Wednesday, November 29, 2017

මගේ ආදරේ යන්නම ගියා .



පරිස්සමට බලාගත්ත 
මගෙමයි කියා හිතපු 
මගේ ආදරේ 
මගෙන් යන්නම ගියා ..... 

දුකයි....ඒ පොඩ්ඩක් නෙවෙයි ගොඩක් 
එත් මොනවා කරන්නද 
හිතුවේ මම බොරු කරනවා කියා 
එයාට අනුව සාධාරණයි

මොකද දන්නවද 
මගේ පෙර වැරදි ෆයිල් වල 
පිරිලා නිසා
කමක් නෑ සැක කරාට 

මම ආදරය ඉල්ලා 
ඔබේ දණ ළග 
හඩා වැටෙද්දී ඔයා කිව්වේ 
වදයක් වෙන්න එපා කියලයි 

හරි මම යන්නම් 
ආයේ නොයෙන්නම 
හිටපු දිහාවට 
හැබැයි මගේ ආදරේ  තියලා 

***

Monday, November 27, 2017

මෙලීසා


මේ උබ එනවද ?

එන්න වෙන්නේ නෑ මචං .

එහෙම කියල කොහොමද . ඔක්කොම බලාගෙන ඉන්නවා .

මම නිදි බන් .

රෙද්ද , හිටපිය ඇහැරවල අන්ද ගෙන යන්න මම එන්න .

එපා බන් . අනේ මට නිදා ගන්න දීල උබල පලයල්ලකෝ .

පව් යකෝ මෙලීසා . කොච්චර කාලෙකට පස්සෙද මෙහෙ අවේ . එකී බලාගෙන ඉන්නේ උබ එයි කියල හිතාගෙන.  මට තුන් පාරක් කතාකරල ඇහුව උබ එනවද කියල .

ඉතිං උබ කියපන මම එන්නේ නෑ කියල .

එහෙම කොහොමද බං .  මට තේරෙන්නේ නෑ ....... කියමින් දුරකථනය විසන්ධි කරේ මගේ කලක පටන් බොක්කේ මිතුරක් වූ ෂාම් ය .

ඉන් පැයකට පමණ පසු මගේ දුරකථනය පසෙකෙන් තබා නින්දේ දෙවන ඉනිම ක්‍රීඩා කරන්නට සැරසෙත් ම වහනයක් ඇවිත් නලව වාදනය කරනවා ය .
ෂාම් නිවසටම පැමිණ ය . මට ගැලවීමක් නැත . ඊලග මොහොතේ කඩාගෙන බිදගෙන කාමරය ඇතුලට එන බව මට සක්සුදක් සේ විශ්වාස ය .

යකෝ , මු තවම නිදි . මොකක්ද බන් නැගිටලා යමන්කෝ .

බෑ බන් මට . කියා අනිත් පැත්ත හැරෙද්දී ම ,

හරි ඒ කියන්නේ උබට බෑ .

බෑ තමයි යකෝ .බැරි නිසා තමයි බෑ කියන්නේ .

දැන් මම මෙලී ට මොකක්ද කියන්නේ .

උබ ඕන දෙයක් කියගනින් මට මොකද කියා මම අනිත් පැත්තට හැරී නිදන්නට වීමි .

රෙද්ද ,,.... උබල මාර මිනිස්සු බන් කියා මගේ උරහිස තල්ලු කර ෂාම් ඇදෙන නැගිට්ටේ , අයෙත් උබ මට කතාකරන්න එපා කියමිනි .

මම නෑසුන ගානට සිටියෙමි .

මෙලී කියන්නේ ෂාම් සහ මගේ කුඩා කල සිට මිතුරියක් වන අතර ඇය මේ වන විට විශ්ව විද්‍යාලයේ නිවාඩුවක් සදහා මිට මාසයකට පමණ පෙර ලංකාවට පැමිණියේ කැනඩාවේ සිට ය . අදින් දින දෙකකට පෙර මම ලංකාවට පැමිණියේ විශ්ව විද්‍යාලයේ මාසයක නිවාඩුවක් නිසා ය . මෙලී ට මා හමුවන්නට ඕනෑ වූ නමුත් පසුගිය දින දෙකේ දී ම මට ඇය ව හමුවන්නට නොහැකි උනේ ඇය බණ්ඩාරවෙල ප්‍රදේශයේ විනෝද ගමනක් ගොස් සිටි නිසා ය .

ෂාම් සහ තවත් මිතුරන් කිහිපදෙනෙක් මෙලී සමග කුඩා සාදයක සුදානම් කර තිබෙන්නේ හැමෝම එකතු වන දිනයක් නිසා ය .


"ඉන් පයකට පමණ පසු "

කෙසේ වෙතත් මගේ හිත කියන්නේ එහි යායුතුය කියා ය . මට මෙලී තනියම හමුවියයුතුව තිබූ අතර ෂාම් ගේ මේ කුඩා සාදය නිසා එය අවුල් වී ගියේය යන වග මට වැටහුණි . එහෙත් එහි සිටින්නේ මගේ දන්නා හදුනනන මිතුරන් වූ නිසා හැමෝම පුදුමයට පත් කරන දෙය මම මෙලී ට කලයතු යැයි සිතුවෙමි .

එකල ට්‍රාන්ස් ඒෂියා අද සිනමන් ලේක්සයිඩ් හෝටලය වෙත මම යද්දී ඔවුන් ලොබියේ ඉදිරියට පැමිණියේ මා පිළිගැනීමට වන අතර හැමෝටම පෙර මෙලී මා වෙත දිව විත්  Hey .... කියමින් මා උණුසුමෙන් වැළද ගත්තාය .

I have .... කියා මම ඉතුරු ටික කියද්දී ම

I  have to tell you something ........i'm getting married  කියා ඇගේ ඇගිල්ල මා වෙත පෑවා ය .

එත් සමගම මම හැමෝම පුදුම කරවන්නට කියා ගෙන ආ මුදුව මගෙන් ගිලිහි වැටුණි . මම ද පැමිනියේ මගේ ආදරය හැමෝම ඉදිරියේ ඇයට ප්‍රකාශ කිරීමට ය . එහෙත් මම ප්‍රමාද වී ඇති හැඩකි .



මගේ හොදම මිතුරා ෂාම් මට වඩා ඉක්මන් වී ඇත .ෂාම් මේ උත්සවය සුදානම් කර ඇත්තේ ඔවුන්ගේ මේ අලුත් බැදීම හැමට කීමට ය .

පසුව ඔවුන්ගේ විවාහය ඊට පසු සතියේ තිබුන අතර මම එහි දෙවන මනමාලයා වීමි . දෙවැනි මනමාලියක වූ ජෝඅනා සහ මම අතර අලුත් මිතුදමක් ගොඩනැගුනේ මේ විවාහය අතරතුර ය .

ෂාම් - මෙලී , විවාහයෙන් දිනකට පසුව ජෝඅනා මට දුරකථන ඇමතුමක් දී ඇසුවේ හමුවන්නට එන්නට පුළුවන් ද කියා ය ?

" පුළුවන් " කියූ මම ඇය හමුවීමට ගිය අතර ඇය මා වෙනුවෙන් ගල්කිස්ස මහා හෝටලයේ මේසයක් වෙන් කරලා ය . ඇය ට උවමනා වී තිබෙන්නේ මට රාත්‍රී භෝජනයක් සුදානම් කරන්නට ය . ඒ අනුව අපි රාත්‍රී භෝජනය ගෙන නිදහසේ හෝටලයේ මුහුදු දාරය වෙත එකිනෙක අත් පටලා ඇවිද ගියෙමු .

බොහෝ වෙලාවක නිහඩව ඈත මුහුද දෙස බලා සිටි අප දෙදෙනා තවත් එකිනෙකට ලං විය . ඇය මගේ දෙතොල් උණුසුමෙන් සිපගත්තා ය . ඒ සිප ගැනීම තුල කිසිදු රාගික හැගීමක් නොතිබුණු අතර ආදරයක් තිබුණු බව මට අදටත් මතකය . අදටද ගල්කිස්ස මහා හෝටලයේ මුහුදු දාරය වෙත යන හැම විටම මට ජෝඅනා මතක් වන්නේය .


බොහෝ වෙලාවකට පසුව නිදහසේ බොහෝ දේ කථා කර අප යන්නට කියා සැරසෙද්දී ම වාගේ ඇය කියන්නේ ඇය හෙට නැවත එංගලන්තය වෙත යන බවක් ය .ඒ  නැවත නිවාඩුවට පැමිණෙන පොරොන්දුව පිට ය . මට කදුළු වැටුන අතර මම ඇස් තද කරමින් වහන් කර අතර උත්සාහයෙන් සිනාවක් මුහුණට ගෙන ඇයට ආදරයෙන් සිනා සුනෙමි. එහෙත් මගේ දුක මම ඇයට පෙන්න්නට නොගියෙමි . මම ලොකු හුස්මක් ගත් අත්තර ඇය ද ඒ අයුරෙන් ම සුසුමක් ගත් බව මට ඇසුනි . අපි සුසුම් වලින් කතාකරා වැනි හැගීමකි . 

පසුව ඇයට සමු දුන් මම මගේ ජීප් රියට ගොඩ වෙද්දී මට ඇගේ සුවද වහනය පුරා දැනුනි . මගේ ඈදුමේ ද දැනුනි . ඇය අගේ සුවද මතකයක් මෙන් මා අසල තබා ඈතට යනවා වැනි හැගීමක් මට ජනිත විය .


ජීවිතය ගැන අමුතුම ගුප්ත බවක් මට මේ සති දෙක තුල දැනුන අතර මට එය මෙය යැයි කියන්නට නොවැටහේ .

Thursday, November 23, 2017

"සැබෑ පරමාදර්ශ හා ස්වායත්ත සමාජ චලිතයන් පිරුණු එක යුගයක් නිමාවට පත්වෙමින් පවතී "



"An era of sincere ideals & intrinsic pro-social behaviors is reaching its end"

සමාජක්‍රමය ක්‍රමිකව වර්ධනය වන බව අප හැමෝම හොදට දන්නා කාරණයක් . වර්ධනය හොදද නරකද කියන එක සාපේක්ෂ සාධකයක් පුද්ගලානු බද්ධ මානසික මට්ටම වලට . ඒක හරියටම කියනවනම් හැමෝම සමාජ ක්‍රමය දෙස බලන්නේ තමන්ට පදනම් වෙලා . මම හිතන්නේ ඒක බාහිර සාධකයකට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියල . හරියටම කියනවනම් ඒක නුතන අධ්‍යාපන ක්‍රමයටවත් වෙනස් කරන්න අමාරු සාධකයක් . අපි දකින අපිට පෙනෙන අපි වින්දනය කරන ලෝකයට වඩා එහා ගිය මානයක ඉගෙන මේ පැත්ත බැලුවොත් එක හොදට තේරෙයි .

ඇත්තටම අපි ඉන්නේ කොච්චර විචල්ල්‍ය ලෝකයක ද ? අපි දන්නේ නෑ හෙට අපිට මොකද වෙන්න තියෙන්නේ කියල . අපි හිතන්නේ හෙට දවස ගැන නෙවෙයි . අතීත ක්‍රමයට වඩා නුතන ක්‍රමය වෙනස් උනේ මෙහෙමයි , මේ විදියටයි කියන්න තරම් සංකීරණ තත්වයක නෙවෙයි අද වෙනකොට අපි ඉන්නේ . අපිට බෑ ඊලග මොහොත ගැන කල්පනා කරන්න . අපි අපිගැන පුදුම වෙනවා වෙලාවකට , තව වෙලාවකට අපි අපි දෙස බලලා හිනා වෙනවා , අඩනවා ඔයවගේ දේවල් එක්කල තමයි අපි අපේ ජීවිතය ගෙවන්නේ . මේක ගැන පුදුම වෙන්න දෙයක් නෑ එක පැත්තකින් බලනවා නම් .මොකද අපි අපේ සමාජ ක්‍රමය තුල හිර කරුවෝ වෙලා ඉන්නේ .අපි උත්සහ කරන්නේ නෑ මේකෙන් ගොඩ එන්න පුළුවන් විදියක් ගැන .

අපිටම අනූන වෙච්චි සමාජ තල වල ජිවත් වීම හැරුන කොට ඊට එහා ගිය දෙයක් ගැන අපි හොයනවනම් ඒ අඩුවෙන් . වහනයක් , ලොකු ඉඩම් ගෙවල් මිනිස්සුන්ගේ මට්ටම මනින අලුත් සාධක වෙලා ඉවරයි . මිනිස්සු සිතුවිලි වලින් කොච්චර පෝසත් ද කියල හොයාගන්න මිනිස්සුන්ටම තේරෙන්නේ නෑ .
මේ ලගදි දවසක "මම මාතර දෙසට දිවෙන අධිවේගී මාර්ගයේ යද්දී දැක්ක වාහනයක පොඩි වහු පැටියෙක් හැප්පිලා මැරිලා / පණ අදිමින් ඉන්නවා . වාහනයේ ගිය ය බැලුවේ වහනයට වෙච්චි අලභානිය දිහා මිසක් තාම අතින් අහිමි උන ජීවිතය දිහා නෙවෙයි " මම කියන්නේ අපි අපිවම රවට්ටගෙන තියෙන්නේ .

මේ රැවටීම ආරම්හ උනේ කාලය කියන සාධකයත් එක්ක . පසුව මුදල් කියන සාධකය කරලියට ආව . දැන් අපි ඉන්නේ මේ දෙවෙනි සාධකය එක්ක . අපි හිතන්නේ මුදල් වලට ඕනේ දෙයක් කරන්න පුළුවන් කියල . එහෙම නේද ? මට හිතෙනවා මේ යුගයේ අවසානයත් එක්ක අපි අලුත් සාධකයක් වටා එකතු වෙයි කියල . එක මේ හැමදේකටම එහා ගිය අභව්‍ය සාධකයක් වෙන්න පුළුවන්.නැත්තම් ඒක හරියට අස්ථිර සාධක ගොන්නක් වෙන්න පුළුවන් . මට කියන්න තියෙන්නේ අපි තවදුරටත් අපිව රවට්ට ගන්න ඕනේ නෑ කියන එක . අපි අපිම උනා නම් හරි කියන එක . අපි අපිවෙනුවෙන් ඉන්න ඕනේ කියන එක. මේ නව සංකල්පයත් එක්ක හැමෝම වගේ කපටි කම් , වංචා , බොරු වගේ බරපතල ගණයේ ලා සැලකෙන වැරදි වලින් බැහැරට ගියොත් අපි නුතන තරගකාරිත්වය තුල සිරකරුවන් වෙන එකක් නෑ . හැමෝම හැමෝටම තරගයක් දීල වැඩක් නෑ . හැමෝම තමන්ට තරගයක් දෙන්න පටන් ගත්තොත් මේක ඉවර වෙයි හොද විදියට . මම කියන්න දන්නේ නෑ මේක ඔප් නැංවිය හැකි දෙයක් ද කියල ? ඒත් මම හොදටම දන්නවා මේ මම මෙච්චර වෙලා කියපු හැම දෙයක් ම කවද හරි කොහේදී හරි ඇත්ත වෙනවා කියල . හැබැයි එදාට එක බලන්න මම ඉදී ද දන්නේ නෑ . ඔන්න ඔය හින්දා තමයි අද මම මේක මේ විදියට ලියල අහවර කරේ.


Tuesday, November 21, 2017

මගේ නයිට් ක්ලබ් මතකයන්



අපේ සත් ගුණවත් තඩියා මහතාගේ "නයිට් ක්ලබ් උණ" පොස්ටුව කියෙව්වට පසු " මගේ නයිට් ක්ලබ් මතකයන් "  මෙහෙම ලියා තියන්න කල්පනා කොලේ මෙව්වා අමතක වන නිසා ය . අපටද මෙවන් පිස්සු කාලයක් තිබුණා නේ කියා මතක් වෙන්නට ය .

"රෑ කෑම සොයා කිලෝමීටර 160 " පොස්ටුව කියෙව්වා මගේ ආදරනීය පාඨක ජනතාව  එකල මගේ රැකියාවේ ස්වභාවය සහ පසුබිම දන්නා බැවින් නැවත ඒ ගැන ලියන්නට නොයන්නේය .

බොහෝ දිනවල රෑ 9 පහු වෙනතුරු වැඩ කර අපට හිතට නිදහසක් කියා දෙයක් තිබුනානම් ඒ සුක්කානම හැරුන අතේ ගිය විනෝද නෑ නෑ වචනේ විකාර ගමන් සහ කොලබ තිබුන නයිට් ක්ලබ් වන්දනාවන් ය . බොහෝ විට මේ සියලු ගමන් වල සාදර සමාදර දායකත්වය ගෙන කටයුතු කරේ සම්ප්‍රදායික අන්තවාදී මුස්ලිම් ආගමිකයකු නොවූ අප කාගේත් හිතවත් කාශිෆ් ය. ඔහු සමග මේ ගමන යන අනෙක් සමාජිකයා වන්නේ අපේ ප්‍රසන්නයා ය . බෑ කියා දෙයක් ශබ්ද කෝෂයේ නැති ඔහු ද කාශිෆ් මෙන් අවංක මිතුරක් ව සිටියේය .අප තිදෙනා රැකියාව අවසන් වී මසකට සැරයක් හෝ දෙකක් සිකුරාදාවක සමාජ ශාලාවක් සොයා ඉගිල්ලෙන්නේ නිදහස එහි ඇති බව එකල විශ්වාස කර නිසා ය . මෙව්වා කියවද්දී මගේ ආදරනීය පාඨක ජනතාව අප ද මාලක සිල්වා වරු ලෙස ගණන් නොහද ගන්නා සේක්වා.


එකල මට අප තිදෙනාටම පෙම්වතියන් නොසිටි නිසා මේ අයුරෙන් නිදහසේ රස්තියාදුවේ යාමට හැකියාව තිබුන අතර බොහෝ අවස්තා වල මම ගෙදරට ඇමතුමක් දී පූර්ව දැනුම් දීමක් කර තිබුනේ අද සුපුරුදු පරිදි රාත්‍රී භෝජන සංග්‍රහයක් තිබෙන බව ය . එකල මම වැඩ කර ආයතනයේ බොහෝ අවස්තා වල රාත්‍රී භෝජන සංග්‍රහයන් කොලබ කුමක් හෝ හෝටලයක පවතී අතර ඒවා නැති දින වලදී ඒවා පිටින් දමා මේ අයුරෙන් නිදහසේ රස්තියාදුවේ යාම නොහොබිනා ක්‍රියාවක් බව වැටහුනේ බොහෝ කලක් ගත වූ පසුවය . අනාගතය සදහා මුදල් ඉතිරි කලයුතුය යන අදහසක් එකල නොවූ නිසා ලැබෙන වැටුප මේ ආකාරයට පුච්චා දැමීම මන්දබුධික ක්‍රියාවක් බව අද වන විට වැටහෙනවා ය .

අප තිදෙනාම කොලබ ඩී ආර් විජයවර්ධන මාවතේ පහිටි  Pier 3 Night Club හි යාවජීව සාමාජිකයන් වූ අතර අප කොතරම් මේ සමාජ ශාලාවට ගෝස් සිටියේද යැයි කියන්නට හොදම නිදසුන වන්නේ අප තිදෙනාම ඇතුලට එන විටම dj කරන එකා අප පිළිගැනීමට වෙල්කම් කිරීමය . මෙය අපට මහත් හිසරදයක වූ අතර පසු කලෙක මෙය නවතා දැමුවේ අප මේ සමාජශාලාවෙන් වෙනත් එකක් සොයා ගිය නිසා ය . වසර 10 කට පමණ පෙර Pier 3 Night Club එක වචනයේ පරිසමාර්ථ අර්ථයෙන් ම Night Club  එකක් ම විය . අද වන විට එහි කළමණාකාරිත්වය වෙනස් වීම් නිසා දෝ වන්නට මෙන් ගොසිප් අඩවි වල පවා නම ගා ගැනීමට සමත් ව තිබීම දුකට කරුණකි.


ඉතින් මේ අයුරෙන් Club එක තුලට පිවිසෙන අප බීමට අවැසි දේ අනැයුම් කරන්නේ බොහොම කල්පනාවෙනි . ප්‍රසන්නයා මේ කටයුත්තේ පරතෙරට ගිය එකෙකු නිසා ඔහු මුල් වී කටයුතු කරන අතර අපෙන් කා බී විනෝද වන්න ට එන යුවතියන් කළමණාකරණය කිරීම ද ප්‍රසන්නයා අතින් ම සිදු වේ . අපට නැති ඔහුට ඇති සුවිශේෂී හැකියාව වන්නේ කටගහගෙන ගොස් හෝ අවැසි දේ කිරීම ය .දිනක් මම ප්‍රසන්නයා ට කිව්වේ වෙනද එන කෙල්ල නැතුව වෙන එකෙක් සෙට් කරපන් කියා ය . ඔහු ඒ දෙය කරන්නට ගොස් සිදු වූ ඇබැද්දිය අදටත් මතක ය . මම දුරකථන ඇමතුමක් ගැනීමට ඩාන්සින් ෆ්ලොව් එකෙන් එලියට එද්දී club එකේ කෙල්ලන් 4-5 ප්‍රසන්නයා වටකරගෙනය . ලගට කර බැලින්නම් ඔවුන් ප්‍රසන්නයට බනිනවා ය . ඒ වෙනදා කෙල්ල මග හැර වෙනත් එකියක් සොයන්නට යද්දී වෙනදා එන කෙල්ලට මාට්ටු වීමයි . අවසානයේ කෙසේ හෝ අලුත් කෙල්ලෙක් සමගින් එන්නට ප්‍රසන්නයා සමත් වනවා ය . ඒ අයුරෙන් අප තිදෙනාම කෙල්ලන් මාරු කරගත් අතර VIP යාමට ද පසුව පුරුදු විය .VIP යාම යනු Club එකේ නිදහසටත් එහා ගිය නිදහසක් වෙනුවෙන් බොහෝ CLUB වල වූ කොටසය .


මේ අයුරෙන් කොලබ NASA  ,වින්ට පැල්ස් , බේස් ,  ක්ලියෝපැට්‍රා සහ තවත් සමාජ ශාලා රැසක ගොස් මුදල් විනාස කර අප සැබෑ නිදහස තිබෙන්නේ මෙතන නොවේ යැයි අවබෝධ කර ගත් අතර පසුව එකල කොලබ ගලධාරි හෝටලයේ වූ සම්හාන මද්‍යස්ථානයට ගිය පසුව ඉන් ද කාලයකට පසුව සුක්කානම හැරුන අතේ සති අන්තය ගත කිරීමට ගියෙමු .

දිනක් වෙරි මරගතාතෙන් වාහනය පදවද්දී පොලිසිය නැවත්වූ අතර දඩ කොලයක් නොමැතිව පොලිසියෙන් ද බේරී එන්නට ප්‍රසන්නයා සමත් වනවා ය . ඒ කොහොමද යන්න අදටත් උත්තර නැති ගැටලුවක වන අතර ඒ කෙසේද දන්නේ නම් උඩ ඉන්න දෙවියෝ පමණි .


තවත් දවසක දෙහිවල සරණංකර පාර අසලින් කශිෆ් අප දමා ගියෙයේන් අප දෙදෙනා කොහුවල දක්වාම ටුක් එකක් සොයා පයින් ගිය මතකයද හැමදාම හිතේ තියෙනවා ය .

උදේ  වැඩට යන්නට බලාගෙන අලුයම නිවසට එන මමත් ප්‍රසන්නයාත් පැය කිහිපයක් නිදා ගන්නා අතර මටත් පෙර ඌ උදෙන් ඇහැරී අම්මා කුස්සියේ උයන තැනට ගොස් පඩියේ වාඩි වී අම්ම සමග කියවමින් උදේ කිරි කෝප්පය පානය කර හැටි අදත් මට මතකය .

අම්මා ට අනුව මම එපා කරපු එකෙක් වූ අතර ප්‍රසන්නයා යනු හොද ළමයෙකි . මුගේ කරට්ටුව දන්නේ මම සහ කශිෆ් වන අතර එව්වා අම්මට කියා ප්‍රසන්නයා අමරුවෙන් හදා ගත් කාඩ් එක කුඩු කර දැමීමට තරම් අප එකල නරක ළමයින් නොවීමු . අදටද අම්මා ප්‍රසන්නයා ආදරයෙන් මතක් කරන්නේ එදා පඩියේ ඉගෙන අම්මා උයනකම් කියෙව්වා මතක් කරමින් ය .

කාලයත් සමග මම මෙම ආයතනයෙන් ඉවත් වූ අතර පසුකලෙක කාශිෆ් මෙන්ම ප්‍රසන්නයා ද රැකියාවේන් ඉවත් වූ බව දැනගන්නට ලැබුණි . ඔවුන් මෙව්වා කියවන්නේ නැති නිසා හොද ය . නැත්තම් ලුණු ඇබුල් ඇතිව අහගන්නට වනවා ෂුවර් ය .

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ මෙව්වාට ගොන් කම් කීම ගොන්නුන්ට ද කරන අගෞරවයක් බව ය .

Monday, November 20, 2017

බුකියේ කවි පිළිතුර






මිතුරා ගේ වරුණාව :- 

මීදුමි සලු පටල ඔතා..
මැණික් රැවන් මුවඟ පුරා..
සීතල පිණි දෙපයෙ දොවා..
ගමනක සකි නාරිලතා..

මගේ පිළිතුර :- 

රකුසාගේ පඩිපෙළ දිගේ 
කොටගල සිට රෝසැල්ලට යන 
අප්‍රකට පුරාණ කරත්ත පාර දිගේ 
කෑලි කැපිය හැකි තරමේ මීදුමෙන් 
දැරිය නොහැකි තරම් සීතලෙන් 

කූඩෑල්ලන්ගේ රාජධානිය මැදින් 
යන ගමන අතර මග 
ඇය කියයි 
තවත් නම් යන්නට බෑ කියා ....


Thursday, November 9, 2017

ක්‍රිස්ටිනා

"උබට මම කොච්චර කියල තියනවද ක්‍රිස්ටිනා ගැන හිතන්න කියල . මොකක්ද බන් එයාගේ තියන අඩුව කියපන්" .

මම නිහඩ ව දෙවෙනි ගොල්ෆ් වටය සදහා පියමැන්නෙමි .

දොස්තර වික්‍රමසිංහ නැවතත මා දෙසට පැමිණ , "බලපන් කල්පනා කරලා ක්‍රිස්ටිනා කියන්නේ මල්ටි මිලියනේර් කෙනෙක්. ලෝකේ රටවල් කීයකින් එයාට citizenship offer කරලා තියනවද . පොඩ්ඩක් හිතපන් මම දැන් අවුරද්දක් තිස්සේ කියන්නේ මොනවද කියල" .

මගේ අරමුණක් නැති පහරවල් දෙස ඔහු බලා සිට කිවේ , "මම හිතන්නේ මම ඔයාව මහන්සි කරනවා කියල" .

මම පෙරලා "නෑ" කීවෙමි .

මට තේරෙන්නේ නෑ කියා බිදුණු හඩින් කී දොස්තර වික්‍රමසිංහ මගෙන් ඉවතට යන්න සැරසෙද්දී මම ඔහුව නවතුවේ ,

"මොනවා හරි බොන්න club හවුස් එක පැත්තට යමු ද " කියා ආරාධනා කරන්නට ය .

ඔහු " යමු එහෙනම්" කියූ නිසා මගේ දෙවෙනි ගොල්ෆ් වටය අතරමැද නවතා සෙමින් ඒ දෙසට යන්නට වූහ.

"මිස්ට අටිගලට මම කියන දේ නවත්වන්න කියල මම හිතන්නේ" නැවතත් දොස්තර වික්‍රමසිංහ බිදුණු හඩින් කියද්දී මම විස්කි වීදුරුව ඔහු වෙත පෑවේ ය .

"මිස්ට වික්‍රමසිංහ , මට බෑ මගේ දුව තනි කරන්න . එයාට එයාගේ අම්ම මම කියන අපේ පවුල තරම් වෙන කවුරුවත් වටින්නේ නෑ , වයිෆ් ගේ වැරදි තිබුන කියල දරුවා එකෙන් සෆර් වේවි ජිවත් වෙන්න ඕනේ නෑ නේ . කවදාවත් වෙන කෙනෙක් ට තමන්ගේ දරුවා නොවන වෙන දරුවෙක් තමන් ගේ වගේ කියල හිතෙන්නේ නෑ නේ . පොඩි හරි වෙලාවක හිතෙනවා නේ මේ මගේ දරුවා නෙවෙයි කියල  ඔන්න ඔය දේ නිසා තමයි මම වචනයක් දුන්නේ  නැත්තේ මිස්ට වික්‍රමසිංහ "

" ක්‍රිස්ටිනා කොච්චර ආදරෙයි ද දුවට . මතකද කොච්චරක් වටිනා ඩයමන්ඩ් තෑග්ගක් ද දුන්නේ එයට . ඔය ඔක්කොම ආදරේ නිසා නෙවෙයි ද මිස්ට අටිගලට . "

"මිස්ට වික්‍රමසිංහ අයි හැමදෙයෙක් ම සල්ලි වලින් මනිනෙන් ඔයා , සල්ලි කියන්නේ ලොකු දෙයක් නේවෙයි නේද ?  " මම ඇසුවෙමි .

"ඔය මිස්ට අටිගලලගේ ෆැමිලි බැක්රවුන්ඩ් එක නිසා , නැතුව වෙන දෙයක් නෙවේයි . ඔයා ඔය අතහරින්න හදන්නේ හිතාගන්නවත් බැරි තරම් වටිනා opportunity එකක් .මිස්ට අටිගලට වඩා අවුරුද්දයි නේ බාල . කොච්චර ලස්සනයි ද ? ලෝකේ රටවල් කියක එයටම කියල ගෙවල් තියනවද . මැරෙනකම් සතුටින් ඉන්න නේ තියෙන්නේ නේද ? " දොස්තර වික්‍රමසිංහ තරමක් කලකිරීමෙන් කථා කිරීම මගේ සිතට වේදනාවක් විය . ඔහු හදන්නේ මට හොදක් කිරීමට මිස වෙනකක් නොවේ කියා මම දනිමි . ක්‍රිස්ටිනා වසර 10 පමණ සිට මම හොදින් දන්නා මගෙන් සේවාව ලබාගත් අවිවාහක වියපාරිකාවකි. අගේ බොහෝ අදහස් මා සමග ගැලපුනද මගේ දරුවා යන සාධකය මහා පවුරක් මෙන් අප දෙදෙනා අතර සිටියේ ය . ඇගේ විවුර්ථ භාවයට මා අදටත් ආදරය කර අතර ඇගේ සමාගමය මට මගේ ලන්ඩන් ජීවිතය නැවතත් මතක්කර දීමට සමත් විය . මගේ බිරිද පවා ඇයට ආදරය කර අතර ඇයද බිරිද කෙරෙහි දැක්වූ වේ ධනවාදී අදහසකි . ක්‍රිස්ටිනා සමග මගේ කාලය ගත කිරීම කෙරෙහි ඇය සැක මුසු ඇසින් බැලූ බව මම දනිමි . එහෙත් මගේ බිරිද කිසිම දිනක ක්‍රිස්ටිනා ගැන දොසක් හෝ වැරද්දක් මට කියා නැත . මිට සති තුනකට පමණ පෙර මම බිරිදත් දරුවාත් සමග සති අන්තය ගත කිරීමට මාතලේ පරදේශයට යද්දී ක්‍රිස්ටිනා ද සම්භන්ද වෙන්න දැයි ඇගෙන් ඇසූ විට ඇය උපක්‍රමිකව ක්‍රිස්ටිනාව මග හැරී හැටි මට තවමත් මතකය .

එදා බිරිද මගෙන් විමසුවේ " ඔයාට ක්‍රිස්ටිනා එක්ක හිතවත් කමට එහා ගිය දෙයක් තියනවද කියා ය"   මම ඇයට කියා සිටියේ ඇය මගේ හොද මිතුරියක් පමණක් බවයි .  ගැහැනියක සමග හිතවත් කමක් ගොඩ නගා ගැනීමට ඇය සමග නිදාගන්නට ම ඕනේ නෑ යැයි මම ඒ මොහොතේම කියූ නිසා මගේ බිරිද ගේ මුහුණ රෝස පැහැ ගැන් වීමට සමත් විය .

සත්‍ය ලෙසම ක්‍රිස්ටිනා සමග මගේ තිබුනේ හිතවත් කමක් පමණි. ඊට එහා ගිය දෙයක් අපි අතර කිසි දා සිදු නොවී ය .ඇතැම් අවස්ථා මම හිතාමතා ම මග හරියේ විවාහක දරුවෙක් ද සිටින පිරිමියෙක් තුල තිබිය යුතු වග කීම මම හොද හැටි දන්නා නිසා ය . තවද මා ප්‍රතිපත්ති ගරුක චරිතයක් ලෙස විවාහයෙන් පසු ජිවත් වන්නට හිතා සිටි අයෙක් මී .ප්‍රතිපත්ති වලට මම ආදරය කර අතර මට හැගුනේ ඒ දේ ජිවිතයේ අංගයක් ලෙස ය . ඇතැම් අවස්ථ වල එහි වූ අපහසු කම් ද නොදැනුනා ම නොවේ . එහෙත් මම මගේ ලෝකයේ ජිවත් වන්නට ආදරය කර මිනිසෙක් විය . ශේක්ස්පියර් ඇගේද හිත් ගත් චරිතයක් වීම සහ ඇයද පොත් වලට ප්‍රිය කරන්නියක් වීම මට මහත් වින්දනයක් ගෙනදෙන්නට වූ සාධකයක් විය . ඇතැම් දින වල පැය ගණන් පුර ගෙවී යන සාහිත්‍ය සංවාද අප දෙදෙනා අතර හිතවත් කම දෙගුණ තෙගුණ කරන්නට විය . 

ක්‍රිස්ටිනා උපන්නේ මහනුවර පරදේශයේ වුවද ඇයට වසර එක පිරෙන්නට පෙර දෙමාපියන් සමග බ්‍රිතාන්න්ය ට යන්නට වුයේ මහාචාර්යවරයකු වූ පියාගේ පරේක්ෂණ පත්‍රිකා භාර දීමට ය . ඉන් පසු කේම්බ්‍රිජ් සරසවියේ ආර්ථික විද්‍යාව පිළිබද ආචාර්ර්ය වරයකු ලෙස වසර 34 නොකඩවා කටයුතුකර ඔහු හදිසි පිලිකා තත්වයකින් පසු මෙලොව හැර ගියේ ය.පියාගේ අඩි පාරේ යමින් ක්‍රිස්ටිනා ද මේ වන විට කේම්බ්‍රිජ් සරසවියේ ආර්ථික විද්‍යාව පිළිබද ආචාර්ර්ය උපාධිය ලබා ගෙන සිටියා ය . ඇය සහ මම මුණගැසුනේ එවකට ඇගේ විශ්වවිද්‍යාලයේ තිබු උපක්‍රමික කළමනාකරණය පිළිබද දේශනයක පළමු කතාව කිරීමට එම විශ්වවිද්‍යාලයේන් මට ආරාධනා කර තිබු නිසා ය . දේශන අවසානයේ දී විනාඩි 20 පමණ දේශකයා සමග කතා කිරීම බ්‍රිතාන්න්ය විශ්වවිද්‍යාල බොහොමයක වගේ සම්මත සිරිතක් නිසා ඒ කතා අතර වාරයේ දී ඇය ඇසූ ඇතැම් ප්‍රශ්න වලට පිළිතුරු දීම අපහසු වූ නිසා මම හමුවීමට කැමතිනම් පමින්නෙන යැයි මම ආරාධනා කලේ ය . ඇය ඒ අයුරින් ම පැමිණ මා හමු වූ අතර මම මෙන් ම ඇයද පටිසෝතගාමී ච්න්තනයකින් යුතු චරිතයක් වූවාය.

පසුව මගේ ආයතනයෙන් උපදේශන ලබා ඇගේම වියාපාර සමුහයක් ආරම්හ කර ඇය අදටද සිතා සිටින්නේ මේ සියල්ලකම ප්‍රධාන සාධකය මම කියා ය . එහෙත් මම කරපු මහා දෙයක් නැති බව 14 වතාවකට වඩා මම කියා ඇති මුත් ඇය එය පිළිගන්නට අදටත් අකමැති ය . ඇගේ වචන වලින් කියන්නේ නම් "දෙවියන් වහන්සේ මා ඒවා ඇත්තේ ඇයට පිහිට වීමට ය" උපතින් බොදු සිංහල මිනිසෙකු වූ මම දේවත්වය සහ සංකල්ප , හුදෙක් කල්පිතයන් පමණක් බව වටහා ගෙන සිටියේය . තමන් මහන්සි වූවොත් එහි ප්‍රතිපල තමන්නට උදාවන බව මම නිවැරදිව වටහා ගත්තේ පාසැලේ 9 පන්තියේ දී ය .ක්‍රිස්ටිනා දිනෙන් දින ලෝකයේ ඉහලට ම යනු දැකීම මගේ සතුට වූ බව ඇය දන්නා නිසා වරෙක ඇගේ සමාගමේ අධක්ෂක මණ්ඩලයට පවා මා පත් කර ගැනීමට වෙහෙසුනේ මට හිතා ගන්නට වත් බැරි විදියට ය . එහෙත් වුර්තිමය වශයෙන් ඇයට සහය දක්වනවා ඇරෙන්නට වෙන යම් දෙයක් මට අවැසි නැති බව මම කියා සිටියෙන් ඇයට හමුවූ මිනිසුන් අතර මා ලොව අව්ව්‍යජම මිනිසා මම බව වරෙක ඇය කිවා ය .

මේ සියලු දෙයින් පසු මගේ ලෝකයට එන්නට ඇය තැත් දරන්නේ බ්‍රිතාන්න්ය රාජකීය විය්ද්‍යා සංගමයේ හිටපු ලේකම් වරයකු වූ  ජීවන්ත වික්‍රමසිංහ මහතා හරහා ය .දොස්තර වික්‍රමසිංහ බොහෝ කාලක් මගේ පුද්ගලික සහ අප පවුලේ දොස්තර ලෙස කටයුතු කර අයෙක් ය . පසුගිය යුධ සමයේ බ්‍රිතාන්‍ය වෙත සංක්‍රමණය වූ වික්‍රමසිංහ පවුල දකුණේ වංශවත් පවුලක් වූ නිසා මෙන්ම සරල මිනිසෙක් නිසා අප පවුලේ මිතුරන් ලෙස කටයුතු කරන්නට සුදුසු බව මට වැටහී ගියේ ය . දොස්තර වික්‍රමසිංහ හා  ක්‍රිස්ටිනා මිතුරැ වුයේ මා හරහා ය . අවසානයේ මගේ ජිවිතයට ඇතුළු වීමට දොස්තර වික්‍රමසිංහව සාධකයක් කරගැනීම මට බොහෝ සිත් නොදුන් දෙයක් උවද මම එය ඔවුන් දෙදෙනාටම නොපෙන්නුවෙමි. මගේ පවුල් ජිවිතයේ ඇතැම් හැලහැප්පිම් දොස්තර වික්‍රමසිංහ දන්නා නිසා එය ඔහු පදනම් කරගෙන මට කතා කරන්නට විය . මම කිසිත් මගේ නොවන අයුරින් පොත් කියවමින් , ගොල්ෆ් ගසමින් , විටෙක සුළුවෙන් උණුසුම් පාන ගමින් මගේ දරුවා ගේ ලෝකයේ තනි වී සිටියෙමි . ඔවුන් දෙදෙනා ට අනුව මේ ගෙවන්නේ පිස්සු ජිවිතයක් වූ අතර ඒ ඔවුන් කියන්නා පිස්සු ජිවිතයට මම ආදරය කලෙමි . බොහෝ අවස්ථා වල නොටනංහිල් හි දිවා රාත්‍රී පුරා පැවැත්වෙන නාට්‍ය බැලීමට ද මා ප්‍රිය කලෙමි . ඇතැම් විට මා රස්තියාදුකාරයෙක් ය යන බව මට වැටහුණු නිසා නැවතත් ලංකාවට පැමිණීමේ හැකියාව මා සොයා බැලුවෙමි .

ඒ අනුව මම ලංකාවේ මගේ ආයතනයක් පිහිටවූ අතර ඉන් පසු කලක දොස්තර වික්‍රමසිංහ ලංකාවෙට පැමිණියේ අදටත් ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක කොටස් මිලදී ගත් නිසා ය . මේ සා මහා පරිමාණයේ ආයෝජනයක් දොස්තර වික්‍රමසිංහ කර තිබුනේ ක්‍රිස්ටිනාගේ ආයතන සමුහය හරහා බව මම දැනගත්තේ බොහෝ කාලයකට පසුවය . පසු කලෙක දොස්තර වික්‍රමසිංහ ලාභංශ නොපැකිලි ක්‍රිස්ටිනාගේ ආයතන සමුහයට පියවීමට පටන් ගත් නිසා ඇය ලංකාවේ ප්‍රධානම හෝටල් සමුහයේ කොටස් ද දොස්තර වික්‍රමසිංහ හරහා මිලට ගත්තා ය . ඔවුන් දෙදෙනාම අදටද හිතන්නේ මේ හැම දෙයකම සංකල්ප මගේ බව ය. එහෙත් මම ඔවුනට කිවේ මම දුන්නේ උපදෙස් පමණක් බවය. දොස්තර වික්‍රමසිංහ ලංකාවේ නිදහස් අධාපනයෙන් ප්‍රතිලාබ ලැබු චරිතයක් වූ අතර මම ඔහුගේ අවංක කමට ආදරය කලේ ය . එහෙත් ඔහුට සල්ලි නැතිවම බැරි අංගයක් නිසා මම වැඩිය ඔහු ලගට යන්නට ප්‍රිය නොකළේ ය . සල්ලි වලට කෑදර අය කෙරෙහි එදා සිට මගේ තිබුනේ කලකිරීමක් පමණක් ම ය . එහෙත් මේ කිසිවක් මම ඔහුට නොපෙන්නුවේ මම ඔහුගේ බොහෝ ගතිගුණ වලට කැමැතක් දක්වපු නිසා ය .   

කාලය අපටත් හොරා ගෙවී ගිය අතර අප ක්‍රමයෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ගමනක් යන බව මට දැනී ගියේය . ක්‍රිස්ටිනා සහ දොස්තර වික්‍රමසිංහ සමග එකල ගෙවූ කාලය දැන් ගෙව්වන්නට මගක් නැත්තේ ඔවුන් ලෝකයේ එක එක තැන් වල සිට වියාපාර මෙහෙයවන අතර මම හුදකලා ව ගොල්ෆ් ගසමින් කාලය ගෙවා දැමුවෙමි . ඔය අතර දිනක් මගේ දුරකථනය නාද වූ වේ ලංකාවේ එක්තරා සුප්‍රසිද්ධ ගොල්ෆ් පිටියක් සහිත හෝටලයක අධ්‍යක්ෂක මණ්ඩලයේ වැඩ භාර ගන්නට පැමිණෙන්න කියා ය . මා නිසා ඔවුන් සුළු උත්සවයක් සංවිධානය කර ඇති අතර උදැසන 8 වන විට එන්නට පුලුවන්න්ද යනුවෙන් කථා කර නිලධාරිනිය විමසුවා ය . මම මහත් විශ්මයට පත් වූ අතර "කරුණාකර මේ පිළිබද කරුණු පහදන්න" කියා ඉල්ලා සිටියෙමි . කරුණු පැහැදිලි වූ යෙන් මම පසු දින උදේ 8 වන විට හෝටලයට පැමිණි මා පිලිගැනීමට පැරණි අධ්‍යක්ෂක මණ්ඩලය සේවකයන් සුදානමින් සිටියෝ ය . මගේ පළමු කතාව කිරීමට පෙර කුඩා ලියුම් කවරයක් මා අත තබූ නිලධාරිනිය කියා සිටියේ උත්සවය අවසානයේ මෙය කියවන්නට කියා එවූ අය කියපු බවක් ය . ඒ අනුව සියල්ල අවසානයේ ලියුම විවර කර මට සුපුරුදු සම්ප්‍රදයික ෆවුන්ටන් පෑනකින් ලියු ඇසට හුරු අකුරු පෙනෙන්නට විය .

එහි වූ යේ ...

ආදරණිය මිස්ට ෆැන්ටස්ටික් , 

ලෝකයේ ඔයා ආසම කරන ගොල්ෆ් පිට්ටනිය මම ඔයාට තෑගි කරනවා . 

ඔබේම , 
ක්‍රිස්ටිනා....     




"ගොල්ෆ් ක්‍රීඩාවේ අරමුණ හුදෙක් ජයග්‍රහණය නොවේ. මහත්මයකු ලෙස ක්‍රීඩා කොට ජයග්‍රහණය කිරීමයි."
- ෆිල් මිකල්සන් -

Tuesday, November 7, 2017

Gotabhaya Rajapaksa



නුතන ලෝකයේ රටක ත්‍රස්තවාදය මුලින් උපුටා දැමූ පළමු හා එකම ආරක්ෂක ලේකම්වරයා. 




ඔබට ජාතියේ උත්තමාචාරය! 

Thursday, November 2, 2017

හන්තාන

හන්තාන.



"එන්න එන්න . , මම බැලුව ඇයි පරක්කු කියලා"  .

"කඩුගන්නාවේ ඉදං දිගටම මාර ට්‍රැෆික් එකක් නේ තියෙන්නේ" .

"හිතාගන්නවත් බැනේ මචං මෙච්චර ලස්සනතැනක ද උබ ඉන්නේ කියල" .

"හන්තාන උඩට වෙන්න වෙන්න ලස්සනයි කියල අහල තිබුනට මෙච්චර ලස්සනක් නම් මම හිතුවේ නෑ "

ඩිෂාන් සහ ඔහුගේ බිරීද මගේ නිවසේ අවට පරිසරයේ සුන්දරත්වයෙන් මත් වී සිටි බවක් පෙන්නන්නට තිබුන අතර සිතින් මම ආඩම්බර වූවෙමි . එහෙත් ඔවුනට එය පෙන්වන්නට නොගියේමී .

සාලයේ සෝෆාව මත හිදගත් මගේ කුඩා කල සිටම මිතුරා වූ ඩිෂාන් ඊලග තප්පර කිහිපයේ දී එහිම දිගා වුනේ ඔහුගේ ම නිවසක ඉන්නාක් මෙන් අපුර්ව නිදහසක් ගතට ආරූඪ කරගෙන ය . බිරිද ද තමන් නිදහසේ පසුවනවා පෙන්නවන්නට මෙන් අසල තිබූ පැද්දෙන පුටුවේ අසුන්ගත්තා ය .

"ඇත්තටම ඇයි මචං මෙච්චර ගානකට ගෙයක් ගත්තේ , අනික උබ ලංකාවේ වැඩි වෙලාවක් නෑ නේ "

මම සිනා සී කියා සිටියේ "නිදහසේ ඉන්න ඕනේ නිසා" කියා ය . ඩිෂාන් සහ ඔහුගේ බිරීද එකවර හිස වනුවේ ඔවුන්න්ටද එය දැනුනා කියන්නට වගේ ය .

ඩිෂාන් සහ ඔහුගේ බිරීද මා එකල එංගලන්තයේ සිටින විට මගේ දුක සැප සොයා බැලුවේ සහෝදරයකුගෙන් නැති අඩුපාඩුව මට නොදැනෙන්නට ය . කුඩා කල සිටම ඔහු මගේ ප්‍රියතම මිතුරෙක් වූ අතර අදටද ආදරය කරන චරිතයක් විය .  දක්ෂ වියපාරිකයකු මෙන්ම උපක්‍රමික විවසයාකයකු මෙන් ඔහු ලංකාවේ ජනප්‍රිය වූ යේ මිට වසර පහකට පමණ පෙර දී ය . අදටත් ඔහුගේ ආයතන සමුහය ලෝකයේ බොහෝ රටවල පවා පැතිර තිබෙන්නේ ඔහුගේ ඒ හැකියාවේ ප්‍රතිපලයක් නිසා වන්නට ඇත .

ඔවුන් දෙදෙනාට මම විශේෂ අමුත්තන්ගේ කාමරය සුදානම් කර අතර ඔවුනට අවශ්‍ය දේ සූදානම් කර දෙන්න යෑයි මුළුතැන්ගෙට දන්වුවේමි .

Wild coffee හෙවත් කැලේ වැවෙන කොපි වලින් ඔවුන් ව පුදුම කරවිය හැකි යැයි මම දන්නා නිසා එන්නට පෙර සිටම ඒවා සුදානම් කර සිටියෙමි . ඩිෂාන් සහ ඔහුගේ බිරීද ලෝකයේ තිබෙන කොපි වලින් 90% හෝ ඊට වැඩි ප්‍රතිශතයක් රස විදි අය බැවින් මෙය අලුත් ම අත්දැකීමක් වනු නොඅනුමානය .

බි අවසන් වූ පසු විස්තරය කියූ මගෙන් යද්දී "ගෙනියන්න දෙන්න පුලුවන්ද" ඇසුවේ ඩිෂාන් ගේ බිරිද ය . "හරි මම දෙන්නම්කො" කියා මා කීවෙමි . දහවල් ආහාරය අප සැම ගැනීමෙන් අනතුරුව ඔහුට ඕනෑ උනේ ඇවිදීමට ය . වත්ත අවට ඇවිද්ද ඩිෂාන් පුදුම වූයේ නිවසේ පහල බැවුමේ තනා ඇති ජල තටාකය දැක ය . දෙදෙනාම නෑමට සුදානම් වූ අතර මම මගේ පුස්ථකාලයට වී පොතක් කියෙව්වේ ඔවුනට නිදහසේ සිටීමට අවස්තාව ලබා දෙන්නට මෙනි .

******************************************************************************

සිතල රාත්‍රිය සහ හන්තාන දෙසින් ආ සිතල සුළග ඕනෑම අයෙකුගේ හැගීමෙ අවුස්සනට තරම් ප්‍රබල බව මම හොදාකාරවම දනිමි . පුදුමය නම් මේ සුවිසල් බංගලාවේ මම පොත් නමැති සුන්දර ලෝකයේ තනි වී සිටීමය . පළමු ආදරයේ වේදනාව තවමත් මගේ හිත යට පැලපදියම් වී සිටි නිසා නැවතත් ආදරයක් ගැන සිතන්නට මට උවමනා නොවී ය  . ඇතැම් විට එය මනෝවිකාරයක් ද වන්නට පුළුවන් අතර සිතින් මවාගත් ලෝකයේ මා සිරකරුවෙකු වී ඇති බව මට හැගේ .ලන්ඩනයේ ගතකල ඒ සුන්න්දර නිදහස සොයා මා හන්තානේ තනි වූ වාද කියා මට නොවැටහේ . ආදරයේ වේදනාව හුදෙක් බොළද තර්කයක් වන බව මට වැටහී ගියත් මම ඒ සුන්දර තනිකමට ආදරය කලෙමි . පොත් වල වූ චරිත වල මට ජිවත් වන්නට ඕනෑවටත් වඩා අවස්ථාව තිබූ අතර මම ඒ දේ සුළුවෙන් කලෙමි . අවසානය ගැන මට බලාපොරොත්තුවක් නොවූ නිසා මම මේ මොහොතේ ජිවත් වන චරිතයක් වීමි .

ඔවුන් දෙදෙනා සීතලට ගුලි වෙමින් ඈත අනන්තය දෙස බලමින් සිටි මොහොතේ මම කෑමට ආරාධනා කාලක් මෙන් මට දැනුන නිසා මම "සමාවෙන්න දෙන්නට කරදර කරානම්" . එංගලන්තයේ දී පවත්වාගත් ඒ විනය තවමත් ඒ අයුරින්ම කියා ඩිෂාන් සිනා සී අසන්නට තැත් කරා මෙන් මට වැටහිණි .මම විණයට ආදරය කලෙමි . විනය තුලින් බොහෝ දේ අපට ලැබෙන බව මම දැනගත්තේ කුඩා අවදියේ සිට ය .

කෑම රසයි! කියා ඔහුගේ බිරිද  කියන විට මට වැටහී ගියේ ඔවුන් මට එකල ඉස්තරම් අන්දමින් සලකපු අයුරු ය .

ආහාරය අවසානයේ සාලය පසෙකින් ඇති මගේ Bar Cabinet එකට ඩිෂාන් ගියේ ඉස්තරම් බැලැක් ලේබල් බෝතලයක් ගැනීමේ අදහසින් වන අතර ඔහුගේ බිරිද ට මම බියර් බෝතලයක් ගෙනත් ඒ අසලින් තැබුවෙමි .
උණුසුම් පානයන් ගෙන් සුවය විදි අප සතුටේ හිනිපෙත්තට ගෙන එන්නට කළු ලේබලය සමත් වී ඇත . ඔහුට තරමක් වැඩි වී ඇති බවක් පෙන්නේන්ට තිබුන අතර ඇය විනයවත් ව සුභ රාත්‍රියක් යැයි පවසා නින්දට ගියේ ඔහුව වත්තම් කරගෙන වගේ ය .

මමද මගේ පොත් ලෝකයට ගියේ නින්ද මම අසලවත් නැති නිසා ය . මගේ දුරේක්ෂයේන් අහසේ තරු රටා අධ්‍යනය කරන්නට මම ආදරය කර අතර පොත් කියවා විවේකය ලද විට තරු බැලීමේ නිරත් වෙමි . බොහො වෙලාවක් එහි සිටි මා අසලට ඩිෂාන්ගේ බිරිද පැමිණි අතර එය මට පුදුමයක් වුයේ ඇය මහ රැ එකට පමණ මෙහි කුමක් කරනවද කියා ය . ඇය කියා සිටියේ "නිදි මත නෑ " එකයි ආවේ . ඇය මම තරු බලනවා දුටු අතර ඇයටද බලන්නට ඕනෑ බව මට පැවසුවා ය . "මේකේ මොනවත් පෙන්නේ නෑ" නේ කියා ඇ කියපු විට මම කීවේ "ඕක  adjustable" කියා ය  . "කෝ කරලා දෙන්නකෝ " ඇය කියද්දී මම Adjust කරන්නට ඇය අසලට ගියේ ඇය ඇගේ ඇස දුරේක්ෂයේ තබා ගෙන සිටින විට ය . මම අසලට පැමිණීමත් සමග ඇය සිතා මතා හෝ මගේ ඉදිරිපසට හේත්තු වන්නට වන් හැගීමක් මට ඇති විය . පසුව ඒ මොහොතේම එකවර ඇය මාදෙසට හැරුන අතර මෙවන් දෙයක් මම ඇගෙන් අපේක්ෂා නොකලෙමි .
ඇය මගේ ගෙල වටා ඇත යැවූ අතර එය මට පැරිසියේ දී මම මුලින් ම මගේ එකල පළමු පෙම්වතිය වූ ඇනා සිපගත් අයුරු සිහි විය .

අවසානයේ ඇය මාගේ දෙතොල් තදින් සිපගත් අතර ඒ සිපගැනීමේ අමුතුම රසයක් මට දැනුනි . වචනයක් වත් නොදොඩා ඇය තමන්ට අවැසි දේ සොයා යන්නෙක් මෙන් කටයුතු කරන අයුරු මට උන් හිටි තැන් අමතක කරේ ය . දෙදෙනාම අසල ඇති සෝෆා ව අසලට ගිය අතර මා ඈ හා පැයක් හෝ ඊට වැඩි කාලයක් අපි අපේ ලෝකයේ ගත කරන්නට ඇත . කාලයකට පසු මගේ ජිවිතයේ අලුත් අරම්හයක ගැනීමට මෙය කාලය යැයි , මට වැටහී ගිය අතර , පිටව යන්නට මොහොතකට පෙර ඇය කියා සිටියේ " අයි නීඩ් ඉට් අගේන්" කියා ය . මම "විල් සී" කියා ඇගේ දකුණු කම්මුල සිප ඇයට සමු දුනෙමි . "I really enjoy your company " කියා ඇය කියා "තැන්ක්ස් අ ලොට් "කීවා ය .

මුළු රෑ පුරා නින්ද නොගිය මට මගේ යටි හිත කිවේ මම වරදක් කරා කියාය . එහෙත් මා අසලට රුවෙන් පිරිපුන් ඇය වැන්නියක් පැමිණි මොහොතේ හැගීම් දැනීම් නැත්තෙක් සේ සිටින්නටද බැරි ය . කොහොමත් මම මට ආත්ම වංචනයේ යෙදෙන්නට කැමති අයෙක් නම් නොවෙමි.  මම මගේ මිතුරා රවට්ටුවේද . රව්වටුවේ නම් මේ දේ අප දෙදෙනා පලැන් කර කර යුතු ය . එහෙත් එසේ නොවේ . ඇය පැමිණි පසු වූ දෙයකි . සිදු වූ දේ සිදුවී හමාර අතර වුනු දෙයින් පසුතැවිලි වීමට පලක් නැත . තවද ඒ හමුවීමේ කියන්නට කිසිම අඩුවක් නැත්තේ එවැන්නක් මම මගේ ජිවිතයේ මේ අයුරින් සර්ව සම්පුර්නව වින්ද දෙවෙනි වතාව මෙය බැවිනි . ඒ රාත්‍රියේ වූ කලී හන්තාන නමැති සරාගී දෙවගන මට දුන් තෑග්ගක් ද කියා මට සිතෙන්නේ , ඇය ඒ මොහොතේ දෙවියන් විසින් එවූවෙක් සේ මට දැනුනු නිසා ය .

                                                                            ***

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...