Friday, June 21, 2019

ලන්ඩනයෙන් ඇඹිලිපිටියේ හේනකට.


ඔන්න ආටියා නිවාඩුවකට කියලා ලංකාවට එනවා . මතක විදියට කැම්පස් එකෙන් අවුට් වෙලා පලවෙනි ජොබ් එක කරපු දවස් වල පලවෙනි වැකේෂන් එකට. ලෝකේ කොහේ හිටියත් ඉතින් ලංකාවේ තරම් ආතල් කෝටියක් වෙන කොහෙන්වත් ලැබෙන්නේ නෑ නේ. අපාර්ට්මන්ට් එකේ එහා  ඉන්න එකා මෙහා ගෙදර උන් දන්නේ නෑ . හිතවත්කම් බැදීම් හරිම විරලයි . කොටින්ම මිනිස්සු ජීවත් වෙන්නේ ප්‍රෝග්‍රෑම් කරලා වගේ .

හරි හරි අපි දැන් කථාවට එමුකො .

ඔන්න ලංකාවට ඇවිල්ලා දින දෙකක් යන්න හම්බුනේ නෑ යාලූ මිත්‍රාදීන් කථාකරන්න පටන් ගත්තා. හැමදාම කොහේ හරි ගිහිල්ලා රෑ දෙගොඩහරියේ එන එකට නම් ආටියා ගේ පියානන් කොහොමත් කැමති උනේ නෑ. ඒත් ඉතින් ආටියා ඔය වාරන කණකට ගත්ත එකක් යෑ. කොහොම කොහොමාරි ආතල් පහට දවස් ගෙවිලා ගියා. ඔය අතර නාඩියා එහෙමත් කථා කරනවා විටින් විට. නාඩියා කියන්නේ කවුද කියලා මගේ ලෝකය01 කියවන්න එන අය නම් දන්නවා නේ . නාඩියා කොහොමත් කොල්ලෙක් වගේ බොක්ක හොද කෙල්ල. මම ආපු එකට කියලා මොනවත් කරන්න බැරි උනා නේ කියලා කීප වතාවක් කිව්වා.

ඔය අතර අපේ ගෙදර වැඩට හිටපු සියාතු මාමා මම ලංකාවේ නැති කාලේ අවුරුදු තිස්ගානක නිවසේ සේවාවට සමු දීලා එයාගේ ගම්පලාත වෙච්චි ඇඹිලිපිටියේ ගිහිල්ලා. ඉතිං මට ඕනේ උණා අවුරුදු ගානක් මාව බලාගත්ත සියාතු මාමාව හොයා ගෙන යන්න. ඒ දෙසම්බර් තිස් වෙනිදාවක. කොහොමාරි විසිනවවෙනිදා හවස සියාතු මාමාට සහ ගෙදර අයට දෙන්න දේවල් ඔක්කොම වාහනේට දාගෙන දෙසම්බර් තිස් වෙනිදා පාන්දරම අබිලිපිටි යන්න පටන් ගත්තා . තාත්තා යන විදිය කියලා දුන්නා. යන ගමණ තරමක් වෙහෙසකර උනේ පාරවල් හොයන්න ගියාම තමයි . හැබැයි ඇඹිලිපිටියට වෙනකම් කිසිම කරදරයක් නැතුව ආවා . අන්තිමට සියාතු මාමලා ගේ ගෙදරට යන පාර හම්බවෙන තැනටම ආවා පාරක් කිව්වාට ටැක්ටර් යන පාරක් . ඒ දවස් වල දෙපැත්තේම කැලේ . වාහනේ යන්න පුළුවන් උපරිම තැනට ගියා කොහොම කොහොමාරි. මෙතනින් එහාට කාර් එකකට යන්න බෑ . ඉතිං ආටියා ඉවසීමෙන් බලං හිටියා කවුරු හරි එයි ද කියලා .

පැයක් එකහාමාරක් හිටියා මිනිස් පුළුටක්වත් නෑ. ආටියාට හිතුනා පාර වැරදුනා වත් ද කියලා . ඒත් ඉතිං කිව්ව විදියටම ආවානේ . ඔන්න ඔහොම ඉන්නකොට ආටියාට පේනවා ඈත බයිසිකලයකින් කවුදෝ එනවා . ඔන්න දැන් තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ . ආපු කෙනා මග ඉදලාම විපරමෙන් බලලා වාහනේ කිට්ටුවට එද්දී  බයිසිකලයයෙන් බැහැලා එන්න ගත්තා .

මහත්තයා මේ පලාතක නම් වෙන්න බෑ ....

මාමා මම පිළියන්දල . මම මේ සියාතු මාමා හොයාගෙන යන ගමං .

අප්පදබොළ , මේ අපේ සියාතුවා ....

ඔව් ඔව්, මොකෑ මම නොදන්නේ මහත්තයා .

හිටින්න හිටින්න , මම ඒ දිහාව පෙන්නන්නම් .

එතකොට මාම ගේ මේ ගමණ . මම වීමසීමි .

ඒක කොයි වෙලේ යන්න බැරිද මහත්තයා . මම මේ කඩ පිලට යන ගමං .

මහත්තයෝ හැබැයි මෙතනිං එහා මේ කාර් එව්වා එකෙන් නම් යන්න බෑ. මොකෑ කරන්නේ ?

කමක් නෑ . අපි මෙතනින් දාල යමු මාම .

මහත්තයෝ වල් අලිත් මාරු වෙනවා රෑ දෙගොඩහරියේ මේ පැත්තෙන් . අපි කාර් එව්වා එක මුදලාලිගේ ගෙදර නැවත්වමු .

හා එහෙනං .

අපි දෙදෙනා අසල කඩ පිලට ගියෝය . මාමා සියලු විස්තර කියා අවසානයේ වාහනය නිවසේ නතර කරන්නට මුදලාලි කැමති වුනි . මාමා අසල ගසකින්  අත්තක් කඩාමොනවා දෝ මතුරා කොළ ඇත්ත වාහනයේ ග්‍රිල් එකේ සවිකර අයියනායක දෙවියන්ගේ පිහිටයි කියා මා දෙස බලා සිනාසුනේය .

පසුව මම පිටුපස දොරටුව සහ ඩිකිය ඇර සියාතු මාමාට සහ ගෙදර අයට දෙන්න ගත්තු දේවල් කඩ පිලේ තියද්දී මුදලාලි කියා සිටියේ , හිටින්න මහත්තයා මම ටැක්ටරය සුජානම් කරන්න .

කොල්ලෝ මෙහෙ වර .

මේ කොලබ මහත්තයා පරිස්සමෙන් අපෙර් සියාතු අප්පෝ ඇහට ගෙනියන්න ඕනේ .

දහයියා කුඩු සියල්ල අතුගා ටැක්ටරය සුදානම් කර සුරංග  මමත් අතර මගදී හමු උන මාමා වත් දමාගෙන කිලෝමීටර දොළහක් පමණ කැලේ ඇතුලේ තියෙන සියාතු මාමා ගේ නිවසට පැමිණියේ හවස් වෙද්දී වගේ ය.

මම ටැක්ටරයක නැගී එනුදුටු සියාතු මාමා පෙර මගට දුවගෙන ආවේ "අපේ පුංචි මහත්තයා ...... මම හිතුවා කවදා හරි එයි කියලා අපිව බලලා යන්න "

කවදැයි එංගලන්තෙන් ආවේ .

ගිය සතියේ මාමේ .

සුරංගත්  මමත් අතර මගදී හමු උන මාමාත් සියාතු මාමාට දෙන්න ගෙන ආ බඩු බාද්දී " මොනවා ද මේ අපේ පුංචි මහත්තයා  උස්සං ඇවිත් තියෙන්නේ "

සියාතු මාමාගේ පවුලේ හැම කෙනෙක්ගේ ම මුහුණු වල සතුට පිරී ඉතිරී ගොසින් ය . 

ඉතිං ලොකු මහත්තයා නෝනා සනීපෙන් නේද පුංචි මහත්තයා?

ඔව් මාමේ .

ලොකු මහත්තයාට බුදු බව අත්වෙන්න ඕනේ. අපේ මේ ගේ හදලා දුන්නාට . මට ටැක්ටරයකුත් අරන් දුන්නා ලොකු මහත්තයා . මේ හරියේ කුබුරු වැඩ කරන්න ඔය ටැක්ටරය කරන්නේ සුළු පටු උදව්වක් නෙවෙයි .

සියාතු මාමාගේ හාමිනේ සුදානම් කරපු තේ බී වෙහෙස නිවාගෙන සියාතු මාමාගේ ලොකු පුතා සාලිය සහ පොඩි පුතා ප්‍රියංග සමග අසල ඇති වැවට ගොස් හොද හැටි නාගෙන නිවසට පැමිණෙන විට අදුර සෙමෙන් අප වෙත පැමිණය .

රෑට කන්නට එදා හදලාතිබුන කෑම වේල අදටත් මට මතකය . ඒ තම්බපු රතු හාල් එක්ක , පොලොස්මාලුවත් , කිරි හොද්දත්  , පොල් සම්බලත් සමග පපඩම් බැදලා මිරිස් කරල් එක්ක ය . ඒ කෑම වේලේ රස අදටත් අමතක නොවන්නකි .

ගමන් මහසියටත් එක්ක නිසා රෑ කෑමෙන් පසු ටික වෙලාවක් අල්ලාප සල්ලාපයේ නිරත උන මම කලින්ම නින්දට ගියෙමි .

උදේ ම මම ඇහැරෙද්දි හැමෝම ඇහැරිලා ය . සාලිය සහ ප්‍රියංග සමග වැවට ගොස් හොද හැටි නා ගත් මම නිවසට එනවිට සියාතු මාමාගේ හාමිනේ රසවත් කිරිබතක් සුදානම් කරලාය . කිර්බතේ රස විද පසුව අපි ගියේ සියාතු මාමාගේ හේන බලන්නට ය . ඒ වන විටත් සියාතු මාමා හේනේ වැඩ ආරම්භ කර ඇත . කර්කශ පොලව සමග යහමින් හැප්පෙන සියාතු මාමා සහ ලොකු පුතා සාලිය සහ පොඩි පුතා ප්‍රියංග ගැන මට පුදුම සිතුනි . ඔවුන් වට්ටක්කා , මෑ  , වම්බටු , මිරිස් , කුරහන් , මුං , කී නොකී මොහොමයක් වියලි කළාපයේ වැඩෙන එළවලු සාර්තකව වගා කර ඇත . ඒවගේ ම ඒසා දෙවෙනි නොවන්නට කෙසෙල් වගාවක් ද ඔවුන් සතුව තිබුණි . කුබුරු අක්කර ගණනක හිමි කරුවෙක් ද වූ සියාතු මාමා දැන් හොද ගොවියෙක් වීඇති බව මට වැටහී ගියේය . සැබවින්ම සියාතු මාමා සාර්ථක ගොවියෙක් වී හමාර ය. කියන්නට වචන නැති තරම් සතුටක් මට දැනුනි .

දවල් කෑම හේනට ගෙනවිත් තිබුන අතර හේනේ සිට කෑම ගැනීම ඉමහත් තෘප්තියක් ගෙන එන්නක් විය . ඔය අතර මගේ ජංගම දුරකථනය නාදවිය  .
ඒ ඇමතුම නාඩියාගෙන් ය .

Atty where are you now ?

I am in Ambilipitiya

Are you serious .

Yes .... why .

මම ජයික්‌ එකේ රූම් එකක් බුක් කරා ඔයා නිසා , හැමෝම එනවා 31st night celebrate කරන්න යාලුවෝ මගේ .

You so bad.

බීප් ...බීප් ...බීප් ...බීප් ...

මම එදා 31 රෑ හේනේ පැලට වී රැය පහන් කරේ මහත් වූ ආත්ම තෘප්තියකින් ය.

එදා හැමෝම වගේ , ගලදාරි , හිල්ටන් , ජයික් , ගෝල්ෆේස් , මවුන්ට් ලවීනියා යන හෝටල වල සිට නව වසරට ආයුබෝවන් කියද්දී මම හිටියේ ඇඹිලිපිටියෙන් කිලෝමීටර ගණනක් දුරින් වූ මහා කැලයක හේනකට වීය .    

Thursday, June 6, 2019

මැකී ගිය වන මං ඔස්සේ කබරගල කදු මුදුණට.


ආටියාගේ සංචාර සටහන් වලින් සමහරක් ඔයගොල්ලෝ එක්ක බෙදා ගත්තා මතක ඇති නේ . ඒ අතරින් "පිටකන්ද මුදුණ සොයා කබරගලට" පොස්ට් එකට විශේෂිත වූ ප්‍රතිචාර රැසක් ලැබුණා. ඊට අමතරව "මාතලේ බලකඩුව දියඇල්ල සොයා" පොස්ට් එකටත් එහෙමයි . ඔය සංචාරක ගමණාන්ත දෙකම බොහොම අප්‍රකටයි. ඒත් මේ කියන "මැකී ගිය වන මං ඔස්සේ කබරගල කදු මුදුණට" දැක්ක ගමන් ඔයගොල්ලෝ හැමෝටම හිතන්න පුළුවන් "ආ මේ... කබරගල නේ" කියල . තවත් මේක කියවන බොහෝ දෙනෙක් මේ හයික් එක ගිහිල්ලත් ඇති. ඒත් ආටියා ඇතුලු පිරිවර කබරගල කදු මුදුණට ගියේ හැමෝම යන හයික් ස්ටෙප්ස් ඔස්සේ නම් නෙවෙයි. කබරගල කදු මුදුණට තියන දුර අඩුම පාරෙන්. 

ආ ,, එතකොට ඔයගොල්ලන්ට විශේෂයෙන් ගියපු අයට හිතෙන්න පුළුවන් අපි නොදන්න පාරවල් මොනවද කියල.ඔන්න ඔය ප්‍රශ්ණේට විසදුමක් ගෙන්න තමයි අපි විදපු නැත්තම් අපේ වචනයෙන් කියනවනම් ගත්ත ආතල් එක අපේ හෙළ බ්ලොග් වාසීන් එක්ක බෙදා හදා ගන්න හිතුවේ . 

අපි මේ ගමන ගියේ පහුගිය අප්‍රේල් 15 සහ 16 දවස් දෙකේ . ඒ වගේ ම මගේ අවුරුදු තුණේ දුවගේ පලවෙනි හයික් එක .අපි ගමණ පටන්ගත්තේ හාමිනේ ගේ අක්කා සහ ඇයගේ ස්වාමිපුරුෂයා එක්ක. අපි 15 වෙනිදා හවස හාමිනේ ගේ නාවලපිටිය - දොළොස්බාගේ පාරේ ඉන්න පොඩි මාමගේ ගෙදරට එනවා. මාමට තියනවා තේ වත්තක් කබරගල පාමුල . ඔන්න ඔය තේවත්ත මැදින් තමයි කබරගල කදු මුදුණට යන්න තියන අප්‍රකට කෙටිම කෙටි මග තියෙන්නේ . ඔතන ඉදං කබරගල කදු මුදුණට තියෙන්නේ කිලෝමීටර් පහක් පහමාරක් වගේ ප්‍රමානයක් . 

නිවසේ ඉදලා තේ වත්තට යනකම් පාර හොදටම අබලන් ඒ වගේ ම වම් පස හෙල. තව දිය සීරාව . මාමා නම් කීවේ වාහනේ යන්න එපා කියල. දන්නවානේ ඉතිං ආටියා යක්කුන්ට කුක්කු පොවන්න කැමති නැති විත්තීය. ඉතින් hill-start assist control වෝනින් කප්පරක් මැද ආටියා හැමෝම එක්ක වාහනේ යන්න පුළුවන් අන්තිම දශමෙටම ගියා. ගමනේ මගදී හිතුනා මාම කිව්වේ ඇත්ත කියල. ඒත් ඉතින් දැන් මග නතර වෙන්න බෑනේ. කොහොමාරි යකා අපිට අතුරු ආන්තරාවක් නැතිව කබරගල පාමුලටම ගෙනාව.  


නාවලපිටිය - දොළොස්බාගේ පාරේ

මාමගේ ගෙදර ඉස්සරහ කදු පන්තිය 


 ඈතින් පෙනෙන්න සමනළ ගිරි හිස


රජයේ ෆයිනස් වගාව 


සැට් එක😊😊

මෙතැන් සිට දිගටම පාගමනින් කදු මුදුනටම  

මගදී බලු යාලුවෙක් හම්බඋනා , අපිත් එක්කම මුදුනටම යනකම් ආව . 



 කිවෙන්යා ගේ පළමු හයික් එක ආරම්බ කරමින් 


ආටියා සහ හාමිනේ 

අංශක 180 ක මාණයේ 

සැම්සුන් මතක් උනා 

 ඈතින් කබරගල . 

වැසුණු මං ඔස්සේ 

පොඩි එක්කෙනෙක් එක්ක හයික් එකක් යන එක ලේසි නෑ 






                                                                 කබරගල කදු මුදුණට




ෆයිනස් යාය මැදින් එනකොට රෝසි අක්කා මතක් උනා 

ආපහු එන ගමං 











පිටව යන ආගන්තුකයන් දෙස බලං සිටින කබරගල 



තේ වත්ත







                                                                     අංශක 180 ක මාණයේ 


I'm tired තාත්තී 


මාමාගේ තේ වත්ත 


කබරගල කදු මුදුණට පෙනෙන කොත්මලේ මහවැලි මහා සෑය . 



ස්ටීව් ජෙකොබ්ස් ගේ පියවර ගැනිල්ල.   
11.8Km



කබරගල මුදුන හා අවට පරිසරය තවමත් නොකිලිටි පරිසරයක් වශයෙන් තිබෙනා බැවින් එය මතුපරපුරටත් ඉතිරි කරදීම ඔබගේ යුතුකක් නොව අනිවාර්ය වගකීමකි. ඔබ එය ඉටුකර යුතු ය. විශේෂයෙන් පොලිතින් ප්ලාස්ටික් වැනි දේ නැවත ඔබගේ ගමන් මල්ලේ ම දමා ඒමට ඔබ කාරුණික වියයුතු ය.කියලත් කරුණාවෙන් මතක් කරනවා. 

ඔන්න එහෙනං ආටියාගේ තවත් සංචාරයක් මේ විදියට ඉවර වෙනවා. මේ සටහන කියෙව්ව ඔයගොල්ලෝ හැමදෙනාටම බොහොම ස්තුතී.

තවත් සංචරක සටහනකින් නැවත හමුවන තුරු ඔබ සැමට සුභ දවසක්! 😊

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...