Wednesday, October 16, 2019

ආදරණීය ධනූ , සුදු ඇදගෙන කළු ඇවිදින් හී පුදුම ගං කාරයෝ හොයා ගෙන බකමුණ සහ ඇළහැරටත් නාඋල මාතලේ හරහා නුවරටත් , කිසිදා නොදුටු තනුර මල්ලී සොයා දිගන , හුන්නස්ගිරිය , හසලක හරහා මහියංගනයට පැමිණ එතනින් ගිරාදුරුකෝට්ටේ , දෙහිඅත්තකන්ඩිය, අරලගංවිලෙන් මාදුරු ඔය රක්ෂිතයට මැදින් මහඔයටත් එතනින් පදියතලාවටත් මහියංගනය හරහා නුවර ගිය පිස්සු ගමණ


ලියන එක නවතාදමා බ්ලොග් එකත් වහන්නට හිතං හිටි ආටියාට එසේ කරන්නට අවසරය නොදුන් මගේලෝකය01 සියලු දෙනාවම මේ මොහොතේ ආදරයෙන් මතක් කරන්නට නෙවෙයි මේ ලියන්නේ. වේදනා කලකිරීම් දහසකුත් හමුවේ පැත්තකට වී සිටි ආටියා වටා මෙච්චර ආදරණීයයන් පිරිසක් ඉන්නවා කියා හරියටම දැනුනේ නොලියා ඉද්දී ය. ආටියාව සම්භන්ද කරගත හැකි හැම මාර්ගයකින් ම ලියන්නේ නැත්තේ ඇයි දැයි විමසූ හැමට ආටියා පිළිතුරු ලිව්වේ ඔවුනට කරණ ගරු කිරීමක් විදියට ය. හෙළ බ්ලොග් ලෝකයේ ලොකු පොරවල් අපේ හිච්චි බ්ලොග් පඩංගුව ඇතුලේ දේවල් කියවනවා කියන්නේත් ඉතිං සතුටක් ම මිස අනෙකක් නොවේය. උන් කියවනවා කියා ආටියා දැනගත්තේ "උබ ඉන්නවද මළා ද" කියා මගෙන්ම විමසූ විට ය. ඉතිං මේ බ්ලොගය ගැන හිතට යම් සිතුවිල්ලක් ආ ඔබගේ සිට විමසු සෑම දෙනාටම මම දහස් වරක් තුතී පුදමි . ඔබෙන් තොර මගේලෝකය01ක් මෙහි නැත්තේම ය .



ඔය විදියට ආටියා පැත්තකට වී සිටින දවස් වල යම් තරමකට හෝ වේදනාව අඩු කරේ විල්සන් මාමා ය .  සුදු ඇදගෙන කළු ඇවිදින් හී විල්සන් මාමා ය . මෙවන් වූ ටෙලියක් හදන්නට නම් ඒසා අගනා පිටපතක් තිබිය යුතුමය. පිටපත සිත්තමක් කර නළු නිලියෝ ද නිර්මාණයට දායකවූ සියලු දෙනාම සැබෑම දක්ෂයෝය.
ආටියා පහුගිය අගෝස්තුවේ කණ්ඩලම ට ගියේ බකමුණේ යන අරමුණෙන් ය . හැබැයි මේ බව ආටියා හාමිණේ ට නොකිව්වේය . කිව්වා නම්  මුලදීම ගමන එපාකරවනවා ෂුවර් ය. කණ්ඩලම හෝටලයෙන් දකුණට හරවා දබුල්ල හරහා කොලබ ආ යුතුව තිබුනත් ආටියා යකා හැරෙව්වේ වමටය . ඒ බකමුණ යාමට ය . එන්න එන්නම යන්නේ වෙන දෙසකට කියා තේරුණ හාමිණේ විමසුවේ අපට පාර වැරදුනා ද කියාය . මම නිහඩ වීමී. හිතාමතා හැරෙව්වා කියා ඇය දන්නේ නැතිය . ආටියාට කියානනට ද ඕනේ නැතිය . කිලෝ මීටර විසි පහක් යන්නට මත්තෙන් බකමුණ නගරයට අපි පැමිණියෙමු . අවට පරිසරය සුවසේ විදිමින් බකමුණට පැමිණෙන්නට අපිට ගතවූයේ පැයකටත් අඩු කාලයකි .

මේ අරමුණක් නැති ගමනේ කෙලවර කොලබ උවත් අපි දැන් වස්ගමුව ජාතික වන උද්යාන සීමාවට පැමිණ ඇත . මේ එන ටිකටත් අලි තුන් හතර දෙනෙක් දැක්ක හාමිනේ කියන්නේ "මේ පාර නම් අලි ගහලා තමයි මැරෙන්නේ" කියා ය . බකමූනට ආ ආටියා ගේ හිත දැන් කියන්නේ ඇලහැරටත් යමු කියාය. බකමුණේන් කිලෝ මීටර දහයක්  ගිය තැන ඇලහැර නගරය හමුවෙයි .කන්නට නවත්වපු හැමතැනකම වාගේ පරිසරයේ සුන්දරත්වය ආහාර වලට වඩා අපේ හිත පිරෙව්වේය. මාතලේ හෝ මහනුවර යන කෙනෙකු ඇලහැර නගරයයෙන් වමට හැරෙව්වොත් ලෝක අමාරුවක වැටෙන්නට සිදුවෙනවාය. ඒ පල්ලේගම , ඉලුක්කුබුර , ලක්ගල , පිටවල පතන , රිවස්ටන් රත්තොට හරහා මාතලේ නගරයට පැමිණිය යුතු බැවින්ය . දළවශයෙන් කිලෝමීටර හැත්තෑපහක අසූවක පරිප්පුවක් ය. මගදී ඔබගේ වාහනය ආපදාවට පත් උනොත් හොදි ඕනේ නැතිය . ඇලහැර නගරයයේ සිට නාඋල ටම ඇත්තේ කිලෝමීටර විසිපහක් පමණය . දැන් ඔබට ආටියා කියන ලෝක අමාරුව මොකක්ද කියා වැටහෙනවා විය යුතු ය.

කොහොම කොහොමාරි මාතලේට පැමිණි අපේ රෝඩ් ට්‍රිප් එක එසේ අවසන් වූයේ කොළබ නොගිහින් ය. ඔය අතර කිසිදා නොදුටු එහෙත් දුරකථන වලින් ඉන්ස්ටචැට් වලින් හැමදාම සුවදුක් විමසන ආටියා ගේ ඉන්ස්ටා මිතුරෙක් වන තනුර මල්ලී කථා කර කිව්වේ

"අයියේ ඔයා කන්ඩලමේ නේද ඉන්නේ ? මේ පාර වත් අපේ ඇහැ ඇවිත් යන්න එන්නකෝ" කියා ය.

මම අපේ රෝඩ් ට්‍රිප් එක ගැන කියූ විට පොරට පුදුම ය.  පසුව කියූ දෙයින් මට බෑ කියන්නටම බැරි විය.

ඒ "ඈ බං අයියේ ..... ඔය නාට්ටියක් නිසා බකමුණේ ඇලහැර යන්න පුළුවන් නම් , අපිව බලන්න මෙහෙ එන්න බැරිකමක් නැහැ නේ? "

හාමිණේට කියූ විට ඇය ගත් කටටම කීවේ මට නම් කොහෙවත් යන්න බැරිය කියාය . ඔයා ඕන ලෝකෙක ගිහිං එන්න කියාය . පසුදිනම ආටියා හාමිණේ සහ දරුවා නුවර මහගෙදරට ඇරලවා දිගන , හුන්නස්ගිරිය , හසලක හරහා මහියංගනයට පැමිණ එතනින් ගිරාදුරුකෝට්ටේ , දෙහිඅත්තකන්ඩියට පැමිණියේය . දෙහිඅත්තකන්ඩිය නගරය හදිසියේ ආටියා ගේ සිත ගත දෙකම නතර කරන්නක් විය . හිත නිවන සමාධි බුදු පිළිමය පෙනනමාණයේ වාහනය නැවතූ ආටියා  දුරකථනය අතට ගත්තේ ධනූ ට ඇමතුමක් ගන්නට ද කියා ය.නාඩියා , රශ්මි , රෝසි අක්කා , Andrea , ඇනා (පසු කලේක ඩිෂාන් ගේ බිරිද)  , ක්‍රිස්ටිනා , මෙලීසා ටත් වඩා දහස් වරක් ඇය ප්‍රායෝගික විය. ධනූ වැනි කෙල්ලෙක් ලබන්න බදින මිනිහා පින් කරන්න ඕනේ ය. මෙවන් වූ කෙල්ලෙක් ලග මම වැනි පව් කාරයෙක් ට ජිවත් වීමට ඉඩ තැබිය නොහැකි බව මගේ දෛවය මට පාඩමක් කියා දුන්නේ කලකට පෙර ය. වරෙක ධනූ මට තෑගි දුන් Eiffel Tower Wind-chime එක තවමත් මගේ නිවසේ කන්තෝරු කාමරයේ සුළගට ලෙලදෙයි.
එහෙත් හිතට ශක්තියක් නැත . ශක්තිය නැති කරේ ධනූ ම ය.  ධනූ යනු වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම නාඩියා මෙන් කොල්ලෙක් වගේ බොක්ක හොද කෙල්ලෙක් ය. වරෙක මම කලකට ඉහත ගල්කිසේ දී හිතේ ඇතිවූ තදබල වේදනාවක් "කළු ලේබලයක්" හරහා යවන්නට ගොස් යන්න එන්න බැරි වූ විට මහ රෑ 10 ට විතර ඇය එන්න හැදුවේ මා ගෙන යන්නට ය.  දවසක් ධනූ හදා ඇයම මට කැවූ කුනිස්සෝ සම්බල , පරිප්පු , බෝංචි මාලුව සමග බත් වල රස අදටත් මතකය . ඒ රස දිව බොජුන් පරාද ය. ඇය තරම් මගේ ජීවිතයේ ප්‍රශ්න වලට ඇහුන්කන් දුන් කෙල්ලෙක් තවත් නැත.
 වරෙක මම මගේ හදිසි අවශ්‍යතාවයකට ටික දිනකට ඇමරිකාවට ගිය විට ඇය වැරදි ලෙස උපකල්පනය කරේ මම ඇයට නොකියා යන්න ගියා කියා ය . පසුව ඇය මට බරපතළ වේදනා ගෙනදෙන චෝදනාවක් සමගින් මගේ ආධ්‍යාත්මයම පාසාරු කරගෙන ගියේ ය.
ඒසමගම සුව වූ මගේ අසනීපය සනීප වෙන්නට කලක් ගතවිය . ඒ හිතට බෙහත් කරන්නට බටහිර වෙදකමට බැරි නිසාය . පසුව ආටියා වේදනාව තුලින් සත්‍යය කුඩාතරමකට හෝ මේ වන විට අවබෝද කරගත්තේ වන්දනීය , අති පූජනීය ගරු කටයුතු අපේ පාතේගම සුමනරතන හාමුදුරුවන් වහන්සේගේ බණ වර සමග ය.
ඉතිං ධනූ මට සමාවෙන්න . දහස් වරක් . සමහර විට ඇය ගැන අනාගතයේ පොතක් ලියවේවි .

පසුව මම රථය වේගයෙන් පැදවුයෙමි . මාර්ගයට නොගැලපෙන වේගයෙනි . අරලගංවිල දී තව මොහොතකින් මගේ ශරීරයේ කොටස් සවලකින් එකතුකරන්නට සිදුවන ගණයේ අනතුරක් වැලක්වූයේ මට නොපෙනෙන කිසියම් බලවේගයක් විසින් බව මට දැනුනේ මම ඊලග මොහොතේ ජීවත් වනවා දැනුනු නිසා ය. අරලගංවිල නගරයෙන් කිසිදා නොදුටු තනුර මල්ලීගේ ගෙදර ගෙනයන්න බඩු බාහිරාදියත් වාහනයට ඩීසල් ගසාගත් මම මාදුරු ඔය රක්ෂිතය කිට්ටුව සිටින තනුර මල්ලී ගේ ගෙදරට පැමිණියේමි . උණුසුම් පිළිගැනීම මැද  නිවසට පැමිණි මට ඔවුන්ගේ ආදරය හොදින් දැණුනී . කුඩා වැවක් අසල තනුර මල්ලී ගේ අලුත් සංචාරක නිවහන ඉතා සිත් ගන්නා නිමවුමක් විය . සිමෙන්ති සුළුවෙන් ලී සහ මැටි පිදුරු වලින් කර ඒ නිමැවුම නොබෝ දිනකින් සංචාරකයන් ට විවුර්ත කරන බව මට පැවසීය . ගමේ රසට කටට රහට වැව් මාලු එක්ක බත් කා හොදහැටි වැවේ නාගත් අපි රාත්‍රිය ගත කරේ තනුර මල්ලී ගේ අලුත් සංචාරක නිවහනේ ඉදිරියේ ගිණි මැලයක් ඉදිරිපිට ය. ගින්නෙන් පුළුස්සාගත් ඉරිගු කරල් , වැව් මාලු , කුකුළු මස් සහ පොල් රොටි අපගේ රාත්‍රී ආහාරය විය . රාත්‍රී 2 පමණ වනතුරු තනුර මල්ලී ගේ යහළුවන් සමග කර සාදය කිසිදා අමතක කරන්නට බැරිය .

පසුදෙන උදේ තනුර මල්ලීටත් පවුලේ සැමටත් ස්තූතී කර මම මාදුරු ඔය රක්ෂිතය මැදින් මහඔයටත් එතනින් පදියතලාවටත් මහියංගනය හරහා නුවර එන්නටත් ය.  තනුර මල්ලී ගත් කටටම කීවේ ,
"පිස්සුද අයියේ පාර දෙපැත්තේම අලි .... මේ ලගදීත් වාහන දෙකකට ගැහුවා...යන්න එපා ඔය පාරේන් ."  " මොනවහරි උනොත් කවුරුවත් නෑ අනික "
ආටියා තනුර මල්ලී කියූ දෙය ඇසුවේ නැති ය . තනුර මල්ලී කියූ පරිදිම කවුරුවත් නැති පාරේ පැයට කිලෝමීටර එකසිය හතලිහක පමණ වේගයෙන් යද්දී වංගුවක් ගන්නවාත් එක්කම මහා සද්ධන්තයන් දෙදෙනෙක් පාර අසල ය . තව එකෙක් පාර මැද ය. ආටියා වාහනය නතර කරේ සෙමින්ය. පැත්තක සිටි අලියා කෙමෙන් වාහනය දෙසට එන්නට විය . ආටියා හිතුවේ අද ඉවරයි කියාය . කෝකටත් කියා ආටියා වහනය ක්‍රියා විරහිත කලේය  . අලියා ඉදිරිපසට වී විනාඩි 40 පමණ සිටියේ එහාට මෙහාට වීය . හදිසියේම හොඩවල ඉහලට ඔසවා වාහනයේ බොනට්ටුව ලගට ලං කරේ ය. මම හිතුවේ ඌ පහර දෙන්නට තැත් කරනවා කියා ය . පසුව ටිකකින් උන් තුන් දෙනාම වනය තුලට සෙමින් ගියේය . ආටියාගේ ඇගට ලේ ඉනුවේ දැන් ය . පසුව රාත්‍රී වන්නට පෙර නුවර පැමිණි ආටියා හාමිනේ ට කතාවම කීවේය. පැය භාගයක් විතර හාමිනේගේ කන් කරච්චලය ආටියාට ගානක් නොගියේ නොගියේ මාදුරු ඔය ගිණි මැලය ඉදිරිපිට පහන් කර රැය මතක් වෙද්දී ය . එය පට්ට ය .

                   

39 comments:

  1. අපොයි ඇති යාන්තම් බ්ලොග් එක ලියවිලා. අපි වාගේ ඉදහිටවත් එකක් දෙකක් වත් දාපං.....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අසංග අයියේ . හේ හේ හේ . ඉස්සරහට ලියන්නම් :D

      Delete
  2. හිතාදර මල්ලි!

    හැමදාම වගේ අදත් සුන්දර ලියමනක් සමග!

    මා ඉතා වේගයෙන් කියවන්නෙක්මි. පොතක් පතක් ගත්තත් වෙන යම් ඕනෑම ලියවිල්ලක් ගත්තත් එය කිය වන්නේ ෆිල්ටර් කරමින්ය. කොටින්ම උඩින් පල්ලෙන්ය. එහෙම නොකියැවුනු ලිපි ඇත්නම් අත ලොස්සකි. ඔබගේ මේ ලිපියද එම ගොනුවට එක්විය.

    පසුගිය කාලය තුල ඔබ නොලීව බව මට පසක් උන මුත් මා සිතූවේ ඔබ දිවයින හැර ගොස් ඇතැයි කියාය. එසේ ගිය වනත්ම; ලිවීම තරමක අසීරු කටයුත්තක් වන බැවින් ඔබ කෙරෙණ් නොලිය වෙන්නට ඇත්දැයි මා හට සිතුනි.

    ඔබගේ පසුතැවිල්ලේ එක් කොනක මමද ඇතැයි මාහට සිතේ.එය එසේද? එය එසේ නම් මා අවංකවම කණගාටුවෙමි.

    මෙවන් සයිබර් අවකාශය තුලදි හැඳින ගන්නා මිතුරණ්; සාමාන්‍ය ජීවිතයේදී හමුවී කාලයක් යන විටදී මා ඔහුගෙන් හෝ ඇයගෙන් විමසන පැනයක් වේ.

    "මගේ ලිවීම තුලින් ඔබ දුටු ඔහුමද මා?"

    බොහෝ විට ලැබි ඇත්තේ මාගේ සිත සුව පිණිස වූ පිළිතුරුය. මා ඒ සම්බන්ධයෙන් අවංකවම සතුටුවෙමි. නිහතමාණිව ආඩම්බර වෙමි. ඒ හමු වීම් අවසන් වන්නේ ඇස්කෙවෙණි තෙත් කරණ හිතවත් කම් සමගය.

    එහෙත් බොහෝ සොඳුරු ලියන්නන් එසේ නොවන බව මා තේරුම් ගෙන ඇත. බොහෝ කලා කරුවන්ද එසේය. එය එසේ වන්නේ ඔවුන් ජනනය වන්නේද මෙම සමාජ මඩ ගොහොරුවෙන් නිසාය. ඔවුන්ට සමාජය ඉදිරියේ මඩ සෝදා ගැනීමට අයිතියක් ඇති බව මා පිළිගනිමි. එහෙත් ලද තැන අන් රුහිරු බොන දත් සඟවා ගෙන සිනහ වීමට අයිතියක් ඇත්දැයි මා මගෙන්ම අසමි.

    ඔවුන්ට සොඳුරු ලිවීම දුන්නේ කවුරුහුද? අන් සිත් සසල කරවන වදන්, කවි, කතා ලැබුනේ කෙලෙසද? ඇයි දෙවියන් ඔවුන්ගේ ලේ උරා බොන දත් දෙතොලින් වසාගෙන රතදරට ලං වීමට හැකියාවක් ලබා දුන්නේ?

    එහෙත් ලෝකය මෙලෙසමය! ඔවුන් ඔවුන්ගේ විසකුරු ගති නැතිකර නොගන්නා ලෙසම ඒවාට රැවටෙන හා පාත්‍ර වන අයද හෙට දිනයේ බිහිවනු ඇත.

    ඔබ නොලීවා කියා ලෝකය වඩාත් සුන්දර තැනක් වන්නේ නැත. අප සිනහ නොවී නොසිටිය යුත්තේ අප හා සිනහ වන අය වෙනුවෙනි.

    එනිසා ලියන්න. දුකේදීත් සැපේදීත් එක විදියට ලියන්න. එය හොඳ ඔසුවක්ම වේවි.

    ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. හිතවත් තට්ට මහතත්මා,

      ඉතින් , ඔබතුමන් හොදින් නේද?

      හැමදාම වගේ අදත් සුන්දර දිගු පිළිතුරක් .

      පලමුව බොහොමත්ම ස්තූතී ඔබ තුමන්ට .

      මගේ පසුතැවිල්ලේ එක් කොනක ඔබ කිසිසේත් ම නොමැත . ඔබේ බ්ලොගයේ අනෝ කෙනෙක් මට රිද්දන්නට තැත් කර විට ඔබ මා වෙනුවෙන් කථා කරා අදටත් මට මතක ය . ඉතිං ඔබ මේ ගැන කිසිසේත්ම කණගාටු නොවන්න.

      ලිවීම තුලින් අතිශෝක්තිය නොව සත්‍ය රසයක් කරගන්නට හැකිනම් එතැන නියම ලියවිල්ලක් ඇතිබව මම තරයේ විශ්වාස කරමි. මම ඔබතුමන්ගේ දුටුවේ සත්‍ය තුලින් රසයක් යන ඒ සුවිශේසී ගුණය ය . තල්අරණට බයිසිකල් ගමණ මෙන්ම , කළු ගඟදිගේ ගමනද මට අනුව වීර බ්ලොග් සටහන් ය.

      අපේ හිතවත්කම් ද හිතට කථාකරන ගණයේ හිතවත් කම් බව මම තරයේ විස්වාස කරමි .

      ඔබ කීවා හරිය , සමහර ලියන්නන් සහ කලා කරුවන්ද ඔවුන්ගේ නිර්මාන තරම් සුන්දර අය නොවෙත් . ඇතැම් ලියන්නන්ගේ බොහොමයක් නිර්මාන මට අනුවනම් මනක්කල්පිත රචනයන් ය. බොහෝ ලියන්නන්ට මෙන්ම කලා කරුවන්ටද ඇත්තේ නියාය පත්‍රයකට අනුව කරන වැඩ පිළිවෙලක් ය. සමහර විට එය ඔවුන්ගේ ජීවන නියාය පත්‍රය විය හැකිය. එහෙත් ඔබටත් මටත් එසේ නැත අප ලියන්නේ ස්වකීය ආත්ම තෘප්තිය උදෙසාය .

      එදා මට දරුණුවට පහර දුන් ඇනෝ ඇතැම්විට අතීතයේ සොදුරු ලියන්නෙක් වන්නටත් පුළුවනි . මම හිතන පරිදි මිනිස් සිත් තුල හොද සහ නරක මැවුම් කරුවන් විසින් එක මොහොතක සිදු කරන්නට ඇත.

      එහෙත් ලෝකය මෙලෙසමය බව මම හොදාකාරවම දනිමි . ලෝකය ඉදිරියටත් ඔවුන්ගේ විසකුරු තැනක් ම වනු ඇත. රැවටීමට පත්වන ය කලකිරෙන තැනක් වනු ඇත.

      ඔබ නිවැරදි ය. මම නොලීවා කියා ලෝකය වඩාත් සුන්දර තැනක් වන්නේ නැත. අප සිනහ නොවී නොසිටිය යුත්තේ අප හා සිනහ වන අය වෙනුවෙනි . සත්‍ය ලෙසම ඔබ කීවා හරි ය.

      එබැවින් මම ලියමි . දුකේදීත් සැපේදීත් එක විදියට ලියමි.

      බොහොම ස්තූතියි!
      ආටියා

      Delete
    2. ඔව් අසංග අයියේ . දිගටම ලියමි

      Delete
    3. දිගටම ලියන්නම් Praසන්ன අයියේ

      Delete
  3. සෑර් විතරක් නෙවේ, කෝ කොච්චියා, කෝ බස්නායක සෑර් (sleepy owl), සඳරුවා ආගිය අතක් නෑ ... ඇයි අර මෙන්ඩ, සුදු මහත්තයගේ බ්ලොගේ කතාවක් ලියන්ඩ ගත්තේ .. තව ඉන්නවා, පුළු පුළුවන් වෙලාවට ලියමුකො. ඒ මොනවා උනත්..
    සෑර්, බොහෝත් තැන්කිව් වේවා! පෝස්ට් එකට.

    අවුරුදු බොහෝ ගණනකට කලින් හැට්ටරුත් ඔය වාගේ 'ට්‍රිප්' ගොහිං තියෙනවා කියල මතක් උනේ සෑර්ගෙ මේ පෝස්ට් එක කියෙව්වම තමයි. අලි කේස්ද, හයි ඉස්පීඩ් චේස්ද, ඩීටුවර්ද අරවද මේවද .. ඈ ..
    ඒ කාලේ හැට්ටර්ගේ 504GR එකේ ඇඳුම් බෑග් එක බූට් එකේ (මං කිව්වේ ට්‍රන්ක් එකේ) වරදින්නේ නැහැ. ප්ලෑන් කරලා ට්‍රිප් යනවා නං අඩුයි, වාහනේට පුල් ටෑන්ක් වැදිලා කට්ට කෙලින් වෙනකොට තමයි කොහෙද යන්නේ කියල තීරණය කරන්නේ හිටං. yes sir, almost every weekend.

    සෑර්ටත් මගේ ඇරියස් එකක් තියෙනවා ලියන්ඩ. මතකනේ කෝච්චි කේස්. ඒ එක්කම අර උඩින් කොමෙන්ට් එක දාපු සෑර්ට දෙන්ඩ ගත්තු පොටෝ එහෙකුත් තියනවා, තාම මං කළුතර පාලම උඩ ඉන්නේ එයා එතනට ආවම වත් ඒක දාන්ඩ ඕනේ.

    දුක: දුක සැප නිති පෙරළේ - රිය සක ලෙස ලෝකේ. y =sin (ωt), අන්න ඒ වගේ. ගා..නං ගන්ඩ එපා.Take it easy.

    Worries won't fix anything. life is short. so why waste your time worrying, be happy. have fun.
    වෙලාව නෑ කියන්නේ නැතුව මේකත් බලන්ඩ සෑර්.
    ඇහැක්නංටැලිපෝන්නොම්මරේහැට්ටර්ටඊයකඑවන්ඩකෝ. වෙලාවකචැටක්දාන්ඩහිටං.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies

    1. හිතවත් හැට්ටර් මලයා වෙත ,

      හැට්ටර් මලයත් හරියට ආටියා වගේ නොවැ . ආටියාත් ගියපුතරමක් ගමන් ඉතිං හිතුමනාපෙටම ගියපුවා නේ . අර අලි කෙස් එකට නම් අම්මපා බය උනා මලයා . මම හිතුවෙම ගැහුවා කියලා . දුක තුනී කරගන්න කියල අරණගංවිලදී තව ටිකෙන් වැලිගම්පිටි තමයි යන්න වෙන්නේ . ඔව්වා ඉතිං ගොන්කම් නේ . කීයදීල ගත්ත වාහන උනත් යන්නේ යකඩ උඩ නේ . සේෆ්ටි ඔප්ෂන් අච්චරක් තියෙනවා මෙච්චරක් තියෙනවා කිව්වට ගොන්කම් මකන්න ජපනා සේෆ්ටි ඔප්ෂන් හදලා නෑ නොවැ .

      ඔව් ඔව් .. ඒවා අමතක නෑ . අර කොච්චි කෙස් එක ලියනකම් තමයි මලයා මේ මමත් බලන් ඉන්නේ . වෙලාවක් ඇති දවසක ලියමුකො බලන්න . ආටියා ඉතිං වැඩිපුරම කැමති වාහනේ කෝච්චිය නොවැ .

      මලයා කිව්වා වගේ දුක සැප හැමදාම වෙනස් වෙනවා නේද . වෙනස් වන අපේ ලෝකේ වෙනස් නොවන එකම දේ ඉතිං වෙනස් වෙන එක තමයි .

      ඉතින් බොහොම ස්තුතී මලයා . මේ දෙසම්බරේ කැල්ගරි වලට එන්නත් ආටියා හිතං ඉන්නවා . මම මලයාට එන්න ඉස්ස්සර ලියන්නම් . වෙනස් වෙයි ද දන්නේ නෑ එකයි .

      හැමදාම වගේ ආටියා එක්ක ඉන්නවට .
      ජයවේවා!

      Delete
  4. ප්ලෑන් නොකර ඔය වගේ ගමන් යනවයි කියන්නෙ ආන්න ඒව තමයි නියම ට්‍රිප්. ඒත් ඉතිං මේ කාලෙ අපිට කොහෙද එහෙම වාසනාවක්.

    ReplyDelete
    Replies
    1. ඔව් Praසන්ன අයියේ ,යන්න හිටියේ කොලබ, හැබැයි නැවතුනේ හෙන වටයක් ගහලා . හේ හේ හේ !

      හැබැයි ඉති අරවගේ අලි කෙස් එකක් එහෙම මගදී සෙට් උනොත් ඉන් කියලා වැඩක් නෑ .

      ඉතිං බොහොම ස්තුතී සභාපති තුමා .

      ලේකම් තුමා (තරිදු මල්ලී) තවම මේක දැකලා නෑ වෙන්ටෑ /.

      Delete
  5. දඹුල්ලෙන් කලුන්දෑව පාරෙ ගම් මැදින් ඇල අයිනෙන් බකමූණ යන ලස්සන පාරක් තියනව

    ReplyDelete
    Replies
    1. ෂා ස්තුතී ඔබ තුමන්ට Mr.Jay . දවසක ඔය පාරේන් යන්නත් ඕනේ බලන්න .

      Delete
  6. අලුත් ලිපියක් තිබේදැයි සතියකට වරක් හෝ එබී බලමි. අද ලිපිය දැකීමෙන් සතුටු වෙමි. වෙිලාවකට හිතෙනවා සමහර අයට විශාල ලිපි ලියන්න කොහෙන්ද වෙලාව කියලා. බ්ලොග් වල ලියන සියලු දෙනාට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මට වචන 2000 ක් වත් නොලිව්වොත්; නොලිව්වා හා සමානයි! ඒක එක විදියක පිස්සුවක්!

      Delete
    2. බොහොමත්ම සතුතී ඔබට BW . මේ පැත්තට එනවාට . ඔය වචන ටිකත් ඇති ආටියා ට .

      ගොඩක් වෙලාවට මම නම් ලියන්නේ රෑට . ඒක පහසුවක් . ගොනුකිරීම් එකකට එකක් එකතු වෙනකොට බ්ලොග් එක හිතන්නේ නැති විදියට දිග වෙනවා . සමහර වෙලාවට පොස්ට් තුනක විතර ඒවා එකක ලියවෙන වෙලාවල් එනවා .සමහර විට කියවන්නාට නීරස වෙන්නත් පුළුවන්.

      Delete
    3. තට්ට මහත්මාගේ බොහොමයක් ලියවිලි ලයිෆ් advencher කැටගරි එකේ රසවත් ලිපි .ඇත්තම් අපි නොදන්නා පාඩමක් . මෝටර්රථ දැනුම Physics එක්ක .
      ඉතින් 2000 ට වඩා වැඩිවෙන එකට අපිනම් කැමතී . ඒක කොහෙත්ම පිස්සුවක් නෙවෙයි . ටැලන්ට් එක .

      Delete
  7. Nice, feel like going for trip in that area.

    When I was may be in grade 5, my father use to teach in B/Nagadeepa Viyalaya Uraniya. We were taken there only once as kids. This trip remind me to go there and have look if that place still exists.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී ඔබතුමන්ට ,

      Uraniya ගැන කියවෙද්දී රිදීමාලියද්දත් මතක් උනා . රිදීමාලියද්ද කිට්ටුවම නේද නාගදීප වැව එහෙම තියෙන්නේ . මම වැවේ නාලත් තියෙනවා . ලස්සන පලාතක් . ඒ වගේම ලස්සන හදවත් තියෙන මිනිස්සු ඉන්න .

      Delete
  8. ඇති යාන්තං මේ ඇවිත් ඉන්නේ....මුලු බ්ලොග් ලෝකෙම ඈලිමෑලි වෙලා තියෙන වෙලාවේ ඔයා වගේ ලියන කෙනෙක් හරි වටිනවා. සෙන්සර් බෝඩ් වලට බය නැතුව මේ වගේ තමන්ගෙ ජීවිතේ ඇත්ත ලියන අය හරි අඩුයි.ටොපික් එක දැක්කම ම මට මතක් වෙන්නේ කොච්චියව.එයාට තියෙන්නෙත් ඔය වගේ යාං හෑල්ලම ටොපික් එකට දාන පුරුද්දනේ.දැන් ඉතින් ඒකත් ආගිය අතක් නෑනේ.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕනේ කාලයක් නොලියා හිටියට අක්කේ .

      හිතට නිදහසක් නැතුව ලියනවාට වඩා හොදයි නොලිය ඉන්න එක කියල හිතුවා එකයි . ඔයත් දැන් ඉස්සර තරම් ලියන්නේ නෑ නේද . ඒත් කොහොමාරි ලියන එක වටිනවා . මගේ ජීවිතේ ඉතින් බැදීම් , වෙන්වීම් වලින් පිරිලානේ . ඉතින් ඒ දුක මට දැනෙනවා වැඩී . අනික ෆිල්ටර් කරලා ජීවිතේ පට්ටයි කියල ඒවා ඔක්කොම ලියන හිතක් මට නෑ . මොකද කියවන ලියන කාගෙවත් ජීවිත පට්ට නෑ නේ . නේද .

      ඇත්තටම ටොපික් එක දිග වැඩි උනා . කොච්චියා තවම මතක් වෙනවා . හැබැයි පොර කොමෙන්ට් නොකරාට කියවනවා ඇති මයේ හිතේ .

      ආ .... එක නෙවෙයි ,
      රාජ්‍ය සම්මනානිත කවිකාරිය කවියක් දෙකක් වත් බ්ලොග් එකේ ලිව්වොත් පංකාදුපහයි හොදේ ....

      Delete
  9. තවුසේ හිටියෙත් නැද්ද? මං හිටියෙත් නෑ. තව පින්තුර ටිකකුත් තිබ්බ නකං මරු

    ReplyDelete
    Replies
    1. ටික දවසක් හිටියේ නෑ දේශකයානනි .
      පරණ පොස්ට් වල හැම එකකම වගේ පින්තූර දැම්මා . මේකේ විතරයි දාන්න බැරි උනේ .

      Delete
  10. අායෙත් අැවිත් තියෙන්නෙ ගොඩක් කාලෙකින්...😀

    ReplyDelete
    Replies
    1. ඔව් ටික කලකින් තමයි ශවෙරා.

      ඔයාගේ බ්ලොග් එක වැහුවාද .
      :D

      Delete
    2. මාත් මේ අහන්න හිටියේ

      Delete
    3. ශවේරා ගේ අලුත් පිටුව https://ahasgawweneha.blogspot.com .

      Delete
    4. @kalana,@අරූ>නෑ මං ඉන්නවා.. එහෙම ඔයාලව දාල යනවද මං❤️🤭

      Delete
  11. ඡිවිතේ දැනෙන්නත් ප්‍රස්න එපැයි...ඔන්න ඔහේ ලියාපන් අයියේ...

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ ,,, ඒක තමයි තරිදු මල්ලී .

      ඔව් , ඔව් දිගටම ආයෙත් ලියන්න තමයි කල්පණාව . :D

      Delete
  12. මරු එකට ලිය තියනවා ආයිත්. මම ළමයි අරගෙන ඇවිත් ඔය වනෝද්‍යාන වලට කීප වාරයක්ම ගියා . අලි නම් දැක්කේ නැහැ, උන් දැන් හිතන්නේ අලි ඉන්නේ පින්නවල විතරයි කියල. එනිවේ ඕන චාරිකාවක් ලියන කොට තවත් හිතට සනීපයක් එනවා. මෙහෙම මෙහම වුනානේ කියල. මේ කවුද ධනු කියන්නේ ප්‍රථම ප්‍රේමයද? (මේ දවස් වල ඔලුවේ තියෙන්නේ ඒක ):)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී අජිත් මහත්මා ඔබට .

      ගොඩක් අලි බලන්න පුළුවන් ඔය පැත්තේ යද්දී මින්නේරිය ජාතික වන උද්යානයේ දී . නැත්තම් ඉතින් එකම පිහිට යාල තමයි .

      සමහර දේවල් ලියද්දි හිතට සනීපයක් එනවා තමයි . අර සියලු දේ අමතක කරලා වැවක් අයිනේ ගිනිමැලයක් ලග රැය පහන් කරනවා වගේ දෙයක්. තව බකමූන , ඇලහැර හුන්නස්ගිරිය , මාදුරු ඔය , මහඔය වගේ පැති වල මිනිස්සු එක්ක අදහස් උවමාරු කරගන්න එක . ඒ වගේම තමයි ඉතිං කියන්න ඕනේ මාදුරු ඔය රක්ෂිතය මැද අලි තුන්දෙනෙක් මාව බයිට් එකට (විහිලුවට) ගත්ත වෙලේ දැනුන හැගීමනම් ලියන්න වචන නෑ . මම හිතුවේම ගැහුවා කියලාමයි .

      ඇත්තටම ධනු ගැන ඔබ තුමන්ගේ වචනයෙන් කියනවානම් "ප්‍රථම ප්‍රේමය මෙය නොවේ"

      :D

      Delete
    2. හා හා ඒකනේ , ධනු ගැනත් ලියවෙයි

      Delete
    3. ඔව් අජිත් මහත්මා, ඇය ගැනත් ලියවේවි . :)

      Delete
  13. ඔයා නොලිව්වොත් අපි කොහොම ලියන්නෙයි?

    ReplyDelete
    Replies
    1. එකනේ ..... අරූ :D

      ඔයා වගේ තවත් බොහොමයක් ලෙන්ගතු මිතුරු මිතුරියන් ගේ ලස්සණ හදවත් තනි කරන්න තරම් මට ශක්තියක් නෑ . ඒ නිසා දිගටම ලියන්න හිතා ගත්තා .

      Delete
    2. එකනේ ..... අරූ :D

      ඔයා වගේ තවත් බොහොමයක් ලෙන්ගතු මිතුරු මිතුරියන් ගේ ලස්සණ හදවත් තනි කරන්න තරම් මට ශක්තියක් නෑ . ඒ නිසා දිගටම ලියන්න හිතා ගත්තා .

      Delete