Monday, March 12, 2018

අපි ලංකාවට සේවා සැපයීමෙන් තාවකාලිකව ඉවත් වී ඇත




මේ සතියේ අග  බොහෝ දුරට ආණ්ඩුව වෙනුවෙන් මලපෙරෙතයන්ට දානයක් දීමට මම සිතා සිටිමි. ඒ වරණය අහවරවූ සැනින්මලපෙරේත දානය සුදානම් කර දෙන්නට ය .

මේ ආණ්ඩුව මට ඒ තරම් අප්පිරියාසහගතය .

 මේ දේසපාලන කතාවක් නොවන බැවින් දේශපාලනය අප්පිරිය නෝනා මහත්වරුන් සුපුරුදු පරිදි කොමෙන්කිරීමෙන් වලකී නොසිටී යැයි ආටියා ට හිතෙනවාය .

ඉන්ස්ටග්‍රෑම් පවා බ්ලොක් කරේ මොන හත්තිල්ලවටද උඩ ඉන්න දෙවියෝ පවා දන්නේ නැතිය .


දෙයියන් ගෙන් රටේ තත්වයට පිහිටක් වන්නට පුළුවන් ද ඇසු විට උන් දෙන්නේ පට්ට උත්තරයක් ය .

 ඒ "අපි ලංකාවට සේවා සැපයීමෙන් තාවකාලිකව ඉවත් වී ඇත " කියා ය .  දෙයියන්ගේ රටෙන් දෙයියන් නොකියාම යන්නට ගොස් ඇත .

22 comments:

  1. ඉන්ස්ටග්‍රෑම් වල සර්ච් වලට ගිහින් බලන්න එකේ තියෙන්නෙම ෆේස්බුක් පේජ් වල හදපු පොටෝ

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් දිනුක මේ පැත්තට ආවට .

      ආ .... ඒකතමයි ඉන්ස්ටග්‍රෑම් බ්ලොක් කරන්න ඇත්තේ .

      Delete
  2. හා...හා...අනන් මනන් කියනව නෙවෙි.ඔය කන්න බොන්න මොනව හරි අරගෙන ඒ පාරෙන් අපි ගල් යුගයට යමු මා පුති....

    අතිසාරයට අමුඩ ගැසිම කලාවක් නමි මෙි අණ්ඩුව එහි පිකාසෝලාය...

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ . ඔය තියෙන්නේ ....

      මරු කතාව ඒක තරිදු මල්ලි .

      Delete
  3. දෙයියන්ටත් නෝන්ඩි ඇති මේ කරන විකාර වලට.

    ReplyDelete
    Replies
    1. ඔව් .. ප්‍රසන්න අය්යේ .

      නෝන්ඩියටම තමයි යන්න ඇත්තේ මෙහෙන් . මේ මල විකාර බලන් ඉන්න බැරුව . අපේ උන් අරගෙන අවොත් අරගෙන එන්නේ මොකක් හරි කරදරයක් නේ ඒඋදවිය ඉස්සරහට .



      හේ හේ හේ

      Delete
  4. අපිට දෙයියො මතක් වෙන්නෙත් ප්‍රශ්නයක් කරදරයක් ආවම විතරනේ ඉතින් දෙයියො උදව් කරයිද අපිලට නෑනේ...

    ReplyDelete
    Replies
    1. අම්මප .... සහතික ඇත්ත සඳ .

      වාසි බලා ගෙන , කපුවෝ පෝසත් කරගෙන වදින අපිලා ට හොද වැඩේ ...

      හැක් හැක් හැක්

      Delete
    2. මොකෝ ඉතිං අපි දෙන පඩුරු කපුවෝ දෙයියන්ගේ එකවුන්ට් එකට ඩිපොසිට් කරනවා කියලැයි ..

      Delete
  5. ඔබ ඇමතූ දෙයියා තාවකාලිකව සේව සැපයීමෙන් ඉවත් වී ඇත කරුනාකර පසුව අමතන්න

    ReplyDelete
    Replies
    1. එක පට්ට .

      දෙයියන් ට කෝල් කරාම මෙහෙම කියනවා . හේ හේ හේ හේ :D

      Delete
  6. මචෝ මම ෆේස් බුක් එක වහල දැන් අවුරුදු 4ක් විතර. හේතුව මේ ආගම් ජාති වාදය. මගේ යාළුවන් ගොඩක් ඉන්නෙ යුරෝපේ ඇමෙරිකා නිව්සීලන්ඩ් ඔසී. උං බුකියට ඇවිල්ල හැසිරෙන්නෙත් හරියට ඊයෙ රහත් වෙලා වගේ. ඉතිං බං වෙන උං ගැන මක්ක කතා කරන්නද? ෆේස් බුක් කියන්නෙ මේ රටවල් හරිම පිළිවෙලකට පාවිච්චි කරන දෙයක්. මගේ ෆේස් බුක් එකේ හිටියෙ සුද්දො සුද්දියො උනත් බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කල අය. උං සමහරක් වෙලාවට පෞද්ගලික දේවල් උනත් ස්ටේටස් විදිහට දානව. ඒව ෆේස් බුක් එකේ තිබුනට මුනට මුණ හම්බුනහම ඒව කතා කරන්නෙ නැහැ. වට්ස්ඇප් වයිබර් උනත් එහෙමයි. ලංකාවේ ගොඩක් මිනිස්සු ෆේක් මචං. තව ගොඩක් දේවල් තියෙනව කියන්න. ඒත් වැඩක් නැහැ. 👊🏽

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ . අපේ ගොඩක් දෙනා ජිවිතේ කොටසක් කරගෙන තමයි තියෙන්නේ සෝෂල් මීඩියා . ඔන්න ඔතන තමයි වැරදිච්ච තැන ලංකාවේ ගොඩක් දෙනා ට. මෙතැනදී පේන එක දෙයක් තමයි මේ වරණය එක්ක අතිවෙච්චි සමාජ කථිකාව . 51.28% බලාපොරොත්තු උනේ මෙත්-පල් නිරිදු ගෙන් මෙහෙම දෙයක් නෙවෙයි . මේ තත්වය පවතින ආණ්ඩුවට අවාසියක් . අර උදේ මාතලන් කිව්වා වගේ මේක ඇත්තටම වාරණයක් ද කියලත් හිතෙනවා එක වෙලාවකට .

      ඔයා ඉන්න රට වල වගේ සෝෂල් මීඩියා ඩ්සිප්ලින් අපේ මෙන්ම අවට රට වලත් ගොඩක් අඩුයි . අපේ රටේ ගොඩක් අය බලන්නේ කාට හරි රිද්දලා සතුටු වෙන්න මේ හරහා .

      Delete
  7. රටත් වාගෙම ඉහළ අහසත් උණුහුමක් තදටම දැනෙද්දී
    කටත් වහගෙන ඇසුත් බැඳගෙන ඉන්න කියලා බල කරද්දී
    තවත් ඉවසාගන්න බැරි තැන හොරෙන් ඇමතුම ගන්න යද්දී
    ඔබත් ඇමතුව දිව්‍ය අංකය මේ මොහොතෙ කර ඇත විසන්දී....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. විල්පත්තු කැලේ කපලා
      රුක්දෙවියන් මරලා දාලා
      ගන්නට තියෙන හුස්ම වලටත්
      මීටර් දායි ද දන්නේ නෑ

      කටත් වහගෙන ඇසුත් වහගෙන
      ඉන්න බැරි තැන ගත්ත ඇමතුම තිස්තුන් කෝටිය වෙත
      කියයි දැන් මෙහෙම
      ඔබත් ඇමතුව දිව්‍ය අංකය මේ මොහොතෙ කර ඇත විසන්දී....

      ජයවේවා!!!

      Delete
  8. දෙයියන්ටම ඔප්පු වෙන්න ඕනි... 😀😀😀

    ReplyDelete
    Replies
    1. එක තමයි ! ක මී .... " :D

      ඒ අයත් අහක බලා ගත්ත එකනේ දුක

      Delete
  9. ගියපු රැල්ලත් එක්ක මන් නම් හිතන්නෙ ෆේස් බුක් තාවකාලික වාරණයෙ අවුලක් නෑ අනිත් ඒවනම් ඉතින් ටිකක් අවුල්

    ReplyDelete
    Replies
    1. මේ යන විදියට වාරණය තව කාලයක් තියෙයි වගේ

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...