිසා මෙසේ ලිය තබන්නට තීරණය කරනවා ය .

                                                                          ***

Monday, December 11, 2017

මගේ තාත්තා සහ රැකියාව


මගේ තාත්තා ගැන වෙනම පොස්ටුවක් ලියන්නේ මගේ තාත්තා යනු කවරෙකුද කියා ,"පුංචි කාලේ රස කථා" "බාස්කට් බෝල්,පොලිස් හෙල්ප් සහ තාත්තා" පොස්ටුව හරහා  ඔබ සැමම දන්නා පසුබිමක ය .

විශ්‍රාම යනතෙක් කීර්තිමත් රාජ්‍ය සේවකයකු වූ මගේ පියාගේ ජිවිතයේ මුලික අඩිතාලම හැදෙන්නට උර දුන්නේ මගේ සීයා ගේ මග පෙන්වීම යැයි කියන්නට පුළුවන් වන්නේ එතුමා වුරතීමය වශයෙන් විදුහල්පතිවරයකු මෙන්ම ගමේ පන්සලේ ප්‍රධාන දායකයා ද වූ නිසා ය .
මගේ පියා ගේ වුර්තිමය ආරම්බය වතු අධිකාරී වරයකු වශයෙන් වීම සහ පසුකාලීනව රැකියාව ගමන්ගත් අයුරු අතිශය රසවත්ය . එයින් ගත හැකි පාඩම් බොහොමයි කියා මට හැගෙන්නේ මගේ ජිවිතයේ රැකියාවේ අබියෝග ජය මෙන්ම පැරදුම් ද අත්දැකීමට හැකි වීම නිසාය කියන්නට පුළුවන් ය .

පියා ගේ වුර්තිමය ආරම්බය වතු අධිකාරී වරයකු වශයෙන් හැටන් දික්ඔය වනරාජා සමුහයේ ආරම්භ කර ඔහු ඉන් වසර කිහිපයකට පසු එම තනතුරට සමු දෙන්නේ එවකට කීර්තිමත් දේශපාලකයකු වූ ද , මහවැලි වියාපාරයේ පුරෝගාමී සුවිශේෂී චරිතයක් වූ ද ගාමිණී දිසානායක මහතා හමු වීමත් සමගය .
එතුමාගේ ආරාධනයකට අනුව මහවැලි වියාපාරය හා සම්භන්ද වූ තාත්තා පසුව ගාමිණී දිසානායක මහතා  LTTE ය විසින් මරා දැමීමට වසර දහයකට පමණ පෙර මහවැලියට සමු දුන්නේ
එවකට රජයේ නිල වෙළෙන්දා වූ  සතොස ට අපරාධ පරීක්ෂක නිලධාරියෙක් ලෙස සම්භන්ද වීමත් සමගය .
පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය යටතේ රවී කරුණානායක ඇමති යටතේ තිබු සතොස පැය 24 ම විවුර්ත කර තැබූ යුගයේ , සතොස පාඩු ලබන ආයතනයක් ය කියා එය වසාදැමීමට තීරණය කිරීමත් සමග සිය සේවා කාලය  අවසන් වීමට ප්‍රථම සියලු සේවකයන් කැමැත්තෙන් විශ්‍රාම ගැන්වවිමේ වැඩ පිළිවෙල අනුව මෙගේ පියා ට විශ්‍රාම ගන්නට සිදු විය . එකල සේවකයන් ට රැකියා අහිමි වූ අතර මුළු රටටම කියා තිබුණ සතොස මිනිසුන්ට අහිමි කරවී ය . රජයට ස්වකිය නිල වෙළෙන්දා අහිමි වූ අතර පුද්ගලික අංශය හිතුමතේ භාණ්ඩ මිල උච්චාවචනය කිරීම එකල ගමේ මිනිහා ට මෙන්ම ටවුමේ මහත්තයාට ද දැරිය නොහැකි සාධකයක් විය .

රවී කරුණානායක සතොස වැසීමට පෙර සතොස සතුව එකම වෙළද නාමයක් යටතේ රාජ්‍ය ආයතනයකට තිබුණ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ලොරි එකතුව අයිතිව තිබුණි .ඒ ජපානයේ සුප්‍රසිද්ධ ඉසුසු ලොරි එකතුව ය. සතොසට නැව් පවා තිබුණු ඒ යුගයේ අද KDH මෙන් එකල වටිනා ම වැන් රථ මාදිලියක් වූ ඉසුසු ෆර්ගෝ රථ වැඩිම එකතුවක් තිබුණි . පසුකලෙක එය Mitsubishi L300 වැන් වලට පරිවර්තනය වූ අතර ලංකාවට (එදා) පළමුව ආයතනයක් විසින් ආනයනය කර විශාලතම  විශාලතම වෑන් තොගය වූ Mercedes-Benz MB140
 ද සතොස විසින් ගෙන්වා ගත්තේ ය . තවද ලංකාවේ සුප්‍රසිද්ධ Walkers Tours සමගම සතුව පවා නොතිබුන තාලයේ high luxury ඉසුසු වර්ගය බස් රථයක් ද සතොස සතුව තිබුණි . නුවරඑළියේ අතීත බ්‍රිතාන්‍ය යටත් විජිත සාමය සිහි ගන්වමින් ඒ අනුව තනා තිබුන විශේෂ බංගලාවක් ද සතොස සතුව තිබුණි .ඊට අමතරව කතරගම ද බංගලාවක් සතොස සතුව තිබුණි.

එකල කුඩා අවධියේ සිටි මට සතොස යනු වෙනම ලෝකයක් විය . මම ආස කරන බොහෝ දේ සතොස සතුව තිබුණි . ඇතැම් සෙනසුරාදා දිනවල තාත්තා සමග සතොසට යන මම එහි වූ අපුර්වතම ලෝකයේ ජිවත් විය . සතොස මුලස්ථානයේ වූ සෝපානයෙන් යාමට ම ප්‍රිය කර අතර උඩම තට්ටුවට ගොස් පහල බැලීමට මම ප්‍රිය කලේ යම් බියක් ද සහිතව ය . දිනක් පියා විසින් භාණ්ඩ ප්‍රවාහන සෝපානයෙන් මා එක්කන් ගිය හැටි ද අදටත් මට මතකය ය .
මැද කොලබ සතොසට ගිය මට තාත්තා වඩාගෙන ගොස් වරාය උඩ සිට පෙන්වූ අයුරු මතකය . තාත්තා නිසා හෝ වෙන යම් කරුණක් නිසා සියලු සේවකයන් මට බොහෝ ආදරය කළෝ ය . හතරවන හරස් විදියේ සතොස තොග වෙළද සංකීරණයටද තාත්තා කිහිප වතාවක් මා එක්කන් ගිය හැටි මතක් වෙනවා ය . රුපියල් 1000 කොලය එකල විශාලතම මුදල් නෝට්ටුව වූ සමයේ සෙනසුරාදා එක් වරුවක අදායම හිතාගන්නවත් බැරි විශාල මුදල් ප්‍රමාණය එහි වූ පාලකවරයා විසින් වඩාගෙන ගොස් මට පෙන්විය . මෙවැනි දේ මෙන්ම මේ අතර මතක් වන්නේ දළදා ප්‍රදර්ශනය නැරබීමට කුඩා කල නුවර ගිය හැටිය ය . මහා රෑ නුවරට පැමිණි අප පිළිගත්තේ සතොස මහනුවර මුල්තැන විසින් ය . අපට දළදාව වන්දනා කරන්නට උදව් කරේ එකල මගේ පියාගේ ආයතනික හිතවතියකගේ ස්වාමිපුරුෂයා (හමුදා වේ ඉහල තනතුරක් හෙබවූ) විසින් ය .

ඔය අතර මා හිච්චි එකා සන්ධියේ සතොස හරහා අපිට ලංකාව වටේම සංචාරය කරන්නට හැකි විය . පාරෙන් එකක් තරම් විශාල වූ high luxury ඉසුසු වර්ගය බස් රථය පාරේ යද්දී මිනිසුන් ඒ දෙස බලද්දී මට අමුතුම ආඩම්බරයක් දැනුන අතර පසු කලෙක මට මම ගැනම සිනා පහල විය . ඔය අතර මට අදටත් අමතක නොවන කතාවක් කියන්නට තිබේ . දවසක් අපි Mercedes-Benz MB140 වර්ගයේ වැන් රථයෙන් කතරගම ගොස් එන අතර තිස්ස හරියේ පෙරහරක නිසා පාරේ වූ තද බදයක් නිසා වහනය අනෙක් වාහන සමග ඉතා සෙමින් ඉදිරියට ගියේය . මම වාහනයේ සිට් එක කඩාගෙන නිදා ගෙන වගේ මගේ කුඩා ප්‍රමාණයේ වීඩියෝ ගේම් එක එක්ක ක්‍රීඩා කරමින් සිටි අතර තාත්තා කැ ගසා කිවේ
"පුතා ඔය සිට් එක හදා ගෙන හරියට ඉදගන්න යනුවෙනි" ඒ මොකද යන්න එදා මට නොවැටහුණ අතර පසුකලෙක දවසක් මේ ගැන තාත්තා ගෙන් විමසු විට පැවසුවේ ළමයෙක් තවත් ළමයින් ට ලොකු කම් නොපෙන් යුතු ය කියා ය . එදා මට නොපෙනුනත් එළියේ සිටි ළමයින් වගයක් මා දෙස බලා සිටි බව තාත්තා දකින්නට වූ බැවිනි.
ඔය ගිය ට්‍රිප් අතර මට එපාකරපු ට්‍රිප් ද තිබුන බවලියන්නට උවමනා ය . එකදවසක් නුවරඑලි සංචාරය සදහා පිටත්ව ගිය අප නොදන්වත් කමින් යන අතර මග නුවර පාරේ වූ අලුත්නුවර දේවාලය දැකබලා යන්නට ය . වාහනය වුයේ අලුත් ම අලුත් Mercedes-Benz MB140 වර්ගයේ වැන් රථයක් විය .දේවාලයෙන් පිටතට පැමිණ නුවර පාරට දමනවත් සමග වාහනයේ ගෑස්කට් ගිය බව රියදුරු තැන විසින් අපට දැන් වූ අතර ඒ අනුව සමාන වෙනත්  වහනයක් කොලබ සිට පැමිණෙන තෙක් අපට බලන් ඉන්නට විය . කාලය ගෙවී ගිය බව නොදැනුනේ පහල ඇති ඇළ පාරේ නා හොදහැටි විනෝද වූ නිසා ය . එදා කෑ  අදටත් මතක රස කිරි ආප්ප කවදාවත් අමතකනොවන්නේය .

මේ අතර තාත්තා විසින් ඇල්ලු සුප්‍රසිද්ධ පරිප්පු හොරකම නිසා කාලයක් යනතෙක් තාත්තා ට ආරක්ෂාවට පොලිසියේ නිලධාරියෙක් දීමට එකල රජයට සිදුවිය . තවද රවී කරුණානායක පාලන යුගයේ විශේෂ පරීක්ෂාවන් සදහා යාමට සිදු වූ විට ආයුධ සන්නද්ධ(මතක විදියට AK47) පොලිස් නිලධාරින් 4 දෙනෙක් ද ලැබුන බව කිව යුතුය . මෙය මට එපාකරපු කාරණයක් උවද තාත්තා වෙනුවෙන් වූ දෙයක් නිසා මම තාත්තාට මගේ අකමැත්ත කියන්නට නොගියෙමි.

තාත්තා තද UNP කාරයෙක් උවද UNP යට කිසි විටෙක කඩේ නොගිය අතර සේවය වෙනුවෙන් පමණක් කැපු උන චරිතයක් විය . එකල කම්කරු ඇමති පසුව ධිවර ඇමති සහ පසුකලෙක අගමැති සහ ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතා පවා තාත්තා විසින් අතිතතේ සිට හොදින් දන්නා හදුනන චරිතයක් විය. තාත්තා පසුකලෙක හදවත් සැත්කමක් වෙනුවෙන් කොලබ ජාතික රෝහලට ඇතුලත් කර අතර එදා ඔහු බලන්නට පවා මහින්ද රාජපක්ෂ මහතා පැමිණි බව මට මතක ය . එදා UNP යෙන් කියා පැමිණියේ එකල සංචාරක ඇමති ව සිටි ගාමිණී ලොකුගේ මහතා පමණකි . දවසක් රෝහලේ දී තාත්තා කිවේ මම UNP කාරයෙක් උනාට බලන්නට අවේ ශ්‍රීලංකා කාරයන් ය යන වග ය . මහින්ද ජනාධිපති බලය අතහැර යන්නට මාස කිහිපයකට පමණ පෙර (ජනාධිපතිවරණයක් ප්‍රකාශ කර නොමැති අවධියක) අපේ නිවසට හදිසියේ පැමිණ තාත්තා සමග කෙටි පිළිසදරක නිරතවූ අතර "තේ  එකක් තියෙනවනම් හොදයි " යනුවෙන් පැවසුවා අදටත් මට මතකය . ඒ කියද්දී ත් අම්මා තේ මේසයක් සුදානම් කරමින් තිබු අතර තාත්තා කිව්වේ "සර් කියල ආවනම් වටිනවා " කියල . " නෑ , නෑ මට මේ යනගමන් ආටිගල මතක් උනා , ළමයින් ට කිව්වා මෙපැත්තට හරවන්න කියල " එදා ඔහු දේශපාලනය ගැන වචනයක් වත් කතානොකර අතර මහින්ද ජනාධිපති ද එසේම විය .  මෙතරම් හිතවත් කමක් තිබ්බද මගේ විවාහය UNP ට වත්  ශ්‍රීලංකා එකේ කාටවත් නොකියන්නට ඔහු වගබලා ගත් අතර තාත්තා ට අනුව දේශපාලනය යනු අප්ප්‍රසන්න මාතකාවකි .
  නිවසේ උත්සවද එසේ ය . මරිවින් සිල්වා ද සතොස සේවකයකු වූ අතර  එකල සතොස පොදු ජන සේවක සංගමයේ සභාපති වූ බව තාත්තා මට පැවසුවේ දිනක් මංගල උත්සවයක් අවස්ථාවක ඇමති මවින් සිල්වා තාත්තා ලගට ඇවිත් "සර් , මෙහෙ මොකද කරන්නේ?"  යනුවෙන් යනුවෙන් පැවසු අවස්ථාවක ඔහු කතාකර ගිය පසුව ය .

තාත්තා සහ සතොස ගැන පොතක් ලියන්නට පවා කරුණු කරනා තිබුනද වෙලාව අනුව මෙතනින් නවතිනවා ය . අද වන විට මගේ ආදරණිය පියා නිදහසේ විශ්‍රාම සුවයෙන් නිවසට වී සිටින අතර පාළුව මකා යන්නට ඉදහිට වික්ටර් අයිවන් ඇතුළු කිහිපදෙනෙක් පැමිණෙනවා ය .

Thursday, December 7, 2017

ලේ මල මුත්‍රා පරීක්ශනාගාරයකදී



ලේ මල මුත්‍රා පරීක්ශනාගාරයකදී තම වාරය ඒන තුරු සිටින කුඩා පිරිමි ළමයෙකු හා කුඩා ගැහැණු ළමයෙකු සිටියෝය.කුඩා ගැහැණු ළමයා හඩමින් සිටියාය.

පිරිමි ළමයා-අැයි ඔයා අඩන්නෙ?

ගැහැණු ළමයා-ලේ ගන්න ඉන්නෙ,ලේ ගන්නෙ අැගිල්ල කපලලු

ඒවිට පිරිමි ළමයාද හඩන්න විය



ගැහැණු ළමයා-අැයි දැන් ඔයා අඩන්නෙ?

පිරිමි ළමයා-මම ඉන්නෙ මුත්‍රා පරීක්ෂා කරන්න

Wednesday, December 6, 2017

විවාහයට අවුරුදු 35 ක්


මෑතකදි මගෙ මිතුරෙක් ඔවුන්ගෙ විවාහයට අවුරුදු 35 ක් පිරීම නිමිත්තෙන් පොඩි සාදයක් පැවැත්තුවා.
ඔවුන් ඉතාමත් සාර්ථක පවුල් ජීවිතයක් ගතකරනව.

මම : අැත්තටම ඔබලාගෙ සාර්ථක විවාහ දිවියෙ රහස මොකක්ද?

මිතුරා : අා...ඒ්ක මෙහෙමයි ඉතින්...මම තීරණ ගන්නෙ ලොකු ප්‍රශ්ණවලට,බිරිද තීරණ ගන්නෙ සුලු ප්‍රශ්ණවලට,ඒයා ගන්න තීරණවලට මම විරුද්ධ වන්නෙ නෑ,මගෙ තීරණවලට ඒයා විරුද්ධ වන්නෙ නෑ

මම : ඒ් කිව්වෙ?මොන වගෙ දේවල්ද බිරිද තීරණය කරන්නෙ?මොන වගෙ දේවල්ද ඔයා තීරණය කරන්නෙ?

මිතුරා : බිරිද තීරණය කරන්නෙ...මොන වගෙ කාර් ඒකක්ද අපි ගන්නෙ..මොන වගෙ රූපවාහිණියක්ද....මොන වගෙ ශීතකරණයක්ද...සුපර් මාකට් ගිහින් ගන්නෙ මොනවද....කොපමණ මුදලක් අපි ඉතුරු කරන්න ඔ්නද....දුවට දෑවැද්දට මොනවද දෙන්නෙ...දුවට මොන වගෙ සැමියෙක්ද බන්දලා දෙන්නෙ.....ගෙදර වැඩ කොයි විධියටද වෙන්න ඔ්නා..ඔය වගෙ සුලු දේවල් තමයි බිරිද තීරණය කරන්නෙ.ඒ්වට මම විරුද්ධ වන්නෙ නෑ

මම : ඒතකොට ඔබ?

මිතුරා : මම ඉතින් ලොකු දේවල් තමයි තීරණය කරන්නෙ

මම : මොනවද ලොකු දේවල්?

මිතුරා : අැමෙරිකාව උතුරු කොරියාවට පරමාණු බෝම්බ දැමිය යුතුද.? ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායමේ කලයුතු වෙනස්කම්.? මහින්ද නැවතත් ජනාධිපති විය යුතුද? 2020 කවුද ලංකාවෙ ජනාධිපති විය යුත්තෙ? ඒ් වගෙ ලොකු දේවල් තමයි මම තීරණය කරන්නෙ...............ඒ්වට බිරිද විරුද්ධ වෙන්නෙ නෑ

Monday, December 4, 2017

මැඩම්



ආයතනික වරප්‍රසාද ගැන ලියන්නට හදන ලිපියක් කියා මෙය කොහොමටත් ඒ කැටගරියට දමන්නට මගේ ආදරණිය බ්ලොග් වාසීන් නොහිතත් වා ය යන පැතුම සමගින් මේ ලියන්නේ අද මම වැඩ කරන කොම්පැනිය ලබා දුන් වරප්ප්‍රසදය ගැන කියන්නට නොවේ . මෙතෙක් මා ආ ගමනේ මුලාරම්භය ගැන කීමටය . හොද ආරම්භයක් නැතිව කිසිදු ගමනක් හරියන්නේ නැති බව අටියා (මම) ටක්ක්කෙටම දන්නේ මෙතෙක් ආ ගමන සුන්දර සිනිදු මල් පාරක් නොවනා  නිසා ය . කොහොමත් ලේසියෙන් ලබාගන්නා දේ ට අටියා ඉස්සර ඉදන්ම අකමැතිය . හැමදෙයක් ම උපයා ගත යුත්තේ කට්ටක් කා බව මම අද වන විටත් විශ්වාස කරනවා ය . ආටියා ගේ පුංචි එකා කාලයේ සිටම ආදරය කරේ අමුතුම තාලේ භවුතික වස්තුන් ටය . ඒ අත්තර ලංකාවේ කොච්චි මුල්තැනක් ගන්න අතර මගේ "මගේ ආදරණිය දුම්රිය මතකයන්" පොස්ට් ටුව කියවූ ඔබ මේ දේ පිලිගන්නවා ඇත .

මේ ලියන පොස්ටුව ලියන්නට මිට පෙර හිතුනද අද වැඩකරන රැජිනගේ දේශයේ කොම්පැනියෙන් ලබුනවරප්‍රසදය ලැබීමට වස්තු බීජය ට උපහාර දැක්වීම කල යුතුමය . ඒ මගේ පළමු රැකියාව ට උපහාරයක් පිණිස ය . රැකියාව කරන තැනටත් වඩා ඒ ආයතනයේ අධ්‍යක්ෂක තුමියට උපහාරයක් පිණිසය ය . කර රැකියාවේ ස්වභාවය මෙහි ලියන්නට නොයන්නේ "රෑ කෑම සොයා කිලෝමීටර 160"  හා "මගේ නයිට් ක්ලබ් මතකයන්" මේ වනවිටත් ඔබ කියවා ඇති නිසා ය.  එකී ආයතනයේ අධ්‍යක්ෂක තුමිය අමතන්නේ මඩම් කියා බැවින් මෙතැන් සිට ඇයට මැඩම් කියා අමතනු ඇත .

මම ආයතනයේ සේවයට පැමිණි මුල්දවසේ අධ්‍යක්ෂක තුමා ම මාව මැඩම් ට හදුන්වා දුන් අයුරු මට අදටත් සිහි වේ .  ඩෙක්ස්ටොප් වර්ගයේ පරිගණක 4 සහ ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් ද එකල සිරිලකට පැමිණවත් නැති සෝනි එරික්සන් K800i වර්ගයේ දුරකතනයක සහ තවත් දුරකථන දෙකක් ඇතැතිව සිටි ඇය සහ මම හමු වීම අදටත් මට මතකය . වචනයේ පරිසමාර්ථ අර්ථයෙන් ම අතිශය සුන්දර කාන්තාවක් වූ මැඩම් දෙස ඕනෑම පිරිමියෙක් වරක් දෙවරක් නොව  කිහිප වරක් හැරී බලන තරම් සුන්දර ය .  පසු කාලීනව දිනක් මගේ පියාගේ මිතුරෙක් වූ අපේ ද පවුලේ මිතුරන් වූ ජයකොඩි අංකල් දවසක් මගේ පියාට කියා ඇත්තේ "මඩම් lexus එකෙන් ඇවිත් බහිද්දී මුළු මහරගමම බලනවා " කියා ය . ඉතිං මගේ මිතුරනි ,  මෙය ඇගේ වූ අතිශය සුන්දරත්වය වර්ණනා කිරීමට ලියනා වූ පොස්ටුවක් නොවනා අතර ඇය මා මේ තැනට ගෙන ගෙන ඒමට දුන් සහයෝගයට එහා ගිය මනුස්ස කමට උපහාරයක් පිණිස මෙය ලියන්නේ ය .


පළමුව මගේ මතකයට එන්නේ වසර හරියට මතක නැති මුත් දිනය හරියටම මතක ජුනි 7 වනදා ය . අවුරුද්ද මතක නැති මූට දිනය මතක් වන්නේ කොහොම දැයි මගේ ආදරණිය සදාදරණිය බ්ලොග් වාසීන් හිතනවා ඇතිය . මට දිනය මතක හිතුව වන්නේ ජුනි 8 යනු මගේ උපන් දිනය වූ බැවිනි . මේ කතාව ඇරබෙන්නේ එකල මගේ හිතවතා වූ ද ආයතනයේ මුල්‍ය පරිපාලක වූ ද  මට වඩා වසර කිහිපයකින් පමණක් වැඩිමහල් වූ කාශිෆ් ගේ යෝජනාවක් අධක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමත් සමගය . එනම් අද හවස තිබෙනා මැක්ස් ටෙලිවිෂන් හි ගැජට් බැජට් වැඩ සටහනේ live ප්‍රෝග්‍රෑම් එකක් වෙනුවෙන් ආයතනයේ කවුරුන්ව ඉදිරිපත් කරනවා ද කියා වූ පැනය සමග ය . අධක්ෂක දෙපළ ගත් කටටම කියන්නේ මා ඒ සදහා සුදුසු ය කියා ය . දැන් කට්ටියම මට උදව්වට ය . මම බෑ කියන්නට පෙර හැමෝම මා දිරිමත් කරනවා ය . මම ද යෝජනාවට එකග වූ අතර මැඩම් script එක කියල දුන්නා ය .
කාශිෆ් මැක්ස් ටෙලිවිෂන් හි ඉහල මාලයට යන්නට පෙර පහල ඇති Mr.Chico Texas වලින් රසවත් සංග්‍රහයක් ද කර අයුරු අද වගේ මතකය.
  වැඩසටහන සාර්ථකව කර මට මඩම් ගේ මෙන්ම ආයතනයට පැමිණි විට හැමගේම සුබ පැතුම අදටත් මතකය . එහෙත් මගේ ඔලුව වැඩ කරේ වෙන දිහවකය . ඒ අලුතෙන් ස්ථාපනය කර න ලද salary system එක යාවත්කාලිනකර live රන් එකක් කර බැලීමට ය . මෙම salary system එක මඩම් ගේ අදහසකට අනුව නිර්මාණය කරන ලද නව වැඩසටහනක් වූ නිසා මඩම් ට එය මා සමග අද රෑ එළිවෙන තුරු හෝ හිද කරන්නට ඕනේ යැයි කියන්නේ ය . ඒ අනුව ඇය කියන්නේ අද රෑ මඩම් ගේ නිවසට පැමිණ ඇය සමග මෙය අවසන් කර දෙන ලෙස ය . බෑ යන වචනය එකල මෙන් ම මෙකලද මගේ ශබ්ද කෝෂයේ නැති වචනයක් බැවින් මම හා කීවෙමි . ඒ අනුව සර් සහ මැඩම් (ආයතනයේ අධක්ෂක වරු) සමග ඔවුන්ගේ වහනයෙන් ම මගේ ලට්ට ලොට්ටත් රැගෙන ඔවුන්ගේ වාහනයෙන් ඔවුන් ගේ බොරලැස්ගමුවේ නිවසට යන්නේ කෙසේ හෝ මෙය අවසන් කරන අටියෙනි . පසුව ඇය විසින් සුදානම් කර රාත්‍රී ආහාරය ඔවුන් දේපල සමගම ගනිමින් පසුව උක්ත රාජකාරිය ආරම්භ කරේ මම සහ මඩම් විසින් අධක්ෂකතුමා සහ දරු දෙදෙනා  නින්දට ගිය පසුව ය . ඉතා වෙහෙසකර මම පද්දතිය යාවත් කාලින කිරීමෙන් සියයට අසුවක් පමණ අවසන් කර මම සහ මැඩම් ට අසුනේ ඔරලෝසුවේ 12 නාද වන බව ය . ඒ මොහොතේම මැඩම් මා surprise  කරමින් happy birthday කලණ , මම ඔයාට සුභ පතනවා හැම දෙයක් සාර්ථක වෙන්න කියල "  කියා ඇය කීවාය . එසේ කියා නොනැවතුන ඇය ලියුම් කරවරයක බහා උපන්දින තෑග්ග ලෙස දුන්නේ එකල මට හිතාගන්නවත් බැරි තරම් මුදලකි . ඇය මා දෙස ආදරණිය ව හෙලු බැල්ම අද වන විටත් මට හොදින් මතකය . අවසානයේ salary system එක live රන් කර අවසානයේ නින්දට යන විට වෙලාව පාන්දර 2 පමණ විය .

ඔය අතර මට මතක් වන්නේ ආයතනයට පැමිණ වසරක් සපිරෙන දා ගැනය . මැඩම් මගෙන් විමසන්නේ ලොකු කතාවක් අතර "කලන මෙහෙට ඇවිත් කොච්චර කල් ද" කියා ය . ඒ අනුව මම පවසන්නේ අදට අවුරුද්දක් වනවා කියාය " ඒ මොහොතේම ඇය කියන්නේ ඔෆ්ෆ් වෙලා යන්න එපා කියා ය . ඒ මගේ වසරක් සැපිරීම වෙනුවෙන් ඇය සුදානම් කර රාත්‍රී භෝජන සංග්‍රහය බුක්ති විදීමට එකල සුප්‍රසිද්ධ olive green වෙත එන්නට කියා ය . ඒ අනුව කවදාවත් අමතක නොවන rooftop dinner එකක් බුක්ති විදීමට මට ලැබෙනවා ය . ඒ අධක්ෂක වරුන් සහ කළමනාකරුවන් පිරිවරා ය . තවත් දිනක මැඩම් සර්  සහ අප සැම ට එන්නට ආරාධනා කරන්නේ Melbourne Ave හි Siam House වෙතය . ඔය අතර අවස්ථා කිහිපයකදී පැවැත්වූ ගල්කිස්සේ රාත්‍රී බීච් පාර්ටි කිහිපය නම් කවදාවත් අමතක නොවන්නේය . මේ අතර මොලේ කොලොප්පන් වෙන රැසක් ඇති Sovereign German හි වූ ඒ අහාර රස අත්දැකීම මට කිසිදා අමතක නොවන්නක් බව මෙහි ලා සදහන් කරනු කැමැත්තෙමි .


පසුව ආයතනය ජාත්‍යන්තරය දක්වා පුළුල් කිරීමේ වැඩසටතන යටතේ මැඩම් සිය පවුල සමග සින්ගපුරුවේ පදිංචියට යන අතර ඔවුන් ලංකාවේ ආයතනය මෙහෙව්වේ එකල සිංගපුරුවේ සිට ය . ඔවුන් ලංකාවෙන් යන්නට පෙර ඔවුන් සතු සියලු වාහන කළමනාකරුවන් වෙත බෙදා දීම අදටත් මට මතකය . හැම වාහනයකම නොම්බර තහඩු අවසන් වන්නේ 2214 යන නොම්බරයෙන් වූ අතර සියලු වාහන පස්ස හරවා මම ඔවුනට අරන් දුන් ජායාරුපය අදටත් මට මතකය . පසුව ඔවුන් සින්ගපුරුවේ මාස දෙකක් අවසානයේ මැඩම් මා එහි ගෙන්වන්නේ සින්ගපුරුවේ වැඩ කරන්නට එහි සුදානම් කිරීමෙන් අනතුරුවය . ඒ   මැඩම් සහ පවුලේ අය සමග සින්ගපුරුවේ ගතකර ජීවිතය කවදාවත් මට අමතක නොවන්නේය . හැමදෙයක්ම අකුරෙන් අකුර කියා දුන් ඇය එහි වූ කියා නොදෙන්නට දෙයක් ඉතුරු කලේ නැත . ඒ වනා හි නියම ගුරුවරයෙකුගේ ලක්ෂණයක් බව මට වැටහුනේ මම ද පසු කාලීනව උගන්නන්නට ගිය නිසා ය .
කොටින්ම කියතොත් ඇය සින්ගපුරුවේ රතු වීදි සමුහයටද මා එක්කං ගියා මට මතකය . මට එහි විනෝද වන්නට හැර ඇය නැවත අප සිටි අපර්ට්මෙන්ට් එකට ආ පසුව ඊට පය කිහිපයකට පමණ පසු මම එහි ගිය විට ඇය තුවායක් එළියේ තියා තිබු අයුරු මට තවමත් මතකය . එදා අධක්ෂක තුමා ලංකාවේ නොසිටි දිනයක් බව මට මතකය . දිනක් මම සහ ඇය එළියෙන් රාත්‍රී ආහාරය ගනිමින් සිටින අතර ඇය ඇහුවේ "කලණ කවද හරි බදින්නේ කොහොම කෙනෙක්ද ? " මම කිව්වේ "මැඩම් වගේ කෙනෙක් කියා" ඒ මොහොතේම ය . මැඩම් වනා හි all rounder  කෙනෙකි . ඇයට මේ ලෝකයේ ඕනෑම දෙයක් කරන්නට පුළුවන් විදියේ එංගලන්තයේ Margaret Thatcher මෙන් යකඩ ගැහැනියකි . පොස්ටුව අවසන් කිරීමට පෙර ඇගේ පුදුම රස ආහාර නැවත මට කන්නට නොලැබෙන එක ගැන පට්ට දුක ය . ඇගේ උරුමස් කරි එක , එළුමස් කරි එක , චිකන් කරි එක , සින්ගපුරුවේ ශ්‍රීලන්කන් ක්‍රැබ් කරි එක මට කවදාවත් අමතක නොවන්නකි . තවද පැකට් පරාටා සමගින් ඇය හදන පරිප්පු කරි එක එක එක්ක මැරෙනකම් කන්නට පුළුවන් බව මම කියන්නේ කට පුරා නොව ගත පුරා ය . අවසානයේ මම සිංගපුරුවෙන් පිටවන දින ඇය මා ගෙනත් ඇරලීමට Singapore Changi Airport එකට පැමිණි අයුරු මට මතක් වද්දී තවමත් මගේ ඇස් කදුලින් තෙත් වනවා ය . එදා මා ඇයට සමු දුන්නේ ඉන්දියානු ක්‍රමයට වන අතර ගුවන් යානයේ මට නින්ද යනතුරුම ඇය මගේ හිතේ සිත්තම් මැව්වාය .


පසුකාලීනව මෙහි නොලියන යම් ගැටළු සමුහයක් හේතුවෙන් ඇය ආයතනයේ අධ්‍යක්ෂක ධුරයෙන් වෙන් උන අතර ඇයට සහය පල කිරීමක් වශයෙන් මම ද ආයතනයෙන් ඉවත් වීමි . එහෙත් ඇය දුරකතනයෙන් බැනේ අදටත් අමතක නොවන අයුරකින් වීම සහ ඇය එසේ බැන්නේ මන්ද කියා මට අදටත් ගැටලුවකි . පසුව ආයතනයේ අධක්ෂක තුමන්ගෙන් සහ කළමනාකරණ මණ්ඩලයෙන් දැඩි කැපිල්ලක් එල්ල වූ අතර දිනක් මා භාරයේ තිබුණු ආයතන ශාකාවක මම විසින් ඉබි යතුරු වලිනි ලොක් කර දෙපාරක් ඇද බැලු ඉබ්බන් උදේ වෙද්දී ගැලවී ගොස් සිටි අතර පසුව අධක්ෂක තුමන්ගෙන් අවවාද කර ලිපියක් භාර දුන් අතර එයට උත්තර ලියනු ලෙස මට දැන් වීය . ඒ අනුව මම උත්තර දුන්නේ ඔබ ඔය කියන දෙයක් කිසි සේත්ම විය නොහැකි අතර මෙය කුමන්ත්‍රණයක් බව ය . මම මගේ ලිපියෙන් කියා සිටියේ කුමන්ත්‍රණ කරුවන්න්ට සුවසේ විසීම් වස් අහවල් දින මම ඔබ ආයතනයෙන් ඉල්ලා අස්‌ වෙමි කියා ත් ය . ඒ අනුව මාසයකට පමණ පසු මම නැවත ආතනයට පැමිණ මගේ සහතික ෆය්ල් එක ගෙන යන්නට පැමිණි විට කිසියම කටයුත්තකට මඩම් ද ආයතනයට පැමිණ සිටි අතර අධක්ෂක තුමා කියා සිටියේ තාම හ්ර්දයභාදයකින් පසුවන බවත් ය . මට කණගාටු හිතුනි . ඇය ඇසුවේ නැවත එන්නට පුලුවන්ද කියා ය . මගේ කැනඩා ගමන සදහා සියලු කටයුතු සුදානම් ව පවතී මේ සමයේ නැවත පමිනෙනට නොහැකි බව මම කරුනාවෙන් පහද දුනෙමි.  මේ ආතනය පසුකලෙක පරිහානියට පත් වූ අතර එයට සුර්ජුවම වගකියයුත්තේ කවුරුන් ද කියා මට නොම වැටහේ .

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ අද වන විට මැඩම් ගේ ආදරය යමෙක් ලබනවා නම් මේ මිහිපිට වෙසෙන වාසනාවන්තම පුද්ගලයා ඔහු බව පමණක් ය  යන වග ය. අවසන් කරන මේ මොහොතේ මට හැගෙන්නේ ලියු දේට වඩා නොලියු දේ බොහෝ ය කියාය . සමහර දේවල් ලියන්නේ නැත්තේ මේ මොහොත වන විටත් මම මටම දමාගත් පුද්ගලික වාරණයක් සහිත රාමුවක ජිවත් වන නිසා ය . සැබවින් ම ඇය වෙනුවෙන් පොතක් ලියන්නට තරම් මතකයන් මා සමග ඇත . ඉස්සර ඇය අසා කරපුම සින්දු දෙකකින් මේ පොස්ටුව අහවර කරනවා ය . එහෙත් කණගාටුව නම් මේ පොස්ට්ටුව ඇය කොහොමත් ම නොකියන නිසා ය . මැඩම් ට මෙය උපහාරයක් ම වේවා  !





අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...