Wednesday, June 13, 2018

ආටියා ගේ රෝයෙල් ඉන්ස්ටිටුටියේ ගමන , වැල්ලවත්තේ බීච් එකේ බෝතල් පාර්ටි , ගෝල්ෆේස් එකේ හැට් කලෙක්ෂන් සමගින් රෝස්මින්ඩ් ප්ලේස් වල කෙල්ලගේ ගෙදර රැයක් .



මේක ආටියා ඕලෙවල් ලියල ඒ දවස් වල ගෙදර ඉන්න සන්ධියේ උන ෆන් අංශයට බර විස්තරයක් .

ඔන්න අද කාලේ වගේ නෙවෙයි ඉස්සර කාලේ සාමාන්‍ය පෙළ ලියල අහවර කරාම ප්‍රතිපල එනකම් නිවාඩු පාඩුවේ ආතල් එකට පොඩි රස්තියාදු පාරක් එහෙම ගහලා ඉන්න පුළුවන් කාල පරතරයක් තියෙනවා . අද නම් ඉතිං  සාමාන්‍ය පෙළ ලියල අහවර වෙච්චි ගමන් පහුවදා උසස් පෙළ පංති යන්න වෙනවනේ . ඔන්න අපේ කාලේ නම් එහෙම නෑ .

සාමාන්‍ය පෙළ ලියල ඉවර උණාම මගේ  ආසාවක් තිබ්බා "ග්‍රේට් වෙස්ටන් වල රෝසීඅක්කා" ව එහෙම බලලා එහෙ ටික කාලයක් ඉන්න . ඒත් දුක කියන්නේ එයා මම සාමාන්‍ය පෙළ ලියන්න දවස් කීපයකට උඩදී එංගලන්තේ ට ගියා වැඩිපුර ඉගෙන ගන්න කියලා .රිචඩ් අංකල් , ආන්ටි දෙන්නා එක්කම තමයි රෝසීඅක්කා ගියේ . යන්න දවස් දෙකකට විතර ඉස්සර අපේ ගෙදර ඇවිල්ලා නැවතිලා ගෙදර ඉදන් ම තමයි එයාපොර්ට් ගියේ කට්ටියම . ඒ රිචඩ් අංකල්  අපේ තාත්තා ගේ ලගම හිතවතෙක් වෙච්චි නිසා සහ කටුණායක අඩියෙන් අඩිය තියෙන චෙක් පොයින්වලින් පෝලිමේ බස්සලා චෙක් කරන කරදරයක් එහෙම තිබුනේ නෑ තාත්තා නිසා. කොහොම හරි මට ඒගොල්ලන් ව බස්සන්න එයාපොර්ට්  යන්න බැරි උනේ අමරනාත්බාලසුරිය සර් ගේ ගනං පන්තිය තිබ්බ නිසා . එත් මම යන්න ඉස්සර රෝසීඅක්කා මම බදා ගෙන මට "ඕලෙවල් හොදට කරන්න ඩාර්ලින්" කියල මට විෂ් කරේ හැමෝම ඉස්සරහා . ඉතිං ආටියා ට විලිලැජ්ජාවේ සංතෝසේ බැරුව ගියා කියමුකෝ . අනේ , උබලා මෙව්වා කියවල හිනාවෙනවා එහෙම නෙවෙයි හරිද .  මොකද ඒ බදාගත්ත බදා ගනිල්ලට මට හිතුනේ මමකවදා හරි රෝසීඅක්කා ව බදිනවා කියල අම්මපා .

ඔයින් කොහොම කොහොමරි සාමාන්‍ය පෙළ  ලියලා ඉවර උන ගමන් ආටියා ගේ පැටිකිරිය හොදට දන්නා මව්තුමෝ වැඩිපුර ඉංග්රීසි වලට කියල රෝයෙල් ඉන්ස්ටිටුටියට දැම්ම කියපන්කෝ . ඔහෙලා ට මතක ඇති නේද පරණ පෝස්ට් එකන් මම ලිව්ව " රශ්මි සමග ආටියා ගේ බ්‍රිස්ටිෂ් කවුන්සිල ගමන සහ තාත්තා ගේ හැබෑ චිත්‍රපටි ජවනිකා."  ඒ උසස් පෙළ ලියල අහවර වෙච්චි කාලේ කතාවක් . ඔන්න ඉතිං මමත් එක්ක රෝයෙල් ඉන්ස්ටිටුටියට යන්න මගේ පොඩි කාලේ ඉදන් යාලුව වෙච්චි මහේෂ් සෙට් වෙනවා . එක ලොකු දෙයක් ඇත්තටම , මොකද තනියෙන යන එක පට්ට බෝරින් අනික එතකොට කට් කරන්නමයි හිත .  රෝයෙල් ඉන්ස්ටිටුටියට යද්දී සමහර දවසට පංති කට් කරලා යනවා ෆිල්ම් එකක් එහෙම බලන්න අපි දෙන්නා . වැඩේ කියන්නේ අපිට හවසට යන්න මහේෂ් ගේ මහප්පා ගේ දුව වෙච්චි නිශා අක්කා එනවා එයා ගේ කාර් එකෙන් .වාහනේ යද්දී කොහේ හරි හැමදා ම නවත්වලා මොනවා හරි අරගෙන කකා යන්නේ . අනික අක්කා නවත්වන්නේත් එසේ මෙසේ තැන් වල නෙවෙයි .ඔය රෝයෙල් ඉන්ස්ටිටුටියට යන ගමනේ ආතල් ම හරිය හවස කාර් එකෙන් ගෙදර යන එක තමයි .

කට්ටියම සෙට් වෙනවා පන්තිය පටන්ගන්න ඉස්සර රෝයෙල් ඉන්ස්ටිටුටියට පැත්තෙන් තියන තේ කඩේට . ඉන්න උන් ගෙන් බාගෙට බාගයක් ම සිගරට් එකක් එහෙම ගහලා තමයි යන්නේ පන්තියට . අපි සෙට් එක හිටියේ අන්තිම පෝලිමට ඉස්සරහ පෝලිමේ . කරපු ඉගෙන ගත්ත ඉන්ග්රිසියක් නැති උනා ට  එහා පැත්තේ හිටපු කෙල්ලෝ දෙන්නෙක් ම සෙට් වෙලා හිටියේ . එකෙක් මියුසියස් ගිය තිලිණි . අනිත් කෙල්ල HFC බම්බා ගියපු අයේෂා . උන් දෙන්නා බලෙන් වගේ උදව්වට මම පන්ති කට් කරපු දවසට පාඩම් කියලා දෙනවා . පව් මේ ළමයි ඇත්තමයි . අන්තිමට දෙන්නාම දැනගත්තා වැඩේ . පස්සේ උං දෙන්න තරහ උණා මාව බෙදා ගන්න බැරුව . උන්දෙන්නා ගේ වළි , ගැස්සිලි මට සෙට් උනේ නැති නිසා හිටිය කලම්බු ඉන්ටනැෂනල් ගිය තව කෙල්ලෙක්  වෙච්චි නාදියා/නාඩියා සෙට් උනා. මොනවා උණත් කොල්ලෙක් වගේ බොක්ක හොද කෙල්ල . පස්සේ හොදටම ෆිට් උනාම අපිත් එක්ක සිගරට් එකක් බොන්නත් ආව අර ඉස්සර තිබ්බ ලොකු ගහ එක්ක ඇල හරියේ ඉදං . එකී තමයි කිව්වේ නෙස්කැෆේ එකක් එක්ක සිගරට් එකක් බීමේ අතල් එක . ඔන්න කෙල්ලෝ හරි ද ? 

කොහොම කොහොමාරි අන්තිම දවස උදාඋණා රෝයෙල් ඉන්ස්ටිටුටියට යන . අපි අන්තිම දවසේ පන්තිය ඉවර වෙලා බොන්න යමු කියලා කථා උණා වැල්ලවත්තේ බීච් එකෙට.  කොහොමරි දහයක් පහළොවක් වගේ සෙට් උනා ඔක්කොම.එදා චන්න මල්ලිටත් මමයි මහේෂුයි එන්න කිව්වා පන්තිය ඉවරවෙන වෙලාවට . අන්තිම දවස තිබ්බේ උදේ වරුවක නිසා දවසම රස්තියාදු ගහන්නත් පුළුවන් නේ කියල හිතාගෙන තමයි කට්ටියම වැඩේට බැස්සේ . මට හොදටම උන හැදිලා එදා . ඒත් අපේ සෙට් එක දාල යන්න බැරි නිසා මමත් ආව යන්න හැබැයි බොන්න නෙවෙයි . මොකද හොදටම උණ ,    ඉතින් වැල්ලවත්තේ හොදට ගසලා කට්ටිය කිව්වා ගෝල්ෆේස් යමු කියල . රේල්පාර දිගේ . කොහොම කොහොමරි කට්ටියගේ උගුරට හොරා වාස්ප වෙන ගල් බෝතල් බියර් අතරින් මමත් බයිට් ටිකක් වැඩිපුර කෑව . හොදටම ඩෝප් සෙට් එකක් එක්ක රේල් පාරේ යන එක පට්ට ආතල් එකක් . සමහර උන් පිල්ලේ බැලන්ස් එකේ යන්න ගිහින් වැටෙනවා . සමහර උං රේල් පාරේ සිල්බර කොටන් උඩින් යන්න ගිහිං වැටෙනවා . තව එකෙක් සිල්බර කොටන් මගහැරලා යන්න ගිහිං වැටෙනවා , ඕවගේ පට්ට අතල් මැදින් අපි සෙලාන් ටවර් එක හරියට එද්දී මම යාන්තමට දැක්ක කෝච්චියක් එනවා . මම කොහොමාරි කෑගහල කට්ටිය  රේල් පාරේන් අයින් කරගත්තේ අන්තිම මොහොතේ .

අන්තීමට කෝච්චිය ගිය විදිය දැකලා  හැමොගේම වගේ වෙරි හිදුනා කියපන් කෝ . කට්ටියම ඊටපසේ ගෝල්ෆේස් එකේ පෙම් සුව විදිමින් ඉන්න කපල් වලින් හැට් කලෙක්ෂන් එකක් දාන්න ගත්තා . ඔය අතර මනුලයා කිව්වා උන්ගේ තාත්තා වැඩකරන්නේ හෝලිඩේ ඉන් එකේ කියල ගිහින් කට්ටියටම කෑම අරං එන්නම් කියල . ඌ ගේනවා කෑම එක කාගන්න බැරි තරම් ලොකු එකක් . ඒ වගේම පට්ට රැසක් තිබ්බේ . මට තවම ඒ රස මතකයි වගේ . කොහොමරි හැට් කලෙක්ෂන් එකේ සල්ලි වලින් බීම බීලා අයිස් ක්‍රීම් එහෙමත් කාල කට්ටියත් එක්ක හවස් වෙද්දී ගෙවල් වලට එන්න බෙදුණා . මමයි , මහේෂ් , චන්න මල්ලි පිළියන්දලට ඇවිල්ලා මඩපාත බස් එක ගන්න ස්ටෑන්ඩ් එකට යද්දී පුන්නසිරි අය්යා අලුත ගෙනාපු බස් එක තිබුනා . සල්ලි ගත්තෙත් නෑ චන්න මල්ලි නිසා .

කොහොම හරි අන්තිමට රෝයෙල් ඉන්ස්ටිටුටියට ගිය ගමන ඉවර වුනේ . ප්‍රතිපල එද්දී මම තමයි පළවෙනියා . ඒත් මම දන්නේ නෑ කොහොමද එහෙම උනේ කියලා අදටත් . අන්තිමට ප්‍රතිපල ආපු දවසේ නාඩියා කිව්වා එයා ගානේ පාටියක් දෙනවා කියලා හැමෝටම එයාගේ ගෙදර රෝස්මින්ඩ් ප්ලේස් වල . හැබැයි කොන්දෙසීයක් එක්ක, ඒ බොනදේවල් අරගෙන එන්න , කන දේවල් එයා හදවන්නම් කියල . යද්දී තමයි දැනගත්තේ එයාගේ අම්ම තාත්තා රට ගිහිලා කියල . වැඩකරන ගෑනු කෙනා විතරයි . ඉතින් එදා මුළු ගේ ම අපේ වගේ තමයි . පාටිය මහා රෑවෙනකම් ගිහින් ගෙදර යන්න විදියක් නැති නිසා සෙට් එකම කාපු බීපු තැන් වල වැටිලා . උදේ බලද්දී එකාට එකා හිනා වෙනවා පිස්සුවෙන් වගේ .  නාඩියා ගේත් යාලුවෝ සෙට් එක එකී වගේ ම පට්ට හොදයි කියල හැමෝම කිව්වා. කිව්වේ කවුද කියල මතක නෑ දැන් , එකෙක් කිව්වා නාඩියා සහ යාලුවෝ සෙට් එක දිහා බලලා " මුන් වැරදිලා ද කොහෙද කෙල්ලෝ වෙලා තියෙන්නේ කියලා "  බොන බීම දැක්කම .

22 comments:

  1. හප්පා කොල්ලෙක් වීමේ නිදහස උපරිම අනුභව කොරලා නොවැ...ඊට හපන් නාඩියා...කෙල්ලන්ටත් එහෙම නිදහසක් තියෙනව ඇහුවම අපි වගේ හිට්ලර් පාලනයේ හිටපු අය ගැන දුකා.......යි.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව හොදටම අනුබහව කරා නේන්නම් .
      හේ හේ හේ ... මොකට දුක් වෙනවද මම අහන්නේ , හිට්ලර් පාලනයේ හිටිය එක හොදයි එක අතකින් බලද්දී .

      Delete
    2. ඒ වයසේදී මෙච්චරම නිදහසක් කෙල්ලෙකුට තිබීම අනුමත කරන්න බෑ තමා...

      Delete
    3. ඔව් ... ඇත්ත . වැරදි වලට යොමු වෙන්න ඉඩ වැඩිම කාලේ ඔය කාලේ ....

      Delete
  2. මෙන් මෙියා කියන කතා කෙල්ලෝ දෙන්නෙක් ම මෙයාට ලවි කලාලු.පස්සේ උන් දෙන්න මෙයැයිව බෙදා ගන්න බැරිව තරහ වුනාලු...අක්කේ මෙන්නෝ.......

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ ... එකනේ තරිදු මල්ලී .....
      වැඩේ කියන්නේ නාඩියා පස්සේ කාලේක මම හරහා අක්කාව අදුරගෙන අක්කා එක්ක හොදට ෆිට් උණා කියපන්කෝ .

      Delete
    2. නාඩියා උයා නමි...........

      Delete
    3. කෝ ............... ඉතුරු ටික .....

      හේ හේ හේ හිතාගන්න පුළුවන් තරිදුමල්ලි

      Delete
  3. හැක්.. පට්ට ආතල් එකක්නෙ අරන් තියෙන්නෙ. කෙල්ලොත් උඹලටම හරියන්න ඉඳල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ .... ඔව් ඔව් ,.. ප්‍රසන්න අය්යේ ... ඒ කාලේ ආතල් පහටම ගෙවිලා ගියා .

      ඔව් මටම හරියන්න තමයි . ගොඩක් කෙල්ලෝ ඔයවගේ පිස්සු වලට කැමතී කොහොමත් , උන් බයයි හැබැයි කැමැත්ත කියන්න . ඔන්න ඕකයි ඇත්තම තත්වේ .

      Delete
    2. වැටට තුති :)

      Delete
  4. මරු යාළුවො සැට් එකක්නෙ උඹට ඉඳල තියෙන්නෙ කලන.

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ .. ඔව් හැලපේ අය්යේ . උන් ගැනනම් කියල වැඩක් නෑ ඇත්තටම

      Delete
  5. හම්මේ පට්ට හොදේ දැනටත් සෙට් වෙනවද උන් එක්ක. මන්නම් කියන්නෙ කෙල්ලො උනාම අරකයි මේකයි නෑ. උන්ට කැමැති ඕන දෙයක් උන්ට කරන්න පුළුවන් වෙන්න ඕනෙ. වැරදි වලට යොමු වෙනවා කියලා විශේෂයෙන් කියන්න බෑ. කැමැතිනම් කරා අකමැතිනම් නොකර හිටියා.

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල හිටපු නාඩියා ගේ සෙට් එකේ 4 දෙනෙක් විතර සෙට් වෙනවා . අනිත් උන් එහෙ මෙහෙ මල්ලී .
      නාඩියා දැන් මටත් වඩා මගේ වයිෆ් එක්ක ෆිට් .

      ගොඩක් කෙල්ලෝ උන්ට කැමති දේ කොහොමාරි කරනවම තමයි . ආයෙ දෙකක් නෑ . කොහොමත් ඔය කෙල්ලෝ කොල්ලෝ වගේ ම , උන් කරනදෙවල් ම කරනවා .
      ඔයා හරි .... දවසක් නාඩියා ම මොකක් හරි කථාවක් මැද දී (මතක නෑ දැන් කතාව) මට කියනවා " මම කැමැත්තෙන් කරන දෙයක් කොහොමද මට වැරදි දෙයක් වෙන්නේ කියල "

      Delete
    2. අන ඒකයි.....කැමැත්තෙන් කරන දෙයක් කොහොමද මට වැරදි දෙයක් වෙන්නේ කියල

      Delete
  6. මගෙ නාඩි වැටෙන එක නතර උනා කියහන්කො ඒ පාර්ටි එක කොහොම තියෙන්න ඇතිද හිතිලා

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ ,, ඒක තමයි නෙල්ලි :D

      Delete
  7. උඹේ සමහර කතා වල වේගෙ වැඩියි බං එ හිනිදම රහ දැනෙන පොඩි දේවල් මිස් වෙනවද කියල හිතෙනව

    ReplyDelete
    Replies
    1. සිරාවටම මචං .. දේ මටත් දැනෙනවා සමහර වෙලාවට

      Delete

හොරෙන් දැමූ පාටිය ඩිෂාන් සහ ඔහුගේ බිරිද ගේ හදිසි ලංකා ආගමනය සමගින් තවම මතක හන්තාන

පහුගිය දොහක සති අන්තයේදී ඩිෂාන් සහ ඔහුගේ බිරිද හදිසියේ ලංකාවට පැමිණෙන බවත් දවස් විසිඑකක් ලංකාවේ රැදී සිටින බවත් කෝල් කර දැනුම් දී සිටිය...