Thursday, May 7, 2020

මාකෙළි ඇල්ල සොයා පාලින්ද නුවරට .



කිහිපදෙනෙක් දන්න, ගොඩක් දෙනෙක් නොදන්න අපේ රටේ තියන තවත් සුන්දර දිය ඇල්ලක් තමයි මාකෙළි ඇල්ල.

අද අපේ ගමනාන්තය වන්නේ සුන්දර මාකෙලී ඇල්ලයි. අගලවත්ත අඩවියේ හෙක්ටයාර් 1350 කින් පමන සමන්විත නෙලුකැටිය රක්ෂිතය හරහා ගලා බසින මාකෙළි දොල මෙම ස්ථානයේදී සුන්දර මාකෙළි ඇල්ල බවට පත්වෙනවා. උසින් මීටර් 21 පමණ උස මේ මාකෙළි කොමලිය ‍‍ෛඑතිහාසික පාලින්ද නුවරට පමනක් නොව මුලු ලක් මෑනියන්ටම ආභරනයකි.ප්‍රකට කුකුලේ ගඟ ජල විදුලි බලාගාරය මේ ආසන්නයේ පිහිටා ඇත්තේද ඇල්ල අසලමයි.


කුකුලේ ගඟ ජල විදුලි බලාගාරය


කලුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි මේ සුන්දර ඇල්ල වෙත මතුගම - රත්නපුර ප්‍රධාන මාර්ගයේ පැමින ලත්පඳුර හංදියෙන් හැරී කිලෝ මීටර් 20 පමන කෙලින් කන්ද මාර්ගයේ පැමිනීමෙන් ලඟා විය හැකිය. හොරණ බුලත්සිංහල හරහා මෝල්කාවට පැමින එතැනින් ‍ කෙලින් කන්ද මාර්ගයේ පැමිනීමෙන් ලඟා විය හැකිය. බස් රථයකින් ගමන් කරන්නේ නම් මතුගමට පැමින මාර්ග අංක 437 කෙලින්කන්ද - මතුගම බස්රථයක පැමිනිය යුතුය. 

නිරිත දිග මෝසමෙන් මෙම ප්‍රදේශයට තද වැසි ලැබෙන අතර වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 400 පමන වේ.ජනවාරි - මාර්තු අතර කාල වලදී ඇල්ලේ ජල ධාරිතාව මදක් අඩුවන නමුදු වසරේ අනෙක් කාල වලදී අධික ජල ධාරිතාවක් සහිත අලංකාර දිය ඇල්ලක් නැරඹිය හැකිය.

දිය ඇල්ලේ කෙටි වීඩියෝවක් 

මාකෙලි ඇල්ලට නම වැටුන විදිහ ගැනත් අපූරු ඉතිහාස කතාවක් අහන්න ලැබෙනවා. ඒ තමයි පස්දුන් කෝරළයේ පැරණි අගනුවර වෙන්නේ පාලින්ද නුවර. මේ ප්‍රදේශයේ තියෙන කඳු ගිරිදුර්ග නිසාවෙන් මේ ප්‍රදේශයට ස්වභාවික ආරක්‍ෂාවක් ලැබීම ඒකට හේතු වෙලා තියෙනවා. ඒ නිසාම මේ ප්‍රදේශය වීදියබණ්ඩාර කුමාරයා සැඟවිලා ඉන්න භාවිතා කරල තියෙනවා. මේ කාලයේ කුමාරයා දිය ක්‍රීඩා කරන්න දිය ඇල්ලට ඇවිත් තියෙනවා. පසු කලෙක ඔහු මේක අගනුවර කරගෙන ඔහු දිය ක්‍රීඩා කල ස්ථානය "මා කෙළි ස්ථානය" යැයි හඳුන්වා දී තිබෙනවා. පසුව එම දිය ඇල්ල, මාකෙළි ඇල්ල ලෙස ව්‍යවහාරයට එකතු වුනා කියල තමයි ඉතිහාස කතාවල කියවෙන්නේ.


වීදියබණ්ඩාර කුමාරයා 

කෝහොම නමුත් මාකෙලි ඇල්ල දියනෑමට නම් එතරම් සුදුසු තැනක් නෙවෙයි. මේ වනවිටත් මේ ඇල්ල මිනිස් ජීවිත් 38ක් පමන බිලි අරගෙන තියෙනවා කියලයි අපිට අසන්න ලැබුනේ. ඒ නිසා මෙම ඇල්ල අසල දියනෑම විතරක් නෙවෙයි දිය ඇල්ල මුදුනට ගිහින් සෙල්ෆි ගහන එකත් ජීවන ගමනට තිත තියෙන එකක් වෙන්න පුළුවනි. එමනිසා මාකෙලි ඇල්ල බලන්න යනවනම් ඉතාමත් අවධානයෙන් පරිස්සමින් කියලයි කියන්න තියෙන්නේ.




යන අතරමග 

කලකට ඉහත මහා ගං වතුරකින් ඔය කන්ද නාය ගොස් ගමක් පිටින් වැලලුනා කීයලා දැනගන්න ලැබුනා.

ඈතින් ලස්සණ පාලමක් , ගම් දෙකක් යාකරන

ලගට ගියාම තමයි දැක්කේ අවදානම . දේශපාළුවන් ට ලෑලි ටිකක් වත් දාල දෙන්න බැරිද මේ අහිංසකයන්ට 

ඔන්න අපි ආවා දිය ඇල්ල ළගට 

වාහනය නවත්වන්න පහසුකම් එහෙම සලසලා දීල තියෙනවා 

දියඇල්ල බලන්න ප්‍රධාන ස්ටේජ් එකක් එහෙම හදලා තියෙනවා . අත්වැල් තියෙන පඩි පෙළක් තියෙනවා පහලට බහින්න 

සුන්දර මාකෙළි ඇල්ල


ඔන්න එහෙනං ආටියාගේ තවත් සංචාරයක් මේ විදියට ඉවර වෙනවා. මේ සටහන කියෙව්ව ඔයගොල්ලෝ හැමදෙනාටම බොහොම ස්තුතී.
තවත් සංචරක සටහනකින් නැවත හමුවන තුරු ඔබට සුභ දවසක්!

ඔබ සියලු දෙනා හට මේ කෙටි පණිවිඩය මේ සමගම දන්වනු කැමැත්තමි. 

මාකෙළි ඇල්ල හා අවට පරිසරය තවමත් නොකිලිටි පරිසරයක් වශයෙන් තිබෙනා බැවින් එය මතුපරපුරටත් ඉතිරි කරදීම ඔබගේ යුතුකක් නොව අනිවාර්ය වගකීමකි. ඔබ එය ඉටුකර යුතු ය. විශේෂයෙන් පොලිතින් ප්ලාස්ටික් වැනි දේ නැවත ඔබගේ ගමන් මල්ලේ ම දමා ඒමට ඔබ කාරුණික වියයුතු ය.

* ආටියාගේ සංචාරේ 





ආදරණීය ධනූ , සුදු ඇදගෙන කළු ඇවිදින් හී පුදුම ගං කාරයෝ හොයා ගෙන බකමුණ සහ ඇළහැරටත් නාඋල මාතලේ හරහා නුවරටත් , කිසිදා නොදුටු තනුර මල්ලී සොයා දිගන , හුන්නස්ගිරිය , හසලක හරහා මහියංගනයට පැමිණ එතනින් ගිරාදුරුකෝට්ටේ , දෙහිඅත්තකන්ඩිය, අරලගංවිලෙන් මාදුරු ඔය රක්ෂිතයට මැදින් මහඔයටත් එතනින් පදියතලාවටත් මහියංගනය හරහා නුවර ගිය පිස්සු ගමණ

කලකට පෙර ජාතික පුවත්පතකට ලියූ එහෙත් හේතුවක් මත පළනොවූ ලිපියක් 
නකල්ස් .

බුකියේ කවි පිළිතුර රකුසාගේ පඩිපෙළ දිගේ කොටගල සිට රෝසැල්ලට


24 comments:

  1. මේ කොරෝනා අස්සේ කවදා ගිය ගමන් සටහනක්ද මේ?
    ලස්සන ගමන් සටහනක්.
    පිංතූර ටිකත් වටිනවා.
    අර වීදිය බණ්ඩාර නම් අපේ ප්‍රසන්න මුදුන්කොටුව මල්ලි වගේමයි!
    ඇත්තටම මම රැවටුනා!

    ReplyDelete
    Replies
    1. අයියේ .... කොරෝනා එන්න ඉස්සර ගිය පුංචි ගමනක් .
      මේ යන ගමන් ෆාහියන්ගලත් ගියා . තව Kaluwarathenna Natural Pool එකටත් ගියා . ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ මුලින් කලුවරතැන්න ගැන . දිය ඇල්ල බලන්න ගිය වෙලේ එතන තිබුන බෙලිමල් කඩේ මාමා තමයි කිවේ . වෙලාවට බෙලිමල් බොන්න ගියේ .නැත්තම් ඔය තැන ගැන දැනගන්න ලැබෙන්නේ නෑ .

      බොහොම ස්තුතී මේ වචන වලට .

      Delete
    2. ටිකක් ලොකුවට ලියන්න පුළුවන් එකක් ලිව්වානං!

      Delete
    3. ඔව් අයියේ ඇත්තටම .

      Delete
  2. අම්මෝ ඒ දියඇල්ලේ ලස්සන....මේවා දැක්කම කවදා හරි යන්න හිතන තැන් ලිස්ටෙක ගොඩගැහෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ . හිතාගන්න බැරි තරම් ලස්සනයි . ලංකාවේ අපේ මිනිස්සු කොච්චර වාසනාවන්තද නේද . පැයක් දෙකක් ඇතුලත ලස්සන තැන් කොච්චරකට යන්න පුළුවන් ද .

      දවසක යන්න ලැබේවා ඔයාලටත් .

      සත්තලන් ට අප්ඩේට් එකක් දෙන්න .

      Delete
  3. හොද සටහනක්. ලංකාවට ආ වෙලාවක යන්න හිතෙනවා. තවත් ගමන් විස්තර ලියන්න. කියවන්න බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී මේ ඇගයුමට .

      සැත්තකින්ම ඔව් , මේ වගේ තැනකට යන්නම ඕනේ .

      පුළුවන් හැම වෙලාවේම ලියන්නම් .

      Delete
  4. මිස්ටර් ආටි ගවරඑළියට ගිහින් තියනවද?

    ReplyDelete
    Replies
    1. ගවරඑළිය ? ම් ...... නෑ ..ඔබතුමා කියනකම් ඔය නම අහලා නෑ . විහිළුවක් නෙවෙයි නම් ඔය නම කැමතී දැනගන්න විස්තර .

      Delete
    2. ගවරඑළියට මාත් ගිහින් නෑ.
      ශ්‍රී පාද අඩවියේ ( Peak wilderness) සිට නුවරඑලිය පැත්තට වෙන්න තියෙන්නෙ )
      ගවරවිල පැත්තෙ වෙන්න ඕන. https://www.youtube.com/watch?v=c3ln77YhNuw
      මං පොඩි වැඩකට ගවර නම තියන ගම් හා වාසගම් හොයනවා

      Delete
    3. ගවරපිටිය පිටිය කියෙනවා සිරි ඇල්ල ප්‍රාලේ කටේටාසයේ

      Delete
    4. බොහොම ස්තුතී Mr. Jay ඔබතුමන් ට . පුදුම ලස්සනක් නේ තියෙන්නේ ..... මස්කෙළිය පැත්තෙන් යන්න පුළුවන් නේද . මම හිතාගත්තා නොවරදවා ම යන්න .

      Delete
    5. To Udara - බොහොම ස්තුතී උදාර ඔයාටත් , වටිනා තොරතුරක් ඔබ පැවසුවේ .

      Delete
    6. @Pra Jay මාකෙළි ඇල්ලෙන් එහා පැත්තෙ ගවරගිරිය කියන ගම තියෙනවා...

      Delete
  5. යන අතරමග රබර් වතු නේද තියෙන්නෙ.

    ලස්සන පරිසරය

    ReplyDelete
    Replies
    1. අම්මෝ ...... ඇති යන්තම් සභාපති තුමා ආව මේ පැත්තට ආවට . දැන් බුකියේ ම නේ වැඩි හරියක් .

      ඔව් ප්‍රසන්න අයියේ .... දෙපැත්තේම රබර් යාය ... පුදුම ලස්සනක් තියෙන්නේ ... ආපහු යන්න හිතෙනවා .

      Delete
  6. පරක්කු උනත් අපිත් ආවෝ...

    ReplyDelete
    Replies
    1. මම බැලුවා තරිදු මල්ලි පරක්කු මොකද කියල '... සබාපති තුමත් ඇවිල්ලා තියෙන එකේ .... ලේකම් තුමා කොහෙද කියල ?

      මල්ලි මේදවස් වල ඔයා බිසී වගේ ?
      සනීපෙන් ඉන්නවා නේද

      Delete
    2. ලේකමිතුමා අනේ මන්ද ඉතින්..අවුලක් නැ අයියේ හොදින්..අපි මෙි දවස් වල ටිකක් බර දාලා වැඩ..රටකටම ඇල්කොහොල් හදන්න එපැයි...

      Delete
    3. හේ හේ හේ ... ඒක තමයි තරිදු මල්ලි .
      වෙනදා කලින්ම දුවගෙන එන තරිදු මල්ලී එකපාර සද්ද නැති උනාම කවුරු උනත් කලබල වෙනවානේ . එකයි හොයලා බැලුවේ .

      මහන්සි වෙලා වැඩ කරන්න මල්ලි පරිස්සමෙන් .

      ජයවේවා!
      -ආටියා-

      Delete
  7. Replies
    1. පසිදු ඔයා වාසනාවන්තයි . මෙච්චර ලස්සන පැත්තක ඉන්න .
      බොහොම ස්තුතී මේපැත්තට ආවට .

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...