Wednesday, December 6, 2017

විවාහයට අවුරුදු 35 ක්


මෑතකදි මගෙ මිතුරෙක් ඔවුන්ගෙ විවාහයට අවුරුදු 35 ක් පිරීම නිමිත්තෙන් පොඩි සාදයක් පැවැත්තුවා.
ඔවුන් ඉතාමත් සාර්ථක පවුල් ජීවිතයක් ගතකරනව.

මම : අැත්තටම ඔබලාගෙ සාර්ථක විවාහ දිවියෙ රහස මොකක්ද?

මිතුරා : අා...ඒ්ක මෙහෙමයි ඉතින්...මම තීරණ ගන්නෙ ලොකු ප්‍රශ්ණවලට,බිරිද තීරණ ගන්නෙ සුලු ප්‍රශ්ණවලට,ඒයා ගන්න තීරණවලට මම විරුද්ධ වන්නෙ නෑ,මගෙ තීරණවලට ඒයා විරුද්ධ වන්නෙ නෑ

මම : ඒ් කිව්වෙ?මොන වගෙ දේවල්ද බිරිද තීරණය කරන්නෙ?මොන වගෙ දේවල්ද ඔයා තීරණය කරන්නෙ?

මිතුරා : බිරිද තීරණය කරන්නෙ...මොන වගෙ කාර් ඒකක්ද අපි ගන්නෙ..මොන වගෙ රූපවාහිණියක්ද....මොන වගෙ ශීතකරණයක්ද...සුපර් මාකට් ගිහින් ගන්නෙ මොනවද....කොපමණ මුදලක් අපි ඉතුරු කරන්න ඔ්නද....දුවට දෑවැද්දට මොනවද දෙන්නෙ...දුවට මොන වගෙ සැමියෙක්ද බන්දලා දෙන්නෙ.....ගෙදර වැඩ කොයි විධියටද වෙන්න ඔ්නා..ඔය වගෙ සුලු දේවල් තමයි බිරිද තීරණය කරන්නෙ.ඒ්වට මම විරුද්ධ වන්නෙ නෑ

මම : ඒතකොට ඔබ?

මිතුරා : මම ඉතින් ලොකු දේවල් තමයි තීරණය කරන්නෙ

මම : මොනවද ලොකු දේවල්?

මිතුරා : අැමෙරිකාව උතුරු කොරියාවට පරමාණු බෝම්බ දැමිය යුතුද.? ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායමේ කලයුතු වෙනස්කම්.? මහින්ද නැවතත් ජනාධිපති විය යුතුද? 2020 කවුද ලංකාවෙ ජනාධිපති විය යුත්තෙ? ඒ් වගෙ ලොකු දේවල් තමයි මම තීරණය කරන්නෙ...............ඒ්වට බිරිද විරුද්ධ වෙන්නෙ නෑ

11 comments:

  1. හපොයි,, ඇත්තටම බිරිඳ තීරණය ගන්නේ, ඒත් ඒක සැමියගේ තීරණයක්වගේ පෙන්නවා... සාර්ථක පවුල් ජීවිත් වල හුඟක් වෙන්නේ එහෙම...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එක හරි අරු , ගොඩක් වෙලාවට එහෙම තමයි නේද හැම තැනකම වගේ .

      Delete
  2. he he he ඔව් ඔව් එක හරි අරු , ගොඩක් වෙලාවට එහෙම තමයි නේද හැම තැනකම වගේ .

    ReplyDelete
  3. Replies
    1. he he he බොහොම ස්තුති , කොමෙන්ටුවට ,.
      ගොඩ කාලෙකින් මේ පැත්තට ඔන්න හද පව්වා එහෙනම්

      Delete
  4. Replies
    1. තුති වේවා කොමන්ටුවට
      වැට අංක දෙක , අපේ තඩි මහතා ට අමතරව

      Delete
  5. බැඳපු කාටත් ඔය සෙතේ තමයි ලොකු හෝ පොඩි වශයෙන් :)

    හැබැයි ඔන්න මම නම් එහෙන නෑ ... හෙක් ...හෙක් ...

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ ... එක නම් සම්පුර්ණ ඇත්ත . ! :p

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...