Friday, February 22, 2019

පිටකන්ද මුදුණ සොයා කබරගලට




ඔං එහෙනම් ආටියා පහුගිය අවුරුද්දේ බලකඩුව දියඇල්ල සොයා සංචාරක සටහන ලිව්වා වගේ මේ අවුරුද්දෙත් තවත් සංචාරක සටහනක්  ඔයගොල්ලෝ එක්ක බෙදා ගන්නයි කල්පනා කරේ.

දිනය:- පහුගිය (2018) දෙසම්බරේ 22 වන දින

පහුගිය දෙසම්බරේ අපි හාමිනේ ගේ මාතලේ මහා ගෙදර ආවේ රිවස්ටන් යන්න කියල හිතාගෙන. අපි හරියටම ආවේ දෙසැම්බර් විසි එක.  රිවස්ටන් යන්න හිතන් හිටියේ දෙසැම්බර් විසි තුන. ඉතිං දෙසැම්බර් විසි දෙක කරන්න දෙයක් නැති නිසා කට්ටියත් එක්ක කථා උනා කන්දේනුවර පැත්තට යමුද කියල. කන්දේනුවර හරියට නුවර එලිය පැත්ත වගේ කියල හාමිනේ ගේ අම්මා තාත්තා එහෙමත් කිව්වා.  ඉතිං අපි හැමෝම තීරණය කරා දවස ගතකරන්න ඔය පැත්තට යමු කියල.


ගූගල් මැප් එකේ බැලුවාම කන්දේනුවර ට වඩා වැදගත් තැනක් තියනවා කියල පේන්න තිබ්බා. ඒ තමයි "පිටකන්ද මුදුණ(Pitakanda Peak)" ඊට අමතර තවත් වැදගත් පිහිටීමක් මේ හරියේන් ටිකක් ඉස්සරහාට ගියාම තියෙනවා. ඒ තමයි අධි සංවේදී ලෝක උරුම නකල්ස් වන රක්ෂිතය සහ Campbell's Lane වන රක්ෂිතය වෙන් වන සීමාව.
සමහර විට ඔයගොල්ලෝ අහලානැතුව ඇති Campbell's Lane වන රක්ෂිතය ගැන. ඒත් ඔයාලා හැමෝම දන්නා, ගොඩ දෙනෙක් ගිහිල්ලත් තියෙන "සෙම්බුවත්ත", "මඩොල්කැලේ" "කැළෑබොක්ක, හුන්නස්ෆෝල්ස් ඒවගේ ම සුප්‍රසිද්ධ හුන්නස්ගිරිය කන්ද තියෙන්නෙත් Campbell's Lane වන රක්ෂිතයට අයිතිවයි.  මේ ප්‍රදේශයේ සියලුම තේවතු ඇල්කඩුව වැවිලි සමාගමෙන් තමයි පාලනය කරන්නේ. මුහුදු මට්ටමෙන් අඩි දෙදහසකට වඩා උස ප්‍රදේශයක තමයි මේ පිටකන්ද මුදුණ එහෙම නැත්තම් Pitakanda Peak එක පිහිටලා තියෙන්නේ. මම මේ සිතියමේ පෙන්නලා තියෙන විදියට මාතලේ ඉදලා පිටකන්ද මුදුණට කිලෝමීටර විසි පහක් විතර තියෙනවා. ඔය ප්‍රමානය කුඩාඋනත් මාර්ගය නම් අතිශය දුෂ්කර වට වංගු සහිත පටු ලිස්සනසුළු අබලන් මාර්ගයක් කියන්න ඕනේ. ඒවගේම දිනය පුරාවටම තියෙන ඝන මීදුම.



සංචාරකයන් අතර වැඩි ප්‍රසිද්දියක් නැති පිටකන්ද මුදුණට යන්න අපිට පැය කිහිපයක් ගත උනා. ඒ අතරමග පරිසරයේ සුන්දරත්වය විදිමින් මේ ගමන ගිය නිසා.  ඉදහිට අපිට දක්නට ලැබුනේ දළු පටවන් යන ලොරියක් සහ තනිදොර කුඩා බස් රථයක් පමණයි. කොලබ මෙන් නොව අපිට මුණගැහුණු හැමවාහනයක වගේම රියදුරන් ඉතා විනය ගරුක අය උනා.

තනිදොර කුඩා බස් රථය

ඉදහිට අපිට දක්නට ලැබුනේ.....

මේ ගමනේ දී කන්දේනුවර කඩපිල පහුකර පසු අපිට අතරමග කඩයක් පවා සොයාගන්නට අපහසු උනා. ප්‍රදේශයම පාලු සොභාවයක් ඉසිලු අතර අතීතයේ හොදින් කරගෙන ආබව පෙන්නේන්න්ට තිබුන එහේත් අද වන විට අතහැර දමපු තේ කර්මාන්තශාලාවක් ද දක්නට ලැබුණා. 




නකල්ස් වන රක්ෂිතය හරහා 


සාරවත් තේ දල්ලේ නැවුම් බව 

මීදුම මොහොතකට ඉවත් වෙද්දී 

පිටකන්ද මුදුණ




දුර පෙනෙන තනිතලා .....


සැට් ඒක


පිටකන්ද වතුයායට ඔබ සාදරයෙන් පිලිගනිමු 










 සිග්නල් නැති වෙලාවේ පිහිටට හිටියේ මෙයා තමයි


මීදුම් සේලේ මැදින් 






හෙළදාරේ පටු මාවත 




                                                                             ඝන මීදුම

කන්දේනුවර ජනපදය පහලින් 






 කුඩා දිය ඇල්ලක් 

මහා වෘක්ෂයක් 

කැළෑබොක්ක

පිටකන්ද මුදුන හරිම තද සීතලක් තියෙන්නේ. ඒවගේම ගහගෙන යන තරම් සුලගකුත් තියෙනවා. අපි ආපු වෙලාවේ ටිකක් විතර මීදුම අඩු වෙලා තිබ්බේ. හැබැයි පින්න තිබ්බා. 
කොහොමාරි පිටකන්ද මුදුනට සමු දුන්න අපි කබරගල(නගරය) කඩපිලට පැමිණි අපි අසල කඩයකින් තේ බී රසවත් උණු වඩේ කෑවා.  කබරගල තියෙන්නේ කඩ දෙකක්, තැපැල්හලක් සහ කුඩා කෝවිලක් විතරයි. 

අවසානයේ හවස පහට විතර අපි පිටකන්ද මුදුනට සමුදීල නැවත මාතලේ ගියේ හෙට දිනයේ රිවස්ටන් යන්න තිබෙන නිසා. 

ඔන්න එහෙනං ආටියාගේ තවත් සංචාරයක් මේ විදියට ඉවර වෙනවා. මේ සටහන කියෙව්ව ඔයගොල්ලෝ හැමදෙනාටම බොහොම ස්තුතී.
තවත් සංචරක සටහනකින් නැවත හමුවන තුරු ඔබට සුභ දවසක්! 



ඔබ සියලු දෙනා හට මේ කෙටි පණිවිඩය මේ සමගම දන්වනු කැමැත්තමි. 

පිටකන්ද මුදුන හා අවට පරිසරය තවමත් නොකිලිටි පරිසරයක් වශයෙන් තිබෙනා බැවින් එය මතුපරපුරටත් ඉතිරි කරදීම ඔබගේ යුතුකක් නොව අනිවාර්ය වගකීමකි. ඔබ එය ඉටුකර යුතු ය. විශේෂයෙන් පොලිතින් ප්ලාස්ටික් වැනි දේ නැවත ඔබගේ ගමන් මල්ලේ ම දමා ඒමට ඔබ කාරුණික වියයුතු ය.

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...