Thursday, January 25, 2018

දුක සහ වම



අපිට නිදහස ලැබෙන්නටත් පෙර සිට ම ‘වම’ මේ කියන දුක වෙනුවෙන් පෙනී සිටිනවා. දුක් විඳින මිනිසා සහ සැප විඳින මිනිසා යනුවෙන් වර්ගිකරණයකුත් වම යෝජනා කරනවා. එතනදි වම පෙනි සිටින්නේ ඔවුන් විසින් ම ‘සැප විඳින්නා’ යනුවෙන් හඳුන්වන මිනිස් කොට්ඨාසය වෙනුවෙන් නෙවෙයි. ‘දුක් විඳිනවා’ යනුවෙන් රාමු ගතකළ මිනිස් කොට්ඨාසය වෙනුවෙන් පමණයි. එතනදි මගේ යෝජනාව වෙන්නෙ ආගම ‘දුක’ නමැති පදනමේ ම පවතින අතර ‘වම’ පවතින්නෙත් ඒ පදනමේ ම යි යන්නයි. ඒක තවත් පැහැදිලි කරනවා නම් ‘වම’ කියන්නෙත් එක්තරා ආකාරයක ආගමක්. මොකද බෞද්ධාගමේ යෝජනා කරනවා මරණයෙන් පස්සෙ නිර්වාණය. කතෝලික ආගමේ කියනවා මරණයෙන් පස්සෙ ස්වර්ගය. වම යෝජනා කරනවා විප්ලවයෙන් පස්සෙ දුක නැතිවෙන බව. ආගමයි වමයි දෙකම පවතින්නේ දුක ම දේශනා කරමින්. මගේ අදහස වසර 2600කට ඉස්සර සිද්ධාර්ථ ගෞතමගෙ දේශනාවලට හෝ වසර සිය ගණනකට පෙර හදුන්වා දීපු මාක්ස්වාදයටවත් වර්තමාන මානවයා තේරුම් ගන්න බැහැ. මේ නිසා ම ලංකාවේ: කවි, කෙටිකතා, නවකතා, චිත්රතපට සහ නාට්ය. යනාදි සියල්ල ම බිහිවුණේ මේ ‘දුක’ ආශ්වාදය කිරීමෙන්. ඒක මම නම් කරන්නෙ ‘රතු සෞන්දර්ය’ යනුවෙන්. තවත් පැහැදිලි කරනවා නම් ‘බුද්ධාගම’ ඇතුළෙ පවතින්නේ ‘කහ සෞන්දර්ය’ ය. කතෝලිකයන්ගේ ‘සුදු කළු සෞන්දර්’ ය. හින්දුන්ගේ ‘දුඹුරු සෞන්දර්’ ය. වාමාංශිකයන්ගේ ‘රතු සෞන්දර්ය’ ය.

ඇත්තට ම මේ සත්මහල් ප්රාහසාදවල වෙසෙන මිනිස්සුන්ට ‘දුක’ යනුවෙන් දෙයක් නැද්ද? ඒ අයට ප්‍රේමය නැද්ද? හැඟීම් නැද්ද? ඒ මිනිස්සු ළඟත් මනුස්සකම් නැද්ද? මගේ අදහස නම් ඒ අය ගාව පවතිනවා ‘ආචාරශිලි මනුස්සකමක්.’ ඔවුන් ළඟ Ethics තියෙනවා. ඔවුන් කුණු බැහැර කරන්නෙ පිළිවෙළට, හොටු හූරන්නෙ පිළිවෙළට, වැසිකිළි යන්නෙ පිළිවෙළකට. ඒ අය සිරිපාදෙ නොයනවග ඇත්ත වෙන්න පුළුවන්. ගියොත් එතන කුණු නොදා එන බව විශ්වාසයි. ඔවුන් සංස්කෘතිකාංගයක් විදියට දළදා පෙරහැර බලන්න යනවා. හැබැයි රටකජු පොතු පාර පුරා හලන්නෙ නැහැ. ‘මනුස්ස’ යන වචනයට අනුව මේ අය ළඟ ‘සංස්කෘතික මනුස්සකමක්’ පවතිනවා. මේ කාරණය ලංකාවේ සාහිත්‍යය තුළ සාකච්ඡා කළේ නැහැ වගේ ම සාකච්ඡා කරන්නෙ නැහැ. මම මෙතෙක් කියවපු සාහිත්‍ය ඇතුළෙ එහෙම දෙයක් දැකල හෝ කියවලා නැහැ. මම එතනදි මේ වගේ ප්‍රශ්නයක් අහනවා. දැන් මේ වම සහ සියලු ම ආගම් පෙනී සිටින්නෙ දුක නැතිකිරීම වෙනුවෙන්නෙ. හොඳයි ඇමරිකන්කාරයට දුක නැද්ද? ඇයි මේ වාමාංශිකයො වගේම සියලුම ආගම් ඒ අයගෙ දුක වෙනුවෙන් පෙනී නොසිටින්නේ? ඇයි ඇමරිකන්කාරයගෙ හෝ එංගලන්තකාරයගෙ දුක දුක නෙවෙයි ද? ඒ නිසා කොළඹ දෙස පරිධියෙන් පිට මිනිස්සු බලන විදිය සහ කොළඹ පරිධිය ඇතුළත ඉන්න මිනිස්සු කියන්නෙ පැහැදිලිව ම දෙවර්ගයක්. ඒ නිසා මම මේ කොළඹ මිනිස්සු ‘ගිනි හිස් මිනිස්සු’ යනුවෙන් හඳුන්වනවා.


කොළඹ වෙසෙන සමහර කොට්ඨාස තවමත් විමුක්තිය හොයනවා. මේ මිනිස්සුන්ගෙ හිසේ ගිනි ගුළියක් තියෙනවා. ඒ ගිනි ගුළිය කොයි මොහොතක එලියට ඇවිල්ල එළියේ පත්තු වේවිද දන්නෙ නැහැ. පුස්තකාලවලට යනවා, සම්මන්ත්‍රණවලට යනවා, පොත් කියවනවා, ඒ සියල්ල කරමින් විමුක්තිය හොයනවා. හොයල හොයල අර හීනෙ දිහා බලාගෙන මැරිල යනවා.

මට නම් කොළඹ කියන්නෙ රට්ටු නොරටුන්ගේ ලිසිං බිම්කඩක්. සමහර අය මේක ‘මාතෘ භූමිය’ යනුවෙන් හඳුන්වනවා; භූමි පුත්‍ර උරුමක්කාරයෝ විදියට හැසිරෙනවා. මම අර කලින් සඳහන් කළ ඔළුවෙ ගිනි සහිත භූමි පුත්‍ර උරුමක්කාරයෝ සියලු දෙනා ම අනවශ්‍ය එඩිතරකම් සහිතයි. මේ අය මේ අනවශ්යව එඩිතරකම්වලින් මැරෙන්න අවස්ථාවක් හොයනවා; විරයො වෙන්න අවස්ථාවක් හොයනවා. එහෙම මැරෙන්න කලින් කවි ලියල තිබුණා නම් ඔහු හෝ ඇය ‘විප්ලවිය කවියෙක්’ හෝ ‘විප්ලවීය කිවිඳියක්’ විදියට ‍බෞතිස්ම කරනවා. පාලකයාට තමන්ගේ බලය තව තවත් තර කරගන්න උදව් කරන්නේ මෙන්න මේ පිරිස.



***ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගත් අතර එහි අයිතිය මුල් හිමිකරුවන් සතුය . 

8 comments:

  1. මේ අලුත් විදිය ලස්සනයි හොදයි....

    ReplyDelete
    Replies
    1. කාලෙකින් මේ පැත්තේ ..... :D
      බොහොම ස්තූති මේ ඔයාගේ වචන ටිකට සඳ .

      Delete
  2. විප්ලව වාදියන්ට වැරදිලාවත් බලය ගියානම් වෙන දේ බලාගන්න පුළුවන් වෙනිසියුලාව, සිම්බාබ්වේ, කාම්බෝජය වගේ රටවලට වුන දේවල් දිහා බැළුවම.

    ReplyDelete
    Replies
    1. තුති වේවා අදහස් හුවමාරු කරගත්තට ඉයන් . ! :D

      ඇත්තටම ලෝකේ ඕනෑම මනුස්සයෙක් ගේ හිතේ වම ට නැබුරු අදහස් අල්පයක් හරි තියෙනවා. මම අදහස් කරන්නේ මේ වචන ටිකෙන් හැමෝම තමන් තුලින් "සිතුවිලි විප්ලවයක් " කරන්න පුළුවන් නම් තමන් හා තමන් අවට ලෝකේ ලස්සන වෙයි කියන එක .

      Delete
  3. වම පවතින්නේ ධනේශ්වරයේ පැවැත්ම ඇතුලේ විතරමය.

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත ය . එකග වෙමි .

      Delete
  4. ...සිතුවිලි විප්ලවයක්...

    ReplyDelete
    Replies
    1. ඔව් තරිදු මල්ලි , කියන්න උත්සහ කරේ ඔය ටික ගැන තමයි .

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...