ගිමන් හරින දියඹ දිගේ.
ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩෑසි සඳට රහස් කියනවා
සද ආදරයෙන් අහස පුරා රටා මවනවා
හිත් දැහැනේ වෙලී තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ
නිල් කටරොළු නිල නැහැවුණු
මල් බර මුදු සුව රැඳවුණු
තොල්පෙති මල් ඵලදාලන ආදරයද මේ
නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ
ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩෑසි සඳට රහස් කියනවා
සද ආදරයෙන් අහස පුරා රටා මවනවා
ගායනය - පණ්‌ඩිත් අමරදේව පද රචනය - ජානක සිරිවර්ධන සංගීතය - අරුණ ගුණවර්ධන
හන්තාන සිහිනේ.
ගායනය - පණ්‌ඩිත් අමරදේව සහ උමාරියා පද රචනය - ජානක සිරිවර්ධන සංගීතය - අරුණ ගුණවර්ධන
ඇය යන්න ගියා මැකිලා.
ඇය යන්න ගියා මැකිලා වන සිරසක තුරු සෙවණැලි අතරේ ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා පිනි කඳුළක් මල් පෙති අග තවරා මිහිදුම් සළුවෙන් මුහුණ වසා... නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ සඳ එළියේ මං පෙත පාදා රහසක් සඟවා ගොළු වූ හදකින් යන්න ගියා මැකිලා... යළි කවදාවත් හමු නොවනා බව මඳ පවනක් හිස අතගා කීවද අදහා ගන්නට නොහැකිය කිසි දින ඇය යළි නො එතැයි ගිම්හානෙට පෙර යන්න ගියා මැකිලා ගායනය - විශාරද අමරසිරි පීරිස්
පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - එච්.එම්. ජයවර්ධන
මේ ප්‍රථම වසන්තයයි.
ගායනය - සනත් නන්දසිරි
පදරචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - රෝහණ වීරසිංහ
අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්.
අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳ පානේ... මඳ අඳුරේ...
ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පානේ මඳ අඳුරේ...
අත් පටලා යමු ආයේ...
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ...
හඳ පානේ... මඳ අඳුරේ...
අත් පටලා යමු ආයේ...
ගායනය - වික්ටර් රත්නායක
සංගීතය - වික්ටර් රත්නායක
අන්දර යායේ වැව්තාවුල්ලේ.
අන්දර යායේ වැව්තාවුල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී...//
වළාකුලේ දා බිදු තවරා
මහපොළවට මහ වැසි ගෙනෙනා...//
දිවි ගමනේ ඉම කදුමුදුනේ හිද
පිතු සෙනෙහේ කඳුලැලි සලනා..
අන්දර යායේ...
තුරු හිස මුදුනේ මල් ඵලදා
කැකුළු මුවට ඵල වැල නෙලුවා...//
ඒ දඬු මං බැද සත්කුළු පව් බිද
සිදාදියට යන මං තැනුවා...
අන්දර යායේ...
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : කුමාර ලියනගේ
සංගීතය : රෝහණ ධර්මකීර්ති
වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්.
වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක් දෙවොලක් වගේ දුක් ඇහු කෙනෙක් කුඹුරක් වගේ බත් දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මේ... සයුරක් වගේ කිරි දුන් කෙනෙක් වෙරළක් වගේ පණ දුන් කෙනෙක් ඔරුවක් වගේ අත දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මේ... කඳුළක් වෙලා දුක් වූ කෙනෙක් පියුමක් වෙලා තුටු වූ කෙනෙක් ගඟුලක් වෙලා පැන් දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මේ... ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය - ගුණදාස කපුගේ
මේවා ඉතින් මේ බ්ලොග් එක වේලෙනවට යාන්තන් ශේප් වෙන්න දාන එවා නොවැ. මොකද වෙන්නේ මේ සින්දු වලට කැමති වෙන්න හේතුවත් එක්ක ... එහෙම නැත්තන් ගීතයේ අරුතට ගොතපු පොඩි සටහනක් එක්ක දැම්මනම් ... කම්මැලිකම වෙන මොකක්ද ඉතින්...
ReplyDeleteකොහොම උනත් මේ සින්දු සේරම මමත් කැමතිම එව්වා
ඇත්තටම ඔව් ...
Deleteහරියටම හරි ඔයා ....
ආසා කරන ගීත කීපයක්ම මෙතන තියෙනවා. ස්තූතියි.
ReplyDeleteජයවේවා!!!ආසා කරන ගීත කීපයක්ම මෙතන තියෙනවා. ස්තූතියි.
ජයවේවා!!!
ස්තූතියි Duminda!
Deleteජයවේවා! :D
පටිසෝතගාමීව කී වසරක් කියුව? මට පේන්නේ තාම අනුසෝතගාමී වගේ.. හැක්.. හැක්.. එකාතකින් සිංදුවක් රස විඳින්න මොන බණ ද නේ බං.. :))
ReplyDeleteඔව් ඔව් ..... :)
Deleteස්තූතියි කල්‍යාණ මිත්‍ර
කතාවක් ලියපං කලන. කම්මැලිකමට මෙහෙම ඒව දානවට වඩා මොනහාරි පොඩ්ඩක් ලිව්වත් ඇති.
ReplyDeleteහේ හේ හේ ... ඒකතමයි හැලපේ අය්යේ .
Deleteලියන්නම් ආගිය කතාවක් ඉක්මනටම :D
මිත්‍රයා ඔබ මෙි සිනි බෝල දමමින් උත්සහ කරන්නේ පාඨකයන් මුලා කිරිමට ද ?........
ReplyDeleteඇයි එහෙම කියන්නේ ?
Deleteමොනව හරි ලියන blog මෙි විකාර දැක්කා ම ඉතින්......
Deleteලියන්නම්.. :-)
Deleteමොනවා හරි දෙයක් ලිව්වා නම් වැඩිය හොඳයි..
ReplyDeleteමේ සින්දු සේරටම මමත් කැමතියි🙂
තුති වේවා ඔබට ,
Deleteඔව් ඒක හැබෑව . එදායින් පස්සේ නැවත මේ වගේ අසාර්තක උත්සාහ වලට ආටියා ගියේ නැහැ . :D