Friday, June 30, 2017

සම්පත් බැංකුව වෙත කනගාටුවෙන් ලියමි

සම්පත් බැංකුව වෙත කනගාටුවෙන් ලියමි . 



අද මම කොටුව ලෝක වෙළද මධස්ථානයේ සම්පත් බැංකුවට ගියේ මුදල් තැම්පත් කර පොතද update කරගැනීමේ අරමුණින් ය.

මට ඉදිරියේ පෝලිමේ හතර දෙනෙකු හෝ පස් දෙනෙකු සිටින්නට ඇත . මම පෝලිමේ සිටින අතරතුර ආරක්ෂක නිලධාරියා මගේ කාරුණිකව විමසුවේ "සර් මැෂින් එකෙන් දන්න පුළුවන් "යනුවෙනි .මැෂින් එකෙන් සල්ලි දන්න පුළුවන් බව මම ද දන්නනමුත් පොත update කරගත හැකි බවක් මම නොදන්නා බැවින් මම ඔහුගෙන් විමසුවේ "පොතත් update කරගන්න පුලුවන්ද ? යනුවෙනි.

 ඔහු කියා සිටියේ පොත update කරගන්න අර අතනට යන්නේ කියා කළමනාකරු ඉදිරිපස වූ මේසය පෙන්විය.

ආරක්ෂක නිලධාරියාද මා සමගම මුදල් තැම්පත් කරන යන්ත්‍රය වෙත ගොස් එය පෙන්විය . ඉන් පසුව ලැබුණු රිසිට් පතද අතැතිව නැවතත් අර කියූ තැන වෙත ගියේ පොත update කරගන්න අරමුණිනි .

පසෙකින් මහා ගෝරානාඩුවකි . ඒ ප්‍රින්ටරයට වැරදි කොළ දමා ඇති බැව් කියා කළමනාකාරිනිය බැංකුව දෙවනත් වන්නට කෙරු බෙරිහන්දිමයි . පාරිභෝගිකයන් මුනට මුණ බලාගත් අතර මම බිම බලා ගතෙමි .

පොත update කරගන්න ගිය මේසයයේ කටයුතු කර නිලධාරිනිය මා වෙතින් නික්මගියේ නිවැරදි කොළ දැමීමටය .එය අවසන් වූ පසු තවත් පරිබෝගිකයකුගේ කටයුත්තක් දුරකතනයෙන් සිදු කර මගේ පොත update කර දුන්නේ "මහ වදයක්" යන හැගීමෙන් මට වටහුන්නේ මාගේ මිනිසුන් සමග ගනුදෙනු කර අත්දැකීමෙනි .

 සියලු දේ කර බැංකුවෙන් පිටට යද්දී මා බැලුවේ අර පෝලිමේ හිටි හතර පස් දෙනා තවමත් ඉන්නවද කියාය . ඒ කවුරුත් පෙන්න නැත, වෙනම පිරිසක් පොලිමේය .

මගේ නැති වූ කාලය ගැන මට දැනුනේ අපරාධයක් ලෙසය . සම්පත් බැංකුව කෙරෙහි ඇත්තේ මහත් කලකිරීමකි . වසර 10 පමණ පැරණි ගිණුම වසා දම්මන්නට මගේ හිත මගෙන් විමසුවේ මටත් නොදැනුමය .

2 comments:

  1. ඕන් ලයින් පාස්වර්ඩ් වෙනස් කරන්න ආපහු බැංකුවටම එන්න කියන, රට ඉන්න නිසා එක කරන්න බැරි බව පැහැදිලි කරහම ඔරිජිනල් ෆෝම් කූරියර් කරන්න කියන අමුතුම ඕෆ් ලයින් කල්චර් එකකක් තියන කචල් බැංකුවක් මේක !

    දැනට කාලයකට පෙර ලංකාවෙ නැති නිසා ගනු දෙනු පහසු කර ගන්න පවර් ඔෆ් ඇටර්නි තියන (Power Of Attorney) කෙනෙක් දැම්මට පස්සෙ අපිට සල්ලි ගන්නත් POA ව එක්කගෙන එන්න වෙන අමුතු බැංකුවක් අහල තියනවද ?

    ඔව් එහෙම එකක තමයි මේක, බලනකොට POA අත්සන විතරක් තියල අපේ අත්සන් අයින් කරල :) , පැය 2 කට කිට්ටුව රස්තියාදු උනා ඒක හදා ගන්න.

    වම් අත කරන දේ දකුණු නොදන්නා, තම ආයතනයේ වැඩ සිද්ධ වෙන විදිහ දන්නේ නැති උදවිය එමටයි, අනික කවුන්ටරේට ගියහම සලකන්නෙ තවමත් අඳින ඇඳුමේ විදිහට තමයි.

    මේ තියෙන්නෙ ඒ කතාව : ගනු කඩුව එනු සටනට !

    පසුගිය 15 අවුරුද්දක් තිස්සේ මමත් සම්පත් බැංකුවේ පාරිභෝගිකයෙක්, මුලදී තිබුණු සර්විස් එතික් එකේ ගිලිහි ගොහින් දැන් සෑහෙන කාලයක් වෙනවා. දැන් ආණ්ඩුවේ බැංකුවක් වගේම තමයි. එකවුන්ට් එක වහල දානවද නැද්ද කියන එක තීරණයක් ගන්නවා ආපහු ලංකාවට ආපුවහම :-D

    ReplyDelete
    Replies
    1. අම්මපා ..... සම්පත් බැංකුව මෙච්චර පහතට වැටෙයි කියල මම හිතුවේ නෑ හීනෙකින්වත් ඉස්සර . දැන්නම් ආණ්ඩුවේ බැංකුවක් ම තමයි කිසි වෙනසක් නෑ . කාර්යක්ෂමතාවය බින්දුවටත් පහත් අගයකට වැටිලා තියෙන්නේ . මම දන්නා ගොඩක් දෙනෙක් සම්පත් බැංකුවෙන් එකවුන්ට් ගලවගෙන තියෙන්නේ ඔය හින්දම වෙන්න ඕනේ .

      බැංකුව ඇතුලේ කොච්චර කචල් තිබ්බත් එන කස්ටමර් ට ට්‍රීට් කරන්න බැරිනම් එක හරියට "බැංකුවේ උන් බංකු තියාගෙන පාර අයිනේ මිරිස් වේලනවා වගේ " වැඩක් නේද මචං .

      මම නම් හිතන්නේ , කණ්ඩා ගේ ඊලග ශ්‍රීලංකා ආගමනයේ දී බැංකුවෙ තියන කණ්ඩා ගේ සල්ලි කැටේ (අකවුන්ට් එක) අරගත්තොත් හොදයි !

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...