Wednesday, March 14, 2018

පුංචි කාලේ රස කථා 3 . ගස් එක්ක කතාකරන ග්‍රේට් වෙස්ටන් වල රෝසීඅක්කා සමගින් මගේ ජිවිතයේ පළමු අමතක නොවනම මතකය .


පුංචි කාලේ රස කථා පැරණි පොස්ටුව කියවූ / නොකියවූ ඔබ සැමට මේ කියන්නට යන්නේ ද මගේ කුඩා එවන් සුන්දර තවත් කතාවකි . මෙහි කථා නායිකාව මට වඩා අවුරුදු පහක් පමණ වැඩිමල් රෝසි අක්කා ය . මේ එක් පාසල් නිවාඩුවක සුමිහිරි මතකය ය .


මල්ලී එන්නකෝ ........

දුව මල්ලී ට කරදර කරන්න එපා ...... පව් නේ ... එයාට මහන්සි ඇති ...

තව දවස් ගානක් මල්ලී ඉන්නවනේ මෙහෙ ...

අනික අද මීදුමත් හොදටම වැඩියී .

කමක් නෑ ආන්ටි ... මට මහන්සි නෑ

අහ ! පුතාගේ කැමැත්තක් එහෙනම් .....

දැන් රෝසී ඔයා කොහෙද මල්ලී ව එක්කං යන්නේ ?

අර ෆයිනස් යායට මමී .....

ඉක්මනට එන්න ඔනෙ හරිද ?  පාඩම් කරන්නත් තියෙනවා නේද ? තව ඔයාගේ විභාගෙට කී දවසද ?

හරි හරි මමී ... අපි එන්නම් කෝ ඉක්මනට ...

මට සෙල්වරාජ් එවන්න ලෑස්ති කරන්න එපා පරක්කු වෙනකම් හිටියොත් හරිද ?

හරි මමී හරි .....

ඔය අතර රිචඩ් අංකල් ෆෑක්ට්‍රි එකට යන්නට සුදානමෙන් සාලයේ අම්මගේ සහ දුවගේ කතාව මැදට පනිනවා ය .

රෝසී කොහෙද මේ යන්න හදන්නේ ...... ? පිස්සු හැදිලා ද මේ මීදුම වැඩි කියල පෙන්නේ නැද්ද ?

අනේ ඩෑඩී ... Please ???

ඔන්න ඔහේ ගිහිං එද්දාවී රිචඩ් .... උදේ වරුවම පාඩම් කරා මෙයා අද  .

හ්ම් .... ඉක්මනට එන්න ඕනේ හරි ද  ?

ෂුවර් ඩෑඩී  .... විල් බැක් සූන් .

රෝසි , මල්ලී ව බලාගන්න හරිද ? මල්ලිට මොනවහරි උනොත් ආටිගල අංකල් ට ඔයා ම උත්තර දෙන්න (සිනහා)

මටත් උවමණා වූයේ කොහේ හෝ ඇවිදින්න යන්නට ය . ඒ නිසා අක්කී ට සහයෝගයට මමද කථා කලෙමි .

මට මොනවත් වෙන්නේ නෑ රිචඩ් අංකල් . අක්කී ඉන්නවනේ  .....

රෝසී , මෙන්න කෑම . තැන්ක්ස් මමී . ලව් යු ලොට් ... ම්ම්ම්හා .

පරිස්සමෙන් හරි ද ? ඕකේ මමී .

යං මල්ලී ....

අපි දෙදෙනා වත්තේ බංගලාවෙන් එලියට බැස්සේ මිටින් හල කුරුල්ලන් මෙන් ය . රිචඩ් අංකල් සහ ආන්ටි කිව්වක් මෙන් අවට දැඩි මීදුම්මක් මෙන්ම දැඩි සීතලක් ද තිබුණි .

අක්කී අපි ඇත්තටම කොහෙටද යන්නේ  ?

අර පේනවා නේද  ෆයිනස් කැලෑවක් , එහාට .

අම්මෝ බයයි නේ ..

මොකටද බය වෙන්නේ මම ඉන්නවා නේ ..

ඉන්න මම මගේ යාලුවවත් අරං එන්නම් ....

ඒ කවුද ?

ඉන්නකෝ .... ඔතන .

මේ ඉන්නේ මගේ හොදම යාළුවා . ලීසා  .



අම්මෝ , මම බයයි මේගොල්ලන්ට .

නෑ අනේ ... මෙයා ෂෝයි .

ෂෝයි තමයි කෑවොත් , කකුල් දෙකෙන් හිටගත්තොත් මගේ ෂෝල්ඩර් එකට අත් දෙක තියන්න පුළුවන් තරම් ලොකුයි මෙයා ...

නෑ ... මෙයා දන්නවා ඔයා මගේ යාළුවා කියල . මෙයා ඕකේ අනේ ....

හා එහෙනම් .

ලීසා අපගේ මාර්ගඋපදේශකයා මෙන් ඉදිරි මාර්ගය පරික්ෂා කරමින් ඉදිරියට දුවනවා ය . ඌ ටිකදුරක් ඉදිරියට දුව ගොස් වටේ විපරම් කර නැවත අක්කා ලගට පැමිණ ඒක වරක් ඇය දෙස බලා බුරනවා ය . රෝසි අක්කා ට අනුව ලීසා ඒ බුරා කියන්නේ ඉදිරිය පැහැදිලී කියා ය .

ලීසා යන වේගෙන් අපිට යන්න බෑ නේ .

යමු යමු ඉක්මනට මල්ලී ..

අපි දෙදෙනා කතාවෙන් ,කතාවෙන් තේ යායේ අවසානයට පැමිණ ඇත . මෙතන සිට කුඩා තැනිතලාවක් මැදින් කුඩා ආඩි පාරක් ඉදිරියට පෙන්නන්ට තිබෙනවාය . සුළග අපිව ගහගෙන යන්නට තරම් ප්‍රබල වූ අතර සුළගත් සමග දැනෙන සීතල මට එදා ඉවසන්නට බැරි තරම් විය . අක්කාට නම් ඒ වගේ වගක් නැතිය . ලීස සුපුරුදු පරිදි තම මාර්ග පරික්ෂා රාජකාරියේ නිරත වන්නේ පුහුණු කරන ලද ආරක්ෂක අංශ වල බල්ලෙක් විලසින් ය .

ඉතිං කියනකො ඔයාගේ විස්තර . ස්පෝර්ට්ස් කරනවා නේද තාම ..

හ්ම්ම් බාස්කට් බෝල් ..

අක්කී ?

කරන්නේ නෑ ස්පෝර්ට්ස් .

බැලේ නම් කරනවා තාම . හෝස්ටල් නේ ඉන්නේ එක නිසා මමී කැමති නැහැ තුවාල කරගැනී කියල .

මම කථාව වෙන් අතකට ගන්නට මෙන් අක්කගේ උසස් පෙළ ගැන විමසුවෙමි .

අක්කි ඒ ලෙවල් අමාරු ද ?

හ්ම්ම් ටිකක් විතර  ? ඔන්ට්යිම් වර්ක් තමයි ටනින් පොයින්ට් එක ...

ඔයා දැන් මොන ක්ලාස් එකේ ද ? ග්‍රේඩ් ටෙන්  ?

නෑ තාම ග්‍රේඩ් නයින්  ?

අහ .. ඔයාට ඕලෙවල් වලට තව කල් තියෙනවා නේ ....

ඇයි  ලෙවල් අමාරු ද කියල ඇහුවේ ?

නෑ .... හැමෝම කියනවනේ අක්කි ... එකයි .

මේ වන විට අර කියූ තැනිතලාව පසු කරමින් අප දෙදෙනා මහාකන්ද දෙසට ඇවිද යන්නට විය . අවට පරිසරය අතිශය සුන්දර සිතුවමක් මෙන් වූ අතර පාළුව අප සමගම විය . ඒත් රෝසි අක්කාගේ නොනවත්වා වූ කථාව පාළුව මකන්නට කදිම ඔසුවක් විය .

මේ පැත්ත සීතලයි නේද අක්කී ...

හ්ම්ම් අපි දැන් කන්දක් නගිනවා ...

අර ඈත පෙන්නේ අපි ආපු පාර . ...

අර අර පේනවද අපේ බන්ග්ලොව් එක ...

හ්ම්ම් . එක ලස්සණ ට පේනවා මෙතනට අක්කී .

අදිකාරී බංගලාව මෙතනට ඉතාදැකුම්කළුව පෙනෙන්නට විය . බංගලාවේ චිමිනියෙන් පිටවන දුම අපිට හොදින් පෙනෙනවා යනු පහල මීදුම අඩු බව අක්කා පැහැදිලි කලාය . ඇතින් බැස යන හිරුකිරණ කදම්ඹ සුළුවෙන් ගස් වල වූ පිණි වලට වැටී පිණි මුතු මෙන් ඇස ඉවතට ගන්නට අපහසු කරවන තරමේ දර්ශනයක් අප ඉදිරියේ මවන්නේ විශිෂ්ට සිත්තරෙකුගේ කළා නිමවුමක් ලෙසින් ය . 

ලීසා ..... වෙයිට් ප්ලීස්  ....

ම්ම්ම්,.... එයා අක්කි කියන දේ අහනවා නේ .. එයට තේරෙනවා ද අපි කතාකරන දේවල් ?

ඔව් එයාලත් අපි වගේ තමයි .

මෙච්චර දුරක් වෙනකම් රෝසි අක්කී මගේ ඇත අතහරින්නේ නැතුවම අල්ලාගෙන ආවේ මගේ ආරක්ෂාවට වඩා ඇයගේ වගකීමට බව මම දන්නවා ය . එත් හිරකරගෙන සුන්න්දරත්වය විදින්න භාදාවක් බව මට වැටහුණු නිසා මම මිදෙන්නට මෙන් ඇගෙන් ආයාචනයක් කලෙමි .

මගේ අත අතඅරින්නකෝ ... රිදෙනවා අල්ලගෙනම ඇවිල්ල ....

මේ ... ඔයාට තුවාල උනොත් වැටිලා ආටිගල අංකල් මට බනී .

සිනමා පටයක දර්ශන එකිනෙක පමින්න්නාක් මෙන් අප ඉදිරියෙන් දිස්වුයේ මනරම් දොළ පාරකී . හෝගා මින් කාර්යබහුලව කළු ගල් අතරින් පහලට බසිනා මේ දියපාර දුටු විටම මට හැගුනේ එදා පැන හොදහැටි නාගන්නට ය .

මේ මල්ලි ,  අපි මෙතන ඉදල යමු ටිකක් ?

මේ වතුර පාර ෂෝක් .

නාමූ ද අක්කි ?

පිස්සු හැදීගෙන එනවද ? කකුල දාල බලන්න කොච්චර සීතලද කියල . නෑවොත් සීතලට ඔයා මැරෙයි ...

අමෝ .... මාර සීතලයි නේ ... උඩින් ද එන්නේ ?

ඔව් කන්ද මුදුනේ ඉදන් .

අවට පරිසරයේ සීතල තවතවත් වැඩි වන්නට විය . නොනවත්වා වැටෙන පිණි ඊටත් වඩා සීතල දෙගුණ කරවන්නට තරම් විය .

සීතලයි නේද අක්කී මේහරිය  .

මටනම් පුරුදුයි . ඔයා ට පුරුදු නැති නිසා වෙන්න ඇති .

ඔය අතර අක්කී ඈතට අත දිගු කර අපගේ ගමන්නාන්තය පෙන්න්නට විය .

අර තියෙන්නේ මම කැමතිම තැන .

කෝ ....

අර ෆයිනස් යාය .

සත්‍යවශයෙන් ම අවසානයක් නැති මහා ෆයිනස් යායකි . සුන්දර සිතුවම තවත් සුන්දර කරන්නට මේ දර්ශනය අපට තවත් උදව් දෙන්නට විය . මීදුම් සේලය ෆයිනස් ගස් මුදුන් වසා සිටින්නේ මේ ගස් මුදුන් දෙව්ලොවට පාර පෙන්නන්නට වගේ ය .

අපි දුවමු ද ?

හා ....... ඔන්න එහෙනම් ..

මල්ලි ඉන්න අනේ .... මට ඔච්චර හයියෙන් දුවන්න බෑ ..

මමත් ලීසාත් එකිනෙකට පරයමින් දුවන්නට වූ අතර අක්කා හති වැටෙමින් දුවවිත් මා නවතන්නට විය.ටිකවෙලාවක් මගේ අතේ එල්ලී ගිය ඇය ,

මම ආසයි අර මූවි වල වගේ මෙහෙම යන්න .

අපි දෙන්නා ගර්ල්ෆ්‍රෙන්ඩ් බෝයිෆ්‍රෙන්ඩ් වෙමු ද ?

බෑ ... ඔයා මගේ අක්කී නේ .....

මොට්ටයෝ , ඇත්තට නෙවෙයි .

හිතන්න ඩ්‍රාම එකක් කියල ..

මට බෑ අනේ ඕවා.

හරි හරි .. ඔන්න මම කියල දෙන්නම් කෝ  එහෙනම් .

මේ , මේ ... එක නෙවෙයි ඔයාට ඇත්තටම ගර්ල්ෆ්‍රෙන්ඩ් එකනෙක් නැද්ද ?

නෑ අක්කී .

අක්කීට ?

නෑ අනේ . කොන්වන්ට් වල ඉගෙන ගන්න අපිට මොන බෝයිලද .

එකයි මම නිවාඩු දුන්න ගමන් මෙහෙ ගෙදර එන්නේ . මෙහෙ ෂෝයි .  ලීසත් ඉන්නවා නේ .

හරි ,එහෙනම්  අපි දෙන්නා ගර්ල්ෆ්‍රෙන්ඩ් බෝයිෆ්‍රෙන්ඩ් වෙමු ද ?

හා ..

ඇයි අපි එහෙම වෙන්නේ අක්කී .

දන්නේ නෑ අනේ ... මම අසයි ඒ ෆීලින්ග් එකට .

මම එහෙම ෆීලින්ග් එකක් ගැන දන්නේ නෑ නේ .

මෙහෙමයි ., ඔන්න අපි දෙන්න ඇවිදිනවා , මම මගේ අත මෙහෙම ඔයාගේ වටේට දාගෙන ඔයාගේ ෂෝල්ඩර් එකට හේතු වෙලා ....

මෙහෙම ඇස් පියාගෙන මම එන්ජෝය් කරනවා ...

ඔයා මට තව ක්ලෝස් වෙන්න , එහාකොට ඒක ඔයා ට තේරෙයි .

ඇය මට තවතවත් තුරුළු වී ඇවිද යන්නට විය . එය මට එදා සුන්දර මතකයක් විය . ඒ සමීප වීම මට දැනුනු ඒ  උහුලා ගන්නට බැරි තරම් වූ සීතල මොහොතකට අඩු කරන්නට සමත් විය .

හ්ම්ම් ...

මෙහෙම යද්දී එදා මට දැනුනු අමුතුම ලැජ්ජා සහගත හැගීම නිසා ඇය ව අගේ සිහින විමානෙන් බිමට තබන්නට මෙන මම මෙසේ කීවෙමි .

අක්කී අපි ආව , ෆයිනස් ලෑන්ඩ් එකට ...

මම දන්නවා හලෝ ....

ඇයි ඔයා ඇස් පියා ගෙන නේ හිටියේ . එකයි මම කිව්වේ .

යමු ... උඩට ...

ඇය මගේ අතින් ඇදගෙන ෆයිනස් යාය මැදින් දුවන්නට විය .



අපි ගස් එක්ක කතා කරමු .

"ගස් එක්ක කතාකරන්න" පිස්සු හැදීගෙන එනවද ?

නෑ ... මෝඩයෝ

ඉන්න මම කියල දෙන්නම් ?

මේ ඉන්නේ ....  මෙයා තමයි මගේ හොදම යාලුවා .

කොහොමද ඔයා ට මගේ පැටියෝ .... ?

දැන් මෙහෙම කණ තියෙනවා ගහට ..

මට ඇහෙනවා "මම හොදින් කියනවා"

කෝ , මල්ලි ඔයත් කරන්න ?

අනේ මට බෑ .... පිස්සු ද , හැටිද ?

නෑ , මම කියනවට කරන්නකෝ ....

අහන්න මම ඇහුවා වගේ මෙයා ගෙන් .

අහ! ඇහෙනවා නේද ඔයා ට ...

නෑ මොනවත් ඇහෙන්නේ නෑ නේ මට ..

ඔයාගේ හිත කලබල වෙලා නිසා ඒ ..

මම මේ වගේ ගොඩක් වෙලා මේ ගහ බදාගෙන ඉන්නවා ...

මම ආසයි ඒකට .



ඔයා මේක මම වගේ කරන්න පුරුදු වෙන්නකෝ .. එක නියමයි .

මේ ගස් වලට ආදරේ කරද්දී ඒ වගේ තියෙන එනජි එක අපිට දෙනවා .

ඒක අපේ හෙල්ත් එකට බ්‍රේන් එකට හොදයි .

අක්කි කොහොමද මෙච්චර දන්නේ ?

මම කියවනවා නේ .. එකයි .

පොතක තිබ්බ මේ දේ .

අපි යමු නේද අක්කී ?

කළුවර වෙනවා වගේ ...

බය වෙන්න එපා අනේ ... ලීස ඉන්නවනේ ..

මම කැමති ඔයා වගේ මල්ලියෙක් ට ...

අනේ ඔයා මගේ මල්ලි වෙන්නකෝ ..

ඔයා ෂෝයි අනේ ... මට ඔයා ගේ කොන්ඩේ අවුල් කරන්න හිතෙනවා ..

තව තව ?

මට ඔයා ව හපන්න හිතෙනවා .

වෙන වෙන ...

එච්චරයි ...

මම ඔයාව හප්පන්නම් ද ?

එපා .... නෑ එක්කෝ හා....

අම්මෝ ,,, රිදෙනවා ..

ඔව් රිදෙන්න තමයි හපන්නේ ...

ඔයා ට මොනවද මම ගැන හිතෙන්නේ කියන්නකෝ ?

ඔයාට ටිකක් පිස්සු වගේ කියල හිතෙනවා . ?

අනේ ,  ඔයා හරි නරකයි මල්ලී ... මම පව් හරි ද .

මම අර ෆයිනස් ගස් මැදින් දිව්වා හැටි ඔයාව ඇදගෙන , අර වතුර පාරට ඔයාත් එක්ක කකුල් දා ගෙන හිටපු විදිය,  ඔයාට තුරුළු වෙලා ඇස්‌ පියන් ඇවිදන් ගිය විදිය ඔයා මෙහෙන් ගියාම , මම කොන්වන්ට් ගියාම මට ඒ මතක එක්ක ඉන්න පුළුවන් වෙයි මල්ලී .

මම ඔයාට පිස්සු කියල කිව්ව එකට සොරි අක්කී .

ඔයා තාම පොඩිනේ අනේ .... එකයි ඔයා දන්නේ නැත්තේ මම කියන්නේ මොකක්ද කියල .

                                                                         ....

මේ ඔහෙලා කියවූ කථාව අදින් වසර බොහෝ ගණනකට පෙර එනම් මම නමය පංතියේ දී තාත්තගේ මිතුරෙකු වූ ග්‍රේට් වෙස්ටන් හි රිචඩ් අංකල් ගේ ආදරණිය එකම දරුවා වූ  රෝසී (අක්කා) සමග වූ මේ මතකය මගේ ජිවිතයේ පළමු සහ අමතක නොවනම මිහිරි මතකයන් ගෙන් ඒකක් ලෙස මගේ මතක ගබඩාවේ උඩින් ම තිබෙනවා ය .

මෙව්වා මෙසේ ලියන්නේ මෙවන් සුන්දර මතකයක් මට එදා තිබුණ හෙයින් ය .



   
                                                                    ***



32 comments:

  1. හම්මට.......... පපු කිනිත්ත කී0 ගානව..........

    ReplyDelete
    Replies
    1. හප්පේ..... මොනවැයි හිතුනේ ?

      Delete
  2. Replies
    1. he he he තුති වේවා! ඉයන්

      Delete
  3. මදැ කලාත්මක වැලකතාවක් කියවන්ඩ හරිබරි ගැහුනා

    ReplyDelete
    Replies
    1. මල කෙලියයි විදානේ අය්යේ ..... ha ha ha ha

      ඔය හෙඩිමෙන් වත් තේරුනේ නැතෙයි ?

      Delete
    2. ඒකෙන් තමයි මංමුලා වැල් පෑගුනේ ..... මේකත් අක්කපාලයෙක්ද කොහෙද කියලා

      Delete
    3. හේ හේ හේ ... :D

      එක තමයි .

      Delete
  4. Hope you'll right the rest of those great memories... Cheers mate

    ReplyDelete
    Replies
    1. Thanks a lot my friend !

      Yes . Still love this b'full memories . Actually some memory's never die . Some tear drops never dry .

      Delete
  5. Replies
    1. ඉවරයි අය්යේ ... හේ හේ හේ :)

      Delete
  6. apuuru mathakayak rahata liyalaa.

    jayaweawaa!!!

    ReplyDelete
    Replies
    1. තුති වේවා දුමී මේ ඇගයුමට

      Delete
  7. මිහිරි මතක හද රැඳේ සදා .... දැන් කෝ ඒ රෝසි අක්කි...

    ReplyDelete
    Replies
    1. එක හැබැව සොඳුරු සඳවතී . මිහිරි මතක හැමදාම හදවතේ තියෙනවා .

      දැන් එයා ස්වීඩන් වල ඉන්නේ ... :) :)

      Delete
  8. කේව .. කේව ... උපියල් පා කේව ...

    ReplyDelete
  9. මටත් ලියන්න බැරිව තියෙන මතක ලැයිස්තුවක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. පුළුවන් වෙලාවක ලියන්න මල්ලී .... මම ආසයි ඔයාගේ කථා කියවන්න .
      :)

      Delete
  10. මදෑ අති බිහිසුනු සටන් ජවනිකා ටික මගෑරිලනෙ.

    ReplyDelete
    Replies
    1. හප්පේ...... එකනේ ප්‍රසන්න අය්යේ .... හැක් හැක් හැක්

      Delete
  11. ඔන්න බලහන් අයියේ කවුරැ මොනවා කිවිවෙත් අක්කලා කැමති මල්ලීලාටලු...

    ReplyDelete
    Replies
    1. එකනේ මල්ලියේ .... වැඩේ .... කොච්චරවත් එහෙම්මමයි නේ , හේ හේ හේ

      Delete
  12. මේ අර මාතලන් කියන රෝසි අක්ක වෙන්න බැහැ . දැන් එයා කොහෙද දන්නේ නැහැ නේද? එහමත් අක්ක කෙනෙක් නම් හිටිය හේ හේ
    ලස්සන කතාව/අත්දැකීම ලස්සනට ලියල

    ReplyDelete
    Replies
    1. දැන් එයා ස්වීඩන් වල ඉන්නේ. රෝසි අක්කා මට වඩා අවුරුදු පහකින් පමණ වැඩිමල් . මගේ තාත්තා ගේ මිතුරෙකු ගේ දුවක් තමයි ඇය . ඇ

      පරණ මතකයන් පුළු පුළුවන් විදියට ලියන්න තමයි මගේ කල්පනාව .

      තුති වේවා අජිත් මහත්මා ඔබට මේ ඇගයුමට . හේ හේ හේ

      Delete
  13. සැහ්... බලාපොරොත්තු සුන් වුනා නෙව... හැක්

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ ,,,, එක නේන්නම්

      Delete
  14. යකඩෝ මෙහෙම පටන් ගත්ත බාල අපරාධය ලොකු උනහම තමයි සම්පුර්ණ කරල තියෙන්නෙ :)

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ,,,,, ඒක නේ ......... ඇය විසින් කාලයක් පුරා බාලාඉදින්නට ඇති දෙයක් ද එහෙමත් නැත්තම් එදා වූ දෙය "අහම්බකාරකයක්" ද යන්න ආටියා තවම සොයන්නට වන්නේ ය .

      Delete

ධම්මික පෙරේරා ගේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන්

අද ගොඩක් දෙනෙක් ගේ මාතෘකාව ලෙස ධම්මික පෙරේරා පත්ව සිටී. ඒ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහ ඉදිරි ආර්තික දැක්ම නමැති මාතෘකාව නිසා ය.  ධම්මික පෙරේ...