මම ඉපදිච්ච දවස්වල ඉදන් යන්ත්‍රයක කියල මුලින්ම මට මතක හඩ කෝච්චියේ සද්දේ . මම ඒ සද්දෙට පොඩිකාලේ ඉදන් ගොඩක් ආස කරේ ඇයි කියල කියල නම් මට තම තේරෙන්නේ නෑ . අපේ අම්මගේ ගම හික්කඩුව වවුලගොඩ . මම ඉපදුනාට පස්සේ මාස ගානක් හිටියේ එහෙ . ඊට පස්සේ අපි පිළියන්දල ගෙදර ආවට පස්සේ හැම මාසෙකම වාගේ හික්කඩුවේ අච්චියමලගේ ගෙදර යනවා.
ඉතිං අපි කෝච්චියට නගින්න එන්නේ මොරටුවට . උදේ හැමදාම වගේ යන්නේ 7:23 (වගේ මතක) ට මාතර යන කෝච්චියේ . සෙනසුරාදා දවසට කවදාවත්ම අපිට ඉදගන නම් ලැබෙන්නේ නෑ . අනික අපි යන්නෙත් 3 වන පන්තියේ ටිකට් අරගෙන .
මට මතකයි කෝච්චිය එන්න ඉස්සර වෙලා ශබ්ද විකාශන යන්ත්‍රයෙන් දැනුම් දුන්නම (පළමු වේදිකාවට දැන් පැමිණි සීග්‍රගාමී දුම්රිය තව ස්වල්ප වෙලාවකින් ගාල්ල සහ මාතර බලා පිටත්වේ . දුම්රිය නවත්වන්නේ පානදුර, දකුණු කළුතර , අලුත්ගම , බෙන්තොට , අම්බලන්ගොඩ , හික්කඩුව , ගාල්ල , තල්පේ ,අහංගම ,වැලිගම ,කබුරුගමුව සහ මාතර . තුන්වන පන්තියේ ප්‍රවේශපත් ලබාගත් මගීන් දෙවන පන්තියේ මැදිරි තුල ගමන්කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් මගින් එසේ කිරිමෙන් වැලකි සිටින්න ........ )
තාත්තා බැංකුවේ ඉදන් ඉන්න මාව වඩා ගන්නවා . අම්මා බැග් එක අතට ගන්නවා .
කෝච්චිය වේදිකාවට එද්දී මුලින්නම පෙන්න engine එක දිහා බලාගෙන ඉන්න මම ගොඩක් අස කරා . ඒ ගහම්බිරත්වය , අබිමානි ගමන, එන්ජිමේ හඩ , නලා හඩ එදා ඉදන් මම ආස කරපු දෙයක් .
ඉතිං වේදිකාවට ඇවිත් කෝච්චිය නවත්වපුගමන්ම තාත්ත බලන්නේ මේක 3 වෙනී පන්තියේ පෙට්ටියක් ද කියල . ඉතින් ඇවිදින්න පුළුවන් කලේ තාත්ත මාව බිමින් තියනවා . ගොඩක් වෙලාවට මම සීට් දෙක මද කවුළුව ගාවට ( මුහුද පැත්තේ ) යනවා . අසාවෙන් ජනේලෙන් දෙපැත්තම බලනවා . කෝච්චිය වංගුවක් ගද්දි එන්ජිම දිහා බලන්න මම කොච්චර ආස කරා ද?
ඉතින් ගොඩක් වෙලාවට කළුතර පහුවෙද්දී සිටි එකක් හම්බවෙනවා . කොහොමරි හික්කඩුවෙන් බැසට පස්සේ ටිකට් පස්සේ අපි යන්න ඉස්සර ටිකට් එකතු කරන නිලධාරියාට ටිකට් ටික දෙනවා . ඉස්සර හික්කඩුවට තිබුනේ පලවෙනි වේදිකාව විතරයි . හැබැයි මට මතක විදියට පාරවල් තුනක් තිබ්බා . තුන්වෙනි පාර තිබුනේ පෝර ගබඩාවට යන්න. ගොඩක් වෙලාවට කුඩා ප්‍රමාණයේ බඩු පෙට්ටියක් හෝ දෙකක් නවත්වලමයි තිබුනනේ පොර ගබඩාව ගාව. යකඩ දොබකරයකුත් තිබුන ගබඩා බුමියේම . ඉස්සර හික්කඩුවට තිබ්බ සංචාරකයන් වෙනුවෙන් වෙනම දුම්රිය පොලක්. හැබැයි එක ගොඩක් පොඩි තැනක් . තිබුනේ හරියටම හික්කඩුව කුමාර විදුහල ගාව ප්‍රධාන සිග්නල් කනුව ආසන්නයේ . පස්සේ කලෙක එක අභාවයට ගිහින් වහල දැම්ම . අද වෙද්දී තුබුණු තැනක් වත් පෙන්න නෑ මම හිතන්නේ .
කෝච්චියේ අන්තිම පෙට්ටියත් ගියාට පස්සේ අපි වේදිකාවෙන් බැහැල පයින් යනවා බස් නවත්වන හරියට . ගොඩක් වෙලාවට අපිව එක්කගෙන යන්න ගාමිණී මාම එනවා එයාගේ ලාන්සර් බොක්ස් රතුපාට කාර් එක අරගෙන. නැත්තම් අපි කරේ රේල් පාර අයින දිගේ යන එක තමයි .
දවසක් මට මතකයි රුහුණ අරන් අපු
M4 engine එක පෙරලෙන්න කියල රේල්පාර අයිනේ හිටපු මට වැඩ ටිකක් වැඩිමල් කොල්ලෝ 3 දෙනෙක් ගල් කැට තිබ්බ . මම එදා අපේ පොඩි පුචිඅම්මත් එක්ක ටවුමට අවා එයාගේ අතේ එලිල . හික්කඩුව දුම්රිය පොළ පහුවෙලා තියනවා පොඩි ඇල පාරක් . කෝච්චිය මේක උඩින් තමයි ගාල්ලට යන්නේ . රුහුණ ඇවිත් (හරියට හවස 6 ට එනවා) හික්කඩුවේ නවතුව විතරයි අරුන් පිලි දෙක උඩම ගල් තිබ්බ . මම පුංචිට කිව්වා අපි ඒවා අයින්කරමුද කියල , පුංචි හිනා උන විතරයි මට මතක . කෝච්චිය ඉස්සරහා තියන නිසා අපි පාලමෙන් එහපත්තට යන්නේ නැතුව හිටිය . ඔන්න කෝච්චිය ආව . M4 engine එක පවනට බදු වේගයෙන් අපි ඉස්සරහින් ගියා . අර ගල් කුඩුවෙලා තියනවා මම දැක්ක වැලි වගේ . මට ඇහුන අර කොල්ලෝ දෙන්නගෙන් ,ලොකු එකා කියනවා "ඊලග පාර ලොකුගල් තියමු කියල" උන් දිහා දැක්කම මට බයයි මොනවත් කියන්න . මම ඉතින් හික්කඩුව ගේට්ටුව ගාව හිටපු දුබුරු ඇදුමක් ඇදගත්ත මහත්යට කිව්වා "මාමේ අර අතන ඉන්න කොල්ලෝ 3 දෙනා කොච්චිපාරේ ගල් තිබ්බ එක පෙරලෙන්න කියල " එයත් ඉස්සෙල්ල අපේ පුංචි අම්ම වගේ හිනා එයත් උනා . පස්සේ මට තේරුම් ගිය එන්ජිමේ බරට ගල් කුඩුවෙනවා මිසක් කෝච්චිය පෙරලෙන්නේ නෑ කියල
ඉස්සර ගොඩක් කොච්චි ඉහල පහල ගියේ නෑ . මිනිස්සු පුරුදු වෙලා හිටිය කෝච්චියේ නම කියල කතාකරන්න , හරියට මේ වගේ , " ආ ඔන්න රුහුණ ආව , දැන් තමයි සමුද්රේ අවේ , වවුනියා එක අද පරක්කුයි වගේ , මේල් එක දැන් ආව " . ඔය විදියට
මට මතක ඇති හැම දවසකම වගේ (පොඩි කාලේ) කොච්චි එන්ජිමට තිබුනේ ඇම්4 එකක් . පොඩිම කලේ මට කල්පනා උනේ හැම එන්ජිමක්ම මේ වගේ වෙන්න ඇති කියල . රුවන්වැලි , ඉසුරුමුණි , කැළණි, වගේ සුරතල් නාමයන් මේ එන්ජින්වල තියනවා මම දැක්කා . ඉස්සර කෝච්චියෙන් බැස්ස ගමන්ම මොරටුවෙන් තාත්තා මාව වඩා ගෙන එන්ජිම ගාවට එක්කගෙන යනවා .ඒ මගේ දෑඩි බල කිරීම නිසා . කොච්චර ආස උනත් එන්ජිම ගාවට යද්දී මට අමුතු බයකුත් ඇති වෙනවා . මම තාත්තාට ඒක පෙන්වන්නේ නෑ , මොකද එතකොට ඊලග පාර එක්ක යන්නේ නැති වෙයි කියල . වේදිකාවෙන් පිටවෙද්දී M4 ගේ නලා හඩ තාමත් මට මතක් වෙනවා . ඒ මීට අවුරුදු 30 කට වගේ ඉස්සර M4 ගේ හැම සද්දයක්ම අදත් ඒ වගේමයි .
මම තාත්තාගෙන් අහනවා පොඩි කලේ ඇයි එන්ජිම හෝදන්නේ නැත්තේ කියල . තාත්තා කියනවා මේවා ගොඩක් ඈත ඉදන් එන්නේ . මාතර ගියාම තමයි හෝදන්නේ කියල . මම ඒ කතාව ඉතින් පිලිගන්නවා .
මගේ මතකයන් , අනුරාධපුරේට කෝච්චියේ ගියපු හැටි , බදුල්ලට ගියපු හැටි , නුවර ගියපු හැටි සහ ඒ ආදරණිය මතකයන් මගේ ජීවිතේම කවදාවත්ම අමතක වෙලා නම් යන එකක් නෑ . කෝච්චියට මගේ ආදරේ ඒ තරම් . අදටත් කොච්චි එන්ජිමක් කිව්වම මට මතක් වෙන්නේ class M4 . මට ලෝකේ තියන ලස්සනම කොච්චි එන්ජිම class M4 . ඉතින් ආදරණිය class M4 ඕයා හැමදාම අපි වෙනුවෙන් ඉන්න !