Friday, June 23, 2017

දෙවිවරුන්ගේ පිහිට අවධානය අනුකම්පාව සහ ආශීර්වාදය ලබන්නේ කොහොමද ?

දෙවිවරුන්ගේ පිහිට අවධානය අනුකම්පාව සහ ආශීර්වාදය ලබන්නේ කොහොමද ? 



අද මම මේ කතා කරන්න හදන මාතෘකාව සමහර විට ඔබේ ජිවිතයේ වෙනසක් ඇති කරන්නටත් පුළුවන් . ගොඩ දෙනෙක් මගෙන් අහපු මේ දෙයට පිළිතුරක් මම අද www.magelokaya01.blogspot.com හරහා කියල දෙන්න තීරණය කරා . 

මුලින්ම බලමු ඇයි අපිට දෙවි වරුන්ගේ පිහිට අවශ්‍ය වෙන්නේ කියල . සෑම මිනිසේක්ටම තවකෙකුගේ උදව් ඕන වෙනවා . අපි සමහර වෙලාවට අපිට වඩා ඉහලින් ඉන්න අයගෙන් උදව් ලබා ගන්නවා . ඒවගේ තමයි දෙවි වරුන්ගේ උදව් අපිට ඕනේ වෙන්නේ . සෑම මිනිසෙක් දෙසම දෙවි වරුන්ගේ බැල්ම තියෙනවා. එත් මිනිසුන්ගේ නරක , පහත් වැඩ නිසා දෙවි වරු කලකිරීමට  පත් වෙලා ඉන්නේ . ඉතින් මිනිසුන්ගෙන් දෙවිවරු ඈත් වෙනවා. මිනිස්සු හිතන්නේ දෙවිවරුන්ගේ පිහිටක් නෑ කියල .එත් ඇත්ත එක නෙවෙයි . අපි උනත් අපිට බනින සැර දාන අයට කැමති නෑ නේ . අන්න ඒ වගේ තමයි දෙවිවරු පවා.දෙවිවරු කියන්නෙත් අපිට වඩා ඉහල තල වල  වෙසෙන කොට්ටාශයක් . 

හරි දැන් අපි කාරණාවට එමු . මුලින්ම කරන්න ඕනේ ඔයාට දෙවිවරුන්ගේ පිහිට අවධානය අනුකම්පාව සහ ආශීර්වාදය ලබා ගන්න ඕනේ නම් ඔයාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේට පින් දෙන එක . ඉෂ්ට දේවතාවුන් වහන්සේ තමයි ඔයාගේ හැම දේකදිම ඔයාට උදව් කරන්න ඉන්නේ . උදාහරණයක් විදියට ඔයා හිතන්න ඔයා ආරක්ෂකයන් පිරිවරා ගෙන ඉන්න ප්‍රභූ වරයෙක් කියල. ඔයාගේ ආරක්ෂකයන් දුර්වල ශක්තිමත් නැතිනම් ඔයාට කරදර වෙනවනේ . ඉතින් එහෙම නොවෙන්න ඔයා ඒ අයව  පෝෂණය කරලා , සතුටු කරනවනේ . අන්න ඒ වගේ තමයි ඉෂ්ට දේවතාවුන් වහන්සේත් . දෙවි වරුන්ට පින් කරන්න පුළුවන් අවස්ථා ගොඩක් අඩුයි . ඒ නිසා දෙවි වරු මිනිසුන්ගේ පින් බලාපොරොතු වෙනවා . තමන්ගේ ඉෂ්ට දේවතාව ශක්තිමත් නම් ඉහල තල වල දෙවි වරුන්ට පණිවිඩ සන්නිවේදනය කරවන්න පහසුයි . හැම දෙවි කෙනෙක්ටම ඉන්නවා පරිවාර දේව මණ්ඩලයක් මේ දේව මණ්ඩලයට පුළුවන් අපි පිහිට ඉල්ලන දෙවියන් හට පණිවිඩය ගෙනියන්න . ඉතින් අර මම කිව්වා පරිවාර දෙවිවරුන්ට පණිවිඩ ගෙනියන්න පුළුවන් අපේ ඉෂ්ට දේවතාවුන්ට පමණයි . අනන්ත වූ විශ්වයටම දසදහසක් සක්වලටම ප්‍රධාන දෙවි වරුන් එක්කෙනයි ඉන්නේ . උදහරණයක් විදියට ගණදෙවියන් කියල එක දෙවි කෙනයි ඉන්නේ . ලක්ෂ්මි දෙවියන් කියල එක දෙවිකෙනයි ඉන්නේ . ඉතින් ඒ දෙවිකෙනා කොතරම් කාර්ය බහුල වෙනවා ඇතිද . මිනිස්සු අද ඉල්ලන දේ ඒ අයට හෙට ඕන නැති වෙන්න පුළුවන්. එක නිසා  දෙයක් ඉල්ලන ඉස්සර හොදට හිතන්න ඕනේ . දෙවියන්ට පින් අනුමෝදන් කරලා ඊට පස්සේ තමයි ඉල්ලන ඕනේ . එහෙම නැතුව , මට අරක දෙන්න , මේක දෙන්න කිව්වට කිසි දෙයක් ලැබෙන්නේ නෑ . 

හැම දෙවි කෙනෙක්ම කැමති ගණදෙවියන්ට වදිනවට . "ප්‍රතමන්ච" යනුවෙනේ හදුන්වන්නේ එක නිසා . ප්‍රථමයෙන් වැඩිය යුතු දේවියා කියන එක . හැම දෙවි කෙනෙක්ම ගනදෙවියන්ගේ වැඩ පිළිවෙලට කැමති . ඉතින් අපි වෙනත් දෙවි කෙනෙක්ට වන්දනා කරද්දී කරන්න යද්දී මුලින්ම ගනදෙවියන්ට වන්දනා කරලා පින් අනුමෝදන් කරන්න . ලැබෙන පිහිට වැඩි . ඊශ්වර දෙවියන්ට අපි වන්දනා කරද්දී දෙවියෝ කියනවා මුලින්ම ගණදෙවියන්ට වැදලා එන්න කියල . එකනේ හැම දේවාලයකම ගණදෙවියන්ට වෙනම කුටියක් වෙන්කරලා තියෙන්නේ . ඕනෑම පුජා වට්ටියක තියන පොල් ගෙඩිය අයිති වෙන්නේ ගණදෙවියන්ට . ඉතින් අපිටත් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ලබා ගන්න මුලින්ම ඉටු දෙවියන් හට පින් අනුමෝදන් කරලා මුලින්ම ගණදෙවියන්ට පින් අනුමෝදන් කරන්න . ඊට පස්සේ ඔබ පිහිට ඉල්ලන දෙවියන්නට ඔබ ඕනෑකම කියන්න දෙවියන්ගේ පිහිට ඔබට අකාන්තයෙන්ම ලැබෙනවා . 

No comments:

Post a Comment

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...