Monday, February 17, 2020

කුරුනෑගල , දබුල්ල ශේෂ කදු සිට හන්තාන කදු පන්තිය දක්වා සියළු කදූ සේරුගල සිට සියසින් දුටිමි .




පහුගිය දෙසම්බරේ ආටියාගේ සංචාර මතකයන් අතර අමතකම නොවන මතකයක් එක් කර අපුරු මාසයක් උනා . ඇත්තටම මේ සංචාරය තරමක් දුරට අහම්බයක් කිවොත් නිවැරදී . මාතලේ යන හැම වෙලාවකදීම වගේ ආටියාට හිතට ආපු සිතුවිල්ලක් තමයි අර අලුවිහාරය පන්සලත් එක්කම මීදුමෙන් වටවුණු වලාකුළු වලටත් වඩා උඩින් විරාජමානව වැඩසිටිනා රන් පිළිම වහන්සේ වන්දනා කරන්නට යන්න ඇත්නම් කියන සිතුවිල්ල . 

දිනය:- පහුගිය (2019) දෙසම්බරේ 29 වන දින

කොහොම කොහොමාරි ආටියා ආටියා පහුගිය දෙසම්බරේ මාතලේට ආවේ Wiltshire හයික් එකට යන්න කියලා හිතාගෙන . මාතලේ දී Wiltshire සහ රන් බුදුපිළිමය ගැන විමසද්දී හැමදෙනා වගේ ම කිව්වේ ඉරපායන්න කලින් යන්න සහ වැස්ස දවසක නම් ඔය තැන් දෙකට යන්න තියා හිතන්නවත් එපා  කියලා . Wiltshire හයික් එකට අඩි පාරක් තිබ්බට ලිස්සනවා, ඒ වගේමයි රන් බුදුපිළිමයට යන කැලය මැදින් තිබෙන අඩි පාර වහින දවස් වලට හරියට අවාරේ සිරිපා කරුණා කරනවා වගේ කියල .  
ඔන්න ආටියා මාතලෙන් පිට උනා උදෙන්ම  .  ආටියාගේ වාසනාවටද කොහෙද එදා මාතලේට වැසි රහිත මීදුම අඩු දිනයක් උනා . 


හිරු උදාව තුරු වැල් අතරින් අමුතුම ලස්සනක් ගෙනාවා . ඒ වගේම කුරුල්ලන්ගේ කිචිබිචිය ආටියාගේ ගමනට පාළු මැකුවා .



ඔය කදු මුදුනේ ඈතින් පේන ෆයිනස් යාය Wiltshire 

අංශක 180 ක කෝණයෙන් .  පිය මැන්න මග ..... ඈතින් පෙනෙන්නේ නකල්ස්  කදු පන්තිය . 


යායුතු මග .... නැවුම් හිරු කිරණින් ආලෝකමත් කරමින් 


ආටියා අතරමග . :)


සිසිල දෙන දියකඩිත්තක් ලග පොඩ්ඩක් නතරවෙලා ගිමන් හැරියා 


පහලින් පෙනෙන මාතලේ නගරයත් නගරය වටා ඇති නකල්ස් කදු පන්තිය දෙසත් හෙළ මුදුනේ සිට බලමින් 


අපේ රට කොච්චර ලස්සනද ... පහලින් අලුවිහාරය පන්සල සහ මාතලේ නගරය 

එකම මං සලකුණ . මෙතන සිට ආනත තලයක් දිගේ යන්න තියෙන්නේ .  වැස්සට හෝදගෙන ගියපු ගල් සහ මතු උන මුල් වලට අඩිය තියලා පරිස්සමෙන් යන්න ඕනේ . වැහිදවස් වලට කොහොම වතුර පාරක් එන්න ඇත්ද කියල හිතෙනවා පොලව හෑරිච්ච විදිය දකිද්දී . 


ආටියා මගක්දුරට ආවා . 

වළාකුළු අතරින් පෙනෙන රන් පිළිම වහන්සේ දැක්කාම මහන්සිය ඉබේම නැති උණා .ඒ තරම් පරිසරය සුන්දරයි . කොච්චර මහන්සි වෙන්න ඇත්ද මේ පිළිමවහන්සේ නිර්මානය කරන්න . අවශ්‍ය සිමෙන්ති කළු ගල් යකඩ වැලි කොහොම ගෙනියන්න ඇතිද . අදටත් යන්න අඩිපාරක් වත් නැහැ හරිහමං .


දැන් නම් රන් පිළිම වහන්සේ ලගටම ආවා . අයෙමත් අවට පරිසරය පැහැදිලි උනා . මගේ වෙලාවට ද කොහෙද .  රිවස්ටන් අත ලග වගේ . කදු මුදුනක ඉදං තවත් කදු මුදුනක් දකිද්දී දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ .


 උපරිම සූම්කරාම අලුවිහාරය පන්සල මෙහෙම පේනවානම් හිතාගන්නකෝ කොච්චර ඉහලින්ද මේ රන් පිළිම වහන්සේ පිහිටලා තියෙන්නේ කියල.  


ඈතින් පේන හන්තාන කදු පන්තිය 


ඔන්න දැන් සේරුගලට ආවා . යකඩ අත් වාරු තිබෙන නිසා තරමක් පහසුයි .


 සේරුගල රන් පිළිම වහන්සේ අසළ .  ඇතුල්වීම . 


අභය මුද්‍රාවෙන් වැඩසිටින සේරුගල රන් පිළිම වහන්සේ


මේක තමයි මේ සංචාරයේ වැදගත්ම පින්තූරය . අංශක 180 ක කෝණයෙන් . ඔබේ වම් අත පැත්තෙන් පෙනෙන්නේ කුරුනෑගල , දබුල්ල ශේෂ කදු වල සිට හන්තාන කදු පන්තිය දක්වා සියළු කදූ 


පියා සහ පුතා තමයි නිර්මානකරුවන් . වසර දෙකකින් වගේ වැඩ අවසන් කරලා තියෙනවා . කොච්චරනම් දුකක් විදින්න ඇතිද හැමෝම . හැබැයි කොච්චර පිනක් ද මෙහෙම දෙයක් කරන්නට හිතෙන එකම සහ ඒ සදහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම ම . 

මේ සංචාරයේ තිබුන විශේෂත්වය තමයි සංචරාය අතර තුර තවත් සංචාරකයන් මුණනොගැසීම . ඒ වගේම ගුගල් මැප් එකත් මග දුරකින් ඉවර වෙනවා . පාර අහන්නත් කවුරුවත් නෑ . ඒවගේ ම මාතලේටම ආවේනික ක්ෂණික කාලගුණ වෙනස්වී මෙහෙදීත් අත්දකින්න පුළුවන්. අනික ඔබට අනතුරක් නොවෙන්න ඔබම වගබලාගන්න ඕනේ තනියම යනවානම් . මොකද සමහර තැන්වල ලිස්සනවා ,ඒ වගේම හෙළදාරය ප්‍රපාතයක් වෙන තැන් බොහොමයක් තිබෙනවා . වතුර බෝතලයක් අරගෙන යන්න . උඩ වතුර නැහැ . බබර වද බොහොමයක් තිබෙන නිසා කට පරිස්සම් කරගෙන්නත් අමතක කරන්න එපා . 


ඔන්න එහෙනං ආටියාගේ තවත් සංචාරයක් මේ විදියට ඉවර වෙනවා. මේ සටහන කියෙව්ව ඔයගොල්ලෝ හැමදෙනාටම බොහොම ස්තුතී.
තවත් සංචරක සටහනකින් නැවත හමුවන තුරු ඔබට සුභ දවසක්!

ඔබ සියලු දෙනා හට මේ කෙටි පණිවිඩය මේ සමගම දන්වනු කැමැත්තමි. 

සේරුගල මුදුන හා අවට පරිසරය තවමත් නොකිලිටි පරිසරයක් වශයෙන් තිබෙනා බැවින් එය මතුපරපුරටත් ඉතිරි කරදීම ඔබගේ යුතුකක් නොව අනිවාර්ය වගකීමකි. ඔබ එය ඉටුකර යුතු ය. විශේෂයෙන් පොලිතින් ප්ලාස්ටික් වැනි දේ නැවත ඔබගේ ගමන් මල්ලේ ම දමා ඒමට ඔබ කාරුණික වියයුතු ය.


* ආටියාගේ සංචාරේ 






ආදරණීය ධනූ , සුදු ඇදගෙන කළු ඇවිදින් හී පුදුම ගං කාරයෝ හොයා ගෙන බකමුණ සහ ඇළහැරටත් නාඋල මාතලේ හරහා නුවරටත් , කිසිදා නොදුටු තනුර මල්ලී සොයා දිගන , හුන්නස්ගිරිය , හසලක හරහා මහියංගනයට පැමිණ එතනින් ගිරාදුරුකෝට්ටේ , දෙහිඅත්තකන්ඩිය, අරලගංවිලෙන් මාදුරු ඔය රක්ෂිතයට මැදින් මහඔයටත් එතනින් පදියතලාවටත් මහියංගනය හරහා නුවර ගිය පිස්සු ගමණ

කලකට පෙර ජාතික පුවත්පතකට ලියූ එහෙත් හේතුවක් මත පළනොවූ ලිපියක් 
නකල්ස් .

බුකියේ කවි පිළිතුර රකුසාගේ පඩිපෙළ දිගේ කොටගල සිට රෝසැල්ලට

Wednesday, February 5, 2020

ජීවිතයට පුංචි ඔවදනක්


රෝසි අක්කා ගැන ලියවුන ලිපි දෙකම වගේ පහුගිය දිනක සවණ රේඩියෝ කැනඩා විකාෂයේ පලවිය . ඒ සදහා මුල පිරූ අපේ හිතවත් අනුරුද්ධ මහත්මාව මේ වෙලාවේ ආටියා මතක් කරන්නේ හද පිරි ස්තුතීයත් එක්කමයි .



පහුගිය කාලය පුරාවට ආටියා ට ලියන්න නොලැබුණේ තියෙන වැඩ කන්දරාව අහසටත් වඩා උස නිසා කිව්වොත් මම හිතන්නේ ඒක සාධාරණ කථාවක් නෙවෙයි කියල . ඒත්  ඉතින් මොනවා කරන්නද ........ ගිය පොස්ට් එකේ වගේ සමාවෙන්න කියන්න තමයි වෙන්නේ මේ පොස්ට් එකෙනුත් .



ඉතිං............

ජීවිතේ කියන්නේ එක දිගට දිග හැරෙන සිදුවීම් ගොන්නක එකතුවක් . දුක , වේදනාව , සැප , සතුට කියන්නේ අපි හැමෝගෙම ජීවිත වල නියත අංගයක් . අපේ ජීවිත වල පැවැත්ම තීරණය වෙන්නේ ගොඩක් වෙලාවට අපේ ආකල්ප එක්කමයි . ඒ කියන්නේ අපේ සිතුවිලි තමයි අපේ ජීවිතයේ පැවැත්ම තීරණය කරන ප්‍රධාන ම සාධකය වෙන්නේ ඒ සිතුවිලි තමයි ජීවිතයට අරමුණක් ගේන්නේ.



ඉතිං අපි හැමෝගෙම ජීවිත වලට පැහැදිලි ඉලක්කයක් තියෙන්නේ ඕනේ . බොහෝමයක වෙලාවට ඉල්ලක්ක ජය ගන්නත් , නොගන්නත් හේතුවක් වෙන්න පුළුවන් . අපි දැනගන්න ඕනේ අපේ ජීවිත වෙනුවෙන් කැපකිරීමක් කරන්න . ගොඩක් දෙනා කරන්න නොදන්නේත් ඔය ටිකමයි . සමහර වෙලාවට මම මේ කියන දෙය ඔයගොල්ලෝ අදටත් ප්‍රත්‍යක්ෂ කරගෙන ඇති වෙන්නෙත් නොවෙන්නෙත් පුළුවන් .

ඉතිං ඔබ ප්‍රමාද නෑ .... ඔබ ප්‍රමාදනම් අදම ඔබ අප්‍රමාදව ඒ වෙනුවෙන් කටයුතු කරන්න . ඒක මුලින්ම ලේසි නැති වෙන්නත් පුළුවන් . හැබැයි ඔබ එය කරන්න . ඒ ඔබ වෙනුවෙන් . ඔබගේ ජීවිතය තීරණය කරන්නේ ඔබ මිසක් අනෙක් සාධක නම් නෙවෙයි  කියන එක හොදට මතක තියා ගන්න .

නියත අරමුණක් වෙනුවෙන් හිත යොදවන්න පුහුණු වෙන්න . මුලින් ම හිතට භාරධුර කටයුත්තක් දෙන්න එපා. හිතට විශ්වාසය ගොඩ නගන්න පුහුණුවක් දෙන්න . පස්සේ ඒ ඉලක්කය ටිකෙන් ටික ලොකු එකක් වෙනකම් ගෙනියන්න . ඔබටම තේරේවි හිත කොච්චර ප්‍රභලද කියල . යන්නම් වාලේ කොහෙවත් යන්න එපා කියල කථාවක් තියෙනවා නේ .... ඒක අපේ හිතටත් අදාලයි කියල හොදට මතක තියාගන්න .

සමහර විට යමෙක් ඔබට මානසිකව වට්ටන දේවල් කියන්න පුළුවන් දැන හෝ නොදැන . ඉතින් ඔබ ඔවුන් සමග වාදයට යන්න එපා . හැමෝම කියන දේවල් අහගෙන ඉදල තමාට හිතට විශ්වාසී හරී කියල හිතෙන හොදම දෙයක් කරන්න . කවදාකවත් ඔබට වරදින එකක් නැහැ . ඒ වගේම අතීතයට දොස් තබන්න එපා . අතීතය තුලින් වර්තමාණය සහ අනාගතය ගොඩනැගෙනවා කියන මානසිකත්වයකින් ඉන්නත් එපා . තම තමන් ගේ හැකියාව මතම පමණයි තමන්ගේ ලෝකය ගොඩනැගෙන්නේ . ඒක ප්‍රත්‍යක්ශයි .

සමහර වෙලාවට ඔබට හිතෙනවා ඇති අරයා කොච්චර සතුටින්ද ඉන්නේ .... මෙයාට කොච්චර සල්ලි තියෙනවද , වගේ දේවල් . හිතන්න ඔබත් මමත් ඇතුළුව අපි හැමෝම මේ වෙනකොටත් සතුටු දායක මට්ටමක ඉන්නවා . අපිට වඩා කොච්චර දුක් විදින අඩුම තරමේ ජීවිතේ මුලික උවමණාවන් වත් සපුරගන්න බැරි කොච්චර නම් මිනිස්සු මේ ලෝකේ ඉන්නවාද කියල . තමන්ගේ සිතුවිලි තමයි තමන්ගේ ලෝකය ගොඩනගන්නේ . ඒ නිසා පරිස්සම් වෙන්න සිතුවිලි හසුරවා ගනිද්දී .

ඉතිං අපි ඉස්සරහටත් තව තවත් මේ ගැන කථා කරමු . ඔබට ජය වේවා කියල ආටියා පතනවා .

තවත් මේ හා බැදුණු ලිපි ,





අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...