Thursday, August 31, 2017

වල්මත් සිතුවිලි 01

වල්මත් සිතුවිලි !


උබේ ප්‍රශ්න කාටවත් කියන්න යන්න එපා . 
මොකද අහන අය එක්කෝ ප්‍රශ්ණ වැඩි වෙන උත්තර දෙයි , 
එක්කෝ උබේ හිත අවුල් කරයි .


Wednesday, August 30, 2017

ආදරණීය මුල් ගුරුතුමනි

ආදරණීය මුල් ගුරුතුමනි
ඒබ්‍රහිම් ලින්කන්ගේ ලිපිය!
Former US President Abraham Lincoln letter to his son's Teacher


මගේ පුතාට කියාදෙන්න............ හැම මනුෂ්‍යයෙකුම සත්‍යවාදී හා සර්ව සාධාරණ නොවන බව.
මේක මගේ පුතාට කරුණාකර උගන්වන්න.
නමුත් කියාදෙන්න මගේ පුතාට හැම තක්කඩියෙකු, දුර්ජනයකු පාසාම ගුණ යහපත් වීරවරයෙකුත් මේ ලෝකයේ සිටින බව. ඒ කියන්නෙ, හැම දෙනාම තක්කඩීන් නොවේ තක්කඩීන් වාගේම යහපත් උදවියත් සිටින බව මගේ පුතාට උගන්වන්න.

සෑම ආත්මාර්ථකාමී දේශපාලඥයකු වෙනුවට රටේ සුබසිද්ධියට කැපවුණු යහපත් දේශපාලන දූ පුතුන් ඉන්නා බව මගේ පුතාට ඒත්තු ගන්වන්න. සෑම සතුරකු පාසාම මිතුරෙකුත් සිටින බව මාගේ පුතාට කියා දෙන්න. ඒවාගේම කියා දෙන්න නොමිලේ කගෙන් හරි, කොහෙන් හරි ලැබෙන ඩොලර් පහට වැඩිය තාමාගේ දහඩිය මහන්සියෙන් උපයන ඩොලරය වටිනාකමෙන් වැඩි බව. එත් ඔහුට ඒ බව ඒත්තු ගැන්වීමට කලක් ගත වන්නට පුළුවන් බව මා දන්නවා. නමුත් එම න්‍යාය ඔහුට උගන්වන්න.
පරාජය විඳ දරා ගැනීමටත් ජයග්‍රහණය නිහතමානීව සතුටින් භුක්ති විදීමටත් මාගේ පුතාට උගන්වන්න. ඇතැම් උදවිය ඊර්ෂ්‍යාකාරීව ඔහු යටපත් කරන්නට, ඈත් කරන්නට ක්‍රියා කරන විට ඒවා ගෙන කළ කිරෙන්නේ නැතිව සන්සුන්ව සිටිමින් සිත යටින් සිනාසෙන්නට හැකි ශක්තියේ රහස ගැන ඔහුට උගන්වන්න. තමන්ගේ හයිය හත්තිය පෙන්වා මිනිසුන් බිය ගන්වන්නට එන අය පරාජය කිරීමට පහසුම අය බව ඔහුට අවබෝධ කරවන්න.

මුල් ගුරුතුමනි, ඔබට හැකිනම් ඔහුට පොතෙහි ඇති චමත්කාරය පෙන්වා දෙන්න. එපමණක් නොවෙයි, අහසේ සැරිසරන කුරුල්ලන්, හිරු රැසේ පියාඹන මී මැස්සන්, නිල්වන් කඳු බෑවුමක පිපී වැනෙන වනමල් කියාපාන සදාතනික රහස ගැන නිවීසැනහිල්ලේ සිතන්නට ඉඩ හරින්න. වංචා කිරීමට වඩා, හොර මැරකම් කිරීමට වඩා, පාරාජයට මුහුණදීම ගෞරවාන්විත බවත්, අනිත් අය කුමක් කීවත් තමන්ගේ අවංක අදහස් ගැන විශ්වාසය තබා ක්‍රියා කිරීම ඉතා වටිනා බවත්, ඔහුට වටහා දෙන්න.

ඒ වගේම මුල් ගුරුතුමනි, මගේ පුතා පුරුදු පුහුණු කරන්න, මෘදු මොළොක් මිනිසුන්ට මෘදු ලෙස සලකන්නටත්, රළු මිනිසුන්ට දැඩි ලෙස සලකන්නටත්, තමන් වටේ සිටින උදවිය කරන දෙය අන්ධානුකාරයෙන් පිළිනොගෙන තමාගේම බුද්ධිය මෙහෙයවා යුතුකම් අයුතුකම් තේරුම් ගෙන ක්‍රියා කිරීමේ ශක්තිය ඔහුට ලබාදෙන්න. සෑම දෙනෙකුටම සවන්දීමට ඔහුට උගන්වන්න. එහෙත් ඔහු අසන දෙය සත්‍යය අනුව කිරා මැන බලා හොඳ දෙය පමණක් ගන්නට ඔහුට හැකියාව ලබාදෙන්න. කුමන දුකකට පත් වූවත් එයින් පරිපීඩනය නොවී සිනාසෙන්නට ඔහුට උගන්වන්න. කදුළු හෙළීම ලැජ්ජාවට කරුණක් නොවන බවත් ඔහුට කියාදෙන්න.

හැම දේකම වැරදි සොයන්නන් ගණන් නොගැනීමටත් මිහිරි චාටු බස් දොඩන්නන් ගැන පරිස්සම් වන්නටත් ඔහුට කියාදෙන්න. තමන්ගේ ගතේ සිතේ වැඩිම මිලට ඉල්ලන්නන්ට විකුණුවත් තමන්ගේ හදවත සඳහා කිසිටිටෙකත් මිලක් නොඉල්ලන්නට ඔහුට උගන්වන්න.
බොරු ඝෝෂාවල් කරන සෙනග මධ්‍යයේ කන් පියාගෙන ඉන්නට ඔහුට ධෛර්යය දෙන්න. තමන් සත්‍ය යයි පිළිගන්නා දේ වෙනුවෙන් ධෛර්ය්‍යමත්ව සටන් කරන්න ඔහුට උගන්වන්න මුල් ගුරුතුමනි. ඔහුට මෘදු ලෙස සලකන්න. නමුත් ඔහු හුරතල් කරන්නට එපා.
වානේ හොඳින් තැනිය හැක්කේ ගින්නෙන් රත්වූ විට බව ඔහුට පැහැදිලි කරන්න. ඒ නිසා ජීවිත ගමනේදී තමාට හැඩි දැඩි රස්නයක් දැනුනොත් එයින් තේරුම් ගන්න සලස්වන්න ඔහු කාටත් යටත් කරන්න බැරි මිනිසෙකු හැටියට දියුණු වීමට ඒ අත්දැකීම් ප්‍රයෝජනවත් වන බව. ධෛර්ය්‍යමත්ව දරාගත යුතු නිර්භීත කමට අවශ්‍ය ඉවසීම ඔහුට තිබිය යුතුයි. හැම විටම තමා ගැන උදාර උසස් විශ්වාසය ඇති කරගන්න ඔහුට උගන්වන්න. මුළුමහත් මිනිස් වර්ගයා ගැනම එබඳු විශ්වාසයක් ඇති කර ගන්න පුළුවන් වන්නේ එහෙම කළොත් පමණයි.

ඔහුට මේ අධ්‍යාපනය දීම බැරෑරුම් කාර්යයක් බව මා දන්නවා. ඒ නිසා මුල් ගුරුතුමනි, ඔබට හැකිතාක් හැම දෙයක්ම මාගේ දරුවා වෙනුවෙන් මේ ආකාරයට කරන්න. මාගේ දරුවා ඒ අයුරින් පන්නරය ලබන බව මට විශ්වාසයි .

මා ඔබේ හිතවත්,
ඒබ්‍රහිම් ලින්කන්

Thursday, August 24, 2017

ගණපති අභිෂේක පුජාව

ගණපති අභිෂේක පුජාව






මුලින්ම කියන්න ඕනේ පුල්ලෙයාර් දෙවියන් කියන්නේ අපි කවුරුත් හොදට දන්නා ගණදෙවියන්ට එහෙම නැත්තම් ශ්‍රී ගණේශ්වර දෙවියන්ට . "පුල්ලෙයාර්" කියන්නේ දරුවෙක් වගේ කියන කරන දේවියන් කියන එකට . දෙවියෝ කෝප වෙනවා කිව්වට ගණ දෙවියෝ කෝප වෙන්න් නෑ . මිනිසුන්ගේ මෝඩකම් වලට සමාව දෙනවා . ඉතින් නියගය එන්නේ මිනිසුන් කරන නරක දේවල් වලට දෙවියෝ කෝප උනාම . අපේ රටේ ඒ වගේම ඉන්දියාවේ මිනිසු අතර ලොකු විශ්වාසයක් තියනවා දෙවියන්ගෙන් සමාව ගන්නනම් ගණදෙවියන්ට තමන්ගේ දුක කියන්න ඕනේ කියල . ගණදෙවියන්ට දිව්‍ය සභාවේ හැම දෙවි කෙනෙක් ම ආදරෙයි . මහා බලවත් ඊශ්වර දෙවියන් පවා කියල තියෙන්න මට වදින්න ඉස්සර ගණදෙවියන්ට වන්දනා කරලා එන්න කියල . අනික අපි මොන දෙවි කෙනෙක්ට පූජා වට්ටියක් පුජ කරත් එකේ පොල් ගෙඩිය අයිති වෙන්න ගණදෙවියන්ට .

හරි අපි කතාවට එමුකො , ඔය චාරිත්‍රයට කියන්නේ ගණපති අභිෂේක පුජාව කියල . ඔතනදි දෙවියන්ගේ පිළිමය මඩේ තියන්නේ නෑ . වැවේ වතුර හිදිච්ච තැනක පොඩි වේදිකාවක මල් අතුරලා හදනවා . මස් මලු කපු නැති කවුරුහරි වැව ලග හරි හිදිච්ච වැවක් නම් වතුර ඉතිරි වෙච්චි හරියට කිට්ටු කරලා (මැද හරියේ පොඩ්ඩක් කපපු ගමන් වතුර එනවනේ) පොඩි වැලක් කපල පිරිසිදු වතුර අලුත් කලයකට ගන්නවා . මුලින්ම අලුත් වතුරෙන් නාවනවා . ඊටපස්සේ බෙහෙත් කහ වතුරෙන් නාවනවා . ඉවර උනාම එළකිරි වලින් නාවනවා . අනිතිමට අයෙත් අලුත්වතුරෙන නාවනවා අර කලේ තිබුණු . ඊට පස්සේ මල් මාලයක් (අතින් හදපු එකක් ගහේ පිපෙන මල් වලින්) දාල පිළිමේ දෙවියන්ට පුජ කරන සළුවක් ඔතනවා . ඊට පසේ පලතුරු , රසකැවිලි පුජකරලා අනිතිමට දුක කියනවා . හැමෝම කිව්වත් කමක් නෑ . පස්සේ පිළිමේ තිබ්බ තැනටම වැඩම්මනවා . ඔන්න ඕකයි හරිම චාරිත්‍රය .

Monday, August 21, 2017

වල්මත් සිතුවිලි 00

වල්මත් සිතුවිලි !


කවදාවත් කවුරුවත් කියපු දෙයක් විශ්වාස කරන්න එපා . තමන්ට ඇහිච්ච දැනිච්ච වැටහිච්ච දෙයක්නම් ඒක විශ්වාස කරන්න. 
මොකද අද ලෝකේ හැමෝම පොත් ලිව්වේ නැති උනාට කථා හදන්න නම් දන්නවා. 





Tuesday, August 8, 2017

මොරටුවේ මිනිස්සු කතා වෙන දෙයක්

ගොඩක් දවස් වල මොරටුවේ මිනිස්සු කතා වෙන දෙයක් මෙතන ලියන්න හිතුනා .




මේ කථාව කාර්යාල දුම්රිය පිළිබදව ,


මොරටුවේ ඉදන් කොලබ කොටුව , මරදාන දුම්රිය ස්ථාන ගමනාන්තය කරගෙන යන මගීන් බොහොමයක් ඉන්නවා . 99% කට වගේ උදේ වැඩ පටන්ගන්නේ 8:30 ට . පිළියන්දල ප්‍රදේශයෙන් පවා ජනතාව මොරටුවට පැමිණෙනවා දුම්රියේ යන්න .

ඉතින් මොරටුවෙන් කෝච්චියේ වැඩට යන අයෙක් 8:30 ට පෙර වැඩට යන්න ඔනී නම් ගොඩක් වෙලාවට 7:19 ට මොරටුවට ලගාවෙන අලුත්ගම සිට පැමිණෙන අර්ධ සීග්‍රගාමී දුම්රියට නැගිය යුතු වෙනවා . හැමදාම වගේ වෙලාවටම පැමිණෙන මේ දුම්රිය අත්හරුනොත් 8:30 ට පෙර වැඩට යන්න පුළුවන් වෙයි ද කියන එක ගැටලුවක් . මොකද ඊට පස්සේ අයෙත් දුම්රියක් මොරටුවේ නවත්වන්නේ 7:40 ට . ඒ මාතර සිට පැමිණෙන සාගරිකා සීග්‍රගාමී දුම්රිය . වැඩිමනක් වෙලාවට මේ දුම්රියට නියමිත වෙලාවට එන්න ලැබෙන්නේ නෑ . බොහෝ විට මාතර සිට පැමිණෙන නිසා වෙන්නට පුළුවන් . වෙලාවට පැමිණියත් මොරටුවෙන් දුම්රියට ගොඩවන්නට වෙන්නේ අතලොස්සකට.නගින අයටද දුම්රිය තුල සිටින මගීන් සලකන්නේ පහත් ආකාරයටය . දිනක් මට මෙසේ ඇසුනා "මේක අස්සෙම රිංගන්න එන්න ඔය එන ස්ලෝව් එකක එන්න බැරියැයි නේද බං " යනුවෙන් .

ඉතින් මේ දුම්රියෙන් වැඩට යන අයෙක්ට 8:30 ට තම සේවා ස්ථානයට යන්න අපහසු තත්වයක් තියෙන්නේ . මොකද හැම කාර්යාලයක් වගේ තියෙන්නේ කොටුව , මරදාන දුම්රිය ස්ථාන වලින් තරමක් ඈතට වන්නට වගේ .

සාගරිකා සීග්‍රගාමී දුම්රියට පසුව පැමිණෙන කිසිදු දුම්රියකින් 8:30 ට පෙර තම සේවා ස්ථානයට යන්න අපහසු තත්වයක් තියෙන්නේ .

මේක තමයි මොරටුවේ මගීන් ගේ ශෝකාලාපය . හැබැයි කවුරුවත්ම කියන්නේ නෑ , සමුද්රේ , හික්කඩුව , මිගමු ට්‍රෙන් එක මොරටුවේ නවත්වන්න පෙත්සමක් ගහමු කියල . ඒ මොරටුවේ හැටිය .

* පසුව ලියමි .
මේ ගැටළුව පිලිබදව බලධාරීන් බොහෝ අවස්ථාවල දැනුවත් කරද එයින් පලක් වූයේ නැත .

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...