Romance Valley
"මේ ඔයා කීයටද එන්නේ මාව ගන්න"
"මම තාම ඔෆිස් එකේ , ගෙදර ගිහිං wash එකක් ගෙන එන්නම් "
" අනේ ,.... ඔයා තාම ඔෆිස් ද අනේ ... "
"හරි හරි මම ඉක්මනට එන්නම් කෝ "
කොහොමාරි මම හැව්ලොක් සිටි එකට ගිහිං Andrea ට එන්න පහලට කියද්දී වෙලාව හවස තුනට විතර ඇති .
"ඔයා හරි නරකයි ... බලන්න මම කොච්චර වෙලාවක් බලන් හිටියද කියල"
" I'm sorry for the delay "
" හ්ම්ම්ම් It's Okay."
"මෙච්චර ඇදුම් මොකද්ද , පදිංචි වෙන්න වගේ "
" ඇයි , කැමති නැද්ද ? " සිනහවක් සහිතව කෙලිලොල් තරහවක් බොරුවට මෙන් පෙන්නා Andrea කීවාය .
"ඔයා හරි නරකයි , හැමදාම ඔහොමම තමයි "
" හරි හරි ... දැන් මම සොරි කිව්වනේ ....... "
මගේ ජීප් රිය තරමක වේගයෙන් හයිලෙවල් පාරේ ඉදිරියට යයි.
කොට කලිසමකින් සහ ස්කිනි එකකින් සැරසී පැමිණි ඇගේ කකුල් දෙක වාහනයේ ඩෑෂ් බෝඩ් එක උඩට වෙන්නට තබාගෙන දුරකතනයෙන් මොනවදෝ ටයිප් කරයි.
" හස්බන්ඩ් අහනවා ඔයා අවද කියල "
"මම කිව්වා ආව කියල "
"ඇයි කිව්වේ නැද්ද මම පරක්කු උනා කියල " මම පෙරලා ඇසුවෙමි .
" මම කියන්න ඉස්සර එයා ම ඇහුව , දන්නවනේ යාළුවගේ හැටි " කියා සරදම් සිනාවක් පැ ඇය "දැන් අපි මේ කොහෙද යන්නේ ? "
" ගිහාම බලන්නකෝ "
දෙදෙනාම නිහඩ වූ අතර මම රථය පදවන්නට වීමි . ඇය ඇගේ ජංගම දුරකතනයෙන් මොනවදෝ කරන අතර ඇතැම් විට තනිවම සිනා සෙයි .
මොහොතකින් ඇය මා දෙස බලා "ඇයි ඔයා මැරී කරන්නේ නැත්තේ " ඇගේ සුපුරුදු ප්රශ්නය නැවත ඇසුවා ය ,
"ඔයාට මම කිව්වනේ මම කවදාවත් මැරී කරන්නේ නෑ කියල "
"crazy" කියා ඇය නිහඩ වී මොහොතකින් නැවත ඇසුවේ , " හැමදාම ඔහොම ඉන්නද හිතන්නේ " යනුවෙනි .
" හ්ම් , dnt know " ලෙස කියා නිහඩ වුනෙමි .
******************************************************************************
රෑ අදුරත් සමග බෙරගල ට ලගා වන විට රාත්රී 7 ට පමණ ඇත . "වාවූ ලස්සනයි නේද" කියා ඇ ඇසුවේ මගේ ඇස් දෙස බලමිනි . "ඔව් , මේ පැත්ත ලස්සනයි"
ඔය අතර මගේ suv රථය මහා මාර්ගයෙන් අතුරු මාර්ගයකට හරවද්දී , එහි වූ පුවරුවක වුයේ "Romance Valley" ලෙස ය .
" oh , God ........ Romance Valley ? අපි මෙහෙටද යන්නේ ,.
"Yes " සිනා සී පිළිතුරු දුනෙමි .
" I know you really well " ඇය කියද්දී මම
" is it " කියා ඇසුවෙමි .
" Yeahhh " බර කර කියූ ඇය මග දෙපස නරබමින් සිටි බවක් මට වැටහී ගියේ ය .
"This could be Heaven or this could be Hell" ලෙස ඇය සුප්රසිද්ධ හොටෙල් කැලිෆෝනියා ගීතයේ පද වැලක් මිමිනූවා ය .
අප දෙදෙනාම වහනයෙන් බැස අදාල විලා එකට ගියේ , ඉක්මනින් විවේක ගැනීමට ය .
රථය පැදවූ මට නැති මහන්සියක් ඇයට පෙන්නේනට තිබුන බැවින් " relax " කියා කීවෙමි .
ඇය පිටව ගියේ ඉක්මනින් wash එකක් දාගෙන එන්නම් ය කියා ය . මොහොතකින් පැමිණ ඇය අපගේ විලාවටම ඈදා තනා ඇති ස්විමින් පූල් එකට යායුතු බව පවසා පැමිණි අතර මටද ආරාධනා නොකර විධාන කරන්නාක් මෙන් එන්න එන්න යැයි කීවාය . මමද කෙටි වෂ් එකක් ඇතුලත් වූ නාන කාමරයෙන් දමා ස්විමින් පූල් එක අසලට යන විටත් ඇය පිහින පිහිනා සිටියා ය .
කොහොමත් ඇය නිවසේ උවද පැයක් දෙකක් ස්විමින් පූල් එකේ සිටින බව මම දනිමි . ස්විමින් පූල් එකේ ටිකක් වෙලා පිහිනු මට පිටුපසින් එකවරම පැමිණි Andrea මගේ උරහිසේ එල්ලුනේ මට හිතන්නටවත් මොහොතක් නොදෙමිනි . පසුව ඇය මොහොතින් මගේ උරහිසේ ඇගේ හිස තියා ..... " තැන්ක් යු " කියා මුමුණනවා ය .
ඒ මොහොත අමුතුම හැගීමක් මා සිත ජනිත කරන්නට සමත් වූ අතර මම ඒ වගක් ඇයට නොපෙන්නුවා ය . මිදුම අප වටා සිනිදු සේලයක් මෙන් දැවටී ගිය අතර ඇය තවතවත් මට තුරුළු විය . ඇයට කිසිත් ගාණක් නැති සෙයකි . එක අතකින් ඇය විවාහක ය , අනෙක් අතට මගේ හොදම මිතුරා ගේ බිරිද ය . මගේ ද හොදම මිතුරියකි .
******************************************************************************
ඇයගේ තේරීම පරිදි රෑ කෑම ගත් අප උණුසුම් පානයකට මුල්තැනක් දුන්නේ පරිසරයේ වෙනස්වීමත් සමග විය යුතු ය . සවීස් රෙඩ් වයින් වලින් ආරම්හ කර ඈ අවසානය මාගේ Chivas Regal බෝතලයෙන් කෙලවර කරා ය . එහෙත් ඇයට වැඩි පාටක් පෙනෙන්නට නැති අතර ඇය හොද සිහියෙන් සිටියාය .
රාත්රී 11 පමණ වන තුරු නොයෙක් දේ කතා කර අප නිදා ගැනීමට යද්දී ඇය කුමක්දෝ දෙනෙතින් කියන වග මට වැටහිණි . අවසානයේ අප නින්දට බට අතර දුහුල් ඇදුමකින් සැරසුණු ඈ මගේ නිරුවත් ලය මත ඇගේ හිස තබා සෙමින් මුමුන්නනට වුයේ " love this sound " ලෙස ය . ඒ මගේ පපුව ගැස්සෙන රිද්මයට ඇය අසා කරා ය යන වග ය . නින්දේ දී ඇ මට තව තවත් තුරුළු වූ අතර සෙමින් මගේ දෙතොල් සිප ගන්නට විය .
ඈත අහසේ තරු එකිනෙක පරයමින් දැල්වෙන්නට වූ අතර මිදුම ඇතැම් විට තරු වසා ගන්නට තරම් ඝන විය.
"give me one chance ප්ලීස් ". ඇය , එසේ කියන්නට යද්දී අර කියූ තරු නැවත දිලි දිලෙන්නට විය .
....
යකූ.....
ReplyDeleteතඩිය මට බනින්නවද කොහෙද ?
Delete"මු මේක මෙතනින් ඉවර කරා නේ " කියල ලොල් !
එක නෙවයි බොහොම ස්තුති මේ පැත්තට ඔළුව දැම්මට .
ReplyDelete
තඩිය මට බනින්නවද කොහෙද ?
ReplyDelete"මු මේක මෙතනින් ඉවර කරා නේ " කියල ලොල් !
එක නෙවයි බොහොම ස්තුති මේ පැත්තට ඔළුව දැම්මට .
කොටුවක් පැනලද ? කොටුවෙන් එලියට පැනලද ? කොටුව ඇතුලට පැනලද ? අනේ මංද බං ?
ReplyDelete" හස්බන්ඩ් අහනවා ඔයා අවද කියල "
Delete"මම කිව්වා ආව කියල "
"ඇයි කිව්වේ නැද්ද මම පරක්කු උනා කියල " මම පෙරලා ඇසුවෙමි ."
කොටුවක් පැනලා නෙවෙයි බං , කොටුව ඇතුලට තල්ලු කරලා ....... හේ හේ හේ