Thursday, May 7, 2020

මාකෙළි ඇල්ල සොයා පාලින්ද නුවරට .



කිහිපදෙනෙක් දන්න, ගොඩක් දෙනෙක් නොදන්න අපේ රටේ තියන තවත් සුන්දර දිය ඇල්ලක් තමයි මාකෙළි ඇල්ල.

අද අපේ ගමනාන්තය වන්නේ සුන්දර මාකෙලී ඇල්ලයි. අගලවත්ත අඩවියේ හෙක්ටයාර් 1350 කින් පමන සමන්විත නෙලුකැටිය රක්ෂිතය හරහා ගලා බසින මාකෙළි දොල මෙම ස්ථානයේදී සුන්දර මාකෙළි ඇල්ල බවට පත්වෙනවා. උසින් මීටර් 21 පමණ උස මේ මාකෙළි කොමලිය ‍‍ෛඑතිහාසික පාලින්ද නුවරට පමනක් නොව මුලු ලක් මෑනියන්ටම ආභරනයකි.ප්‍රකට කුකුලේ ගඟ ජල විදුලි බලාගාරය මේ ආසන්නයේ පිහිටා ඇත්තේද ඇල්ල අසලමයි.


කුකුලේ ගඟ ජල විදුලි බලාගාරය


කලුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි මේ සුන්දර ඇල්ල වෙත මතුගම - රත්නපුර ප්‍රධාන මාර්ගයේ පැමින ලත්පඳුර හංදියෙන් හැරී කිලෝ මීටර් 20 පමන කෙලින් කන්ද මාර්ගයේ පැමිනීමෙන් ලඟා විය හැකිය. හොරණ බුලත්සිංහල හරහා මෝල්කාවට පැමින එතැනින් ‍ කෙලින් කන්ද මාර්ගයේ පැමිනීමෙන් ලඟා විය හැකිය. බස් රථයකින් ගමන් කරන්නේ නම් මතුගමට පැමින මාර්ග අංක 437 කෙලින්කන්ද - මතුගම බස්රථයක පැමිනිය යුතුය. 

නිරිත දිග මෝසමෙන් මෙම ප්‍රදේශයට තද වැසි ලැබෙන අතර වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 400 පමන වේ.ජනවාරි - මාර්තු අතර කාල වලදී ඇල්ලේ ජල ධාරිතාව මදක් අඩුවන නමුදු වසරේ අනෙක් කාල වලදී අධික ජල ධාරිතාවක් සහිත අලංකාර දිය ඇල්ලක් නැරඹිය හැකිය.

දිය ඇල්ලේ කෙටි වීඩියෝවක් 

මාකෙලි ඇල්ලට නම වැටුන විදිහ ගැනත් අපූරු ඉතිහාස කතාවක් අහන්න ලැබෙනවා. ඒ තමයි පස්දුන් කෝරළයේ පැරණි අගනුවර වෙන්නේ පාලින්ද නුවර. මේ ප්‍රදේශයේ තියෙන කඳු ගිරිදුර්ග නිසාවෙන් මේ ප්‍රදේශයට ස්වභාවික ආරක්‍ෂාවක් ලැබීම ඒකට හේතු වෙලා තියෙනවා. ඒ නිසාම මේ ප්‍රදේශය වීදියබණ්ඩාර කුමාරයා සැඟවිලා ඉන්න භාවිතා කරල තියෙනවා. මේ කාලයේ කුමාරයා දිය ක්‍රීඩා කරන්න දිය ඇල්ලට ඇවිත් තියෙනවා. පසු කලෙක ඔහු මේක අගනුවර කරගෙන ඔහු දිය ක්‍රීඩා කල ස්ථානය "මා කෙළි ස්ථානය" යැයි හඳුන්වා දී තිබෙනවා. පසුව එම දිය ඇල්ල, මාකෙළි ඇල්ල ලෙස ව්‍යවහාරයට එකතු වුනා කියල තමයි ඉතිහාස කතාවල කියවෙන්නේ.


වීදියබණ්ඩාර කුමාරයා 

කෝහොම නමුත් මාකෙලි ඇල්ල දියනෑමට නම් එතරම් සුදුසු තැනක් නෙවෙයි. මේ වනවිටත් මේ ඇල්ල මිනිස් ජීවිත් 38ක් පමන බිලි අරගෙන තියෙනවා කියලයි අපිට අසන්න ලැබුනේ. ඒ නිසා මෙම ඇල්ල අසල දියනෑම විතරක් නෙවෙයි දිය ඇල්ල මුදුනට ගිහින් සෙල්ෆි ගහන එකත් ජීවන ගමනට තිත තියෙන එකක් වෙන්න පුළුවනි. එමනිසා මාකෙලි ඇල්ල බලන්න යනවනම් ඉතාමත් අවධානයෙන් පරිස්සමින් කියලයි කියන්න තියෙන්නේ.




යන අතරමග 

කලකට ඉහත මහා ගං වතුරකින් ඔය කන්ද නාය ගොස් ගමක් පිටින් වැලලුනා කීයලා දැනගන්න ලැබුනා.

ඈතින් ලස්සණ පාලමක් , ගම් දෙකක් යාකරන

ලගට ගියාම තමයි දැක්කේ අවදානම . දේශපාළුවන් ට ලෑලි ටිකක් වත් දාල දෙන්න බැරිද මේ අහිංසකයන්ට 

ඔන්න අපි ආවා දිය ඇල්ල ළගට 

වාහනය නවත්වන්න පහසුකම් එහෙම සලසලා දීල තියෙනවා 

දියඇල්ල බලන්න ප්‍රධාන ස්ටේජ් එකක් එහෙම හදලා තියෙනවා . අත්වැල් තියෙන පඩි පෙළක් තියෙනවා පහලට බහින්න 

සුන්දර මාකෙළි ඇල්ල


ඔන්න එහෙනං ආටියාගේ තවත් සංචාරයක් මේ විදියට ඉවර වෙනවා. මේ සටහන කියෙව්ව ඔයගොල්ලෝ හැමදෙනාටම බොහොම ස්තුතී.
තවත් සංචරක සටහනකින් නැවත හමුවන තුරු ඔබට සුභ දවසක්!

ඔබ සියලු දෙනා හට මේ කෙටි පණිවිඩය මේ සමගම දන්වනු කැමැත්තමි. 

මාකෙළි ඇල්ල හා අවට පරිසරය තවමත් නොකිලිටි පරිසරයක් වශයෙන් තිබෙනා බැවින් එය මතුපරපුරටත් ඉතිරි කරදීම ඔබගේ යුතුකක් නොව අනිවාර්ය වගකීමකි. ඔබ එය ඉටුකර යුතු ය. විශේෂයෙන් පොලිතින් ප්ලාස්ටික් වැනි දේ නැවත ඔබගේ ගමන් මල්ලේ ම දමා ඒමට ඔබ කාරුණික වියයුතු ය.

* ආටියාගේ සංචාරේ 





ආදරණීය ධනූ , සුදු ඇදගෙන කළු ඇවිදින් හී පුදුම ගං කාරයෝ හොයා ගෙන බකමුණ සහ ඇළහැරටත් නාඋල මාතලේ හරහා නුවරටත් , කිසිදා නොදුටු තනුර මල්ලී සොයා දිගන , හුන්නස්ගිරිය , හසලක හරහා මහියංගනයට පැමිණ එතනින් ගිරාදුරුකෝට්ටේ , දෙහිඅත්තකන්ඩිය, අරලගංවිලෙන් මාදුරු ඔය රක්ෂිතයට මැදින් මහඔයටත් එතනින් පදියතලාවටත් මහියංගනය හරහා නුවර ගිය පිස්සු ගමණ

කලකට පෙර ජාතික පුවත්පතකට ලියූ එහෙත් හේතුවක් මත පළනොවූ ලිපියක් 
නකල්ස් .

බුකියේ කවි පිළිතුර රකුසාගේ පඩිපෙළ දිගේ කොටගල සිට රෝසැල්ලට


අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...