Thursday, June 22, 2017

හිතට කතා කරපු සින්දුවක ගැබුර විනිවිද දැකීම

හිතට කතා කරපු සින්දුවක ගැබුර විනිවිද දැකීම 

පළමු දිගහැරුම




සේනක බටගොඩ මහත්තයාගේ මේ සින්දුව මගේ හිතට කතා කරපු තවත් එක් ලස්සන පද වැලක් සහිත ගීතයක් . ඉතින් මට හිතුන මේ සින්දුවේ ඇතුලතට කිදා බැහැල පොඩ්ඩක් විපරමක් කරන්න . 



නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති
සිතිවිලි සයුරටාත් වැඩි මිස අඩුත් නැති
අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ 
අෑතට පාවි පාවි ගිය හැටිමතකයි...

නින්ද නොයෙන රාත්‍රියේ එන සිතුවිලි කන්දරාව මහමුහුදට වඩා වැඩි මිස අඩු නම් නැහැ . එත් අවසානයේ ඒ හැමදෙයක්ම බොදවූ මීදුමක් මෙන් ඇතට පාවෙලා ගිය හැටි මට මතක් වෙනවා . 

ජිවිතයේ මේ විදියට 
ප්‍රාර්ථනා පුරවාගෙන
කාලය තුල දිව යනවා
කල කී දේවල් පමණක්
පසු පස වාගෙ දැනෙනවා
සෙවනැල්ලාක් වගේ....

ඉතින් ජිවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය ගෙවන අපිට අපි කරපු කියපු දේවල් සෙවනැල්ලක් වගේ පසු පසින් එනවා වගේ දැනෙනවා . 

විටකදි නොසිතුදේ විටකදි ලඟා වෙති
එලෙසම සමහරක් දේවල් ඈත් වෙති 
අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ 
අෑතට පාවි පාවි ගිය හැටිමතකයි...

අපේ මේ ජිවිතයේ අපි හිතපු නැති දේවල් අපිට හම්බවෙනවා ඒවගේම සමහරක් දේවල් අපෙන් ඈත් වෙලා යනවා . අන්තිමට ඒ හැම දෙයක්ම බොදවූ මීදුමක් වගේ ඈතට පාවෙලා ගිය විදිය මට මතකයි. 

ජිවිතයේ මේ විදියට 
ප්‍රාර්ථනා පුරවාගෙන
කාලය තුල දිව යනවා
කල කී දේවල් පමණක්
පසු පස වාගෙ දැනෙනවා
සෙවනැල්ලාක් වගේ....!!

ඉතින් ජිවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය ගෙවන අපිට අපි කරපු කියපු දේවල් සෙවනැල්ලක් වගේ පසු පසින් එනවා වගේ දැනෙනවා . 

2 comments:

  1. සේනක බටගොඩ මහත්මය ගැන මම හොයා ගත්තු විස්තර කලන කියෙව්වනෙ, ඔහුගේ මෙතක් කල් ජනප්‍රිය වෙච්චි හැම ගීතයක් වගේම මේ ගීයත් බොහොම සරල උනාට ලොකු තේරුමක් තියන එකක් !

    හොඳ සින්දුවක් හදන්න පන්සලක්, බුට් එකක්, මලක්, කුණුහරුප සමග ටකරමක් හෝ ඔක්ටෝ පෑඩ් එකක් අත්‍යවශ්‍යයි කියල හිත එවුන්ට නොම්මර එකේ කනේ පාරක් :-D

    ReplyDelete
    Replies
    1. සේනක බටගොඩ මහත්මය ගැන ඔයාගේ විශ්ලේෂණාත්මක පොස්ට් එකෙන් මම ගොඩක් දේ දැනගත්ත .

      ඔව් අපේ අය දෝත පුරා පිළිගන්නේ ඔය වගේ ගායකයන් ගේ සින්දුවලට වඩා ටින්බෙලේක්ක සද්ද තියෙන සින්දු නේ . ඔන්න ඕකයි දුකට හේතුව .

      හැබැයි සතුටකට කරනවා වන්නේ ඔයා මම වගේ සුළු පිරිසක් හරි ඉතුරු වෙලා ඉන්න එකට සේනක බටගොඩ මහත්මය ගේ රිද්මයට ආදරය කරන ,.,..

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...