Thursday, April 4, 2019

මම ආසයි ආයේ නුවර යන්න


සිකුරාදට ජනෙල් වලිනුත් මිනිස්සු නගින
කොටුවෙන් හවස පහයි හතලිස් පහේ
ආයේ නුවර යන්න

මිනිස්සුන් ගෙන් තෙරපිලා ගමන් අරබපු කොච්චි පෙට්ටි ටික
රබුක්කණින් උඩහට යද්දී
පාලුවට යන හැටි ආයේ බලන්න

කට්ට කළුවරේ සීතලේ
තුන්වන පංතියේ මැදිරියකින්
ඈත පෙනෙන කදු වළල්ල දෙස ආයේ බලන්න

ඉහල කෝට්ටේ කඩිගමුව හරියේදී
මම විතරක් අන්තිමට ඉතුරුඋනු
පරණ රුමේනියන් කොච්චි පෙට්ටියක ආයේ නුවර යන්න

රුපියල් විස්සකට ගත්ත උණු හැලපයක් කාල
ලගටම ගෙනල්ල විකුණන කොපි කෝප්පයක්
සීතලේ ආයේ බොන්න

මැදිරි වලින් විහිදෙන නිවී නිවී පත්තුවන අඩු එළීබල්බ්
එක්ක අහසේ තරු
තරග කරන හැටි ආයේ බලන්න

මහා වැස්ස දවසක හෙළක් මැද කැඩුන කෝච්චියේ
උදව්වට එන්ජිමක් කඩුගන්නාවෙන් හරි රබුක්කනින් හරි එනකම්
රුමේනියන් කොච්චි පෙට්ටියක ආයේ සැපට නිදාගන්න

මම ආසයි ආයේ
පහයි හතලිස් පහේ
නුවර යන්න

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...