Friday, June 21, 2019

ලන්ඩනයෙන් ඇඹිලිපිටියේ හේනකට.


ඔන්න ආටියා නිවාඩුවකට කියලා ලංකාවට එනවා . මතක විදියට කැම්පස් එකෙන් අවුට් වෙලා පලවෙනි ජොබ් එක කරපු දවස් වල පලවෙනි වැකේෂන් එකට. ලෝකේ කොහේ හිටියත් ඉතින් ලංකාවේ තරම් ආතල් කෝටියක් වෙන කොහෙන්වත් ලැබෙන්නේ නෑ නේ. අපාර්ට්මන්ට් එකේ එහා  ඉන්න එකා මෙහා ගෙදර උන් දන්නේ නෑ . හිතවත්කම් බැදීම් හරිම විරලයි . කොටින්ම මිනිස්සු ජීවත් වෙන්නේ ප්‍රෝග්‍රෑම් කරලා වගේ .

හරි හරි අපි දැන් කථාවට එමුකො .

ඔන්න ලංකාවට ඇවිල්ලා දින දෙකක් යන්න හම්බුනේ නෑ යාලූ මිත්‍රාදීන් කථාකරන්න පටන් ගත්තා. හැමදාම කොහේ හරි ගිහිල්ලා රෑ දෙගොඩහරියේ එන එකට නම් ආටියා ගේ පියානන් කොහොමත් කැමති උනේ නෑ. ඒත් ඉතින් ආටියා ඔය වාරන කණකට ගත්ත එකක් යෑ. කොහොම කොහොමාරි ආතල් පහට දවස් ගෙවිලා ගියා. ඔය අතර නාඩියා එහෙමත් කථා කරනවා විටින් විට. නාඩියා කියන්නේ කවුද කියලා මගේ ලෝකය01 කියවන්න එන අය නම් දන්නවා නේ . නාඩියා කොහොමත් කොල්ලෙක් වගේ බොක්ක හොද කෙල්ල. මම ආපු එකට කියලා මොනවත් කරන්න බැරි උනා නේ කියලා කීප වතාවක් කිව්වා.

ඔය අතර අපේ ගෙදර වැඩට හිටපු සියාතු මාමා මම ලංකාවේ නැති කාලේ අවුරුදු තිස්ගානක නිවසේ සේවාවට සමු දීලා එයාගේ ගම්පලාත වෙච්චි ඇඹිලිපිටියේ ගිහිල්ලා. ඉතිං මට ඕනේ උණා අවුරුදු ගානක් මාව බලාගත්ත සියාතු මාමාව හොයා ගෙන යන්න. ඒ දෙසම්බර් තිස් වෙනිදාවක. කොහොමාරි විසිනවවෙනිදා හවස සියාතු මාමාට සහ ගෙදර අයට දෙන්න දේවල් ඔක්කොම වාහනේට දාගෙන දෙසම්බර් තිස් වෙනිදා පාන්දරම අබිලිපිටි යන්න පටන් ගත්තා . තාත්තා යන විදිය කියලා දුන්නා. යන ගමණ තරමක් වෙහෙසකර උනේ පාරවල් හොයන්න ගියාම තමයි . හැබැයි ඇඹිලිපිටියට වෙනකම් කිසිම කරදරයක් නැතුව ආවා . අන්තිමට සියාතු මාමලා ගේ ගෙදරට යන පාර හම්බවෙන තැනටම ආවා පාරක් කිව්වාට ටැක්ටර් යන පාරක් . ඒ දවස් වල දෙපැත්තේම කැලේ . වාහනේ යන්න පුළුවන් උපරිම තැනට ගියා කොහොම කොහොමාරි. මෙතනින් එහාට කාර් එකකට යන්න බෑ . ඉතිං ආටියා ඉවසීමෙන් බලං හිටියා කවුරු හරි එයි ද කියලා .

පැයක් එකහාමාරක් හිටියා මිනිස් පුළුටක්වත් නෑ. ආටියාට හිතුනා පාර වැරදුනා වත් ද කියලා . ඒත් ඉතිං කිව්ව විදියටම ආවානේ . ඔන්න ඔහොම ඉන්නකොට ආටියාට පේනවා ඈත බයිසිකලයකින් කවුදෝ එනවා . ඔන්න දැන් තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ . ආපු කෙනා මග ඉදලාම විපරමෙන් බලලා වාහනේ කිට්ටුවට එද්දී  බයිසිකලයයෙන් බැහැලා එන්න ගත්තා .

මහත්තයා මේ පලාතක නම් වෙන්න බෑ ....

මාමා මම පිළියන්දල . මම මේ සියාතු මාමා හොයාගෙන යන ගමං .

අප්පදබොළ , මේ අපේ සියාතුවා ....

ඔව් ඔව්, මොකෑ මම නොදන්නේ මහත්තයා .

හිටින්න හිටින්න , මම ඒ දිහාව පෙන්නන්නම් .

එතකොට මාම ගේ මේ ගමණ . මම වීමසීමි .

ඒක කොයි වෙලේ යන්න බැරිද මහත්තයා . මම මේ කඩ පිලට යන ගමං .

මහත්තයෝ හැබැයි මෙතනිං එහා මේ කාර් එව්වා එකෙන් නම් යන්න බෑ. මොකෑ කරන්නේ ?

කමක් නෑ . අපි මෙතනින් දාල යමු මාම .

මහත්තයෝ වල් අලිත් මාරු වෙනවා රෑ දෙගොඩහරියේ මේ පැත්තෙන් . අපි කාර් එව්වා එක මුදලාලිගේ ගෙදර නැවත්වමු .

හා එහෙනං .

අපි දෙදෙනා අසල කඩ පිලට ගියෝය . මාමා සියලු විස්තර කියා අවසානයේ වාහනය නිවසේ නතර කරන්නට මුදලාලි කැමති වුනි . මාමා අසල ගසකින්  අත්තක් කඩාමොනවා දෝ මතුරා කොළ ඇත්ත වාහනයේ ග්‍රිල් එකේ සවිකර අයියනායක දෙවියන්ගේ පිහිටයි කියා මා දෙස බලා සිනාසුනේය .

පසුව මම පිටුපස දොරටුව සහ ඩිකිය ඇර සියාතු මාමාට සහ ගෙදර අයට දෙන්න ගත්තු දේවල් කඩ පිලේ තියද්දී මුදලාලි කියා සිටියේ , හිටින්න මහත්තයා මම ටැක්ටරය සුජානම් කරන්න .

කොල්ලෝ මෙහෙ වර .

මේ කොලබ මහත්තයා පරිස්සමෙන් අපෙර් සියාතු අප්පෝ ඇහට ගෙනියන්න ඕනේ .

දහයියා කුඩු සියල්ල අතුගා ටැක්ටරය සුදානම් කර සුරංග  මමත් අතර මගදී හමු උන මාමා වත් දමාගෙන කිලෝමීටර දොළහක් පමණ කැලේ ඇතුලේ තියෙන සියාතු මාමා ගේ නිවසට පැමිණියේ හවස් වෙද්දී වගේ ය.

මම ටැක්ටරයක නැගී එනුදුටු සියාතු මාමා පෙර මගට දුවගෙන ආවේ "අපේ පුංචි මහත්තයා ...... මම හිතුවා කවදා හරි එයි කියලා අපිව බලලා යන්න "

කවදැයි එංගලන්තෙන් ආවේ .

ගිය සතියේ මාමේ .

සුරංගත්  මමත් අතර මගදී හමු උන මාමාත් සියාතු මාමාට දෙන්න ගෙන ආ බඩු බාද්දී " මොනවා ද මේ අපේ පුංචි මහත්තයා  උස්සං ඇවිත් තියෙන්නේ "

සියාතු මාමාගේ පවුලේ හැම කෙනෙක්ගේ ම මුහුණු වල සතුට පිරී ඉතිරී ගොසින් ය . 

ඉතිං ලොකු මහත්තයා නෝනා සනීපෙන් නේද පුංචි මහත්තයා?

ඔව් මාමේ .

ලොකු මහත්තයාට බුදු බව අත්වෙන්න ඕනේ. අපේ මේ ගේ හදලා දුන්නාට . මට ටැක්ටරයකුත් අරන් දුන්නා ලොකු මහත්තයා . මේ හරියේ කුබුරු වැඩ කරන්න ඔය ටැක්ටරය කරන්නේ සුළු පටු උදව්වක් නෙවෙයි .

සියාතු මාමාගේ හාමිනේ සුදානම් කරපු තේ බී වෙහෙස නිවාගෙන සියාතු මාමාගේ ලොකු පුතා සාලිය සහ පොඩි පුතා ප්‍රියංග සමග අසල ඇති වැවට ගොස් හොද හැටි නාගෙන නිවසට පැමිණෙන විට අදුර සෙමෙන් අප වෙත පැමිණය .

රෑට කන්නට එදා හදලාතිබුන කෑම වේල අදටත් මට මතකය . ඒ තම්බපු රතු හාල් එක්ක , පොලොස්මාලුවත් , කිරි හොද්දත්  , පොල් සම්බලත් සමග පපඩම් බැදලා මිරිස් කරල් එක්ක ය . ඒ කෑම වේලේ රස අදටත් අමතක නොවන්නකි .

ගමන් මහසියටත් එක්ක නිසා රෑ කෑමෙන් පසු ටික වෙලාවක් අල්ලාප සල්ලාපයේ නිරත උන මම කලින්ම නින්දට ගියෙමි .

උදේ ම මම ඇහැරෙද්දි හැමෝම ඇහැරිලා ය . සාලිය සහ ප්‍රියංග සමග වැවට ගොස් හොද හැටි නා ගත් මම නිවසට එනවිට සියාතු මාමාගේ හාමිනේ රසවත් කිරිබතක් සුදානම් කරලාය . කිර්බතේ රස විද පසුව අපි ගියේ සියාතු මාමාගේ හේන බලන්නට ය . ඒ වන විටත් සියාතු මාමා හේනේ වැඩ ආරම්භ කර ඇත . කර්කශ පොලව සමග යහමින් හැප්පෙන සියාතු මාමා සහ ලොකු පුතා සාලිය සහ පොඩි පුතා ප්‍රියංග ගැන මට පුදුම සිතුනි . ඔවුන් වට්ටක්කා , මෑ  , වම්බටු , මිරිස් , කුරහන් , මුං , කී නොකී මොහොමයක් වියලි කළාපයේ වැඩෙන එළවලු සාර්තකව වගා කර ඇත . ඒවගේ ම ඒසා දෙවෙනි නොවන්නට කෙසෙල් වගාවක් ද ඔවුන් සතුව තිබුණි . කුබුරු අක්කර ගණනක හිමි කරුවෙක් ද වූ සියාතු මාමා දැන් හොද ගොවියෙක් වීඇති බව මට වැටහී ගියේය . සැබවින්ම සියාතු මාමා සාර්ථක ගොවියෙක් වී හමාර ය. කියන්නට වචන නැති තරම් සතුටක් මට දැනුනි .

දවල් කෑම හේනට ගෙනවිත් තිබුන අතර හේනේ සිට කෑම ගැනීම ඉමහත් තෘප්තියක් ගෙන එන්නක් විය . ඔය අතර මගේ ජංගම දුරකථනය නාදවිය  .
ඒ ඇමතුම නාඩියාගෙන් ය .

Atty where are you now ?

I am in Ambilipitiya

Are you serious .

Yes .... why .

මම ජයික්‌ එකේ රූම් එකක් බුක් කරා ඔයා නිසා , හැමෝම එනවා 31st night celebrate කරන්න යාලුවෝ මගේ .

You so bad.

බීප් ...බීප් ...බීප් ...බීප් ...

මම එදා 31 රෑ හේනේ පැලට වී රැය පහන් කරේ මහත් වූ ආත්ම තෘප්තියකින් ය.

එදා හැමෝම වගේ , ගලදාරි , හිල්ටන් , ජයික් , ගෝල්ෆේස් , මවුන්ට් ලවීනියා යන හෝටල වල සිට නව වසරට ආයුබෝවන් කියද්දී මම හිටියේ ඇඹිලිපිටියෙන් කිලෝමීටර ගණනක් දුරින් වූ මහා කැලයක හේනකට වීය .    

32 comments:

  1. Replies
    1. බොහොම ස්තුතී ලසන්ත :)

      Delete
  2. ඇඹිලිපිටියට ඇවිත් ගියේ මහපෑලස්සටද ?
    කොලෙන්න පැත්තතේ ද?

    නාඩියා බොක්කගේ සිත රිදවිම නමි කිසිසේත් ම අනුමත කළ නොහැක...එයට තුටුපඩුරැ අයියා නැවත ගමිරට බලා පැමිණි විටදි ලැබෙන්නට ඇතැයි සිතමි...

    ReplyDelete
    Replies
    1. තරිදු මල්ලී , මහපෑලස්සත් පහුකරගෙන ගියා .

      තරිදු මල්ලී ගේ හදවත සොරාගත් ඒ අත්භුත යුවතිය නාඩියා ගේ සිත රිදවන්නට වීම ගැන සමාවන සේක්වා.

      පළවෙනිදා හවසම ඇය සනසන්නට කියා කථා කරද , කල නොහැකි විය . මතක විදියට ඇය සනසන්නට දින තුනක් ගතවිය. හමුඋන දින ඇය කීවේ ඇය නැවත ඒ විදියේ ම පාටියක් එතනම දමනවා කියාය . එදා ඇයට ඕනේ උනේ මම නොදත් ඇයගේ අලුත් යහළුවන්ට මා හදුන්වා දීමට විය යුතු ය. කෙසේ වෙතත් අවසාණයේ සාදයේ බරපැන ආටියා විසින් ගෙවා දැම්මේ එදා මා විසින් ඇය අපේක්ෂා භංගත්වයට පත් කිරීමට ස්වයං දණ්ඩනයක් විදියට ය. ඉතිං එදා තුටුපඩුරැ මම නැවත ගමිරට බලා පැමිණි විටදි ලබා දුන්නේ ඔය විදියට ය .

      Delete
    2. අමිමෝ අපේ සියාගේ හේන් තියෙන්නේ නමි මහපැලැස්සේ අහලා බලන්න ඔිනි සියාගේන් ඉට එහා ගැන විස්තර...

      Delete
    3. දැන් කොහොමද තරිදු මල්ලී මහපැලැස්ස හරිය?

      Delete
    4. තෙකලා විදුලිය..
      නල ඡලය..
      තාර යෙදු මං මාවත්..
      නවින නිවාස...

      හේනටම විදුලිය වගේ බොහොම අඩු සැලකිලි අයියේ..හි...හි...

      Delete
  3. අපිට තියෙනවා කුඹුරක් ආනමසුවේ මහා උස්වැව කිට්ටුව ලංකාවට ආවම එහේ යන එක වරදින් නෑ...ඒ ගම් වල මිනිස්සු කෑම බීම සංග්‍රහ කරන්නේ හදවතින්මයි....ගෙදර එනකොට හම්බෙන එළවළු පලතුරු කියලා වැඩක් නෑ...ඒ මිනිස්සු හරි සරල ජිවිත ගෙවන්නේ....අපිට කෑම ලැබෙන්නේ නම් තලාකොලවැව පන්සලෙන් ඒ පන්සලේ ලොකු හාමුදුරුවෝ අපේ ලොකු නැන්දගේ පුතා....ඒ දායකයන්ගේ කෑම වේලට ගහන්න කෑම වේලක් මම අදටත් කාලා නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔයා කිව්වා වගේ ගමෙන් හමන සුළගත් සැපක් .ඒ මිනිස්සුන් ගේ අව්‍යාජ බව සරල බව අපි නැවත ජීවත් කරනවා නේද . තැබිලි ගෙඩියක් කුරුම්බාවක් අඩුම තරමේ වතුර කෝප්පයක් බිව්වත් එක සැපක් .
      වෙලාවකට හිතෙනවා අනේ අපේ ජීවිත කියලා . ඒ මිනිස්සු ජීවිතේ විදිද්දී අපි මෙහෙ විදවනවා.

      මාත් ආනමඩුව පැත්තේ ගිහිං තියෙනවා එකපාරක් . ඒ පැතිවල මිනිස්සු හරිම හොදයි . පන්සලේ දානේ පංගුව ඒ මිනිස්සු සුදානම් කරන්නේ පුළුවන් හොදම විදියට. ඉතින් ඒ පැතිවල දානේ වේල හොද රසට ඇති .

      Delete
  4. ඇබිලිපිටිය නෙමේ යකෝ ඇඹිලිපිටිය.
    ඔය ටවුමෙන් ටිකක් ඈත පැතිවල ඉතිං හේන්ම තමයි තියෙන්නෙ. ඔය අතරෙ ඉතිං මල් වගාවක් එහෙමත් නැතුව නෙමෙයි හිටං.

    ReplyDelete
    Replies
    1. වෙනස් කරෝ ....... ප්‍රසන්න අයියේ ... ඇබිලිපිටිය,ඇබිලිපිටිය,ඇබිලිපිටිය,ඇබිලිපිටිය,ඇබිලිපිටිය (ටයිප් කරන්න පුරුදු උනා , හැක් හැක්‌ හැක් :) )

      ඔව්, ඔව් ,මමත් අහලා තියෙනවා . අඩේ ,,, වෙලාවවට මට සෙට් උනේ නෑ නේ .

      තණමල්විල පැත්තෙත් තියෙනවලු නේද .

      Delete
  5. මුදලාලිගේ සහ අනික් මාමා ගේ ආගන්තුක සත්කාරය
    ++++++++

    ReplyDelete
    Replies
    1. ඔව් සත්තකින්ම .

      හරිම හොද මිනිස්සු . කොහොමාරි මම එද්දී වහනෙත් හෝදලා . අලි එයි කියලා හතර අතේ ගිණිමැලත් පත්තු කරලා කරලා .

      Delete
  6. හැමදාමත් වගේ ලස්සන අත්දැකීමක්. ට්‍රැක්ටරෙන් සියාතු මාමලෑ ගෙදරට.. වැව.. රෑ කෑම වේල.. සරුසාර හේන.. හේනේ පැලේ රැයක්.. කතාව මාවත් ඒ පරිසරයට එක්ක ගියා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී තිළිණි ඔයාට .

      ඇත්තටම ඒ අත්දැකීම අමතක වෙන්නේ නෑ . සමහර මතක ජීවිතේ ජීවත් කරවනවා . ඒවා ඒතරම් ලස්සණයි . මේ මතකයත් ඒ වගේ එකක් . :)

      Delete
  7. මං දන්න විදිහට ඇඹිලිපිටිය කියන්නෙ ටවුන් එක විතරයි. ගමක් නෑ. මට හරියටම ෂුවර් නෑ ඒත් පිළියන්දල නම් එහෙමයිනෙ? ටවුන් එක විතරයි. ඇත්තෙන්ම ටවුමෙත් පාර විතරයි නේද? පාරෙ වම් පැත්ත මාම්පෙ, දකුණු පැත්ත තුන්බෝවිල, (සුවාරපොල, මඩපාතත් තියනව මං හිතන්නෙ ) පිළියන්දල කියල ග්‍රාමසේවක වසමක්වත්, ගමක්වත් නෑ.
    මං හිතන්නෙ හංදියකට නමක් ඇතිවෙලා ඒක ටවුමක් වුනහම ඒ නමින් හැඳින්වෙනව බිම් ප්‍රමාණයක්, ලිපිනයට ඒක එනව, ඒත් ඒ නමින් නිලවශයෙන් බිමක් නෑ
    පොලොන්නරුවත් එහෙමද? ඒ ගම කදුරුවෙලද?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔබතුමා හරි . අපි දන්න පිළියන්දල ටවුම හරහා යන පාර විතරයි .පිළියන්දල නගරය උනාට පිළියන්දල සතු නගරසහාව හදුන්වන්නේ කැස්බෑව කියල.
      මඩපාතත් අයිති වෙන්නේ පිළියන්දල ටමයි . මඩපාත එක කොනක් බණ්ඩාරගම ට අයිති වෙනවා . ඒ කිදෙල්පිටිය පාළම ලගින් .

      ලංකාවේ ගොඩක් නගර වල මෙහෙමයි නේද .

      Delete
  8. හරිම ලස්සන ගමනක්. මට මේ වගේ අත්දැකීම් විඳින්න ලැබුනෙ පොඩි කාලෙදි විතරයි. තවමත් මෙහෙම තැන් තියෙනවා කියලා අහන්නත් ආසයි. හෝටල් කාමරේක නතර වෙලා යාළුවොත් එක්ක ජොලියක් දාන එක වගේයැ මේවා. බොහොම විරල අත්දැකීම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී මියුරූ .

      ඇත්තෙන්ම ඔව් . හැමදාම දාන පාටි වල අලුත් බවක් නෑ නේද .
      ඒ මිනිස්සුත් එක්ක වරුවක්වත් ජීවත් වෙන්න පුළුවන් නම් කොච්චර සතුටක් හිතට ලැබෙනවද .

      Delete
  9. ලෑන් මාස්ටර්, ටැට්ටර්, ඔව්ව හොඳ යන්ත්‍ර සෑර්.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. අනිවා හැට්ටර් මලයා . ලෑන් මාස්ටර්, ටැට්ටර් වලට මම කොහොමත් රෙස්පෙක්ට්.

      ජයවේවා !

      Delete
  10. අනිවා හැට්ටර් මලයා . ලෑන් මාස්ටර්, ටැට්ටර් වලට මම කොහොමත් රෙස්පෙක්ට්.

    ජයවේවා !

    ReplyDelete
  11. මටනම් හිතෙන්නෙම ඇයි මේ වගේ ගමනක් යනකොට තනියම ගියේ යාලුවො සෙට් එකක් එක්ක ගියානම් මරුනේ... අඩු ගානේ නාඩියාවත් හි හී

    ReplyDelete
    Replies
    1. ගියාට පස්සේ මටත් හිතුණා මේකම. කොල්ලෝ සෙට් එක ගියා නම් වැවෙන් ගොඩ ගන්නවා බොරු .හේ හේ හේ .

      අපෝ , වෙලාවට නාඩියා ගෙනිච්චේ නැත්තේ. :D

      Delete
  12. සියාතු මාමලගෙ ගෙදර මමත් ගියා වගේ දැනෙන්නෙ මේක කියවද්දි 😊. ජයික් වගේද ඔය ගමන😌

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී ඔයාට . ❤️. ඇත්තටම එදා ගත්ත අත්දැකීම කවදාවත් ඇමතක වෙන්නේ නෑ .

      Delete
  13. අපොයි මේ බ්ලොග් එක මට මිස් උනේ කොහොමද. පටාස් ගාල ඇඩ් කරගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී විනීත පූ ඔබට :D

      Delete
  14. කාලෙකින් යමක් දැක්කෙ නැහැ බිසී වගේ . අළුත් යමක් කියවන්න බලාගෙන ඉන්නවා . දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී අනුරුද්ධ මහත්මා .

      කාර්යබහුලත්වයක් නැහැ , කලකිරීම් විතරයි තියෙන්නේ . කලකිරීම් මැද ලියන ලියවිල්ල රහ නැති නිසා මම පැත්තකට උනා . ඔබ තුමන් වගේ බොහෝ දෙනෙක් මගෙන් මේ විදියට විමසීම් කරා. ඒ හැමෝටම මම පුද්ගලිකවම ප්‍රතිචාරත් දැක්වූවා .

      මෙතන එකතු උනු හැමෝම (පාඨක පිරිවර) එක පාර අපේක්ෂාභංගත්වයකට පත් කිරීමේ පව මට ගෙවන්නම වෙවී . ඔව් මම සුදානම් !

      නැවත වරක් ස්තුතී ඔබටත් සවන රේඩියෝ කැනඩා විකාෂයට ත් .

      Delete
  15. කලකිරන්න කලින් මෙිකේ මොනව හරි කුටු ගැවනමි...

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ ,, ඒක තමයි තරිදු මල්ලි ! :D

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...