Monday, January 15, 2018

මම උගත් හෝ......... ඔවුන් උගත් පාඩම් !



මේ ලගදී දවසක මාතලේ සිට කුරුණෑගල හරහා පිළියන්දලට යන අතරමග රිදීගම හරියේදී පාර මැදට පැන මගේ රථය නවත්වා ගත් රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් එක් නිලධාරියෙකු මගේ පැත්තට පැමිණ එබිකම් කර ,

රථවාහන පොලිස් නිලධාරී - මහත්තයා කරුණා කරල වහනයෙනේ බහින්න ලයිසන් ඉන්ෂුරන්ස් එක්ක.

මම - මෙන්න ඔබතුමා ඉල්ලුව ඔක්කොම . කියා මම ඒ ඉල්ලුව සියල්ලක් ගෙනහැර පාවෙමි .

රථවාහන පොලිස් නිලධාරී - හොදයි මහත්තයා . ඔබතුමා වැරද්දක් කරා ඔබතුමා ඒක දන්නවද ?

මම - මම දැන ගෙන වැරදි කරන කෙනෙක් නෙවෙයි . මම දන්නේ නෑ මම වැරද්දක් කරපු බව . හැබැයි මම වැරද්දක් කරලා තියෙනවනම් ඔබතුමා දෙන දඩුවමක් භාරගන්න මම දෙපාරක් හිතන්නේ නෑ . සිනහමුසු මුහුණින් මම පැවසුවෙමි .

රථවාහන පොලිස් නිලධාරී - හරි මහත්තයා , මහත්තයා යන්න . හැබැයි මට එක ප්‍රශ්නයක් අහන්න පුලුවන්ද ?

මම - ඔව් , ඕනැම දෙයක් .

රථවාහන පොලිස් නිලධාරී - ඇයි මහත්තයා අපි අත් දැම්ම තැනම නැවැත්තුවේ . අනිත් එක මේවගේ වාහන වල යන මහත්තුරු වගේ ලොකු කථා නොකිය හිටියේ . මගේ මාමා අර ඇමති , මම අර නිලධාරියා , මම අතන සභාපති , ඔයවගේ කථා .

මම - මට කරන්න කියන්න පෙන්නන්න ලොකු කම් නෑ . මම සාමාන්‍ය මනුස්සයෙක් .

රථවාහන පොලිස් නිලධාරී - සාමාන්‍ය මනුස්සයෙක් ට මේවගේ වාහන නෑ නේ මහත්තයා . (සිනහා)

මම - ඒ කියන්නේ රාළහාමි මේවා පදින ඔක්කොම වගේ අසාමාන්‍ය ය ද ? (සිනහා)

රථවාහන පොලිස් නිලධාරී - සමාවෙන්න මහත්තයා , ඔබතුමාගේ වේලාව නාස්ති කරා නම් . මේ වාහන වල යන ගොඩක් ය හොද මිනිස්සු නෙවෙයි . මොකක් හරිම කොස්සක් තියෙනවා . එකයි .....  ඔබතුමාගෙන් මාත් දෙයක් ඉගෙන ගත්තා .

මම - මේ වාහනේ අරගෙන මාස 8 යි . අද තමයි මුලින් ම පොලිසියෙන් නැවැත්තුවේ .

රථවාහන පොලිස් නිලධාරී - හොදයි මහත්තයා යන්න .

මම - බොහොම ස්තුති !

මෙය මෙසේ ලියන්නේ පොලිස් නිලධාරීන් සතුව පවතින මානසික මට්ටම් ගැන ඔබට සිතන්නට යමක් එකතු කරන්නට ය . ශ්‍රිලන්කිකයන් වශයෙන් අපි සැවොම නුතනයේ යම් යම් මට්ටම් , තල වල සිටින වහලුන් යැයි කිවොත් පහල කොමෙන්ටු තීරයේ ඔබ සැවොම මා පතුරු ගැසීමට පුළුවන් බව මම හොදාකාරවම දනිමි . එහෙත් මම මෙය ලිවිය යුතු මය .

අවසන් කරන්නට මත්තෙන් රබුක්කන මහනුවර දුම්රිය මාර්ගය තැනූ ප්‍රධාන එන්ජිනේරු තැන තම නිල ලොග් පොතේ සටහන් කර සටහනක් මෙසේ ගෙන හැර පාමි.


"මම මගේ මව්බිම ඇතුළු රටවල් 5 ක වසර 46 පුරා දුම්රිය මාර්ග ආරම්හ කිරීමට දායක වූ වෙක් මී . මුල්වරට දුම්රියක් දැක එය පන්සයකටවත් මායිම් නොකර මිනිසුන් මම දුටුවේ සිලෝන් වලදී පමණි . තම කුබුර උඩින් යන අභිමානයෙන් යන දුම්රියක් දෙසවත් හැරී හැරී නොබලා තම වැඩය කරන මිනිසුන් මම දුටුවේ සිලෝන් වලදී පමණි. " .

17 comments:

  1. හප්පා පෝස්ට් දෙක තුනක්ම මගහැරිලනේ... කියවගෙන එන්නම්.... පිලියන්දල කියන්නේ මේ අපි ඉන්න පලාත නොවැ.

    ReplyDelete
    Replies
    1. අම්මෝ ..... කොච්චර කාලෙකින් ද ?
      තුති වේවා පැත්තට ආවට සොඳුරු සඳවතී .

      මගෙත් ගම් පළාත පිලියන්දලම තමයි . :D

      Delete
    2. ආ... එහෙමද... අපේනම් ගම නෙවෙයි ඒත් දැන් ගම වගේ තමා...

      Delete
    3. සොඳුරු සඳවතී ගේ තරු කුමරා (හස්බන්ඩ්) පිළියන්දල වෙන්න ඕනේ එහෙනම් ? :)

      Delete
    4. අම්මෝ අර හොල්මන් කතාව

      Delete
    5. ඔයත් ඒක කියෙව්වයි ? ..... ඇත්තටම එක හොල්මන් කතාවක් ද , එහෙම නැත්තම් මාව හොල්මන් කරපු සිධියක් ද කියල තාම දන්නේ උඩ ඉන්න දෙවියෝ තමයි !

      Delete
    6. ඔය කියනා පැත්තේ රෑ දාවල් නැතිව පයින් ඇවිද ඇති කොච්චියා බය කළ හැකි භූතයෙක් නම් අද වෙනකන් හිටියේ නැතිය.

      Delete
    7. කොච්චියා ට බයේ බුතයන් පැන දිවූ බව අටියා දන්නේ ය .

      Delete
  2. /තම කුබුර උඩින් යන අභිමානයෙන් යන දුම්රියක් දෙසවත් හැරී හැරී නොබලා තම වැඩය කරන මිනිසුන් මම දුටුවේ සිලෝන් වලදී පමණි/ එය ආඩම්බරය නොවේ බයාදු කමයි, එකේ යන්නේ කවුදැයි දන්නේ නැති නිසා ඔවුන් මොනවා කරන්නද? රජ්ජුරුවෝ, නිලමේවරයෙක් හෝ මහානායක කෙනෙක් කෝච්චියේ යන බව දැන සිටියානම දනගසා බිම පෙරලි වන්දිවි. බලවතෙකු දෙස හිස ඔසවා බැලීම නිශ්චිත නොවූ දඩුවමක් ලැබිය හැකි වරදක් වන පාලන ක්‍රමයකටයි අප යටත්ව ඉන්නේ. යුනියේ ලේචෙක් දෙස කෙලින් හිස ඔසවා බැලීමත් කඩප්පුලි කතාවක් ඇසීමට හේතුවන සමාජයක් මේක.

    ReplyDelete
    Replies
    1. ඒක හැබැව . එහෙම හිතන්නත් පුළුවන් ය .

      තුති වේවා , මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට .

      Delete
  3. Replies
    1. කාලෙකට පස්සේ වැටක් එක්ක තඩියා අපේ දිහාවේ ඇවිල්ලා :D

      Delete
  4. ලිපි දෙක තුනක් මග ඇරැනා නේ අයියේ..කියවගෙන කියවගෙන එන්නමි..

    හොද මිනිස්සුත් ඉනනවා අයියේ.එහෙම මිනිස්සුන්ට මමත් ගරැ කරනවා අනෙත් එවුන්ට නමි....%$%..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි හොද මිනිස්සුන්ට උපහාරය ලැබෙන්න ඕනේ.
      ඇත්තටම 99% ම %$% තමයි.

      තුති වේවා තරිදු මල්ලි කොමෙන්ටුවට .

      Delete
  5. ඔව් මල්ලි හොද මිනිස්සුන්ට උපහාරය ලැබෙන්න ඕනේ.
    ඇත්තටම 99% ම %$% තමයි.

    තුති වේවා තරිදු මල්ලි කොමෙන්ටුවට .

    ReplyDelete
  6. කෝච්චිය දිහා නොබැලුවේ මානයටද, නැත්නම් තමන්ගෙ කුඹුරු ගොඩකරගෙන, පන්සල් වතු අයිනෙන් ඝෝෂා කරගෙන යන නිසා ද්වේෂයටද, කියා හිතෙනවා. ඔයා හිතන්නෙ මොකද්ද?

    ReplyDelete
    Replies
    1. මට හිතේන්නේ ඉස්සර අපේ තිබුණු උපේක්ෂාව ඒ වගේ මේ අනුන්ගේ රත්තරං අශ්ව කරත්තයක් උනත් තමන්ට වැඩක් නෑ ය කියල හිතපු එක .

      ඔයා කියපු කාරනා වෙන්නත් පුළුවන් .

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...