Wednesday, June 13, 2018

ආටියා ගේ රෝයෙල් ඉන්ස්ටිටුටියේ ගමන , වැල්ලවත්තේ බීච් එකේ බෝතල් පාර්ටි , ගෝල්ෆේස් එකේ හැට් කලෙක්ෂන් සමගින් රෝස්මින්ඩ් ප්ලේස් වල කෙල්ලගේ ගෙදර රැයක් .



මේක ආටියා ඕලෙවල් ලියල ඒ දවස් වල ගෙදර ඉන්න සන්ධියේ උන ෆන් අංශයට බර විස්තරයක් .

ඔන්න අද කාලේ වගේ නෙවෙයි ඉස්සර කාලේ සාමාන්‍ය පෙළ ලියල අහවර කරාම ප්‍රතිපල එනකම් නිවාඩු පාඩුවේ ආතල් එකට පොඩි රස්තියාදු පාරක් එහෙම ගහලා ඉන්න පුළුවන් කාල පරතරයක් තියෙනවා . අද නම් ඉතිං  සාමාන්‍ය පෙළ ලියල අහවර වෙච්චි ගමන් පහුවදා උසස් පෙළ පංති යන්න වෙනවනේ . ඔන්න අපේ කාලේ නම් එහෙම නෑ .

සාමාන්‍ය පෙළ ලියල ඉවර උණාම මගේ  ආසාවක් තිබ්බා "ග්‍රේට් වෙස්ටන් වල රෝසීඅක්කා" ව එහෙම බලලා එහෙ ටික කාලයක් ඉන්න . ඒත් දුක කියන්නේ එයා මම සාමාන්‍ය පෙළ ලියන්න දවස් කීපයකට උඩදී එංගලන්තේ ට ගියා වැඩිපුර ඉගෙන ගන්න කියලා .රිචඩ් අංකල් , ආන්ටි දෙන්නා එක්කම තමයි රෝසීඅක්කා ගියේ . යන්න දවස් දෙකකට විතර ඉස්සර අපේ ගෙදර ඇවිල්ලා නැවතිලා ගෙදර ඉදන් ම තමයි එයාපොර්ට් ගියේ කට්ටියම . ඒ රිචඩ් අංකල්  අපේ තාත්තා ගේ ලගම හිතවතෙක් වෙච්චි නිසා සහ කටුණායක අඩියෙන් අඩිය තියෙන චෙක් පොයින්වලින් පෝලිමේ බස්සලා චෙක් කරන කරදරයක් එහෙම තිබුනේ නෑ තාත්තා නිසා. කොහොම හරි මට ඒගොල්ලන් ව බස්සන්න එයාපොර්ට්  යන්න බැරි උනේ අමරනාත්බාලසුරිය සර් ගේ ගනං පන්තිය තිබ්බ නිසා . එත් මම යන්න ඉස්සර රෝසීඅක්කා මම බදා ගෙන මට "ඕලෙවල් හොදට කරන්න ඩාර්ලින්" කියල මට විෂ් කරේ හැමෝම ඉස්සරහා . ඉතිං ආටියා ට විලිලැජ්ජාවේ සංතෝසේ බැරුව ගියා කියමුකෝ . අනේ , උබලා මෙව්වා කියවල හිනාවෙනවා එහෙම නෙවෙයි හරිද .  මොකද ඒ බදාගත්ත බදා ගනිල්ලට මට හිතුනේ මමකවදා හරි රෝසීඅක්කා ව බදිනවා කියල අම්මපා .

ඔයින් කොහොම කොහොමරි සාමාන්‍ය පෙළ  ලියලා ඉවර උන ගමන් ආටියා ගේ පැටිකිරිය හොදට දන්නා මව්තුමෝ වැඩිපුර ඉංග්රීසි වලට කියල රෝයෙල් ඉන්ස්ටිටුටියට දැම්ම කියපන්කෝ . ඔහෙලා ට මතක ඇති නේද පරණ පෝස්ට් එකන් මම ලිව්ව " රශ්මි සමග ආටියා ගේ බ්‍රිස්ටිෂ් කවුන්සිල ගමන සහ තාත්තා ගේ හැබෑ චිත්‍රපටි ජවනිකා."  ඒ උසස් පෙළ ලියල අහවර වෙච්චි කාලේ කතාවක් . ඔන්න ඉතිං මමත් එක්ක රෝයෙල් ඉන්ස්ටිටුටියට යන්න මගේ පොඩි කාලේ ඉදන් යාලුව වෙච්චි මහේෂ් සෙට් වෙනවා . එක ලොකු දෙයක් ඇත්තටම , මොකද තනියෙන යන එක පට්ට බෝරින් අනික එතකොට කට් කරන්නමයි හිත .  රෝයෙල් ඉන්ස්ටිටුටියට යද්දී සමහර දවසට පංති කට් කරලා යනවා ෆිල්ම් එකක් එහෙම බලන්න අපි දෙන්නා . වැඩේ කියන්නේ අපිට හවසට යන්න මහේෂ් ගේ මහප්පා ගේ දුව වෙච්චි නිශා අක්කා එනවා එයා ගේ කාර් එකෙන් .වාහනේ යද්දී කොහේ හරි හැමදා ම නවත්වලා මොනවා හරි අරගෙන කකා යන්නේ . අනික අක්කා නවත්වන්නේත් එසේ මෙසේ තැන් වල නෙවෙයි .ඔය රෝයෙල් ඉන්ස්ටිටුටියට යන ගමනේ ආතල් ම හරිය හවස කාර් එකෙන් ගෙදර යන එක තමයි .

කට්ටියම සෙට් වෙනවා පන්තිය පටන්ගන්න ඉස්සර රෝයෙල් ඉන්ස්ටිටුටියට පැත්තෙන් තියන තේ කඩේට . ඉන්න උන් ගෙන් බාගෙට බාගයක් ම සිගරට් එකක් එහෙම ගහලා තමයි යන්නේ පන්තියට . අපි සෙට් එක හිටියේ අන්තිම පෝලිමට ඉස්සරහ පෝලිමේ . කරපු ඉගෙන ගත්ත ඉන්ග්රිසියක් නැති උනා ට  එහා පැත්තේ හිටපු කෙල්ලෝ දෙන්නෙක් ම සෙට් වෙලා හිටියේ . එකෙක් මියුසියස් ගිය තිලිණි . අනිත් කෙල්ල HFC බම්බා ගියපු අයේෂා . උන් දෙන්නා බලෙන් වගේ උදව්වට මම පන්ති කට් කරපු දවසට පාඩම් කියලා දෙනවා . පව් මේ ළමයි ඇත්තමයි . අන්තිමට දෙන්නාම දැනගත්තා වැඩේ . පස්සේ උං දෙන්න තරහ උණා මාව බෙදා ගන්න බැරුව . උන්දෙන්නා ගේ වළි , ගැස්සිලි මට සෙට් උනේ නැති නිසා හිටිය කලම්බු ඉන්ටනැෂනල් ගිය තව කෙල්ලෙක්  වෙච්චි නාදියා/නාඩියා සෙට් උනා. මොනවා උණත් කොල්ලෙක් වගේ බොක්ක හොද කෙල්ල . පස්සේ හොදටම ෆිට් උනාම අපිත් එක්ක සිගරට් එකක් බොන්නත් ආව අර ඉස්සර තිබ්බ ලොකු ගහ එක්ක ඇල හරියේ ඉදං . එකී තමයි කිව්වේ නෙස්කැෆේ එකක් එක්ක සිගරට් එකක් බීමේ අතල් එක . ඔන්න කෙල්ලෝ හරි ද ? 

කොහොම කොහොමාරි අන්තිම දවස උදාඋණා රෝයෙල් ඉන්ස්ටිටුටියට යන . අපි අන්තිම දවසේ පන්තිය ඉවර වෙලා බොන්න යමු කියලා කථා උණා වැල්ලවත්තේ බීච් එකෙට.  කොහොමරි දහයක් පහළොවක් වගේ සෙට් උනා ඔක්කොම.එදා චන්න මල්ලිටත් මමයි මහේෂුයි එන්න කිව්වා පන්තිය ඉවරවෙන වෙලාවට . අන්තිම දවස තිබ්බේ උදේ වරුවක නිසා දවසම රස්තියාදු ගහන්නත් පුළුවන් නේ කියල හිතාගෙන තමයි කට්ටියම වැඩේට බැස්සේ . මට හොදටම උන හැදිලා එදා . ඒත් අපේ සෙට් එක දාල යන්න බැරි නිසා මමත් ආව යන්න හැබැයි බොන්න නෙවෙයි . මොකද හොදටම උණ ,    ඉතින් වැල්ලවත්තේ හොදට ගසලා කට්ටිය කිව්වා ගෝල්ෆේස් යමු කියල . රේල්පාර දිගේ . කොහොම කොහොමරි කට්ටියගේ උගුරට හොරා වාස්ප වෙන ගල් බෝතල් බියර් අතරින් මමත් බයිට් ටිකක් වැඩිපුර කෑව . හොදටම ඩෝප් සෙට් එකක් එක්ක රේල් පාරේ යන එක පට්ට ආතල් එකක් . සමහර උන් පිල්ලේ බැලන්ස් එකේ යන්න ගිහින් වැටෙනවා . සමහර උං රේල් පාරේ සිල්බර කොටන් උඩින් යන්න ගිහිං වැටෙනවා . තව එකෙක් සිල්බර කොටන් මගහැරලා යන්න ගිහිං වැටෙනවා , ඕවගේ පට්ට අතල් මැදින් අපි සෙලාන් ටවර් එක හරියට එද්දී මම යාන්තමට දැක්ක කෝච්චියක් එනවා . මම කොහොමාරි කෑගහල කට්ටිය  රේල් පාරේන් අයින් කරගත්තේ අන්තිම මොහොතේ .

අන්තීමට කෝච්චිය ගිය විදිය දැකලා  හැමොගේම වගේ වෙරි හිදුනා කියපන් කෝ . කට්ටියම ඊටපසේ ගෝල්ෆේස් එකේ පෙම් සුව විදිමින් ඉන්න කපල් වලින් හැට් කලෙක්ෂන් එකක් දාන්න ගත්තා . ඔය අතර මනුලයා කිව්වා උන්ගේ තාත්තා වැඩකරන්නේ හෝලිඩේ ඉන් එකේ කියල ගිහින් කට්ටියටම කෑම අරං එන්නම් කියල . ඌ ගේනවා කෑම එක කාගන්න බැරි තරම් ලොකු එකක් . ඒ වගේම පට්ට රැසක් තිබ්බේ . මට තවම ඒ රස මතකයි වගේ . කොහොමරි හැට් කලෙක්ෂන් එකේ සල්ලි වලින් බීම බීලා අයිස් ක්‍රීම් එහෙමත් කාල කට්ටියත් එක්ක හවස් වෙද්දී ගෙවල් වලට එන්න බෙදුණා . මමයි , මහේෂ් , චන්න මල්ලි පිළියන්දලට ඇවිල්ලා මඩපාත බස් එක ගන්න ස්ටෑන්ඩ් එකට යද්දී පුන්නසිරි අය්යා අලුත ගෙනාපු බස් එක තිබුනා . සල්ලි ගත්තෙත් නෑ චන්න මල්ලි නිසා .

කොහොම හරි අන්තිමට රෝයෙල් ඉන්ස්ටිටුටියට ගිය ගමන ඉවර වුනේ . ප්‍රතිපල එද්දී මම තමයි පළවෙනියා . ඒත් මම දන්නේ නෑ කොහොමද එහෙම උනේ කියලා අදටත් . අන්තිමට ප්‍රතිපල ආපු දවසේ නාඩියා කිව්වා එයා ගානේ පාටියක් දෙනවා කියලා හැමෝටම එයාගේ ගෙදර රෝස්මින්ඩ් ප්ලේස් වල . හැබැයි කොන්දෙසීයක් එක්ක, ඒ බොනදේවල් අරගෙන එන්න , කන දේවල් එයා හදවන්නම් කියල . යද්දී තමයි දැනගත්තේ එයාගේ අම්ම තාත්තා රට ගිහිලා කියල . වැඩකරන ගෑනු කෙනා විතරයි . ඉතින් එදා මුළු ගේ ම අපේ වගේ තමයි . පාටිය මහා රෑවෙනකම් ගිහින් ගෙදර යන්න විදියක් නැති නිසා සෙට් එකම කාපු බීපු තැන් වල වැටිලා . උදේ බලද්දී එකාට එකා හිනා වෙනවා පිස්සුවෙන් වගේ .  නාඩියා ගේත් යාලුවෝ සෙට් එක එකී වගේ ම පට්ට හොදයි කියල හැමෝම කිව්වා. කිව්වේ කවුද කියල මතක නෑ දැන් , එකෙක් කිව්වා නාඩියා සහ යාලුවෝ සෙට් එක දිහා බලලා " මුන් වැරදිලා ද කොහෙද කෙල්ලෝ වෙලා තියෙන්නේ කියලා "  බොන බීම දැක්කම .

Tuesday, June 12, 2018

වහින දවස්වලට





ඒක් විවාහක ගැහැණු කෙනෙක් තරුණයෙක් සමග අාදර සම්බන්දකමක් අැති කරගෙන තිබුනි.

දිනක සැමියා වැඩට ගිය අතරතුර තරුණයා අැගේ නිවසට පැමිණ අැය සමග යහන් ගත වී සිටින අතර සැමියා හදිසියේ පැමිණෙන බව වාහනයේ ශබ්දයෙන් දැන ගැනීමට හැකි විය.

ඒයින් මහත් කලබලයට පත් අැය වහාම මෙතනින් පිට වී යන ලෙස තරුණයාට බැගෑ පත්විය.

තරුණයා කොපමණ කලබලයට පත්වී දැයි කිවහොත් අැදුම් අැදගැනීමට පවා වෙලාවක් නොමැතිව නිරුවතින්ම ජනේලයෙන් පැන අැදුම් කිහිලි ගන්වා ගෙන පාරට දුවන්නට විය.

ඒ අවස්ථාවේ වැස්සක් ද පැවතුනි.

ඒසේම ඒදා ඒ් පාරේ මැරතන් ධාවන තරගයක් තිබුනි.

මෙම තරුණයාද තරගයේ තරගකරුවන් අතරට ඒක්විය.

සෙමින් දුවන තරග කරුවන් කිහිප දෙනෙක් මොහු අසලින් දුවමින් සිටියෝය.

තරුණයා නිරුවතින් දුවන අයුරු දුටු ඒක් තරගකරුවෙක් අැයි ඔබ හැමදාමත් දුවන්නෙ නිරුවතින් දැයි අැසීය.

ඒවිට තරුණයා කීවේ "ඔව් නිරුවතින් දුවන විට පහසු මෙන්ම විඩාවක් නොදැනෙන" බව කීය.

තරුණයාගේ කිහිල්ලේ අැදුම් තිබෙනු දුටු වෙනත් තරගකරුවෙක් , අැසුවේ 

"අැයි ඔබ දුවන විට අැදුම් කිහිල්ලෙ තබා ගෙන දුවන්නෙ"? කියා.

ඒවිට තරුණයා කීවේ ඒවිට තරගය අවසන් කල වහාම අැදුම් අැදගෙන ගෙදර ගිය හැකි බවයි.

කෙසේ නමුත් ඒ් අවස්ථාවේ තරුණයාගෙ ශරීරය දෙස විපරමෙන් බැලූ වෙනත් තරගකරුවෙක් අැසුවේ අැයි ඔබ දුවන විට කොන්ඩෝම් ඒකක් දා ගෙන දුවන්නෙ?

තරුණයා පිලිතුරු ලෙස, " අා ඒ්ක දාන්නෙ වහින දවස්වලට දුවනකොට "  .... 

Tuesday, June 5, 2018

“නමයයි පහ” සදා නිහඩ විය .



ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලීන් කරුණාරත්න කියන්නේ ප්‍රේක්ෂක ජනතාවගේ සිත් දිනාගත් ජනප්‍රිය නිවේදකයෙක්. අප අතරින් සමුගන්නා විට ඒ මහතා හේරිටේජ් ටීවි හි ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියා. ඉස්සර ඉරිදා රාත්‍රී 8:30 ට ජාතික රූපවාහිනියේ යන ටෙලි නාට්‍යය විතරක් බලලා අපි නින්දට යන්නේ නැහැ.



හරියටම නමයයි පහට පටන් ගන්න හේම නලින්ගේ “නමයයි පහ” වැඩසටහන බලන්න පවුලේ හැමෝමෙ ආලින්දයට එකතු වෙනවා. මැලේසියාව, ජර්මනිය හා එක්සත් ජනපදයේ ලන්ඩන් නගරයේ ජන මාධ්‍ය ක්ෂේත්‍රය පිලිබඳ වැඩි දුර අධ්‍යාපනය ලැබූ ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් ‘Beyond 2000’ , ‘Lonely Planet ‘ වැනි විදෙස් වැඩසටහන් වලින් ආභාෂය ලබා ගෙන දේශීය මුහුණ වරකින් “නමයයි පහ” යන වාර්තා වැඩසටහන අප වෙත ගෙන ආවේ. නිවේදකයකුට වඩා දැවැන්ත මෙහෙවරක් රූපවාහිනී ක්‍ෂේත්‍රය තුළ ඉටු කළ අයෙක් වන හේම නලින් කරුණාරත්න මහතා සොබා සෞන්දර්යයට බොහොම ලැදි, සරල චරිතයක් ලෙස රසිකයන් අතර ප්‍රසිද්ධ වුණා.

ඉතිං ,

ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මැතිතුමනි මම ඔබ හට නිවන් සුව පතමි.

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...