අද ගොඩක් දෙනෙක් ගේ මාතෘකාව ලෙස ධම්මික පෙරේරා පත්ව සිටී. ඒ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහ ඉදිරි ආර්තික දැක්ම නමැති මාතෘකාව නිසා ය. ධම්මික පෙරේරා ගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන දශලක්ෂ පනස්පන්දහසක්. මෙවන් වත්කමක් සහිත පුද්ගලයකු යනු එසේ මෙසේ පුද්ගලයකු නොවන බව ඔබ සහ මම තර්කයෙන් තොරව පිළිගත යුතුය. මාකදුරේ මදුෂ් ගේ කුඩු සල්ලි ගැන කථා කරනවාට වඩා ධම්මික පෙරේරා කියන්නට යන්නේ කුමක්ද කියා සිතන්නට පුළුවන් නම් එය වටින්නේ ය.
අරාබියේ දී නම් ධනකුහෙරයින් සල්ලි වලින් සෙල්ලම් කෙරුවාට ලංකාවේ අංක එකේ ධනවතා වන ධම්මික පෙරේරා තම සල්ලි වලින් කරන සෙල්ලම වන්නේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් ය. ඔහු ඒ සෙල්ලම කරන්නේ data scientist ලා එසේත් නැතිනම් දත්ත විද්‍යාඥවරු සමග ය. වයස පනස් එකක් වූ ධම්මික පෙරේරා ගේ මතකය විශිශ්ට ය. අපේ වචනයෙන් කියතොත් මීටරයක් ය. එසේ මෙසේ මීටරයක් නොව පට්ට මීටරයක් ය. ඔහුට අනාගතය හොදින් පෙනෙන්නේ ඔහු දත්ත සමග කාලයක් ගත කරන නිසාය. දත්ත සමීකරන නිවැරදිව ගලපන්නට පුළුවන් නම් ඔබ ගැන පවා අනාගත වාක්‍ය කියන්නට පුළුවන් ය. එය අද වන විට ලොව අතිදියුණු රටවල ආර්තිකය, තාක්ෂණය, සහ ඇතැම් පරීක්ෂණ සදහාද පුළුල් ව භාවිතා කරයි.
ඉතිං අපේ මේ කථා නායකයා වූ ධම්මික පෙරේරා සත්‍ය ලෙසම කථා කරන්නේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් ගැනද? මගේ පුද්ගලික මතය නම් ඔහු කථා කරන්නේ Management Information System (MIS) (කළමනාකරණ තොරතුරු පද්ධති) ගැනය. ඔහුගේ සැම කථාවකම වාගේ කියන ආර්ටිෆිෂල් ඉන්ටලිජන් මට අනුව නම් MIS නොහොත් Management Information System ය. එහෙත් එතුමාගේ අවසාන ඉලක්කය ආර්ටිෆිෂල් ඉන්ටලිජන් නම් එතුමා වහා තම පාර වෙනස් කර යුතුය. MIS වල සිට ආර්ටිෆිෂල් ඉන්ටලිජන් වලට යනවා යනු ජපාණයේ බුලට් ට්‍රෙන් එකක් එකවරම ඇමරිකානු අජටාකාෂගාමී රොකට්ටුවක් වීමක් වැනිය යැයි මට හැගේ. එසේ නැතිනම් ධම්මික පෙරේරා වටා සිටින data scientist ලා එසේත් නැතිනම් දත්ත විද්‍යාඥවරු එතුමාව අන්දනවා විය යුතුය. ඉහත කථාකර දත්ත, සමීකරන වලට නිවැරදිව යොදවා ලැබෙන පිළිතුරු වලින් ඔහු පුදුම කරවා MIS යනු ආර්ටිෆිෂල් ඉන්ටලිජන් කියා පණිවිඩයක් ඔහු ගේ මනසට ඇතුල් කර විය හැකි ද? එහෙත් ධම්මික පෙරේරා යනු ලෙහෙසියෙන් ඇන්දිය හැකි චරිතයක් නොවන බව නම් මට සියයට දහසක් විෂ්වාසය.

නුදුරේදී ම ඔබට හදුන්වාදීමට නියමිත් eye ප්රෝග්රමින් atm facility තනිව තීරණ ගැනීමේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහිත පරිඝනක පද්ධති වේ. ඒ වගේ ම ඇපල් දුරකථන වල "සිරී (Siri) " ද එක්තරා ආකාරයකට ආර්ටිෆිෂල් ඉන්ටලිජන් යෙදවෙන අවස්ථාවකි .
ඉතින්, ලංකාව වැනි රටක ධම්මික පෙරේරා ගෙන එන්නට උත්සාහ කරන දේ සත්‍ය ලෙසම අගය කර යුතු ය. අලුත් දෙයක් නොසිතා ඉස්සරහට යන්නට කොහොමත් ම බැරිය. ලංකාවේ අධිකරණ, විශ්වවිද්‍යාල සහ ප්‍රවාහන ක්ශේත්‍ර මේ සදහා කදිම නිදසුන් ය. කැසිනෝකාරයෙක් හෝ මොකෙක් හෝ නැත්තම් පිටසක්වලින් පැමිණ හෝ ලංකාවේ සිස්ටම් එක වෙනස් කර යුතුමය. දෙසියවිසිපහට සහ උන්ගෙන් යැපෙන බහිරවයන් ඉන්නාතාක් එව්වා ලෙහෙසි නැති බව ඔබ අප සැම දන්නා කරුණකි. එහෙව් රටක ධම්මික පෙරේරාලා බිහිවීමත් එක අතකට ධ්යිවයේ සරදමක් විය හැකිය.
අද සටහට,
කලණ රජින්ද ආටිගල
දෙසියවිසිපහට සහ උන්ගෙන් යැපෙන බහිරවයන් ඉන්නාතාක් එව්වා ලෙහෙසි නැති බව ඔබ අප සැම දන්නා කරුණකි.
ReplyDeleteඔන්න ඇත්ත අයියේ..කාලකන්නි ඉන්න කමි කවදා අපි තැනකට යයි ද ?
ඔව් , තරිදු මල්ලී . ඒක ඇත්ත :D
Delete“Before we work on artificial intelligence why don’t we do something about natural stupidity?” —Steve Polyak
ReplyDeleteHa ha ha , True , Mr.Jay
Deleteමමත් ඔය කටවුට් එක දැක්ක ගමන් හක්ක පනින්න වගේ කට ඇරුනා. මට නම් මේ මනුස්සයා කියන්නේ මොකක්ද කියලා අහන්න ලැබුනේ නැහැ, නමුත් මේ කියන්නේ නම් AI ගැන නම් වෙන්නම බැහැ කියලා තමයි මටත් හිතුනේ. ඒත් ඉතින් ගොඩ ඉඳලා ජජ් කරන්න බැරි නිසා නිශ්ශබ්ද උනා.
ReplyDeleteමේ කියන්නේ Data Mining , Big Data ගැනද?
ඇත්තටම , ලිඛිතා මට හිතෙන විදියට AI වල කොනක් අල්ලාගෙන MIS එක්ක පටලවාගෙන වගේ . සමහර කථා වල Big Data ගැනත් කියවෙනවා . හැබැයි ගැලපීමක් නැහැ .
Deleteධම්මික ඩෑල් එකක් වෙලා ඉවරයි.
ReplyDeleteඉතිං අපිට හිතන්න පුලුවන්ද මිනිහා ඉස්සරහට තමන්ගෙ හිතේ තියෙන හරි දේ එළියට දායි කියලා. නැහැ. මිනිහා කියන්නෙ එකක්. කරන්නෙ එකක්. නැත්තම් පැවැත්මක් තියා ගන්න බැහැ.
ඔව් . පොරක් වෙලා ඉවරයි . :)
Deleteඔව් , සෑම් . මෙහෙම වෙන්නත් හොදටම පුළුවන් . මොකද ඉස්සර ඉදං strategic management හොදට ප්‍රගුණ කරපු කෙනෙක් නේ .
ඔහු සහභාගී වූ රැස්වීමකදී කිව්වේ IBM Watson තමයි භාවිතා කරන්නේ කියලා ,සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලට අමතරව , පිලිකා රෝගීන් සඳහා නොමිලේ 2nd opinion එකක් ගන්න CSR project එකක් විදිහට ඒක භාවිතා කරන්න වැඩ කරගෙන යනවා කියලත් කිව්වා..
ReplyDeleteIBM Watson කියන්නේ MIS සිස්ටම් එකක් නේද ? ඔහු IBM Watson මේ වැඩේ ට සම්භන්ද කරගත්තට ඒක එයාගේ සිස්ටම් එකක් නෙවෙයි . එයා ඒක මෙහෙට ගැලපෙන්න කස්ටමයිස් කරනවා .
Deleteහැබැයි කියන්න ඕනේ පිලිකා රෝගීන් සඳහා නොමිලේ 2nd opinion එකක් ගන්න කරපු මේ CSR project එක නම් සියවරක් නෙවෙයි දහස් වරක් අගය කරන්න ඕනේ ඔහුව . ලංකාව වගේ දුප්පත් රටක විශේෂයෙන් ම.
මචං. ධම්මිකල මොනා කලත් දැන් ලංකාවේ තියෙන තත්වය නිසා සල්ලි අතින් කිසිම බැංකුවක් විශ්වාස කරන්ට බැහැ. මම වැඩ කලේ අන්තර්ජාතික බැංකුවක නීති නිලදාරියෙක් විදිහට. මට තර්ජන ආව. මම එක මනුස්සයෙක් උසාවියට ගේන්න. ලංකාවේ මුල්‍ය ගනුදෙනු මේ මනුස්සය මොනව කිව්වත් ඩිපෙන්ඩ් වෙන්නෙ බැංකුවල හොර සල්ලි නිසා. අද ද ෆිනෑන්ස් වලට උනේ ඒක. ETI ගැන මම මොකුත් කියන්නෙ නැහැ. මොකද සල්ලි සහ පොලියට කෑදර මිනිස්සු ඒ කුණු රසට ගියා. ධම්මිකල මේ සෙල්ලං දාන්නෙ ඩේට වලින් කියන එක මම පිලිගන්නව. මමත් සල්ලි හම්බ කරනව. ඉතුරු කරනව. මටත් වැරදුන තැන් තියෙනව මචං. හැබැයි එකක්. ධම්මිකල මොන AI කලත් උං ගොඩ. උන් ඔක්කොම සෙල්ලං දාන්නෙ කොහේ උනත් අපේ සල්ලි එක්ක මිසක් අමතක කරන්න එපා.
ReplyDeleteටික්කාගේ කතාව නම් සම්පුර්න ඇත්තක්.
Deleteඔව් මචං හරියටම හරි .
Deleteඔව් අසංග අයියේ .මමත් එකයි ටික්කා තුමා කියන දෙයට
Deleteලිපියේ ප්‍රධානව කියවුන තාක්ෂනය ගැන දැනුමක් නැති නිසා කමෙන්ටුවක් දාන්න අපහසුයි. කොහොම උනත් ආර්ථික වශයෙන් ඉහල ස්ථානයක ඉන්න කෙනෙක් තමන් දියුණු වුන, දියුණු වෙන සියලු මුලාශ්‍ර එලියට දායි කියල නම් හිතන්න අමාරුයි.
ReplyDeletewww.nodutu-lowa.blogspot.com
ඔව් අපිට එහෙමත් හිතන්න පුළුවන් .
Deleteඅලුත් මුණක් වගේ මේ පැත්තට . බොහොම ස්තුති අදහස් දැක්වීම ගැන .
මමත් ආව ඔය පැත්තේ . දිගටම ලියමු
අපි නොදන්න ඒ අයි.
ReplyDeleteදැන් බලන්ඩ කලන සෑර්, දම්මික පෙරේරා සෑර් ඔතනට ආවේ 'ක්ලීන්' විදියටම නෙවෙයිනේ. ආණ්ඩුවට වංගු ගැහුවනේ. නැද්ද මං කියන්නේ.
ජල්තරේ දාන ක්‍රමේ හොඳට දන්න නිසා ඕනෙනං ඒකෙ 'හිල්' වහන්ඩත් ඇහැක්. හැබැයි ඉතිං ලේසි වැඩේ කොලේ වහල ඉතුරු ටිකටත් ගේම දෙන එකනේ. ඒගොල්ලෝ බබාල.
ජයවේවා!
Myself Hattor
ඔව් , හැට්ටර් මලයා ,. ඔය අයගේ පිරුවටය සුදු නෑ ඇත්තටම , නේද . හොද සෙල්ලම් දාපු උදවිය .
Deleteජයවේවා!
නියම ලිපියක්
ReplyDeleteබොහොම ස්තුතී ඔබට !
Delete