Thursday, June 17, 2021

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින , 

අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන්න .  දානය ඉවර වෙලා පසු දා මටත් මස්සිනාටත් කරන්න දෙයක් නැති නිසා හිතුවේ බලකඩුව ඇල්ල හරියේ ඈත පේන කන්දමුදුනේ තියන ගස හොයාගෙන යන්නටය .

ඒ නමින් පන්සලාතැන්න මාඋස්සාව පාරිසරික ආරක්ෂක ප්‍රදේශයයි . 

විජය පුවත් පත පළකර වැඩසටහනක් . මෙය නැරබීමෙන් ඔබට පන්සලාතැන්න ගැන හොද අවබෝධයක් ලබා ගන්න පුළුවන් 

අතිශය සංවේදී පරිසර පද්ධතියක් වන පන්සලාතැන්න තවමත් සංචාරකයන් අතර අප්‍රකට වීම එක අතකින් වාසනාවක් .  අප රටට ආවේනික සත්ව සහ ශාක ප්‍රජාවකින් සමන්විත මෙම ප්‍රදේශයේ සංචාරය කිරීම ලැබීම එක අතකට වාසනාවක් . 

මේ ගමන අපි ගියේ පයින් ආවේත් පයින් . මුළු ගමනම කිලෝ මීටර 11 පමණ'වෙනවා . බලකඩුව පාලම පහුවෙලා ටික දුරක් එද්දී හම්බෙන දේදුනු පාලම උඩින් තමයි කෙටිම මග කියලා හාමිනේ ගේ අම්මා කිව්ව නිසා අපි මුලින්ම දේදුනු පාලම හොයාගෙන නුවර පාර දිගේ ඉහලට ඇවිදගෙන ගියා .පස්සේ අපිට දේදුනු පාලම හමුඋනා. 


මේ තියෙන්නේ දේදුණු පාලම .


පාලමෙන් එතර උන අපිට ඊලගට හමු වෙන්නේ වතුකම්කරුවන් වෙසෙන ලැයිම් කාමර සමුහයක් නියමිත පාරක් පෙනෙන්නට නොතිබූන අපි මෙතනදී ටිකක් අමාරුවේ වැටුනා . 

මුලින්ම හම්බවුන පිරිම් කෙනා කිව්වේ ආමි කෑම්ප් එකක් තියෙන නිසා යන්න දෙන්නේ නෑ කියලා . අපි හිතුවා අවසර අරගෙන හරි යන්න ඕනේ කියලා . 
පසුව හම්බ උන කාන්තාවක් අපිට යන්න පාර පෙනුවා ....... 

ඒ කුඩා අඩි පාරක් . 


ඒ අඩි පාර දිගේ කෙටි දුරක් ඇවිදගෙන යද්දී අපිට හම්බුනා ජීප් රථ ගමන් කරන අබලන් පාරක් . 


අපි සෙමෙන් ඒ පාර දිගේ ඉහලට යන්නට උනා . අපට දැනුනා අපි කන්දකට අවතීරණවුණ විත්තිය . මහන්සියක් නෑ අවට පරිසරය දැක්කාම . අපේ වාසනාවට එදා මාතලේට ආවේනික සුපුරුදු වැස්ස නැති දවසක් . අහස නිල්ම නිල් පාටයි . වලාකුළු පවානැති තරම් . 





කුඩා දියපාරක් ලග ගිමන්නිව්වා . 



මද දුරක් ආගිය කථා කියමින් ගිය අපිට ලයිමේ දෙමල මනුස්සයා කිව්ව ආමි කෑම්ප් එක හම්බුනා . ඒ අටවන ගජබා රෙජිමේන්තුව . 



හමුදාව අපෙන් විමසුවා බොහෝ දේ . අපි අපේ අනන්‍යතාවය සහ ගමනේ අරමුණ පැහැදිලි කරලා දුන්නාට පස්සේ ඔවුන් යන්න දුන්නා . හැබැයි කාරනා දෙකක් (02) හිතේ තියාගන්න කිව්වා  . ඒ  ගමනේ අවසානයේ හම්බවෙන වැවේ නාන්න එපා සහ වැවට ඉහලින් තියන කන්දේ මුදුනේ තියන බෝගස ලගට යන්න එපා කියන එක. 
මේ ගමනේදී අනතුරක් උනොත් ඔබව ගලවාගන්නට පිරිස් පැමිණෙන විට ඔබට වියහැකි නරකම දේ වෙන්න පුළුවන් සමහර වෙලාවට . 

පසුව අපි හමුදාවට ස්තුතී කර ගමන ඉදිරියට යන්න පටන්ගත්තා . මෙන්න මෙතනින් දකුණට තිබෙන කුඩා පාරේ අප යායුතුව තිබෙනවා . 



මෙතැන ඉදන් ගමණ අතිශය වෙහෙස කරයි. අපි පැය ගානක් ගිමන් හරිමින් ඉදිරියට ඇදුනා . සමහර තැනිතලාමතින් අපි ඉක්මනින් ගමන්කරා  . මොකද මාතලේ කාලගුණය වෙනස් වෙන්න වැඩි වෙලාවක් නොයන නිසා.

ඈතින්ම පෙනෙන්නේ නකල්ස් කදු පන්තිය 



පන්සලාතැන්න කදු මුදුණ පසෙකින් 
කදු මුදුන සහ පරිසරය දැක්කාම අපි හිතාගත්තා කොච්චර මහන්සි උනත් කන්දේ මුදුනටම නගිනවා කියලා 

තෙප්පුකුලම වැව් බැම්ම ඈතින් 



අවසානයේ අපි ගමනේ පළමු අදියර නිමකරා . ඒ වැව් බැම්ම අසලට පැමිණීමෙන් . හමුදාව කියූ පලවෙනි කාරනාව ඇත්ත බව අපිට පෙනුනා . ඒ මේ දැන්වීමෙන් . 



හරියට සිත්තරෙක් ගේ සිතුවමක්වගේ .... කියන්න වචන නෑ ඒතරම් ලස්සනයි .



වැව් බැම්ම අසල ටිකක් විවේක ගෙන අපි ගමනේ දෙවන අදියර ආරම්භ කරා 







පහලින් පෙනෙන්නේ අපි මදවේලාවක් ගිමන් හල වැව 


කන්ද තරමක් දුර නගින්න පටන්ගත්තාම තේරුනා සීග්‍ර බවුමක් සහිත අඩිපාරක් හෝ නැති ගමනක් කෙසේ ගොස් අවසන් කරන්නද කියා.එහෙත් කදු මුදුනේ තිබෙන බෝගස ඉලක්ක කරගෙන අපි ගමන්කරන්නට උනා . 

හමන සුළග අපිව ගහගෙන යන්නට තරම් බලවත් උනා . ජිවිතේ මම දුටු උසම මානා පැදුරු සහ ප්‍රචන්ඩකාරීම සුළග මම අත්වින්දේ මෙහිදී . මාන පැදුරු මගේ උසටත් වඩා තිබුනා සමහර තැන්වල . ඒ අඩි 6 ට වඩා ඉහලින් . එක පාර හමන සුළගේ වේගයට මානාපැදුරු මුහුදේ රළ ගෙඩි ඉහල නැංවෙනවා සේ පෙනෙන්නට තිබුනා . ඒ අත්දැකීම වචනයෙන් විස්තර කරන්නට අපහසු අත්දැකීමක් . ඇත්තටම අපට දැනුන ඒ හැගීම ගමන මදකට නතර කරන්නට තරම් බලවත් උනා . ඒත් අපි කෙසේ හෝ කන්දමුදුනේ බෝගස ලගට යනවාමයි කියලා හිතාගත්තා . 

අපි දෙදෙනාගේ අත් කකුල් මානා කොලයේ දාරයට කැපී ලේ ගලන්නට උනා . වේදනාව පසෙකලා අපි ගමන යන්නට පටන්ගතේ කෙසේ හෝ අවසානයට යනවා කියා හිතා ගෙනම ය . 

පැය දෙකක පමණ ගමනකින් පසු අපි කදු මුදුනට ලං වෙන බව අපිට තේරුනා . 
කන්ද කොතරම් උසද කියා කන්දේ හෙවනැල්ලේන් ඔබට වැටහේවි . ඈතින් කළුවට පෙනෙන්නේ හුන්නස්ගිරිය කදු පන්තිය 





අවසානයේ අපි කදු මුදුන වෙත ආවා . ඒ මුහුදු මට්ටමෙන් අඩි 2297 උසක.



ආටියා



ඔන්න අන්තිමට අපි පන්සලාතැන්න කදු මුදුනේ බෝගස ලගටම ආවා . ඒ බෝ ගස අසලදී දැනුන හැගීම වචනයෙන් කියන්න බැරිතරම පහන් සිතුවිල්ලක් .



ඔන්න එහෙනං ආටියාගේ තවත් සංචාරයක් මේ විදියට ඉවර වෙනවා. මේ සටහන කියෙව්ව ඔයගොල්ලෝ හැමදෙනාටම බොහොම ස්තුතී.
තවත් සංචරක සටහනකින් නැවත හමුවන තුරු ඔබට සුභ දවසක්! 




ඔබ සියලු දෙනා හට මේ කෙටි පණිවිඩය මේ සමගම දන්වනු කැමැත්තමි. 

පන්සලාතැන්න මාඋස්සාව පාරිසරික ආරක්ෂක ප්‍රදේශය හා අවට පරිසරය තවමත් නොකිලිටි පරිසරයක් වශයෙන් තිබෙනා බැවින් එය මතුපරපුරටත් ඉතිරි කරදීම ඔබගේ යුතුකක් නොව අනිවාර්ය වගකීමකි. ඔබ එය ඉටුකර යුතු ය. විශේෂයෙන් පොලිතින් ප්ලාස්ටික් වැනි දේ නැවත ඔබගේ ගමන් මල්ලේ ම දමා ඒමට ඔබ කාරුණික වියයුතු ය.



* ආටියාගේ සංචාරේ 






ආදරණීය ධනූ , සුදු ඇදගෙන කළු ඇවිදින් හී පුදුම ගං කාරයෝ හොයා ගෙන බකමුණ සහ ඇළහැරටත් නාඋල මාතලේ හරහා නුවරටත් , කිසිදා නොදුටු තනුර මල්ලී සොයා දිගන , හුන්නස්ගිරිය , හසලක හරහා මහියංගනයට පැමිණ එතනින් ගිරාදුරුකෝට්ටේ , දෙහිඅත්තකන්ඩිය, අරලගංවිලෙන් මාදුරු ඔය රක්ෂිතයට මැදින් මහඔයටත් එතනින් පදියතලාවටත් මහියංගනය හරහා නුවර ගිය පිස්සු ගමණ

කලකට පෙර ජාතික පුවත්පතකට ලියූ එහෙත් හේතුවක් මත පළනොවූ ලිපියක් 
නකල්ස් .

බුකියේ කවි පිළිතුර රකුසාගේ පඩිපෙළ දිගේ කොටගල සිට රෝසැල්ලට

Thursday, February 18, 2021

පිටවල පතනේ රැයක්.

 

කොච්චර වැඩ තිබ්බත් ආටියාට කවදාවත් මේ බ්ලොග් එක නම් අමතක කරන්න බැරුවා වගේම මේ බ්ලොග් එකට නිතර නිතර ඇවිල්ලා යන ඔහෙලාවත් ආටියාට ඉතින් කවදාවත්ම අමතක වෙන්නේ නම් නෑ .අන්න ඒක නිසාතමයි මේ බ්ලොග් එක මෙහෙම හරි යාවත්කාලීන වෙන්නේ. 

කියන්න ලියන්න දහස්වාරයක් හිතුනත් මොකක්හරිම මරාලයක් ඔලුවට පහත් වෙනවානේ . ඔන්න කොහොම කොහොමාරි ආටියා අද බ්ලෝග ලියන්න සෙට් උනා කියමුකෝ . කොහෙද ඒ ලියන්න හදද්දීම ජංගමේ රිං වෙනවා .අවුරුදු ගානකට පස්සේ ඩිෂාන් කථා කරනවා . ලංකාවේ හිටියත් හම්බවෙන්න විදියක් උනේ නෑ කියලා අද හවස එන්න අහනවා . ඇත්තටම අහන්නේ නෑ එනවා කියලා කියනවා . මොනවා කිව්වත් ආටියා බෑ කියලා කියන්නේ නැති නිසා ඔන්න පොර වයිෆ් එක්ක හවස හත වෙද්දී ආවා කියමුකෝ. 

කන්න උවමණාවක් නෑ දෙන්නටම , ආගිය තොරතුරු කියන්න තමයි වැඩි කැමැත්ත . අපේ හාමිණේ තුන් පාරක් අඩගහලා තමයි කන්න ආවේ රෑට . ඩිෂාන්  බිස්නස් වලින් පට්ට හෙම්බත්වෙලා  . වයිෆුත් එහමයි  . කොච්චර කන්සල්ටන්සි කරත් වැඩක් නෑ උන් බිස්නස් කරන්නේ උන්ට ඕනේ විදියට . මම කිව්වා ස්ට්‍ර්ස් මගහැරෙන්නත් එක්ක ට්‍රැවල් කරපන් කියලා . ඔය කියද්දී වයිෆ් මගේ ට්‍රැවල් ගැන කියල හොදට දෙහි කපුවා . දන්නවානේ ඉතිං කාන්තා පාර්ශවය . මම  බ්ලොග් එකේ ලිව්ව ගොඩක් තැන් , මමත් වයිෆුත් ඩිෂා ට කිව්වාම උන් පට්ට විදියට සතුටු උණා .  ඔය අස්සේ ඩිෂා කියනවා ආටියාගේ  කැමතිම සංචාරක අන්තය වන මාතලේ යමං කියලා . පුදුම වෙන්න එපා උන් තවම මාතලේ ගිහිල්ලා නෑ . මොනවාකරන්නද ඉතිං බෑ කියන්න බෑ . උදේම යමං කිව්වා මාතලේට . 

පාන්දර 3 ට වැල්ලවත්තෙන් පිටඋණු අපි උදේ හය හයහමාර වගේ වෙද්දී මාතලේට ආවා . මාතලේ හාමිනේගේ අම්මලාගේ ගෙදර අපේ දුව තියලා අපි අපේ වාහනවලින් පිටඋනා උදේට කාලා එහෙම අට වගේ වෙද්දී . මුලින්ම ගියේ සෙම්බුවත්ත බලන්න . වැඩේ කියන්නේ සෙම්බුවත්ත වහලා . යන්න බෑ . ආටියාගේ හිතවතෙක් වෙච්ච රැඩ්ලි මහත්තයා වතු අධිකාරී බංගලාවට ගියා . ගිහිං ඔවුන්ගේ ආදරනීය ආගන්තුකසත්කාර විදලා එතුමා එක්කම සෙම්බුවත්ත නරබන්න ගියා . ඩිෂා සහ බිරිද පිස්සු වැටිලා පරිසරයේ ලස්සන දැකලා . ඊටත් වඩා සතුටුයි සෙම්බුවත්ත හදුන කථාව අහලා . කොහොම කොහොමාරි රැඩ්ලි මහත්තයා ට සමුදීලා අපි ගියේ හුනස්ගිරි දිය ඇල්ල බලන්න . හුනස්ගිරි දිය ඇල්ල බලන්න ඇතුලට යන්න බෑ සංචාරකයන්ට තහනම් . ඉතිං අපි දිය අලලා එළියේ ඉඩන් බලලා දවල් කෑමට hunasfallshotel එකට ගියා . හෝටලයේ සුන්දරත්වය දැකලා පිස්සු වැටිච්ච ඩිෂා කියනවා මචන් අද මෙහෙ නවතිමු කියලා . මුළු හෝටලයටම හිටියේ අපි හතර දෙනා විතරයි සංචාරකයන්ට කියලා . මොනවා කරන්නද , කියන ඉල්ලීම අහක දාන්න බෑනේ . කියලා අපි එදා සවසත් රාත්‍රියත් ගතකරලා උදේ ආහාරය හෝටලයෙන්ම ලබාගෙන පිටකන්ද මුදුන හොයාගෙන ගියා . ආටියා මීට කලින් ගියා කියලා ඔයාලා දන්නවානේ . සංචාරය කරන්නෙක් යන්න ඕනේ තැනක් තමයි පිටකන්ද මුදුන කියන්නේ . වාහන වලින් බැහැලා පැය ගානක් ඇත්තටම කියනවානම් ඩිෂාට ඇතිවෙනකම් හැමතැනම අවිදා . පස්සේ ආටියාට ඕනේ උනා මුන් දෙන්නාට බැංකුවක ඉන්දවලා උණු ප්ලේන්ටියක් එක්ක වඩයක් කවන්න . කබරගල (නාවලපිටියේ නෙවෙයි , පිටකන්දේ) ගමේ තියන එකම එක කඩෙන් කට්ටියට තේ ,වැඩේ කන්න සලස්වලා බලන් හිටියා උන් ජිවිතේ විදින හැටි . අපේ හාමිනේ බනිනවා ඩිෂාලා මම ගැන මොනවා හිතයි ද කියලා මේ කරන වැඩ වලින් . දන්නවානේ ආටියා කරන්නේ තමන්ට හිතුන දේ නේ ....... පස්සේ අහද්දී දෙන්නාම පට්ට විදියට ඒක එන්ජෝයි කරලා . වැඩේ කියන්නේ ගමේ අය බලනවා මේ විවිධප්‍රසංගය .  මෙව්වා මිනිස්සු බලාපොරොතු නොවෙන දර්ශනද ? අනේ මන්දා ... ආටියා හැමෝටම පොලවේ පය ගහලා ඉන්න ඉගැන්වුවා . උන් ඇත්තටම පොලවේ පය ගහලා ඉන්නවා . පට්ට . ජිවිතේ කියන්නේ ඔන්න ඕකයි . අපේ උන්ට ඕක තේරුම් ගන්න බෑ . උන් පට්ටට වියදම් කරලා ජීවිතේ එන්ජෝයි කරනවා කියල විදිනවා . අපේ ගොඩක් උන් ජිවිතේ විදින්න දන්නේනෑ . 

කොහොමාරි පිටකන්දේ ඉදලා අති දුෂ්කර මාර්ගයක් ඔස්සේ අපි මාතලේ රිවස්ටන් පාරට ආවා . එතන ඉදං බබරකිරී ඇල්ල බලන්න ගියපු අපි දවල්ට THE RIVERSTON GRAND කියන පුංචි හෝටලයෙන් කාලා  පිටවලපතන දක්වාම පරිසරයේ සුන්දරත්වය විදිමින් තැනින් තැන නවත්වමින් ගියා . ඇත්තටම ඔවුන් පිස්සු වැටිලා .... මග දෙපස සංචාරකයන් කියන්න කවුරුත්ම නෑ පරිසරය හරිම සුන්දරයි . කියන්න වචන නෑ ....... ඩිෂා පොඩි එකෙක් වගේ කෑගහනවා . උන් පට්ට විදියට එන්ජෝයි කරනවා . දැන් අපේ හාමිනේගේත් කන් කෙදිරිය ඉවරයි . එයත් ගමනට හුරු වෙලා . ඒක ලොකු දෙයක් . 

ඉතින් අදුරු වැටීමත් එක්ක මේ පලාත තවත් සුන්දර වෙනවා . ගුප්ත වෙනවා . ආටියා ඒ  හැගීම් දෙකටම පට්ට ආසයි . ආටියාට ඕනේ උනා මුන් දෙනාව තවත් පුදුම කරන්න . ආටියා උපක්‍රමිකව පිටවලපතන මැද සුදුසු තැනක් බලලා කිව්වා යකාගේ කාර්මික දෝෂයක් කියලා . ආටියා හාමිණේට වත් කිව්වේ නෑ මේක බොරුවක් කියලා . ආටියාට ඕනේ උනේ ට්‍රැවල් කරනවා කියන්නේ මේක කියලා උන්ට දැනෙන්න හරින්න . කොහොම කොහොමාරි පැයක් විතර ඩිෂා , වයිෆ් සහ අපේ හාමිනේ බය වෙලා ඉන්න ඇති .  ආටියා ගානක් නැතුව ඉන්න්නවා වයිෆ්ට තේරිලා වයිෆ් ඇත මිරිකලාකියනවා "මේක ඔයාගේ තවත් සෙල්ෆ් එනජොය්  එකක් නම් මම ආයේ කවදාවත් මෙහෙම ගමන් එන්නේ නෑ කියලා . ඔය අතරේ ඩිෂා කථා කරනවා කථාකරන්න ඕනේ හැමතැනකටම . ආටියා අන්තිමට ඩිෂාව සංසිදවනවා . පස්සේ පොර හුරු වෙනවා ඒ වගේම කාන්තා පාර්ශවයත් . ආටියා සංචාරයක් යද්දී දාගන්න බඩු මල්ල වහනයෙන් එලියට ගන්නවා . කොහොමාරි කට්ටිය එකතු වෙලා මැගී හදාගෙන කාලා , මධුවිතෙනුත් සප්පායම් වෙනවා හීනිය ට. විදගන්න බැරිතරම් සීතල මීදුම තිබුනට වැස්ස බින්දුවක්වත් නෑ ... අපි ඒ අතින් වාසනාවන්තයි .  වාහනයේ බොනට්එක උඩ ඉදගෙන ඈත තරු දිහාබලාගෙන එකම බ්ලැන්කට් එක පොරවාගෙන උන් දැන් ට්‍රැවල් කරන එක විදිනවා . පට්ට .   අපි කට්ටිය රෑ  දොළහ වෙනකම් විතර ඉදලා නින්දටගියා . කාලෙකටපස්සේ වාහනේ ඇතුලේ සැපට නිදාගන්නපුළුවන් උනා . ඒ හැගීම මිල කරන්න බෑ .... වචනයෙන් පැහැදිලි කරන්නත් බෑ. 

උදේ හය වගේ වෙද්දී ඇහැරුනාම අපේ පිටිපස්සේන් පොලිස් ජංගම රථයත් ඇවිලා . නවත්වලා තියනවා . ඒ හැමෝම නිදි . 

ආටියා ඩිෂාවත් ඇහැරගෙන පොලිස් ජංගම රථයේ මහත්වරුන්ට කථා කරන්න ගියා . ඒ අය නින්දෙන් වගේ පුදුම වෙලා අපිට කථාකරා . 


"මහතුරුද අර වාහනදෙකේ හිටියේ ? 

අපි රෑ එකට වගේ ආවා මේ වාහන දෙක දැකලා නවතුවේ ,

හැමෝම රෙදි ඔලුවේ ඉදන් පෙරවන් නිදි . කතාකරාට ඇහැරුනේත් නෑ . 

පස්සේ අපි නැවතුනා , ඔයාලාට කරදරයක් උනොත් කියලා . පහ වගේ වෙනකම් ඇහැරන් හිටියා . 

දැන් තමයි නින්ද ගියේ . 

ඇත්තටම මහත්තයා මොකද මේ , වාහනේ කැඩිලාද ? 

මම ගත්කටටම කිව්වා ඔව් ඔව් . එකපාර නැවතුනා කියලා . 

උදේ ස්ටාට් කරේ නැද්ද තවම . 

නෑ රාලහාමී මම පිළිතුරු  දුන්නා . 

යමු , ස්ටාට් කරලා බලමු කියලා ඒ නිලධාරීන් හතරදෙනාත් වහනය ලගට ආවා . 

යකා සුපුරුදු පරිදි ස්ටාට් උනා . 

ඔය මහත්තයා රත්වෙලා වෙන්න ඇති නැවතිලා තියෙන්නේ . කියලා ඒ නිලධාරීන් යන්නට පිටවගියා . 

ඩිෂා උදේට කන්න කියලා පන්දාහේ නෝට්ටුවක් ගුලිකරලා අත තිබ්බාම ඒ අය එක පිලිගතේ නෑ . අන්තිමට කියලා කියලා පින්සෙන්ඩු උනාම අරගෙන ගියා . 

ඔවුන් සමහරවිට හිතන්න ඇති අපි දේශපාලකයෝ  කියලා , නැත්තම් කෙරුම්කාරයෝ කියලා . ඒ අය දෙන්නේ නැතුව ඇති අපි පොලවේ පය ගහලා විදින අවිදින අවිදින්නෝ කියලා . කොහොමාරි අපි උදේම අපේ සංචාරය මෙතනින් අවසන් කරලා නැවත මාතලේට ආවා . 

Monday, December 7, 2020

ජෙනී ......

 



ඔයාට පුළුවන් ද අද හවස මාව මීට් වෙන්න . අද රෑ මම යනවා .


හ්ම්ම් ..... කොහෙටද මම එන්න ඕනේ ..


රේස් කෝස් එකට එන්න හය වෙද්දී ...


හරි මම එන්නම් 


වැස්සත් එක්ක වෙනදා වගේ හවස්වරුව කාර්යබහුල නොවුන එක ඇත්තටම හොද ය. 


ඇය කියූ වෙලාවට ඇවිත් ය. හැබැයි තවමත් වාහනයේ ය . මගේ වාහනය හදුනාගත් ඇය දෙවතාවක් හෙඩ් ලයිට් ගැහුවාය . මම ද වාහනය ඇය අසලින් නැවත්වීමි . 


ඇය පැමිණ ඇත්තේ අයගේ අලුත් පෙම්වතා එක්ක කියා මට වැටහුනේ ඇය වාහනයෙන් බහින්නට ඉස්සර ඔහුගේ කම්මුල සිපගත් නිසාය . 


ජෙනී ගේ පෙම්වතා ජෙනී පැමිණි වාහනය රැගෙන යන්නට ගියේ මාදෙස බලාය . මමද ඔහු දෙස බැලුවෙමි . ඔහු පිරිපුන් තරුණයෙකි . ස්ථිර වශයෙන්ම ජෙනී ට වඩා අවුරුදු කීපයකින්වත් බාල විය යුතුය . ඒ ජෙනීගේ අලුත්ම තේරීමය . ඇය මගේ වාහනයේ ඉදිරිපස දොර විවුර්ත කර කෙලින්ම වාහනයට නැග්ගාය .  මතට ලොල් වූ ඇයගේ ඉස්සර මෙන් පිරිපුන් බවක් නැත . මුහුණ වැහැරී ගොස් ය . වයසට වඩා වයස පෙනෙන්නේය .


මොකද උනේ ඔයාට ජෙනී ...


මේ මම ඉන්නේ .... ඇය සුපුරුදු පරිදි මදසිනා පෑවාය . 


මම ද නිහඩ වීමි .


ඒ ෆ්‍රෑන්ක් . 


ලුකස් ගුඩ් ...


Yeah ...අයි ක්නොව් ...


ඔයා දන්නවාද මම දැන් ගොඩක් සතුටින් ඉන්නේ .


හී ඉස් මයි එව්රිතින් . 


මගේ සුභපැතුම් . 

 

ඒත් ඔයා මගේ හිතේ  පැත්තකම තවමත් ඉන්නවා . මට ඔයාව අමතක කරන්න ඕනේ . මට හෙල්ප් කරන්න ඔයාට පුළුවන්ද ?


ඔයා ගැන හිතෙනකම් මට එයාගේම වෙන්න බෑ .


මට ඔයාඑක්ක කවදාවත් තරහ වෙන්නත් බෑ .. අපරාදේ එහෙම උනොත් අපේ මතක නේද ? 


මම ගොළුවීමි . 


අපි කොහේ හරි යමුද ? මට වෙලානෑ  


යන්න ඉස්සර එකම එක පාරක් ඔයාව මට බදාගන්න ඕනේ තදින් . 


ඇයගේ සුවද එදා වගේම ය .  මතක අතර ඇයත් එක්ක ගෙවූ ලස්සන මතක හැමදාම මගේ හිතේ ජීවත්වනු ඇත . 


මාව ඩ්‍රොප් කරන්න හොටෙල් එකට . ෆෑන්ක් එතන ඉන්නවා .  රේස් කොස් එකෙන් පිටත් උන අපි කථානොකරම ඇයගේ හෝටලය වෙත යන්නවීමු .


පිනි පොද වැටෙනවැස්සේ තරු මෙන් දිලෙන විදුළි බුබුළු අතරින් රථය සෙමෙන් සෙමෙන් හෝටලය වෙන්ත ලගාවිය . 


ලොබි එකේදී ජෙනී මට සමුදුණි  .තදින් බදාගත් ජෙනී මට සමුදුන්නේ " මම ආයේ කවදාවත් එන්නේ නෑ" කියාය . 


ඒ වචන හදවත විදගෙන යන්න තරම් බලවත් විය . 


ඇයගේ වචන සමග මම වාහනය ඉබාගාතේ ගියෙමි . මතක එක්ක ජීවත් වන්නට ලේසි නැත .එහෙත් මම එය කර යුතු ව ඇත .  


Thursday, October 8, 2020

ඉස්සර ධනූ , SEX , ගැහැණු ලොව පිරිමි ලොව , ආටියාව කෙනිත්තු හෙළ බ්ලොග් කරුවා , සමගින් කොරෝනාව ඉදිරියේ අපේ මිනිසුන් .

ආටියා නැවත ලියන්නට එන්නේ මාස හතරකුත් දින දෙකකට පසුව ය . නොලිව්වේ කාර්යබහුලකම නිසාම නොවේ ය . ලෝකයේ හතර කොනේ කරක්ගැසූ ආටියා කොරෝනාවත් සමග ලංකාවේ නැවතුන එක පුරුවේ පිනක් ය . උපන් මවු රට තරම් රටක් මිනිසෙකුට නැත්තේමය . ලංකාව ලෝකයේ එක කියන්නට දහසකුත් හැගීම් හිතට ආවත් එව්වා මෙතන ලියන්නට යන්නේ නැතිය . රැජිනගේ රටත් කොරෝනාවට ඉදිරියේ පදිරි වෙද්දී ලංකාව ගැසූ ගේම පට්ට ය. ලංකාව කියන්නේ පාලකයන් නොවේ ය . ලංකාව කියන්නේ ඉන්නා මිනිස්සු ය. උන් පට්ට ය. කිව්වොත් දෙයක් හරියට උන්ට එව්වා තේරුම් ගන්නට වැඩි වෙලාවක් නොයන්නේය . ලෝකයේ අංක එකේ රටේ ජිවත් වන සම පන්තියේ මිනිසා සහ ලංකාවේ මිනිසා සැසදීමේදී ඒ බව හොදට වැටහෙනවාය . අයෙත් කොරෝනා ඇවිල්ලාය . අපේ උන් නැවතත් පරිස්සමෙන් ඉන්නට හිතාගත යුතුය . එදා පළමු රැල්ලේ දී ගැසූ ගේම ම නැවත අපේ මිනිසුන් ගැසිය යුතුය . අපේ මිනිසුන් පට්ට ක්ලාස් ය . මාස ගනං ඇදිරි නිතිය දමද්දී ඇදිරි නිතියට විරුද්ධව පාරට බැස්සේ නැතිය . එව්වා නියම මිනිසුන්ගේ ලක්ෂණය . ආටියා අපේ මිනිසුන් වෙත හිස නවන්නේ ආඩම්බරයෙන් ය . එකම අවුලකට ඇත්තේ අපේ මිනිසුන්ට හැමදේම ඉක්මනින් අමතකව යන එකය . එව්වා පුරුවේ කරුම ය . අනෙකක් නොවේය . 

ඔය අතර දවසක් හෙළ බ්ලොග් ලෝකයේ ලොකු පොරක් ආටියාට කථාකර විමසුවේ , "දැන් ලියන්නේ නැත්තේ ආණ්ඩුව උබලාගේ හින්දා ද " කියා ය . ආටියාගේ පවුලට දේශපාලනය තිබ්බාට ආටියාට දේශපාලනයක් නැත්තේ ය. තව එව්වා මෙතැන් ලියන්නට හිටියත් ඒව්වා මෙතන ලියන්නේ නැතිය . තිබුන රජයට වඩා මේ රජය හොදයි කියන්නට තවම කල් වැඩිය . සමහර විට මේ යන විදියට මගදී නා ගන්නටද පුළුවන් ය . කොහොමනමුත් ආණ්ඩුවට තුනෙන් දෙක තියෙනවා ය . සමස්ත බලය හරියට පාලනය කරොත් රට හදන්නට පුළුවන්ය . රටක් හදන්නට යකඩ අතක් තිබිය යුතුය කීවේ ලීක් වාන් යූ ය . 

ආටියාට මේ ලගදී ධනූ ව සම්හන්ද කරගන්නට උවමනාවක් ආවේ ඇය ආටියා සමග උරණ වෙන්නට පෙර කරපු ඉල්ලීමක් ඉටු කරන්නට ය. වරෙක ආටියා හදිස්සියේ ම සති දෙකකට ඇමරිකාවට ගිය විට ඇය හිතුවේ ඇයට නොකියා ගියා කියා ය . ඒ සමගම iNSTA පණිවිඩයක ඇය ලියපු දෙයින් ආටියා දරුණු ලෙසම මනසින් වැටුණු බව සහ ඒ විස්තරය මෙතන ලියන්නට නොයන්නේ බ්ලොගය දිග් ගැස්සෙන නිසාය . ඇමතුමක් දෙන්නට ධනුගේ නොම්බරය ආටියාගේ ජංගමේ තිබුනේ නැති නිසා ආටියා ඉන්ස්ටග්‍රෑම් හරහා මිතුරු ඉල්ලීමක් කලේය . එයටද ඇයගෙන් ප්‍රතිචාරයක් නැත්තේය . ඉස්සර ධනූ ට ඉන්ස්ටග්‍රෑම් යනු බඩේ බත් එක වගේ ය . දැන් මොකද කියා ආටියා දන්නේ නැතිය . ඇතැම්විට තවමත් ඇය මා සමග මලෙන් විය යුතුය  . කරන්නට දෙයක් නැති තැන මෙතන ලිව්වේ ඉස්සර ඇය මගේලෝකය01 කියවන්නට පුරුදු වීසිටි බව මට මතක්වූ නිසාය . දවසක් ආටියාට වේදනාව ඉවසන්නට බැරිම තැන යකා සමග ගියේ ජපුර සරසවිය අසල ඇය ගේ නිවාස පැත්තටය .ඒ පාරෙන් එකක් වූ යකා නිසා ආටියාට වැඩිවෙලාවක් එතන නවත්වා ඉන්නට ඉඩ නොලැබුණේ පාරේ තදබදය මා නිසා බැවින් ය . ඉස්සර ධනූ වැඩ අහවරකර ගෙදර එන වෙලාව මතක ඇති නිසා ආටිය පාරට වී හවස හත වෙනතුරු බලං හිටියත් ධනූ ආවේ නැතිය . පසුව සතියකටපසු උදේ ම ආටියා යකා එක්ක ඇයගේ කාර්යාලය ඉදිරිපිටට ගොස් ඇය එනවාද කියා බැලුවද ඇය ආවේ නැති ය . පසුව එදිනම හවසද කාර්යාලය ඉදිරිපිටට වැඩ අහවර වෙන වෙලාවට විපරම් කරත් ඇය ආවේ නැතිය . එක්කෝ ඇය ලංකාවෙන් පිටත් ව ජපානයට යන්නට ඇතිය .නැත්තම් ඉනා තැන සහ කරන රැකියාව වෙනස් කර වන්නටද පුලුවන්ය . ඔය එකක් වත් නොවේ නම් ඇයට ආටියා වැඩක් නැතිය වන්නට පුළුවන් ය . 

ආටියා කොහොමත් ඉන්නේ කිසිම දෙයක් ගැන වැඩියන් නොහිතාය. ලගදී දවසක හාමිණේ ගේ උවමණාවට   R R MK5 එකකට කරගැසූ ආටියා ට ගැනුන්ගේ ආසාවල් ගැන හිතෙනවිටත් පුදුමය . ගැහැනුන් තමන් කොච්චර සිම්පල් ද කියා කියන්නට පට්ට වෙහෙසක් දරන එහෙත් පට්ට complicated කොට්ටාශයක්ය . එක එක මට්ටම් වල සිටිනා ගැහැණු හැම එකෙන්ක්ටම මේ කථාව අදාල ය . ගැහැනියක් හිතන්නේ බොහෝ විට ආදරයක අවසානය ලිංගිකව එකතුවීමක් කියා ය. කොච්චර කොහොම නෑ එහෙම නෙවෙයි කිව්වත් කථාව ඇත්තය . සිග්මන් ෆ්‍රොයිඩ් ගේ පර්යේෂණ ළිපි වලින් ද තහවුරු කරපු මේ කරුණ පිළිගන්නට ගැහැනුන් කැමති නැත්තේය .  "බොහොමයක් ගැහැණු තමන් කැමති පිරිමියා සමග ලිංගිකව එකතුවන්නේ මනෝමයෙන් ය"  ෆ්‍රොයිඩ්  කිව්වේ එසේය. ගැහැනිය පිරිමියාට වඩා හැම අතින්ම ශක්තිමත්ය. මාතෘ මුලික සමාජය පුරුෂ මුලික සමාජයක් වශයෙන් පෙරලීම ඇත්තෙන්ම කේධජනකය. අදටත් සමාජය ගැහැණිය මුල්කරගෙන තිබුනානම් සමාජය මීට වඩා ලස්සන වන්නට තිබුනා කියා ආටියාට හිතනවාය . ඇත්තටම පිරිමි ලෝකය සහ ගැහැණු ලෝකය අතර තිබෙන්නාවූ අසංතුලිත බව නොතිබුනානම් කියා ආටියාට හිතෙනවාය . මෙව්වා ලංකාවට ආසියාවට නොව ලෝකයටම අදාලය. සමාජක්‍රමය තුල ගැහැණිය වැඩිපුර ඕපන් වෙන්නට ගියොත් ඇයට බඩුව යැයි කියන්නට හිතන මිනිසුන් පළමුව වෙනස් වන්නට ඕනේය . පිරිමියාට මෙන් ගැහැණියට නිදහස් ව හිතන්නට අවකාශ සලසාදෙන්නට ඕනේ පුරුෂ මුලික සමාජය විසින්ය . උපරිම නිදහසක් සැමියා විසින් බිරිදට දුන්නත් එය පිළිගන්නට බය එහෙමත් නැතිනම් කැමති නැති ගැහැනුන් ද ලෝකය පුරාම සිටිනවාය .සමහර වෙලාවට ඇය හිතන්නේ එය කරදරයක් විදියට ය. ගැහැණියට සාපේක්ෂව පිරිමියා තවත් ගැහැනුන් වෙත යන්නේ හෝ යන්නට සිතන්නේ තම බිරිදගේ හෝ පෙම්වතිය ගේ හෝ අඩුපාඩුවක්ම නිසා නොවේය .  වරෙක ආටියාගේ අයර්ලන්ත ජාතික මිතුරියක් කීවේ "ගැහැනුන් පලතුරු කන්නට කැමති උනත් පිරිමින් කන්නට කැමති ෆ්රුට් සැලඩ්" කියා ය . මේ කතාවව හරියටම හරි ය . විවිධත්වය පිරිමින්ට වඩා ගැහැණු අගය කලද SEX වලදී ගැහැනුන් පට්ට BACKFORWED ය  . ආටියා හිතන්නේ පිරිමින් වගේම ගැහැනුන්ද ඕපන් වියයුතු ය කියාය . ශක්තිය මනින සාධක අතර ලිංගික ක්‍රියාකාරකම් ද පෙරමුණේ සිටී . ලිංගික ක්‍රියාකාරකම්වලදී පිරිමියාට වඩා ගැහැණිය ශක්තිමත් බව පිරිමි අපි අවිවාදයෙන් යුතුව පිළිගත යුතුය . කොතරම් ශක්තිමත් පිරිමියෙක් උවද අවස්ථා තුනහතරකින් වෙහෙසට පත් වුවත් , ගැහැනියකට ශක්තිමත් පිරිමි කිහිපදෙනක් සමග බොහෝ වෙලාවක් සතුටු වන්නට පුළුවන් ය . එතරම් ශක්තිමත් ගැහැණිය ලිංගිකත්වය යන මාතෘකාවේ දී පට්ට නිශ්ශබ්ද වන්නේ ඇයිද කියා ආටියා දන්නේ නැතිය . 

පිරිමියා සහ ගැහැණිය සමවශයෙන් පුහුණු වියයුත්තක් වන්නේ අතහැරීමය . ඇත්ත වශයෙන්ම අත්හැරීම පට්ට දෙයකි . එය ප්රැක්ටිස් කරන්නේට පුළුවන් නම් ජිවිතයේ ප්රශ්ණ අඩුය . ප්රශ්ණ වලින් බහුතරයක් අපි විසින් ගොඩනගා ගත් එව්වාය . තේරෙන භාෂාවෙන් කියනවා නම් අපි විසින් කැමැත්තෙන් දමා ගත් තොප්පි ය . තොප්පි වැටෙනවා බාල්දි පෙරළෙනවා කියන්නේ අතිශය සාමාන්ය දේවල් කියලා ඔහේ ලා හිතනවා ඇතිය . එහෙත් ප්රශ්ණ වල රස දන්නේ බාල්දි පෙරලිච්ච එකා ය .

අතහැරීම කියද්දී මටනම් මතක්වනේ බුදු රජාණන් වහන්සේ ය . අතහැරීම ගැන හරියටම උගන්වා ඇත්තේ ද උන්වහන්සේ ය . එව්වා අපේ බුධාගම්කාරයෝ දෙන්නේ නැති ය. උන් දන්නේ පුළුවන් තරම් ගොඩ වඩා ගන්නටය . මම දන්නා තරමින් සෑම ආගමකම අතහැරීම ගැන කියා තිබෙනවා ය .මොන හැටි වෙතත් බුද්ධාගමේ මිනිස්සුට වඩා කිතුණුවෝ අතහැරීමට මෙන් ම තියන දේ පුළුවන් තරම් අනිත් අයට දෙන්නට පෙළගැසෙනවා ය . ඒ අය දෙන විදිය, දෙයක් අතහරින විදිය පට්ට ලස්සණ ය . ආටියා උපතින් බුද්ධාගමේ උවද මෙව්වා මෙහෙම ලියන්නට බය නැති ය. 

Thursday, May 7, 2020

මාකෙළි ඇල්ල සොයා පාලින්ද නුවරට .



කිහිපදෙනෙක් දන්න, ගොඩක් දෙනෙක් නොදන්න අපේ රටේ තියන තවත් සුන්දර දිය ඇල්ලක් තමයි මාකෙළි ඇල්ල.

අද අපේ ගමනාන්තය වන්නේ සුන්දර මාකෙලී ඇල්ලයි. අගලවත්ත අඩවියේ හෙක්ටයාර් 1350 කින් පමන සමන්විත නෙලුකැටිය රක්ෂිතය හරහා ගලා බසින මාකෙළි දොල මෙම ස්ථානයේදී සුන්දර මාකෙළි ඇල්ල බවට පත්වෙනවා. උසින් මීටර් 21 පමණ උස මේ මාකෙළි කොමලිය ‍‍ෛඑතිහාසික පාලින්ද නුවරට පමනක් නොව මුලු ලක් මෑනියන්ටම ආභරනයකි.ප්‍රකට කුකුලේ ගඟ ජල විදුලි බලාගාරය මේ ආසන්නයේ පිහිටා ඇත්තේද ඇල්ල අසලමයි.


කුකුලේ ගඟ ජල විදුලි බලාගාරය


කලුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි මේ සුන්දර ඇල්ල වෙත මතුගම - රත්නපුර ප්‍රධාන මාර්ගයේ පැමින ලත්පඳුර හංදියෙන් හැරී කිලෝ මීටර් 20 පමන කෙලින් කන්ද මාර්ගයේ පැමිනීමෙන් ලඟා විය හැකිය. හොරණ බුලත්සිංහල හරහා මෝල්කාවට පැමින එතැනින් ‍ කෙලින් කන්ද මාර්ගයේ පැමිනීමෙන් ලඟා විය හැකිය. බස් රථයකින් ගමන් කරන්නේ නම් මතුගමට පැමින මාර්ග අංක 437 කෙලින්කන්ද - මතුගම බස්රථයක පැමිනිය යුතුය. 

නිරිත දිග මෝසමෙන් මෙම ප්‍රදේශයට තද වැසි ලැබෙන අතර වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 400 පමන වේ.ජනවාරි - මාර්තු අතර කාල වලදී ඇල්ලේ ජල ධාරිතාව මදක් අඩුවන නමුදු වසරේ අනෙක් කාල වලදී අධික ජල ධාරිතාවක් සහිත අලංකාර දිය ඇල්ලක් නැරඹිය හැකිය.

දිය ඇල්ලේ කෙටි වීඩියෝවක් 

මාකෙලි ඇල්ලට නම වැටුන විදිහ ගැනත් අපූරු ඉතිහාස කතාවක් අහන්න ලැබෙනවා. ඒ තමයි පස්දුන් කෝරළයේ පැරණි අගනුවර වෙන්නේ පාලින්ද නුවර. මේ ප්‍රදේශයේ තියෙන කඳු ගිරිදුර්ග නිසාවෙන් මේ ප්‍රදේශයට ස්වභාවික ආරක්‍ෂාවක් ලැබීම ඒකට හේතු වෙලා තියෙනවා. ඒ නිසාම මේ ප්‍රදේශය වීදියබණ්ඩාර කුමාරයා සැඟවිලා ඉන්න භාවිතා කරල තියෙනවා. මේ කාලයේ කුමාරයා දිය ක්‍රීඩා කරන්න දිය ඇල්ලට ඇවිත් තියෙනවා. පසු කලෙක ඔහු මේක අගනුවර කරගෙන ඔහු දිය ක්‍රීඩා කල ස්ථානය "මා කෙළි ස්ථානය" යැයි හඳුන්වා දී තිබෙනවා. පසුව එම දිය ඇල්ල, මාකෙළි ඇල්ල ලෙස ව්‍යවහාරයට එකතු වුනා කියල තමයි ඉතිහාස කතාවල කියවෙන්නේ.


වීදියබණ්ඩාර කුමාරයා 

කෝහොම නමුත් මාකෙලි ඇල්ල දියනෑමට නම් එතරම් සුදුසු තැනක් නෙවෙයි. මේ වනවිටත් මේ ඇල්ල මිනිස් ජීවිත් 38ක් පමන බිලි අරගෙන තියෙනවා කියලයි අපිට අසන්න ලැබුනේ. ඒ නිසා මෙම ඇල්ල අසල දියනෑම විතරක් නෙවෙයි දිය ඇල්ල මුදුනට ගිහින් සෙල්ෆි ගහන එකත් ජීවන ගමනට තිත තියෙන එකක් වෙන්න පුළුවනි. එමනිසා මාකෙලි ඇල්ල බලන්න යනවනම් ඉතාමත් අවධානයෙන් පරිස්සමින් කියලයි කියන්න තියෙන්නේ.




යන අතරමග 

කලකට ඉහත මහා ගං වතුරකින් ඔය කන්ද නාය ගොස් ගමක් පිටින් වැලලුනා කීයලා දැනගන්න ලැබුනා.

ඈතින් ලස්සණ පාලමක් , ගම් දෙකක් යාකරන

ලගට ගියාම තමයි දැක්කේ අවදානම . දේශපාළුවන් ට ලෑලි ටිකක් වත් දාල දෙන්න බැරිද මේ අහිංසකයන්ට 

ඔන්න අපි ආවා දිය ඇල්ල ළගට 

වාහනය නවත්වන්න පහසුකම් එහෙම සලසලා දීල තියෙනවා 

දියඇල්ල බලන්න ප්‍රධාන ස්ටේජ් එකක් එහෙම හදලා තියෙනවා . අත්වැල් තියෙන පඩි පෙළක් තියෙනවා පහලට බහින්න 

සුන්දර මාකෙළි ඇල්ල


ඔන්න එහෙනං ආටියාගේ තවත් සංචාරයක් මේ විදියට ඉවර වෙනවා. මේ සටහන කියෙව්ව ඔයගොල්ලෝ හැමදෙනාටම බොහොම ස්තුතී.
තවත් සංචරක සටහනකින් නැවත හමුවන තුරු ඔබට සුභ දවසක්!

ඔබ සියලු දෙනා හට මේ කෙටි පණිවිඩය මේ සමගම දන්වනු කැමැත්තමි. 

මාකෙළි ඇල්ල හා අවට පරිසරය තවමත් නොකිලිටි පරිසරයක් වශයෙන් තිබෙනා බැවින් එය මතුපරපුරටත් ඉතිරි කරදීම ඔබගේ යුතුකක් නොව අනිවාර්ය වගකීමකි. ඔබ එය ඉටුකර යුතු ය. විශේෂයෙන් පොලිතින් ප්ලාස්ටික් වැනි දේ නැවත ඔබගේ ගමන් මල්ලේ ම දමා ඒමට ඔබ කාරුණික වියයුතු ය.

* ආටියාගේ සංචාරේ 





ආදරණීය ධනූ , සුදු ඇදගෙන කළු ඇවිදින් හී පුදුම ගං කාරයෝ හොයා ගෙන බකමුණ සහ ඇළහැරටත් නාඋල මාතලේ හරහා නුවරටත් , කිසිදා නොදුටු තනුර මල්ලී සොයා දිගන , හුන්නස්ගිරිය , හසලක හරහා මහියංගනයට පැමිණ එතනින් ගිරාදුරුකෝට්ටේ , දෙහිඅත්තකන්ඩිය, අරලගංවිලෙන් මාදුරු ඔය රක්ෂිතයට මැදින් මහඔයටත් එතනින් පදියතලාවටත් මහියංගනය හරහා නුවර ගිය පිස්සු ගමණ

කලකට පෙර ජාතික පුවත්පතකට ලියූ එහෙත් හේතුවක් මත පළනොවූ ලිපියක් 
නකල්ස් .

බුකියේ කවි පිළිතුර රකුසාගේ පඩිපෙළ දිගේ කොටගල සිට රෝසැල්ලට


Friday, March 27, 2020

කොළබ හතේ කුරුදුවත්ත පැරැදු අව්ව්‍යාජ ගමේකම.


ඒ රටම ගංවතුරෙන් වෙලාගත් සමයයි .  උදේන්ම මැඩම් සුදානම් වන්නේ ගංවතුරෙන් අසරණ උන මිනිසුන් සොයා බද්දේගම පැත්තට යාමටය .

ජයතිස්ස ඔය වාහනය ලෑස්ති කරන්න යැයි උදෙන්ම අණ කරේ නිවසේ නිත්‍ය රියදුරුටය .

මැඩම් වාහනයේ  පොඩි අවුලකුත් තියෙනවා මම බැලුවේ අද පොඩ්ඩක් ගරාජ් එකට ගිහින් පෙන්නන්නට කියල .

තමුසේ කවදද ඔය වාහණය හරියට බලාගත්තේ  . බලනවා මම උදේ දහය වෙද්දී බද්දේගම ඉන්න ඕනේ . දැන් කොහොමද යන්නේ කියනවා ..... මැඩම් ගුගුලේ ය . ජයතිස්ස අසරණ කමින් බිම බලාගත්තා හැදෙන්නට කිසිවක් එයට උඩින් කිය්යන්නට නොගියේ ය .

දැන් කොහොමද යන්නේ  කියනවා ......... නැවත වරක් ඇය ගුගුලේ  ය .

අපි යමු නෝනා .....  ජයතිස්ස බිම බලාගෙනම කියන්නට විය .

ආ  ..... එහනම්  වහනය ලෑස්ති කරලා අර බෑග් ටික වහනයට දාගන්නවා .

ජයතිස්ස මඩම් යන ගමන් ගැන හොදහැටි දන්නේ අවුරුදු ගණනක් බංගලාවේ රියදුරු වශයෙන් සිටි නිසාය .  කුඩා ටොෆි චොකලට් සහිත බඩුමලු දෙස බැලූ ජයතිස්ස හිතෙන් සිනා සුනා මිස පෙන්නුවේ නැත .

අධි වේගී මාර්ග නොතිබුණු ඒ සමයේ පැය ගණනක ගමනකින් පසුව බද්දේගමට කිට්ටු කර ඔවුනට සැනසීම වූයේ වහනය යහතින් ගමන් කිරීම ය . අසල නිවසකින් පාර අසාගත් ජයතිස්ස නැවත වහනයට නැගී යන්නට පටන්ගත්තේ වචනයකුත් නොදොඩා ය . වහනය දෙපස රබර් වත්තක් මැදින් පය ගණනක් යන්නට විය . පාලූ පාරේ සෙමින් යන වාහනය ඉදිරියෙන් මුණ ගැසුනේ මැදිවියේ ගැමියෙක් ය . ඔහු උරහිසේ තිබුනේ කිලෝ පණහකට වැඩි පිරුණු ගෝනියක් ය. වාහණය අසලින් යද්දී ඒ ගැමියා බුලත් කහට සහිත අව්‍යාජ සිනහවකින් හිස පහත් කොට ආචාර කරේ ගැමියන්ගේ ගැමිකම කොළබ කුරුදුවත්තේ නෝනා ට පේන්වන්නට මෙන් ය .

මැඩම් ගේ තිස් එක ශ්‍රී  බෙන්ස් රථය ගැමියා පසුකර ඉදිරිය ගියේ ටික දුරකි . ජයතිස්ස සහ නෝනා නොසිතූ මොහොතේ රථය රබර් වත්ත මැද ගුරු පාරේ නතර විය . ජයතිස්සට ඉහින් කනින් දහදිය දමන්නට විය . ජයතිස්ස රථය පණ ගන්වන්නට උත්සාහ කරන සැම විටම වාහනය එය ප්‍රතික්ශේප කරන්නට විය .

දැන් තමුසේ කිව්වා නේද යන්න පුළුවන් කියල , දැන් කොහොමද දහය වෙද්දී යන්නේ කියනවා මට .... ඒ ඇසෙන්නේ නෝනාගේ ගෝරනාඩුව ය . ජයතිස්ස බොනට්ටුව ඇර තමන්නට කරන්නට පුළුවන් මොන දේ කරත් වාහණය පණ ගැන්නවීමට ඔහු අසමත් විය . ඔය අතර අර මුලුන් හමුවූ ගැමියා දරන්නට තරම් අපහසු බඩු ගොනියත් රැගෙන ඔවුන් අසලට පැමිණ ජයතිස්ස දෙස බැලුවේ ය.

මහත්තයා වාහනේ නැවතිලාවත්ද ,

ඔහේට පුළුවන් ද තල්ලුවක් දාන්න ...

හොදයි මහත්තයා ...

ගැමියා තල්ලු කරන්න ට සුදානම් වෙත්ම ජයතිස්ස මඩම් දෙස බැලුවේ ඇය රථයෙන් සුළු මොහොතකට බසී යැයි කියා සිතා ය. එහෙත් උඩගු කමේ පරතෙර පැමිණි ඇය වචනයකුත් නොදොඩා ම රථය තුල සිටියේ ජයතිස්ස තවත් අසරණ කරමින් ය.

හරි දා....න්න කියා දුන් ජයතිස්සගේ විධානයත් සමග ගැමියා සිය වෙර යොදා රථය තල්ලු කරන්නට විය . මොහොතකින්  රථය පණ නැගුනේ ජයතිස්සට අස්වැසිල්ලක් වන්නට මෙන්ය . ජයතිස්සට මහත් සැනසුම් ගෙනදෙන්නට විය . ගැමියාට ස්තුතී කර රථයට යන්නට පුළුවන් වුයේ මද දුරකි . නැවත වාහනය පෙර ලෙසම නැවතුණි . ටික මොහොතකින් එතනට පැමිණි ගැමියා නැවත තල්ලු කරන්නට් විය . වාහණය පණ නැංවුනි . ටිකදුරක් ගිය විට නැවත පෙර පරිදිම රථය නැවතුන අතර ගැමියාගේ උදව්වෙන් රථය පණ ලැබුණි .

ජයතිස්ස මඩම් ගෙන් විමසුවේ ....... නෝනා අර මිනිහාවත් වහනයට නග්ගගමුද කියා ය .

තමුසේට පිස්සු ද .... අනික උන්ට පුරුදුයි බර උස්සලා .  හිතක් පපුවක් නැති ලෙස ඇය කීදෙයින් ජයතිස්ස මහත්සේ කම්පාවට පත් විය .
කිලෝ මීටර කිහිපයක් ගිය තැන පසුදා මහා වැස්සෙන් ගසක් පාර හරහා වැටී තිබුණු දුටු මඩම් ට හීන් දහදිය වැටෙන්නට විය.

ජයතිස්ස දැන් අපි මොකද කරන්නේ ...

හරවන් යන්න තමයි වෙන්නේ නෝනා . ජයතිස්ස ගත් කටටම කීවේ නෝනා තවත් අසරණ කරන්නට මෙන් ය.
පැය කීපයක් දෙදෙනාම ගස ලගට වී සිටියේ  කවුරුන් හෝ  උදව්වට පැමිණේ ය කියා අපේක්ෂාවෙන් ය . ටික වෙලාවකට පසුව ගැමියා නැවත ඔවුන් අසලට පැමිණ පුදුමයෙන් ගස දෙස බලන්නට විය .

මහත්තයෝ පාන්දර මම ටවුමට යද්දීත් මේ ගහ වැටිලා තිබ්බේනෑ ....

ඔහොම ඉන්නකෝ  නෝනා .

මේ ,,,,, ඇහුනා ද ... මේ නෝනාට පුටුවක් ගේන්න . ඉන්න මම වෑවර ගෙඩියකුත් ගෙන්න  .  කියා මොහොතකින් වෑවර ගෙඩි දෙකකුත් නෝනා සහ ජයතිස්ස මත තැබීය . අසල නිවසට ගොඩ උන ගැමියා පොරවකුත් රැගෙන ගස කපන්නට විය . පැය කිහිපයකට පසුව තනිව ගස කපාදුන් ඔහු වහනයට යන්න පාර ද සුද්ද කර දුන්නේ ය .

නෝනා ජයතිස්සට බර වී විමසුවේ ...... ගාන කීයද අහනවා ... ලෙස ය .

අනේ ... නෝනා අමාරුවේ වැටුන කෙනෙක්ට උදව් කරලා සල්ලි ඉල්ලන පුරුද්දක් ගමේ අපේ ලග නැහැ .

නෝනා ලජ්ජාවෙන් බිම බලාගත්තේය .

පසුව ඇය කීවේ අපිත් එක්ක යන්න එන්න ඔය ගොනියත් අරගෙන ලෙස ය .

අනේ ,,,, නෝනා මේ මගේ ගෙදර ,,, අර මගේ පවුල .. මේ මගේ ළමයි කියා අසල නිවස අසල සිටි කාන්තාව සහ දරුවන් පෙන්නවන්නට විය .


මම මේ ටවුමට ගියේ  ගං වතුරෙන් කන්න නැති මිනිස්සුනට අපිට පුළුවන් විදියට කෑම ටිකක් හදල දෙන්න උවමාණා ගෙන්න . නෝනලාට දැන් ලගයි .. මේ පාරේ කෙලින්ම ගියාම ඉස්කෝලේ හම්බවෙනවා කියා ය .

- නිමි -

Monday, March 23, 2020

#අපිටපුළුවන්


කියන්නට ලියන්නට කොතෙක් දේ තිබුනත් එව්වා ලියන්නට කාලය මෙය නොවන බව කාටත් වැටහෙනවා ය . ඒ අපි හැමෝම ලෝකයේ කොහේ හිටියත් අද ඉන්නේ රෝ බියෙන් ය . මිනිසුන් වනාහි ජීවිතයට මහත් සේ ආදරය කරන්නෝ වෙති . ඒසාම ඔවුන් තුල ආත්මාර්තකාමීත්වය බොහෝ සේ ය. අපි හැම මේ මොහොතේ බොහෝ විට අත්විදිමින් සිටින්නේ එ ආත්මාර්තකාමීත්වයේ ප්‍රතිපලය .

කවුරු කෙසේ කීවත් අද සියලු දෙනාම එකාවගේ ප්‍රරිස්සම් විය යුතු බව තරයේ අවබෝධ කරගෙන කාලය ගත කර යුතුය . ලෝකයේ සෑම රටකම වාගේ සෞඛ්‍ය අංශ මේ වන විටත් සීරුවෙන් තබන්නට එම රට වල ස්වකීය පරිපාලණය කටයුතු කර ඇත. ඒ අතර තවත් රටවල් රැසක සෞඛ්‍ය අංශ ස්වකීය දායකත්වය තම රට වෙනුවෙන් කැපකර සිටී .

බොහොමයක් දියුණු යෑයි සම්මත රටවල්  හඩා වැටෙද්දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ තම සම්පත් වලින් කරනාවූ මෙහෙය අති  මහත්ය.  එව්වා මතන ලියන්නට ඉඩ මදි ය . බොහෝමයක් රටවල් ගන්නට බිය අභියෝග ලංකාව ගත්තා පමණක් නොව ඒවා ජය ද ගත්තේය . අප විසින් මේ ගතකරන කාලය ඇතැම් විට ගෙවීමට අපහසු කාලයක් විය හැකිය. එහෙත් මේ අතිශය තීරණාත්මක සමයේ ඔබ පෙරට වඩා අවබෝධයෙන් සහ අවධානයෙන් සිටිය යුතුය .

හැම දෙනාම පරිස්සම් වෙන්න. ඒ වගේ ලංකාවේ මෙන්ම ලෝකයේ ම හැමෝම නීරෝගීමත් වේවා . ලොව පුරා රෝහල් වල සිටින සියලුදෙනා ම සුව වේවා . ජීවිත අවදානම රැගෙන කටයුතු කරන සෞඛ්‍ය අංශ , සහ ආරක්ෂක අංශ ආරක්ෂා වේවා කියලා ආටියා හදවතින්ම ප්‍රාර්ථානා කරනවා .

#TogetherWeCan  #අපිටපුළුවන්

-ආටියා-

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...