Tuesday, July 31, 2018

රැජිනගේ රටේ මුසල දෙසැම්බරය , තනියෙන් ගැසූ රස්තියාදූ සමගින් ආයෙමත් රෝසී අක්කා


අදින් අවුරුදු ගණනකට එහෙමත් නැත්තම් වැඩි දුර ඉගෙනගන්න රැජිනගේ රටට ගිය මුල් අවුරුද්දේ සීතල දෙසැම්බරය ආයෙත් මේ ලගදී ආටියා ට මතක් වුනේ හිටි හැටියේම ලැබූනු  එක්තරා දුරකථන ඇමතුමක් නිසා ය .

ඒ දෙසැම්බරයේ නිවාඩුව ඇත්තටම ආටියා ට කම්මේලි මෙන්ම වේදනා ගෙනදෙන්නක් වුයේ මිත්‍ර සමාගමය පවත්වන්නට කියා කවුරුන් හෝ මා සමග නොමැති වීම ය . හැමෝම වගේ නත්තලට ලෑස්ති වෙනකොට මම ලන්ඩනයටවී ඔහේ සිටියෙමි . විදී පුරා රස්තියාදු ගැසුවෙමි .නාට්‍ය බැලීමට ගියෙමි . ශේක්ෂ්පියර් ගේ ලිවීමි ගැන හොයන්නට පටන්ගත්තෙමි.  සමහර දිනවල නොගිය පැති වලට E (පහල පන්තිය - ලංකාවේදී නම් 3වන පංතිය) පංතියේ ටිකට් රැගෙන් දුම්රියෙන් ගමන් කලෙමි .ඒ ඒ නගර ගම් වල අත්දැකීම් තනිව වින්දෙමි . මිල අඩු ආහාර ඇති බාල අවන්හල් සොයා ගියෙමි. දුම්රියෙන් යද්දී , කවුළුවෙන් ඈත බලා ගෙන කල්පනා කරද්දී මොකක්දෝ ලොකු හිස් කමක් ජිවිතයේ ඇති බව එදා මට වැටහී ගියේය .

නිවාඩුවට ලංකාවට යන්නට මුදල් ඉල්ලන ගෙදරට කරදර කරන්නට අකමැති වූ ආටියා , ගෙදරට කීවේ ඉගෙනීම පාඩු වන නිසා එන්නට බැරිය කියා ය . එහෙත් ඒ දෙසැම්බරයේ ආටියා කර ඉගෙනීමක් නම් නැතුවා මය . කරේ නිදහසේ තනිව රස්තියාදුවේ යා ම ය . ඔය කියූ සීතල දෙසැම්බරය  ආතල් පහට තනිව ගෙවා දැමූ ආටියා ට හදිසියේ ම කථා කරන්නේ රෝසි අක්කා ය . රෝසි අක්කා කවුද කියා දැනටමත් ඔහෙලා මේ පොස්ට් දෙකෙන් ම දැනගත් නිසා ආයේ ලියා මේ බ්ලොගය පල්හෑල්ලක් කරගන්න ආටියා අකමැති ය . ඉතිං දුරකතනයෙන් ඇමතු ඇය කියන්නේ තනිව ඉන්න කම්මැලි කියා ය .

" අනේ ,,, මල්ලී ඔයා එන්නකෝ මෙහෙ "  යන ආ දී වශයෙනි . අවසානයේ මම එහි ගියේ දවසක් හෝ දෙකක් ඉන්නට රෙදි කඩමලු තුනහතරක් සහිත බෑගයක් සමගින් ය . මා නැවතී සිටි තැන සිට පැය හතරහමාරක දුම්රිය ගමනකින් පසු ඇය සිටි තැනට එන්නට පුළුවන් විය . රෝසි අක්කා මා පිළිගැනීමට දුම්රිය පොලට පැමිණීම මට එදා මහත් අස්වැසිල්ලක් විය . ඒ මක් නිසාද යත් එදා මම එරට ගැන දුර්වල අවබෝධයකින් පසු වූ බැවින් ය .  අක්කා විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිටි නිසා ඇය වෙනම කුඩා කාමරයක් කුලියට ගෙන විශ්වවිද්‍යාලය අසලම නවාතැන් ගෙන සිටියා ය . එදා ලංකාවෙන් ගියාට පසු ඇය පළමු වර දුටුවේ එදා ය .

ඇය සමග මා ආගිය විස්තර කථාකරමින් නොදනීම ඇයසිටින තැනට ආවෙමු . බැලු බැල්මටම එය දෙදෙනෙකුට ප්‍රමානවත් නොවන බව මට වැටහීගිය අතර මම ඒ බවක් ඇයට නොපෙන්නුවෙමි . සැනසීමකට ඇත්තේ එම කුඩා ඉඩේ වූ පිළිවෙල ය .
ආටියා එදත් අදත් පිළිවෙලට කැමති අතර එහි ඉන්නට හිතදුන්නේ ඒ පිළිවෙල නිසා ය. අක්කා සාදා දුන් කොපි කෝප්පය පානය කර මට ,

 " වොෂ් ඒකක් දාගෙන රිලක්ස් වෙන්න මල්ලි " ..... " ලංකාවේ වගේ ප්‍රයිවසි ඉශු එකක් මෙහෙ නෑ ... නේ . , අපිට කැමති විදියට ඉන්න පුළුවන් .. හොයන්න කවුරුවත් නෑ , කාටවත් අපි ගැන වැඩකුත් නෑ " යනුවෙන් කිවාය . මම ද සිනා සී හිස සලා ඇයගේ කතාවට එකග වීමි . ඇග සෝදා ගැනීමට නානකමරයට වැදී මට සිතුනේ අක්කා යමක් නොකියා කියූ බවය . කෙසේ වෙතත් එදා මෙවන් හැගීමක් මගේ සිතට ආවේ එදා  මගේ මනසේ කැරකෙමින් තිබුන පාළුව තනිකම නිසා වන්නට ඇත. පසුව ඇය විසින්සුදානම් කර තිබු සුළු දවල් කැමත් රැගෙන ටික වෙලාවකට පසු අපි දෙදෙනා එළියේ ඇවිදින්නට ගියෙමු .

අපි දෙන්නා අරමුණක් නැතිව සීතලේ ඇවිද ගෙන ගියෙමු . ඇය ගේ නොනවත්වා කරන කථා ගමනට ඉනිමගක් විය .

"දැන්වත් කියන්න .... ඔයා ට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා නේද" කියා ඇය විමසුවේ පොල්ලෙන් ගහන්නට වාගේ ය .

"නෑ අක්කි . තවම නෑ.."

"ආර් යූ සීරියස් ? "

" යේස් ටුබී හොනෙස්ට්"

" වාව් ... කාන්ට්බිලීව්"

"වයි?  වාව් " මම පෙරලා අසීමි .

ඇය ලජ්ජාවෙන් මිරිකී ගිය අතර මුහුණ රතු විය .

" නෝ මෙන් ,,, ජස්ට්‍ "  කියා උත්තරය මග හැරියා ය .

ඔයා ට අක්කි ?

" ඉන්නවා "

"කොහොමද එයා ? "

" He's Such a Nice Man, But He's so. Boring "

" ලංකාවේ කෙනෙක් ද ? "

" නෑ , ෆ්රාන්ස් වල "

" කෝ එයා දැන් ? "

" හොලිඩේ ගිහිල්ලා "

" ඔයා ගියේ නැත්තේ ඇයි "

" ඉන්වයිට් නොකර යන්න බෑ නේ"

" හ්ම්ම් "

ඔය ටිකෙන් ම අක්කා දැන් ඉන්න තත්වය තේරුම් ගැනීමට මට පුළුවන් විය . මේ මුසල සීත දෙසැම්බරයේ අක්කා සහ මම සෙව්වේ එක දෙයක් බව මට වැටහෙන්නට වැඩි වෙලාවක් නොගියේ ය . එහෙත් මා විදින්නට ප්‍රිය කරන දෙය ඇය සමග විදෙන්නට මම ආසා නොකලෙමි .ඕනෑම පිරිමියෙක් දෙපාරක් බලනා ආකාරයේ අතිශය රූමත් වූ ඇය කෙරෙහි මාගේ තිබුනේ අක්කා යන හැගීමක් පමණක් මය . එහෙත් ඇය මා කෙරෙහි කොහොම ගණන් හදා ගෙන ඉන්නවාද කියා මම දන්නේ නැති ය .

එදා ග්‍රේට් වෙස්ටන් වලදී මෙන්ම ඇය කිසිදු චකිතයකින් තොරව මගේ උරහිසේ ඇගේ හිස තියා මට තුරුලුවී පාරේ ගමන් කලේ අපි පෙම්වතුන් විලසින්ය . මමද ඇයගේ හැගීම් වලට ගරු කරමින් ඇයත් සමග ඔහේ ඇවිද ගෙන ගියෙමි . විටෙක මුහුණට වැටෙන කුඩා හිම කැට මුහුණ කිස්කන්නට තරම් සීතලය . ඔය අතර මට හිතුනේ මේ දෙසැම්බරය දෙකෙන් එකක් අප අතර සිදු කිරිම සදහා උදාවුවක් බව ය .



රාත්‍රී අදුරත් සමග නිවසට පැමිණි අප දෙදෙනා එකතු වී රෑ කෑම හදන්නට පටන් ගත්තෙමු . පසුව ඇයත් සමගම රාත්‍රී ආහාරය ලබා ගෙන අප දෙදෙනා ටික  වෙලාවක් ආගිය විස්තර කතා කරමින් සිටියෙමු . ඔය අතර අක්කා ගේ ප්‍රංශ පෙම්වතා ගැන විස්තර ද මම විමසුවෙමි . අක්කා ඔවුන් දෙදෙනා ට අදාල පුද්ගලික දේ පවා මා සමග කියූ අතර ඔවුන් දෙදෙනා ගේ ප්‍රේමය බොහොම දුරක් ගොස් ඇති එකක් බව මට වැටහී ගියේ ය .

කොහොමින් කොහොමින් හරි අක්කා ගේ සහ මගේ ආගිය කථා සාගරයේ එහා ඉමට පැමිණෙන්නට අපට වරම් දුන්නේ මට දරාගන්නට තරම් නොහැකි වූ නිදි මතය . 
“I’m gonna sleep අක්කි" .  මම කොට්ටයත් බ්ලැන්කට් එකත් රැගෙන අසල තිබුන සෝෆාව වෙත යද්දී  .....

"පිස්සු හැදී ගෙන එනවද  ? එනවා මාත් එක්ක නිදාගන්න "

"මම  ඔයා ව කන්නේ නෑ නේ" 

"Okay then"

"You so bad මල්ලී"

කෑගහන්න එපා . දැන් ආවනේ.

මම පසෙකින් නිදාගැනීමට පැමිණි අතර බලාපොරොත්තු රහිත මොහොතේ ඇය මගේ වම් අතින් ඇද ඇය වෙත මා ඈදාගත්තා ය .
ඇයට අවැසි ඕනෑම දෙයක් කරන්නට දී මම ඇයට මුල්තැන දුනෙමි .ඇයට ද ඇයට ඇවැසි දේ ඉතා රෝමාන්තික අයුරෙන් සිදු කර අතර මම සිටින්නේ මොන ලෝකයේද කියා මට ම අමතක විය . අවසානයේ දී ඒ ශීතල රාත්‍රියේ දී ඇය මගේම විය.



'Oh God, Wow' thank you so much  මල්ලි.


34 comments:

  1. අපි හැමෝගෙම ජීවිතවල මේවගේ ටැබූ රසකතා තියනවා.
    ඒවගේම හැම කොල්ලෙක්ටම අක්කා හීනයක් තියනවා...හැබැයි ඒ හීන සැබෑවෙන්නෙ ඉතින් අහම්බෙන් තමයි
    නියමයි ආටියා... දිගටම ලියපන්

    ReplyDelete
    Replies
    1. ඔව් එක ඇත්ත Centurion .
      මේකත් ඉතින් ජිවිතයේ අහම්බකාරක ගොන්නෙන් එකක් තමයි .
      හොදයි , පුළුවන් හැමවෙලාවෙම ලියන්නම් .
      බොහොම ස්තුතී මචං .

      Delete
  2. ඈත කොනක හිත පතුලේ සෙනෙහෙ රැඳී
    සීත රැයේ දෙසිතම රමනයේ යෙදී
    දෝත පුරා ස්පර්ශය මතක ඇදී
    මෑත බ්ලොගයෙ ලිව්වලු එය රසය දිදී....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ෂා ..... මේ පද පෙළ පට්ට දුමී . බොහොම ස්තුති .

      ජය වේවා !

      Delete
  3. බලාගෙන ගියාම දෙසැම්බරේ එච්චර මූසල නෑනෙ?

    ReplyDelete
    Replies

    1. එක තමයි D.G.M බස්සා . දෙසැම්බරයේ මුල්හරිය තමයි මුසල . :)

      Delete
  4. මට මේක කියෙව්වම මතක් උනේ කොච්චියාගේ ඉස්සරම ලියපු පෝස්ට් එකක්. 'අස්ගිරියේ වැස්සට නොතෙමුණු කොච්චියාගේ මූසල දෙසැම්බරය '.ඒකෙත් තියෙන්නෙ මේකට සමාන කතාවක් තමා.හැබැයි ඉතින් කොච්චියානම් ඒ වැස්සෙ සිල් නොබිඳ ගත් බව තමා තිබුනේ.ආටියාටනම් ඉතින් එහෙම බැරි වුන පාටයි.කොහොම උනත් ඔය රෝසි අක්කා ගැන කලින් කියෙව්වම මට හිතුනා මේක මෙතනින් නැවතුන කතාවක්නම් වෙන්න බෑ කියල.

    ReplyDelete
    Replies
    1. ඔයා හරි සදු....
      ඇයි ඇත්තටම ඔයා ට එහෙම හිතුනේ :) පලවෙනි පොස්ට් දෙකම මම ඉගි සහිතව ද ලියල තිබුණේ .
      කොච්චියා අලුතෙන් නොලියන එක ගැන පට්ට දුකයි මට .

      Delete
    2. මේකනේ මම ඉතින් ඔය අනුන්ගේ කතා හිතින් මගේ කරන ගෙන විඳින විඳවන කෙනෙක්නේ.මගේ හිතින්ම ඒවට අඩු වැඩිය දානවා.. මෙහෙම උනොත් හොදා කියලා හිතනවා අරම උනොත් නරකයි කියලා හිතනවා. ඔන්න ඔහොම හිතනකොට ඉතින් හිතුනා මේ රෝසි මෙතනින් නතර වෙන කෙනෙක් නෙවෙයි කියලා

      කොච්ච්යා නොලියන එකයි කමෙන්ට් නොදාන එකයි ඇත්තටම අපරාදයක්.ඒ වගේ කෙලින් ලියන විවෘතව අනිත් අය ලියන දෙවල් වලට අදහස් දක්වන කෙනෙක් නැති වීම පාඩුවක්.

      Delete
    3. නියමයි. කියවනවා කියන්නේ ඔන්න ඕකට තමයි . කියෙවීම තුල ජිවත් වෙන එක ඉතින් හැමෝටම කරන්න පුළුවන් ලේසි පහසු කාරියක් නෙවෙයි. හරි කියෙවීමක් තුල නිසැක වශයෙන් ම අනාගතය පේනවා . ඔයා ඉස්සරහ ගැන පලවෙනි දෙවෙනි පොස්ට් වලින්ම තීරණය කරේ එදා ඒ කියෙවෙම් තුල ඉගෙන හිටිය නිසා .

      ඇත්තටම සතුටුයි "සද" .
      ------------------------------------------

      ඔව් කොච්චියා ව‍ගේ කෙනෙක් බ්ලොග් ලෝකයේ දැන් නැති එක ගැන දුකයි . මේ ලගදි මම "හැලපේ" අය්යා ගෙනුත් ඇහුවා . එයාත් කිව්වේ දන්නේ නැහැ කියල තමයි :(

      Delete
    4. කවුද යකෝ මගේ මූසල දෙසැම්බරේ හොරකම් කළේ....
      ආයෙත් කොච්චියා ලියාවි

      Delete
  5. Well, thanks for teaching me that "moosala" has a completely different meaning from what i always thought. I wish I had many more moosala months when i was ur age.

    (Sorry, no Sinhala font)

    ReplyDelete
  6. ඔය දෙසැම්බර් සමරලා තියෙන්නේ හික් ගැවෙන්න......

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ .. එක තමයි තරිදු මල්ලි :)

      Delete
  7. හොදෙයි දෙසැම්බරේ.....අර හිච්චන් කාලෙ ෆයිනස් ගස් අස්සෙ හැංගිලාම ගියපු ආදරෙනෙ මේ.

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ... එක තමයි රස්ති .
      එදා ගස් අස්සේ දුවද්දී මම හිතුවේ ෆයිනස් ගස් අස්සෙ හැංගිලා ගියා කියලා .
      මුලින්ම මුසල දෙසම්බරේ එක පාර රෝමාන්තික උනා කියහන්කෝ .....

      Delete
  8. මූසල කිව්වාට දෙසැම්බරේ පොඩ්ඩක්වත් මුසල වෙලා නෑ වගේ. ආදරණීය දෙසැම්බරය කියන්නත් තිබුණා නේද කලන.

    ReplyDelete
    Replies
    1. ඔව් . අය්යේ . ඇත්තටම මුසල උනේ දෙසම්බරේ මුල් හරිය තනියෙම රස්තියාදු ගැහුවා නිසා . රෝසී අක්කා ගේ කෝල් එකෙන් දෙසැම්බරයේ අන්තිම හරිය ආදරනීය උනා .... :)

      Delete
    2. හැලපෙගේ //ආදරණීය දෙසැම්බරය x 2

      Delete
  9. Replies
    1. හේ හේ හේ ... ඒක තමයි .

      Delete
  10. කොලුව සිල් බිඳගෙන නෙව :-D

    ReplyDelete
    Replies
    1. නොදැනුවත් කමට කර වැරදිද කියලත් හිතෙනවාය . එහෙත් ආටියා මෙව්වා ගැන වැඩියේ හිතන්නට නොයන්නේය . ඇය ද මම ද තවදුරටත් මේ ලෝකයේ ජීවත් විය යුතු ය . එදා හිතවත් කම අදත් ඒ අයුරින් ම තිබ්බත් එදා වූ දේ නැවත නොවන්නට ආටියා හිත හදා ගෙන ය . :D

      Delete
  11. මේ කතාව කියවල කොමෙන්ට් එකක් නොද ගියොත් හරි වැරදී.
    කොල්ලො හැමෝටම වගේ තියන හීනයක් තමා ඔබතුමාට හැබෑවෙලා තියෙන්නේ. ඒ කාලෙ මටත් ඔහොම අවස්තාවක් ලැබුනොත් කියලා හීන මවපු කොල්ලෙක් මාත්. හිකිස්... ඒත් මං හැදුන වැඩුන විදියට ඔහොම චාන්ස් එකක් ලැබුනනම් බයටම කවදාවත් සිල් බිඳ ගන්නෙ නෑ. දැන්නම් දුකෛ බොල එහෙම මිස් කරගත්ත චාන්ච්එ ගැන හිතලම.

    ඒක නෙමෙයි ඇහුවට තරහවෙන්න එපා. දැන් කෝ රෝසි අක්කා? 😉😉

    ReplyDelete
    Replies
    1. තුති වේවා ඔබට , කියන්න ඕනේ දේ කෙලින්ම කිව්වාට මාමිත්‍ර Monster Walker.

      සමහර විට පරණ මතකයන් සිත තුල හෝල්මන් නොකරන එකත් වාසනාවක් කියල හිතෙනවා . එහෙම බලද්දී ඔබ වාසනාවන්තයි නේද ?
      මට අනුව නම් බොහෝ මෙවැනි ගණයේ අහඹකාරක සිතට සැනසුමක් ගෙනදුන්නේ වීනම් ඒ මොහොතේ පමණක්මයි .

      අනේ.. මිත්‍රයා මොකට වෙන්නද ... ඇය දැන් ස්වීඩන්වල සතුටින් ජීවත් වෙනවා .

      Delete
    2. අනේ.. මිත්‍රයා මොකට තරහ වෙන්නද ... ඇය දැන් ස්වීඩන්වල සතුටින් ජීවත් වෙනවා .

      Delete
    3. කතාව සතුටුදායක විදියට නිමාවීමනම් ඇත්තටම වටිනවා.

      ඒ අවස්තාවේ කොච්චර ආසවක් ආවත් පස්සේ එන වරදකාරී හැගීමෙන්නේ බේරෙන්න බැරි. කොහොම නමුත් මිත්‍රයා ඒ මතකය ගැන එහෙම හිතන්න යන්න එපා. දිගටම බ්ලොග් එක කරන් යමු. පුලුවන් වෙලාවල්වල ඇවිත් කොමෙන්ටුවක් දාලා යන්නම්.

      Delete
    4. දහස්වරක් තුති වේවා මේ ආදරණීය දිරිමත්කිරීමට මෙන්ම ඔබ තැබූ පුංච් උපදෙශයට මගේ මිත්‍රයා .

      Delete
  12. අප අපගේ ලිවීම් තුල, කතා කිරීමේදී,කෙතරම් අචාරශීලී, සදාචාරාත්මක උවත්; මෙවන් සුන්දර කතා කියැවීමෙන් සිත තුල නිදිගත් රස මතක අවදි වීම හෝ නො එසේනම් සිත තුල නිහඬව අවදිවීමට අවකාශයක් සොයමින් වෙහෙසෙන හැඟීම් වලට අත් තටු ලැබීම අතිශයින්ම සාධාරණ කරුණකි. ඇත්තෙන්ම එය සුන්දර කථාවක්. පුහුදුන් ඕනෑම පිරිමියකු විඳීමට පෙරුම් පුරණ අත්දැකීමක්.ඒ සුන්දර අත්දැකීම මස් කඩයක් නොකල ඔබගේ ලිවීමද මම බෙහෙවින් අගය කරමි. ගැරෙජ් බාස්ලා එන්ජිමක් ගැලවූ විට අත කටේ සහ එකී නොකී මෙකී සියළු අවයව වල මජං පෙරාගත්තද ශල්‍ය වෛද්‍යවරයෙකු හදවතේ සැත්කමක් කරණ්නේ ඇඟ පුරා ලේ පෙරා ගෙන නොවේ. කලා කෘථියකින් මතුවන රස භාවයන් යනු දෙකේ දෙකේ පොල්ලකින් ඔළුවට ගැසීමක් නොව කුරුලු පිහාටුවකින් යටි පතුල කිති කැවීමක් වූ තරමට එය වඩාත් සුන්දර වේ.පොල් අතු වලින් වටකල ගනිකා නිවසක ඇතුලත රහසේ නරඹා කෙරෙණ විස්තරයකට වඩා වටිනා කමක් චැටර්ලි ආර්යාවගේ පෙම්වතාට හිමිවන්නේ එසේ හෙයිනි. ඔබ රසවිඳ ඇතිද සමන් ජයනාත් ජිනදාස ගයන "බිසරු ලියන් . . ." ගීතය? මේ ගීතය පුරාවට ශෘංගාරය දෙගොඩ තලා යන බවක් මා හට දැනුනා! අවාසනාවකට එහි ගීත රචකයා මාහට සඳහන් කල නොහැකි වුවත් එම් ගීතය තුල එහි වචන වලට වඩා වැඩි දුරකට ශ්‍රාවකයා රැගෙන යන; ගායකයාගේ හඬ පෞර්ෂය බේද බින්න නොකරණ අතිශය ලගන්නා සුලු මියැසි රටාවක් මැවූ නවරත්න ගමගේද එම ගීතයේ වචන ඇමුණූ රසවතා සේම ගීතය එම තැනට පත් කරලීමට අනර්ඝ උර දීමක් සිදුකොට තිබේ. එම ගීතය පුරා විචිත්‍ර වූ අත් දැකීම "පැදුර එලන් බලා සිටිමි!" කියනවාට වඩා අතිශයි සියුම් ලෙස ස්‍රාවකයාගේ රස නහර පුබුදුවා ලයි. රූකාන්තගේ "රේණු රේණු . . .' ගීතය? එඩ්වඩ්ගේ "හද මුක්තා ලතා . . ." කිත්සිරි ජයසේකරගේ "මී පැනි රහසක් . . ."පණ්ඩිත් අමරදේවයන්ගේ "කුමරියක . . ." මේ සෑම ගීතයක්ම සදාතන කලා කෘථි ගනයට වැටෙන්නේ මෙනිසාය. වරක් ලන්ඩන් නුවර ඇල්බට් ශාලාවේ පැවති ගීත ප්‍රසංගයකට මොහමඩ් රෆි; මාගේ ආදරණීය ගායකයා සහභාගීවී ක්‍රිෂ්ණා මුකර්ජී සමග ගීතයක් ගායනා කරණවා. ගීතය "සව් සාල පෙහෙලේ . . "! ඔබ යූ ටියුබයෙන් රස විඳින්න රෆි ගේ ආදරණීය හඬින් ක්‍රිෂ්ණා මුකර්ජීව ගීතය තුලින් අමතන හැටි. හිංඳි නොතේරුනද එම හඬේ ඇති ලයාන්විත බව අපව මොහොතකට ආදරණීයයන්, පෙම්වතුන් බවට හරවනවා. ලිවීමක්, ගැයීමක්,නාද සංකළණයක් යනු සරම ඔසවා පෙන්නීමක් නොවේ. එය අතිශයින් සුන්දර හැඟීම් ජනනය කරවන එකක් විය යුතුය.අකුරු දැන ගත්තාට වචන තනන්න බැරිය. වචන දැනගත් පලියට වැකි ලියන්නට බැරිය. වැකි ලියන්නට හැකිවූ පමණින් රචනා ලියන්නට නොහැක. රචනා ලියූ පමණින් ඒවා කියවන්නට හැකි ඒවා බවට පත් කිරීම ඊටත් එහා ගිය කටයුත්තකි.
    වචන පමනක් දැන ලියන කවිද,පබදන ගීතද කලින් කලට විවිධ මාධ්‍ය තුල සැරිසරණු ලබයි. "රම්බරි කියපන් නුඹෙ නොම්මරේ . ." බිහිවන්නේ මේ තත්වයන් තුලය. ඔබ ඊට බොහෝ ඉහලින් සුනදර ශෘංගාරය අප සමග බෙදා හදා ගනියි. එකම එක දෙයක්! ඔබගේ ලිවීම මා සිත තුල දෙවරක් ඊර්ෂ්‍යාව ජනිත කලේය!වරක් ලිවීමටය අනෙක අත්දැකීමටය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී තට්ට මහත්තයා ඔබතුමාට මේ වටිනා අදහසට ඒ වගේම රන් මෙන් වටිනා ප්‍රසන්ෂාවට .
      ඔබකිව්වා වගේ මම ලිවීම තුල අව්යාජ වෙන්න තමයි උත්සාහා කරන්නේ හැම මොහොතකම . ඒක තුලින් බිහිවෙන නිමැවුම සුන්දරයි .

      කියවන්නා තුල අවසානයේ පසුතැවීමක් නොවන ලියවීම් කරන්නට මම පුළුවන් තරම් වෙර ගන්නේ ඔය නිසාම තමයි .

      Delete

කොළබ හතේ කුරුදුවත්ත පැරැදු අව්ව්‍යාජ ගමේකම.

ඒ රටම ගංවතුරෙන් වෙලාගත් සමයයි .  උදේන්ම මැඩම් සුදානම් වන්නේ ගංවතුරෙන් අසරණ උන මිනිසුන් සොයා බද්දේගම පැත්තට යාමටය . ජයතිස්ස ඔය වාහනය ලෑ...