ඉතිං අපි කෝච්චියට නගින්න එන්නේ මොරටුවට . උදේ හැමදාම වගේ යන්නේ 7:23 (වගේ මතක) ට මාතර යන කෝච්චියේ . සෙනසුරාදා දවසට කවදාවත්ම අපිට ඉදගන නම් ලැබෙන්නේ නෑ . අනික අපි යන්නෙත් 3 වන පන්තියේ ටිකට් අරගෙන .
මට මතකයි කෝච්චිය එන්න ඉස්සර වෙලා ශබ්ද විකාශන යන්ත්‍රයෙන් දැනුම් දුන්නම (පළමු වේදිකාවට දැන් පැමිණි සීග්‍රගාමී දුම්රිය තව ස්වල්ප වෙලාවකින් ගාල්ල සහ මාතර බලා පිටත්වේ . දුම්රිය නවත්වන්නේ පානදුර, දකුණු කළුතර , අලුත්ගම , බෙන්තොට , අම්බලන්ගොඩ , හික්කඩුව , ගාල්ල , තල්පේ ,අහංගම ,වැලිගම ,කබුරුගමුව සහ මාතර . තුන්වන පන්තියේ ප්‍රවේශපත් ලබාගත් මගීන් දෙවන පන්තියේ මැදිරි තුල ගමන්කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් මගින් එසේ කිරිමෙන් වැලකි සිටින්න ........ )
තාත්තා බැංකුවේ ඉදන් ඉන්න මාව වඩා ගන්නවා . අම්මා බැග් එක අතට ගන්නවා .
කෝච්චිය වේදිකාවට එද්දී මුලින්නම පෙන්න engine එක දිහා බලාගෙන ඉන්න මම ගොඩක් අස කරා . ඒ ගහම්බිරත්වය , අබිමානි ගමන, එන්ජිමේ හඩ , නලා හඩ එදා ඉදන් මම ආස කරපු දෙයක් .
ඉතිං වේදිකාවට ඇවිත් කෝච්චිය නවත්වපුගමන්ම තාත්ත බලන්නේ මේක 3 වෙනී පන්තියේ පෙට්ටියක් ද කියල . ඉතින් ඇවිදින්න පුළුවන් කලේ තාත්ත මාව බිමින් තියනවා . ගොඩක් වෙලාවට මම සීට් දෙක මද කවුළුව ගාවට ( මුහුද පැත්තේ ) යනවා . අසාවෙන් ජනේලෙන් දෙපැත්තම බලනවා . කෝච්චිය වංගුවක් ගද්දි එන්ජිම දිහා බලන්න මම කොච්චර ආස කරා ද?
ඉතින් ගොඩක් වෙලාවට කළුතර පහුවෙද්දී සිටි එකක් හම්බවෙනවා . කොහොමරි හික්කඩුවෙන් බැසට පස්සේ ටිකට් පස්සේ අපි යන්න ඉස්සර ටිකට් එකතු කරන නිලධාරියාට ටිකට් ටික දෙනවා . ඉස්සර හික්කඩුවට තිබුනේ පලවෙනි වේදිකාව විතරයි . හැබැයි මට මතක විදියට පාරවල් තුනක් තිබ්බා . තුන්වෙනි පාර තිබුනේ පෝර ගබඩාවට යන්න. ගොඩක් වෙලාවට කුඩා ප්‍රමාණයේ බඩු පෙට්ටියක් හෝ දෙකක් නවත්වලමයි තිබුනනේ පොර ගබඩාව ගාව. යකඩ දොබකරයකුත් තිබුන ගබඩා බුමියේම . ඉස්සර හික්කඩුවට තිබ්බ සංචාරකයන් වෙනුවෙන් වෙනම දුම්රිය පොලක්. හැබැයි එක ගොඩක් පොඩි තැනක් . තිබුනේ හරියටම හික්කඩුව කුමාර විදුහල ගාව ප්‍රධාන සිග්නල් කනුව ආසන්නයේ . පස්සේ කලෙක එක අභාවයට ගිහින් වහල දැම්ම . අද වෙද්දී තුබුණු තැනක් වත් පෙන්න නෑ මම හිතන්නේ .
කෝච්චියේ අන්තිම පෙට්ටියත් ගියාට පස්සේ අපි වේදිකාවෙන් බැහැල පයින් යනවා බස් නවත්වන හරියට . ගොඩක් වෙලාවට අපිව එක්කගෙන යන්න ගාමිණී මාම එනවා එයාගේ ලාන්සර් බොක්ස් රතුපාට කාර් එක අරගෙන. නැත්තම් අපි කරේ රේල් පාර අයින දිගේ යන එක තමයි .
දවසක් මට මතකයි රුහුණ අරන් අපු M4 engine එක පෙරලෙන්න කියල රේල්පාර අයිනේ හිටපු මට වැඩ ටිකක් වැඩිමල් කොල්ලෝ 3 දෙනෙක් ගල් කැට තිබ්බ . මම එදා අපේ පොඩි පුචිඅම්මත් එක්ක ටවුමට අවා එයාගේ අතේ එලිල . හික්කඩුව දුම්රිය පොළ පහුවෙලා තියනවා පොඩි ඇල පාරක් . කෝච්චිය මේක උඩින් තමයි ගාල්ලට යන්නේ . රුහුණ ඇවිත් (හරියට හවස 6 ට එනවා) හික්කඩුවේ නවතුව විතරයි අරුන් පිලි දෙක උඩම ගල් තිබ්බ . මම පුංචිට කිව්වා අපි ඒවා අයින්කරමුද කියල , පුංචි හිනා උන විතරයි මට මතක . කෝච්චිය ඉස්සරහා තියන නිසා අපි පාලමෙන් එහපත්තට යන්නේ නැතුව හිටිය . ඔන්න කෝච්චිය ආව . M4 engine එක පවනට බදු වේගයෙන් අපි ඉස්සරහින් ගියා . අර ගල් කුඩුවෙලා තියනවා මම දැක්ක වැලි වගේ . මට ඇහුන අර කොල්ලෝ දෙන්නගෙන් ,ලොකු එකා කියනවා "ඊලග පාර ලොකුගල් තියමු කියල" උන් දිහා දැක්කම මට බයයි මොනවත් කියන්න . මම ඉතින් හික්කඩුව ගේට්ටුව ගාව හිටපු දුබුරු ඇදුමක් ඇදගත්ත මහත්යට කිව්වා "මාමේ අර අතන ඉන්න කොල්ලෝ 3 දෙනා කොච්චිපාරේ ගල් තිබ්බ එක පෙරලෙන්න කියල " එයත් ඉස්සෙල්ල අපේ පුංචි අම්ම වගේ හිනා එයත් උනා . පස්සේ මට තේරුම් ගිය එන්ජිමේ බරට ගල් කුඩුවෙනවා මිසක් කෝච්චිය පෙරලෙන්නේ නෑ කියල
ඉස්සර ගොඩක් කොච්චි ඉහල පහල ගියේ නෑ . මිනිස්සු පුරුදු වෙලා හිටිය කෝච්චියේ නම කියල කතාකරන්න , හරියට මේ වගේ , " ආ ඔන්න රුහුණ ආව , දැන් තමයි සමුද්රේ අවේ , වවුනියා එක අද පරක්කුයි වගේ , මේල් එක දැන් ආව " . ඔය විදියට
මට මතක ඇති හැම දවසකම වගේ (පොඩි කාලේ) කොච්චි එන්ජිමට තිබුනේ ඇම්4 එකක් . පොඩිම කලේ මට කල්පනා උනේ හැම එන්ජිමක්ම මේ වගේ වෙන්න ඇති කියල . රුවන්වැලි , ඉසුරුමුණි , කැළණි, වගේ සුරතල් නාමයන් මේ එන්ජින්වල තියනවා මම දැක්කා . ඉස්සර කෝච්චියෙන් බැස්ස ගමන්ම මොරටුවෙන් තාත්තා මාව වඩා ගෙන එන්ජිම ගාවට එක්කගෙන යනවා .ඒ මගේ දෑඩි බල කිරීම නිසා . කොච්චර ආස උනත් එන්ජිම ගාවට යද්දී මට අමුතු බයකුත් ඇති වෙනවා . මම තාත්තාට ඒක පෙන්වන්නේ නෑ , මොකද එතකොට ඊලග පාර එක්ක යන්නේ නැති වෙයි කියල . වේදිකාවෙන් පිටවෙද්දී M4 ගේ නලා හඩ තාමත් මට මතක් වෙනවා . ඒ මීට අවුරුදු 30 කට වගේ ඉස්සර M4 ගේ හැම සද්දයක්ම අදත් ඒ වගේමයි .
මම තාත්තාගෙන් අහනවා පොඩි කලේ ඇයි එන්ජිම හෝදන්නේ නැත්තේ කියල . තාත්තා කියනවා මේවා ගොඩක් ඈත ඉදන් එන්නේ . මාතර ගියාම තමයි හෝදන්නේ කියල . මම ඒ කතාව ඉතින් පිලිගන්නවා .
මගේ මතකයන් , අනුරාධපුරේට කෝච්චියේ ගියපු හැටි , බදුල්ලට ගියපු හැටි , නුවර ගියපු හැටි සහ ඒ ආදරණිය මතකයන් මගේ ජීවිතේම කවදාවත්ම අමතක වෙලා නම් යන එකක් නෑ . කෝච්චියට මගේ ආදරේ ඒ තරම් . අදටත් කොච්චි එන්ජිමක් කිව්වම මට මතක් වෙන්නේ class M4 . මට ලෝකේ තියන ලස්සනම කොච්චි එන්ජිම class M4 . ඉතින් ආදරණිය class M4 ඕයා හැමදාම අපි වෙනුවෙන් ඉන්න !
අපිට ඉතින් ඔච්චරම රස කතා නැහැ ... අනික කැළණිවැලි දුම්රිය පාර දෙපැත්තේ මොනවා බලන්නද ?
ReplyDeleteඔව් ඒක හැබැව , හැබැයි ඉස්සරනම් කැළණි වැලිය ලස්සනට තියෙන්න ඇති නේද
Delete:D
මෙ ළඟදී පලවෙනි වතාවට මුහුඳුබඬ මාර්ගයෙන් මාතර ගියා මොරටුවෙන් නැගලා ඔය කියන හතයි විසිතුනේ
ReplyDeleteඅනේ ... මටත් ආසයි ,අයෙ යන්න .
Deleteඉසෝ වඩයක් හපාගෙන කොචිපෙට්ටියේ පඩියේ ඉගෙන මුහුද දිහා බලාගෙන යන්න .
එක පට්ට .
***
තවම එන්නේ රතු පාට (ඉස්සර) පෙට්ටි සෙට් එකමයි ලු . දැන් නරබුම් මදිරියකුත් එකතු කරලා ලු . ඉස්සර නම් තිබුනේ නෑ .
දැන් එන්නේ නෑ නැහැල්ලු නේ මගේ ආදරනිය ක්ලාස් ඇම් 4 . (මම කොච්චි පිස්සෙක් නේ)
ඔය 7:23 තමයි සුනාමියටත් අහුවුනේ එදා .
agei
ReplyDeleteThuthi wewa !
Deleteමේ කියන ඇලපාර මම හොඳට දන්නවා. මම පුංචි කාලෙ කුමර විද්‍යාලයට ඉස්කෝලෙ ගියේ කිලෝමීටර් එකහමාරක් විතර රේල්පාර දිගේ පයින්. ඔය ඇලපාර උඩින් තියන පාලමෙන් එගොඩ වෙන්න මම පට්ට බයයි
ReplyDeleteමාත් පුංචි කාලෙ ඔය ඇළ පාර උඩින් රේල් පාරේ යන්න හෙන බයයි . සිල්බර අතරින් පහල බලද්දී පාතාලේ වගේ . මම ඉස්සර යන්නේ අම්මගේ එක අතකිනුයි තාත්තගේ එක අතකිනුයි අල්ලාගෙන . නැත්තම් යන කෙනා ගේ අත මිරිකගෙන .
DeleteDilshan ඔයා පුංචි කාලෙ කුමර විද්‍යාලයට ඉස්කෝලෙ ගියා නම් අපේ අච්චිඅම්ම ඔයා ට උගන්නලා ඇති . සමහර විට පුංචිත් උගන්නල ඇති .
ඒ දෙන්නම කුමර විද්‍යාලයයේ ඉගැන්නුවා .
අප්පච්චියේ... කුමරෙ උගන්නපු ගුරුතුමියන් සේරම වගේ මට මතකයි. කවුද ඔයාගෙ ආච්චි අම්මා රාජකරුණා මිස්ද? ප්‍රේමලතා මිස්ද? මැණිකේ මිස්ද? සොයිසා මිස්ද? පුංචි අම්මා කවුද? අමරණීය මිස්ද? මල්කාන්ති මිස්ද?
Deleteදෙයියනේ , මේ හමුවීම කොච්චර සතුටක් ද මට .
Deleteමගේ අච්චි අම්මා " ප්‍රේමලතා මිස් " සමහර විට ඔයා අපේ අච්චි අම්මලාගේ ගෙදරත් ඇවිල්ල ඇති . අර වවුලගොඩ සකුරා බතික් එක කිට්ටුව තියෙන පැරණ ගෙදර තමයි මහගෙදර . දැන් ඒ පැත්ත හරියට වෙනස් වෙලා . හැමතැනම ගෙවල් .
ඉන්න මම මැප් එක පෙන්නන්නම් .
https://www.google.lk/maps/place/Villa+Shanaya/@6.135356,80.1032818,208m/data=!3m2!1e3!4b1!4m12!1m6!3m5!1s0x0:0x3a865d082fc26ccf!2sSakura+Batiks!8m2!3d6.134912!4d80.104746!3m4!1s0x3ae177fb55d7c11d:0x44fb1200f18dfa6b!8m2!3d6.135356!4d80.103829
මේ විලා Shanaya ගේට්ටුව ඉස්සරහ තියෙන ගෙදර .
මගේ පුංචි ගේ නම "තේජා මිස් "
ඔයා කොයි හරියේද හික්කඩුවේ ?
ප්‍රේමලතා මිස්.... සුදු ලස්සන කාරුණික ගුරුතුමී... මගේ එක වසරේ ටීචර්... මගේ විතරක් නෙවෙයි අපෙ අයියගෙත්... තේජා මිසුත් ඒ වගේම ලස්සන උස සුදු ටීචර්... හරිම සතුටුයි කළණ... ප්‍රේමලතා මිස්ගේ තොරතුරු කොහොමද දැන්
Deleteප්‍රේමලතා මිස්ටත් මාව මතක ඇති. මොකද සෑහෙන කාලෙකින් කුමරෙන් ශිෂ්‍යත්වෙ පාස් වුණේ මමයි ජානක, ළහිරු කියලා මගේ තව යාලුවො දෙන්නෙකුයි. ඒ 1996. ඊට පස්සෙ කුමර විදුහල වැහිලා යනකම්ම කවුරුවත් ශිෂ්‍යත්වෙ පාස් වුණේ නෑ... මට ඉස්කෝලෙ කතා කලේ නදීෂ් කියලා. මම හික්කඩුවේ වැල්ලවත්තේ
Deleteඔයාට අච්චි අම්ම ගැනයි පුංචි ගැනයි හොද මතකයක් තියනවනේ . පොඩි කලේ ගුරුවරු මතක කීයෙන් කීදෙනාට ද ? නේද ,.
Deleteආච්චි අම්ම හොදසනීපෙන් ඉන්නවා . බොහොමස්තුති විස්තර ඇහුවට .
ඔව් මට මතකයි අච්චි අම්මගේ එක වසරේ පන්තිය . පන්තිය තිබුනේ රේල් පාර අයිනටම වෙන්න නේද ?
ඉස්සර අපි 9:12 ඇවිල්ල හික්කඩුවෙන් බැහැල රේල් පාර දිගේ ඇවිදගෙන එනවා . අච්චි අම්මට කතාකරගේනමයි යන්නේ . වැටඅයිනෙන් . මම අච්චි අම්මට කියන්නම් ඔයා ගැන . ඔයා සැප දුක ඇහුව්වා කියල . එයා හරි අභිමානයෙන් කතාකරනවා එයාගේ උගන්නපු දරුවෝ ගැන . එයාගේ එකම සතුට ලු එක .
තේජා පුංචි කසාද බැදලා කඩවත ගියා . මාරුවක් ගත්තා කිරිල්ලවල මදය්මහා විදුහලට . පස්සේ කලෙක පොඩි දෙන්නා හම්බුන හින්දා ගුරු වුර්ථියට සමුදුන්නා.
ප්‍රේමලතා මිස් සනීපෙන් ඉන්න බව අහන්නත් සතුටුයි. මෙදා අවුරුද්දට අනිවාර්යෙන්ම මිස්ව බලන්න එනවා. තාම වවුලගොඩ ගෙදරමද ඉන්නේ?
Deleteඔව් ඔව් . තවම වවුලාගොඩ මහ ගෙදර තමයි ඉන්නේ අච්චිඅම්ම .
Deleteමම කියනම් ...... අච්චි අම්මට ඔයා එනවා කිව්ව විත්තිය මේ සිංහල අවුරුද්දට . එයාට ගෝලයෝ එයාව බලන්න එනවා කිව්වම තමන්ගේ ළමයි , මුණුබුරෝ මිනිබිරියෝ එනවා කිව්වට වඩා සතුටුයි . මටමතකයි ගිය සිංහල අවුරුද්දට එයාගේ ගෝලයෝ ආවාම තිබ්බ සතුට .
අපූරු මුනගැසීමක්
Deleteඇත්ත වශයෙන්ම ඔව් . බෝහොම ස්තුති මේ පැත්තට ආවට දේශක යා .
Deleteඅපි කාලයක් හිටියෙ මාතර පස්සෙ තමයි රත්මලානට ආවෙ . මට කෝච්චිය එක්ක තියෙන කථා ගොඩයි . මම ඔයා කියන දුම්රිය ඇන්ජිමක මාතර ඉදන් සෑහෙන දුරක් ඇවිත් තියෙනවා . රුහුණු කුමාරි දුම්රිය ලංකාවේ නගරාන්තර බස් වලටත් අඩු වෙලාවකින් මාතරට යනවා .
ReplyDeleteM4 engine එකත් ලංකාවට ගෙන්නලා තියෙන්නේ කැනඩා වලින් . M4 engine එකක කැබ් රයිඩ් එකක් යන්න පින් කරන්න ඕනේ . රුහුණට ඉන්දියන් පවර් සෙට් දානකන් ම දුවල තියෙනේ M4 engine එක කියල දවසක් රේල්ලුවේ කෙනෙක් කිව්වා මතකයි . රුහුණ පිරිලා ඉතිරිලා යන්නේ මිනිස්සුන්ගෙන් ඔය වේගවත් ගමන නිසාමයි . නියමිත වෙලාවට ගමනාන්තයට එන නිසා .
DeleteThis comment has been removed by the author.
ReplyDelete:)
Deleteකෝච්චි ගැන නම් මගේ අත්දැකීම් බොහොම අඩුයි. ඒත් මේ කතාව අහද්දී ඒ අත්දැකීම් කොච්චර ලස්සනද කියලා හිතුනා. ඇත්තටම අපේ හිත් අස්සේ ගැඹුරින්ම පැලපදියම් වෙන මතක වටා තියන හැමදේටම හිත ආදරේ කරන්නේ, ලෙන්ගතු වෙන්නේ ඉබේටම. හරියට ,class M4 වගේ.. ,//ඉතින් ආදරණිය class M4 ඕයා හැමදාම අපි වෙනුවෙන් ඉන්න ! // ,,මම නම් නිවාඩුවට ගමේ ගියේ බස් එකේ. පාන්දර 4 ට අවදි වෙලා 5.15 බස් එකේ අනුරාධපුරේ බලා. පාන්දරට අමුතු හඩකින් කෑගහන කිරලාගේ හඬ, ඒ වෙලාවට යන පිරිත් හඬ පවා ඇහෙද්දී අදටත් ඒ හැගීම මතකයට එනවා.
ReplyDeleteඔව් , ඉස්සර පාන්දරට පරිසරයේ තිබ්බ අමුතු සුවද අද නෑ .ඈතින් ඇහෙන පන්සලේ පිරිත් හඩ එක්ක උදේ ඇහැරුණු කුරුල්ලන්ගේ ගීත මාලාව අපිව අමුතුම ලෝකෙකට ගෙනිච්චා ඒ දවස් වල තිළිණී !
Delete