Tuesday, May 8, 2018

අද මම ඔබට ඇරියුම් කරන්නේ මේ ගැනත් මොහොතක් සිතන්න යි.


අතොරක් නැතිව අසන්නට දකින්නට ලැබෙන වචන කිහිපයක අර්ථය නිවැරදි ව වටහා නො ගැනීම නරක ප‍්‍රතිඵල උදා කරයි. සන්නිවේදනයේ දී ඇති වන දෝෂයකට වඩා, සැබවින් ම උනන්දුව හීන වීම හෝ නො සලකා හැරීම මත හෝ යම් වදනක් වැරදියට වටහා ගැනීම හා භාවිත කිරීම ව්‍යසනකාරී ය. සමාජයක් එ් තැනට යොමු වීම වැළැක්වීම උදෙසා කටයුතු කිරීම, භාෂා උගතුන්ගේ වගකීම විය යුතු ය. එක් අතකින් එය සමාජ විද්‍යාත්මක පැති කඩක නිර්මිතයකි. මේ පිළිබඳ ව උගතුන් කොතෙකුත් අප අවට වෙසෙයි. මේ සම්බන්ධව පමණක් නොව විවිධ විෂයය ක්ෂේත‍්‍ර සඳහා ද උගතූන් බිහි කිරීම සඳහා විවිධ ආයතනික ව්‍යුහයන් ද කි‍්‍රයාත්මක ය.

විශේෂයෙන් අපගේ විශ්ව විද්‍යාල පද්ධතිය තූළින් සිදුවන්නේ ද එය යි. පාසල් අධ්‍යාපනයට යොමු වන අය අතරින් සියයට දෙකක් එ ලෙස උගතූන් ලෙස අභිෂේක ගැන්වීම උදෙසා ධනය මෙන්ම සම්පත් විශාල ප‍්‍රමාණයක් වැය කරනු ලබයි. ඉතිරි සියයට අනූ අට සේම සමස්ත රටේම අනාගතය සැළසුම් කරනු ලබන්නේ මේ සියයට දෙක විසිනැයි ඉන් අදහස් කළ හැක.

එහෙත් බොහෝ විට දැක ගත හැක්කේ රටත්-ජනතාවත් වෙනුවෙන් තීන්දු ගන්නෝ එම සියයට දෙක ලෙස හඳුනා ගත් හෝ ඊට ඇතූළත් වුවන් හෝ නො වන බව ය. එසේ වුවන් ගන්නා ලද තීරණ වලින් රටට ජනතාවට යහපතක් සැලසී නො මැති බව, රට මුහුණපාන ඛේදවාචකයන් වෙතින් පිළබිඹු වෙයි.

උගතූන් තම කාර්යය බුද්ධිමත් ව ඉටු නො කිරීම නිසා වෙන් මේ ව්‍යසන තත්ත්වය උදා වී තිඛේ. උගතුන් රට වෙනුුවෙන් කරන සේවය නිසි ලෙස ඉටු නො කිරීම නම් බුද්ධිමත් ව කටයුතූ නො කිරීම ය. එසේ නම් රටක් මෙහෙය විය යුත්තේ උගතූන් නොව බුද්ධිමතූන් ය. ඡන්ද දායකයා හා පුරවැසියා යනු දෙදෙනෙක් ලෙස පෙර ලිපියක පැහැදිලි කර ගත් පරිදි මේ අනුව උගතා හා බුද්ධිමතා යනු දෙදෙනෙක් බව ද වටහා ගැනීමට සිදුවෙයි. පෙර සඳහන් කළ පරිදි යමෙකූට යම් විෂයය පථයක් පිළිබඳ අධ්‍යයනයකින් අනතූරුව ඒ පිළිබඳ උගතෙක් විය හැකි ය. එය ද අනලස් ව, නො මඳ ව ලබා ගත් තැනැත්තේ ප‍්‍රාමාණික උගතෙක් ලෙස හැඳින්විය හැකි ය. මේ ප‍්‍රාමාණික උගතා පෙනී සිටිය යුත්තේ-කැප විය යුත්තේ නූපන් පරපුරක ද සඵලාර්ථයන් උදෙසා ය.

නමුත් එ වැන්නෝ අද විරල ය. බහුලව දැක ගත හැක්කේ බලයෙන් හා ධනයෙන් ආඨ්‍යවූවන්ට කේවට්ටයන් බඳු උපදේශකයන් වන උගතුන් ය. පිළිගත් අධ්‍යාපනික ආයතනයකින් සහතික ලබා ඇති නිසාවෙන් ඇතැම්හු ඔවුන්ට උගතුන් යැයි වහරති. ඡුන්ද දායකයන්ගෙන් කොල්ල කා ගත් මනාපයෙන් හෝ ව්‍යවස්ථාවෙන් ලැබී ඇති වරප‍්‍රසාදයකින් හෝ අත්තනෝමතික ලෙස හෝ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන්නට පින පාදා ගත් ( එය පින ද පව ද?  මැති ඇමැතින්ගේ භාරයේ යටහත් පහත් ව වැටුප් ලබන උගතුන් සමූහයක් අපට දැක ගත හැකි ය. මේ ආකාරයෙන් බොහොමයක් උගතුන්ට ගෙවන වැටුප පවා අපරාධයක් වන අවස්ථා ඇත. එ බැවින් තම උගත්කම හා පළපුරුද්ද ඵලදායි ලෙස රටට ආයෝජනය කරමින් රටේත් ජනතාවගේත් උන්නතිය සඳහා පින් බර කාර්යයක නියැළෙන්නා ඉඳුරාම බුද්ධිමතෙකි. එ සේ නොවන උගතුන් කමකට නැත.

තව ද දේශපාලන අධිකාරියට යටත්ව සේවය කරමින් තමා උගත්යැයි ප‍්‍රකට කරමින් අදායම් උපයන්නා සහ ඡන්ද දායකයා අතර ද එ තරම් වෙනසක් නැත. වෙනසකට ඇත්තේ අධ්‍යාපන සහතික මත යමි ඡන්ද දායකයෙක් විඳින සමාජ තත්ත්වයත්, උගතායැයි හඳුන්වන්නාට හිමි සමාජ තත්ත්වයත් අතර වෙනස පමණකි.

කරුණු මෙසේ හෙයින් උගතා සහ බුද්ධිමතා යනු දෙදෙනෙකි. ඇතැම් විට කිසිදු තක්සලාවකින් සහතික නො ලද්දේ වුව ද ජීවන-සමාජ තක්සලාවෙන් ලද දැනුම හා පළපුරුද්ද ප‍්‍රගුණ කිරීම හෙවත් සතතාභ්‍යාසයෙන් යුතු ව බුද්ධිමත් ව කටයුතු කරන්නෝ ද සිටිති. ඔවුහු ඇගයීමට නිර්නායක නො මැති වුව ද පොදු ජනතාවගේ හදවත් තුළ යුග යුග ගණන් ඔවුහු ජීවත් වෙති. වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද, දෙවි දේවතාවුන් වැනි මිනිසුන් වැන්නෝ ඔවුහු ය.

මොවුන් ද හඳුනා ගැනීම යහපත් අනාගතයක් පතන්නවුන්ගේ වගකීමක් වන්නේ ය. අද මම ඔබට ඇරියුම් කරන්නේ මේ ගැනත් මොහොතක් සිතන්න යි. දාර්ශනිකයින්, භාෂා විද්‍යාඥයින්, න්‍යායාචාර්යවරුන්, දරන මත සමග ගැඹුරින් පැහැදිළි කර ගත යුතු කරුණකි මෙය. මේ එ් සඳහා වන සරළ-සුමට පිවිසුමක් පමණි.

‘‘අපි කුඩා සොරුන් එල්ලුම් ගසට යවා වැදගත් සොරුන් රජයේ තනතුරුවලට පත් කර ගන්නෙමු.’’
- ඒසොප්

14 comments:

  1. උගත් කමත් බුද්ධිමත් කමක් අර්ථ දෙකක් වුවද නියම උගතාට බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමට හැකියාව තිබිය යුතුය.අපේ රටේ බොහෝ උගත් පුද්ගලයින්ගේ එම හැකියාව කතිරයෙන් බලයට පත් සමහර නුගත් කොටසකගේ සපත්තුවට පෑගීම නිසා ඔවුන් රටට වැඩක් නොමැති පුද්ගලයින් බවට පත්ව ඇත.අපට වඩා දියුණුවෙන් අඩුව දශක කිහිපයකට පෙර තිබු රටවල් අද දියුණුවට පත්ව ඇත්තේ බුද්ධිමත් තීරණ නිසාය.පාලකයින් වශයෙන් උගතුන් බුද්ධිමතුන් පත්වන තුරු අප මෙතැනමය.
    ඔබේ ලිපියට බොහොමත්ම ස්තුතියි.කාලෝචිත වටිනා සටහනක්.

    ReplyDelete
    Replies
    1. ඔගේ මේ වටිනා අදහසට මම ද සම්පුර්ණයෙන් ම එකග වෙමි . අපට වඩා දියුණුවෙන් අඩුව දශක කිහිපයකට පෙර තිබු රටවල් අද දියුණුවට පත්ව ඇත්තේ බුද්ධිමත් තීරණ නිසාය." මෙයට උදාහරණ සෙවීමට මුහුදු හතින් එතෙර වන්නට උවමනා නැත . සිංගප්පුරුවමෙයට කදිම නිදසුනකි .

      ඉතින් ඔබටත් බොහොම ස්තුති මේ දිරිමත් කිරීමට . :)

      Delete
  2. //බහුලව දැක ගත හැක්කේ බලයෙන් හා ධනයෙන් ආඨ්‍යවූවන්ට කේවට්ටයන් බඳු උපදේශකයන් වන උගතුන් ය.//

    ඒක හොඳට ඉගෙනගෙන තියනවානෙ ඉතින්

    ReplyDelete
  3. බොහෝ රටවල උගතුන් වෙන්නේ බුද්ධිමතුන්. සරසවි වලට තෝරාගන්නේ ඒ ඒ අංශ වලට අදාල වන බුද්ධි පරීක්ෂණ වලින්. කටපාඩම් කර සමත් වියයුතු විභාගවලින් සමත්වීම සරසවි වරම ලැබීමට සුදුසුකමක් වීමත්, බොහෝ දෙනෙකුට ඇතුලත් විය නොහැකි නොමිලේ දෙන සරසවි ක්‍රමය නිසාත් බුද්ධිමතුන් උගතුන් වීම මඟ හැරෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ කථාවට මමත් එකගයි .

      තරග විභාග ක්‍රමයේ සහ විශ්වවිද්‍යාල විවුහය තුල ඉගැන්වීම් ක්‍රමය නුතනය සමග ඈදන්න බෑ කියන එක මම හැම වෙලාවේම කියන දෙයක් . අනික බලන්න පහුගිය අවුරුදු විසිපහේ ගත්තොත් අපේ විශ්වවිද්‍යාල වලින් පිටවුණ පර්යේශන පත්‍රිකා වල මට්ටම කොච්චර පහලට වැටිලද කියන එක .

      Delete
  4. වැදගත්.
    සිතිය යුතු කරුණක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති දුමී .

      ජය වේවා ඔබටත්

      Delete
  5. අගනා දැනුමි සමිභාරයන් රට පැටවෙන අතර අප කේවටිටයන් සමග අාතල් ගනි.

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත තරිදු මල්ලි . :(

      Delete
  6. ‘‘අපි කුඩා සොරුන් එල්ලුම් ගසට යවා වැදගත් සොරුන් රජයේ තනතුරුවලට පත් කර ගන්නෙමු.’’
    - ඒසොප්

    මුලු සටහනම මේ වචන ටිකේ තියෙනවා.....අපූරුයි

    ReplyDelete
    Replies
    1. තුති වේවා මේ දිරිමත් කිරීමට සොඳුරු සඳවතී ඔබට . :)

      Delete

රැජිනගේ රටේ මුසල දෙසැම්බරය , තනියෙන් ගැසූ රස්තියාදූ සමගින් ආයෙමත් රෝසී අක්කා

අදින් අවුරුදු ගණනකට එහෙමත් නැත්තම් වැඩි දුර ඉගෙනගන්න රැජිනගේ රටට ගිය මුල් අවුරුද්දේ සීතල දෙසැම්බරය ආයෙත් මේ ලගදී ආටියා ට මතක් වුනේ හිටි හ...