Wednesday, January 17, 2018

දොස්තරලගේ දොස්තර , දොස්තරලා ගැන දොස්තර කෙනෙක් නොවන්නෙක් ට කියූ දේ .



පුතා හවස මුකුත් දාගත්ත වැඩක් තියෙනවද ?

නෑ තාත්තේ . ඇයි ?

මට දැන් ටිකකට ඉස්සර කෝල් එකක් ආව අපේ මහාචාර්යතුමාට අසනීප වෙලා කෝට්ටේ ගෙදර ඉන්නේ කියල . යමුද බලල එන්න .

හරි , යමු තාත්තේ.

මේ මිට වසර කිහිපයකට පෙර මගේ පියා සහ මම අතර වූ කතාවක කොටසක් ය . ඉහත මගේ පියා විසින් "අපේ මහාචාර්යතුමා" යනුවෙන් ඇමතුවේ ශ්‍රිලංකාවේ සම්මානනීය වෛද්‍ය මහාචාර්ය කලෝ ෆොන්සේකා මහතා ට ය .

මගේ පියා ගේ දිර්ගකාලින හිතවතෙකු වූ එතුමා කෙරෙහි මගේ පියා දැක්වූයේ ඉමහත් භක්තියක් ය . එය ඔහු මහාචාර්යතුමා සමග කරන කථා වලදී මට සැමවිටම වගේ පෙනුන දෙයකි .

මගේ පියාට පොරොන්දු වූ පරිදි ඔහු සමග මහාචාර්යතුමා වෙසෙන කෝට්ටේ නිවසට ගිය අප , මහාචාර්යතුමා සිටින ඇද වෙත ගියෙමු .

මගේ පිය හොදින් හදුනා ගත් මහාචාර්යතුමා,

 "ආ ...... ආටිගල එහෙනම් අවා මාව බලන්න නේද ? " කියා ඇසුවේය .

"ඔව් මහාචාර්යතුමා අසනීප විත්තිය දවල් තමයි දැනගත්තේ" මගේ පියා පැවසිය .

පසුව මා දෙස බලා ,

"මේ ... ඉලන්දාරියා කවදද ලන්ඩන් වලින් ආවේ , ඇයි ? සුද්දෝ දිරවන්නේ නෑ නේද ? සිනා සෙමින් ඇසුවේය .

පසුව මම ,

"නෑ සර් .....  මට මාසයක් නිවාඩු හම්බුනා , එකයි ආවේ "

ඔය අතර තාත්තා ඇසුවේ ,

" මහාචාර්යතුමාට කොහොමද දැන් ?"

මහාචාර්යතුමා සිනා සෙමින් ,

" මම වල පයයි ගොඩ පයයි තියාගෙන නේ මේ ඉන්නේ , මට කියල ලොකු අමාරුවක් නෑ , වෙනිවැල් ගැට කොත්තමල්ලි බීවම  හරියයි "

ඔය අතර මහාචාර්යතුමා ගේ බිරිද පර්ලි මහත්මිය අප අසලට ඇවිත් මගේ පියාට මෙසේ කීවා ය .

"කොච්චර කිව්වද මිස්ට ආටිගල , අහන්නේ නෑ නේ "

ඔය අතර දෙදෙනාගේම කතාබහ අරම්හවුයේ මහාචාර්යතුමාගේ අසනීපය ගැන විමසුමෙන් වූ අතර දැන් එය දේශපාලනික මාතෘකා කරා ගොස් ඇතිබව මට වැටහී ගියේ මොහොතකින් ය .

මේ අතර මම හඩ අවදිකරමින් විමසුවේ ,

"සර් .....මොකද හිතන්නේ doctor's strike ගැන "

එතුමා , හැගීම් බරව ... මෙසේ පැවසී ය .

" පුතේ ........  දැකීමටත් , ඇසීමටත් , සිදුවීම මහා අභාග්‍යක් . ලොකුම සල්ලිකාරයාත් , අන්ත අසරණ දිළින්දා ත් , අසනීප උනාම අන්ත අසරණ වෙනවා . ඔය දෙදෙනාගේම අරමුණ ඉක්මනට සනීප වෙන එකනේ .... සල්ලිකාරයා A/C කාමරක සුවපහසු සයනයක ඉන්න පුළුවන් , දිළින්දා රජයේ රෝහලක නොයෙකුත් දුර්ගන්ධ ආශ්වාස කරමින් සයනයක , නැත්තම් බංකුවක එහෙමත් නැත්තම් පැදුරක් දාගෙන බිම සිටියත් , ඔය දෙකොට්ටාෂයේම ජිවිත තියෙන්නේ දොස්තරලගේ අතේ . සල්ලිකාරයාට ඕනෑම ගානක් ගෙවල දොස්තර කෙනෙක් ගෙන්නගන්න පුළුවන් , එත් , දිළින්දා ට එහෙම කරන්න බෑ . health ministry rules and regulation වලට අනුව වාට්ටුවේ වෛද්‍යවරයා ගන්න තීරණයට යටත් වෙන්න ඕනේ . ඔය දෙකොට්ටාෂයේම බිරින්දෑ වරු , දරුවෝ බාර හාර වෙමින් දෙවියන්ට කන්නලව් කරන්නේ තමන්ගේ ආදරණිය යා ඉක්මනිනි සනිපකරගෙන ගෙදර ගේන්න ගන්න ය . 

ඉතින් දහසකුත් ගිණි උසුලමින් ඒ අය සිටින විට වෛද්‍යවරු රෝගීන් ඇපයට තබාගෙන වර්ජනය කිරීම තමන් අදහන මොන ධර්මයටද එකග ....... ? වැඩවර්ජන අකුරට වැඩ මොනවා කරත් පුද්ගලික රෝහලේ තමන් භාරගත් රෝගියාට ප්‍රතිකාර නොකර සිටිනවා ද ? වෛද්‍යවරු න් ට ප්‍රශ්න තිබෙනවා නම් මාසෙකට රුපියල් විසිපන්දහසක් ගන්න රජයේ හා පුද්ගලික අංශයේ සේවකයෙක් ට කොච්චරනම් ප්‍රශ්න තියෙනවද ..... ? 

තම තමන් අදහන ධර්මයේ නාමයෙන් වෛද්‍යවරු රෝගීන් දෙස සානුකම්පිතව බැලිය යුතුයි ." 


18 comments:

  1. මොනව කියන්නද බං. මුං දෙගොල්ලන්ම අපිට ගොං පාර්ට් ගොං ආතල් දෙනව. එච්චරයි.!

    ReplyDelete
  2. Replies
    1. සඳවතීට වැටවල් ඔට්ටු නෑ , හා ද ?

      Delete
    2. මොනවා කරන්නද මූඩ් අවුට් නේ මේ දවස්වල

      Delete
    3. මොකෝ උනේ ඒ පාර ?

      Delete
  3. ඔය හැම එකේම පැති කීපයක් තියෙනවා.. කාලෝ ෆොන්සේකා කියන්නේ දුරින් කොච්චියා ගේ සීයා කෙනෙක්... මිනිහා දැන් අමුවෙන්ම දේශපාලනය ඇතුලේ රූකඩයක්..

    ReplyDelete
    Replies
    1. එය සත්‍යක් ය . තවමත් මා නිවැරදිව වටහා ගත්තක් නොවූවත් අග සිට මුලට මෙන්ම මැද සිට මුලට සහ අගට පිලිවෙලින් සිතීමේ දී කොච්චියා කියන්නේ හරි දෙයක් බව අටියාට වැටහෙනවා ය .

      මහාචාර්ය කලෝ ෆොන්සේකා යනු ඇන් ඇම් ලා මෙන් වමේ මිනිසෙක් බව මම දන්නවා ය . තිස්ස විතාරණලා මෙන් නොව රටේ ඉතුරුව සිටින අවසාන වමේ පුරුක වන මහාචාර්ය කලෝ ෆොන්සේකා "දේශපාලනය ඇතුලේ රූකඩයක්" වුයේ යැයි ඔබ කියනා දෙය "වම දේශපාලනය ඇතුලේ රූකඩයක්" මෙසේ වෙනස් වුව හොත් අගේ ය කියා වැටහෙන්නේ ය .

      Delete
  4. මගේ අවධානය ඇත්තටම ගැටළුවක මානුෂිය මුහුණුවර ට නිසා දෙපාර්ශ්වයම කෙරෙහි (මාත් ඇතුළුව) ඇති වන්නේ කණගාටුවක්. ඉල්ලීම් දිනාගැනීමට මිට වඩා ක්‍රමවෙධයක් තිබුණා නම් කියල හිතෙන්නේ ඒ නිසා.. ඇත්තටම වටින අදහසක් කලණ.

    ReplyDelete
    Replies
    1. තුති වේවා ඔබ තුමියට , මේ වචන ටිකට සහ මේ පැත්තට ආවට .

      අපේ ඉගැන්වීමේ කලාව ඇතුලේ වෛද්‍ය විශ්වවිද්‍යාලයෙන් එලියට එන්නේ "තාප්ප ගේට්ටු තියෙන හතරවටේ වහගත්ත ඉඩමක් තියෙන ඔප්පුවක් " අරගත්ත ගෙයක් හදන්න සල්ලි නැති ඒත් හදන්න දැඩි උවමනාවක් තියෙන මිනිස්සු පිරිසක් .

      ඉතින් ඒ අය කැමති නෑ ගගක් වගේ ගලාගෙන යන්න ගංගා මිටියාවත් සරු කරගෙන . ඒ යට ඕනේ සිමෙන්තියෙන් හදපු කණුවක් වගේ එක එල්ලයකට ගලාගෙන යන්න .

      Delete
  5. මිනිස්සුන්ට තමන්ගේ හැබෑ ස්වරුපය යට කරගෙන ප්‍රතිරූපය මත ජිවත් වෙන්න සිදුවීම මහා අභාග්‍යයක්.. ප්‍රොෆෙසර් කාලෝ ෆොන්සේකා ටත් මට හිතෙන්නේ වෙලා තියෙන්නේ එහෙම..

    ReplyDelete
    Replies
    1. තුති වේවා මේ පැත්තට ආවට :)
      ඔව්, කල්‍යාණ මිත්‍ර .
      අපේ කොච්චියා කියන්නාවගේ මහාචාර්යතුමා දේශපාලනය ඇතුලේ රූකඩයක් වෙලා .එක කණගාටුවක් .

      මහාචාර්ය කලෝ ෆොන්සේකා මහතා මගේ අවභෝදයේ හැටියට රටට අතහැරුණු සම්පතක් .

      Delete
  6. කියන්න දෙයක් නැ අයියේ.දොස්තර කවුද කොන්දොස්තර කවිද කියලා හිතා ගන්න බෑ...

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ .. ඒ ගැනනම් කියල වැඩක් නැ තරිදු මල්ලි

      Delete
  7. කොච්චියාගේ පාරෙන් ආවේ. වරක් මෙතුමා සමඟ කථා කර ඇත්තෙමි. වයස නිසා දැන් ඔල්මොරොන්දම් වී ඇතැයිමට සිතේ.

    ReplyDelete
    Replies
    1. තුති වේවා . ඉයන් . මේ පැත්තට ආවට .

      Delete
  8. --_--_--_--_--
    _--_--_--_--_
    --_--_--_--_--

    ReplyDelete
    Replies
    1. තුති වේවා gihani මේ පැත්තට ආවට :)

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...